This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, August 28, 2011

වැඩිය හොඳ ඩුවල් කෝ(ර්) ද? (DualCore) කො(ර්) ටු ඩු(වෝ)ද


වැඩිය හොඳ ඩුවල් කෝ(ර්) ද? (DualCore) කො(ර්) ටු ඩු(වෝ)ද (Core2Duo)


බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ යාවත්කාලනය (වැඩි දියුණ කිරීමේදි/ upgrade කිරීමේදි) කිරීමේදී ඩුවල් කෝ(ර්) (DualCore) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා කො(ර්) ටු ඩු(වෝ) (Core2Duo) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ.
පරිගණක අලෙවි නියෝජිතයන් Dual Core පරිගණකයක් ගැන කීවද සත්තකින්ම Dual Core නමින් හඳුන්වන ප්‍රොසෙසරයක් හො පරිගණකයක් Intel සමාගම හඳුන්වා දී නොමැත. Dual Core යනු Intel සමාගම ‍එකම ප්‍රොසෙසරයක (Processor) මධ්‍යද සැකසුම් ඒකක දෙකක් (2 CPU-Central Processor Unit) භාවිතා කරන තාක්ෂණය සඳහා භාවිතා කරන තාක්ෂණික නාමය වේ. එනම් ‍එකම පරිගණකයක Processor දෙකක හැකියාව යොදා ගැනීමයි. මේ අනුව Core2Duo ද අයත් වන්නේද Dual Core තාක්ෂණයටයි. තවත් මෙම තාක්ෂණය යොදා ගන්න Processor සඳහා උදාහරන ලෙස Core-Duo, Pentium Dual-Core , Celeron Dual-Core , Pentium-D and Athlon X2 ගත හැක.





එබැවින් ඔබ පරිගණකයක් මිලදී ගන්නා විට හෝ upgrade කිරීමට ‍ප්‍රොසේසරයක් තෝරා ගැනීමේදී Core2Duo ප්‍රොසෙසරය Core-Duo , Pentium Dual-Core , Celeron Dual-Core , Pentium D හෝ Athlon X2 ප්‍රොසෙසර් සමග සංසන්දනය කර බලන්න. එම සෑම ප්‍රොසෙසරයකම කෙටි විස්තරයක් පහත දී ඇත. සෑම විටම ඔබ මිලදී ගන්නා පරිගණකයේ අඩංගු ප්‍රොසෙසරයේ වේගය (GHz) වලින් දී ඇත , L2 Cache ධාරිතාව , Front Side Bus හා මිල සංසන්දනය කරන්න. මේවා සලකා බැලීමෙන් ඔබට වඩා හොඳ Core2Duo ප්‍රොසෙසරය බවත් Pentium Dual-Core වඩා Celeron Dual-Core පහතින් ඇති බවත් වටහා ගත හැක.
  Core-Duo
 CoreDuo ප්‍රොසෙසරය Intel සමාගම‍ ලැප්ටොප් වැනි මොබයිල් පරිගණක සඳහා dual-core තාක්ෂණය සහිතව සකස් කළ පළමු ප්‍රොසෙසරය වේ. විදුලි බලශක්ති භාවිතය අවම කළ dual-core තාක්ෂණය උපරිම ලෙස යොදා ගන්නා අයුරින් නිර්මාණය කර ඇත. L2 cache-2MBළ Front Side Bus-667MHz

 



 Pentium Dual-Core
එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB, Front Side Bus-800MHz
  Celeron Dual-Core
 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ.අවම බලශක්තියක් භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර සාපේක්ෂව අනෙක් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව හා මිල අඩුය. L2 cache-512KB, Front Side Bus-800MHz
  Pentium D
 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB,Front Side Bus-800MHz
  Core2Duo
  එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. Dual-Core තාක්ෂණය භාවිතාකරන හොඳම ප්‍රොසෙසරය වේ. අනෙකුත් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව ඉහල අතර සාපේක්ෂව මිල අධික වේ. L2 cache-4MB,Front Side Bus-1333MHz

Wednesday, August 24, 2011

ග්‍රීස් යකුන් ගැන මිථ්‍යාව සහ ඇත්ත


මේ දිනවල ලංකාව පුර පැතිරී ඇති නවතම භිෂණය වන්නේ ග්‍රීස් යකුන්ය.ග්‍රීස් යකුන්ට එරෙහිව ගම්මුන් කෝපයට ලක්ව මරණයට පත් වූ පුද්ගලයන් පවා පසුගිය දිනවල වාර්තා වුනි.

මේ වන විට ග්‍රීස් යකුන් කියා නම් කල පුද්ගලයන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර සැබෑ ග්‍රීස් යකුන් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බව අපගේවිශ්වාසය වේ.

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ සැබෑ ග්‍රීස් යකුන් සහ ග්‍රීස් යකුන් නමින් පෙනී සිටිමින් අපරාධ කරන පුද්ගලයන්ගේ වෙනස හදුන්වා දීමටයි.

ග්‍රීස් යකුන් රැල්ල එකවර මතු වුයේ කහවත්ත අභිරහස් ඝාතන පෙලින් පසු බව අප අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

කහවත්තේ ඝාතන එකින් එක වාර්තා කල මාධ්‍යය කහවත්තේ අභිරහස විසඳුනද එතින් නතර වුයේ නැත.

ඉන්පසු වාර්තා වූ මරණයන් අභිරහස් ඝාතකයන් ලෙස පෙන්වා දී අමුතු කුතුහලයක් මවා පෑමටද මාධ්‍යය ආයතන කටයුතු කළේය.

සැබවින්ම කහවත්තේ සිදුව තිබුනේ ද මානසික විකෘති තාවයක් තිබු එක තරුණයෙක් ගේ ඝාතන වලට මුවා වී අනෙක් ඝතකයන්ද කල එලි බැසීමයි.

අපරාධ කිරීමට මාන බලමින් සිටි ඔවුන්ට ග්‍රීස් යකුන්ගේ කතාව මනා පිටුවහලක් විය.

එසේ වර්ධනය වූ ග්‍රීස් යකුන්ගේ කතාව දේශපාලන කරලියටද පැමිණියේය.මර්වින් සිල්වා නම් කිව්වේ ග්‍රීස් යකුන් ලෙස පෙනී සිටින්නේ පැරදුනු ජේ.වී.පි කාරයන් කියාය.ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ මෙය ආණ්ඩුවේ කුට සැලැස්මක් බවයි.

මේ අතර මේ දිනවල බොහෝ තැන්වල පැතිරී ඇති කටකතාවක් අපේ සවනටම අසන්න ලැබුනේ මෙසේය.
"ඕක ආණ්ඩුවේ වැඩක් නේ.ගෑණු 6000 කගේ පියයුරු කපලා ලේ ගන්න ඕනලු දුටුගැමුණු රජතුමාගේ කඩුව ගන්න.අපේ පැත්තේ ගැණු කෙනෙකුගෙත් මේ ලඟදි කපල තිබුන" 

මේවා හුදෙක් කට කතා බව අප පසක් කරන්නේ දිවයිනේ කිසිදු පෙදෙසකින් එවන් සිදුවීමක් වාර්තා වී නොමැති හෙයිනි.

මේ අතර ග්‍රීස් යකුන්ගේ භීතිකාව නිසා ග්‍රීස් යකා යැයි බිය වී පෙම්වති පෙම්වතාට පහරදීම,බිරිඳ බිමත් සැමියාට පහරදීම,අලි සංගණනයට ගිය පොලිස් නිලධාරීන්ට පහරදීම වැනි සිදුවීම්ද පසුගිය දා වාර්තා වුනි.

ඇත්තෙන්ම ග්‍රීස් යකුන් කියා පිරිසක් අතීතයේ සිටම ගම්වල සිටියහ.ඔවුන් පැමිණෙන්නේ ග්‍රීස් හෝ තෙල් ගාගෙනය.ඒ හදිසියේ හෝ ගම්මුන්ට අසු වුවහොත් ලේසියෙන් ලිස්සා යාමටය.

ඔවුන්ගේ එකම අරමුණ වන්නේ කාන්තා යට ඇඳුම් සොරකම් කිරීම හෝ කාන්තාවන් නිදා ගැනීම හෝ නාන දර්ශන හොරෙන් නැරඹීම මිස කාන්තාවන්ට ලිංගික අතවර කිරීම නොවේ.

එසේ කරනවානම් ඔවුන් ග්‍රීස් හෝ තෙල් ඇඟ පුරා ගාගෙන එන්නේද නැත.

ග්‍රීස් යකුන් ලෙස හැසිරෙන්නේ මානසික රෝගීන් වේ.ග්‍රීස් යකුන් ප්‍රධාන වශයෙන් දෙකොටසක් වේ.එක කොට්ටාශයක් කාන්තා යට ඇදුම් වලට ප්‍රිය කරන අතරේ තව පිරිසක් කාන්තාවන් නිදා ගන්න අයුරු නානා අයුරු හොරෙන් බලා සිටීමට ප්‍රිය කරයි.

