Tuesday, July 19, 2011

බුදු දහම පිට සක්වලින් සොයා ගැර්‍නෙ
















අබිරහස...

කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස් වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, "එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර"


මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර ඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..

මෙම කඳවුරට එහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "51 වැනි කළාපය" නොහොත් "ඒරියා 51" යන නාමයයි. (Area 51)

ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.

මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින් සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑම ශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහ ජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළ නොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..

මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි...

"පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."

මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )

බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....

"තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "‍යථා ගත" හෙවත් "සත්‍ය ගාමී වූ" යන්නය. නො එසේ නම් " සත්‍ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන් උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍ර දේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි. උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි "තථාගතන් දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.

තවද මේ නමින් උන් වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද", "ආටානාටිය පරිත්තයෙහිද","මහා මංගල සූත්‍රයෙහිද", " අනාගත වංශ දේශනායෙහිද" බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම් දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද "තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.

එසේ නම් "තථාගත" නාමය මෙ සක්වා තළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ" නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහු උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.

දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.

බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි "නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේද මෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත් වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුක විනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.

දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..

"නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේර නම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"

(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)

"නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය"

"නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිස ද පවත්නේය"

වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..

"බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට" (Buddhist Cosmology) අනුව මේ "දිව්‍ය" ලෝක තලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය" (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟා ගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක "ජීව ඔරලෝසුවක්" ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලය සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයා රජ කරන "චාතුර් මහා රාජික" දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂ මිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - 9.4 million years )..(මෙම ගණනය පුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...

මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි...!!!!

එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහු යම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකව හමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...

"අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැන යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකම මිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත.. ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණය නොකරන්නේ "බුද්ධොත්පාද" ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම විය යුතුය...."

"මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන බුද්ධ විවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක් පැමිණියත්, මොන තරම් දියුණු ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේ අල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත් වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??

("රෝම, චෝල මණ්ඩල, අරාබි, බ්‍රිතාන්‍ය ආදී වූ මහ බලසම්පන්න ලෝකාධිපති අධිරාජ්‍යන්ට ඒ කුඩා දූපතේ බුදු සසුන අතු ගා දමන්නට හෝ එය රකින සංඛ්‍යාවෙන් අල්පයක් වූ ජාතිය සමූල ඝාතනය කරන්නට කී වතාවක් වැර දැරුවත් නොහැකි විය.")

එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?...

ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?

(රාහු අසුරේන්ද්‍රයා (අසුර නිකාය යනු ඉතා චණ්ඩ ගති පැවැතුම් ඇති විශ්ව ජීවි විශේෂයකි - " Hostile Extra Terrestial Biological Entity" ) පවා " හේ මහා වීරෝ" යන නමින් බුදු පියාණන් අමතා ඇත.)

"බුද්ධ" ජීවි විශේෂය.....

"ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?" .....

"නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...

"ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?...."

"කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමද මිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන් කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා "බුද්ධ" යැයි දනුව"

මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්‍රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූ සංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක් අවධානය යොමු කරන්න...

චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාම වාදය" (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්" දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන ජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙස පොත් පතින් හඳුනා ගතිමු.

ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද?....ඉතිරි අර්ධය කුමක්ද?...."සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?....

දැන් නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත් කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද, හැදී වැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්‍යයෙකුද නොවෙමි.."

"අග්ග්ඥ සූත්‍රයෙහි" බුදු රදුන් ලෝකාරම්භය ගැන දෙසා ඇත්තේ " ඉතා සරළ ඒක සෛලික ජීවි ස්වරූපයෙන් සිතිවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව නිසා ජීවිහු වර්ධනය" වූ බවයි...

මෙහි "සිතුවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව" යන්නට නැවත, නැවතත් ඔබේ දැඩි අවධානය යොමු කරන්න....

එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය" (Psychological Evolution) හා " කාය පරිණාමය" (Physical Evolution)...!!....ඩාර්වින් අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත් කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින් නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේ පෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත් විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! (Universal Biological Evolution)..!!

මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනස අනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයට ක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාම වාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවය සැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාර ගමනයි....

I know that some of you may not have access to Sinhala fonts. Thus, I will publish this all important faction of my writing in English as following:

"Mind precedes the Body...Your Physical evolution will take the direction of your psychological evolution..These are the perimeters in the journey of Sansara..This is the Buddhist theory of Evolution..!!"

