This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, March 29, 2012

PDF හදන සොෆ්ට්වෙයාර් එකක්

ආයුබොවන්. කොහොමද යාළුවනේ. ඔයාලට අලුත් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනා. හ්ම් අද මම කියලා දෙන්න යන්නේ. අපි හැමෝටම වැදගත් වෙන මෘදුකාංගයක් ගැන. PDF කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්නෙ. අපිටම කියලා PDF එකක් හදාගන්න. එහෙමත් නැතිනම් දැනට තියෙන PDF එකක් Edit කරලා අපේ කරගන්න. ඔයාලා කැමති ඇතිනෙ. Edit කරන්න එහෙම ගොඩක් අය හොයන්න ඇති. ඒත් වැඩේ කරගන්න බැරිවෙන්න ඇති :D මේ සදහා අපිට සහය දෙන මෘදුකාංගයේ නම Nitro, මෙහි දැනට Version 7ක් නිකුත් වෙලා තියෙනවා. එහෙත් දැනට මෙය අපිට Trial එක පමනයි ලබා ගත හැක්කේ. Licence Key එකකින් Activate කරගන හැකි වුනත්, Licence එකක් සොයාගත නොහැකි විය :P ඔයාලට මේ ට්‍රයල් එක දවස් 14 ක් පාවිච්චි කරන්න පුළුවන්. එතනින් පස්සෙ ඕනෙම නම් Trial Reset කරලා වැඩ ගන්න පුළුවන් විත්තිය ඔයාලා දන්නවනේ. එහෙනම් අපි බලමු මේ ගැන.


මුලින්ම ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය Download කරගන්න, ඒ සදහා පහල Link එකට යන්න, එහිදී ඔයාගෙ Email එකක් ඉල්ලයි. එයත් ලබාදී Download කරගන්න. පසුව එය Install කරන්න.



FREE HERE
(ඔබ මෘදුකාංගයක් download කරගැනීමෙදී load වන page ඵකෙහි ඉහලින් අැති Skip ID ලබාදෙන්න ඵවිට  download කිරීමට අවශ්‍ය  link ඵක ලැබෙනු අැත)  


ඉහතින් Download කරගෙන Install කරගත් මෘදුකාංගය Open කල විට පහත ආකාරයෙන් දැකගන්න පුළුවන්. මෙය මෙහි මූලික පෙනුම. මේහිදී තමයි අප සියළුම ක්‍රියාකරකම් සිදුකරන්නෙ.







මේ විදිහට ලැබෙන Nitro Pro එකේ Getting Started Window එක Close කරලා දාන්න, අවශ්‍ය නම් මෘදුකාංගය ගැන තොරතුරු එතනින් ලබාගන්න පුළුවන්. 


ඔයාලා දකින්න ඇතිනෙ දැන් ඔය අලුත් මෘදුකාංගය. මේ Office නෙවෙයි හරිද? :D බලන්න මෙය ඔබේ Office New Version එකකට ගොඩක් දුරට සමානයි. උඩ තියෙන ටැබ් සියල්ල සහ Interface එක නිසා පහසුවෙන් හසුරුවන්න පුළුවන්. වේවි. කෙටි කාලයකින් සියළුම වැඩ ටික අල්ලගන්නත් අමාරුවෙන්නෙ නැතිවෙයි කියලා හිතනවා.




මෙහිදී ඔබට PDF එකක් සකස්කරගැනීමට අවශ්‍ය නම්, File ගිහින්, New ලබාදී, එය සකස් කරගැනීමේ හැකියාව තිබෙනවා. අදාලා පිංතූර, වචන ඇතුලත් කරන ඉතා දැකුම්කළු PDF එකක් මෙමගින් සකස් ිරීමට පුළුවන්. ඒ වගේම File ගිහින් Open ගිහින්, ඔබේ පරිගණකයේ තිබෙන PDF එකක් වීවෘත කරගතහොත් එය ඔබට අවශ්‍ය ආකාරයෙන් නැවත Edit කරගැනීමේ හැකියාව තිබෙනවා. අවශ්‍ය තැන් කපා කොටා මකා දමා හදාගන්න :D පසුව Save කරගන්න. මෙයට අමතරම මෙමගින් PDF එකක්, Word, Excel Document එකක් බවට පරිවර්ථනය කරගැනීමේ හැකියාව තිබෙනවා. Home Tab එකේ Convert යටතේ ඒ අදලා Option දකින්න පුළුවන්. මේ විදිහට ඔයාලා කැමති විදිහකට PDF Design කරගන්න.


