Thursday, September 11, 2014

සතුන් වෙනුවෙන් ඔටාරා ODEL විකුණයි.

මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද කීර්තිමත් ODEL ව්‍යාපාරයේ නිර්මාතෘවරිය වන ඔටාරා ගුණවර්ධන තම හිමිකාරිත්වයේ වූ සියළු කොටස් (ඔටාරා ගුණවර්ධනගේ සොයුරු අජිත් ගුණවර්ධන හා පුතා රුචි ගුණවර්ධනට අයත් 44.5 %ක කොටස්) සොෆ්ට්ලොජික් සමාගම වෙත රුපියල් බිලියන 2.6ට අළෙවි කිරීමෙන් අනතුරුව තම ෆේස් බුක් පිටුවෙහි මෙසේ සටහන් කොට තිබෙනවා.

සතුන්ට උදව් කිරීම සදහා තවදුරටත් කාලය කැපකළ යුතු බැවින්  මා සතු කොටස් අලවි කිරීමට තීරණය කළා. මෙම තීන්දුව හිතා මතා ගත් ව්‍යාපාරික තීන්දුවකට වඩා මගේ අභිමතයට සහ රුචිකත්වයට නිසි තැන ලබාදීමක්.ව්‍යාපාරික කටයුතු අතර සතුන් වෙනුවෙන් කටයුතු කරන්න වෙලාවක් නොතිබීම කලක සිට තිබුණ ගැටළුවක්. මා ළමා කාලය ගත කළේ සතුන් ඇසුරේ. එම කාලයට ගමන් කිරීමට මම දැඩි කැමැත්තෙන් සිටිනවා. 

තමන් සතුන් වෙනුවෙන් සේවය කිරීමට ඉපදී ඇති බව දැනෙන තේරෙන වයසේ සිට තමන්ට දැනුන බව පවසන ඇය දැන් ඊට වඩා දැනුවත්ව, සහ බලවත්ව එම කාර්යයයට මැදිහත් වීමට හැකි බව පවසනවා.

ස්ටේෂන් වැගන්  වාහනයෙන් අරඹපු  ඔඩෙල් ව්‍යාපාරය මේ වනවිට ජනතාව අතර ප්‍රචලිත වී ඇති ආකාරය පිළිබදව මම බොහෝ සතුටට පත්වෙනවා. මෙම ගමනේ සාර්ථකත්වයේ ප්‍රීතිය මා සතුයි. වසර 25ක් තුළ ඔඩෙල්  මේ මට්ට්මට පැමිණීමේ ගෞරවය ඒවටා රොක් වු ජනතාවට හිමියි.

සියලු දෙනාගේම ජීවිතවල අරමුණක් ඇති බව පවසන ඔටාරා තමන් දැන් සිය අරමුණ කරා ළගාවීමට සුදානම් බව සදහන් කර ඇත.
01
03
05

0 comments:

Post a Comment