Tuesday, July 12, 2011

ඡායාරූප ශිල්පියා



ඡායාරූප ශිල්පියා
ඡායාරූප ශිල්පියෙක් යනු කැමරාවක් භාවිතයෙන් ඡායාරූප ගනු ලබන තැනැත්තාය. වෘත්තීය ඡායාරූප ශිල්පීන් ප්‍රචාරණ කටයුතු හා මුද්‍රණ අවශ්‍යතා සඳහා සජීවී අවස්ථා ඡායාරූප ගත කරන අතර ආධුනික ඡායාරූප ශිල්පීන් හුදෙක් විනෝදාංශයක් ලෙස සහ විශේෂ අවස්ථා, පුද්ගලයින් හා ස්ථාන නැවත නැවත නරඹමින් සිහිකිරීම සඳහා ඡායාරූපකරණය යොදා ගනී.
වෘත්තීය ඡායාරූප ශිල්පියා බොහෝ අවස්ථා වලදී ඡායාරූපකරණය තම රැකියාව ලෙස යොදා ගනී. උදාහරණ ලෙස පුවත්පත් වර්තාකරණය, විවාහ මංගල අවස්ථා හා උපාධ් ප්‍රදානෝත්සව ආවරණය කිරීම් සහ ප්‍රචාරණ කටයුතු සඳහා ඡායාරූපකරණය දැක්විය හැකිය. තවද පැපරාසීන්, සෞන්දර්යය කලා ඡායාරූප ශිල්පීන් සහ ස්වාදීන ඡායාරූප ශිල්පීන් යමක් ඡායාරූප ගත කිරීමෙන් අනතුරුව එහි වැදගත්කම අනුව අලෙවි කිරීම හෝ ප්‍රදර්ශනය සිදුකරයි. පොලිස් නිලධාරීන්, දේපල වෙළඳ නියෝජිතයින්, පුවත්පත් කලාවේදීන් හා විද්‍යාඥ්ඥයින් ආදී වෘත්තීන් වල යෙදෙන්නන් තම රැකියා වල නොයෙක් අවශ්‍යතා සඳහා ඡායාරූප ගනු ලබයි. චිත්‍රපට ශිල්පීන්, වීඩියෝ නිශ්පාදකයින් ආදී කැමරා ශිල්පීන් නිශ්චල ඡායාරූප මෙන්ම වීඩියෝපටද වාණිජ කටයුතු සඳහා යොදා ගනී.
ඡායාරූපයේ විෂය හෝ මාතෘකාව අනුවද ඡායාරූප ශිල්පීන් වර්ගීකරණය කල හැක. සමහර ඡායාරූප ශිල්පීන් තම විෂය විදහා දැක්වීම සඳහා භූ දර්ශන, නිසල රූ සිතුවම් සහ චිත්‍ර කලා නිර්මාණ වැනි ප්‍රකෘති අවස්ථා යොදා ගනී. අනෙක් ඡායාරූප ශිල්පීන් ඡායාරූප ක්ෂේත්‍රයට පමණක් අනන්‍ය වූ වීඨි ඡායාරූපකරණය, වාර්තා සඳහා ඡායාරූපකරණය, විලාසිතා නිර්මාණ සඳහා ඡායාරූපකරණය, විවාහ මංගල අවස්ථා ඡායාරූපකරණය ආදී වශයෙන් විශේෂීකරණය කල හැක.



0 comments:

Post a Comment