එසේ නම් " සාර සංඛෙ‍ය කල්ප ලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, "ක්‍රමානුකූල මානසික පරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්" නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම් දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය" වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේ ඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )

Again in English, "attaining Enlightenment is the GREAT PSYCHOLOGICAL LEAP from what we know as "Human Species" (Homo sapiens) to a "Universally Super specie level" known as " Samma Sam Buddha"

ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍ර බැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි... කුඩා නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියන ගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවී විශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේ ගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණන තව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාස බ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්‍යාත්මක විස්තර සඳහා මෙතන click කරන්න)

එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි "සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවි තළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒ තැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙස අමතති....

ඔබට උපත්තියෙන් උරුම ඒ මහා ශ්‍රේෂ්ඨ විශ්ව ජීවියාණන් වහන්සේ ගේ දර්ශණයයි....සක්වළ කරකවන එකම සැබෑ ඥාණයයි....

"සුඛෝ බුද්ධානං උප්පාදෝ"......










37 COMMENTS:


අමිත්ත said... [Reply to comment]
මුල් ටික නම් නනිකරම xfiles ය.ලිපිය සාර්තක වුවත් ගෑලපීම මදිය. නමුත් අප කල යත්තෙ නොපමාව ධර්මයේ හෑසිරීම මිස මෙවෑනි ලාම්ක තර්ක ගෙන හෑර දෑක්වීම් නොවේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා ට වසර 2550කට පෙර කළු කුහරය පිලිබදව දේහනා කර තිබෙ.(සොයා බලන්න)
charitha said... [Reply to comment]
ගොඩක් හොද කතාවක්. සතුටුයි මේ ගෑන
Bhagya රාජපක්ෂ said... [Reply to comment]
@ අමිත්ත : දෙවනි ලිපිය කියෙව්වනම් ඔයා මේ කමෙන්ටුව ඉල්ලා අස් කරගන්නවා සහතිකයි... :D සමාවෙන්න... මෙය X-files වලින් උපුටාගත්තක් නොවේ.... මේ ලිපිය ලාමකද ?? :o ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා ට වසර 2550කට පෙර කළු කුහරය පිලිබදව දේහනා කර තිබේ යන්න සොයා බැලීම අනවශ්‍යයි.. සියලු දෙනා දන්නා කරුණක්.. දෙවන ලිපිය (හෙට) කියවන්න.. "නමුත් අප කල යුත්තෙ නොපමාව ධර්මයේ හැසිරීම මිස මෙවෑනි ලාමක තර්ක ගෙන හෑර දෑක්වීම් නොවේ..." කතාව ඇත්තය.. නමුත් මේ වගේ කතා කියන කීදෙනාද ධර්මයේ හැසිරෙන්නේ... @ charitha : බොහොමත්ම ස්තුතියි, ගෞරවය කතුවරයාටම හිමිවේවා!!