කෙනෙකුගේ සිරුරේ කොටසක් (ලිංගේන්ද්‍රිය හැරෙන්නට) හෝ ඇය/ඔහු භාවිතා කරන ඇඳුමක් උපකරණයකට ආදරය කරමින් ලිංගික තෘප්තිය උදෙසා එය පසුපස හඹා යෑම හදුන්වන්නේ ෆෙටිසම් (FETISM ) හෙවත් පුජාලංජන භක්තිය යනුවෙනි.

අන් අයෙකුගේ නිරුවත හෝ ලිංගික හැසිරීම දෙස බලා සිටීමෙන් පමණක් ලිංගික තෘප්තියට පත්වීම හදුන්වන්නේ වොයෙවුරිසම් (voyeurism )දර්ශනකාමිත්වය යනුවෙනි.බෝහි විට ගැහැණු නාන තැන්වලට හා නිදන කාමරවලට එබිකම් කරන්නේ මොවුන්ය.

මෙම රෝගී තත්ව දෙකම තිබෙන පුද්ගලයනුත් සිටින අතර මෙහි විශේෂත්වය වන්නේ එවන් සිතුවිල්ලක් පහල වුවහොත් එය කෙසේ හෝ සඵල කර ගැනීමට අදාළ මානසික රෝගියා ඕනෑම අවධානමක් ගැනීමට පෙළෙඹෙන හෙයිනි.
එබැවින් මෙසේ අල්ලා ගන්නා ග්‍රීස් යකුන් නම් මානසික රෝගීන්ට පහරදීමෙන් ඔවුන්ගේ රෝගය සුව කල නොහැකි අතර ඔවුන්ට මානසික වෛද්‍ය වරයෙකුගේ ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය වේ.

මෙවැනි රෝගී තත්වයේ පෙලෙන රෝගීන් පිළිබඳව අපුරු හෙළි කිරීමක් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් රචිත 'මනුෂ්‍ය ප්‍රේතයන් සමග කල දුෂ්කර ක්‍රියාවක්' යන කෘතියේ මෙලෙස දක්වා ඇත

"වැල්ලවත්තේ ගෙවල් වලට පැන වැල වල්වල වනා තිබුණු කාන්තා යට ඇඳුම් ගෙන යන හොරෙක් විය.කෙසේ හෝ ඔහු සමග මිත්‍ර වූ මට ඔහු ගැන බොහෝ තොරතුරු දැනගන්නට ලැබුණි.

හෙතෙම අශාවෙන් ගෙන යන යට ඇදුම් තම්බා වතුර බොයි.ඔහුගේ එකම ආහාරය යට ඇදුම් තම්බාගෙන බිමය.

එක්තරා ස්ත්‍රී බෝඩිමක කටයුතු කරන ගැහැනියක මා සමග මිත්‍ර විය.ඒ බෝඩිමට ගැහැණු ප්‍රයෝජනයට ගන්නා වැසිකිලි පවිත්‍ර කිරීමට එන මිනිහා ගැන මට කීවාය.මම ඒ මිනිහා ඇඳින ගතිමි.

අන්තිම කිළුටු ඇඳගෙන විත් වැසිකිලි සුද්ද කිරීම ඔහුගේ සිරිතය.ඔහු ඒවායේ අපිරිසිදු වතුර බොයි.ඒ වැසිකිලි පෝච්චි ස්පර්ශ කරයි.ඔහු ලිංගික ව්කෘති අසහා ඇති මනුෂ්‍ය ප්‍රේතයෙකි.
විකෘති ලිංගික ආශා ඇති සාමන්‍යය මිනිසුන් මෙන් හැසිරෙන උසස් සමාජයේ අයද මට හමු වී ඇත.

මින් එක්කෙනෙක් එකල රට පුරා නමගිය සමාජ සේවකයෙකි.ඔහු විවාහක වුවද නැවතී සිටියේ ප්‍රසිද්ධ බෝඩිමකය.ඒ බෝඩිමේ ඔහුට අල්ලපු කාමරයේ සිටි මිත්‍රයෙක් මට ඔහු ගැන කීය. මම මගේ මිත්‍රයාගේ කාමරයට ගොස් එහි ඇති හිලකින් (කාමර වෙනකොට ඇත්තේ හීන් ලෑලි වලිනි.)බලා සිටියෙමි. 

ඒ මිනිහා කරන්නේ රෑ කෑම එක ගෙන අල්මාරියෙන් ගන්නා කිළුටු ගැහැණු යට ඇඳුම් වල දමා තබා ගැනීමය.

ඒවා ඔහු විසින් විවිධ ගැහැණු ළමයින්ට මුදල් දී ලබා ගත් ඒවාය.ගැහැනුන්ට මුදල්දෙන,සමහරවිට රක්ෂා ලබා දෙන ඔහු,කිසි දවසක ඒ ඇය ලිංගික කටයුතු සඳහා යොදා නොගනී.

තමා කල උපකාරයට ඔහු පෙරලා ඉල්ලන්නේ එක ප්‍රති උපකාරයක් පමණි. එනම් ඒ ගැහැණිය අඳින කිළුටු යට ඇදුමය.

එය අපිරිසිදු වන තරමට ඔහු එයට කැමතිය.ඒ යට ඇදුම් පළමුවෙන් සිප වැළඳගන්නා ඔහු එට අනතුරුව ඒවා සිප ගනිමින්ම ආහාර අනුභව කරන්නේය.සමහර අදුම්වලින්ම ආහාරගෙන මුවගට තබයි.ආහාර ගැනීම ඉවර වන්න පැයක් පමණ වෙලා ගනියි."

ඒ අනුව අප තේරුම් ගත යුත්තේ අමානුෂික ලෙස පහර දීමෙන් ග්‍රීස් යකුන් මෙල්ල කල නොහැකි බවයි.

වර්තමානයේ ග්‍රීස් යකුන් සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයකි.ඉන් වැඩිපුරම සිටින්නේ ග්‍රීස් යකුන් මෙන් වෙස්වලාගෙන අපරාධ කරන මිනිසුන්ය.


එයත් අවසන් වීමට කාලය පැමිණ ඇත්තේ අහිංසක මිනිසුන්ද ග්‍රීස් යකුන් යැයි හංවඩු ගසා කකුල් කඩා මරණයට පත්කිරිමටම තරම් ජනතාව ප්‍රකෝප වීම නිසාය.

ජනමාධ්‍යය මගින්ම පිම්බු ග්‍රීස් යකා, අතොරක් නැතුව ගුටිකන අයුරු ජනමාධ්‍යය මගින්ම පෙන්වූ නිසා ව්‍යාජ ග්‍රීස් යකුන්ද ඉබේම පහව යනු ඇති බව අපේ බලාපොරොත්තුවයි.


Sunday, August 21, 2011

ලොතරැයි දිනුමක් ලබා ඇතිබවට SMS ආවාද ?

ලොතරැයි දිනුමක් ලබා ඇතිබවට SMS ආවාද ?


විදේශීය ලොතරැයි ජයග්‍රහණයක් ලබා ඇතිබව කියමින් ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් එවා ඒ මාර්ගයෙන් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙන බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
පරිගණක වංචාවන් පිළිබඳව දැනුම් දීමට මෙරට පිහිටුවා ඇති මෙම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා පැවසුවේ සිය ආයතනයට මෙවැනි පැමිණිලි 04 ක් මේ වනවිට ලැබී තිබෙන බවත් මෙවැනි වංචාවන්ට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
“අපිට පැමිණිලි කරපු අය කියා තිබෙන්නෙ, විදේශීය ලොතරැයියකින් විශාල මුදලක් දිනා තිබෙන බවට දන්වා ඔවුන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබී තිබෙන බවත් එම ත්‍යාග මුදල ලබාගැනීමට අමතන ලෙස දුරකතන අංකයක් හා තොරතුරු ඇතුළත් කරන ලෙස වෙබ් ලිපිනයක් දක්වා තිබෙන බවයි. මේ දුරකතන අංකයට කතා කළ විට ලියාපදිංචි ගාස්තු විදිහට ඩොලර් 200 ක් වැනි මුදලක් ගෙවන්න කියා තිබෙනවා. මේක මුදල් ගැරීමේ වංචාවක්. එම මුදල් ලබා දුන්නොත් එය ලැබෙන්නෙ නෑ. මෙවැනි කෙටි පණිවුඩ ලැබී ඇත්නම් අප ආයතනයට පැමිණි කළ හැකියි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අපි සූදානම්.“
යනුවෙන් පල්ලියගුරු මහතා කීය.
ෆේස් බුක් වෙබ් අඩවියේ සමහරුන් සිය දුරකතන අංක පළකරන බවත් මෙම වංචාකරුවන් එතැනින් දුරකතන අංක ලබාගන්නා බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.
මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) මෙම දුරකතන අංකය මගින් දැනුම් දෙන්න. 011 2 691 692

