This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, April 30, 2013

ලංකාවේ මලය තෙරුන්ට මුණගැසුණු මෛත්‍රී බෝසතුන්

ලංකාවේ මලය තෙරුන්ට මුණගැසුණු මෛත්‍රී බෝසතුන් 

ඈත අතීතයේ රෝහණ දේශයේ කම්බෝජ කියන ගමේ බොහොම සිල්වත් ගුණවත් වගේම ධ්‍යානලාභී භික්ෂූන් වහන්සේ නමක් වාසය කළා මලය මහ තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණු.

දවසක් දවල් දානය ලබාගන්න පිණ්ඩපාතයේ වැඩම කරපු මලය හාමුදුරුවෝ දැකපු මානෙල් මල් කඩන්න ගිය මනුස්සයෙක් තමන් ගාව තිබුණු මානෙල් මල් මිටි 8 ක් හාමුදුරුවන්ට පූජා කළා.

ඒ එක මල් මිටියක මානෙල් මල් 16 ක් පමණ තිබුණා. මේ මානෙල් මල් මිටි අටේ දඬු පාත්‍රය ඇතුළට තිබෙන විදිහට තබාගත්තු මලිය හාමුදුරුවන්ට මේ මානෙල් මල්වල තිබුණු සුවඳත් ඒ වගේම දැකුම්කළු සොබාවයත් එක්ක අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියක් ඇතිවෙනවා.
ඒ නිසාම උන්වහන්සේ කල්පනා කරනවා මේ මල් සෑගිරියට පූජා කරනවද ? රුවන්මැලි සෑයට පූජා කරනවද ? එහෙමත් නැත්නම් ශ්‍රී මහා බෝධියට පූජා කරනවාද කියලා.

අවසානයේදී උන්වහන්සේ තීරණය කරනවා මේ මානෙල් මල් බුදු හාමුදුරුවන්ගේ දකුණු දළදාව වගේම සිදුහත් කුමාරයා තවුස් වෙස් ගන්න කලින් කපන ලද කේශ ධාතු තැන්පත් කරලා තියෙන තව්තිසා දිව්‍ය ලෝකයේ "සිළුමිණි" සෑයට පූජා කරන්න.
බුද්ධාලම්භන ප්‍රීතියත් එක්ක ක්ෂණිකව අහසට වඩින මලිය හාමුදුරුවෝ සුලු වේලාවකින් තව්තිසා දිව්‍ය ලෝකයේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ මාළිගාව වෙන වෛජන්ති ප්‍රාසාදය ඉදිරියට වැඩම කරවනවා. පස්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න වැඩම කරනවා.

යොදුනක වට ප්‍රමාණය තියෙන මේ සුවිශාල සිළුමිණි සෑය වන්දනා කරපු මලිය හාමුදුරුවෝ සෑ මළුවේ ඉද්දී ශක්‍ර දේවේන්ද්‍රයා ඇවිත් උන්වහන්සේට නමස්කාර කරනවා.

උන්වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් අහනවා "ශක්‍ර දෙව් රජතුමනි, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න දැන් මෙහි පැමිණෙනවාද?" කියලා

ශක්‍ර දේවේන්ද්‍රයා පිළිතුරු දෙනවා "ස්වාමිනී, මෛත්‍රී බෝසතාණන් වහන්සේ මසකට සිව් වරක් සිළුමිණි සෑය වන්දනා කරන්න පැමිණෙනවා. අදත් එවැනි දිනයක්. ඔබවහන්සේ මඳක් රැඳී සිට බෝසතුන්වත් හමුවෙන්න" කියලා

ටික වේලාවකින් බලසම්පන්න දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක සෑ මළුවට පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ අතීතයේ අනුරාධපුරයේ ඇඳුම් මැසීමෙන් ජීවත් වුණු බොහොම පින් කරපු සන්නාලියෙක් කියලා.

ඊළඟට තවත් දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ අතීතයේ ලංකාවේ හරිතාලගම හිටිය මහා දානපති හරිතාල තිස්ස කියලා.
ඊළඟට තවත් දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒකාවන්තිස්ස මහ රජතුමාගේ දෙවෙනි පුත්‍රයා වුණු සද්ධාතිස්ස මහ රජතුමා කියලා.

හතරවෙනියට බොහොම ප්‍රභාෂ්වර දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ අහනවා ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා. ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ සම්බුදු සසුනට අසීමිත මෙහෙයක් කරපු දුටුගැමුණු මහ රජතුමා කියලා.


වසාන වශයෙන් දිව්‍ය සේනාවක් පිරිවරාගෙන බොහොම ප්‍රභාෂ්වරව මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතැනට පැමිණෙනවා.

මලය හාමුදුරුවෝ දැකපු බෝසතුන් උන්වහන්සේගෙන් මෙහෙම අහනවා "ඔබවහන්සේ කුමන රටකින් වැඩියාද? කියලා. මලය හාමුදුරුවෝ පිළිතුරු දෙනවා තමන්වහන්සේ ලංකාද්වීපයේ ඉදන් වැඩම කළා කියලා.

ඊට පස්සේ ලංකාද්වීපයේ වැසියන්ගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා මෛත්‍රී බෝසතුන් අහපුවාම මලය හාමුදුරුවෝ කියනවා "මෛත්‍රී බෝසතාණන් වහන්ස, ඔබ වහන්සේ බුදුවන සමයෙහි ඒ බුදුන් දැක නිවන් දකිම්වා කියලා තමා සියල්ලෝම ප්‍රාර්ථනා කරන්නේ" කියලා.

ඒක අහපු මෛත්‍රී බෝසතුන් සන්තෝෂයට පත්වෙලා "මේ මහා භද්‍ර කල්පයේ පස්වෙනි ලොවුතුරා බුදුවරයා බවට පත්වෙලා සසර දුකින් පෙළෙන් සත්වයන් එතෙර කරමි" කියලා ප්‍රකාශ කරලා සිළුමිණි සෑය වන්දනා කරලා තමන්ගේ දිව්‍යමය පිරිසත් එක්ක තුසිත දෙව්ලොව බලා පිටත් වෙනවා. මලය හාමුදුරුවෝත් සෘද්ධි බලයෙන්ම කම්බෝජ ගමට වැඩම කරනවා.
සීහලවත්ථු කතාවෙන් මේ කතාව උපුටාගෙන කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ සකස් කරපු මෛත්‍රී බුදු පියාණෝ කියන කෘතියෙන් තමා මේ කතාව උපුටා ගත්තේ.

කොහොම නමුත් අවසාන වශයෙන් කියන්න ඕනේ බුදුන් වහන්සේ දුටු පමණින් නිවන් අවබෝධ කරගන්න බැහැ කියන එකයි.
බුද්ධ කාලීනව සිටිය වක්ඛලී කියන තරුණයා බුදුන් වහන්සේගේ අසිරිමත් බුද්ධකාය දැකලා හැමදාම බුදුන් වහන්සේ පිණ්ඩපාතය වඩින වෙලාවට පාරට වෙලා ඉන්න පටන් ගත්තා. ඊළඟට ඒකත් මදිවෙලා බුදුන් වහන්සේ වැඩ වසන ආරාමයේ පැවිදි වෙලා බුදුන් වහන්සේ දිහා බලන්න ඉන්න පටන් ගත්තා.

අවසානයේදී බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්ට දේශනා කරනවා "කිං තෙ වක්ඛලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො වක්ඛලී ධම්මං පස්සති සො මං පස්සති, යො මං පස්සති සෝ මං පස්සති"

ඒ කියන්නේ "ඇයි වක්ඛලී මාගේ මේ කුණු සිරුර දිහා බලාගෙන ඉන්නේ. වක්ඛලී ධර්මය දකින්නා මා [බුදුන්] දකියි. මා [බුදුන්] දකින්නා ධර්මය දකියි" කියලා

මේ අවවාදය අහපු වක්ඛලී හාමුදුරුවෝ බුදුන් වහන්සේ තමන්ට බැණ වැදුණා කියලා අතිශය කම්පා වෙලා ගිජ්ඣකූඨ පර්වතයට නගිනවා ඒක උඩින් පැනලා සිය දිවි නසාගන්න හිතලා. ගිජ්ඣකූඨය මුදුනින් බිමට පනින වක්ඛලී හාමුදුරුවන්ව බුදු හාමුදුරුවන්ගේ මහා කරුණා ඇසට හසුවෙලා උන්වහන්සේ සෘද්ධිමය බුදු රුවක් ඒ අසළ මවනවා.

