This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, July 30, 2011

දුර්ලභ දියකිදුරියකගේ වීඩියෝවක් දකිමු



ප්‍රතිචාරයන් දක්වන්න

මෛත්‍රී බෝසතුන්ව සහ නාථ දෙවියන්ව හඳුනාගනිමු



මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ගැන බොහෝ අයුරින් මෑත කාළයක සිට ලක්දිවෙහි සමාජ කතිකාවතක් ඇරඹී තිබේ…අවාසනාවකට, මේ කතිකාවත හට ගැන්මෙහි ලා පාදක වූ සිද්ධි දාමයන්ගෙන් බොහොමයක්, අභූත වූ, බුදු දහමට පටහැණි, පෞද්ගලිකත්වය ඉස්මතු කොට ගැනීම සඳහා දියත්ව පවතින ප්‍රෝඪාකාරී වැඩසටහන්ය…සමාජයෙන් මිථ්‍යා දෘෂ්ඨිය සහ මිසදිටු මතවාද නිසා හට ගන්නා සූරා කෑම් සහ වංචා තුරන් කළ යුතු, ඉතා වැදගත් මොහොතක, මෙවැනි දෙයින් සමාජය යළිත් අඳුරු නරා වළකට ඇද දමන්නට කැස කවන පුද්ගලයන්, එයට මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ වැනි අතිශය දැවැන්ත අධ්‍යාත්මික ප්‍රතිරූපයක් ඒවායේ ගා ගැනීම නිසා, ථේරවාදයේ එන සැබෑ මෙත් බෝසතුන් කවුදැයි හඳුන්වා දිය යුතුව තිබේ…
බෝධි සත්වයෙකු බවට කෙනෙකු පත් වන්නේ කෙසේද?…
දීඝ නිකාය සහ මජ්ජිම නිකාය මේ පැණය විෂයෙහි බලවත් පැහැදිලි කර ඇත….අති පූජ්‍ය රේරුකාණේ චන්දවිමල නා හිමිපාණන් වහන්සේද, හෑගොඩ විපස්සී නා හිමියන් වහන්සේද, ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේද, මේ බුද්ධත්වය කරා යන ගමන ඉතාම ව්‍යක්ථ ලෙස විග්‍රහ කොට ඇත…අද අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ, ඒ මහා ශාසන සිංහ රාජයන් තිදෙනාගේ විමර්ශණයන් ඇසුරින් අප නිරවුල් කර ගෙන පෙළ ගස්වා ගත් කරුණු කාරණාය…මේවාට අමතරව අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහ සංඝ රාජයාණන් වහන්සේද මෛත්‍රී බෝසත් චරිතය ගැන දහම් පාසැල් පොත් වලට හෙම සපයා ඇති කරුණුද මේ සඳහා උපයෝගී කර ගතිමි…අප දහම් පාසැල් ඇසුරේ සහ මෙවැනි මහ තෙර වරුන්ගේ දහම් දැනුම ඇසුරේ බොහෝ කළක් ගත කල නිසා, සමාජයේ කොයි කවුරු රැවටුණත්, අපව රවට්ටා ගන්නට නම් බොහෝ දෙනෙකුට බොහෝ දුෂ්කර වනු ඇත…මෙනිසාම වංචාව, ප්‍රෝඪාව හෝ පුද්ගලික බල ව්‍යාපෘතීන් දුටු තැන, සෘජුව ඒවා පෙන්වා දීමේ හැකියාව අප සතු ඇති බව ඉතාම නිහතමානීව පවසමු…
බෝධිසත්ව වරයෙක් සර්ව සම්පූර්ණ “බුද්ධාංකුර” චරිතයක් වන්නේ, “අභිනිහාර විවරණය” හෙවත්, තවත් සම්මා සම්බුදු වරයෙකුගෙන් ලබා ගන්නා “පළමු බුද්ධ නියත විවරණය” ( “මේ තැනැත්තා මතු බුදු වෙනවා” යැයි බුදු වරයෙකුගේම ශ්‍රී මුඛයකින් දේශනා කරවා ගැනීම…) ලැබූ තැන් සිටය…නමුත් මේ පළමු අභිනිහාර විවරණය ලබන්නට මත්තෙන්, බෝධි සත්වයෙකු වන්නට සම්පූර්ණ විය යුතු කාරණා දෙකක් තිබේ…ඒ වූ කලී,
1. මනෝ ප්‍රධානිය – යම්කිසි කුසලයක් රැස් කරගෙන, හෝ යම් කිසි බුදු රුවණක් කෙරෙහි බලවත් පැහැදීමෙන්, තමන් හටද මෙලෙසින් බුද්ධත්වයට පත් වන්නට ලැබේවායි ප්‍රාර්ථනා කර සිටීම…මෙය සිත මූලික කර ගෙන කෙරෙන්නක් වන අතර, බුදුකුරු ගමනේ පළමු පියවරද මෙයයි…
2. වචී ප්‍රධානිය / වාචසික ප්‍රධානිය – එලෙස කුසල් රැස් කරගෙන, ලොවුතුරා බුදු මගට බැස්සායින් පසුව, තමන් බුදු බව පතන බව කටින් යම් කිසිවෙකුට හෝ පිරිසකට හෝ ප්‍රකාශ කර සිටීම…
මේ පියවරයන් දෙක සම්පූර්ණ වූ පසුව, තවත් බොහෝ කාළයක් කුසල් වඩා, විශාල කැප කිරීමක් කර තැනේදි, ඒ තැනැත්තාට සම්මා සම්බුදු වරයකු මුණ ගැසී, “ප්‍රථම බුද්ධ විවරණය” හෙවත්, නියත වශයෙන්ම බුදු වන්නේයැයි දෙනු ලබන “නියත විවරණය” ලැබෙනු ඇත…අප ගෞතම බුදු පියාණෝ නියත විවරණ ලැබුවේ, සුමේධ තවුස්ව සිටි සමයේ “දීපංකර” බුදු රජු පාද මූලයෙහිය..
මෛත්‍රී බෝසතුන් වහන්සේ “රත්නමලල” නම් පිරිවැජිව ඉපිද, “මුහුර්ථ” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අභිමුඛයෙහි “ප්‍රථම බුද්ධ විවරණය” ලැබූ සේක…
අභිනිහාර විවරණයක් ලැබීම සඳහා සම්පූර්ණ විය යුතු කරුණු වන්නේ :
සංයුක්ත නිකායේ “ඔක්ඛන්ථි” සංයුක්ත කොටසේ එන මෙම ගාථාවෙන්, බෝසත් වරයෙකු අභිනිහාර විවරණය ලැබීම සඳහා, “එම විවරණ ලබන භවයේ” සම්පූර්ණ කොට ඉපදිය යුතු කරුණු 8 ක් ගෙන හැර දක්වනු ලැබේ…
මනුස්සත්තං ලිංග සම්පත්ති -
මිනිසෙකු වී, මිනිස් යෝනියක ඉපදීම..( යෝනිය යනු ප්‍රජනක අවයවයටම නොවේ..පාලියෙන් “යෝනි” යනු “ජීවි විශේෂය” ලෙස නූතනයේදී දත යුතුය…)..එමෙන්ම මෙහිදී “ලිංග” සම්පත්තිය ලෙස හඳුන්වන්නේ “දිගු ලිඟුවක්” සහිතව ඉපදීමයි..එවැන්නක් කාන්තාවන්ට නොමැති හෙයින්, පුරුෂයෙකුව ඉපදීම බව දත යුතුය…
හේතු සත්ථාර දස්සනං -
“හේතු” යනු, එම අභිනිහාර විවරණය ලබන භවයේදීද ඇවැසි නම් බවුන් වඩා අර්හත් ඵලයට පත් වීමට ඇවැසි “ත්‍රි හේතුක” පටි සන්ධි සහිතව ඉපදීමයි…බුද්ධාංකුර වූ අයෙකු මොන තරම් උතුමෙක්දැයි මෙයින්ම වටහා ගත හැක…එම භවයේම නිවන් දැකීමේ ශක්තිය තිබියදීත්, නිවන පෙනි, පෙනීත් සසර කතරේ සැරිසරන සත්වයා උදෙසා, ඒ අතට පත් නිවනත් අත් හැර ඉතා ඝෝර වූත්, දුෂ්කර වූත් ගමනක් බෝසත් වරු යති..එවැනි බෝසත් වරුන් විකුණාගෙන කන්නට පෙළඹෙන අය කර ගන්නේ මොන වගේ පවක්දැයි “ඇම තම නැණ පමණින්” දැන ගත යුතුය…
“සත්ථාර දස්සනං” යනු සම්මා සම්බුදු වරයෙකු එම භවයේදී මුණ ගැසීමයි…
පබ්බජ්ජා ගුණ සම්පත්ති -
“පබ්බජ්ජා” යනු “පිං” සහ “පව්” දෙක නිවැරදිව විශ්වාස කරන, ඒවාට නිවැරදි නිර්වචන දෙන පිරිවැජි කුළයක, ඒ බුදු විවරණ ගන්නට යන ඇත්තා මහණ වී සිටිය යුතුය…මිථ්‍යා දෘෂ්ඨික දහමක පූජක වරයේ ඉන්නා අයට කිසි විටකත් අභිනිහාර විවරණය නොලැබේ…”ගුණ සම්ප්පත්ති” යනු අෂ්ඨ සමාපත්තියට සම වැදී සිටීමයි…
අධිකාරෝ ච ඡන්දතා -
“අධිකාරෝ” යනු ඒ බුදුකුරු පිරිවැජියා, තම ජීවිතය හෝ කය පරිත්‍යාගයෙන් දානයක් දීමට සූදානමින් සිටීමයි…දීපංකර බුදු රදුන්ට මඩ වගුරෙන් එතෙර වීම සඳහා, තම සිරුර ඒ දණ්ඩක් ලෙස මඩෙහි වැතිරවූ “සුමේධ” තවුසාණන් සිහි කර ගන්න…