හරිනෙ, එහෙනම් ඔයාලටත් අද ඉදින් PDF වන කරන්න පුළුවන්, හෙහ්...කැමති විදිහකට Edit කරන්න, අවශ්‍ය අයට අලුතෙන්ම හදන්න පුළුවන්, අපේ බ්ලොග් එකේ Fan Page එකට Like එකක්, Post එකට Comment එකක් එහෙම දාලා යන්න, මේ පොස්ට් එක ඔයාට වැදගත් වුනා නම්. මම ගිහින් එන්නම්. නැවතත් අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි ලිපිය කියෙව්වට. සුබ දවසක් 

ෆේස් බුක් වෝල් එක ඩිසයිනින් කරමු

ආයුබොවන්, ඔයාලා හැමෝටම, හොදින් ඇති කස්ටියම, අදත් බ්ලොග් එක පැත්තට ආපා පොඩි ලිපියක් දාලා යන්න, පොඩි උනාට පොඩි නැහැ, ඔයාලා හැමෝටම වැදගත් නිසා. විශේෂයෙන්ම මුහුණු පොතේ රජ කරන අපේ යාළුවන්ට තමයි මෙය ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාලට අලුතෙන් කියන්න ඕනෙ නැහැනෙ, මුහුණු පොතේ මේ මැතකද සිදුවුන අලුත්ම යාවත්කාලීන වීම සම්බන්ධයෙන්, අපේ Profile එකේ layout එක වෙනස් කරමින් මෙය සකස් කර තිබෙනවා. අලුතෙන් හදපු Account වලට නම් TimeLine එක Active කරගන්න බැහැ, මාස 03 විතර පරණ Account එකක් විය යුතුයි. හ්ම් ඉතින් මේ අලුත් Layout එකෙහි, උඩින්ම අපිට Facebook Cover එකක් යොදාගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා දැනටමත් එක එක ඒවා Upload කරගෙන දාගෙන ඇති. අද මම කියන්න අවේ. මේ Facebook Cover එකක් පහසුවෙන්ම Online හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. අපි බලමු ඒ ගැන.



මේ ක්‍රියාවලිය සදහා අපිට සහය දක්වන්නේ, වෙබ් අඩවියකි. එමගින් තමයි අපි මේ කටයුක්ත සිදු කරගන්නෙ. මෙහි අපිට Example Cover බොහොමයක් ලබා දී තිබෙනවා. ඒවාද තෝරාගැනීමේ හැකියාව තිබෙනවා. එහෙම නැතිනම් අපේම Photo එකක් Upload කරමින් අලුත් Cover එකක් Design කරගැනීමටත් පුළුවන්, මුලින්ම මේ වෙබ් අඩවියට පිවිසෙන්න.




ඉහල Link එක භාවිත කරමින්, මේ Web Site එකට පිවිසූ විට. ඉහත පිංතූරයේ ආකාරයේ Page එක දකින්න පුළුවන්, මෙහි තිබෙන කොල පාට බට්න් එක, First, Lest's Choose the Banner Background >> උඩ ක්ලික් කරලා, ඉදිරිටය ගමන් කල විට. ඔබට Banner Background විශාල ප්‍රමාණයක් දැකගන්න පුළුවන්.




මෙහි තිබෙන Cover එකකට කැමති නම්, එය තොරාගෙන එය මත ක්ලික් කල විට, ඔබට එයට අදාලා Design View එක දකින්න පුළුවන්. 


මේ විදිහට විවෘත වන Design View එකෙන්, මෙය සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමට පුළුවන්, අවශ්‍ය තැනට Text හොයා ගැනීමට. කැපීම් කෙටිම්, මැකීම්, ඔබේ පරිගනකයේ තිබෙන පිංතූරයක් මෙයට Upload කර එය වැඩි දියුනු කර සකස් කරගැනීමටත් පුළුවන් කරමක් තියෙනවා, Search Bar එකෙන්, Sample Cover හොයාගන්නත් පුළුවන්, මේ විදිහට ඔයාලට කැමති TimeLine Cover එකක් හදාගන්න. පසුව ඒය Save කරගන්න, ඔය පොල් ගෙඩි සයිස් තියෙන බට්න් එකෙන්ම. හ්ම්..