ඒ අවස්ථාවේදී බිමට පතිත වෙමින් හිටිය වක්ඛලී හාමුදුරුවන්ට කතා කරන සෘද්ධිමය බුදු රුව "වක්ඛලී, මගේ අත ගන්න" කියලා ප්‍රකාශ කිරීමත් එක්ක බුද්ධාලම්භන ප්‍රීතියත් එක්කම වක්ඛලී හාමුදුරුවන්ගේ සිතේ ඇතිවන අධික ආකාරවතී ශ්‍රද්ධාවත් එක්කම උන්වහන්සේ උතුම් වූ රහත් බවට පත්වෙනවා.

අවසානයේදී තමන් වහන්සේගේ සෘද්ධිමය බලයෙන් වක්ඛලී හාමුදුරුවෝ බිමට වැඩම කරනවා.
ඉතින් ඒක නිසා බුදුන් වහන්සේ දුටු පමණින් ධර්මය අවබෝධ කරගන්න නොහැකි බවත් අපි වටහා ගන්න ඕනේ

Wednesday, September 5, 2012

මයාවරුන්ගේ දෙවැනි පාකල් අධිරාජ්‍යයා



මයාවරුන්ගේ දෙවැනි පාකල් අධිරාජ්‍යයා ඔවුන්ගේ ඉතිහාසයේ සිටි විශිෂ්ටතම දැනුම් සම්භාරයකින් යුතුවූ අධිරාජ්‍යා බව සඳහන්වේ. ඔහු රජකම් කරන ලද්දේ ක්‍රි.ව 615 සිට 683 දක්වා කාලයේදීය. ඔහු සතුව තිබූ තරකා විද්‍යාත්මක හා ගණිතමය දැනුම නිසාම බොහෝ උගතුන් හා ශාස්තෘවරුන් මෙන්ම පුජකයින් ද ඔහුට බොහෝ ගෞරව කළ බව සඳහන්ය. සුර්ය යුගයන් පිළිබඳ මයාවරුන්ගේ ශිෂ්ටාචාරයේ ලෝකයේ කාලනීර්ණය සිදුවන අකාරය හෙළිකරන එක්තරා ගණිතමය ක්‍රමයකි. සූර්ය යුගයන් පහකට පසු එළඹෙන 6 වන සූර්ය යුගය ඔවුන් හැදින්වුයේ ඉතාමත් සෞභාග්‍ය සම්පන්න හා දිව්‍යමය ගුණයන්ගෙන් ආශිර්වාද ලද යුගයක් ලෙසය. පාකල් අධිරාජ්‍යයාගේ අනාවැකි තුළද මේ 6 වන සූර්ය යුගය පිළිබඳ සටහන්ව ඇත. පාකල් අධිරාජ්‍යයා යුගයක අවසානය පිළිබඳව පවසා ඇති අනාවැකි හත මෙහිදී සුවිශේෂි වේ. කාල නීර්ණයට අනුව පස් වන සූර්ය යුගය නිමා වන්නෙ වසර 2012 දීය. ඉන් පසු උදාවන්නේ 6 වන සූර්ය යුගය නැතහොත් ලෝකයට ඉතාමත් සුභදායිවූ යුගයයි.

මේ ඔහුගේ අනාවැකි හතයි,

1 වන අනාවැකිය

ක්‍රි.ව 1992 සිට 2012 දක්වා කාලයේදී මිනිසුන් තමන් පැමිණි ගමන දෙස අපසු හැරී බැලීමට උත්සාහ දරනු ඇත. එය සතර පැත්තෙන් කන්නාඩි සවි කළ කාමරයක සිටීමක් බඳුය. මිනිස් වර්ගයාගේ ජිවිත වෙනත් මාර්ගයකට යොමුවීම මෙහිදී සිදුවේ. මෙම අවසන් දශක දෙක තුළ මිනිසුන් අධ්‍යාත්මික‍ව දියුණු වීමට මාර්ග සොයනු ඇත.

2 වන අනාවැකිය

1991 අගොස්තු 11 වනදා සූර්ය ග්‍රහණයක් සිදුවනු ඇත.(මෙම අනාවැකිය එලෙසින්ම සුදුවිය) මේ නිසා ලෝකයේ යුධ ගැටුම් හා ස්වභාවික විපත් හා අරගල හටගනු ඇත. මෙම කාලය මිනිසුන්ගේ මනුෂ්‍යත්වය උරගා බලන කාලයකි. ස්වර්ණමය යුගයක් කරා යාමට එයින් පසුබිම සැලසෙනු ඇත.

3 වන අනාවැකිය

1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත. එමෙන්ම මෙම කාලයේදී පථිවියේ භ්‍රමණ වේගයද අඩුවනු ඇත.

4 වන අනාවැකිය

ධ්‍රැවාසන්න ප්‍රදේශ වල අයිස් දිය වීම, සූර්ය කුණාටු ඇති වීම, ගිණිකදු පිපිරීම වැනි විපත් ඉහළ යා හැකිය. ස්වභාවික සමතුලිතතාවය බිඳ වැටීම නිසා ලෝකයට ප්‍රබල හානියක් සිදුවිය හැක.

5 වන අනාවැකිය

බිය සහ අත්මාර්ථය මුල් කරගත් මිනිස් ජිවිත තම රටාව වෙනස් කර පරාර්ථකාමී ජිවන රටාවකට යොමු වනු ඇත. පරිසරයේ සමතුලිතතාවය සුරැකෙනු ඇත. මිනිසුන් අධ්‍යාත්මිකව දියුණු වනු ඇත.

6 වන අනාවැකිය

විශාල ග්‍රාහකයක් පෘථිවිය සමඟ ගැටීමට ඉඩ ඇත. එහෙත් මිනිස් වර්ගයාගේ දැනුමින් හා මානසික ශක්තියෙන් එම ග්‍රහකයේ ගමන් මග වෙනස් විය හැක.

7 වන අනාවැකිය

යුගයක නිමාවෙන් පසු එළඹෙන වඩාත් යහපත් ලෝකයක අරම්භයයි. සූර්යා චක්‍රවාටයේ අන්ධකාරයෙන් මිදී, නව පිවිසුමකට එළඹෙනු ඇත. සූර්යා වෙත ක්ෂීරපථයෙන් බල සම්පන්න කිරණ සමුදායක් පැන නැගෙනු ඇත. එවා සුර්යා විසින් පෘථිවියට හරවා එවනු ඇත. එම කිරණ ලැබෙන පෘථිවිවාසි මිනිසුන් ශක්තිමත් හා දිව්‍යමය විඥානයක් සහිත මිනිසුන් බවට පත්වනු ඇත. පෘථිවි ආරම්භයේ දී සිටි මිනිසුන් මෙන්ම ඔවුන් අධ්‍යාත්මිකව දියුණුවී මිහිතලය මත සාමය යලිත් ස්ථාපනය කරනු ඇත.

මෙම අනාවැකි මගින් පාකල් අධිරාජ්‍යායා ප්‍රකාශ කරන්නේ වසර 2012 න් පසුව ලෝකයේ ජීවත් වන මිනිසුන් ප්‍රබල විපර්යාසයකට පත්වන බවය. අළුතින් නිර්මාණය වන එම යුගය කෙතරම් සුවිශේෂිය දැයි ඔහු පවසා ඇත. ඔහු පවසන ලෙසට පවතින සමාජ ක්‍රමය උඩුයටිකුරු කරමින් මෙම වෙනස සිදුවන්නේ නම් ලෝකයේ කිසිවෙක් එය ප්‍රතික්ෂේප කිරීමට තරම් මන්දබුද්ධිකයන් නොවනු ඇත.

Tuesday, August 28, 2012

පොළොව යටින් මතුවන අලුත් ලෝකය......

දශක ගණනාවක්‌ තිස්‌සේ එනම් අහස්‌ යාත්‍රාවල නැගී පෘථිවි කක්‍ෂයෙන් එපිටට ගොස්‌ පෘථිවියේ ඡායාරූප ගැනීමට පටන් ගත් දා සිට මනුෂ්‍යයා පෘථිවිය නිර්වචනය කළේ තමා අහසේ සිට පෘථිවියට සාපේක්‍ෂවය. පෘථිවි ගෝලයේ ඡායාරූපවලට අනුව උත්තර ධ්‍රැවයේ අයිස්‌ තට්‌ටුව මත විශාල විවරයක්‌ දක්‌නට තිබේ. පසු කාලයේදී විද්‍යාඥයන් සිකුරු ග්‍රහයා මත ද මේ ආකාරයේ විවරයක්‌ ඇති බව සොයා ගත්හ. මේ විවර තුළ
කුමක්‌ තිබිය හැකිද යන්න ගැන එදා පටන් විද්‍යාඥයෝ ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.