Wednesday, August 17, 2011

ලිංගික අපචාර











ටක් වශයෙන් අප ලජ්ජාවට පත් කැරෙන ආකාරයේ තොරතුරක් මානව හිමිකම් හා සංවර්ධනය සඳහා නීතීඥයෝ (LHRD) නමැති සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් පසුගිය දා අනාවරණය කැර තිබේ. කොළඹ රේණුකා හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයක දේශනයක දී ඒ මහතා අනාවරණය කැර ඇත්තේ, ළමා අපයෝජන හා කාන්තාවන්ට එරෙහි ලිංගික වැරැදි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1995 දී 900 ක් වූවද 2010 දී එය 2000 දක්වා ඉහළ ගොස් ඇති බව ය.
මේ සංඛ්‍යා ලේඛන මඟින් අප ඉදිරියේ අඳිනුයේ සැබෑ චිත්‍රය නො වන බව ද අපි තේරුම් ගත යුත්තෙමු. මේ සංඛ්‍යා ලේඛන හුදෙක් පරිපාලන ජයග්‍රහණ පිළිබඳ සංකේත මිස අයහපත් සමාජ ක්‍රියාකාරීත්වයේ සැබෑ ප්‍රකාශනය නො වේ. එ බැවින් සමාජයේ සැබෑ තත්ත්වය සොයා ගැනීමට අප උත්සාහ දැරිය යුතු අතර ම මේ බොල් සමාජ අස්වැන්න ගැන බෞද්ධයන් වශයෙන් ලජ්ජාවට හා බියට පත්විය යුතු ය.
ළමා අපයෝජන හා කාන්තාවන්ට එරෙහි ලිංගික වැරැදි පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව මෙ සේ ඉහළ ගොස් ඇත්තේ, 1995 දී නව නීති රීති හඳුන්වා දී තිබිය දී බව ද නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කැර තිබේ. එයින් පැහැදිලි වන එක් කරුණක් නම්, දඬුවම පමණක් පිළියම නො වන බව ය.
මෙහි දී යෙදිය යුතු පිළියම් දෙකක් තිබේ. එයින් පළමු වැන්න නම්, පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම ය. දෙවන පියවර වන්නේ, අපරාධ පාලනය සඳහා බුදු දහමෙන් ආලෝකයක් ලබා ගැනීම යි.
විවාහ සංස්ථාව ශක්තිමත් කිරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු දැක්වෙන උපුටා ගැනීමක් මෙහි පහත පළ කරමු. එය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසංග තිලකරත්න ලියූ ‘ස්වාමිභාර්යා සම්බන්ධය’ නමැති ලිපියෙනි.
‘පවුල් ජීවිතයක් ගත කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රධාන දෙය ලිංගික තෘප්තිය ලබා ගැනීම පමණක් විය නො හැකි ය. හුදු ලිංගික ආසාවන් පිරිමසා ගැනීමට පමණක් නම් ලෝකයෙහි කවදත් මාර්ග සකස් වී තිබී ඇත. ඊට වඩා වැදගත් පෞද්ගලික සාමාජික අරමුණු වැදගත් වේ. ඇමෙරිකා පවුල් සේවා සංවිධානය නමැති සුප්‍රකට ආයතනය මඟින් පිළිගෙන ඇති පරිදි විවාහ ජීවිතය සතු කාර්යයන් මෙ සේ ය.
1. මූලික ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් වන ප්‍රජනනය කිරීම හා විශේෂ සංස්කෘතික හා පාරම්පරික උරුමයන් පරපුරෙන් පරපුරට යැවීම.
2. කායික ආරක්‍ෂාව සහ වර්ධනයට අදාළ කටයුතු සැපයීම.
3. මානසික සහනය හා තෘප්තිය ලබා ගැනීම හා සමාජික, ආගමික, මානසික හා බුද්ධිමය වර්ධනය සඳහා අවශ්‍ය අවස්ථාවන් සැපයීම.
4. සමාජයේ නිහතමානී චරිත ලක්‍ෂණ හා ආචාරාත්මක පදනමකින් යුතු ජීවන තත්ත්වයක් වර්ධනය කිරීම.
5. පවුලේ සාමාජිකයන් අතර සාමය පවත්වා ගැනීම මෙන් ම ධනය හා වස්තුව ද වගකීමද සාමාජිකයන් අතර බෙදාදීම.
6. පවුලේ සාමාජිකයන් හා පිටස්තර සමාජය අතර යහපත් සබඳතාවක් ගොඩ නැංවීම.
මෙ බඳු පුළුල් අරුතකින් යුතු විවාහ සංස්ථාවක් ගොඩනැඟිය හැකි නම්, ලිංගික අපචාර වළක්වා ගැනීමට පුළුවන. අපරාධ වැළැක්වීම සඳහා බුදුදහමෙන් ලබා ගත හැකි උපයෝගීතාව දැක්වෙන උපුටා ගැනීමක් මෙහි පහත පළ කරමු. එය, මහාචාර්ය නන්දසේන රත්නපාල ලියූ ‘බුදුසමයයි, අපරාධ විද්‍යාවයි’ නමැති ලිපියෙනි.
‘ලංකාවේ අපරාධ විද්‍යාව දියුණු කිරීමට බුදු දහමින් ලැබෙන ආධාරය ගැන අප කල්පනා කළ යුතු ය. අපරාධ නීති පිළිබඳ සමාජ විද්‍යාත්මක වර්ධනය වටහා ගැනීමට මෙන් ම අපරාධ වලට මුල් වූ සංකීර්ණ හේතු හඳුනා ගැනීමට ද අපරාධ අඩුකිරීමට ගත යුතු පියවර වටහා ගැනීමට ද බුදුදහම අපට විශාල ඥාන සම්භාරයක් සපය යි. මෙතැන දී පළමුවෙන් ම බුදු දහමේ එන නීති රීති අප විසින් හැදෑරිය යුතු ය. මේවා විනය නීති නමින් සංඝ සමාජය උදෙසා පනවා ඇත. මීට අමතරව ‘ගිහි නීතිය’ (ගිහි විනය) නමින් හැඳින්වෙන (සිඟාලෝවාද සූත්‍ර වැනි) කොටස් දක්නට ලැබේ. විනය නීති පනවා ඇත්තේ එක්තරා දර්ශනයක පිහිටමිනි. මේ දර්ශනය මධ්‍යම ප්‍රතිපදාවෙන් නියෝජනය වෙයි. ශීල, සමාධි, ප්‍රඥා යන මූලික අංග මත පිහිටි මධ්‍යම ප්‍රතිපදාව නිවන කරා අප ගෙන යන ඒකායන මාර්ගය යි. ගිහි වුවත්, පැවිදි වුවත් නිවනට යන්නට අප කාටවත් මධ්‍යම ප්‍රතිපදාව හැර වෙතත් මඟක් නැත.’
‘මා මෙ සේ තර්ක කරන්නේ ශීල - සමාධි – ප්‍රඥා මූලධර්ම මුල් කොට සංඝ සමාජය උදෙසා පැන වූ නීති, ගිහි සමාජයට උචිත ලෙස සකස් කර ගත හැකිය යන අර්ථය මතු කරන්නට ය. බෞද්ධ නීතිය, ‘චේතනාව‘ මුල් කර ගනියි. එය තවදුරටත් සිත, කය, වචනය හා චේතනාව අතර වෙනස බලයි. නූතන නීතිය MENSREAනමින් හඳුන්වන්නේ ද මෙය යි. ”
මේ පිළිබඳ ව අප සමාජයේ දැඩි අවධානය යොමු විය යුතු ය.

Tuesday, August 9, 2011

පිරමීඩය


විශාලතම පිරමීඩය

පිරමීඩ ලෝකයේ තවත් රටවල ඇතත් වඩාත්ම ප‍්‍රසිද්ධම සහ විශාලතම පිරමීඩ පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ නුවරට සැතපුම් 10 ක් පමණ බටහිරෙන් ඇති ගීසා තැනිතලාවේය. මෙහි ඇති පිරමීඩ අතුරින් ද වඩාත් විශාලම සහ ජ්‍යාමිතිකානුකූලව නිවැරදි හා අංගසම්පූර්ණව නිම කර ඇති පිරමීඩය වශයෙන් සැලකෙන්නේ චිඔප්ස් (Cheops) නැමැති පිරමීඩයයි. මෙම පිරමීඩයය අක්කර 13 ක වපසරයක පිහිටා ඇති අතර මෙහි උස අඩි 450 ක් පමණ වේ.

චිඔප්ස් (Cheops) පිරමීඩය නිමාවී ඇත්තේ ඔපමට්ටම් කරන ලද හුණු ගල් වලිනි. විවිධ ප‍්‍රමාණයන් ගෙන් ඇති මෙම පාෂාණ බරින් ටොන් 2 ත් 70 ත් අතර ඒවා විය. මෙවැනි ගල් 260000 කට වැඩි ප‍්‍රමාණයක් භාවිතා කොට මෙම පිරමීඩය නිර්මාණය කොට ඇත. මෙම පිරමීඩය නිර්මාණය කිරීමේදී සුවිශේෂි කරුණක් ලෙස පාෂාණ 2 ක් අතර පරතරය අඟලකින් 1/5 කටත් වඩා අඩු ලෙස නිර්මාණය කර තිබීම දැක්විය හැක. එකල ගෘහ නිර්මාණ ශිල්පය ඉහල මට්ටමක පැවතුණු බවට මෙම කරුණ ප‍්‍රභල සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැක.