ඔය විදිහට ඔයාලටත් ලස්සන TimeLine Cover එකක් සකස් කරගන්න පුළුවන්, වැදග් වෙයි කියලා හිතුන නිසා ලිපියක් විදිහට දැම්මා. එහෙනම් ඔයාලා කියවලා, කරලා බලන්න, පොඩි කමෙන්ට් කෑල්කුත් දාලා යන්න, අමතක කරන්න එපා, බ්ලොග් එකටත් පොඩි Support එකක් දීලා යන්න, එහෙනම් තවත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි සුබ දවසක් !

Saturday, March 24, 2012

අපිත් හදමු Online Radio එකක්

මුලින්ම ඉතින් ඔන කරන්නෙ අවශ්‍යතාවය :P   ඒක ඉතින් ගොඩක් අයට තියනවනෙ.. මම කියන්නම් ‍කොහොමද කරන්නෙ කියල.. මම මේකට යොදා ගන්නෙ Shout cast winamp plug-in එක.. සමහර විට කට්ටිය දන්නවත් ඇති.. ඒ වගේම මේකට අපිට Winampමෘදුකාංගයත් ඕන වෙනව.  මොක Winamp Plug-in දාන්න Winamp එක ඕන නෙ :P

දැන් Winamp නැති අය මෙන්න මෙතනින් එක බා ගන්න.. ඒ වගේම Shout Cast Plug-in එකත් මෙන්න මෙතනින් ගන්න.. ඒ වගේම සමහර විට ඔයාල දන්න ඇති Shout Cast එකෙන් Streaming කරන්න Shout Cast Server එකක් ඕන කියල.. ඒකට මුදල් දීල සර්වර් එකක් ගන්න පුලුවන්.. නැත්තම් මෙන්න තියනව නොමිලේ Shout Cast Hosting දෙන සයිට් එකක් ඒකෙ නම තමයි http://freestreamhosting.org මේ සයිට් එකෙන් හොඳ සේවාවක් දෙනව.. සමහර නොමිලේ දෙන ඒව තියනවනෙ ගන්න දෙයක් නැති.. ඒත් ඉතින් මේයාල නම් සේවාව ගොඩක් හොඳට දෙනව. ඔයාල මුලින්ම ඔය සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙලා Streaming කරන්න අවශ්‍ය කරන Shout Cast Server පහසුකම ලබා ගන්න ඕන. දැන් හොඳ ලමයි ව‍‍ගේ ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ.. සාමාන්‍ය විදියට රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ. මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් කමෙන්ට් එකක් දාල අහන්න..  :)

කලින් මම කීව විදයට පරිගණකයට බා ගත්ත වින්ඇම්ප් එකයි.. Shout Cast Plug-in එකයි දෙකත් පරිගණකයට ස්තාපනය කර ගන්න.. මෘදුකාංග ස්තාපනය කරන හැටි හැමෝම දන්නව කියල හිතනව.. මෙනවද ඉතින් බාපු එක උඩ දෙපාරක් කොටල කියන දේ කරන්න නෙ තියෙන්නෙ. මොකක් හරි අවුලක් නම් කෙලින්ම අහන්න මම ඒක කියල දෙන්නම්. හරි දැන් අපිට ඕන කරන මෘදුකාංගයත් පරිගණකයේ ස්තාපනය කලා.. ඒ වගේම Shout Cast Server එකක රෙජිස්ටර් වෙලා ඒ විස්තරත් තියනව. දැන් බලමු අපි කොහොමද Online Audio Streaming කරන්නෙ කියල.

මුලින්ම පරිගනකයට ස්තාපනය කරපු වින්ඇම්ප් වලට යන්න.. අපිට ඒකෙ Shout Cast Plug-in එක ඇක්ටිව් කර ගන්න ඕන.. ඒක‍ට මෙන්න මෙහෙම කරන්න..

වින්ඇම්ප් උඩ රයිට් ක්ලික් කරන්න >> Options >> Preferences වලට යන්න.. ඒකට ගියම පහත පරිදි පෙනේවි..