රුසියානු භෞතික විද්‍යාඥයකු වූ ෆෙදෝරේ නෙඩෙලින් නව භෞතික විද්‍යාව ලෙස හඳුන්වන සංකල්පයක්‌ ඉදිරිපත් කරන්නේ මේ අතරය. එය නව භූගෝල විද්‍යාවකි. මේ නව භූගෝල විද්‍යාවට අනුව පෘථිවිය තුළ තවත් අවකාශයක්‌, ග්‍රහවස්‌තුන් සහ සූර්යයෙක්‌ තිබිය හැකිය. අපේ පෘථිවිය සහ සෞරග්‍රහ මණ්‌ඩලය තවත් විශාල ග්‍රහ වස්‌තුවක්‌ මධ්‍යයෙහි පිහිටි "කට්‌ටලයක්‌" (SET) වීමට ඉඩ ඇත. මෙය ඔප්පුකර නැති සංකල්පයකි. එසේම මෙය නොවන බව කීමට ද කිසිවකුටත් නොහැක.

www.thewatcherfile.com නමැති වෙබ් අඩවියක්‌ අන්තර්ජාලයේ තිබේ. මෙහි එන විස්‌තරයක කියෑවෙන පරිදි මෙයට වසර කෝටි ගණනකට පෙර අපේ පෘථිවිය විශ්වය පුරා රස්‌තියාදු ගසමින් සිටි ශීතල ගුලියකි. පසුව සූර්යයාගේ බලපෑමට සහ විශ්වයේ ඇති විවිධ ශක්‌ති ප්‍රභේදවලට ලක්‌ වූ මේ ශීතල ගුලිය ගිනියම් වී ලාවා තත්ත්වයට පත්ව යළි ක්‍රමයෙන් සිසිල් වන්නට පටන් ගත්තේය. එවිට පෘථිවියට ඝන පිට පොත්තක්‌ ලැබිණි. මේ අතර එම පිට පොත්ත තුළ බුබුළු දමමින් තිබු ද්‍රව්‍ය වායු බවට පත් විය. උණුසුම් වූ කල වායු ප්‍රසාරණය වෙයි. මෙසේ ප්‍රසාරණය වූ වායුවලින් කොටසක්‌ පෘථිවිය හිල් කරගෙන අහස බලා ගියේය.

උත්තර ධ්‍රැවයේ ඇති විශාල විවරය මෙසේ වායු පිටව ගිය තැනකි. රුසියන් විද්‍යාඥ නෙඩෙලින් කියන්නේ වායු පිටව යැම නිසා පෘථිවිය තුළ හටගත් විවරය තුළ තවත් කුඩා සූර්යයෙක්‌ පැවතිය හැකි බවය. මේ සූර්යයා ස්‌වකීය උණුසුම පෘථිවියේ විවරවලින් පිටකරන බව නෙඩලින්ගේ අදහසය. සූර්යයා යනු ජීවයේ සම්භවයට මුලය. ඒ අනුව අපගේ පෘථිවිය අභ්‍යන්තරයේ ඇති සූර්යයා මූලික කරගෙන ජීවය පැවතීමට ද ඉඩ ඇති බව විද්‍යාඥ නෙඩෙලින්ගේ අදහස ය.

නෙඩෙලින්ගේ මේ අදහස උත්තර ධ්‍රැවයේ කඳවුරු බැඳ සිටින ඇමරිකන් හමුදා නිලධාරියකු විසින් ද තහවුරු කරනු ලැබ ඇත. මේ පිළිබඳව රහස්‌ වාර්තාවක්‌ සාදන ලද බවත් එය පසුගිය දිනවල පුවත්පත් වාර්තාකරුවන් කිහිපදෙනකු අතට පත්වූ බවත් දැන ගන්නට ඇත.

1947 ඇමරිකන් නාවික හමුදාවේ වයිස්‌ අද්මිරාල් රිචඩ් බර්ඩ් උත්තර ධ්‍රැවයේ පර්යේෂණ චාරිකාවක නිරත විය. ධ්‍රැවය මතින් ගමන් කරද්දී එහි තිබූ කහ සහ දම් පැහැති තිත් පෙළක්‌ සහ විශාල විවරයක්‌ ඔහුට දැක ගත හැකි විය. එම තිත් පෙළ වඩාත් හොඳින් බලා ගැනීම සඳහා යානය පහත් කරන විට කඳුපෙළක්‌ වැනි යමක්‌ දිස්‌ විය. එහිදී ඔහු දුටුවේ මිරිඟු දර්ශනයක්‌ බඳු වනාන්තර ගංගා තණ බිම් යනාදියයි. පියාසර කරන යාත්‍රා සහ පළිඟුවලින් සාදන ලද ගොඩනැගිලි සමූහයක්‌ ද ඔහු දුටුවේය. තමා අලුත් මහාද්වීපයක්‌ සොයා ගත් කොලොම්බස්‌ කෙනෙකුට සමාන බව ඔහුට සිතිණි. යානයේ තිබූ උෂ්ණත්ව මාපකය සෙල්සියස්‌ අංශක + 24 ට නැග ස්‌ථාවර විය. උත්තර ධ්‍රැවයේ මෙතරම් විශාල උණුසුමක්‌ තිබිය නොහැක. ඒ අතර යානයේ ගුවන් විදුලි හුවමාරු පද්ධතියද නැවතිණි.

ගුවන් නියමුවා ආපසු ගෙදර ආවේ සිහිය විකල් කරගෙනය. ඔහුගේ බිරිඳ ඔහු අත තිබූ ගුවන් ගමන් වාර්තා පොත පිරික්‌සා බැලුවාය. එයින් කියෑවුණේ ගුවන් නියමුවා යානය බිමට පහත් කර පෙර කී විවරය තුළින් පහළට ගමන් කර පොළොව යට පිහිටි 'අලුත් ලෝකයක්‌' නරඹා ඇති බවය. එම ලෝකය කොතරම් සංවර්ධිතද යත් එම දියුණුව ලබා ගැනීමට ඇමරිකාවට වසර 1000 ක්‌ වත් ගත වනු ඇතැයි ඔහුට කල්පනා වී ඇත. මේ ලෝකයේ සංස්‌කෘතිය ඉතා සුන්දර වූ අතර ජනයා අධ්‍යාත්මික සුවය කෙරෙහි මහත් සේ ආසන්නව සිටින බව පෙනෙන්නට තිබිණි. ඔවුන් අතර සටන් හෝ ගැටුම් තිබුණේ නැත. ඔවුන් සිය ජීවිතය පවත්වා ගෙන යැම සඳහා හඳුනාගෙන තිබුණේ නව ශක්‌ති ප්‍රභවයන් ය. ඔවුන්ට කොහෙන් හෝ ඇති තරම් ආහාර ලැබෙන බව ගුවන් නියමුවාට වැටහිණි. ඔවුන් සතුව අහස්‌ යානා ද තිබිණි. ඔවුන් පෘථිවිවාසීන් සමග සම්බන්ධකම් පවත්වන්නට උත්සාහ කරන ලද නමුත් එම උත්සාහයන් අසාර්ථක වූ බවත් ඇතැම් විටෙක පෘථිවිවාසීන් ඔවුන්ගේ ගුවන් යානාවලට පහර දී විනාශ කළ බවත් වයිස්‌ අද්මිරාල් රිචඩ් බර්ඩ්ට ඔවුහු කීවෝය. අවසානයේදී පෘථිවි ශිෂ්ඨාචාරය විනාශ වන කාලය එළඹුන විට ඔවුන්ට උදව් කිරීමට මේ සැඟවුණ ශිෂ්ඨාචාරයේ ජනයා තීන්දු කරගෙන තිබිණි. අවසානයේදී ගුවන් යානයෙන් පොළොව මතුපිටට ආ ඔහු සැතපුම් 2750 ක්‌ උඩට ගමන් කර ඇති බව යානයේ තිබූ මීටරවලින් සොයා ගත්තේය. පසුව මේ සිද්ධිය වාර්තා කළ කල්හී පෘථිවියේ සිටි යුද ප්‍රධානීහු මේ ගැන වචනයක්‌වත් පිටතට නොදෙන බවට වයිස්‌ අද්මිරාල් පොළඹවාගෙන ඔහුගේ ජීවිතය ඉතිරි කාලය තුළ ඔහුගේ කටයුතු කෙරෙහි මහත් විමසිල්ලෙන් පසුවූහ.

