This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, May 30, 2012

ඔබත් phone මකුළුවාට බිය වුනාද?

ඔබත් phone මකුළුවාට බිය වුනාද?


මේ වීඩියෝව නිසා තිගැස්සුනු හුඟදෙනෙක් බය වුනේ ෆෝන් එක නරක් වෙයි කියන බයට වඩා මේ සතා ඇඟට ඇතුළු වෙලා කරදරයක් කරාවි කියන බයට කියලයි මට හිතුනේ. එකපාරට ගෝනුස්සෙක් වගේ මයිටාවෙක් පෙන්නුවම ෆෝන් service කරන්නයි, hands free ගන්නයි දුවන එක අහන්නත් දෙයක්ද? ඒත් ඔය දුවන දිවිල්ලත් එක්ක ඇවිස්සෙන දුහුවිල්ලෙ ඉන්න මයිටාවුන් දහස් ගණනක් ඔබේ නාහෙ ඇතුලට ගියේ නෑ කියල කෝම කියන්නද මේ තරං කිවිසුම් යත්දී.

අපේ කතාවට අදාල කට්ටිය අයිති වෙන්නේ Arachnida කියන කාණ්ඩයට. ඊට පස්සේ Arachnida ලා ගැන හොයල බැළුවොත් එයින් මයිටාවන් අයිති වෙන්නේ Acari කියන කොටසට ඒ පවුලෙත් තව ඥාති තුන් දෙනෙක් ඉන්නවා. එයින් අපේ මේ "ෆෝන් මකුණා" වගේ කට්ටිය අයිති වෙන්නේ Acariformes කොටසට (ඒත් ඉතින් මේ මකුණා කවුද කියල හරි විස්තරයක් දුන්නේ නැහැනේ තවම)

දැන් අපි එමු අපේ මූලික කතා බහට, ඒ කියන්නේ මේ මයිටාවන් ගැන අපි මීට වඩා දැන ගත යුතු කරුණු ගැන. ඔබ දන්නවද ඔබේ මුහුණෙ, නාසයේ, සම මතු පිට වගේම ඔය අල්ලගෙන ඉන්න mouse, keyboard වලත් ඕන තරම් මයිටාවුන් ඇති. විශේෂයෙන්ම බෝඩිම් ජීවිතේ ගත කරන අපේ මිත්‍රයන්ගේ ඇඳ රෙදි වල ලක්ෂ ගණන් මයිටාවුන් ඇති. ඒ හිටිය කියල ලොකු කරදරයක් නම් මේ වනතුරු උනේ නැතිව ඇති, සමහර විට ඔය ගේ අස් කරන දවසට දුවිල්ල ගිහින් හාච්චිං යන්නේ දුවිල්ල විතරක් නිසාම නොවෙයි. ඒ දුහුවිල්ලත් එක්ක Dust mites දහස් ගණනක් නාස් කුහරයට රිංගන නිසා. ඔය සමහර කාළෙකට හමේ කැසිල්ලක් ඇති කරන්නත් මේ මයිටාවන්ට පුළුවන්. ඒ විතරක් නෙවි, දන්නවද? කස කසා ප්‍රීති වෙන ලෙඩේ "ප්‍රීති කසානා" ඒ කිව්වේ හම පතුරු යන තුරුම කස කස ඉන්න පුළුවන් scabies කියන සමේ රෝග තත්ත්වය ඇති කරන්නෙත් මේ මයිටා කාණ්ඩයේම කෙනෙක්.

අපි දැන් ටිකක් හොයල බලමු අපිට කරදර කරන්නට ඉඩ ඇති මයිටාවන් කවුද, මොනවද එයාල කරන්නේ කියලා. හැබැයි මතක තියා ගන්නම ඕන දේ ලක්ෂ ගණනක් මයිටා වර්ග වලින් මිනිස්සුන්ට පොඩි හරි කරදරයක් කරන්නේ බොහොම සුළු පිරිසක් විතරයි . බලමු ඒ කරදර මොනවද කියලා.

මින් වැඩිම කරදරයක් කරන කෙනා විදියට අපිට ගන්න පුළුවන් කෙනා තමයි Dust mites කියන කෙනා. ලොකු කරල බැලුවොත් නම් කැරපොත්තෙක් වගේ වුනත් අල්පෙනෙති තුඩක් තරම් පුංචි ජීවියෙක්. හරිම කැමතියි උණුසුම් වියලි පරිසරවල ඉන්න. විශේෂයෙන්ම දැව භාණ්ඩ මත එකතු වුනු දුහුවිලි වලට වැඩි කැමැත්තකින් ඉන්නවා. ඒ විතරක් නෙවි ඇඳ ඇතිරිලි, තිර රෙදි වගේ දේවල වලත් අපේ හමෙත් ඉන්න පුළුවන්. හැබැයි හමේ ඉන්නේ එච්චර කැමැත්තකින් නෙවි, ඒ වුනාට වැරදිලා හරි හමේ මිය ගිය සෛල කමින් බොමින් දිගින් දිගටම එතන ජීවත් වෙන්න පැටවු දාලා පදිංචි වුනොත් නම් කසන්නම වෙනව, ඒ කිව්වේ හමේ හැම තිස්සෙම කසන සුළු ගතියක් දැනෙනවා. හැබැයි අර කසානා තරම්ම දරුණූවට නෙවි.

