This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, November 10, 2011

අලුගෝසු තනතුරට කාන්තාවන් තිදෙනෙකුගෙන් අයැදුම් පත්‍ර


මස් කඩයක වැඩකළ අයෙක් එම රැකියාව තමාට දෙන ලෙස ඉල්ලයි
අලුගෝසු තනතුරට කාන්තාවන් තුන්දෙනෙකුගෙන් අයදුම්පත් ලැබී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
මෙම තනතුර සඳහා තවම අයදුම්පත් කැඳවා නැතත් මේ වනවිට අයදුම්පත් 100 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘දිනමිණ’ට කීය.
මේ සඳහා ලැබී ඇති අයදුම්පත් අතර මස් කඩයක රැකියාව කළ පුද්ගලයකුද වන බවත්, තමන් මස් කැපීමේ රැකියාවෙහි දිගු කාලයක් නිරත වී ඇති බැවින් මේ තනතුර තමනට ලබාදෙන ලෙස ඔහු අයදුම්පත මගින් ඉල්ලා ඇත.
1976 වසරෙන් පසු මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවුණු අතර මේ වනවිට මරණ දණ්ඩනයට නියම වී බන්ධනාගාර ගතව සිටින පිරිස 357 කි. ඔවුහු වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාරවල රඳවා සිටියි.
අලුගෝසු තනතුරෙහි පුරප්පාඩු 02 ක් පවතින අතර ඒ සඳහා ළඟදීම අයදුම්පත් කැඳවීමට නියමිතය. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකදී මරණ දණ්ඩනයට පක්ෂව 80% ක ජනතා කැමැත්ත හිමිවී තිබේ.
.