Wednesday, June 22, 2011

ලොව උසම පිළිරුව තැනීම




ලොව උසම පිළිරුව තැනීමට ඉන්දියාව සූදානම්


ලෝකයේ උසම පිළිරුව ඉදිකිරීමට සැරසෙන ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තය ඒ සඳහා ගෝලීය ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේ. අලුත්ම ඉකොනොමිස්ට් සඟරාවේ මෙම ටෙන්ඩර් දැන්වීම පළ කර ඇත. ඉන්දීය නිදහස් සටනේ වීරයකු වන වල්ලාභායි පටෙල් නම් පුද්ගලයා පිළිබිඹු කරන අඩි 597 ක් උස්වන මෙම පිළිරුව ඉදිකිරීම සඳහා ඩොලර් ම්ලියන 300 ක් වැය වෙතැයි පැවසී තිබේ. ගුජරාටයේ උපන් පටෙල් ගේ පිළිරුවක් තැනීමේ යෝජනාව කලෙක පටන් පැවතිය ද දැන් එය ක්‍රියාත්මක තත්ත්වයට පත්ව ඇති බව පෙනේ. ගුජරාට මහ ඇමති නරේන්ද්‍ර මෝඩිගේ සංකල්පයක් වන මෙම පිළිරුව ඉදිවන්නේ නර්මදා නදියේ දූපතකය.
එහෙයින් එයට යායුතු වන්නේ බෝට්ටු මඟිනි. “සමගියේ පිළිරුවක” ලෙස මෙය හැඳින්වෙනු ඇති අතර අමෙරිකාවේ එම්පයර් ගොඩනැගිල්ලේ උසින් අඩක් පමණ වනු ඇති බවද, එරට නිදහසේ පිළිරුව මෙන් සිවු ගුණයක් උස් වනබවද සඳහන් ව තිබේ. දැනට ලෝකයේ උසම පිළිරුව ලෙස සැලකෙන චීනයේ හෙනාන් පළාතේ පිහිටි මීටර් 128 ක් උස ස්ප්‍රිං ටෙම්පල් හි බුදුපිළිමය ටද වඩා එය මීටර් 50 ක් උස් වන්නේය. මෙම නිදහසේ පිළිරුව තුළින් සෝපානයක් මගින් එහි ඉහළට යාහැකිවනු ඇති අතර පිළිරුවේ ඇස තුළින් අවට භූ දර්ශනය නැරඹිය හැකිවන්නේය.
.

2 comments:

  1. බුදු පිළිමයකට වඩා උසට පිළිම හදන්නේ ඇයි?
    මෙයත් මුළධර්මවාදීන්ගේ වැඩක්ම විය යුතුයි

    ReplyDelete
  2. පිළිම හදලා මොටද කන්න බොන්වත් නැති මිනිස්සුන්ට ආධාරයක් දෙන එකනෙ වටින්නෙ

    ReplyDelete