ලොකු කරල බලන්න පිංතූරය උඩ කොටන්න
එකෙන් වම් පැත්තෙ තියන මෙනු වලින් DSP/Effect කියන එක සිලෙක්ට් කරන්න.. ඊට පස්සෙ දකුණු පැත්තට එන එකෙන් Nullsoft SHOUTcast Source DSP සිලෙක්ට් කරන්න.. එතකොට අලුත් එකක් ඒවි Shout Cat Source කියල.. අන්න ඒක තමයි අපිට ඕන කරන්නෙ. පහත රූපයෙන් ඒක බලා ගන්න.

අපි දැන් කොහොමද මේ වැඩේ කරන්නෙ කියල බලමු. මුලින්ම ඔයාලhttp://freestreamhosting.org එකේ රෙජිස්ටර් උනානේ.. දැන් ඒකට ලොගින් වෙන්න ඕන සර්වර් එක ක්‍රියාත්මක කරන්න.. ඒ වගේම Shoutcast Source එකට අවශ්‍ය දත්තයන් තියෙන්නෙත් සයිට් එකට ලොගින් උනාම.. ඒකට ලොගින් උනාම ඔයාලට දකුණු පැත්තෙන් පෙනේවි මේන්න මේ වගේ කොටසක්.. පහත රූපය බලන්න.
ඔයාලට පේනව නේද රතුපාට බෝලයක් ව‍ගේ එකක් තියනව ලොගින් උනහම.. ඒකෙන් කියන්නෙ සර්වර් එක තවම ආරම්භ කරල නෑ කියල [Offline] ඒක නිසා එතනම ඉස්සරහින් තියන [Restart] කියන එක ‍ක්ලික් කරල මුලින්ම සර්වර් එක ආරම්භ කරල ඉන්න ඕන.. එතකොට අර රතු පාට බෝලෙ කහ පාට වේවි.. ඒක කොල පා‍ට වෙන්නෙ අපි ගීත හරි ‍මොනව හරි Streaming කරන්න පටන් ගත්තට පස්සෙ. හරි දැන් අපි සර්වර් එකත් ආරම්භ කලා. දැන් අපි බලමු කොහොමද Streaming කරන්නෙ කියල.
ඔයාල Shout cast Source එකේ Output ටැබ් එකට ගියාහ මෙන්න මේ වගේ කොටසක් පෙනේවි.. දැන් ඔය තියෙන්නෙ මගේ එකේ විස්තර ටික.. මෙතන්ට ඔයාල රෙජිස්ටර් වෙලා ලැබිච්ච විස්තර දාල තමයි සර්වර් එක කනෙක්ට් වෙන්න ඕන.. ඔයාලට ඒ විස්තර ටික බලා ගන්න පුලුවන් ඉහත රූපයේ තියෙන් මෙනු එකෙන් Stream settings කියන එකට ගියහම. අන්න ඒ විස්තර ටික අරගෙන් මේකට දාන්න. හරි.. දැන් ඔයාල මේ වැඩෙන් 90% ක් විතර ඉවරයි.

මීලගට ඔයාලට තියෙන්නෙ Encoding හදන්න.. ඒකට ShoutCast Source එකේEncoder කියන ටැබ්  එකට යන්න.. ඒකෙන් රූපයේ පරිදි Encoder Type එක MP3 Encoder තොරන්න.. Encoder Settings එකට ඔයාල කැමති එකක් දෙන්න.. හැබැයි 128kbps වලට වඩා එකක් දෙන්න එපා මොකද සර්වර් ‍එක උපරිම සහය දක්වන්නෙ 128kbps වලට.. ඒ ව‍ගේම කියන්න ඕන 128kbps දුන්නම ‍ගොඩක් ‍ඩේට ප්‍රමාණයක් වැය වෙනව.. කනෙක්ෂන් එක හරියට නැත්තම් කැඩි කැඩි වගේ තමයි යන්නෙ.. ඒක නිසා මම නිර්දේෂ කරන්නෙ ඔය රූපයේ තියන විදිය. එතකො‍ට අහන අයටත් පහසුයි.. ඒවගේම ඔයාල Streaming කරද්දි පැයකටම වැය වන්නෙ 13Mb විතර ඒක නිසා unlimited නැති කෙනෙක්ට උනත් මේක කරන්න පුලුවන්.