“ඡන්දතා” යනු සම්මා සම්බුදු වරයෙකු වීම මිස වෙනත් අරමුණක් නැතැයි, ඉතාම දෘඪව ඒ අරමුණෙහි එල්බ සිටීම, සහ සෘජු අවසාන ඉලක්කය එයම වීම…
අට්ඨ ධම්ම සමෝධානා – අභිනීහාරෝ සමිජ්ඣ – මේ අෂ්ඨ දහමට සම වදින්නෝ අභිනිහාර විවරණය ලබා ගන්නාහුය…
බෝධි සත්වයෙකුට, බුදු බව ලබන මොහොතේ මාර බලවේගයට, නොහොත් “ශක්ති මාරයාගේ සෙනඟට” දස ආකාරයකින් මුහුණ දීමට සිදුවේ…මේ චෛතසික වූ මාර ශක්තීන් 10 ට අප “දස බිම්බර මාර සෙනඟ” යනුවෙන් කියමු…දස බිම්බර මාර සෙනඟ කවුරුද?…
කාමය
අරති උච්චති – ධර්මයේ හැසිරිමට අකමැත්ත
කුප්පි පාසති – බඩගින්නත්, පිපාසයත්
තන්නහව – ප්රියදේට ආසා කිරිම
තීනමිද්ධය – නිදිමත, අලසකම
බය
සැකය
දැඩි ගතිය, එකට එක කිරිම, අනුන්ගේ ගුණ මකු බව
තමාව හුවා දැක්වීම, අනුන්ව හෙලා දැක්වීම
වැරදි ක්‍රම වලින් කීර්ති ප්‍රසංසා සේවීම
යන මේ දහය “දස බිම්බර මාර සේනාවයි..”…බුදු වරයෙකු, මේ මාර සේනා දහයට පහර දීම සඳහා, අභිනිහාර විවරණය ලැබූ මොහොතේ සිට, බෝ මැඩ වජ්‍රාසනයේ “භද්‍ර පර්යංකය” දක්වාම, සුවිශේෂී ” අවි 10 ක්” මුවහත් තබමින් යති…පාරමිතා වැඩීම නොහොත් “දශ පාරමිතා සම්පූර්ණ කිරීම” ලෙස අප කියන්නේ මෙයටයි..( මාර සේනා 10 ට, පාරමිතා 10 ක් උපරිමයට දියුණු කිරීමෙන් පහර දීම..)…ඒ පාරමිතා 10 මොනවාදැයි දැන් අප බලමු…
දාන
ශීල
නෙක්ඛම්ම
පඤ්ඤා,
වීර්ය
භක්ති
සච්ච
අධිට්ඨාන
මෛත්‍රී
උපේක්ඛා
යනු “මාර සෙනඟ” මඩින තියුණු අවි 10 යි..නමුත් මේ 10 ය පාරමිතා වශයෙන් පමණක් සම්පූර්ණ කරන කෙනෙකුට හැකි වන්නේ අර්හත් ඵලය ලැබීමට පමණයි…සම්මා සම්බුදු වරයෙකු වන්නට යන කෙනෙක් මේ පාරමිතා 10 තෙවැදෑරුම් අයුරකින්, එනම් සමස්ථයක් ලෙස 30 ආකාරයකින් ( එකක්, ප්‍රභේද තුනක් ලෙස ) සම්පූර්ණ කර යුතු වේ..එය අතිශය දුෂ්කර කාර්යයකි…ඒ ආකාර 3 වන්නෙ : පාරමිතා, උප-පාරමිතා, පරමත්ථ පාරමිතා යන අයුරිනි…
…බෝධි සත්වයන් වර්ග….
පාරමිතා පුරණ ආකාරය, විවරණ ලබන ආකාරය හා ඒ සියල්ලටම වඩා, බුදු වන්නට යන ගමනේ “අරමුණු සිතිවිල්ල” පෙරදැරි වන ආකාරය අනුව බෝධිසත්වයන්ද වර්ග තුනකි…
1. ප්‍රඥාධික බෝසතුන් වහන්සේලා – ( අප ගෞතම බුදු රජු අයත් වන කොටස ) මෙවැනි බෝසත් චරිත පාරමිතා පුරන්නේ “සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකි”..එනම් අසංඛ්‍ය කල්ප ලක්ෂ 4 කි…උන් වහන්සේලාගේ “ප්‍රඥාව ප්‍රමුඛය, අධිකය…වීර්යය මධ්‍යමය…ශ්‍රද්ධාව මඳව පවතී”…
2. වීර්යාධික බෝසතුන් වහන්සේලා – ( මෛත්‍රී බෝසතුන් වහන්සේ අයත් වන කොටස ) පෙරුම් දම් පිරීම 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයකි…( අප මහ බෝසතුන් මෙන් 4 ගුණයකි..)..වීර්යය ප්‍රමුඛය…ශ්‍රද්ධාව මධ්‍යමය…ප්‍රඥාව මඳව පවතී….
3. ශ්‍රද්ධාධික බෝසතුන් වහන්සේලා – පෙරුම් දම් පිරීම 8 අසංඛ්‍ය කල්ප ලක්ෂයකි ( ගෝතම බෝ සතුන් මෙන් දෙගුණයකි….කාශ්‍යප බුදු හිමියන් මේ කොටසට අයත් වේ…) ශ්‍රද්ධාව අධිකය…ප්‍රඥාව මධ්‍යමය…වීර්යය මඳය….
මේ තුන් වර්ගයේ බෝසතුන් අවසානයේ බුදු වූ පසුව, ඒ බුදු වරයන් වහන්සේලාගේ “බුදු ගුණෙහි” හෝ දෙසන ධර්මයෙහි කිසිදු අඩු වැඩි වීමක් නැත…දෙසනුයේද එකම අමා සත්‍යය වේ…නමුත්, පාරමිතා පුරමින් යන කාළය හා ඒ කාලය පුරාවට පුරන පාරමී දම් වල, එක් රැස් කර ගන්නා කුශල ශක්තිය අනුව, “බුද්ධ තේජස, බුද්ධ ආයුෂ, බුදු සිව්වණක් පිරිසේ සංඛ්‍යාව, බුද්ධ අණ පවතින සක්වළ තලය” ආදී දේ වෙනස් වේ…අඩු වැඩි වේ…
මෙන්න අපේ මෛත්‍රී බෝධිසත්වයෝ…..
මෛත්‍රී බෝසතුන්, අප පෙර කී පරිදි කප් ලක්ෂ 16 ක් පෙරුම් පුරාගෙන එන, අති දැවැන්ත කුශල කඳක් සහිත බල සම්පන්න උතුමෙකි…මෛත්‍රී බෝසතුන්ගේ “පූර්ව බුද්ධ දිව්‍ය භවය” නොහොත් බුදු වීමට පෙර ලබන අවසන් දිව්‍ය භවය දැන් ලැබී ඇතැයි, ධර්ම පොත පත සඳහන් කරති…ඒ දිව්‍ය භවය අතිශයින් බල සම්පන්න එකකි…
මෛත්‍රී බෝධි සත්වයන් අපේ ගෞතම බුදු පියාණන්ට හමුවූයේ කෙසේද? කවදාද?…මේ පැණයට පිළිතුරු, අප සැරියුත් මහ රහතන් වහන්සේගේ ඇරයුමෙන්, ගෞතම බුදු පියාණෝ, එදා සංකස්ස පුරයේ ජනතාවට දෙසූ “අනාගත වංශ” දේශනාව, නොහොත් “අනාගතය දකිනා මහා සිංහ නාදය” ඇසුරින් පැහැදිලි කරමු…
බුද්ධත්වයෙන් පසුව 7 වැනි වස් කාළය, ගෞතම සම්මා සම්බුදු පියාණෝ වැඩ වෙසෙන්නේ “තාවතින්ස” දිව්‍ය ලෝකයේය…ඒ “මාතෘ දිව්‍ය පුත්‍රයාණන්ට දම් දෙසනු වස්ය..”..එසේ වැඩ විසූ බුදු පියාණෝ ඉක්බිතව, මහා පෙළහරකින් ,රන් හිණි පෙතක් මවා, දඹදිව සංකස්ස නගරයට සැපත් වන විට, ඒ සංකස්ස පුරවරයෙහි “සිරිවර්ධන” නම් මහ සිටු පුත්‍රයකු ව ( වත්මනේදී, මෛත්‍රී බුදුන් ලෙස ව්‍යාජයෙන් පෙනී සිටින, ලක්දිව දකුණේ “සිරිවර්ධන” නම් විහිළු කාරයා ඒ නම උකහා ගෙන ඇත්තේ මෙතැනිනි…) සිටි මෙත් බෝසතුන්, අප ගෞතම බුදු පියාණන් වෙත ආරාමයක් පුදාලූහ…එවිට ඒ පිළිගත් ගෞතම බුදු රජාණෝ, රැස්ව සිටි සියළු පර්ශත් කැඳවා, “මේ මතු මත්තෙහි “මෛත්‍රී” නමින් ලොවුතුරා බුදු බවට පත්වන, මහා බෝසතුන්ය” යනුවෙන් එතුමන්ව හුවා දක්වා ලූ සේක…මෙවිට ඉදිරිපත් වූ සැරියුත් මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි, එපවත් දෙසුව මැනවැයි” ඇරයුම් කළ හෙයින්, බුදු රජාණෝ ” අනාගත වංශ” සූත්‍ර දේශනාව ගෙන හැර පෑ සේක…
මේ අනාගත වංශයට අනුව “16 අසක් කප් ලක්ෂයක් පෙරුම් දම් පිරීම නිසා අතිශය දැවැන්ත කුශල සම්භාරයක් ගෙන බුදු වන මෛත්‍රී බෝසතුන්ගේ බුද්ධ තේජස අනගිභවනීය ය…උන් වහන්සේට අසූ රියන් උස ශරීරයක් ලැබේ…වසර 120,000 ක ආයුෂ කාළයකි…ඒ මෙත් බෝසතුන් බෝ මැඩ හිඳ සිටිනු දුටු විගසම, “සටනක් නොකොටම මාරයා පැන දුවන්නේය…”, අනාගතයේ දඹදිව පහළ වන කේතුමති නම් මහා සශ්‍රීක රාජධානියේ, “සුබ්‍රහ්ම” නම් බමුණු පඬිරුවනට සහ “බ්‍රහ්මවතී” බැමිණියට දාව උපදින, මහා පින්වන්ත “සුදස්සන බ්‍රහ්මවර්ධන” කුමරුවන්, වයස 18 පැමිණි විට “ගිහි ගෙයින් නික්මෙමැයි” සිතන මොහොතේම, රන් පළඟක් ආකාශයෙන් පා වන්නා සේ, උන් වහන්සේ වැඩ සිටිනා විමාන සඳළු තලයද කැටිව ආකාශයෙන්ම ගොස් “නුග” රුක බෝ මැඩ, “අපරාජිත පර්යංකයෙහි” පිහිටුවනු ලබති…මාරයා සටන් වදින්නට තබා, ඒ මෛත්‍රී බුද්ධ තේජස හමුවේ කෙළින් සිට ගත නොහැකිව, පැන දුවති…මේ තිස් දහසක් සක්වළ තල, කම්පා කරවන මෛත්‍රී බුද්ධත්වයයි…