පෘථිවිය තුළ ඇති යෝධ කුහරවල වෙනස්‌ කුඩා ලෝක සහ ශිෂ්ඨාචාර තිබිය හැකි බවට ඇතැම් විද්වතු=න් ප්‍රකාශ කරන මතයට විරුද්ධ කණ්‌ඩායමක්‌ ද සිටිති. ඔවුන් කියන්නේ මිනිසුන්ට සිහින දැකීමේ අයිතිවාසිකම ඇති බවය. ඒ සිහිනවල ගැලී පොළොව තුළ මිනිසුන් ජීවත්වන බව සිතීම ද එම අයිතියේ කොටසක්‌ බව ය ඔවුන් පෙන්වා දෙන්නේ.

Thursday, August 23, 2012

රාවණා යනු කවරෙක්ද?















































ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට වසර දෙදහස් පන්සියයකටත් වැඩි දුරාතීත කාලයකදී අප රට පාලනය කළ යක්ෂ ගෝත්‍රික රජු වූයේ රාවණාය. එම අවධිය තෙත්‍රා යුගය ලෙසින් හැඳින්වුණු අතර කාලය වසර දොළොස් ලක්ෂ අනූහය දහසක් පමණ වේ.

රාවණා රජුට පෙර මෙරට පාලනය කළේ රාවණා රජුගේම වැඩිමහල් සහෝදරයා වූ කුවේරය. කුවේර මෙරට පාලනය කළ අවධියේ සිට විජය රජතුමාගේ පාලනය තෙක් තොරතුරු සියල්ල අලිඛිතය. එම වකවානුවේ තොරතුරු අපට දැනගත හැක්කේ පුරාවෘත්ත, ජනප්‍රවාද ආදී ජන සාහිත්‍යය ඇසුරිනි.

කුවේර, රාවණා සහ විභීෂණ නමැති සහෝදරයන් තිදෙනා විශ්‍රාවස්ගේ පළමු වන භාර්යාවගේ දරුවෝ ය. පියාගේ ඇවෑමෙන් මෙම දරුවන් තිදෙනාට අත්වන්නට තිබූ යසශ්වෛර්යය ප්‍රමාණ කළ නොහැකි විය. විශ්‍රාවස්ගේ දෙවන භාර්යාව ද කෛකසී මෙම හේතුවෙන් කුවේර, රාවණා සහ විභීෂණ කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් වෙළුණාය.

කෛකසීට අවශ්‍ය වූයේ එම යසස්වෛර්යය සිය කුසින් බිහිවූ දරුවන්ට උරුම කර දෙන්නටය. මේ ගැන සිතා උපායක් කල්පනා කළ කෛකසී ඔවුන් කඨෝර වූ තපසට පිටත් කර යවා ඒ අතර රාජ්‍යය සිය දරුවන්ට උරුම කරවා දෙන්නට උපායක් යෙදුවාය. එම උපායට විශ්‍රාවස් රැවටුණේය.

රාවණාට උපතින්ම හිස් දහයක්, නෙත් විස්සක් සහ අත් විස්සක් ද විය. එබැවින් රාවණා ‘දශානන’ යයි ද ‘දසිස්’ යයි ද නම් ලැබුවේය. එහෙත් විද්වතුන් පවසන්නේ රාවණාට හිස් දහයක් තිබූ කතාව නොවේ. ශක්තිවන්ත පුද්ගලයන් දස දෙනෙකුගේ හෙවත් උසස් වර්ගයේ හස්තියෙකුට ඇති ශක්තියට සමාන ශක්තියක් තිබූ බවය.

උග්‍ර තවුස් දම් රැකීමේ හේතුවෙන් මහා බ්‍රහ්මයා කුවේර, රාවණා සහ විභීෂණ කෙරෙහි තදින්ම පැහැදුණේය. ඒ හේතුවෙන්ම කැමැති වරයක් ඉල්වන්නැයි රාවණාට දැනුම් දුන්නේය.

එවිට රාවණා ඉල්ලා සිටියේ අමරණීයව විසීමට හෙවත් කිසි කලෙකත් නොමැරී ජීවත්ව සිටීමට හැකි වරයකි. මහා බ්‍රහ්මයා ඊට එකඟ නොවීය. එවිට රාවණා මිනිසුන්, වානරයන් ආදී සාමාන්‍ය අයගෙන් නොව දේව, අසුර ආදී මහා බලසම්පන්නයන් අතින් නොමැරී සිටීමටත් පරාජය නොලබන්නටත් වරයක් ඉල්ලුවේය. එය ‘අජෙය’ වරයකි. ඊට මහා බ්‍රහ්මයා එකඟ විය.

මේ වන විට ලංකාව පාලනය කළේ කුවේරය. වහාම ලංකාවට ගිය රාවණා කුවේරයා සිංහාසනයෙන් නෙරපා දමා ලංකා රාජ්‍යයත් කුවේර සතු පුෂ්පක රථයත් (දඬුමොනර යන්ත්‍රය) පැහැරගෙන ලංකාධිපති බවට පත්විය.

මය නමැති යක්ෂ ගෝත්‍රිකයාගේ දියණිය වූ මන්දෝදරී කුමරිය සරණපාවා ගත් රාවණාට මේඝනාද, අක්ෂය යනාදී වශයෙන් පුතුන් රැසක්ම සිටි බව කියනු ලැබේ.

දිග් විජය හෙවත් රාජ්‍යයන් සමඟ යුද්ධ කොට එම රටවල් අල්ලා ගැනීමේ යෙදුණු රාවණා මිහිපිට වූ සියලු රාජ්‍ය අත්පත් කර ගත්තේය. මුළු පොළෝතලයම පාලනය කළ රාවණා සක්විති රජෙකි.

මිහිතලය ජය ගැනීමෙන් නොනැවතුණු රාවණාට දෙව්ලොව ද අල්ලා ගැනීමට සිත් විය. මෙම අරමුණ ඇතිව සිය පුත් මේඝනාද ද සමඟින් දෙව්ලොවට ගොස් යුදකොට දෙව්ලොව දෙවියන් පරදා දෙවියන්ගේ රජ වූ ඉන්ද්‍රයා ද සිරභාරයට ගන්නට රාවණාට හැකි විය. රාවණාට ‘ඉන්ද්‍රජිත්’ යන නම්බුනාමය ලැබුණේ එබැවිනි.

මිනිස් ලොව, දෙව්ලොව ආදිය ද පාලනය කරන්නා වූ රාවණා බලයෙන් උදම්ව දුරාචාර ක්‍රියාවන්හි යෙදුණු බවත් සුර – අසුර කන්‍යාවන් බලෙන්ම කෙළෙසූ බවත් ‘රාමායනය’ පවසයි. එසේ වුවද, මිනිස් ලොව ද, දෙව් ලොව ද රාවණා දුටු රූපශ්‍රීයෙන් අගතැන්පත්ම කාන්තාව වූ සීතාදේවිය පැහැරගෙන ආ රාවණා ඇයට කිසිදු බලහත්කාරකමක් නොකිරීම හේතුවෙන් ඔහු ස්ත්‍රී දුරාචාර ක්‍රියාවන්හි යෙදුණේය යන රාමායන ප්‍රකාශය අසත්‍යයක් ද විය හැකිය. ඒ හේතුවෙන්ම රාවණා පරමාදර්ශී රජෙකු ද වන්නේය. රාම ඉදිරියේ අග්නි පූජාවට බඳුන් වීමෙන් සීතා සිය පතිවෘත්තා බලමහිමය ද විදහා පෑවාය.