හරි දැන් ඔක්කොම වැඩ ඉවරයි. දැන් තියෙන්න Output ටැබ් එකේ Connect කියල තියන button එක ක්ලික් කරල කනෙක්ට් වෙන්න.. ඊට පස්සෙ ඔයාල වින්ඇම්ප් එකේ ප්ලේ කරන ගීත Streaming වෙන්න පටන් ගනීවි..

දැන් වැඩ ‍ඔක්කොම ඉවරයි.. දැන් ඉතින් පොඩි ප්‍රචාරයක් දීල වැඩේ කරන්නයි තියෙන්නෙ.. වැඩේ කරද්දි අපිවත් දැනුවත් කරන්නකෝ..  මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් අහන්න.. ඔයාලගේ Online Radio එක හොයා ගන්න බැරි නම් මෙනු එකේ Tune in links & scripts එකට යන්න. එතන ඔක්කොම තියනව.. ඒ වගේම ඔයාලට ඒ ප්ලේයර් එක වෙන පේජ් එකකට උනත් දාන්න පුලුවන්.. ඒ ගැනත් ලියන්න ඕන නම් කමෙන්ට් වලින් කියන්න.. මම ඒකත් ලියන්නම්.. මගේ වැඩ ඉවරයි.. දැන් ඉතින් ඔයාලගෙ වැඩ.. අපිටත් අහන්න දාන්න Online Radio…
Popularity: 100% [?]

Thursday, March 22, 2012

►►ලොව සුපතල වෙළද නාම වල ඇරඹුම◄◄

Apple Computers : Apple සමාගමේ නිර්මාතෘ වරයෙකු වන ස්ටීව් ජොබ්ස්ගේ(Steve Jobs) ප්‍රියතම පලතුර ඇපල් වේ. ඔවුන් ගේ අලුත් සමාගමට නමක් යෝජනා කිරීමට ඔහුට පැවරුනු අතර මාස 3ක් ගත වූ පසුවත් ගැලපෙන නමක් ඔහුට කල්පනා නොවූ නිසා අවසන් දින සවස 5ට පෙර ඔහුගේ සගයන් වෙනත් හොද නමක් යෝජනා නොකලහොත් සමාගම Apple Computers ලෙස නම් කිරීමට ඔහු තීරනය කලේය.

◄► Yahoo! : ජෙරී යැන්ග්(Jerry Yang) සහ ඩේවිඩ් ෆිලෝ (David Filo)විසින් ආරම්භ කල සමාගම මුලින් හැදින්වූයේ David and Jerry's Guide to the World Wide Web නමිනි. පසුව එය Yahoo! නමින් නම් කලේ "Yet Another Hierarchical Officious Oracle" යන්න අර්ථවත් කිරීමටයි. එසේම Yahoo යන නම මුලින්ම හදුන්වා දුන්නේ ගලිවර්ගේ චාරිකා(Gulliver’s Travels) රචනා කල ජොනතන් ස්විෆ්ට්(Jonathan Swift) විසින් වන අතර එමගින් ඔහු අර්ථවත් කලේ පෙනුමෙන් සහ ක්‍රියාවෙන් රෞද්‍ර වන අමනුෂ්‍යයෙකි. ජෙරී යැන්ග් සහ ඩේවිඩ් ෆිලෝ තමන් දෙදෙනා යාහූවරුන් දෙදෙනෙකු ලෙස හදුන්වා ගැනීමට කැමති වූවාදැයි යන්නත් සැකයකි.

◄►Hewlett Packard : Hewlett Packard සමාගමේ නිර්මාතෘවරුන් වන Bill Hewlett සහ Dave Packard නව සමාගමේ නම සදහා යොදා ගන්නේ Hewlett-PackardPackard-Hewlettද යන්න තීරනය කලේ කාසියක් උඩ දැමීමෙනි.

◄►Intel : Intel සමාගමේ නිර්මාතෘ වරුන් වන Bob Noyce සහ Gordon Moore මුලින් තීරණය කලේ ඔවුන් ගේ සමාගම Moore Noyce ලෙස නම් කිරීමටයි.නමුත් එම නම හා සමානවම ශබ්දවන නමක් සහිත ඉලෙක්ට්‍රොනික භාන්ඩ නිපදවන සමාගමක්(More Noise) ලියාපදිංචි වී තිබූ නිසා එය භාවිතා කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබුනි.අවසානයේ ඔවුන් Intel යන්න යොදා ගත්තේ INTegrated ELectronics යන්න සංකේතවත් කිරීමටයි.