මේ සා මහත් පින් බල ඇති මෙත් බෝසත් උතුමෝ දැන් “තුසිත” විමාණයෙහි, අසූ යොදුනක් උසැති දිව්‍ය ශරීර සහිතව, කිසිදු දෙවියෙකුට හිස නොනමන, සියළු දෙවියන් නමස්කාර කරන, බලසම්පන්න දෙව් පුතෙකුව වැඩ වෙසෙති..
මෛත්‍රී බෝසත් දෙව් රජු “නාථ” දෙවියෝද?…
ඉතාම පැහැදිලිව ඉහත පැණයට දිය හැකි පිළිතුර “නැත” යන්නය…මෛත්‍රී බෝසතුන් ගැන රේරුකාණේ චන්දවිමල මහ නා හිමි, හා මඩිහේ මහ නාහිමි කළ සියළු විග්‍රහයන් වල සඳහන්ව ඇත්තේ, ” ඒ මෛත්‍රී බෝසත් දෙව් රජුගේ නම “මහා සංතොඨ්ඨික නොහොත් මහා සංතොෂින දිව්‍ය රාජයා” යන්න බවය…
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට යම් පුද සත්කාරයක් කරන්නේ අපේ රටේ විතරක්ම නොවේ…ථේරවාදය, අපටත් වඩා නිවැරදිව පිළිපදින මහ තෙරවරු සිටින, බුරුමය, තායිලන්තය, කාම්බෝජය වැනි රටවලද මේ “සංතොෂින” දිව්‍ය රාජයාට මහත් සැළකිල්ලක් ඇත…එහෙත් මතක තබා ගත යුතුය…”මහායාන හා වජ්‍රයාන ” සම්ප්‍රදායන් වල මෙන්, “ථේරවාදී” බෞද්ධ අපි “බෝ සත් වරුන් පුදන්නේ හෝ යදින්නේ නැත…”…
ඔබ කාම්බෝජය, සියම් දේශය වැනි ථේරවාදී සම්ප්‍රදායන් සහිත රටවල්, ජපානය, චීනය හා කොරියාව හා සසඳා බලන්න…ඔබ දකින මහා වෙනස කුමක්ද? දෙවැනුව කී රටවල, සෑම විහාරස්ථානයකම “යැදුම් හල්” ඇත…ඒ අය මෙත් බෝසතුන්ගේ පිළිම තනාගෙන ඒවාට යදිති…එතුළින්, ඔවුන් නොදැනුවත්වම “ශාස්වථ වාදී” ග්‍රහණයකට හසුවේ…
බලන්න…කොපමණ උත්සාහ කළත් මිෂනාරීන්ට “ථේරවාදී” තායිලන්තයේ, බෞද්ධ පදනම බිඳින්නට නොහැකි විය…ඒ එතැන “දේව වාදී පිදිලි” වලට ඉඩ නැති නිසාය…ඒ අයට “නත්ථි මේ සරණං අඤ්ඤං…බුද්ධෝ මේ සරණං වරං” වන නිසාය…
නමුත් දකුණු කොරියාවේ?…දුටුවාද, දේව වාදි ඇදහිල්ලක් “බෝසත් වෙසින්” හෝ ගෑවී ගෙන සම්ප්‍රදාය අස්සට රිංගා ගත්තොත් වෙන විපතක තරම?….බුදු දහම පිළිපදින තැනැත්තාගේ “අධ්‍යාත්මික” කොටසටද මෙය “ඌණනය” වන්නේ? යනුවෙන් විමසින්, ඒ අයට “ඕල්කට්” බෞද්ධයන් යැයි නිග්‍රහ කරමින්, කෙස් පැලෙන තර්ක දාන ඇත්තන්ට, තමන් කරන මහා “පදනම්” විනාශය නොපෙනී යාම කණගාටුවකි…
“බුදු දහමට” පහර වදින්නේ හෝ වැනසී යන්නේ, ඒ දහම අධ්‍යාත්මික ශාන්තියට යොදාගෙන, ආර්ථික විද්‍යාවට බටහිර දැනුම යොදා ගන්නා ඇත්තන්ගෙන් නොවේ…බුදු දහම “ජීවන මගක්” යැයි කියා ගත්තත්, එහි “අදේව වාදී ශ්‍රද්ධාවට” කවර වෙසකින් හෝ “දේව පූජා, දේව සබඳතා, සහ රැකවරණය සහ පිහිට උදෙසා “දේව ඇදහිලි” එකතු කරන අය අතින්මය…”
……..එහෙනම් කවුද මේ “නාථ දෙවියෝ”?……..
මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ඉතා සුවසේ තුසිතයෙහි වැඩ වෙසෙන අතරේ, මේ අපේ රටේ කන්ද උඩ රට රාජධානියේ, සිරි දළදා සෙවණේම දේවාලයක් කරගෙන, පැළපදියම් වූ “නාථ” දෙයියෝ කවුද?…මේ “නාථ” නම් දෙවියන්ට, කතරගම දෙවියන් උදෙසා කැප කළ “ඇම්බැක්ක” දේවාලයේ, දේවාල සන්නස් වල “කිරි රජ්ජුරු බණ්ඩාර” යන නම භාවිතා කරයි…
“බණ්ඩාර” ලා කිව්ව ගමන් අපේ මතකයට එන්නේ උඩරට රදළයන්ය..මේ රදළයන් හට ඇති කුල ගර්වය හා “වැඩවසම්” භීෂණය නිසා, ඒ, ඒ ගම් වැසියන්, මොවුන් මිය ගිය පසුව, ඉතිරිව සිටින වලව් කරුවන්ගේ සෘජු හෝ වක්‍ර නොමඟ යැවීම් මත, මොවුන්ව දේවත්වයට නඟති…”64 ක් බණ්ඩාරලා දෙවිවරුන් වන්නේද, ඒ 64 ම රජ්ජුරු බණ්ඩාර දෙවිවරු වන්නේද” මෙන්න මේ කරුණ නිසාය…බලන්න, දකුණු පළාතේ, මේ බණ්ඩාරලාට වඳින දේවාල නැත…තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ, හිනිදුම, “ගැටබරුව” නම් ප්‍රදේශයේ පමණි…එතැන වැඩ ඉන්නා දෙවියාත් “බස්නාහිර රජ්ජුරු බණ්ඩාර” නොහොත්, උඩරට තදින්ම වැඳ පුදන “දැඩි මුණ්ඩ” දෙවියන්ය..ඒ දෙවියන්ව ඇඳ ඇති ආකාරය බලන්න…ඒ රූප කායන්ගේ තියෙන්නේ මොනවාද…උඩරට “නිළමේ” සූට් එකම නොවේද?…මෙන්න මෙතනයි ලාංකික “දේව සංකල්පයක්” නොහොත් “ආත්ම වාදී” දේව සංකල්පයක් නිර්මාණය වන තැන…
අප එයට “ආත්මවාදී” දේව සංකල්පයක් කියන්නේ ඇයි? අපේ බෞද්ධ දෙවිවරුන් “පොල් ගැහුවාම මිනී මරන්නේ වත්, බුලත් කොලේ තියා දික් කරන ශත 10 ගෙන අනාගතය කියන්නේ වත්, වස් කවියට අත පය කඩන්නේ වත් නැත…”..ඒ සියළු මිථ්‍යා බහු බූත, ඉන්දියාවේ , හින්දු දහමෙන් කාන්දු වූ “ආත්මවාදී” දෙවි වරුන්ගේ ක්‍රියා කාරකම්ය….අපේ සමදිටු බොදු දෙවි වරුන් හෙවත් “දේවතා සංයුක්තයෙහි” එන දෙවියන් සිටින්නේ අපට බොහෝ දුරින් වන අතර, ඒ ඇත්තන් මිනිස් සහවාසයකට එන්නේත් “බුදු රුවණක්” හෝ ” මහ රහත් රුවණක් ” මුණ ගැසෙන්නටය…අපේ බෞද්ධ දෙවියෝ අපිට සිතා ගත නොහැකි අන්දමේ සැප විඳින, අතිශයින්ම කයින් සහ මනසින් දියුණු වූ දෙවියන් විනා, මේ “මකුලු දැල් බැඳිච්ච දේවාල වල, පහන් දැල්ලෙන් කළු වූ පරාල උඩට වී, සෙවල, පෙඳ, පාසි බැඳුණු පඩි පෙළවල් වල බඩ ගාගෙන මෝඩ මිනිසුන් ඇවිත් පූජා වට්ටි දික් කරන කල් බලා ඉන්නා” බහිරවයන් නොවේ…එවැනි ලක්ෂණ අවාසනාවකට බුදු සමයට කාන්දු වූයේ, “ආත්මවාදී” හින්දු බහු දේව සංකල්පයන්ගෙනි…
අපේ බොදු දෙවිවරුන්ගෙන් මහේශාක්‍ය වූ දෙව් කොටස් වලට ඇත්ත වශයෙන්ම අපේ පිං අනවශ්‍ය බවට දේවතා සංයුක්තය සාක්ෂි දරති…ඒ ඇත්තන් මහේශාක්‍ය වී සිටින්නේ, භවයන් ගණනාවක් මුළුල්ලේ “ජීවිත පරදුවට තබා” රැස් කළ මහ පිං නිසාය…අල්පේශාක්‍ය දෙවියන් නම් අපේ පිං වලින් සුළු කොටසක් අනුමෝදන් වන අතර, එසේ අනුමෝදන් වී අපට “සෙත් පැතීම” කරති….මේ හැර “ආටානාටිය” වැනි මහ පිරිත් තුළින් දෙන පණිවිඩයෙන් “බලවත් අමනුෂ්‍ය” බියක් අපට හිංසා කරන විට, මේ මහේශාක්‍ය “නිවැරදි” දෙවියන්, උන්ව අල්ලා ගෙන එලවා දමති…ඒ නැතුව, ඒ සසර පුරා හුරු කළ පිං බල මහිමයෙන් පිරුණු දෙවි රජවරුන්ට දෙන්නට “අමුතු පිං” අපේ වාහෙලා ළඟ නැත…