Indika Rajapaksha said... [Reply to comment]
නියමයි මල්ලි. හිතාගන්නවත් බැහැ....
Aajitha said... [Reply to comment]
මට කියන්න වචන නැහැ ... ලිපිය වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම විශිෂ්ටයි.. දෙවන කොටස ගැනත් හිතාගන්න පුලුවන්...!! :) මේ වගේ කතුවරයෙක් ඇයි විදේශයකට වෙලා?
The Invisible Man said... [Reply to comment]
අපේ පිපාසය තවත් වැඩි නොකර දෙවන ලිපියත් ඉක්මනටම දැම්මොත් තමයි හොඳ... :) :) :)
damith said... [Reply to comment]
machoo ... meaka mara sceen eakaknea .... sirawata aga hiriwatenawa .... :O
Thaths said... [Reply to comment]
මොනවා උනත්, 2 කොටස ඉක්මනට දාන්නකො කොලුවෝ...
අමිල said... [Reply to comment]
ඔච්චර බලගතු Area 51 තාක්ෂනයක් තියෙන ඇමරිකාව තාම තලේබාන් ලා ඉස්සරහා දණ ගහනවා කියනකොට නිකන් නොගැලපීමක් දකින්නෙ නැද්ද? මට නම් හිතෙන්නෙ ඕක ඇමරිකාවෙ තවත් එක බොරුවක් විතරයි කියලා. මට නම් හිතෙන්නෙ ඔය කියන කලාපය නිකන්ම නිකන් පර්යේෂණ කලාපයක් විතරයි, ඇමෙරිකන් ජාතිය සෑහෙන බලවත් ජාතියක් කියලා අඟවන ප්‍රචාරණ වැඩපිලිවෙලෙ තවත් එකක් විතරයි ඕක. 2001 තමා යුද්ධෙ පටන් ගත්තෙ ඇෆ්ගනිස්ථාන් වල. තාම ගහනවා. නිකන් හිතහන් තාක්ෂනය ඔච්චරටම දියුණු නම් මේ යුද්ධෙ මේ වෙද්දි ඉවර වෙන්න ඕනා නේද කියලා. :P
prasad said... [Reply to comment]
මේ ලිපියේ මුල කොටසේ තිබෙන පිටසක්වළ ජීවින් සම්බන්දව හොප්කින් මහාචාර්යතුමාගේ ප්‍රකාශය සම්බන්දව අන්තර්ජාලයේ වෙනත් සටහන් තිබෙද? තිබෙනම් දක්වන්න...
Searching.... said... [Reply to comment]
මෙහෙමය්..මෙම ලිපිය 100% ක් නිවෑරදි යයි කිව්වොත් එක වෑරදි...නමුත් බුදුරදුන් මීට වසර ගනනකට පෙර දේශනා කරපු දේවල්..100% ක් නිවෑරදියි........ලිපියෙ වරදි පෙන්ව දීමද අත්ය-අවශ්යය,නමුත් මේ පිලිබද වඉරයකින් නොමනා දේවල් කීම අවශ්ය නොවේ මක්නිසාදයත්,එවෑනි පුද්ගලයො මෙවෑනි ලිපියක් සෑදීමටවත් සමත් නොවෙති.........දෑන් මම නවතින්නම්...මේ ගෑන කොමෙන්ට් කරන්න ඉතින් පිටු 3-4 ක් වත් යයි ඊට සකයක්ද නෑත...මෙය ඉතා වටිනා ලිපියක් බව නොරහසකි,අප අගය කලයුත්තේ මෙම අදහස් අපත් සමග බෙදා ගෑනීමය....ඔබට බුදු සරණයි.......
Bhagya රාජපක්ෂ said... [Reply to comment]
දැන් ගොඩාක් රෑ වෙලා .. මම මේ කමෙන්ට්ස් ගැන අදහස් හෙට කියන්නම්... සියලුදෙනාටම ස්තුතියි !!
හසිත ජයසූරිය said... [Reply to comment]
නියමයි නියමයි නියමයි......
මනුශා ජයතිලක said... [Reply to comment]
මට එක ප්‍රශ්නයක් තියෙනවා. පිටසක්වල ජීවියො සහ එරියා 51 එකේ අය එකිනෙකාව හම්බවෙනවා කියන්නෙ කොහොමද? මම දන්න විදීයට එරියා 51 එකෙන් කරන්නෙ පිටසක්වල ජීවියො ගෙන පරීක්ශන කරන එක විතරයි.
Bhagya රාජපක්ෂ said... [Reply to comment]
