Friday, July 1, 2011


අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම 
ලිපි මාලාව අංක 01


අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම යනු අද බොහෝ දෙනා කථාබහ කරන මාතෘකාවක් තරමටම ලංකාවේ ජනප්‍රිය වී ඇත. පුවත්පත්වලද, අන්තර් ජාලයේද, තාප්පවල අලවන ලද පෝස්ටර් මගින්ද අන්තර් ජාලයෙන් මුදල් ඉපයීම මැජික් එකක් බවට පත්කර ඇත. අද අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කියාදීමටද බොහෝ අය පොරකමින් සිටී. එහෙත් ඒ උගන්වන අයවත් අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය නිසිලෙස දන්නේදැයි ප්‍රශ්ණයකි. ඔවුන් බොහෝවිට කරනුයේ අන්තර් ජාලයෙන් කියවා ලබාගන්නා තොරතුරු හා තමන් සතු සුළු දැනුම අන් අයට ලබාදීම වෙනුවෙන් මුදල් ගසා කෑමකි. සමහරු CD / DVD වලින් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන උගන්වති. සමහරු තැපැල් මගින් උගන්වති. තවත් සමහරු එක් දින, දෙදින වශයෙන් පංති පවත්වා මෙය උගන්වන බව කියති. සමහරු පවසන්නේ දවසට පැය දෙකක් පමණක් වැඩකර මසකට රුපියල් 30 000 ක් පමණ ඉපයිය හැකි බවකි. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සත්‍යයක්ද? ඔය කියන තරම් මුදල් ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් ඉපයිය හැකිද?





 ඇත්ත වශයෙන්ම කියතොත් අන්තර්ජාලය මගින් මුදල් ඉපයීමේ ක්‍රම තිබේ. එය සත්‍යයකි. අන්තර් ජාලයෙන් දවසකට රුපියල් ලක්ෂ ගණන් මුදල් උපයන අයද සිටිති. එහෙත් ඒ අතලොස්සකි. තවද එසේ මුදල් ඉපයීමට මනා හැකියාවක් හා කැපවීමක් මෙන්ම අන්තර්ජාලය හා ඒ පිළිබද හොද දැනුමක්ද තිබිය යුතුය. ඔය කියන ආකාරයට දවසට පැය දෙකක් වැඩකර රුපියල් 30 000ක් එක මසකට එකවර ඉපයීමක් කල නොහැක. එසේ හැකිනම් බොහෝ දෙනෙකු මෙසේ මහන්සි වී වැඩ නොකරනු ඇත. අනෙක් අතට කිසිම කෙනෙක් අන්තර්ජාලය හරහා මුදල් නිකන් දෙන්නේද නැත. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන එක් දිනකින් ඉගෙනගැනීමටද නොහැකිය. තවද අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කර මුදල් ඉපයීමේ ක්‍රමද පවතින අතර එහිදී ලාභ මෙන්ම පාඩුද සිදුවිය හැකිය. 


අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේනම් ඔබට පරිඝනක භාවිතය ගැන හොද දැනුමක් තිබිය යුතුය. ඔබ ඉතා දක්ෂ පරිඝනක වැඩසටහන් ලියන්නෙක්නම්, පරිඝනක නිර්මාණකරුවෙක්නම්, වෙබ් අඩවි නිර්මාණ කරුවෙක්නම්, වෙබ් අඩවි සංවර්ධනය කරන්නෙක්නම් හෝ කිසියම් ක්ෂේත්‍රයක හසල දැනීමක් ඇති අයකුනම් ඔබට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ හොද අවස්ථාවක් ඇත. විශේෂයෙන් පරිඝනක වැඩසටහන් නිර්මාණකරුවන්ට, වෙබ් අඩවි නිර්මාණකරුවන්ට හා වෙබ් අඩවි සංවර්ධනය කරන්නන්ට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ හොද අවස්ථාවක් පවතී. තවද ඉතා ජනප්‍රිය වෙබ් අඩවි අයත් පුද්ගලයන්ටද ඔවු‍න්ගේ වෙබ් අඩවි වල දැන්වීම් පල කිරීමෙන් විශාල ආදායමක් උපයාගත හැක. මෙය දැනට ලෝකයේ පවතින ජනප්‍රියම, සාර්ථකම හා වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන අන්තර්ජාලයෙන් මුදල් උයයන මාර්ගය වේ. ගූගල්, ඇඩ්බ්‍රයිඩ්, චිතිකා වැනි වෙබ් අඩවි වල ලියා පදිංචි වී එම වෙබ් අඩවි වලින් ඔබට ඔබගේ වෙබ් අඩවියට දැන්වීම් ලබා ගතහැකි අතර ඔබගේ වෙබ් අඩවියට පිවිසෙන්නන් මෙම දැන්වීම් නරඹන තරමට ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩිවේ.

තවත් සමහර වෙබ් අඩවි වල ලියාපදිංචි වී ඔවුන් දෙන දැන්වීම් මත ක්ලික් කරීමෙන් මුදල් උපයාගත හැකි මාර්ගයන්ද ඇති අතර බොහෝ විට මෙවැනි වෙබ් අඩවි ඉතා වංචනික ඒවා වේ. එසේ නැතහොත් මෙවැනි වෙබ් අඩවිවලින් ලැබෙන ආදායම ඉතා අඩුය. 







මෙතැන් සිට ලිපි සියල්ලම සරලව ඔබ වෙත ගෙන එන්නම්
ලිපි මාලා අංක 02 න් ඉක්මනටම හමු වෙමු
මට මෙහෙම දෙයක් හිතුනා මට වැඩ වැඩි හින්දා අන්තර්ජාල මුදල් ගැන ඔයාලව දැනුවත් කරන එක පවරනවා වෙන මාගේ මිතුරියකට
අද සිට එයාගේ බ්ලොග් එක බලලා 
ඔයාල දැනුවත් වෙන්න
මෙම වාක්‍යය ක්ලික් කර ඇයගේ බ්ලොග් එකට යන්න

0 comments:

Post a Comment