මේ “නාථ” යන දෙවියාද, ඒ වගේම “ජනතා ගෞරවය හා කුල බලය” නිසා දෙවි වූ රදළයෙකි…මේ නාථ නොහොත් “කිරි රජ්ජුරු බණ්ඩාර” දෙවියන්ට වඳින වැඳුම් හෝ පුදන පිදුම් අප “සෙංකඩගල රාජධානියෙන්” ඔබ්බට අසා නැත…( මෛත්‍රී බෝසත් දෙව් රජුට යම් හරසරක් දැක්වීම නම් අප වසර 2000 ක පමණ කාළයක් තිස්සේ සිදු කළත්, “නාථ” නම් දෙවියෙකු එයට ආරෝපණය වුණේ පසුව නොවැ…).. “සෙංකඩගල රාජධානිය” යනු ලක්දිව බුදු සසුන දරුණු ලෙසටම පිරිහුණු, සහ ඒ පිරිහීම මත පිනුම් ගැසූ “බුදු සමය විකුණා කන” සියළු වර්ග වල “මිථ්‍යාවන්ගේ” තෝතැන්නකි….
ඇත්ත වශයෙන්ම “සිංහලයාගේ” පරිහාණිකර සාධකය ලෙස පෙන්විය හැකි රාජධානිය කන්ද උඩරට අවසාන රාජධානියයි.. එවැන්නකින් බිහිවන දේව විශ්වාස වල තරම සිතා ගැනීම, බුද්ධිමතුන්ට භාර කරුණකි….රදළයන් යහපත් මිනිසුන් ලෙස දිවි ගෙවන්නේ නම්, ඔවුන් අනිවාර්යෙන්ම දේවත්වයට පත්වනු ඇත…එහෙම වීම ගැන කිසිදු ගැටළුවක් නැත…නමුත් අප ඉහත දි ඉතා පැහැදිලිව හඳුන්වා දුන් පිනෙන් පිරී “පූර්ව බුද්ධ භවයේ” සිටින “මහා සංතොෂින දිව්‍ය රාජයා නොහොත් සංතොසින දෙව් රජු”, “නාථ” දෙවියන්ට ආදේශ කළ නොහැක…”නාථ” නමින් දෙවියෙකු සිටියේ හෝ නොවේවා, ඒ “හටන් සහ හබ” ඇති කර ගන්නා, නින්ද ගම් ලියවිලි ප්‍රකාරව, “නැදුන්ගමුවෙන්” කන්ද උඩරටට පලා ආ ( මේවාත් එවකට සිදුවූ ඓතිහාසික සිද්ධි ඇසුරෙන් නිමැවුණු ජන ප්‍රවාදය…) “නාථ දෙවියන්” ( බෝසත් වරු පලා නොයති…), මතු මත්තේ බුදුවන 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරාලූ අපේ මෛත්‍රී බෝධි සත්වයෝ නම් නොවෙති…
….මෙත් බෝ සත් වත් කෙලෙසන විකාර….
මේ ඉතාම මෑත කාළයක සිට අපේ රටේ ඉන්නා මහා බුද්ධිමත් ජනතාවට මඟ පෙන්වන බව කියන අයටත් අමුතු රෝගයක් සෑදී ඇත..ඒ “මෙත් බෝසතුන්ව” මාකට් කර ගැනීමයි…
දකුණේ සිරිවර්ධන නම් මානසික රෝගී තත්වයක් ඇත්තෙකු පහළ වී, “තමා මෛත්‍රි බුදුන් ” යැයි කියා ගෙන, බොහෝ ජනතාව නොමඟ යවති…අපේ ඇත්තන් ද ” සාදු” කියාගෙන එතනට දුවති…කොළඹට නුදුරු එක් තරා “වායු සමණය” කළ, කුඩා “ලක්සරි” ආරාමයක් සාදාගෙන සිටින චීවර ධාරියෙකු, මෛත්‍රී බෝධි සත්ව වන්දනාවක් කරයි…ඒකත් කදිම බිස්නස් එකක් වී ඇති බව එහි යන්නෝ කියති…ඔය අස්සේම, සෙල්ල කතරගම සිට මුළු රටටම, අමු, අමුවේම බොදු විරෝධී “ශාස්වථ” මිසදිටුව බෙදන “විෂ්ණු – ලක්ෂ්මී” දේවාල ජාවාරමේද, එක කුටියක “මෛත්‍රී බෝසතුන්ව” විකිණෙති…
වඩාත් හිනා යන වැඩේ වෙන්නේ, “නාථ” දෙවියන් යනු අපේ “මෛත්‍රී බෝසතුන්ය” යනුවෙන් රටේ ඇති දුර්මතය, ඒ අයුරින්ම ග්‍රහණය කර ගත් ( හෝ උවමනාවෙන්ම එය එසේ නොවන බව දැන, දැනත් එලෙස අල්ලා ගෙන සිටින ) සමහරුන්ට, මෙන්ඩලියෙෆ් ගේ ආවර්තිතා වගුවේ රසායනික මූල ද්‍රව්‍ය වල “ඉංග්‍රීසි” නම් කියා දෙන්නටත්, ඒවා ඇත්දැයි බලා දෙන්නටත්, මෛත්‍රී බෝසතුන් යැයි “ඔවුන් සිතා සිටින” නාථ දෙවියන් ඉදිරිපත් වී තිබීමය…( දැන් මේ ගැන සමාජ කතිකාවතක් ඇති වී, උගත් භික්ෂූන් වහන්සේලා, “මේ නාථ දෙවියන් යනු මෛත්‍රී බෝසතුන් නොවේය” යන්න තහවුරු කළොත්, ඒ අය වෙනත් මොකක් හෝ නමක් සොයා ගනු ඇත…)
“හදිස්සියේ වත් නාථ දෙවියන් යනු මෛත්‍රී බෝසතුන් නොවුණොත් වෙන්නේ මොකදැයි?” නාටකයේ තිර පිටපත් ලියූවන්ට අමතක වී ගොස් ඇති සැටියකි…ඒවායින් අපට කමක් නැත…සිරිවර්ධන හෝ වේවා, බෙල්ලන්තර ආරාමයේ හෝ වේවා, සෙල්ල කතරගම හෝ වේවා, එහෙමත් නැත්නම් වෙනත් ඇත්තන් ළඟ හෝ වේවා, බුදු දහමට කළ හැකි ලොකුම විනය, එහි සිවු වණක් පිරිස අතරට ” දේව සබඳතා හෝ දේවවාදී අනාගත නිමිති, අනාවැකි” ආදි දේ රිංගවීමයි…එයින්ම බෞද්ධයාගේ “බුදුන් වහන්සේ” කෙරෙහි පමණක් ඇති ආධ්‍යාත්මික විශ්වාසය පළුදු වෙයි…
ආර්ථික විද්‍යාව, දේශපාලනය වශයෙන් එක්, එක් ක්ෂේත්‍රයන් වෙන්, වෙන්ව ගෙන බැලීම බටහිර ක්‍රමය වුවද, එසේ කරන බෞද්ධයා, තම අධ්‍යාත්මික ස්ථානයෙහි, හෙවත් ඉහළම තැන බුදු රජාණෝ තබාගෙන ඉන්නේ නම්, ඔහු බුදු රදුන්ට වෙන කිසිවෙක් සම නොකරති…ඒ බව ගංගොඩවිල සෝම හිමිපාණන් ඇසුරේ ඇතිවූ බොදු ප්‍රබෝධය සහ එයටම දායක වූ බොහෝ බටහිර දැනුම් පද්ධතිය මත තවමත් සිටින වෛද්‍ය වරු, විදුදරයන් ආදී ඇත්තන් වෙතින් අපට උකහා ගත හැකි පණිවිඩයයි…ආචාර්ය චන්දන ජයරත්නයන් විටෙක කීවේ “මට අනුව නෝර්මන් ලොකියර් වැනි අය ශ්‍රේෂ්ඨ මිනිසුන්ය…නමුත් ඒ කිසිවෙකු මගේ ආධ්‍යාත්මයේ පරමෝත්තමව තබාගෙන සිටින බුදු රජාණන් වහන්සේට ආසන්නයෙන් වත් සම නොකරමි” කියාය..
වඩාත් බරපතළ හානියක් බුදු සමයට කරන්නේ, “ශාස්වථ වාදයට” ඉඩක් නොතබා ප්‍රතික්ෂේප කරන තලයක් මත වැඩෙන, නූතන බටහිර විද්‍යාව සහ බුදු සමය යන දෙකම, එකට ඇසුරු කරන අයද? නැත්නම් “බටහිර විද්‍යාව අපට එපා” කියමින්, “විවෘත කොන්” ( Open – Ended Predictions) සහිත “කණා අනාවැකි” කියමින්, විද්‍යාත්මක පරීක්ෂණ මත ලබා ගත් නිගමනයන්ට, “ස්වාධීන වූ ඤාණයක්” එක් කිරීමට යැයි කියා, ඒ සෑම දෙයකටම මෛත්‍රී බෝසතුන්වත් ඈඳා ගෙන, බුදු සමයේ “විඤාණිත” හර පද්ධතියේ සැකැස්මටම තර්ජනය කරන අයද?…”විමසීමකින් තොරව පිළි නොගන්න!” යැයි බුදු පියාණෝ කාලාම සූත්‍රයෙහි දේශනා කොට ඇත…බටහිර විද්‍යාවද උත්සාහ දරන්නේ, හැකි තාක් දුරට උපරිමයෙන් “විමසාම” කරුණු තහවුරු කර ගන්නටය…බුදු සමය හමුවේ, නූතන බටහිර විද්‍යාව “සැට වියැති පඬි රුවණක් හමුවේ තබන ලද කිරි දරුවෙකු බඳුය…” එහෙත්, යම් කිසි හෝ පෑහීමක් බුදු සමයේ ඇත්තේ බටහිර විදුව සමඟද ? එහෙම නැත්නම්, කිසිම විමසීමක් නැතිව “කට වචනය පමණක් පිළි ගනිල්ලා” කියා අණ දෙන, “සාස්තර කාරයන්ගේ අනාවැකි කීම් හා පිරියෙසුම් වලටද?” ( Ultra- Physical acceptance in “blind” form )…
තුසිතයෙහි වැඩ වෙසෙන මෛත්‍රී බෝධිසත්වයන් මොන වාගේ තෙදැති ගාම්භීර චරිතයක් දැයි අප ඔබට පැහැදිලි කර දුන්නෙමු…ඒ චරිතය මොන යම් හෝ “පෞද්ගලික ව්‍යාපෘතියක්” සඳහා යොදාගෙන ඇති සැමට අප කිව යුතු වන්නේ, ඒ මතු මත්තේ බුදු වන ශ්‍රේෂ්ඨ චරිතයෙහි නම කැලැල් නොකරනු!” යන්න පමණි…