@ Indika : ඒකෙනේ මේ වගේ එකක් අනිත් අයටත් කියවන්න අපි ඉඩ සලස්වන්න ඕනේ... :D @ අදෘශ්‍යමාන මිනිසා : දෙවන ලිපිය දැම්මා... පිපාසය සංසිදෙන්න ඇති නේද ?? ;) @ Damith : මොනවා අහනවද ? ඇඟ හිරි වැටිලා ආයෙත් හිරි වැටෙනවා ..!! :D @ Thaths : දෙවන කොටස දැම්මා කොලුවා !! @ අමිල : ඔයා ඔහොම කිව්වට අපි හැමෝමත් හරියට නොදන්න ගොඩාක් දේවල් ජාත්‍යන්තරය අපෙන් වසන් කරනවා... ඒ ගැන අපිට කරන්න දෙයක් නෑනේ.. අනික මේකත් මතක තියාගන්න, බුදු දහම කොතනකදීවත් අන්‍ය ආගම් වලට හිරිහැරයක් වන අයුරින් කටයුතු කිරීම අනුමත කරන්නේ නෑ... අනිත් එකේ පෘථිවියේ ආගම් යුද්ධයක් ඇතිකිරීම අනවශ්‍යයි... අනිත් එක තලේබාන් ලා ඉස්සරහා දණ ගහනවා කියන එක කොහෙත්ම ගැලපෙන්නේ නෑ... දෙවන ලිපියේ උදාහරණය හොඳටම ඇති ... (හයිඩ්‍රජන් බෝම්බය මානව සංහතිය සතු බිහිසුණුම සමූල ඝාතක අවියයි. එය ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සතු වන අතර එහි එක් පහරකින් "අරය" කිලෝමීටර 100ක් පමණ වන වෘත්තයක් තුළ බිහිසුණු විනාශයක් කළ හැක.. ) ඉතින් යාලුවා ඇමරිකාවට ඇෆ්ගනිස්ථානය කියන එක ලෝක සිතියමෙනුත් මකන්න පුලුවන් බව හොඳට මතක තියාගන්න.... අනිත් එක ඇෆ්ගනිස්ථානයෙන් බුදු පිළිම හමුවෙලා තියන බව අමතක කරන්න එපා...... ඒක නිසා ඇෆ්ගනිස්ථානය රැකිලා තියනවද කියන එක මතභේදයකට තුඩු දෙන කරුණක් ... මේකයි මම අපි නොදන්න හස්තයක් මෙතන ක්‍රියාත්මක වෙනවා කියන්නේ... ඒක මොකක්ද කියලා කියන්න නම් මම දන්නේ නෑ... @ Prasad : ඔයා Stephen Hawking මහාචාර්යවරයා ගැන නොදන්න බවයි පේන්නේ... නමින් නොදන්නවා උනාට පෙනුමෙන් දන්නවා විය හැකියි... මේක බලන්න ... http://en.wikipedia.org/wiki/Stephen_Hawking මේ ලින්ක් එක බලන්න... මේ වගේ තවත් ගොඩාක් ඒවා තියනවා... මේ එකක් විතරයි... http://www.timesonline.co.uk/tol/news/science/space/article7107207.ece (මේ මහාචාර්ය වරයා පැහැදිලිව කියලා තියනවා පිටසක්වල ජීවීන් සමඟ සන්නිවේදනය කරන්න එපා කියලා) @ Searching : වැරදි කා අතිනුත් වෙනවා... මේ ලිපියේ සුලු සුලු (ඉතාමත් සුලු) අඩුපාඩු ඇති ... නමුත් මම මේ ලිපිය මේ අයියාගෙන් අහලා ප්‍රසිද්ධ කලේ හුදෙක් ජනතාවගේ දැනගැනීම පිණිසයි.... මෙය ඉතා වටිනා ලිපියක්!! එය අවිවාදාත්මකයි !! :) @ හසිත ජයසූරිය : අනිවා !! කියෙව්ව එකත් ලොකු දෙයක් .. උඹ විද්‍යාත්මක ලිපි කියවනවා කියලා අදනේ දන්නේ මල්ලි ... :D @ මනුශා ජයතිලක : මේ බව ලිපියේ තියනවානේ අක්කේ... "හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි…" අනිත් එක ඔයා තාම පොඩි වැඩියි මේ ගැන හොයන්න ... හික්z! ;) ;) ;)
අමිල said... [Reply to comment]
[Q]ඔයා ඔහොම කිව්වට අපි හැමෝමත් හරියට නොදන්න ගොඩාක් දේවල් ජාත්‍යන්තරය අපෙන් වසන් කරනවා… ඒ ගැන අපිට කරන්න දෙයක් නෑනේ.. අනික මේකත් මතක තියාගන්න, බුදු දහම කොතනකදීවත් අන්‍ය ආගම් වලට හිරිහැරයක් වන අයුරින් කටයුතු කිරීම අනුමත කරන්නේ නෑ… අනිත් එකේ පෘථිවියේ ආගම් යුද්ධයක් ඇතිකිරීම අනවශ්‍යයි… අනිත් එක තලේබාන් ලා ඉස්සරහා දණ ගහනවා කියන එක කොහෙත්ම ගැලපෙන්නේ නෑ…[/Q] යුද්ධයක් අනවශ්‍යනම් කරන්න