ඒ කැසිල්ල විතරක් නෙවි මෙයා නාසය ඇතුලට ගියාම නාසයත් කසනවා, හේතුව මෙයාට විරුද්ධව අසාත්මික ප්‍රතික්‍රියාවක් වෙනවා. කිවිසුම් යනවා, හොටු බේරෙනවා, නාහේ පොඩි කරන්න හිතෙනවා, හැම තිස්සෙම අතින් නාහේ උඩට තද කරනවා. ඔය වගේ ලක්ෂණ එන බොහොම වේලාවට හේතුව තමයි මේ මයිටාවා නාසයෙ තුනී පටල මත රැඳිම.

ඊට අමතරව මෙයාට පුළුවන් අපිට ඇදුම, නැත්නම් හතිය ඇති කරන්නත්. මොකද ඒකත් අසාත්මිකතාවයත් එක්කම එන තත්ත්වයක්. හතියේ අමාරුව කියන්න ඕන නැහැනේ. දැන ගන්න ඕන දේ තමයි මේ හතියට හේතු කාරක වන කෙනා ඉන්නේ දුහුවිල්ල එක්ක කියන එක. අනෙක් වැදගත් දේ මේ මයිටාවා විතරක් නෙවි එයාගේ මළපහ පවා දූවිල්ලත් එක්ක ඇවිත් අපිව මේ විදියට ලෙඩ කරන්න පුළුවන් බව සොයාගෙන තිබෙනවා.

මේ ලිපිය ලියපු මගේ හිතවත් මහේෂ් නිශාන්ත අයියගේ බ්ලොග් අඩවියේ මේ ගැන සම්පූර්ණ ලිපිය තියෙනවා. කියවලම බලන්න වටිණවා. ආහ්, ඒකේ උඩම තියෙන වීඩියෝවත් අනිවා බලන්න. අපි හරි ඉක්මනින් බය වෙන හැටි දැක්කම හිනහත් යනවා දැන්නම්. ඒත් ඉතිං මහේෂ් අයියා මේ ලිපිය ලියල අපිව දැනුවත් කරපු නිසාම තමයි. මහේෂ් අයියට අනේක වාරයක් ස්තූති කරන අතරේම phone මකුණට BYE කියනවා.

Monday, May 28, 2012

2012.12.21 ලෝක විනාශයක් නෑ – මායාවරුන්ගේ තවත් කැලැන්ඩරයක් හමුවේ

බුදු දහම නැවත වරක් තහවුරු කෙරෙයි.








2012.12.21 ලෝක විනාශයක් නෑ – මායාවරුන්ගේ තවත් කැලැන්ඩරයක් හමුවේ
මධ්‍යම අමෙරිකාවේ දේශ සීමාවට අයත් ගෝතමාලා හි වැසි වනාන්තරයෙන් සොයා ගන්නා ලද පැරණි දකුණු අමෙරිකානු ශිෂ්ඨාචාරයක් වන මායා වරුන්ගේ කැලැන්ඩරයකට අනුව ලෝක විනාශය 2012 දෙසැම්බර් මස 21 වනදා සිදු නොවන බවත් ලෝකය තවත් වර්ෂ බිලියන ගණනක් පවතින බවත් සඳහන්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ පිලිබඳ සිදුකල මූලික පරික්ෂණ එරට බොස්ටන් විශ්ව විද්‍යාලය විසින් සිදු කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙම දින සටහනේ ඉතා නිවැරදිව සූර්යාගේ හා චන්ද්‍රයාගේ චක‍්‍රය පිලිබද හා දීප්තිමත් තාරුකා සංඥා පිලිබදවද විස්තර වන බවත් මියගිය අයගේ සිරුරු වලට පූජා හා චාරිත‍්‍රවාරිත‍්‍ර සිදුකර ඇති බවත්යි.

මෙම ලේඛනය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම සාධකය වන්නට ඉඩ ඇති බවත් මෙම සොයා ගැනීම් කරන ලද පිරිස් විසින් අනුමාන කරන අතර අනෙකුත් කැලැන්ඩර වලට සමාන දින සටහන් ඇති මේ තුල ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

සොයාගන්නා අවස්ථාව වන විටත් මෙය ඉතා හොඳ තත්වයේ පැවති බවත් මෙහි ඉතා සිහින් කුටීර වැන්නක් මතුපිට දක්නට ඇති අතර ඒවා තුල අදාල කරුණු සටහන්ව ඇත. ප‍්‍රමාණයෙන් වර්ග මීටර බාගයකට මදක් වැඩි මෙම ලේඛනය තුල මායාවරුන්ගේ වසර 6000 ක චක‍්‍රය අනුව ලෝක විනාශයකින් අවසන් නොවන අතර ඔවුන් අවසානයේ අසීමාන්තික යුගයක් කරා යන බව විශ්වාස කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Saturday, May 12, 2012

මෙන්න ඔබට පොටෝ ගැන ඉගෙන ගන්න නිරවුල් ස්ථානයක්

http://www.photographylk.com