Wednesday, July 20, 2011

කප්පාගේ Blog එක


මෙන්න නියම බ්ලොග්  එකක් ඡායාරෑප ශිල්පය ගැන මෙතැන ක්ලික් කරලා යන්න 

කප්පාගේ Blog එක

gadgets, software, websites, photography, iPhone Apps ගැන ඔයාලත් එක්ක දැනුම බෙදාගන්නයි මේ blඑක කරන්න හිතුවේ.

මාංශ අනුභව කරමින් පන්සිල් රකින සමාජයක් පැතීම මිරිඟුවකි

මාංශ අනුභව කරමින් පන්සිල් රකින සමාජයක් පැතීම මිරිඟුවකි



 
මිනිසා තිරිසන් සතුන්ගේ මස් අනුභව කිරීම දහසක් වසරකට ඈත සිටම පැවැත එන සිරිතක් ලෙස ප්‍රකට ය. එය ඔහුගේ වනචාරී යුගයේ ආවේණික ජීවන ලක්‍ෂණයකි. ක්‍රි.පූ. 6 වන ශත වර්ෂය පමණ වන විට ඔහු සතුන් මරා මස් අනුභව කළා පමණක් නොව සතුන් මරා දෙවියන් හමුවේ පූජා කරමින් (බිලි, පූජා, ගිනි දෙවි පූජා) ස්වකීය විමුක්තිය ප්‍රාර්ථනා කිරීමට තරම් ක්‍රියාත්මක වූහ. මේ අයුරින් ඉතිහාසය පුරාම මිනිසාගෙන් අසරණ සතුන්ට වූ මරණ බිය පිළිබඳ කිසි ගැලවීමක් නොවී ය.
මිනිසාගේ ජීවිතය තුළ පස් පව් වලින් වැළකී සිටීම උතුම් චර්යා ලක්‍ෂණයක් බව බුදුන් වහන්සේ විසින් අනුදැන වැදෑරීමෙන් පසු ඇතැම් සතුන්ට සිය ජීවිත අපේක්‍ෂාව පිළිබඳ මඳ අස්වැසිල්ලක් ලැබිණි. පංච ශීලය අනුමත කිරීම පමණක් නොව උන්වහන්සේගේ බොහෝ දේශනා තුළ දී ප්‍රාණඝාතය මිනිසා විසින් නො කළ යුතු දෙයක් සේ දේශනා කිරීම නිසා සත්ව ඝාතනය පිළිබඳ එතෙක් පැවැති නැඹුරුව පහව ගියේ ය. ඝාතනය වෙනුවට සතුන් කෙරේ කරුණාව දැක්වීම හා ඔවුන්ට මෛත්‍රීය පැතිරවීම තුළින් සිදු වූයේ සැබෑම සමාජ චින්තන පරිවර්තනයකි.
ජේතවනාරාමයේ දී ජබ්බග්ගීය භික්‍ෂූන් අමතා කළ දේශනාව මෙසේ ය.
“සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උප මං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ” (ධ.ප. 129- 130 )
තව ද, ‘ආර්ය’ නම් වූ වැද්දෙක් අරභයා කළ දේශනාවෙන් ද කියැවෙන්නේ ප්‍රාණීන් කෙරෙහි අවිහිංසාවෙන් යුක්ත විය යුතු බවයි.
“ නතේන අරියෝ හෝති යේන පාණානිහිංසතී
අහිංසා සබ්බපාණනං අරියෝති පවුච්චතී” (ධ.ප. 270)
දහසක් වසක් මුළුල්ලේ බුදුදහමෙන් පෝෂණය වූ ජාතියක් ලෙස සංවර්ධනයට පත් වූහයි පවසන ඇතැම් බෞද්ධයන් අදත් තිරිසන් සතුන්ගේ මස් බුදීමට දක්වන කැමැත්ත, ගිජුකම අතහැර නැත. මෙය බෙහෙවින් ශෝචනීය තත්ත්වයක් මෙන්ම මිනිසුන් තමන්ගේ හදවත හා මනස රවටා ගැනීමක් නොවන්නේ ද?
ඔබ ඔබේ ශරීරයට කොතරම් ආශා කරනවාද? එලෙසම අන්‍යයෝ ඔවුන්ගේ ශරීරවලට ඒ තරම්ම ආශා කරන්නෝ ය. යන පාඨය දුර්ගා මෑණියන්ගේ කියමනක් ලෙස හින්දු දහමෙහි සඳහන් වෙයි.
කුණු රසට කොතරම් ගිජුද කිවහොත් ඇතැම් බෞද්ධයෝ මස් කෑම අකැමැත්තෙන් මෙන් නතර කර, මාළු, කරවල, උම්බලකඩ කෑම තවදුරටත් කරගෙන යති. මස්, මාළු, කරවල, උම්බලකඩ යන සියල්ල සතුන්ගේ ශරීර කොටස්ම බව කුණු රසටම ගිජුවීම නිසා ඔවුහු අමතක කරති.
පන්සිල් වූ කලි මෙලොව ජීවත් වන සියලු මනුෂ්‍යයන්ටම සිය ජීවිතය සදාචාර සම්පන්න ලෙස ගොඩනඟා ගැනීම සඳහා ඉවහල් වන ආචාර ධර්ම පහකි. බෞද්ධයාට එලොව මෙලොව දිනවන මනා දිවි පෙවෙතක් ගත කිරීම සඳහා පන්සිල් ආරක්‍ෂා කිරීම හේතු වෙයි.
කිසි දු සතෙක් මරන්න එපා, මරවන්න එපා, යනු බුදු වදනයි. සත්ව මාංස අනුභවයෙන් සතුන් මරවන්නට අනුබල දීමක් සිදුවෙයි. එසේ නම් ඉන් පාණාතිපාතා යනුවෙන් කියැවෙන ප්‍රථම සිල්පදය කැඩීමක් සිදු නොවන්නේ ද?
මේ පිළිබඳව වර්තමාන ධර්ම දේශක හිමිවරුන් එක එල්ලේ අදහස් ප්‍රකාශ නොකිරීම ගැටලුවකි. පන්සිල් රකින සමාජයක් ඇති කර ගැනීමට නම් සත්ව මාංශ අනුභව කරන චර්යාවෙන් ජනතාව බේරා ගත යුතු ය. යන අදහස සමාජයේ ප්‍රචලිත කිරීම සඳහා මීට වඩා අවධානයකින් කටයුතු කිරීම අවශ්‍ය ය.
මාංශ අනුභවයෙන් ‘පාණාතිපාතා වේරමණී’ සිල් පදය බිඳීමක් නොවන්නේ යැයි කිසිවෙකුටත් ප්‍රකාශ කළ හැකි ද? එසේ පළ කළ හැකි නම් අපගේ දැන ගැනීම සඳහා එසේ කරන ලෙස කාරුණික ඉල්ලීමක් කරමි. දිව ඉල්ලන කුණු මස් රසයට ගිජුව අසරණ සතුන් මැරීමට අනුබල දෙන මස් මාංස ගිල දමමින් පන්සිල් රකින සමාජයක් වෙත පිය නැඟීමට යත්න දැරීම සැබැවින්ම මිරිඟුවක් වෙත ලුහුබැඳීමක් නොවන්නේ ද?

Tuesday, July 19, 2011

කේන්දර සිංහලෙන්

මෙන්න කේන්දර සිංහලෙන් වෙබ් අඩවියක් මෙතැන ක්ලික් කරන්න


The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමයට අදහස් කරන්නෙමු.

බුදු දහම පිට සක්වලින් සොයා ගැර්‍නෙ
















අබිරහස...

කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස් වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, "එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර"


මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර ඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..

මෙම කඳවුරට එහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "51 වැනි කළාපය" නොහොත් "ඒරියා 51" යන නාමයයි. (Area 51)

ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.

මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින් සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑම ශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහ ජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළ නොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..

මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි...

"පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."

මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )

බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....

"තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "‍යථා ගත" හෙවත් "සත්‍ය ගාමී වූ" යන්නය. නො එසේ නම් " සත්‍ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන් උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍ර දේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි. උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි "තථාගතන් දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.

තවද මේ නමින් උන් වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද", "ආටානාටිය පරිත්තයෙහිද","මහා මංගල සූත්‍රයෙහිද", " අනාගත වංශ දේශනායෙහිද" බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම් දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද "තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.

එසේ නම් "තථාගත" නාමය මෙ සක්වා තළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ" නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහු උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.

දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.

බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි "නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේද මෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත් වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුක විනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.

දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..

"නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේර නම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"

(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)

"නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය"

"නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිස ද පවත්නේය"

වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..

"බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට" (Buddhist Cosmology) අනුව මේ "දිව්‍ය" ලෝක තලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය" (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟා ගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක "ජීව ඔරලෝසුවක්" ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලය සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයා රජ කරන "චාතුර් මහා රාජික" දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂ මිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - 9.4 million years )..(මෙම ගණනය පුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...

මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි...!!!!

එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහු යම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකව හමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...

"අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැන යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකම මිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත.. ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණය නොකරන්නේ "බුද්ධොත්පාද" ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම විය යුතුය...."

"මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන බුද්ධ විවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක් පැමිණියත්, මොන තරම් දියුණු ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේ අල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත් වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??

("රෝම, චෝල මණ්ඩල, අරාබි, බ්‍රිතාන්‍ය ආදී වූ මහ බලසම්පන්න ලෝකාධිපති අධිරාජ්‍යන්ට ඒ කුඩා දූපතේ බුදු සසුන අතු ගා දමන්නට හෝ එය රකින සංඛ්‍යාවෙන් අල්පයක් වූ ජාතිය සමූල ඝාතනය කරන්නට කී වතාවක් වැර දැරුවත් නොහැකි විය.")

එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?...

ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?

(රාහු අසුරේන්ද්‍රයා (අසුර නිකාය යනු ඉතා චණ්ඩ ගති පැවැතුම් ඇති විශ්ව ජීවි විශේෂයකි - " Hostile Extra Terrestial Biological Entity" ) පවා " හේ මහා වීරෝ" යන නමින් බුදු පියාණන් අමතා ඇත.)

"බුද්ධ" ජීවි විශේෂය.....

"ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?" .....

"නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...

"ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?...."

"කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමද මිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන් කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා "බුද්ධ" යැයි දනුව"

මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්‍රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූ සංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක් අවධානය යොමු කරන්න...

චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාම වාදය" (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්" දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන ජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙස පොත් පතින් හඳුනා ගතිමු.

ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද?....ඉතිරි අර්ධය කුමක්ද?...."සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?....

දැන් නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත් කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද, හැදී වැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්‍යයෙකුද නොවෙමි.."

"අග්ග්ඥ සූත්‍රයෙහි" බුදු රදුන් ලෝකාරම්භය ගැන දෙසා ඇත්තේ " ඉතා සරළ ඒක සෛලික ජීවි ස්වරූපයෙන් සිතිවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව නිසා ජීවිහු වර්ධනය" වූ බවයි...

මෙහි "සිතුවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව" යන්නට නැවත, නැවතත් ඔබේ දැඩි අවධානය යොමු කරන්න....

එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය" (Psychological Evolution) හා " කාය පරිණාමය" (Physical Evolution)...!!....ඩාර්වින් අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත් කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින් නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේ පෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත් විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! (Universal Biological Evolution)..!!

මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනස අනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයට ක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාම වාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවය සැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාර ගමනයි....

I know that some of you may not have access to Sinhala fonts. Thus, I will publish this all important faction of my writing in English as following:

"Mind precedes the Body...Your Physical evolution will take the direction of your psychological evolution..These are the perimeters in the journey of Sansara..This is the Buddhist theory of Evolution..!!"

එසේ නම් " සාර සංඛෙ‍ය කල්ප ලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, "ක්‍රමානුකූල මානසික පරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්" නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම් දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය" වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේ ඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )

Again in English, "attaining Enlightenment is the GREAT PSYCHOLOGICAL LEAP from what we know as "Human Species" (Homo sapiens) to a "Universally Super specie level" known as " Samma Sam Buddha"

ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍ර බැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි... කුඩා නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියන ගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවී විශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේ ගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණන තව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාස බ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්‍යාත්මක විස්තර සඳහා මෙතන click කරන්න)

එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි "සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවි තළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒ තැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙස අමතති....

ඔබට උපත්තියෙන් උරුම ඒ මහා ශ්‍රේෂ්ඨ විශ්ව ජීවියාණන් වහන්සේ ගේ දර්ශණයයි....සක්වළ කරකවන එකම සැබෑ ඥාණයයි....

"සුඛෝ බුද්ධානං උප්පාදෝ"......










37 COMMENTS:


අමිත්ත said... [Reply to comment]
මුල් ටික නම් නනිකරම xfiles ය.ලිපිය සාර්තක වුවත් ගෑලපීම මදිය. නමුත් අප කල යත්තෙ නොපමාව ධර්මයේ හෑසිරීම මිස මෙවෑනි ලාම්ක තර්ක ගෙන හෑර දෑක්වීම් නොවේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා ට වසර 2550කට පෙර කළු කුහරය පිලිබදව දේහනා කර තිබෙ.(සොයා බලන්න)
charitha said... [Reply to comment]
ගොඩක් හොද කතාවක්. සතුටුයි මේ ගෑන
Bhagya රාජපක්ෂ said... [Reply to comment]
@ අමිත්ත : දෙවනි ලිපිය කියෙව්වනම් ඔයා මේ කමෙන්ටුව ඉල්ලා අස් කරගන්නවා සහතිකයි... :D සමාවෙන්න... මෙය X-files වලින් උපුටාගත්තක් නොවේ.... මේ ලිපිය ලාමකද ?? :o ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා ට වසර 2550කට පෙර කළු කුහරය පිලිබදව දේහනා කර තිබේ යන්න සොයා බැලීම අනවශ්‍යයි.. සියලු දෙනා දන්නා කරුණක්.. දෙවන ලිපිය (හෙට) කියවන්න.. "නමුත් අප කල යුත්තෙ නොපමාව ධර්මයේ හැසිරීම මිස මෙවෑනි ලාමක තර්ක ගෙන හෑර දෑක්වීම් නොවේ..." කතාව ඇත්තය.. නමුත් මේ වගේ කතා කියන කීදෙනාද ධර්මයේ හැසිරෙන්නේ... @ charitha : බොහොමත්ම ස්තුතියි, ගෞරවය කතුවරයාටම හිමිවේවා!!
Indika Rajapaksha said... [Reply to comment]
නියමයි මල්ලි. හිතාගන්නවත් බැහැ....
Aajitha said... [Reply to comment]
මට කියන්න වචන නැහැ ... ලිපිය වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම විශිෂ්ටයි.. දෙවන කොටස ගැනත් හිතාගන්න පුලුවන්...!! :) මේ වගේ කතුවරයෙක් ඇයි විදේශයකට වෙලා?
The Invisible Man said... [Reply to comment]
අපේ පිපාසය තවත් වැඩි නොකර දෙවන ලිපියත් ඉක්මනටම දැම්මොත් තමයි හොඳ... :) :) :)
damith said... [Reply to comment]
machoo ... meaka mara sceen eakaknea .... sirawata aga hiriwatenawa .... :O
Thaths said... [Reply to comment]
මොනවා උනත්, 2 කොටස ඉක්මනට දාන්නකො කොලුවෝ...
අමිල said... [Reply to comment]
ඔච්චර බලගතු Area 51 තාක්ෂනයක් තියෙන ඇමරිකාව තාම තලේබාන් ලා ඉස්සරහා දණ ගහනවා කියනකොට නිකන් නොගැලපීමක් දකින්නෙ නැද්ද? මට නම් හිතෙන්නෙ ඕක ඇමරිකාවෙ තවත් එක බොරුවක් විතරයි කියලා. මට නම් හිතෙන්නෙ ඔය කියන කලාපය නිකන්ම නිකන් පර්යේෂණ කලාපයක් විතරයි, ඇමෙරිකන් ජාතිය සෑහෙන බලවත් ජාතියක් කියලා අඟවන ප්‍රචාරණ වැඩපිලිවෙලෙ තවත් එකක් විතරයි ඕක. 2001 තමා යුද්ධෙ පටන් ගත්තෙ ඇෆ්ගනිස්ථාන් වල. තාම ගහනවා. නිකන් හිතහන් තාක්ෂනය ඔච්චරටම දියුණු නම් මේ යුද්ධෙ මේ වෙද්දි ඉවර වෙන්න ඕනා නේද කියලා. :P
prasad said... [Reply to comment]
මේ ලිපියේ මුල කොටසේ තිබෙන පිටසක්වළ ජීවින් සම්බන්දව හොප්කින් මහාචාර්යතුමාගේ ප්‍රකාශය සම්බන්දව අන්තර්ජාලයේ වෙනත් සටහන් තිබෙද? තිබෙනම් දක්වන්න...
Searching.... said... [Reply to comment]
මෙහෙමය්..මෙම ලිපිය 100% ක් නිවෑරදි යයි කිව්වොත් එක වෑරදි...නමුත් බුදුරදුන් මීට වසර ගනනකට පෙර දේශනා කරපු දේවල්..100% ක් නිවෑරදියි........ලිපියෙ වරදි පෙන්ව දීමද අත්ය-අවශ්යය,නමුත් මේ පිලිබද වඉරයකින් නොමනා දේවල් කීම අවශ්ය නොවේ මක්නිසාදයත්,එවෑනි පුද්ගලයො මෙවෑනි ලිපියක් සෑදීමටවත් සමත් නොවෙති.........දෑන් මම නවතින්නම්...මේ ගෑන කොමෙන්ට් කරන්න ඉතින් පිටු 3-4 ක් වත් යයි ඊට සකයක්ද නෑත...මෙය ඉතා වටිනා ලිපියක් බව නොරහසකි,අප අගය කලයුත්තේ මෙම අදහස් අපත් සමග බෙදා ගෑනීමය....ඔබට බුදු සරණයි.......
Bhagya රාජපක්ෂ said... [Reply to comment]
දැන් ගොඩාක් රෑ වෙලා .. මම මේ කමෙන්ට්ස් ගැන අදහස් හෙට කියන්නම්... සියලුදෙනාටම ස්තුතියි !!
හසිත ජයසූරිය said... [Reply to comment]
නියමයි නියමයි නියමයි......
මනුශා ජයතිලක said... [Reply to comment]
මට එක ප්‍රශ්නයක් තියෙනවා. පිටසක්වල ජීවියො සහ එරියා 51 එකේ අය එකිනෙකාව හම්බවෙනවා කියන්නෙ කොහොමද? මම දන්න විදීයට එරියා 51 එකෙන් කරන්නෙ පිටසක්වල ජීවියො ගෙන පරීක්ශන කරන එක විතරයි.
Bhagya රාජපක්ෂ said... [Reply to comment]
@ Indika : ඒකෙනේ මේ වගේ එකක් අනිත් අයටත් කියවන්න අපි ඉඩ සලස්වන්න ඕනේ... :D @ අදෘශ්‍යමාන මිනිසා : දෙවන ලිපිය දැම්මා... පිපාසය සංසිදෙන්න ඇති නේද ?? ;) @ Damith : මොනවා අහනවද ? ඇඟ හිරි වැටිලා ආයෙත් හිරි වැටෙනවා ..!! :D @ Thaths : දෙවන කොටස දැම්මා කොලුවා !! @ අමිල : ඔයා ඔහොම කිව්වට අපි හැමෝමත් හරියට නොදන්න ගොඩාක් දේවල් ජාත්‍යන්තරය අපෙන් වසන් කරනවා... ඒ ගැන අපිට කරන්න දෙයක් නෑනේ.. අනික මේකත් මතක තියාගන්න, බුදු දහම කොතනකදීවත් අන්‍ය ආගම් වලට හිරිහැරයක් වන අයුරින් කටයුතු කිරීම අනුමත කරන්නේ නෑ... අනිත් එකේ පෘථිවියේ ආගම් යුද්ධයක් ඇතිකිරීම අනවශ්‍යයි... අනිත් එක තලේබාන් ලා ඉස්සරහා දණ ගහනවා කියන එක කොහෙත්ම ගැලපෙන්නේ නෑ... දෙවන ලිපියේ උදාහරණය හොඳටම ඇති ... (හයිඩ්‍රජන් බෝම්බය මානව සංහතිය සතු බිහිසුණුම සමූල ඝාතක අවියයි. එය ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සතු වන අතර එහි එක් පහරකින් "අරය" කිලෝමීටර 100ක් පමණ වන වෘත්තයක් තුළ බිහිසුණු විනාශයක් කළ හැක.. ) ඉතින් යාලුවා ඇමරිකාවට ඇෆ්ගනිස්ථානය කියන එක ලෝක සිතියමෙනුත් මකන්න පුලුවන් බව හොඳට මතක තියාගන්න.... අනිත් එක ඇෆ්ගනිස්ථානයෙන් බුදු පිළිම හමුවෙලා තියන බව අමතක කරන්න එපා...... ඒක නිසා ඇෆ්ගනිස්ථානය රැකිලා තියනවද කියන එක මතභේදයකට තුඩු දෙන කරුණක් ... මේකයි මම අපි නොදන්න හස්තයක් මෙතන ක්‍රියාත්මක වෙනවා කියන්නේ... ඒක මොකක්ද කියලා කියන්න නම් මම දන්නේ නෑ... @ Prasad : ඔයා Stephen Hawking මහාචාර්යවරයා ගැන නොදන්න බවයි පේන්නේ... නමින් නොදන්නවා උනාට පෙනුමෙන් දන්නවා විය හැකියි... මේක බලන්න ... http://en.wikipedia.org/wiki/Stephen_Hawking මේ ලින්ක් එක බලන්න... මේ වගේ තවත් ගොඩාක් ඒවා තියනවා... මේ එකක් විතරයි... http://www.timesonline.co.uk/tol/news/science/space/article7107207.ece (මේ මහාචාර්ය වරයා පැහැදිලිව කියලා තියනවා පිටසක්වල ජීවීන් සමඟ සන්නිවේදනය කරන්න එපා කියලා) @ Searching : වැරදි කා අතිනුත් වෙනවා... මේ ලිපියේ සුලු සුලු (ඉතාමත් සුලු) අඩුපාඩු ඇති ... නමුත් මම මේ ලිපිය මේ අයියාගෙන් අහලා ප්‍රසිද්ධ කලේ හුදෙක් ජනතාවගේ දැනගැනීම පිණිසයි.... මෙය ඉතා වටිනා ලිපියක්!! එය අවිවාදාත්මකයි !! :) @ හසිත ජයසූරිය : අනිවා !! කියෙව්ව එකත් ලොකු දෙයක් .. උඹ විද්‍යාත්මක ලිපි කියවනවා කියලා අදනේ දන්නේ මල්ලි ... :D @ මනුශා ජයතිලක : මේ බව ලිපියේ තියනවානේ අක්කේ... "හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි…" අනිත් එක ඔයා තාම පොඩි වැඩියි මේ ගැන හොයන්න ... හික්z! ;) ;) ;)
අමිල said... [Reply to comment]
[Q]ඔයා ඔහොම කිව්වට අපි හැමෝමත් හරියට නොදන්න ගොඩාක් දේවල් ජාත්‍යන්තරය අපෙන් වසන් කරනවා… ඒ ගැන අපිට කරන්න දෙයක් නෑනේ.. අනික මේකත් මතක තියාගන්න, බුදු දහම කොතනකදීවත් අන්‍ය ආගම් වලට හිරිහැරයක් වන අයුරින් කටයුතු කිරීම අනුමත කරන්නේ නෑ… අනිත් එකේ පෘථිවියේ ආගම් යුද්ධයක් ඇතිකිරීම අනවශ්‍යයි… අනිත් එක තලේබාන් ලා ඉස්සරහා දණ ගහනවා කියන එක කොහෙත්ම ගැලපෙන්නේ නෑ…[/Q] යුද්ධයක් අනවශ්‍යනම් කරන්න ඕනා යුද්ධය නවත්වන එක නෙවේද? මම කතා කරන්නෙ ඔයාගෙ ලිපියේ බුද්ධාගම ගැන කරුණු නෙවෙයි වරදවා වටහා නොගන්න. [Q] අනිත් එක ඇෆ්ගනිස්ථානයෙන් බුදු පිළිම හමුවෙලා තියන බව අමතක කරන්න එපා…… ඒක නිසා ඇෆ්ගනිස්ථානය රැකිලා තියනවද කියන එක මතභේදයකට තුඩු දෙන කරුණක් …[/Q] මචං ඇෆ්ගනිස්ථානයේ ඔය කියන විදියට බුද්ධාගම රැකෙන්න ඕනානම් තලේබාන් ලා අතුගාලා දැම්මනම් ඉවරනේ. මොකද උන් මුස්ලිම්නේ. පරමාණු බෝම්බය තියෙනවා. මම නෑ කියන්නෙ නෑ මම කියන්නෙ උන්ගේ ඔය කියන තරම් තාක්ෂනයක් නෑ. ඕවා නිකන්ම නිකන් ප්‍රචාරණ උපක්‍රම. වියට්නාම් යුද්ධය, ඇෆ්ගනිස්ථාන යුද්ධය හා ඉරාක යුද්ධය ගැන හිතලා බලන්න. තලේබාන්ලව, සදාම් හුසේන් ව හැදුවෙ කවුද? සර්ප පැටවුන්ට කිරි පෙව්වොත් උන් දෂ්ඨ කරන බව අමතක වුනා. දැන් උන් දෂ්ඨ කරනවා. :P
Bhagya රාජපක්ෂ said... [Reply to comment]
ඇමරිකාවේ ශක්තිය ගැන යම් කෙනෙක් ප්‍රශ්ණ කරනවා නම් මුලින්ම කියන්න ඕන මේ ලිපියේ අරමුණ ඇමරිකාව මොන තරම් ශක්තිමත්ද කීම නෙමේ, මෙහි අරමුණ බුදුන් වහන්සේගේ විශ්වනීයත්වය උළුප්පා පෙන්වීම...ඒ නිසා ඇමරිකාව විවේචනය කරන දේශපාලනික මානසිකත්වයෙන් මේ දෙස බැලීම හරියට දළදා පෙරහැරේ ගිනි බෝල කරුවා තුළින් මුළු පෙරහැරම දකින්න උත්සාහ කරනවා වගේ සීමා සහිත වැඩක්..මෙතන කේන්ද්‍රස්ථානය ඇමරිකාව නෙමේ බුදු රජාණන් වහන්සේ...ඒ නිසා කියන දේ නිවැරදිව ග්‍රහණය කර ගන්න... අනිත් කරුණ ඒරියා 51 වගේ ශක්ති ප්‍රභවයක් තියා ගෙන ඇමරිකාව තලෙයිබාන් වරුන් ලඟ, ඒ වගේම ඉරාක යුද්ධයේදී, සටන් නිමා කර ගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා කියල කවුරු හරි කියනවා නම් මෙන්න මේක මතක තියා ගන්න...ඇමරිකාව පාලනය කරන යුදෙව්, සහ කිතුණු බල වේග තම අංක එකේ සතුරා වන ඉස්ලාම් ලෝකය පාලනයකින් තොරව වැඩෙන්න ඉඩ නොදී, එහි අස්ථාවරත්වය, යුධමය පරිසරය, සහ ඒ ඔස්සේ තම හමුදා ඉස්ලාම් කේන්ද්‍රයේ පවත්වා ගැනීම කියන ඉලක්ක ටික විතරයි ඔය යුද්ධ දෙකෙන්ම බලා පොරොත්තු වෙන්නේ .... ඔවුන්ට උවමනා ඉස්ලාම් ලෝකය නිදහසේ වැඩෙන්න, නිදහසේ හිතන්නට නොදී කලබල කාරී වටපිටාවක් තුළ තම ග්‍රහණයේ තියා ගන්න..මේ දිගු කාලීන ඉලක්ක ඔවුන් දැනට සපුරා ගෙන තියෙනවද? නැද්ද? කියන එක කල්පනා කරලා බලන්න..ඇමරිකාව ඉස්ලාම් ලෝකය තමන්ට ඕන තැන නියමාකාරයෙන් තියා ගෙන ඉන්නවා..ඒ කියන්නේ යුධ බියෙන් මිරිකුණු, අන්තිම අස්ථාවර, සැලසුමක් කරන්න පසුබිමක් නැති, බිහිසුණු, එකිනෙකා කොටා ගන්නා රාමුවක...යුද්ධ දෙකේම යටි ඉලක්ක අන්තිම සාර්ථකයි.... :) (කොටින්ම කියනවනම් දැන් ඉස්ලාම් ආගම අදහන රටවල් අතරත් ගැටුම්) අපේ ලිපි ලාමකයි කියලා කියන මහත්මයාට එතුමාගේ අදහස දැරීමට පූර්ණ ඉඩ කඩ දෙන්න... එතුමා ඇතැම් විට මාර්ග ඵලයක් එහෙම ලබා ගත්ත කෙනෙක් වෙන්න ඇති... :D