පිරමීඩ සොයා ගැනීම

පිරමීඩ ඓතිහාසික වටිනාකමකින් යුතු අපූර්ව වූ ඉදිකිරීමක් ලෙස ශතවර්ෂ ගණනාවක් ගෙවී ගියද එහි අන්තර්ගතය පිළිබඳ ප‍්‍රමාණවත් ගවේෂණයක් සිදු නොකෙරුණි. පසු කාලීනව විටින් විට ශතවර්ෂ ගණනක් තිස්සේ ගවේශණය නොවුනු මෙම පිරමීඩ විවෘත කිරීමට විවිධ පුද්ගලයන් ගත් උත්සාහයන් අසාර්ථක විය. අවසානයේදී අල් මමුම් (Al Mamum) නැමැති ගවේශකයෙකු පිරමීඩයේ එක් ස්ථානයක් තෝරාගෙන එම තැනෙහි ඇති පාෂාණයක් තාපදීප්ත වන තෙක් රත් කොට එයට එකවරම සිසිල් විනාකිරි වත් කිරීම තුළින් එය පුපුරවා හැර මහා පිරමීඩය තුලට ඇතුල් වී ඇත. ඉන්පසුව 16-17 ශතවර්ෂ වලදී මෙම මහා පිරමීඩය තුළට ඇතුල් වූ බොහොමයක් ගවේශකයන් එහි අභ්‍යන්තර පිහිටීම විස්තර කර ඇත. ලෝකයේ පොදු මතය බවට එතෙක් පත්ව තිබූ පිරමීඩ වනාහී රජවරුන්ගේ සොහොන් ගැබ් බවට වූ මතය බිඳ වැටුණි. මෙයට හේතුව වූයේ ගවේශකයන් සිදු කළ ගවේශණ වලදී පිරමීඩ තුළින් කිසිඳු මමියක් හමු නොවීමයි. (නමුත් පසු කාලීනව පිරමීඩ තුළින් මමි සොයා ගෙන ඇත.)

මෙම පිරමීඩය තුළ වූයේ කිසිඳු කැටයමක් හෝ කිසිඳු සංඛේතයක් නොමැති පෘෂ්ටයක් ඇති පියනක් හෝ නොමැති ගලින් නිමවුනු හිස් පෙට්ටියකි. මෙය ගවේශකයන්ට හමු වී ඇත්තේ රජතුමාගේ කාමරය  (King's Chamber) නමින් හඳුන්වන කොටස තුළදීය. මෙම පෙට්ටිය කොෆර් (Coffer) නමින් හඳුන්වනු ලැබේ. සුවිශේෂී දෑ ඇතැයි බලාපොරොත්තු ඇතිව පිරමීඩයට ඇතුළු වූ ගවේශකයන්ගේ කුතුහලය වැඩි වූයේ කිසිඳු වටිනාකමක් ඇති දෙයක් එතුල නොවූ හෙයින් ලෝකයේ ගවේශකයන් පිරමීඩ පිළිබඳ පර්යේෂණයන් සිදු කිරීමට වැඩි උනන්දුවක් දැක්වූහ.

පිරමීඩ නිර්මාණය

පිරමීඩ පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයනයන් කිරීමේ අරමුණින් පිහිටුවන ලද The Great Pyramid of Gizah Research Association නමින් හඳුන්වනු ලබන ලොව පුරා 5000 කට වැඩි සාමාජිකත්වයකින් යුතු සංවිධානය විසින් පිරමීඩ පිළිබඳව නවතම සොයාගැනීම් ඉදිරිපත් කර ඇත. මෙම සංවිධානය විසින් කරන ලද ගවේෂණයන්ට අනුව ඔවුන් ප‍්‍රකාශ කරන්නේ, පිරමීඩ ඊජිප්තු ජාතිකයන් නිර්මාණය කරන ලද නිර්මාණයක් නොවන බවයි. ඉහත සඳහන් කළ ආකාරයට පසුකාලීනව ඊජිප්තුව පාලනය කළ රජවරුන්ගේ නම් එම පිරමීඩ වලට ආදේශ කර ඇති බව එම සංවිධානයේ නිගමනයයි. මීට වසර 10000 කට වඩා පැරණි වූ ප‍්‍රාග් ඓතිහාසික කාලවකවානුවක් කරා මෙම සංවිධානයේ ගවේෂණයන් පැතිර ගොස් ඇත. ඊජිප්තු ජාතිකයන් විසින් නොව එම කාල වකවානුවේදී ඊජිප්තුවේ වාසය කළ කෙමිටියන් (Kemitian) නම් වූ ඉතාමත් දියුණු මිනිස් කොට්ඨාශයක් විසින් ලොව පුදුම 7 න් එකක් වන මෙම විශ්ම්ත ඉදිකිරීම කර ඇති බවට ඔවුන් ප‍්‍රකාශ කර ඇත.
    කෙම්ටියන් වරු අනෙකුත් ග‍්‍රහලෝක හා සම්බන්ධ වී සිටි බවට ඔවුන්ගේ න්‍යායාත්මක දැනුම භාවිතා කළ තාක්ෂණය හා උපකරණ මගින් සනාථ වේ. ඊජිප්තු වැසියන් හෝ ලෝකයේ වෙනත් කිසිඳු ශිෂ්ටාචාරයක මෙවැනි දියුණු තාක්ෂණයක් නොතිබුණු බවද මෙම සංවිධානයේ මතය විය. පිරමීඩ ඉදිකිරීම සඳහා භාවිතා කළ ටොන් ගණන් බරැති ගල් එසවීමේදී ගුරුත්වාකර්ෂණය වැලැක්වීම සඳහා ජලය හා ශබ්ද තරංග භාවිතා කර ඇති බවට ප‍්‍රකාශ වේ. සූක්‍ෂම නිරවද්‍යතාවයකින් මෙම සුව්සල් පාෂාණ කැපීමටද මෙම මාධ්‍යයන් 2 භාවිතා කර ඇත.
    බාහිර ග‍්‍රහවස්තුවක සිට වුවද පිරමීඩ මතට වැටෙන ආලෝකය (සඳ වැනි) පරාවර්තනය කිරීමේ හැකියාව ඇති වන පරිද්දෙන් පිරමීඩය මතුපිට ඇති පාෂාණ දර්පණ ලෙස ක‍්‍රියාත්මක වන තරමටම එම පාෂාණ සුමට විය. නමුත් පසු කාලයේදී මෙම සුමට පෘෂ්ටයන් පල්ලි ඉදිකිරීම සඳහා විවිධ රජවරුන් විසින් භාවිතා කරන ලදී. එම නිසා වර්තමානයේදී පිරමීඩ වල දක්නට ඇත්තේ පඩි සහිත මතු පිටකි. 
පිරමීඩයක අභ්‍යන්තර කොටස්



පිරමීඩ යනු කුමක්ද ?

පිරමීඩ යනු ත‍්‍රිකෝණාකාර පැති 4 කින් යුතු ඉහළදී ශීර්ෂ එකතුවන පහළදී සමචතුරස‍්‍රාකාර පාදමකට සම්බන්ධ වන නිර්මාණයකි. ඊජිප්තුව සම්බන්ධව බලන කළ මෙවැනි පිරමීඩ ඉතා විශාල ඒවාය. ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුදු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල  පිරමීඩය. ඔවුන් තැනූ පිරමීඩ ප‍්‍රමාණය 90 කටත් වඩා වැඩිය. ඒවා රජවරුන්ට හා රැජිණියන්ට සොහොන් ගර්භ ලෙස තැනූ ඒවාය. නමුත් ඔවුන් වන්දනාමාන පවත්වන ස්ථාන ලෙසද සමහර අවස්ථා වලදී පිරමීඩ යොදා ගැනුණි.

රටේ පාලකයා මිය ගිය පසු ඔහුගේ මෘත ශරීරය ඉතා පරෙස්සමින් පිළියෙල කොට රෙදි වලින් ඔතා එය මමියක් ලෙස සංරක්ෂණය කොට පිරමීඩ තුළ තැන්පත් කරන ලදී. පුරාණ ඊජිප්තු වැසියන්ගේ මතයට අනුව  මමියක් තැන්පත් කර ඇති පිරමීඩය මගින් මිය ගිය අධිරාජ්‍යයාට මරණින් මතු ජීවිතය සඳහා පහසුකම් සපයයි. එම නිසා එකල පූජකවරුන් විවිධ පූජාවන්  මගින් මිය ගිය පුද්ගලයාගේ ආත්මය ශරීරයෙන් ඉවත් වීම වළක්වා එය සමඟම රඳවා තැබීමට උත්සාහ ගත්හ. මුල් කාලයේදී ගල් කුට්ටි මගින් පිරමීඩ නිර්මාණය කළ ඔවුන් පසු කාලයේදී පස් වලින් තැනූ විශාල ගඩොල් යොදා ගත්හ.