ලංකාධිපති වූ කුවේර බලයෙන් පහකොට රාවණා ලංකා රාජ්‍යය සිය අණසක යටතට ගත්තේ කුවේර අධික සැප සම්පත් විඳිමින් බලය අයුතු ලෙස පරිහරණය කරද්දී ජනතාව අන්ත දුගී දුප්පත් භාවයට පත්වීමේ හේතුවෙනැයි කියනු ලැබේ. රාවණා ලංකා රාජ්‍යය සත් රුවනින් පිරවූ බව කියනු ලැබේ. රාවණා වෛද්‍ය ශාස්ත්‍රයෙහි ද කෙළ පැමිණියෙකි. ලංකාව පුරා ඔහුගේ ඔසු උයන් පැවති අතර රිටිගල, ලග්ගල, හග්ගල, රූමස්සල, දොළුකන්ද යනු ඉන් කීපයක් පමණි. මේවා දුර්ලභ ගණයේ ඖෂධ වර්ගවලින් පිරී පවතී.

රාවණා වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණයා සේම වටිනා වෛද්‍ය ග්‍රන්ථ රැසකම කර්තෘවරයා ද වෙයි. නාඩි පරීක්ෂා, අර්ක ප්‍රකාශ, රස රත්නාකරය, උඩ්ඩිස චිකිත්සා, කුමාරි තන්ත්‍රය, ඔඩ්ඩිස චිකිත්සා, වටිකා ප්‍රකරණය යනු ඔහු ලියූ වෛද්‍ය ග්‍රන්ථයන්ගෙන් සමහරකි.

සිය දේවිය වූ මන්දෝදරීගේ දොළදුක් සංසිඳවනු පිණිස ද රාවණා වටිනා වෙද පොතක් ලීවේය. බාල දරුවන්ගේ වෙද පොත නම් වූ එය ‘කුමාර හෘත් චිකිත්සාව‘ නම් වෙයි. එම හේතුවෙන් රාවණා පිරිපුන් මානව දයාවෙන් යුත් පුද්ගලයෙක් ද වෙයි. විවිධ යාග-හෝම සඳහා ගැනීමට දඹදිව බමුණන් බැඳගෙන සිටි සතුන් මුදාහළ රාවණා උපරිම සත්වකරුණාවෙන් යුත් අයෙක් ද විය. රාම-රාවණා යුද්ධය අතරතුර තුවාල වී යුදබිම ඇදවැටුණු රාම – ලක්ෂමණ දෙදෙනාට රාවණා සියතින්ම බෙහෙත් බැන්දේය. ඔහු සංගීත ශාස්ත්‍රයෙහිද කෙළ පැමිණියෙකි.

දඹදිව අයෝධ්‍යා පුරයේ රාමගේ රූමත් බිරිය සීතා දේවිය බලහත්කාරයෙන් පැහැර ගැනීම හේතුවෙන් රාවණා දුෂ්ට රජෙකැයි ප්‍රකට විය. රාවණා සීතා පැහැර ගත්තේ ඇයගේ රූපශ්‍රීයට වශීවීම නිසා යයි රාමායනය පැවසුවත් සිය නැඟනිය වූ සුර්පනකාට රාමගෙන් සිදු වූ අතවරයක් හේතුවෙන් ඔහුගෙන් පළිගැනීම් වස් ය ඇය පැහැර ගත්තේ.

සුර්පනකා නිතරම මෙන් දඹදිව අයෝධ්‍යාව ආසන්නයේ ගැවසුණාය. ඇය දුටු රාම තුළ ඇය කෙරෙහි පිළිබඳ සිතක් පහළ විය. එහෙත් සුර්පනකාට රාම හා එක්වීමට බාධකය වූයේ සීතාය. සීතා මරා දමන්නට සුර්පනකා උපායක් යෙදුවාය. ඒ දුටු ලක්ෂමණ සිය හීයෙන් සුර්පනකාට විද්දේය. හී පහරින් සුර්පනකාගේ නාසය ද කනක් ද කැපී ගියේය. වැගිරෙන ලේ සහිතව සුර්පනකා මෙම අවනඩුව සිය සොහොයුරාට කීවාය.

මෙයින් කෝපත් වූ රාවණා අයෝධ්‍යාවට ගියේ සීතා පැහැරගෙන එන්නට නොවේ. රාමගෙන් පළිගන්නටය. එහෙත් රාම එහි නොසිටීම හේතුවෙන් රාවණා සීතා පැහැරගෙන ආවේය.

පරමාදර්ශී රජෙකු වූ රාවණාගේ ජීවිතයේ අවසාන වචන කීපය ඔහුගේ දුරදක්නා නුවණ මොනවට ප්‍රකට කරයි. රාමගේ හී පහර වැදී රාවණා යුද බිම ඇද වැටුණේය. එවිට රාම සහ ලක්ෂමණ දෙදෙනාම රාවණා ආසන්නයට ගියහ. ඔවුන් දෙස බැලූ රාවණා මෙසේ ප්‍රකාශ කළේය.


කුමාරවරුනි!
යම් කාර්යයක් උතුම් යයි වැටහේද,
එය නොපමාව කළ යුතුය.
යම් කාර්යයක් අලසකමින් අතපසු වන්නේ ද,
එය අවසන් වන්නේ ද නොවෙයි.
එහෙත් අකැමැත්තක් ඇති වුවත්
අසුබ කාරණය නම් අතපසු කළ යුතුමය.
 

Sunday, August 19, 2012

ලොව හෙල්ලු අභිරහස් මරණයක්















මීට වසර 65කට පෙර, එනම් 1947 දී මුළු ලොවම මවිත වූ සිදුවීමක් රොස්වෙල් ප්‍රාන්තයේ සිදුවිය. අප කවුරුත් හොඳින් හඳුනන, හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වූ බවටත්, ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්තවලට ඉහළ අහසේ එම වස්තූන් එහා මෙහා ගමන් කළ බවටත් එම කාලයේ කටකතා ඇති වී තිබිණි. මිනිසුන්ගේ කුතුහලය දෙගුණ කරමින් 1947 ජූලි මස 8 වන දින රොස්වෙල් ප්‍රාන්තයට පීරිසියක හැඩය ඇති අපූර්ව වස්තුවක් කඩාවැටී තිබිණි.

මෙම අනතුර නිසා රොස්වෙල් ප්‍රාන්තය නොව මුළු ඇමෙරිකාවම විස්මයෙන් ඇළලී ගිය අතර පසුදින පුවත්පත් මගින් මෙම ගින්නට පිදුරු මිටි පිටින් දමා තිබුණි. රොස්වෙල් ඩේලි රෙකෝඩ්ස් පුවත්පත මෙම සිදුවීම වාර්තා කර තිබුණේ “රොස්වෙල් හමුදා ක්ෂේත්‍ර බළකාය පියාඹන පීරිසියක් අල්ලා ගෙන තිබේ” යනුවෙනි. ඒ ජූලි 8 සවස පළවූ පුවත්පතෙහිය. ජූලි 9 වන දින පළවූ පුවත්පතට එම බළකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් රෝජර් රෑම් පවසා තිබුණේ අපූරු කතාවකි“රොස්වෙල් පියාඹන පීරිසි කතාව ගොතන ලද කතාවක්” ලෙස එහි පළ කර තිබුණි.

ඉන් වසර 65 කට පසු 2012 දී, හිටපු CIA විශේෂ නියෝජිතයෙකු විසින් රොස්වෙල් සිදුවීමේ අබිිරහස එළිකිරීමට පටන්ගෙන තිබේ. ඔහු පවසන ආකාරයට රොස්වෙල් ප්‍රාන්තය ඉහළ අහසේ එහාමෙහා ගොස් තිබුණේ UFO නොහොත් හඳුනා නොගත් පියාසර වස්තුවකි. නැතහොත් පියාඹන පීරිසියකි. නමුත් ඇමෙරිකානු රජය විසින්, එය කාලගුණ බැලුනයක් ලෙස ප්‍රසිද්ධ කරන ලෙස අණ කර තිබිණි. මෙම සිදුවීම් අතර පියාඹන පීරිසියක් රොස්වෙල් වෙත කඩා වැටීමත්, ඒ සමගම එම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමත් වැනි හේතු ජනතාවගේ කුකුස වැඩිකර ඇත. එමෙන්ම නියම සිදුවීම හෙළි නොකිරීම නිසා රටවල් අතර සීතල යුද්ධයක් හට ගැනීමට අර ඇදීමක් ද තිබූ බව ඔහු පවසයි. යානය කඩා වැටි ප්‍රදේශය, (AREA 51)“ 51 ප්‍රදේශය” ලෙස නම් කර, පර්යේෂණාගාරයක් ස්ථාපනය කර යානයේ සුන්බුන් පරීක්ෂාවට ලක්කර තිබේ. 

