Saturday, July 9, 2011

Facebook සහ Skype සමාගම් එකතුවත් සමඟ Video Call සේවාව ලොවට හදුන්වා දී තිබේ

Facebook සහ Skype සමාගම් එකතුවත් සමඟ Video Call සේවාව ලොවට හදුන්වා දී තිබේ.
මෙම සේවාව නොමිලයේ බෙදාහරින අතර මේ සදහා ඔබේ පරිඝණකයේ කුඩා මෘදුකාංගයක් ස්ථාපිත කරගැනීම අත්‍යවශයවේ.එය ස්ථාපිත කිරීමෙන් පසු ඔබගේ Web බ්‍රවුසරය මගින් එම මෘදුකාංගය හා Facebook සමග ඔබ සම්බන්ධ කර Video Call පහසුකම ලබ දෙයි.
Video Call සේවාව අත්විඳිම සදහා මෙම වෙබ් ලිපිනයට ගොස් එතැනින් ලබාදෙන මෘදුකාංගය පරිඝනකයේ තැන්පත් කර ගෙන එය පරිඝනකය සමග සම්බන්ද කල පසු ඔබගේ Facebook Chat Box එක මෙලෙස වෙනස් වනු ඇත.

Online Chat ෆෝරමය තුලින් ඔබට ඇමතීමට අවශ්‍ය පුද්ගලයා තොරා ඔහුගේ Chat Box එකෙහි එම කැමරා සලකුණ එබීමෙන් අනතුරුව ඔබට ඔහු හා වාචික මෙන්ම දෘශ්‍යමය සංවාදයේ යෙදිය හැකිය

අවශ්‍යය කෙනාගේ Profile එකට පිවසීමෙන්ද මෙම අලුත් උපක්‍රමය භාවිතා කර හැක.මෙම අලුත්ම උපක්‍රමය CNN සමාගම සිය ප්‍රවෘත්ති ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිතාකරන්නට පහසුකම් සලසමින් පවතී.එනම් සිය නරඹන්නන්ටද සජීවී ලෙස ප්‍රවෘත්ති මැදිරිය හා සම්බන්ධ වී හදිස්සි ප්‍රවෘත්ති සදහා එකතුවිමේ අවස්ථාව සැලසේ.
අන්තර්ජාල විචාරකයින් පවසන අකාරයට මෙම අලුත් අයිතමය Facebook And Skype විසින් Google සමාගමේ Google+ වෙත ලබා දෙන පිළිතුරක් ලෙසත් සිය Facebook ග්‍රහකයින් තවතවත් Facebook වෙත නතුකරගැනීම සදහාත් දරණ ලද උපායක් ලෙසයි.තවම මෙම සේවාව පරීක්ෂණ මට්ටමේ පවතින බවධ මුල් දින වලදී මෙය භාවිතයේදී යම් යම් දෝශ ඇති විය හැකි බව Facebook පාලනාධිකාරිය පෙන්වා දෙයි.
වැඩි විස්තර සඳහා http://www.facebook.com/videocalling
source : 

0 comments:

Post a Comment