ඕනා යුද්ධය නවත්වන එක නෙවේද? මම කතා කරන්නෙ ඔයාගෙ ලිපියේ බුද්ධාගම ගැන කරුණු නෙවෙයි වරදවා වටහා නොගන්න. [Q] අනිත් එක ඇෆ්ගනිස්ථානයෙන් බුදු පිළිම හමුවෙලා තියන බව අමතක කරන්න එපා…… ඒක නිසා ඇෆ්ගනිස්ථානය රැකිලා තියනවද කියන එක මතභේදයකට තුඩු දෙන කරුණක් …[/Q] මචං ඇෆ්ගනිස්ථානයේ ඔය කියන විදියට බුද්ධාගම රැකෙන්න ඕනානම් තලේබාන් ලා අතුගාලා දැම්මනම් ඉවරනේ. මොකද උන් මුස්ලිම්නේ. පරමාණු බෝම්බය තියෙනවා. මම නෑ කියන්නෙ නෑ මම කියන්නෙ උන්ගේ ඔය කියන තරම් තාක්ෂනයක් නෑ. ඕවා නිකන්ම නිකන් ප්‍රචාරණ උපක්‍රම. වියට්නාම් යුද්ධය, ඇෆ්ගනිස්ථාන යුද්ධය හා ඉරාක යුද්ධය ගැන හිතලා බලන්න. තලේබාන්ලව, සදාම් හුසේන් ව හැදුවෙ කවුද? සර්ප පැටවුන්ට කිරි පෙව්වොත් උන් දෂ්ඨ කරන බව අමතක වුනා. දැන් උන් දෂ්ඨ කරනවා. :P
Bhagya රාජපක්ෂ said... [Reply to comment]
ඇමරිකාවේ ශක්තිය ගැන යම් කෙනෙක් ප්‍රශ්ණ කරනවා නම් මුලින්ම කියන්න ඕන මේ ලිපියේ අරමුණ ඇමරිකාව මොන තරම් ශක්තිමත්ද කීම නෙමේ, මෙහි අරමුණ බුදුන් වහන්සේගේ විශ්වනීයත්වය උළුප්පා පෙන්වීම...ඒ නිසා ඇමරිකාව විවේචනය කරන දේශපාලනික මානසිකත්වයෙන් මේ දෙස බැලීම හරියට දළදා පෙරහැරේ ගිනි බෝල කරුවා තුළින් මුළු පෙරහැරම දකින්න උත්සාහ කරනවා වගේ සීමා සහිත වැඩක්..මෙතන කේන්ද්‍රස්ථානය ඇමරිකාව නෙමේ බුදු රජාණන් වහන්සේ...ඒ නිසා කියන දේ නිවැරදිව ග්‍රහණය කර ගන්න... අනිත් කරුණ ඒරියා 51 වගේ ශක්ති ප්‍රභවයක් තියා ගෙන ඇමරිකාව තලෙයිබාන් වරුන් ලඟ, ඒ වගේම ඉරාක යුද්ධයේදී, සටන් නිමා කර ගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා කියල කවුරු හරි කියනවා නම් මෙන්න මේක මතක තියා ගන්න...ඇමරිකාව පාලනය කරන යුදෙව්, සහ කිතුණු බල වේග තම අංක එකේ සතුරා වන ඉස්ලාම් ලෝකය පාලනයකින් තොරව වැඩෙන්න ඉඩ නොදී, එහි අස්ථාවරත්වය, යුධමය පරිසරය, සහ ඒ ඔස්සේ තම හමුදා ඉස්ලාම් කේන්ද්‍රයේ පවත්වා ගැනීම කියන ඉලක්ක ටික විතරයි ඔය යුද්ධ දෙකෙන්ම බලා පොරොත්තු වෙන්නේ .... ඔවුන්ට උවමනා ඉස්ලාම් ලෝකය නිදහසේ වැඩෙන්න, නිදහසේ හිතන්නට නොදී කලබල කාරී වටපිටාවක් තුළ තම ග්‍රහණයේ තියා ගන්න..මේ දිගු කාලීන ඉලක්ක ඔවුන් දැනට සපුරා ගෙන තියෙනවද? නැද්ද? කියන එක කල්පනා කරලා බලන්න..ඇමරිකාව ඉස්ලාම් ලෝකය තමන්ට ඕන තැන නියමාකාරයෙන් තියා ගෙන ඉන්නවා..ඒ කියන්නේ යුධ බියෙන් මිරිකුණු, අන්තිම අස්ථාවර, සැලසුමක් කරන්න පසුබිමක් නැති, බිහිසුණු, එකිනෙකා කොටා ගන්නා රාමුවක...යුද්ධ දෙකේම යටි ඉලක්ක අන්තිම සාර්ථකයි.... :) (කොටින්ම කියනවනම් දැන් ඉස්ලාම් ආගම අදහන රටවල් අතරත් ගැටුම්) අපේ ලිපි ලාමකයි කියලා කියන මහත්මයාට එතුමාගේ අදහස දැරීමට පූර්ණ ඉඩ කඩ දෙන්න... එතුමා ඇතැම් විට මාර්ග ඵලයක් එහෙම ලබා ගත්ත කෙනෙක් වෙන්න ඇති... :D
dilhan said... [Reply to comment]
nwy nice wrk bro..keep it up!!!!
kolu said... [Reply to comment]