යානය සාදා තිබූ අමුද්‍රව්‍ය පවා පෘථිවියෙන් සොයාගත හැකි නොවූ ද්‍රව්‍යයක් වූ අතර අද දක්වා එය අබිරහසක්ව පවතී. යානය තුළ තිබි හමු වූ වටිනාම වස්තූන් ලෙස ඔහු පවසන්නේ, අසාමාන්‍ය පෙනුමක් සහිත ජීවීන් දෙදෙනාය. එක් ජීවියකු මාරාන්තික තුවාල සහිතව සිටි බවත්, පසුව මියගිය බවත්, අනතුරින් මියගිය තවත් ජීවියෙකු එහි සිටි බවත් ඔවුන් දෙදෙනා ඉතා රහසිගත ලෙස පර්යේෂණ සඳහා භාවිත කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. ජීවීන් දෙදෙනා මියගිය පසු, විශාල පෙට්ටිවල අසුරන ලද මෘත ශරීර පිළිබඳව ඉන් පසුව කිසිම දිනක දැනගන්නට ලැබි නැත. 

එම කාලයේ පළවූ පුවත්පත් වාර්තාවලින් ගැලවීගත නොහැකි වූ ඇමෙරිකානු රජය 1997 දී පමණ The Roswell Report නමින් විශේෂ වාර්තාවක් නිකුත් කර තිබිණි. එම වාර්තාව සාමාන්‍ය ගුවන් අනතුරක් පිළිබඳ වාර්තාවක් පමණක් වූ අතර එය ඔවුන්ගේ ප්‍රයෝගයක් පමණක්ම බවට පුවත්පත්වලින් තව තවත් චෝදනා එල්ල වන්නට විය.

තත්ත්වය මෙසේ තිබියදී, මියගිය අසාමාන්‍ය ජීවීන් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීමත්, ඔවුන්ගේ මෘත ශරීරවලට කුමක් සිදුවීද යන්න සෙවීමත් තමා වෙත පවරාගත් පුවත්පත්, ඇමෙරිකා රජයට මහත් හිසරදයක්ව පැවැතිණි. CIA නියෝජිතයාගේ අදහසට අනුව නම් ඉහත කී මෘත ශරීර රැගෙන යාමට පසුකාලීනව පිටසක්වල යානා පැමිණ තිබේ. 51 ප්‍රදේශයේ සිටි ඇමෙරිකානු ගුවන් හමුදා සෙබළුන් සමග මිතුරු වූ පිටසක්වලුන් ඔවුන්ගේ මියගිය සගයන් වෙනුවට, සිය තාක්ෂණයෙන් බිඳක් පෘථිවි වැසියන්ට ලබාදීමට කැමැත්ත පළකර තිබේ.මියගිය ජීවීන් සහ පිටසක්වල තාක්ෂණයෙන් අංශු මාත්‍රයක් එකිනෙකා අතර හුවමාරු වූ පසු යන්නට ගිය පිටසක්වලුන් ඊට වසර පහකට පමණ පසුද 51 ප්‍රදේශයට ඉහළ අහසේ සැරිසැරූ බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ.

20 වන සියවස මැද භාගයේ ඇමෙරිකානුවන් ළඟ තිබූ තාක්ෂණයෙන් F22, B2 වැනි ප්‍රහාරක යානා කිසිසේත්ම බිහිවිය නොහැකිය. රොස්වෙල් සිදුවීමෙන් වසර 3ක් යන්නට මත්තෙන් ඇමෙරිකාවෙන් බිහිවූ ඉහත කී යානා, නිර්මාණය කරන ලද්දේ එදා පිටසක්වලුන්ගෙන් ලබාගත් අංශු මාත්‍රයක් වූ 
තාක්ෂණයෙන් බව ඔහු එකහෙලාම ප්‍රකාශ කරයි. එසේ නොවන්නට එවැනි යානා බිහිවිය හැකිව තිබුණේ 2050 වසරේ පමණ බව ඔහුගේ අදහසයි.

මෙම සිදුවීම පිළිබඳව සාක්ෂි එක් කරන ජනමාධ්‍ය යෝධ පියවරක් ඉදිරියට තබමින් 1995 දී වාර්තාගත වීඩියෝ පටයක් මාධ්‍යයට ඉදිරිපත් කළහ. එහි සටහන්ව තිබුණේ කුඩා පර්යේෂණගාරයක් තුළ කාය ව්‍යවච්ජේදනයකට මුහුණ දී සිටින අසාමාන්‍ය ජීවීන් දෙදෙනෙකි. ජේ. ස්ටැන්ලි සහ ජැක් බානට් නම් මාධ්‍යවේදීන් දෙදෙනාගේ කැමරාවේ සටහන්ව තිබූ එම වීඩියෝ දර්ශන නිසා ඇමෙරිකානු රජයට සිය අබිරහස එළි වී ඇති බව දැනුනත්, ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ එම වීඩියෝ දර්ශන කුඩා දරුවන්ගේ මපට් දර්ශන පෙළක් බවයි. ඉන් නොනැවතුණ මාධ්‍යය, වීඩියෝ දර්ශන වඩාත් පැහැදිලි ලෙස ළං කර (Zoom in) බැලීමෙන් පසු, අනන්‍යතාව තහවුරු කළ හැකි කරුණු 2ක් සොයාගැනීමට සමත් විය. ඉන් පළමුවැන්න වූයේ එම රසායනාගාරයේ, පර්යේණය සිදුකළ වෛද්‍ය විශේඥයන් කීපදෙනාගෙන් එක් අයකුගේ වෛද්‍ය කබායේ තිබූ අනන්‍යතා අංකයයි. එම අංකය සහිත වෛද්‍යවරයා සොයාගැනීමට ජනමාධ්‍ය විසින් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණ ද ඔවුන්ට එම වෛද්‍යවරයා හමු වී නැත. අනිත් කාරණය වූයේ පර්යේණාගාරයේ බිත්තියක එල්ලා තිබූ දින දර්ශනයකි. වැදගත් කාරණා සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් රොස්වෙල් සිදුවීම් අබිරහස එළිකරගැනීමට උත්සාහ දැරූ ජනමාධ්‍යයට අවසානයේ සිදුවූයේ ඇමෙරිකානු රජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමටය.

මේ ආකාරයට රොස්වෙල් පිළිබඳ එක් එක් කරුණ බැගින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන හිටපු CIA විශේෂ නියෝජිතයා මේ වනවිට 89 හැවිරිදිය. ඔහු තම ප්‍රකාශයන් අතරතුර පවසන්නේ මෙම සිදුවීම් මාලාව එක් කනකින් අසා අනිත් කනෙන් පිටකර දැමීම ඉතාම යෝග්‍ය බවයි. “ඇමෙරිකන් රජය දැන්වත් සත්‍ය හෙළිකළ යුතුයි” ඔහු තවදුරටත් පවසයි. “එහෙම නැත්නම් ඔවුන් කියාවි, මේ කතාව අවුරුදු 89ක මහල්ලෙකුගේ උමතු කතාවක් විතරයි කියලා. අවුරුදු 89ක් වුණු මට සිද්ධ වුණේ මගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බැරි වුණු එක. කවදාහරි රජයටත් එසේම වෙයි. එදාට මේ අබිරහස හරි අපූරුවට විසඳෙයි” ඔහු සුසුම් අතරින් පවසයි.

Wednesday, August 15, 2012

වසර 22ක්‌ වැටුප් නොගෙන සේවය කරන උතුම් ගුරු මවක්‌....................... !

ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටේත් නිරන්තරවම විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විවිධ ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂණ කරති. වැඩ වරති. අකුරට වැඩ කරති. පොදු දේපළ වලට අලාභ හානි කරන අවස්‌ථාද වෙති. පොදු ජනයාට ඉන් විවිධ නොසිතූ කරදර වලට මුහුණ පෑමටද සිදු වෙති.