පිරමීඩ . . .

ලොව පුදුම හතෙන් එකක් වන මහා පිරමීඩයත් තවත් පුදුමයක් වන ටජ් මහල් මන්දිරයේ හැඩයත් පිරමීඩාකාර වේ. සමාන පරිවාර පිරමීඩ නවයකින් යුත් මහා පිරමීඩය ආසියා, යුරෝපා, මහාද්වීප 3 ට මැදිව පෘථිවියේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ඊජිප්තූවේ කයි‍රෝ නුවර ගීසා හි පිහිටා ඇත. මෙම මහා පිරමීඩයට ආරක්ෂාව සපයමින් මිනිස් හිසක් සහිත සිංහ රුවක් ගලින් නෙලා ඇත. කුමන කරුණක් අරභයා මෙය ඉදි කරනු ලැබුවේද යන්න තවමත් අභිරහසකි.

Friday, August 5, 2011

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ අකුරුකරවීම - 4 කොටස

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ අකුරුකරවීම - 4 කොටස


මායාවරුන්ගේ ආගම් හා ඇදහීම් පිළිබදව පසුගිය ලිපියෙන් අපි කතා බහ කල අතරම අධික කාර්යබහුල බව නිසා කෙටි නිහැඩියාවකට පසු නැවතත් අපි මායාවරුන්ගේ සම්භාව්‍ය යුගයේ තවත් වැදගත් කරුණු  මෙම ලිපියෙනුත් සොයාබලමු.

විද්‍යාව හා ලේඛණය
මායවරුන් සතුව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවිමට සමත්වූ දක්‍ෂතාවයන් රැසක්ම තිබූ අතර එයින් කැපී පෙනෙනම දක්‍ෂතාවය වූයේ ගණිතයට හා තාරකා ශාස්ත්‍රයට ඔවුන් දැක්වූ නිපුණතාවයයි. එම ඥානය භාවිතා කර ඔවුන්ගේ විවිද කරුණු අරඹයා පැවැත්වෙන ආගමික උත්සව පැවැත්වීම පිණිස අන්තර්කාල දිනදර්ශන කිහිපයක්ම ඔවුන් සම්පානයකරගෙන ඇත. 
මායා දිනදර්ශනය 
එයින් එක් දිනදර්ශනයක් වන්නේ හිරු පාදක කරගෙන තනා ගෙන ඇති දින 365 ක දිනදර්ශනයයි. මෙම කැලැන්ඩරයේ මාස 18 ක් තිබී ඇති අතර දල වශයෙන් එක් මසකට දින 20 ක් යෙදී ඇත. මෙම දිනදර්ශනය Haab ලෙස හදුන්වා ඇත. එසේම මෙහි එක් මසකට දින 5 ක් තිබී ඇති අතර එම දින Uayeb යන නමින් හදුන්වා ඇත.



දෙවැන්න පූජනීය දින 260 ක් යොදාගෙන මාස 13 ක් වන සේ තනා ඇති ලිතක් මගින් වාසනාවන්ත හා අවාසනාවන්ත දින සොයාගැනීමට එසේත් නැතහොත් යමෙකුගේ දෛව්‍ය නිර්ණය කිරීමට හදාගෙන ඇති දිනදර්ශනයයි.මෙම දිනදර්ශනය Tzolk’in ලෙස හැදින්වේ.


(මෙම රූපය විශාලනය කර බැලීම සදහා එය මත click කරන්න).

එසේම මෙම දිනදර්ශන දෙකම යොදාගෙන ඔවුන් ඒ ඒ දිනට නියමිත කාර්යයන්ද තීරණය කොට ඇත. එපමනක් නොව එම  දිනදර්ශන දෙකෙහි සංකලනයෙන් සූර්ය හෝ චන්‍ද්‍රග්‍රහණ සිදුවන දින හා ඔවුන්ගේ වැදගත්ම ග්‍රහයාවන සිකුරු ග්‍රහයාගේ කක්‍ෂගත පිහිටීම පවා නිර්ණය කර ගැනීමට සමතුන් වී ඇත.


මායා තාරකා විද්‍යාඥයන් අසීරු ගණිත ගැටළුද විසදීමට සමතුන් බව කියයි. ඒ ඇසුරෙන් ඔවුන්ට අනාගතයේ හෝ අතීතයේ වසර දහස් ගණනක සතියේ දිනයට අදාල දවස කීමට තරම් ප්‍රාගුණ්‍යයක් තිබී ඇත. එසේම දිනදර්ශනයක දින ඉවත් කර හෝ වෙනමම එකතුකර නිවැරද තාරකා විද්‍යාත්මක් ගණනය කිරීම සිදුකර ඇත.
ඔවුන් සතුව දශම හෝ භාග වලින් ගණිත කර්ම විසදීමේ හැකියාව නොතිබී ඇති අතරconcept of zero න්‍යාඥ යොදාගෙන සංකීර්ණ ගැටළුද විසදා ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ පුරාණයේ පැවති බො‍හෝ ශිෂ්ඨාචාර concept of zero න්‍යාඥ පිළිබදව දැනුමක් නොතිබූ බව ඉතිහාසඥයන්ගේ මතය වේ.

(මෙම දින දර්ශන පිළිබද වැඩිදුරටත් ඉදිරියේදි කතා කරමු).

සංකීර්ණ ලේඛණ කලාවක් ඇති කර ගැනීමටද ඔවුන් මනාව සමත්වී ඇතඒ සදහා මුලින්ද සදහන් කල පරිදිhieroglyphic ක්‍රමය යොදා ගෙන ඇති අතර එමගින් ඔවුන්ගේ ඉතිහාසය හා වංශාවලිය පිළිබදව ලේඛණ තබා ඇත. මෙම ලියාතැබීම් ඔවුන් තනා ගෙන ඇති barkකඩදාසියෙන් යුතු පොත් හෙවත් codices වල මෙන්ම ශිලා ස්ථම්භවල අල්තාරවලලී ලින්ටල් මත හා වහලවල ලී පරාල මත මෙන්ම මැටි බදුන්වල පින්තාරු කිරීමෙන්ද සිදුකර ඇත.. මෙම ශිෂ්ඨාචාර පිළිබදව වැඩිදුර අධ්‍යයනය සිදුකල ප්‍රවීනයන්ගේ මතය අනුව මායාවරුන්ව යුරෝපීයන් විසින් ආක්‍රමණය කරන කාලසීමාවේ පවා මායාවරුන්ගේ තරම් භාෂාමය හා ලේඛනමය නිපුනත්වයක් යුරෝපීයන්ගේ පවා නොතීබූ බව පැවසේ.

මෙම hieroglyphic නිර්මාණය සදහා යොදා ගෙන ඇති සංකේත නැතහොත් glyph විවිච රූප වලින් යුතුවූ අතර ඒවා මිනිස් රූප, සත්ව රූප, අදභූත රූප, විවිද වස්තු හා හැඩතල ආදිය යොදාගෙන ඇත. සංකිර්ණ ලේඛණ තැබීමක් වුවත් මායාවරුන්ට ඕනෑම වචනයක් මෙම සංකේත ආධාරයෙන් ලිවිය හැකිවූවා මෙන්ම සාමාන්‍ය වචන ඉදිරිපත් කිරීමට මෙන්ම ගණිතමය අගයන් සදහාද වෙන වෙනම සංකේත ඔවුන් භාවිතා කර ඇත. එසේම වචන තැනීමේදී සංකේත කිහිපයක් එකට ඈදා එය සිදුකර ඇතිබවද ඉතිහාසඥයන් පවසයි.
glyph
මායාවරුන්ගේ ඉලක්කම් අක්‍ෂරගත කිරීම ගත් කල එය මූලිකව සංකේත තුනක් මත පමණක් රදාපැවති අතර එම සංකේත එකිනෙක මිශ්‍රකිරීමෙන් අනෙකුත් ඉලක්කම් ගොඩනැංවීම කලහ. මේ එම මූලික සංකේත තුනයි.

මේ එම සංකේත සම්මිශ්‍රනය තුලින් අංක 29 දක්වා ඉලක්කම් ලියා ඇති ආකාරයයි.


20 සහ 100 දැක්වූ අයුරු,


ඔවුන්ගේ අංක 20 පාදයෙන් භාවිතා කර ඇති අතර එය vigesimal ලෙස හැදින්වේ.




2007 අගය දැක්වූ අයුරු.

සංකීර්ණ සංඛ්‍යා ගොඩනංවා ඇති අයුරු.


මෙම අංක තිරස්ව මෙන්ම තිරස්වද ලිවීමට ඔවුන් සමත්ව ඇති අතර අංක වලට ආවේනික  රූප පවා ඔවුන්ගේ ලේඛන කලාවට යොදාගෙන ඇත. දින දර්ශන ආදිය සැකසීමේදී යොදාගෙන ඇත්තේ මෙම රූපයි.