නියමයී. ලංකාවෙත් ඇහැලිය ගොඩ පැත්තේ කැලේක තියනවා ඔය වාගේ තැනක්. එතන තමයී පිටසක්වල ජීවින් ඇවිල්ල පරීක්ශන පවත්වන්නේ. අපේ අයට කිව්වාට විස්වාස කරන්නේ නැහැ, දන්නවානේ ලංකාවේ කට්ටිය. ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඇමරිකාවට තමයී ඔක්කොම කියලා. ඔය ඇහලියගොඩ රහසි ගත කලාපෙන් තමයි අපේ හමුදාවට කොටින්ට ගහන හැටි කියලා දුන්නේ. ඒ තාක්ශණයෙන් ගහලා තමයී එකම සාමාණව වැසියෙකුවන් නොමෙරෙන විදිහට අපි යුද්ද දිනුවේ. ඇමරිකාවේ ඉන්නා පිටසක්වල ජීවීන්, ඇහැලිය ගොඩ කට්ටිය තරම් දියුනු නැහැ. ඒකයී ඇමරිකාවට තාම බින් ලාඩන්ව අල්ලා ගන්නත් බැරි වෙලා තියෙන්නේ. මලයගේ ලිපිය මරු. පොඩි වැරැද්දකට තියෙන්නේ, ස්ටීවන් හෝකින් අහම කීවා, මෙහෙම කීවා, කියලා පොඩි පොඩි මුසා වාද ටිකක් කියපු එකයී. හැබැයී ඉතින් බුද්දාගම වෙනුවෙන්නේ. පව් නෑ හොදේ!
කි.අප්පුහාමි said... [Reply to comment]
ලිපිය නම් ඉතා රසවත්. මම මෙය විවේචනය කරන්න යන්නෑ. නමුත් එක දෙයක් කියන්නම්. මෙම ශ්‍රී සද්ධර්මය ස්වාකාත වූ අකාලික ධර්මයකි. මෙය ලොකයේ කිසිවක් සමග සංසන්දනය කල නොහැකි තරමේ ශ්‍රේෂ්ඨ ධර්මයකි. එම නිසා විද්‍යාව සමග ගැලපීම එම ධර්මයට හානී දායක විය හැක. නමුත් ඔබ බොහෝ පරිස්සමට එය කර තිබෙනවා. ඉදිරියටත් එය එසේ කරාවියයි මා සිතනවා. තෙරුවන් සරණයි.
Anonymous said... [Reply to comment]
මේක අැත්තටම විඩියෝ එකකින් කොපි කරපු පොස්ට් එකක් මෙන්න ලින්ක් එක http://www.youtube.com/watch?v=WlOhNUzoPdU
Bhagya රාජපක්ෂ said... [Reply to comment]
@kolu මේ ගැන සොයා බැලිය යුතුයි... මේ ගැන් දැනුවත් කිරීම ගැන ස්තුතියි ! මේ ලිපියේ අර ස්ටීවන් මහත්තය මෙහෙම කිව්වාය කියන එක මුසාවාදයක්ද නැත්ත කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ... එතකොටම තේරෙයි !! සෙල්ලම් නෙමෙයි කොලුවා.. ඔයා එම හැප්පෙන්න යන්නේ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් එක්ක !! ඉහි ඉහි !! :p @කි.අප්පුහාමි ස්තුතියි !! තෙරුවන් සරණයි !! @Anonymous ඕකනේ කියන්නේ ඇනෝනි මැස්සොන්ව මට පෙන්නන්න බෑ කියලා... මේ වීඩියෝ එක හදපු අයියව මම පෞද්ගලිකව දන්නවා... එයා මේ වීඩියෝ එක හැදුවෙ මේ ලිපිය ලියපු අයියගෙනුත් අහලා... ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න මම ඔප්පු කරලත් පෙන්නන්නම්.. :) මම මේ ලිපිය දැම්මෙත් මේක ලියපු අයියගෙන් අහලා... මම කලිනුත් කිව්වනේ මේ ලිපිය දැම්මේ හුදෙක් කියවන්නන්ගේ දැන ගැනීම පිණිස කියලා....
Ashen said... [Reply to comment]
ඒ කියන්නෙ Area 51 එකට දෙවියොත් වඩිනවා ? O.o
kanishka said... [Reply to comment]
ela ela elama kiri.... mamath me bawana karanna yanna kiyala hitha hitha hitiye... elama thamai
nikama said... [Reply to comment]
ඔය video එකත් මේ ලිපියෙත්, දෙකේම නැත්තේ මුලාශ්‍ර පිළිබද සදහන් වීමක්. කරුණාකර ඔබගේ සහෝදරයාගෙන් මුලාශ්‍ර පිළිබද විමසන්න. නෙත්තම් ඉතින් මටත් ඔය වගෙය් ලස්සන කතාවක් හදල දාන්ඩපුළුවන්.