එහෙත් පුරා වසර 22 කිසිම වේතනයක්‌ නොලබා ආත්මතෘප්තිය පිණිසම පැය අටකට වැඩි කාලයක්‌ පාසල් දරුවන් වෙනුවෙන් සේවය කරන මවක්‌ සිටියි. ඇයගේ නම නන්දාවතී සෙනෙවිරත්නය. වයස අවුරුදු 68 කි. බදුල්ල ඉඹුල්ගොඩ, උදයගම, අංක 49 නිවසේ වාසය කරන ඇය පස්‌දරු මවකි. එහෙත් දරුවන් සහ විවාහක ස්‌වාමි පුරුෂයා ඇය සමඟ වාසය කරන්නේ නැත. නිවෙස්‌වල වැඩකරමින් තම දරුවන් පස්‌ දෙනා පාසල් යවමින් උස්‌ මහත් කළ ඇය වියපත් කාලය සතුටින් ගත කිරීම පිණිස බදුල්ල සිරි සුමන මහා විද්‍යාලයේ දරුවනට සහ ගුරුවරුන්ට විවිධ අයුරින් උදව් කරමින් දවස ගෙවමින් සිටින්නීය. මාසිකව ලැබෙන සමෘද්ධි ආධාරය රුපියල් 350 සහ මහජන ආධාරය රුපියල් 200 මැයගේ සියලු වියදම් සඳහා යොදා ගන්නේ ඉතාමත් අරපරිස්‌සමින් අවශ්‍ය දැ මිලදී ගැනීමෙනි.

නොයෙකුත් මිල මුදල්වල අවශ්‍යතා ඇතත් ගත වූ වසර 22 කාලය තුළ සිරි සුමන මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් කාලය කැප කිරීමට දක්‌වන්නේ මහත් වූ කැමැත්තකි. විදුහල්පති එච්. ජී. ජයතිස්‌ස මහතා පවසන පරිදි මෙම කාලය තුළ පාසලට නොපැමිණ ඇත්තේ දින දෙකක්‌ පමණි.

ඇය සෑම දිනකම උදේ 7.00 වන විට පාසලට පැමිණෙයි. එතැන් සිට නාම ලේඛන පන්තිවලට ගෙන යයි. ගුරුවරුන්ගේ ලිපි, පණිවිඩ ගෙන යයි. ප්‍රාථමික අංශයේ දරුවන්ගේ අවශ්‍යතා මත වැසිකිළි කැසිකිළි වෙත ගෙන යන අතරම සෝදා පිරිසිදු කිරීම් ද කරයි. හදිසියේ අසනීප වන දරුවන් ඔවුන්ගේ නිවෙස්‌ කරා කැඳවා ගෙන යැමට කටයුතු කරයි. දවසේ වැඩි කාලයක්‌ ප්‍රාථමික අංශයේ කාලය ගත කිරීමට කටයුතු කරන ඇය අවශ්‍ය පරිදි පාසලේ දී පවරණ සෑම කටයුත්තක්‌ම ඉටු කරන්නේ සිනහව පිරුණු මුහුණක්‌ ඇතිවයි. ඇසූ පැනයට පිළිතුරු දෙමින් මම ඉන්නේ ආණ්‌ඩුවෙන් හදා දුන් උදාකළ ගමක නිවසක. ගමට විදුලිය සහ ජලනළ පහසුකම් ඇතත් මගේ නිවසට එම දේවල් නැහැ. වතුර අලකොළපීල්ලට ගිහින් ගෙනෙනවා. මොනවා නැති වුණත් දරුවන්ට උදව් කරන්න මම කැමැතියි. පාසලේ දරුවෝ වාගේම විදුහල්පතිතුමා සහ ගුරුවරු ගුරුවරියෝ මට ආදරෙයි. දරුවෝ ගුරුවරුන්ට වාගේම මටත් වැඳලා පාසල ඇරුනාම යන්නේ.

පාසලටත් දරුවන්ටත් දසක දෙකකට වැඩි කාලයක්‌ විශිෂ්ට සේවයක්‌ කර ඇති බව පවසන වර්තමාන විදුහල්පති එච්. ජී. ජයතිස්‌ස මහතා ඇයගේ අගනා සේවය ඇගයීමට ලක්‌ කළ යුතු බව පැවැසුවේය. නිහඬ සමාජ මෙහෙවරක යෙදෙන නන්දාවතී සෙනෙවිරත්න මාතාවට නිරෝගී දීර්ඝායුෂ පතමු. 2012-08-11~බදුල්ල එච්. එම්. සමරකෝන් බණ්‌ඩාර~

සමනළ කන්දේ අභිරහස්

















සමනළ කන්දේ බලශක්ති ප්‍රභවය යොදා ගනිමින් ලොවටම විදුලිය සපය රට අප හෙළ බිමයි.

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් නිසා ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු Area 51 පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.

අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී. ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. පහත රූපය බලන්න.

ඔරායන් යනු හෙළ වදනකි. එනම්, ඔ=ඔහු, රා=රාවණ, යන්=යන්, ඒ අනුව ඔරායන් යනු "ඔහු රාවණයන්" යන්නයි. අද යුරෝපීයයන් එය දඩයක්කාරයා ලෙස හඳුණාගෙන සිටියත් ඔරායන් තාරකා රාශියේ සිටින්නේ ශ්‍රී රාවණයන් ය. බලන්න ඒ දඩයක්කාරයා තාරකා රාශියේ ඇති සිංහයා සහිත පළිහ, ඉන් පෙනෙන්නේ හෙළ ජාතිය පිටසක්වලයන් විසින් ආරක්ෂා (පළිහෙන් නිරූපනය කෙරෙන්නෙ ආරක්ෂාව) කරන බවයි. එනයින් අපගේ හෙළයින්ගේ අභිමානය පිටසක්වලයන් විසින් මුළු විශ්වයටම ශපථ කරයි.

අදින් වසර දසදහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිටි තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්‍රිකෝණයක අයුරින් පිහිටා තිබුණි. අද වනවිට ඇල්නිලම් ග්‍රහලොව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙකේ චුම්භක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුළ එකම ජීවී විශේෂයක ජනපද පිහිටි අතර එක්වරම ප්‍රබල පිටසක්වළ ආක්‍රමණයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක්‍රමණකාරී තත්ත්වයන් මත එම ග්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. ඇල්නිලම් ග්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියදෙමින් පවතින ග්‍රහලෝකයක් බවට පත්ව ඇත.
ඇල්නිලම් ග්‍රහලෝක වැසියෝ(බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග්‍රහලොව රැකගැනීම උදෙසා නව ක්‍රමවේද සෙවූහ. හෙළ රාවණ පරපුර බිහිවන්නේ එලෙසය. (මේක මගේ අදහසක් නෙමෙයි, 2012-03-18 රන්දිව පත්තරෙයි තියෙන්නෙ, මේ බ්ලොග් එක රිපෝට් කරන්න හදන රාවණවිරෝධීන්, ඊට කලින් දාපල්ල රන්දිවට නඩු) හෙළ රාවණ යනු ආභස්සර භ්‍රහ්මයක් බව රන්දිවට අනුව ඔප්පු වෙයි. පෘථිවිය යනු ජීවී ග්‍රහලොවක් වුවත් දියුණු ජීවී පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දැමීමට ඇල්නිලම් නම් පිටසක්වල ජීවීහු කටයුතු කලේ දැවැන්ත න්‍යෂ්ඨික පිපිරීමක් සිදු කිරීමෙනි. මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප්‍රදේශය අශ්‍රිතව වෙසෙන සත්ත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය.
මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ත්ව විශේෂයක ජාන මඟින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරන පෘථිවිවාසීහුය. ඇල්නිලම් පිටසක්වල ජීවිහූ තම පෘථිවි ශිෂ්ඨාචාර ගොඩනැගීමේ ක්‍රියාන්විතයේ මූලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළ දීපයයි. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එකළ භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍යය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.

අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරේ.

හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල ඇල්නිලම් ග්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ඨාචාර ගොඩනැඟුණු බව පෙර රාවණ ලිපි වලින් අප කතා කලෙමු. පෘථිවිය ජනාවාස වීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.


මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොරරහසේ පවත්වාගෙන යන පිටසක්වල ජීවින්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍යය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.

පිටසලක්වල ජීවින් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වුනු මුල් කාල වකවානු වල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනැඟීම්ට උත්සහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරී පිටසක්වල ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලුවය. ඒ සඳහා පරමාණු අවි භාවිතා කල හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායම් වල ඉලක්කය විය. එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්‍ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවී විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක් වීමත් සමඟය.