dilhan said... [Reply to comment]
nwy nice wrk bro..keep it up!!!!
kolu said... [Reply to comment]
නියමයී. ලංකාවෙත් ඇහැලිය ගොඩ පැත්තේ කැලේක තියනවා ඔය වාගේ තැනක්. එතන තමයී පිටසක්වල ජීවින් ඇවිල්ල පරීක්ශන පවත්වන්නේ. අපේ අයට කිව්වාට විස්වාස කරන්නේ නැහැ, දන්නවානේ ලංකාවේ කට්ටිය. ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඇමරිකාවට තමයී ඔක්කොම කියලා. ඔය ඇහලියගොඩ රහසි ගත කලාපෙන් තමයි අපේ හමුදාවට කොටින්ට ගහන හැටි කියලා දුන්නේ. ඒ තාක්ශණයෙන් ගහලා තමයී එකම සාමාණව වැසියෙකුවන් නොමෙරෙන විදිහට අපි යුද්ද දිනුවේ. ඇමරිකාවේ ඉන්නා පිටසක්වල ජීවීන්, ඇහැලිය ගොඩ කට්ටිය තරම් දියුනු නැහැ. ඒකයී ඇමරිකාවට තාම බින් ලාඩන්ව අල්ලා ගන්නත් බැරි වෙලා තියෙන්නේ. මලයගේ ලිපිය මරු. පොඩි වැරැද්දකට තියෙන්නේ, ස්ටීවන් හෝකින් අහම කීවා, මෙහෙම කීවා, කියලා පොඩි පොඩි මුසා වාද ටිකක් කියපු එකයී. හැබැයී ඉතින් බුද්දාගම වෙනුවෙන්නේ. පව් නෑ හොදේ!
කි.අප්පුහාමි said... [Reply to comment]
ලිපිය නම් ඉතා රසවත්. මම මෙය විවේචනය කරන්න යන්නෑ. නමුත් එක දෙයක් කියන්නම්. මෙම ශ්‍රී සද්ධර්මය ස්වාකාත වූ අකාලික ධර්මයකි. මෙය ලොකයේ කිසිවක් සමග සංසන්දනය කල නොහැකි තරමේ ශ්‍රේෂ්ඨ ධර්මයකි. එම නිසා විද්‍යාව සමග ගැලපීම එම ධර්මයට හානී දායක විය හැක. නමුත් ඔබ බොහෝ පරිස්සමට එය කර තිබෙනවා. ඉදිරියටත් එය එසේ කරාවියයි මා සිතනවා. තෙරුවන් සරණයි.
Anonymous said... [Reply to comment]
මේක අැත්තටම විඩියෝ එකකින් කොපි කරපු පොස්ට් එකක් මෙන්න ලින්ක් එක http://www.youtube.com/watch?v=WlOhNUzoPdU
Bhagya රාජපක්ෂ said... [Reply to comment]
@kolu මේ ගැන සොයා බැලිය යුතුයි... මේ ගැන් දැනුවත් කිරීම ගැන ස්තුතියි ! මේ ලිපියේ අර ස්ටීවන් මහත්තය මෙහෙම කිව්වාය කියන එක මුසාවාදයක්ද නැත්ත කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ... එතකොටම තේරෙයි !! සෙල්ලම් නෙමෙයි කොලුවා.. ඔයා එම හැප්පෙන්න යන්නේ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් එක්ක !! ඉහි ඉහි !! :p @කි.අප්පුහාමි ස්තුතියි !! තෙරුවන් සරණයි !! @Anonymous ඕකනේ කියන්නේ ඇනෝනි මැස්සොන්ව මට පෙන්නන්න බෑ කියලා... මේ වීඩියෝ එක හදපු අයියව මම පෞද්ගලිකව දන්නවා... එයා මේ වීඩියෝ එක හැදුවෙ මේ ලිපිය ලියපු අයියගෙනුත් අහලා... ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න මම ඔප්පු කරලත් පෙන්නන්නම්.. :) මම මේ ලිපිය දැම්මෙත් මේක ලියපු අයියගෙන් අහලා... මම කලිනුත් කිව්වනේ මේ ලිපිය දැම්මේ හුදෙක් කියවන්නන්ගේ දැන ගැනීම පිණිස කියලා....
Ashen said... [Reply to comment]
ඒ කියන්නෙ Area 51 එකට දෙවියොත් වඩිනවා ? O.o
kanishka said... [Reply to comment]
ela ela elama kiri.... mamath me bawana karanna yanna kiyala hitha hitha hitiye... elama thamai
nikama said... [Reply to comment]
ඔය video එකත් මේ ලිපියෙත්, දෙකේම නැත්තේ මුලාශ්‍ර පිළිබද සදහන් වීමක්. කරුණාකර ඔබගේ සහෝදරයාගෙන් මුලාශ්‍ර පිළිබද විමසන්න. නෙත්තම් ඉතින් මටත් ඔය වගෙය් ලස්සන කතාවක් හදල දාන්ඩපුළුවන්.
Anonymous said... [Reply to comment]
නියම ම කාරනාව වෙන්නෙ බුදු රජාණන් වහන්සේ දේශණා කොට තිබෙනවා ලෝක විශය අචින්ත්‍යයි කියලා. ඒ උන්වහන්සේ එහෙම කිව්වේ අපිට දියයුතු සියල්ලම දීල. ඒව ගැන හොයපල්ලා හම්බ නොවෙන දේවල් ගැන සිතන්නේ නැතුව කියල. මම හිතනවා මීට වඩා බුදු රජාණන් වහන්සේ දේශනා කල නියම ම බුද්ධ වනය ඔබ සොයනවා නම්. මොකද එබ ඔය කියන ජීවී කොටස ගැන බුද්ධ දේශණා වල තියනවා ඒක දීර්ඝ විස්තරයක්. උන් වහන්සේ ගේ පලමු ධර්ම දේශනා වේ දී ඔබ කියන ලෝක සියල්ලම කම්පා උනා කියලා දේශනාවේ තියනවා. ඒවගේම තවත් බොහෝ ලෝක තියනවා ඔය විද්‍යාඥයින්ට හිතාගන්න බැරි. ඒ සේරම ගැන බුදුරජාණන් වහන්සේ කියල තියනවා. ආයේ බෙල්ල කඩාගෙන පන දාගෙන හො‍යන්න කිසිම දෙයක්නෑ සියල්ල ම පිරිසිදුව තියනවා. ඔය විද්‍යාඥයින් ඔය දේවලට වියදම් කරන මුදල් අහිංසක රටවල් වල ආර්ථිකය ගොඩගන්න (අඩුම තරමේ බංකොලොත් උන තමන්ගේ රට)වියදම් කලානම් ‍මේ ලෝකෙ මීට වඩා හොද තැනක් වේවි. අමතක කරන්න එපා ‍ඔය ලෝක ගැන හොයන විද්‍යාඥයින් බාගෙට බාගයක් දෙවියන් වහන්සේ විසින් අහසත් පොලොවත් මැවූ සේක. කියන දේ විශ්වාස කරගෙන ඉන්න අය කියලා.
bravelion007 said... [Reply to comment]
මෙහෙමයි, ඔය කියන වීඩියෝ එක හැදුවේ මමයි. ඒ වීඩියෝ එක දමිත් අයියගේ අවසරය ඇතුව එයාගේ නෝට් එකෙන් බලාගෙන හැදුව එකක් මිසක්, වීඩියෝ එක බලාගෙන දමිත් අයියා නෝට් එක ලිවුවේ නැහැ. අනිත් එක මෙතන වැදගත් වෙන්නේ මේකේ අඩංගු කරුණුයි, ඒ කරුණු අපගේ දැණුමට එකතු කරගැනීමයි.- wenupriya1
Anonymous said... [Reply to comment]
thanikarama mano vikarayak...any way nice stoty...obata katha gethime hoda hakiyawak atha...eth kathawa hodin galapala gothanna amathaka karanna epa... keep it up bro...
සසඳ said... [Reply to comment]
මෙතන මෙහෙම දෙයකුත් තියෙනව. කොන්දක් නැති, අනන්‍යතාවයක් නැති උන් හැන්ගිලා පහර දෙනව. අද ලංකාවෙ තියෙනවනෙ අධිරාජ්‍යවාදීන්ගෙන් උපුටාගත් මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් වගේ කෙහෙල්මල් අල්ලගෙන දුවන පරගැතියො සෙට් එකක්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනෙ. අපේ ලංකාවෙ මුතුන් මිත්තො මේ තරම් දුරකට මේ රට අරන් ආවෙත්, අපිව අද ඉන්න තත්වෙට පත් කලෙත් ඔය කෙහෙල්මල් වලින් නෙවි කියන එක. ලංකාවෙ එදා ඉදන් තිබුනෙ පීතෲ මූලික සමාජයක්. අවසානයෙ එක දෙයක් කියන්න ඕන, අනිත් හැම ආගමක්ම එකතුවෙල අපේ පිරිසිදු බුදුදහමයි, අපේ මේ ලස්සන රටයි විනාශ කරන්න හදනව. අපෙ කොල්ලෙක් ලියන ලිපියක්වත් අගය නොකර, ඌට දිරිගැන්වීමක් නොකර කාලකන්නි ටිකක් විවේචන දෙනව,. සහෝ උඹ තව ලියපන්. අඩුපාඩුත් හදාගෙන ලියපන්. සිංහලකම තියෙන ගමේ කොල්ලො තවමත් ඕන තරම් මේ ලංකාවෙ ඉන්නව. උන් උඹට පපු කැවුත්තත් දෙයි. යන්නේ හරි පාරෙනම් ගල් මුල් ගැන හිතන්න එපා. ඒවට සැලෙන්නත් එපා. මොකද සම්මා සම්බුදු බුදු පියාණන්ටත් ගල්-මුල්-මඩ ප්‍රහාර ආවනම්, පෘථක්ජන අපි ගැන මොන කතාද...?. ජය
Jehan said... [Reply to comment]
බලන්නකො Stargate SG1. එතකොට පිටසක්වල ජීවීන් ඉන්නබව හොඳටම ඔප්පු වෙයි. Area 51 ගැනත් ඒකෙන් මාර රහස් එලි කරලා තියෙන්නෙ. හොකින් ගොයියා ගැන කියපු කතාව තමයි එළ.
Anonymous said... [Reply to comment]
නිකම් මෝඩ කතා කීමෙන් බුද්ධාගම හෑල්ලු නොකරන මෙන් ඉල්ලා සිටිමි. -No Frames-
Anonymous said... [Reply to comment]
ඇහැලිය ගොඩ පැත්තේ කැලේක ඇති පිටසක්වල ජීවින් පරීක්ශන පවත්වන ස්තානය සින්හල බ්ලොග් එකකින් වුව ප්‍රසිද්ද කිරිම රටෙ ආරක්ශාව අනතුරෙ හෙලිමක් බව අපෙගෙ අදහසය්. රාවන රජුගෙ දඩුමොනරය සගවා ඇති මෙන්ම නීල මහා යොදයගෙ යගදාව(මුහුද දෙබැකල ) වැනි අති තාක්ශනික නවීන විද්යා වටපවා කල නොහැකි පුරාන සින්හල දෙ ගැන බටහිර ඔත්තුසෙවා සෙවෙමන් පසුවන නිසා එවැනි ප්‍රකශ කිරිමෙදී වඩාත් පරිස්සම් වන ලෙස ඉල්ලා සිටිමු.
Charmi said... [Reply to comment]
ඇහැලියගොඩ පළාතේ වනගත ප්‍රදේශයක සිදුවන පිටසක්වල ජීවීන්ගේ මෙම අද්භූත ක්‍රියාකාරකම් පිළිබඳව මටද දැනගන්නට ලැබුනා. ඇතැම් විට මෙම වනාන්තරය අවට ගම් වාසීන් සාමූහිකව මෙම තොරතුරු පිටතට හෙලි නොකරනවා විය හැකියි. සාමූහික ජන කොට්ඨාශයකට මෙවන් අවිඥානික බලපැම් සිදුවූ අවස්ථා ගැන බටහිර රටවලින් පවා තොරතුරු ලැබී ඇති හෙයින් අපද ප්‍රවේශම් විය යුතුයි. යුද්ධයට අදාලව කොලූ සඳහන් කල කරුණ මෙන්ම කිසිදු කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයකට පවා අසු නොවූ, පසුගියදා කොළඹට ඇදහැළුන අනපේක්ෂිත ධාරානිපාත වර්ෂාවටද මෙම ස්ථානයේ සිදුවන පරීක්ෂණ වල යම් බලපෑමක් තිබේදැයි සෙවිය යුතුයි.
Anonymous said... [Reply to comment]
Mamath Rathnapura kenek. Aheliyagoda siddiya gana mehema sinhala blog ekaka liveema mamath hela dakinawa. Apita ape rata jathiya vadagath.
ෆැන්ටසි said... [Reply to comment]
සොයා බැලීමට සිතුනි .දැනුවත් කිරීම ගැන ස්තුතියි !!!!
Astro Boy said... [Reply to comment]
හනේ හපොයි. මෙහෙමත් ලිපි. බ්ලොග් එකකින් මේ වගේ ලිපියක් දැක්ක මයි. මේක ගැන කියල වැඩක් නෑ. කියන්න වචනත් නෑ. මාර ලිපියක්. ශ්‍රේෂ්ඨයි. නියමායි. ඒරියා 51 එකේ මේ වගේ දේවල් වෙනව කියල මම අදනෙ දන්නෙ ! මාරයි.
Anonymous said... [Reply to comment]
මේ බයිලා නැතුව හරි බුද්ධ දර්මය ගැන බ්ලොග් එකක් දැම්ම නං පින්











.