◄►Motorola : Motorola සමාගමේ නිර්මාතෘ පෝල් ගැල්වින්(Paul Galvin) ඔහුගේ සමාගම මෙනමින් නම් කලේ මෝටර් රථ සදහා රේඩියෝ නිපදවීම සදහා සමාගමක් ඔහු අලුතින් ඇරබූ විටයි.මෙය Motor සහ Ola යන වචන දෙකේ එකතුවක් වන අතර 'Motor'යන්නෙන් මෝටර් රථත් 'Ola'යන්නෙන් ශබ්දයත් නිරූපනය කෙරේ.

◄►Adobe : Adobe සමාගමේ නිර්මාතෘ ජෝන් වෝනොක්ගේ(John Warnock) නිවස පිටුපසින් ගලන ඇඩෝබි ක්‍රීක්(Adobe Creek) ගංගාවේ නමින් ඔහු Adobe සමාගම නම් කලේය.

◄►Java: ජාවා පරිඝණක ක්‍රමලේඛන භාශාව (Java Computer Programming Language)මුලින් හැදින්වූයේ ඕක් (Oak) නමිනි,ඒ ජාවා වැඩි දියුණු කල ජේම්ස් ගොස්ලින්ගේ(James Gosling) කාර්යාලය අසල තිබූ ඕක් ගස සංකේතවත් කිරීමටයි. පසුව එය Java නමින් නම් කලේ ජාවා ක්‍රමලේඛන භාශාව වැඩි දියුණු කල සමයේ ජේම්ස් ගොස්ලින් විසින් බෙහෙවින් පානය කල ජාවා කෝපි(Java Coffee) සංකේතවත් කිරීමටයි.

◄►Mercedes:සමාගමට මුදල් යෙදූ තැනැත්තාගේ දියනියගේ නමයි.

◄►CISCO:සැන් ෆ්‍රැන්සිස්කෝ(San FranCISCO) යන්නෙහි කෙටි නමයි.

◄►Corel : Corelසමාගමේ නිර්මාතෘ ආචාර්ය මයිකල් කෝප්ලන්ඩ්ගේ(Dr. Michael Cowpland) නමින් බිදී ආවකි. නමින් නිරූපනය වන්නේ COwpland Research Laboratory යන්නයි.

◄►Hotmail : Hotmail නිර්මාතෘ ජැක් ස්මිත්ට(Jack Smith) ලෝකයේ ඕනෑම තැනක ඇති ඕනෑම පරිඝණකයකින් E-Mailවෙත පිවිසීමේ අදහසක් සිතට නැගුනු අතර අනෙක් නිර්මාතෘ සබීර් භාතියා(Sabeer Bhatia) මෙය ව්‍යාපාර අදහසක් දක්වා වැඩි දියුණු කලේය.පසුව මේ සදහා සුදුසු නමක් සෙවීමට මොවුන් දෙදෙනා වෙහෙස වූ අතර Mail වලින් අවසන් වන බොහෝ නම් මේ සදහා සලකා බැලුනි.අවසානයේ මොවුන් නම ඒ සදහා Hotmail සුදුසු යැයි තීරනය කලේ html යන නමේ අඩංගු සියලුම අකුරු එහි අඩංගු වූ නිසාවෙනි.එමනිසා මුල් කාලෙයේ ඔවුන් භාවිතා කලේ HoTMaiLයන නමයි.

◄►Google : මුලින්ම Google සමාගම හැදින්වූයේ Googol යන නමිනි. යන්නෙන් අදහස් කරන්නේ 1ත් සමග බින් දු 100ක් ඇති සංඛ්‍යාවයි. මෙමගින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයට වරකට සෙවිය හැකි Information ප්‍රමානය පිලිබද හැගීමක් ලබා දෙයි. පසුව නිර්මාතෘවරුන් වන ස්ටැන්ෆර්ඩ් සරසවියේ(Stanford University) සිසුන් වූ සර්ජි බ්‍රින්(Sergey Brin) සහ ලැරී පේජ්(Larry Page) තම සෙවුම් යන්ත්‍රය ආයෝජකයෙකුට ප්‍රදර්ශනය කල විට ඔහුගේ ඉල්ලීම අනූව මෙය Google නමින් නම් කෙරුනි.