Anonymous said... [Reply to comment]
නියම ම කාරනාව වෙන්නෙ බුදු රජාණන් වහන්සේ දේශණා කොට තිබෙනවා ලෝක විශය අචින්ත්‍යයි කියලා. ඒ උන්වහන්සේ එහෙම කිව්වේ අපිට දියයුතු සියල්ලම දීල. ඒව ගැන හොයපල්ලා හම්බ නොවෙන දේවල් ගැන සිතන්නේ නැතුව කියල. මම හිතනවා මීට වඩා බුදු රජාණන් වහන්සේ දේශනා කල නියම ම බුද්ධ වනය ඔබ සොයනවා නම්. මොකද එබ ඔය කියන ජීවී කොටස ගැන බුද්ධ දේශණා වල තියනවා ඒක දීර්ඝ විස්තරයක්. උන් වහන්සේ ගේ පලමු ධර්ම දේශනා වේ දී ඔබ කියන ලෝක සියල්ලම කම්පා උනා කියලා දේශනාවේ තියනවා. ඒවගේම තවත් බොහෝ ලෝක තියනවා ඔය විද්‍යාඥයින්ට හිතාගන්න බැරි. ඒ සේරම ගැන බුදුරජාණන් වහන්සේ කියල තියනවා. ආයේ බෙල්ල කඩාගෙන පන දාගෙන හො‍යන්න කිසිම දෙයක්නෑ සියල්ල ම පිරිසිදුව තියනවා. ඔය විද්‍යාඥයින් ඔය දේවලට වියදම් කරන මුදල් අහිංසක රටවල් වල ආර්ථිකය ගොඩගන්න (අඩුම තරමේ බංකොලොත් උන තමන්ගේ රට)වියදම් කලානම් ‍මේ ලෝකෙ මීට වඩා හොද තැනක් වේවි. අමතක කරන්න එපා ‍ඔය ලෝක ගැන හොයන විද්‍යාඥයින් බාගෙට බාගයක් දෙවියන් වහන්සේ විසින් අහසත් පොලොවත් මැවූ සේක. කියන දේ විශ්වාස කරගෙන ඉන්න අය කියලා.
bravelion007 said... [Reply to comment]
මෙහෙමයි, ඔය කියන වීඩියෝ එක හැදුවේ මමයි. ඒ වීඩියෝ එක දමිත් අයියගේ අවසරය ඇතුව එයාගේ නෝට් එකෙන් බලාගෙන හැදුව එකක් මිසක්, වීඩියෝ එක බලාගෙන දමිත් අයියා නෝට් එක ලිවුවේ නැහැ. අනිත් එක මෙතන වැදගත් වෙන්නේ මේකේ අඩංගු කරුණුයි, ඒ කරුණු අපගේ දැණුමට එකතු කරගැනීමයි.- wenupriya1
Anonymous said... [Reply to comment]
thanikarama mano vikarayak...any way nice stoty...obata katha gethime hoda hakiyawak atha...eth kathawa hodin galapala gothanna amathaka karanna epa... keep it up bro...
සසඳ said... [Reply to comment]
මෙතන මෙහෙම දෙයකුත් තියෙනව. කොන්දක් නැති, අනන්‍යතාවයක් නැති උන් හැන්ගිලා පහර දෙනව. අද ලංකාවෙ තියෙනවනෙ අධිරාජ්‍යවාදීන්ගෙන් උපුටාගත් මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් වගේ කෙහෙල්මල් අල්ලගෙන දුවන පරගැතියො සෙට් එකක්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනෙ. අපේ ලංකාවෙ මුතුන් මිත්තො මේ තරම් දුරකට මේ රට අරන් ආවෙත්, අපිව අද ඉන්න තත්වෙට පත් කලෙත් ඔය කෙහෙල්මල් වලින් නෙවි කියන එක. ලංකාවෙ එදා ඉදන් තිබුනෙ පීතෲ මූලික සමාජයක්. අවසානයෙ එක දෙයක් කියන්න ඕන, අනිත් හැම ආගමක්ම එකතුවෙල අපේ පිරිසිදු බුදුදහමයි, අපේ මේ ලස්සන රටයි විනාශ කරන්න හදනව. අපෙ කොල්ලෙක් ලියන ලිපියක්වත් අගය නොකර, ඌට දිරිගැන්වීමක් නොකර කාලකන්නි ටිකක් විවේචන දෙනව,. සහෝ උඹ තව ලියපන්. අඩුපාඩුත් හදාගෙන ලියපන්. සිංහලකම තියෙන ගමේ කොල්ලො තවමත් ඕන තරම් මේ ලංකාවෙ ඉන්නව. උන් උඹට පපු කැවුත්තත් දෙයි. යන්නේ හරි පාරෙනම් ගල් මුල් ගැන හිතන්න එපා. ඒවට සැලෙන්නත් එපා. මොකද සම්මා සම්බුදු බුදු පියාණන්ටත් ගල්-මුල්-මඩ ප්‍රහාර ආවනම්, පෘථක්ජන අපි ගැන මොන කතාද...?. ජය
