Monday, June 27, 2011

සතියේ පුවත් අටුවාව



මෙන්න බොලේ කෙල්ලො කොල්ල කනෝ!





සංවිධානාත්මක කාන්තා කොල්ල කල්ලියක් කරේනගර් සිවම් කෝවිලේ පූජාවට රිංගා රන් දම්වැල් 18ක් කොල්ල කා තිබිය දී කයිට්ස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ කාන්තා කොල්ලකල්ලිය සාමාජිකාවන් හය දෙනකුගෙන් සමන්විත වෙයි. ඔවුන් සියලු දෙනාම පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරියන් බව සොයාගෙන ඇත.
උතුරු පළාතේ පමණක් නොව නැඟෙනහිර සහ තවත් ප්‍රදේශවල කෝවිල් පන්සල් ඇතුළු අධික ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවෙත රිංගා කොල්ල කෑම සිදුකර තිබේ. මොවුන් ද පූජාවට පැමිණි බැතිමතුන් මෙන් සැරසී සිට ඉතා සූක්‍ෂම ලෙස කුඩා කටරයක් පාවිච්චි කර කාන්තාවන්ගේ ගෙල බැඳි රන් දම්වැල් අත් පළඳනා ආදිය සොරකම් කර තිබේ.
කරේනගර් සිවම්කෝවිලේ පසුගියදා (23) පැවැති පූජාවට දහස් සංඛ්‍යාත බැතිමතුන් පැමිණ සිටියහ. ඔවුන් අතරට රිංගා ගත් මේ කාන්තා කොල්ල කල්ලිය සොරකම් කර තිබූ රන් දම්වැල් 18 පවුම් පනහක් පමණ වටිනා ඒවා වෙයි. කල්ලියෙන් සිවු දෙනෙක් අත්අඩංගුවට පත් වී ඇති අතර තවත් දෙදෙනෙක් සොයා පරීක්ෂණ පැවැත්වෙයි. කයිට්ස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා ඇතුළු පිරිසක් වැටලීම සිදුකර පරීක්ෂණ පරීක්ෂණ පවත්වති.

0 comments:

Post a Comment