මෙම ලිපිය කියවූ පසු ඔබද මෙම මායාවරුන්ගේ ගණිතය පිළිබදව සිතන්නට මොලය වෙහෙසන්නට ඇති නිසා 
මෙම කොටස මෙතනින් අවසන් කිරීමට අදහස් කරමි. කෙසේවෙතත් ඉතිහාසඥයන්ගේ මතය අනුව අනෙකුත් Pre-ColumbianAmerican civilizations නැතහොත් ඇමරිකානු මහද්වීපය තුල තිබූ අනෙකුත් ඉපැරණි ශිෂ්ඨාචාර වල 
මායාවරුන්ට තරම් දියුණු ලේඛණ කලාවක්, කලාත්මක ලෙස නිර්මාණ කිරීමේ හැකියාවක්, ඉහළ ගණිතමය ඥානයක්
හා ඉහල තාරකා ශාස්ත්‍රයක් නොතිබූ බවද අවධාරණය කරයි.
එහෙනම් පස්වන ලිපියෙන් හමුවෙමු...

2012 දී සිදුවෙන්නේ කුමක්ද? ආගම මායාවරුන්ට අබිංවලටත් වඩා වැඩියෙන් වටිනා දෙයක් විය- 3 කොටස

2012 දී සිදුවෙන්නේ කුමක්ද? ආගම මායාවරුන්ට අබිංවලටත් වඩා වැඩියෙන් වටිනා දෙයක් විය- 3 කොටස


දෙවන ලිපියේදී අපි සම්භාව්‍ය යුගය හෙවත්  Classical Period ගැන කතාබහ කරමින් සිටි අතර එය මායාවරුන්ගේ ස්වර්ණමය යුගය නැතහොත් එම ශිෂ්ඨාචාරයේ හිනි පෙත්තට නැගි යුගය ලෙස හැදින්වූයෙමු. තෙවන ලිපිය අරඹමින් එම යුගයේ තවත් ප්‍රධානතම අංගයක් වන මායාවරුන්ගේ ආගම් නැමති මාතෘකාව ඔස්සේ නැවතත් මායාවරුන්‍ගැන හා ඔවුන්ගේ ආන්දෝලනාත්මක ලිපිපෙලේ තෙවැන්න අරඹමු.

ආගම්
Hunab Ku දෙවියන්ගේ සංකේතය
පුරාතන ශිෂ්ඨාචාරවල ආගමික වශයෙන් ඇති සංකීර්ණත්වය මායාවරුන් තුලද දක්නට ලැබුනි. විශේෂයෙන් ඇමරිකානු ප්‍රධාන පුරාතන ශිෂ්ඨාචාරයන් වන මායා, ඇස්ටෙක් හා ඉන්කාවරුන් පොදුවේ විශ්වාසකල පරිදි විශ්වය ප්‍රධාන කොටස් තුනකින් යුතුවිය. එනම් දෙව්ලොව, පෘතුවි පෘෂ්ඨය හා පාතාල ලෝකයයි. එපමණක් නොව ඔවුන් පුළුල් ලෙස විවිද දෙවිවරුන් සහ දේවතාවියන්, විවිද අද්භූත බලවේග කෙරේ තදින් ඇලී සිට ඇති අතර අහසේ තරු, ග්‍රහලෝක ආදියටද ආගමික වශයෙන් වැදගත් කමක් දී තිබූ අතර අහසේ ඒ ඒ කලාපද ඔවුන්ගේ දේව ඇදහිල්ලට අදාලවිය. මෙම ප්‍රධාන ශිෂ්ඨාචාර තුනේම තව ‍පොදු ලක්‍ෂනයක් වූයේ ආගම හා ඔවුන්ගේ එදිනෙදා ජීවිතය අතර ගසට පොත්ත මෙන් ඇති තදබල බැදීමයි. මෙම ඇදහීම් සදහා විශේෂිත වූ ආගමික වත් පිළිවෙත්, පූජකයන්, ස්ථාන හා එම දෙවියන්ට ආවේණික වර්ණයන්ද තිබී ඇත.

මායාවරු ඇදහූ දෙවියන් අතරින් ප්‍රධානම දෙවියා Hunab Ku ලෙස හදුන්වා ඇති අතර එම දෙවියා ලෝකයේ මැවුම්කරු ලෙස ඔවුන් හැදින්වූ අතර ඔහු මිනිසාට වඩා ඉතා ඉහල ශ්‍රේෂ්ඨත්වයක් ඇති අයෙකු ලෙස ඔවුන්ගේ විශ්වාසය විය.

Itzamna දේවතා ස්වරූපය
එසේම ඔහු පෙනී සිටින තවත් ස්වරූපයක් මායාවරුItzamna ලෙස හදුන්වාගත් අතර එය අකාශයට නැතහොත් ඔවුන්ගේ විශ්වාසය අනුව දිව්‍යලෝකයට අධිපතියා ලෙසද, දහවලට හා රාත්‍රියට අධිපතියා ලෙස හා ලේඛණයට හා ඖෂධ පිළිබදව දෙවතාවාලෙසද මායාවරුන්ගේ ගරුබුහුමනට ලක්විය.

Kinich Ahau 
Kinich Ahau යනු හිරු දෙවියායි. එම දෙවියා, Itzamnaදෙවියාගේ තරුණ ස්වරූපය බවට මායාවරු විශ්වාස කර අදහා ඇත. තව ආකාරයකින් ඔවුන් සිතා ඇත්තේ Itzamnaදෙවියාගේ පුතා, Kinich Ahau ලෙසයි. 

සද දෙවියා දෙයාකාරයකින් අදහා ඇති අතර සදේ මහළු කාලය Ix Chel දෙවියා ලෙසත් තරුණ කාලයIx Ch'up දෙවියා ලෙසත් ඔවුන් සලකා ඇත.
Yum Kaax
 කෘෂිකර්මාන්තයේ යෙදුන සාමාන්‍ය ජනයා බහුලව ඇදහූ දෙවියෙක් Yum Kaax..මෙම දෙවියාබඬඉරිගුවලට සම්බන්ධ දෙවියා ලෙස ඔවුන් සැලකූ අතර ඔවුන්ගේ තවත් වැඩියෙන් ඇදහීමට ලක්වූ දෙවියා වූයේ Chacsහෙවත් වැසි දෙවියාය. මෙම වැසිදෙවියා ලෝකයේ කෙලවරේ විසූ බව මායා විශ්වාසයයි. අකුණු වලටද අධිපතිවූයේ මෙම දෙවියා බව මායා විශ්වාසයයි.

කාන්තාවන් පමණක් ඇදහූ දෙවිදෙවතාවන්ද සිට ඇත. Ix Chel දෙවියා එවැනි කාන්තාවන් විසින් පුදපූජා කල දෙවියකුවන අතර එම දෙවියා සඳට, ජලයට, ප්‍රතිකර්ම සදහා, දරු උපත් සදහා මෙන්ම පෙහෙකම් කටයුතු සදහාද අධිගෘහිත දෙවියා විය.
Ix Chel

සියළුම මායාවරු ඇදහු දෙවියා Ixtab නම් විය. මෙම දෙවියා අධිපති වූයේ සියදිවි නසා ගැනීමටය. මායා  විශ්වාසය අනුව සියදිවි හානිකරගන්නා විශේෂ දිව්‍යලෝකයකට යාමට වාසනාව ලැබූවෙක් විය. එසේම සෑම දිනයක්, මාසයක් හා වසරක් පාලනය කිරීමටද දෙවියන් මැදිහත්වූ බව ඔවුන්ගේ විශ්වාසයයි.
Ixtab

මායා ශිෂ්ඨාචාරය තුල දෙවියන් හා සංනි‍වේදනය සදහා බොහෝ පූජා විධි මෙන්ම උත්සවද රැසක්විය. ඔවුන්ගේ නව වසර ජූලි මාසයෙන් ඇරඹී ඇත. මෙම මාසයේ විශේෂයෙන්ම ඔවුන් දෙවියන් පුදා ඇති අතර ඊට අමතරව හදිසි අවස්ථාවන් ලෙස සැලකූ දුර්භීක්‍ෂය, ඉඩෝර කාල, සුලිසුලං වැනි අවස්ථාවලදීද දෙවියන්ට ගරුත්වයෙන් යුතුව විවෘත ප්‍රදේශක ඒකරාශී විපුදපූජා පවත්වා ඇත. පිරිමින් හා කාන්තාවන් අලංකාර පිහාටුවලින් වර්ණවත් වූ ඒ ඒ නිලයන් හදුනාගත හැකි ඇදුම් හා හිස්පලදනා පැලද, සිවුරුහම්කරමින්, ආගමික වාක්‍ය කියමින්, නලා පිඹිමින්, බෙර වයමින් හා අත්වල හා පාදවල සවිකරගත් සීනු නාද කරමින් නට නටා දෙවියන් පුදා ඇත. එසේම තව ආගමික වත් පිළිවෙතක් වී ඇත්තේ රත්වූ ජලයේ ස්නානයයි.