Jehan said... [Reply to comment]
බලන්නකො Stargate SG1. එතකොට පිටසක්වල ජීවීන් ඉන්නබව හොඳටම ඔප්පු වෙයි. Area 51 ගැනත් ඒකෙන් මාර රහස් එලි කරලා තියෙන්නෙ. හොකින් ගොයියා ගැන කියපු කතාව තමයි එළ.
Anonymous said... [Reply to comment]
නිකම් මෝඩ කතා කීමෙන් බුද්ධාගම හෑල්ලු නොකරන මෙන් ඉල්ලා සිටිමි. -No Frames-
Anonymous said... [Reply to comment]
ඇහැලිය ගොඩ පැත්තේ කැලේක ඇති පිටසක්වල ජීවින් පරීක්ශන පවත්වන ස්තානය සින්හල බ්ලොග් එකකින් වුව ප්‍රසිද්ද කිරිම රටෙ ආරක්ශාව අනතුරෙ හෙලිමක් බව අපෙගෙ අදහසය්. රාවන රජුගෙ දඩුමොනරය සගවා ඇති මෙන්ම නීල මහා යොදයගෙ යගදාව(මුහුද දෙබැකල ) වැනි අති තාක්ශනික නවීන විද්යා වටපවා කල නොහැකි පුරාන සින්හල දෙ ගැන බටහිර ඔත්තුසෙවා සෙවෙමන් පසුවන නිසා එවැනි ප්‍රකශ කිරිමෙදී වඩාත් පරිස්සම් වන ලෙස ඉල්ලා සිටිමු.
Charmi said... [Reply to comment]
ඇහැලියගොඩ පළාතේ වනගත ප්‍රදේශයක සිදුවන පිටසක්වල ජීවීන්ගේ මෙම අද්භූත ක්‍රියාකාරකම් පිළිබඳව මටද දැනගන්නට ලැබුනා. ඇතැම් විට මෙම වනාන්තරය අවට ගම් වාසීන් සාමූහිකව මෙම තොරතුරු පිටතට හෙලි නොකරනවා විය හැකියි. සාමූහික ජන කොට්ඨාශයකට මෙවන් අවිඥානික බලපැම් සිදුවූ අවස්ථා ගැන බටහිර රටවලින් පවා තොරතුරු ලැබී ඇති හෙයින් අපද ප්‍රවේශම් විය යුතුයි. යුද්ධයට අදාලව කොලූ සඳහන් කල කරුණ මෙන්ම කිසිදු කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයකට පවා අසු නොවූ, පසුගියදා කොළඹට ඇදහැළුන අනපේක්ෂිත ධාරානිපාත වර්ෂාවටද මෙම ස්ථානයේ සිදුවන පරීක්ෂණ වල යම් බලපෑමක් තිබේදැයි සෙවිය යුතුයි.
Anonymous said... [Reply to comment]
Mamath Rathnapura kenek. Aheliyagoda siddiya gana mehema sinhala blog ekaka liveema mamath hela dakinawa. Apita ape rata jathiya vadagath.
ෆැන්ටසි said... [Reply to comment]
සොයා බැලීමට සිතුනි .දැනුවත් කිරීම ගැන ස්තුතියි !!!!
Astro Boy said... [Reply to comment]
හනේ හපොයි. මෙහෙමත් ලිපි. බ්ලොග් එකකින් මේ වගේ ලිපියක් දැක්ක මයි. මේක ගැන කියල වැඩක් නෑ. කියන්න වචනත් නෑ. මාර ලිපියක්. ශ්‍රේෂ්ඨයි. නියමායි. ඒරියා 51 එකේ මේ වගේ දේවල් වෙනව කියල මම අදනෙ දන්නෙ ! මාරයි.
Anonymous said... [Reply to comment]
මේ බයිලා නැතුව හරි බුද්ධ දර්මය ගැන බ්ලොග් එකක් දැම්ම නං පින්











.

1 comments:

  1. මම අැහැලියගොඩ..මමත් මගේ මිතුරනුත් මේ මාතෘකා ගැන 2004 පමණ සිට උනන්දුයි..2010 වෙද්දි අැහැගියගොඩ අපි නොදන්න පිටසක්වල පරික්ෂණ තිබුන කියල කමෙන්ට් කීපයකම තියේ.මොන පට්ටපල් බොරුද.ලිපියෙ කරැණුත් බුදු බණ ටික හැර ඉතිරිවා බොරු..ඒහෙම දෙවියො බ්‍රහ්මයො අැමරිකාවට ඒනවානම් අැමරිකාවට උගන්වන්නෙ යුද්ධ කරන්න නොවෙයි..පරම සත්‍ය..මිත්‍යාදෘෂ්ටික බ්‍රහ්ම යානා මිත්‍යාදෂ්ටික දිව්‍ය යානාද ඒ්රියා 51 අැවිත් භාග්‍යවතුන් වහන්සේ ගැන කියල විද්‍යාවයි තාක්ෂනයයි උගන්වලා යන්නෙ...හයියො සල්ලි

    ReplyDelete