Saturday, July 16, 2011

වලපනේ පාසල් සිසුහු 3ක් නිලාවේලි මුහුදට බිලි අධ්‍යාපන චාරිකාව කඳුළින් නිමා වෙයි

වලපනේ පාසල් සිසුහු 3ක් නිලාවේලි මුහුදට බිලි

අධ්‍යාපන චාරිකාව කඳුළින් නිමා වෙයි
එක් සිසුවෙක් දිවි ගලවා ගනී
අධ්‍යාපන චාරිකාවක් සඳහා ගිය නුවරඑළිය වලපනේ පාසල් සිසු පිරිසකගෙන් තිදෙනෙකු නිලාවේලී මුහුදේ නාමින් සිටියදී රළ පහරට ගසා ගෙන ගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.මෙහිදී එක් සිසුවකුගේ දිවි බේරී ඇති අතර ඔහු නිලාවේලි රෝහලේ ප්‍රතිකාර ලබයි. මිය ගොස් ඇත්තේ නුවරඑළිය වලපනේ හරස්බැද්ද සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන රාගල දියනිල්ල පනහ පදිංචි ඒ. පී. අසේල සඳරුවන්, වලපනේ හරස්බැද්ද පදිංචි එල්. එම්. ඉසුරු සම්පත් (16) හරස්බැද්ද මල්ලියප්පුව පදිංචි නුවන් කෞශල්‍ය (17) යන අයයි.
හරස්බැද්ද දකුණ පදිංචි එච්. එම්. සුපුන් චන්දිම සිසුවා දිවි බේරාගෙන තිබේ. ඔහු සිද්ධිය විස්තර කරමින් මෙසේ පැවසීය. අපි ඉස්කූල් ට්‍රිප් එකක් ආවා. පෙරේදා (14) පිටත් වී සීගිරිය බලා ඊයේ (15) ත්‍රිකුණාමලයට ආවා. ටීචර්ලා ළමයි 130 ක් විතර ඇවිත් හිටිය. නිලාවේලි වෙරළට ඇවිත් අපි නිලාවේලි වෙරළේ නෑවා. එකපාරට ආපු රළකට අපි ගහගෙන ගියා. මාව බෝට්ටුවකින් ආපු කට්ටියක් බේරා ගෙන රෝහල් ගත කළා. මට එච්චර අමාරු නැහැ. අපේ තුන් දෙනෙක් නැති වුණා යැයි පැවසීය.
පාසල් සිසුන් ගසාගෙන යද්දී සෙසු පිරිස් ගොඩට ගෙන ආරක්ෂාකාරී පියවර ගැනීමට නිලාවේලි විජයබා නාවික හමුදා කඳවුරට අයත් වෙරළේ ස්ථාපිත කර ඇති ජීවිතාරක්ෂක කණ්ඩායම හා පොලිස් ජල ක්‍රීඩා නිලධාරීන් මෙහිදී කටයුතු කර තිබුණි. සිද්ධිය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි සහකාර පොලිස් අධිකාරී (අපරාධ හා මෙහෙයුම්) අරුණපේ‍්‍රම ශාන්ත මහතා පරීක්ෂණ ඇරඹීය. කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි. එම්. යු. එස්. යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ. සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණයට මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට ත්‍රිකුණාමල අතිරේක මහේස්ත්‍රාත් එස්. සතිස්දරන් මහතා පැමිණීමට නියමිතව තිබිණි.
මිය ගිය සිසුන්ගේ සිරුරු
දිවි බේරාගත් සුපුන් චන්දිම රෝහලේ ප්‍රතිකාර ල

0 comments:

Post a Comment