එසේපමණක් නොව මෙවැනි අවස්ථාවල ආගමික පුදපූජාවක් ලෙස ඔවුන් පියවි සිහියෙන්ද සිට නොමැති බව සදහන් වේ. ඒ සදහා මත්වෙන බීමක් වූ balche ද පානය කර ඇත. එයින් පමණක් සෑහිමකට පත්වී නැත සිතින් විවිද විකාර චිත්තරූප මවා ගැනීමට උපකාරීවන මත්ද්‍රව්‍යද ඔවුන් භාවිතයට ගෙන ඇත ඒවා විශේෂිත හතු ඇසුරෙන් හා ඔවුන් දුම්පානයට යොදාගෙන ඇති ප්‍රභල මතවීමේ හැකියාවකින් යුතු දුම්කොල විශේෂයකින් සිදුකරගෙන ඇත.

තරුණ වංශාධිපති මායාවරු පාරිශුද්ධ වූ  ක්‍රීඩාවක් ලෙස සැලකූ ball game ලෙස හැදින්වෙන ක්‍රීඩාවක් සෙල්ලම් කර ඇත.

 මේ සදහා වූ විශේෂිත අංගනයන්ද තනා තිබිනි. මෙම සෙල්ලම ක්‍රීඩාවක් ලෙස හැදින්වූවත් මෙය එක්තරා අතකින් සමහර අවස්ථාවලදී පරාජිත පිලට මාරාන්තික විය. මන්ද සෑමවිටම නොවුනත් ඇතැම් අවස්ථාවලදී පරාජයට පත්වන පිලට හෝ එහි නායකයාට අත්වන ඉරණම මරණය වූ බැවිනි. මෙම ක්‍රීඩාව ගැන සැකෙවින් දක්වතොත් මෙසේය.මෙයට ‍යොදාගත් අංගන නැතහොත් "court" ඉංග්‍රීසි කැපිටල්“I” හැඩයෙන් හා විවිද ප්‍රමාණයෙන් තිබූ බව පැවසෙන අතර විශාලතම අංගනය අඩි 459 ක් දිග හා අඩි 114 ක් පළල එකක් බව කිව යුතුය. ‍අංගනය දෙපසින් ඇති බිත්තිවල උස අඩි 26 ක් පමණ වී තිබේ. 
Great Ball Court
 මෙය කණ්ඩායම් ක්‍රීඩාවකි. කණ්ඩායමකට ක්‍රීඩකයන් 2 සිට 5 දක්වා ඇතුලත්ව තිබේ. ‍යොදා ගත් බෝලය රබර් වලින් සාදන ලද එකක් බව කියන අතර එය අඟල් 12 ක පමණ විශ්කම්භයෙන් හා කිලෝග්‍රෑම් 8 ක පමන බරකින් යුක්තවූ බවද පැවසේ. 

මෙහිදි කලයුතු ක්‍රීඩාව වූයේ මෙම ක්‍රීඩා අංගනයේ බිත්තියක ඉතා ඉහල උසක ඇති ඉහත කී බෝලය ඇතුල්කල හැකි ප්‍රමාණයේ සිරස් අතට පිහිටි පාශානමය මුදුවක් තුලින් බෝලය යැවීමයි.

මෙය වර්තමාන පාපන්දු ක්‍රීඩාවටද යම් නෑකමක් කීවාද කියා සිතෙන්නේ මෙහිදීද දෙපිලේ ක්‍රීඩකයන්නට පන්දුව අතින් ඇල්ලීමට තහනම්වීමයි. අතින් ඇල්ලීමෙන් තොරව පන්දුව කෙසේ හෝ මුදුව තුලින් යැවිය යුතුවූ අතර මෙය අසීරු දෙයක් බවද සදහන් කරයි. එනිසා මෙම පන්දුවට පහර දිය යුතුවූයේ කලවයෙන්, උකුලෙන් හා බාහුවෙනි.මේ ‍බෝල ක්‍රීඩාව අවසන් වන්නේ එක් පිලක් හෝ මුදුව තුලින් බෝලය යැවූ විට හෝ ‍බෝලය මොනයම් අවස්ථාවක කිසියම් කණ්ඩායමක් අතින් බිමට පතිත වුවහොත් එවිටද ක්‍රීඩාව අවසන් වේ.

බෝලය අතින් ඇල්ලීමට නොහැකි නිසා මෙය පාපන්දු ක්‍රීඩාවට සමාන යයි පෙනුනත් මෙය සිදුකරන විට අදින ලද ඇදුම් ආයිත්තම් ඇමරිකාවේ ක්‍රීඩා කරන ඇමරිකන් පාපන්දු ක්‍රීඩාවට ආසන්න බවක් දක්වයි. එනම් මායා ක්‍රීඩකයන් මුව දඩයමේ යන්නා සේ දිස් වී ඇති අතර හිස් වැස්මකින්ද, දනහිස් සදහා ආවරණද (Knee Pads), උරහිස් සදහා ආවරණද (Shoulder Pads), පාවහන්, අත්ආවරණ, වළළු (Wrist bands) හා ඉණ පටියකින් (Padded Belts) සන්නද්ධවී සිට ඇත. මෙම ඇදුමට ස්පාඤය ජාතිකයන්Yugo ලෙස හදුන්වා ඇති අතර මෙම ඇදුමට තවත් සුවශේෂී අංගයක්ද තිබී ඇත. එනම් බඩවටා පැලද සිටි බව කියන අශ්වලාඩමක හැඩයෙන් යුතු ඝන ලීයකින් නිමවන ලද පලිහයි.

බෝල ක්‍රීඩාව ගාම්භීරත්වයෙන් යුතු ආගමික පූජා චාරිත්‍රවලින්ද යුතු වැදගත් උත්සව අවස්ථාවක් වූ බව කියන අතරම එය සදහා ඉහල පෙලේ ආගමික පූජකවරුන් මෙන්ම රාජ්‍යයේ ඉහලපෙලේ පාලකයන්ද මෙම අවස්ථාව නැරඹීමට හා ඒ ඒ චාරිත්‍ර ඉටු කිරීමට සහභාගී වී තිබේ.

තරඟයේ ජයග්‍රාහකයන්ට කාගෙත් ගරුසැලකිලි වලට ලක්විය. එහෙත් පරාජිතයන්ට ඇතැම් අවස්ථාවලදී එතරම් සුභදායක තත්වයක් හිමිනොවීය. එම කණ්ඩායමටම හෝ එහි නායකයාට දෙවියන් සතුටු කිරීමට හා එනිසා ජීවත්ව සිටින්නගේ කෘෂිකර්මය, ව්‍යාපාර හා සෞඛ්‍යය දියුණූවීම වෙනුවෙන් දිවිපිදීමට සිදුවූ අතර ඔවුන්ගේ දේහ ක්‍රීඩා අංගනය යටම වලලා ඇති අතර හිස් කබල් මෙම ක්‍රීඩාවේ පන්දුව තැනීමෙදී එහි මධ්‍යය සදහා යොදාගෙන ඇත. 

කෙසේවෙතත් මෙම ක්‍රීඩාව එකල අතිශයින් ජනප්‍රිය එකක් වී ඇති අතර එය නැරඹීමට විශාල ජන සහභාගීත්වයක් මෙන්ම මායා ශිෂ්ඨාචාරය පැවති ප්‍රදේශවලින් මෙම බෝල ක්‍රීඩාව සිදුකල අංගනයන් සිය දහස් ගණනකගේ නටඹුන්ද හමුවී ඇත.

බොහෝ ආගමික උත්සව දෙවියන් සතුටු කිරීම උදෙසාවූ බිලිපූජා ආදියෙන් බහුල වී ඇත. මෙම බිලිපූජා සිදුකර ඇත්තේ විවෘත ප්‍රදේශ වල තනා ඇති සුවිශාල පිරමීඩ වල මුදුනේදීය. මෙම පිරමීඩ මුදුනට නැගීමට පඩි විශාල ගණනකින් සමන්විත පියගැට පෙලවල් තිබූ අතර අල්තාරය මුදුනේ විය. මෙම මුදුනේ ඇති පූජ්‍යස්ථානයේ දෙවියන් වැඩ සිටින බවට මායාවරු විශ්වාස කල අතර එය කැටයමින් හා බිතුසිතුවමින් අලංකාර කර තිබූ අතරම වහල සදහා යොදා ගෙන තිබූ කැටයම් සහිත පාශානමය පුවරුව roof comb ලෙස හැදින්වීය. මෙහි අල්තාර‍යට ඉදිරියෙන් දෙවියන් සදහා සුවද ධූප වල දුමින් සුවදවත් කර තිබූ අතර  දෙවියන්ට පිදීමට ධාන්‍ය, පළතුරු හා ඇතැම් බැතිමතුන් රුධිරයද රැගෙන විත් ඇත. එපමණක්ද? නැත. අතිභක්තිමත් බැතිමතුන් සිය තොල්, දිව පමණක් නොව සිය රහස් අවයවද උල් කටුවලින් විද දෙවියන් සතුටුකර ඇත. 