මිනිසා යනු කෘතීමව නිපදවූ ජීවියකු බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විද්‍යාවේ සාමාන්‍යය නියමයන්ට අනුව එකකට එකක් සම්බන්ධ වෙමින් ජීවින් තුළ පරිවර්තනය සිදු වුවත් මිනිස් පරිණාමය තුළ අවස්ථා දෙකක් අතුරුදන්ව පැවතීමය. එසේනම් යම් සත්ත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවීන් පිරිසක් විසින් වෙනස් කර පැවතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා 51 කණ්ඩායම් හා පිටසක්වල ජීවීන් සමඟ කළ සංවාද හරහා මෙතෙක් ගැටලුවක්ව පැවති බොහෝ තොරතුරු ටිකෙන් ටික එළිවන්නටද විය.

හෙළ අධිරාජ්‍යය මුල් කර ගනිමින් ලොව පුරා ජනපද හතක් ගොඩ නැංවීය. මෙම ගොඩ නැංවූ ජනපද වල පාලනය ගෙනයාම සිදුවූයේ ඇල්නිලම් ග්‍රහලෝකවාසීන්ගේ මුල්වීමෙනි. අප දෙවිවරු ලෙස පිළිගත්තේ ඔවුන්වය. ඔවුනට පහළින් තම රාජ්‍යය ව්‍යාප්තිය සහ ඇල්නිලම් ග්‍රහලොවේ ජීවත්වන පිටසක්වල ජීවින්ගෙන් දීර්ඝායුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්තව විශේෂය විය. මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන් තුළ ඇති ඇති කරන ලද වේගවත් ව්‍යාප්තියට අදාල හෝ(ර්)මෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොව පුරා මිනිසුන් ව්‍යාප්ත විය.

රාවණ පරපුරට අයත් ප්‍රබල බලගතු ආයුධයක් මෙන්ම රාජ්‍යය සංකේතය ලෙසින් සැලකූ දම් පැහැ ආලෝකයක් නිකුත් කරන කුඩා ප්‍රමාණයේ චන්ද්‍රහාස් ලෙසෙන් හැඳින්වෙන කඩුවද මෙම ප්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍යය සංකේත හතයි. පෘථිවිය ඇල්නිලම් ග්‍රහලොව යටතේ පාලනය වූ ග්‍රහලොවක් බැවින් මෙහි පාලන ඒකක ගෙන ගියේ එම ග්‍රහලොවේ නියෝජිතයින් මඟිනි. මායා, මිසර, පේරු ආදී ශිෂ්ඨාචාරවල මෙන්ම බොස්නියා ශිෂ්ඨාචාරවලින් හමුවූ පිරමීඩ වලද මෙම කඩුවල රූප සටහන් දැකගත හැකිවෙයි.
සෑම ශිෂ්ඨාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ 3ක් ගොඩ නැඟූහ. ගීසා පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩ වලින් ලොව ජනප්‍රියතම පිරමීඩ ත්‍රිත්වයයි. මෙම පිරමීඩ වල පිහිටීමත් ඔරායන් බඳපටියේ ග්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වේ. (තරු තුනේ ඡායාරූපයක් පිරමීඩ මත තැබූ විට පිරමීඩ වල මධ්‍යය ලක්‍ෂය මත පිහිටයි.) ගීසා පිරමීඩ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ඨාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මාණය කරන ලද බව මේ වනවිටත් තහවරු කරගෙන හමාරය. එය රාවණාගේ නිර්මාණයකි. ගීසා පිරමීඩ ලොව ජනප්‍රිය වූයේ එය පොළොව මතුපිට පැහැදිළිවම දැකගත හැකිවීම නිසාය. ඒ අනුව ගීසා පිරමීඩ තුන හැදීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ අපට බව දැන් මුළු ලෝකයම දනී.

නවතම සොයාගැනීම් හරහා ප්‍රධාන ශිෂ්ඨාචාර හත තුළම ඉදිකර ඇති පිරමීඩ පිළිබඳ රහස් එළිවෙමින් පවතී. මේ අතර ඉන්දියාව, බොස්නියාව ආදී රටවල පිරමීඩ පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම රටවල් අතරට ලංකාවත් එක් වෙතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ස්වාභාවික කඳු, පිරමීඩ බවට පත් කිරීම මුලින්ම ක්‍රියාවට නැඟුණේ හෙළ පොළොවෙනි. ලොව ප්‍රථම ස්වාභාවික පිරමීඩය සමණල ගිරයි. මේ තුළ ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුත් ස්වාභාවික පිරමීඩයක් පවතී. ඉන්පසු ක්‍රියාකාරී මට්ටමේ ඇති පිරමීඩ ත්‍රිත්වය ඇත්තේ බොස්නියාවේය. එහි හිරු, සඳු සහ පොළොව ලෙස නම්කළ ස්වාභාවික පිරමීඩ තුනක් පවතියි. එලෙසම පේරු රාජ්‍යය තුළ ස්වාභාවික වැලි පිරමීඩයක් දැකගත හැකි වෙයි. ඉන්පසු චීනයේ සුප්‍රසිද්ධ සුදු පිරමීඩයද ස්වාභාවික පිරමීඩයකි. ඉන්දියාවේ කෛලාෂකූඨයද ස්වාභාවික පිරමීඩයක් බව මේ වනවිට විද්‍යාඥයන් තහවරු කර අවසානය.
ගිසා පිරමීඩ, බොස්නියා පිරමීඩ මෙන්ම අප රටේ රාවණ යුගයටත් කලියෙන් ඔරායන් බඳ පටියේ ග්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශේෂිත පිරමීඩ තුනක් පැවතුණි. ඒ රුවන්වැලි සෑය, ජේතවනය හා මිරිසවැටියයි. එහෙත් මෙම දාගැබ් වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යැයි ඔබ කියනු ඇත. නමුත් එය එසේ නොවේ. මෙම ස්ථානවලම පසු කාලීනව විශාල දාගැබ් ඉදිවූවා මිසක හෝ නොමැති නම් පිරමීඩ සඟවා දැමුවා මිසක අලුතින් ඉදිවූයේ නැත. මෙම දාගැබ් හා ගීසා පිරමීඩ තවමත් ක්‍රියාකාරීත්වයෙන් පවතී.

පිරමීඩ යනු ශක්තිය ගබඩා කොට එම ශක්තිය තම මවු ලොවට ලබාදෙන මධ්‍යස්ථානයන්‍ය. මෙහිදී දාගැබ් හරහා එම ග්‍රහලෝක තුනට අවශ්‍යය ජලය ගමන් කිරීම සිදුවන අතර ගීසා පිරමීඩ හරහා එම ලොවට අවශ්‍යය අග්නි කදම්භ සම්ප්‍රේශනය වීම ස්වාභාවිකව සිදුවේ. මේ බව ඉපැරණි අ‍ටුවා වලත්, වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ කාවාශපාශාසකය නැමති පරිච්ඡේදයේත් දක්වා ඇත. නමුත් ඒවා බමුණන් විසින් ගිනි නොතබන්නට ඒවායේ තාක්ෂණය යොදා ගනිමින් අද අපට ශ්‍රී පාද කන්ද හරහා ලොවටම බලශක්තිය සැපයීමට හැකියාව තිබුණි. නමුත් රාවණ රජතුමා 2012 යළි පිබිදීමෙන් පසුව සමනළ කන්දේ බලශක්ති ප්‍රභවය යොදා ගනිමින් ලොවටම විදුලිය සපය රට අප හෙළ බිම වීමට නියමිතයි.

සමනළ ගිර මෙම පිරමීඩ වල මධ්‍යස්ථානය ලෙසින් ස්වාභාවිකවම ක්‍රියා කරයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත් වනුයේ මිනිසුන්ගේ චිත්ත ශක්තිය මත යැපෙමිනි. අපි පිංදීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනළ ගිර යනු අති බහුතර ලෙස චිත්ත ශක්තිය ආරෝපණය කර ගනිමින් ක්‍රියාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් ඇල්නිලම් නැතහොත් ආහස්වර වාසී දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය කිරීම උදෙසා චිත්ත ශක්තිය සපයන පිරමීඩයකි. මේ සියල්ල අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවේ.

ඒ ඔවුන් විශ්ව ජීවීන්ගෙන් සියලු රහස් දැනගෙන සිටින නිසාය. රාවණ පරපුර නැතහොත් පෘථිවිය ජනාවාස කළ මුල් පරපුර පිටසක්වල ජීවීන් වූවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ. සත්‍යය වශයෙන්ම මෙය අපට ආඩම්බරයකි.

හෙළයන් ලෙස අපට කළ නොහැක්කක්ද නොමැත්තේ එබැවිනි. “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බවත් යම් දිනෙක ලෝක නායකත්වය උසුළන්නේද හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය