Saturday, June 18, 2011

ප්‍රවේශමෙන් රිය පැදෙව්වා නම් නොවේ මෙවන් විපත්

පොසොන් වන්දනාවේ ගිහින්

ත්‍රිරෝද රිය ලොරියක ගැටී මාවතගම දී 6ක් මරු දකිති

පොසොන් වන්දනාවේ ගොස් ආපසු නිවෙස් බලා එමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් මාවතගම නගරයේ දී වැලි ලොරියක ගැටීමෙන් හයදෙනෙක් ඊයේ ජීවිතක්ෂයට පත්වූහ. හතර දෙනකු මාවතගම රෝහලේ දී මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා කුරුණෑගල රෝහල කරා ගෙනයමින් සිටිය දී මියගොස් ඇත. මේ ඛේදවාචකය සිදුව ඇත්තේ ඊයේ අලුයම 4.00ට පමණ මාවතගම මැදි මහ විදුහල ඉදිරිපිට දීය.
මියගොස් ඇත්තේ ගලගෙදර හතරලියද්දේ එල්. ආර්. ලලිත් කුමාර (21) (හමුදා සෙබළෙකි) රත්නකුමාරි මැණිකේ (45) රුවන් කුමාර හේරත් (20) එච්. එම්. හේමලතා මැණිකේ (45) වසන්තා පුෂ්පකුමාරි (40) සහ ලක්මාල් අතපත්තු (12) යන අයයි. පාන්දර 4.00 විතර විශාල ශබ්දයක් ඇසුණා. පාරට දුවලා බැලූ විට ටිපර් එකක, ත්‍රී වීලර් එකක් හැපී තිබෙනවා දැක්කා. අපි තුවාල වූ අය මාවතගම රෝහලට යැව්වා. සිද්ධිය ඇසින් දුටු ගම්වාසීහු අප සමඟ කීහ.
කුරුණෑගල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (අපරාධ ස්ථාන පිළිබඳ) ඒ. එම්. ජී. අතපත්තු, උප පොලිස් පරීක්ෂක ජයතිලක, මාවතගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. පී. එස්. ජයලත්, පොලිස් පරීක්ෂක එච්. එම්. බණ්ඩාර, පො. සැ. 27436 වසන්ත යන මහත්වරු අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වයි. මේ අයුරින් පසුගිය වසරේ පොසොන් වන්දනාවේ ගිය එකම පවුලේ 7ක් කුරුණෑගල දැදුරුඔය පාලම මතදී අනතුරට පත්වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.

0 comments:

Post a Comment