◄►Coca Cola : Coca Cola සමාගමේ නම නිර්මාණය කලේ එහි අඩංගු කොකා කොල(Coca Leaves) සහ කෝලා ඇට (Kola Nuts) සංකේතවත් කිරීමටයි.

◄►Compaq : Compaq සාමගමේ නමින් නිරූපනය වන්නේ COMPAtibility and Quality යන්නයි

◄►Lotus(Notes) : Lotus(Notes) නිර්මාතෘ මිච් කපූර් (Mitch Kapoor) යෝග ගුරුවරයෙකු වූ අතර එහි නම ලෙස යොද ගත්තේ ප්‍රසිද්ධ යෝග අභ්‍යාසයක් වන පද්මාසනයේ (The Lotus Position) නමයි.

◄►Microsoft : Microsoft සමාගමේ නිර්මාතෘ වරුන් වන බිල් ගේට්ස් (Bill Gates) සහ පෝල් ඇලන්(Paul Allen) Microsoft නම යොදා ගත්තේ MICROcomputer SOFTware යන්න සංකේතවත් කිරීමටයි. මුලින් Micro-Softලෙස භාවිතා කලත් පසුව එය Microsoft ලෙස නම් විය.

◄►Sony : Sony සමාගමේ නම නිර්මාණය වුනේ ශබ්දය යන තේරුම දෙන 'Sonus' යන ලතින් වචනයත් දීප්තිමත් කොලු ගැටයා යන අරුතින් ඇමරිකානුවන් එදිනෙදා ව්‍යවහාරයේදී යොදා ගන්නා 'Sonny' යන වචනයේත් එකතුවෙනි.

◄►SUN : SUN සමාගම නිර්මාණය කලේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ(Stanford University) මිතුරන් හතර දෙනෙකි.SUN යන්නෙන් අර්ථවත් වන්නේ Stanford University Network යන්නයි.

◄►Samsung : Samsung සමාගමේ නිර්මාතෘ ලී බුන්ග් චල්ට(Lee Byung-chull) අනූව Samsung යන්න කොරියානු වචනයක් වන අතර එහි මුල් කොටසින් විශාල බව හැගවෙන අතර පසු කොටසින් සදාකාලික බව හැගවෙයි.

◄►3M : Minnesota Mining and Manufacturing නැමති සමාගමේ මුල් නමේ ඇති අකුරින් ආරම් භ වන වචන 3 නිරූපනය කිරීමට පසුව එය 3M ලෙස නම් කෙරුනි.

◄►Nokia : Nokia සමාගමේ නිර්මාතෘ වන්නේ පින්ලන්ත ජාතික ෆෙඩ්‍රික් ඩෙස්ටාම්ය( Fredrik Idestam). මුලින්ම මෙම සමාගම කඩදාසි කර්මාන්තයත සම්බන්ධ සමාගමක් විය. මෙම සමාගම මුලින්ම ආරම්භ වූයේ නිරිත දිග පින්ලන්තයේ නොකියා(Nokia) නගරයේ වූ අතර එම නිසා එම සමාගම අදටත් ලෙස හදුන්වයි.

◄►Ericsson : Ericsson සමාගමට නම ලැබුනේ එහි නිර්මාතෘ වූ ලාර්ස් මැග්නස් එරික්සන්ගේ(Lars Magnus Ericsson) නමිනි.

◄►Toyota : Toyota සමාගම මුලින් හැදින්වූයේ එහි නිර්මාතෘ වූ කිචිරෝ ටොයෝඩාගේ (Kiichiro Toyoda) පවුල් නාමය වූ ටොයෝඩා(Toyoda) යන නමිනි.නමුත් පසුව එහි නම ටොයෝටා ලෙස නම් කලේ ජපන් භාශාවෙන් ටොයෝටා නම ලිවීමේදී අවශ්‍ය වන්නේ ඉරි 8ක් පමනක් නිසාත්(ජපන් ජාතිකයන් ට 8 යන්න වාසනාවන්ත ඉලක්කමකි) ටොයෝටා යන්න කියවීම ටොයෝඩා යන්න කියවීමට වඩා පහසු වීමත් නිසාය.