ඊටත් එහා ගිය බැතිමතුන් බිලිපූජා පැවැත්වීමටද මැලිවී නැත. ඒ සදහා කුඩා දරුවන්, වහළුන් හා යුද්දවලදී අල්ලා ගත් සිරකරුවන් යොදාගෙන ඇත. මෙම අසරණයන් නිල්පැහැයෙන් පින්තාරු කොට ඉන්පසු ආගමානුකූලව පිරමීඩ මුදුනේදී මරාදමා ඇත. එහිදී එක්වර ඊතලයකින් විදීමකින් හෝ ඔහුගේ අත්පා අල්ලා ගෙන සිටියදී “අතිඋතුම් පූජකයන් මෙම නරබිල්ලේ පපුව flint ගලින් තැනූ ශුද්ධවූ පිහියකින් කපා හදවත එලියට ඇද අදාල බිලිපූජා දේවකාරිය ඉටුකර ඇත. යුද්දවලදී අල්ලා ගන්නා පාලකයන්වද බිලිදී ඇති අතර එවිට පොරොවක් ආධාරයෙන් අංගඡේදනය කොට එම කටයුත්ත කර තිබේ.

සාමාන්‍යයෙන් සම්භාව්‍ය යුගයේදී බලවත් පූ‍ජක පැලැන්තියක් සිටි බව කියතත්, ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය නම් එම කටයුත්තත් රජු හෝ රැජින විසින් කල බවයි. තව අයගේ මතය වන්නේ වංශාධිපතුන්ගේ එක් පෙලපතකින් මෙම පූජකයන්වීමට පුහුණුවලත් අය සිටි බවයි. කෙසේවෙතත් ස්පාඤය ආක්‍රමණ සිදුවන කාලයේ බලවත් පූජක පැලැන්තියක් සිටිබවට මතයක් තිබේ.  මෙම ආක්‍රමණය සිදුවන අවධිය වන විට සෑම නගරයකම හෝ රාජ්‍යයක ප්‍රධාන පූජකයකු සිට ඇති අතර ඔහු Ahaucan May ලෙස හදුන්වා තිබේ. මෙම ප්‍රධාන පූජකයා මායාවරුන්ගේ දිනදර්ශනයේ, ඔවුන්ගේ පූජනීය වංශකතා, ඔවුන්ගේ ඉතිහාසය හා ජ්‍යොතිශසටහන් පිළිබදව භාරකාරයද විය. ඔහුගේ මෙම තාරකා විද්‍යාත්මක හා ගණිතමය දැනුම මත ඉදිරියේ සිදුවන චන්‍ද්‍රග්‍රහණ හෝ සූර්යග්‍රහණ පිළිබදවද අනාවැකි කීමට හැකියාව තිබූ බව කියයි. තවද පූජකයන්ගේ වගකීමක් වූයේ මායා ජනතාව වෙත තම ඉතිහාසය හා මාය hieroglyphic ලියන ආකාරය පිළිබදව ඉගැන්වීම හා එය ප්‍රචලිත කරවීමයි.

ප්‍රධාන පූජකයාට පහලින් තිබූ සහායක තනතුර ahkinob හෙවත් “they of thesun” ලෙස හදුන්වා ඇත. ඔවුන්ට දෛනිකව සිදුකල යුතු කාර්යයන්විය. එනම් සිද්ධස්ථානයේ ගිණිමැල දැල්වීම, සුවදකාරක ද්‍රව්‍ය දැල්වීම හා දිනපතා දෙවියන් වන්දනාවයි. එසේම මෙම පහළ ශ්‍රේණීයේ පුජකයන් විවිද ජ්‍යොතිශ කරුණු අරඹයා පැමිනෙන්ට උපදෙස් දීම හා විවාහ ආදී කටයුතු සදහා සුභ දිනයන් පිළිබදව දැනුවත් කිරීම හා දරුවන්ට නම් තැබීමද කර ඇත.

මෙලෙස තදබල ලෙස ආගම හෝ තම විශ්වාසය දිනූ ඇදහිලි ක්‍රමකෙරේ ඇලී ගැලී සිටි මායාවරු පිළිබදව මෙවැනි කෙටි සටහනකින් විස්තර කල නොහැකි වුවත් අපේ ප්‍රධාන මාතෘකාවට අදාල වන කරුණක් ඔවුන්ගේ ආගමික මතිමතාන්තර තුලින්ද හමුවේ. එය මෙසේ විස්තර කල හැක. මායාවරුන්ගේ විශ්වාසය අනුව විශ්වය කිහිපවිටක්ම විනාශවනවාසේම එය නැවත නිර්මාණය වීමද සිදුවේ. මෙය සෑම වසර 5000 කට වරක් වන සේ චක්‍රයක් ලෙස සිදුවන බවද ඔවුන්ගේ මතයයි. ඒ අනුව දැන් පවතින් විශ්වය ඇරඹී ඇත්තේ ක්‍රි.පූ. 3114 දීය. ඒ අනුව සැලකූ කල වසර 5000 පිරෙන්නේ ක්‍රි.ව.2012 දීය. ඒ නිසා 2012 දී මේ විශ්වය විනාශවී යා යුතුය. මෙලෙස විශ්වය විනාශ වී යාම හා නැවත ප්‍රතිනිර්මාණය වීම සදාකාලිකවම සිදුවන දෙයක් බවද ඔවුන් තරයේ විශ්වාස කර ඇත. එපමණක් නොව දැන්පවතින්නේ කලින් විශ්වයේම අනුපිටපතක් බවත්, ඊලඟට ඇතිවන විශ්ව‍ය දැන් විශ්වයේ අනුපිටපතක් බවද ඔවුන්ගේ මතයයි. පසුව සවිස්තරාත්මකව කතාකිරීමට බලාපොරොත්තුවන මායාවරුන්ගේ සංකීර්ණ දිනදර්ශනය ගතහොත් එය දින 365 ක සූර්ය වර්ශයකින්ද, එය තුල දින 260 ක පුදපූජා අඩංගු වසරක්ද, මෙයටත් අමතරව දින 584 ක වසරක් ලෙස සලකන සිකුරු හා අනිකුත් ග්‍රහයන්ගේ චලනයන් පදනම් කරගත් වසරක්ද විය.  ඊට අමතරව ඒ ඒ දින වාසනාවන්තද? නැත්ද යන්නද දිනදර්ශනයේ ඇතුලත් විය.

මායා සංකල්පයක් වූයේ පෘතුවිය යනු පොකුනක පාවෙමින් සිටින යෝද කේමනයකුගේ පිටුපස කොටස ලෙසයි. ජලයෙන් පිටත කේමනයාගේ පෙනෙන කොටස පැතලි හා මුළු හතරකින් දිස්වේ. මෙම කොන් හතර මාලිමාවක දිශා හතර මෙනි.
ජලයේ සිටින කේමනයා
එසේම ඒ ඒ දිශාවට ආවේණික වර්ණයන්ද ඇත. උතුරට සුදුද, රතු නැගෙනහිරටද, දකුණට කහ සහ බස්නාහිරට කළු ලෙසයි. මධ්‍යය කොළ වර්ණයෙන් යුතුබවද සලකන ලදි. පෘතුවියට ඉහලින් මට්ටම් 13 ක දිව්‍ය ලෝක පිහිටා ඇති බවද ඔවුන්ගේ විශ්වාසයයි. එහි 7 ක් ඉහලට යන ලෙසද, 6 ක් පහලට එන ලෙසද ඇතිබව පැරණි මායා මතයයි. පෘතුවියට පහලින් පාතාල ලෝක එසේත් නැතහොත් අපායවල් 9 ක් ඇත. 5 ක් පහල දෙසටත්, 4 ක් පහල සිට ඉහලටත් විහිදී ඇති බව ඔවුන් කියයි. සමස්ථ විශ්වයම ගතහොත් එය එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ ලෝක‍ය මැද ඇතැයි සලකන ‍හරිත සිබියා වෘක්‍ෂයෙනි.එහි අතු දිව්‍යලෝකය තෙක් වැඩී ඇති අතර මුල් පාතලය ‍තුලට වැඩී ඇත. මායාරජවරුන් විසින් තැනූ සිද්ධස්ථාන වල මෙය සිත්තම් කර ඇති අයුරුද දැක ගත හැකි බව පවසයි.

ආගමික වශයෙන් මෙවැනි අතිසංකීර්ණභාවයකට හිමිකම් කී මායාවරුන්ගේ ආගමික වශයෙන් තව කිවයුතු කරුණු බොහෝමයක් ඇතත් මෙම ලිපි මාලාවේ තව කතා කල යුතු වැදගත් කරුණු විශාල ප්‍රමාණයක් ඇති නිසා මෙම ලිපිය මෙතනින් අවසන් කරන අතර සිව්වන කොටසේදී තව නොදැන සිටි කරුණු රැසක් සමග හමුවෙමු.