Thursday, August 15, 2013

අතිශය දියුණු අතීත ශිෂ්ඨාචාර එක්වරම අතුරැදහන් වුයේ ඇයි ?"

ඉන්දියාව පිළිබදව විමසා බැලීමෙදිද අතීතයේ අපට සිතාගැනීමටවත් නොහැකි ආකාරයේ තාක්ෂණයක් ඉන්දියාව තිබු බව පැහැදිලිවම පසක් වේ. මේ පිළිබදව ඉන්දියානු ශිෂ්ඨාචාරය හා බැදුනු ප්‍රධාන ග්‍රන්ථය වන “මහ භාරතය “ ද සැලකිල්ලට ගැනීම අපට පහසුය. මන්ද එහි ඇතුලත් ඇතැමි සිදුවීමි මගින් ඔවුන්ගේ ප්‍රබල තාක්ෂණයක් තිබු බව මනාවට පැහැදිලි කරන නිසාත් එය බොහෝ කාලයක් මුලුල්ලේ ඉන්දියානුවන්ට මග පෙන්වු ශේෂ්ඨ ග්‍රන්ථයක් වන නිසාත්ය.

කෙසේ වුවද මහ භාරත ග්‍රන්ථයේ ඇතුලත් පසුබිමි කථාවට මීට වසර 1500 කට පමණ පෙර ඉන්දියාව තුල දින 18 ක කාලයක් තුල පැවති යුද්ධයක් පදනමි වේ. මෙම යුද්ධයේ සිදුවීම ඇතුලත් කථා වස්තුන් මුඛ පරමිපාරාවෙන් පරමිපරාවට පැමීණ පසුව එකම කාව්‍යක් ලෙස ග්‍රන්ථාරෑඩ වු වීර කාව්‍යකි. මෙය කුරැ - පාණ්ඩව යුද්ධය ලෙස හදුන්වන අතර එය අතීශය බිහිසුනු යුද්ධ , දර්ම සංවාද , ආදියෙන්ද සමන්විත වුවකි. එසේම මෙය ආර්යයන් ගංගං නිමින ආසන්නයේ පැතිර ගිය වසර 1500 කට පෙර කාලය තුල නොව ඊට වසර දහස් ගණනකට පෙර මෙම යුද්ධය පැවතෙන්නට අතැයිද තවත් මතයක් පවති. එයට ප්‍රධාන හේතුව වන්නේ “මහ භාරත “ කාව්‍ය එකම ග්‍රන්ථයක් ලෙස සකසන්ට මෙම ඉතිහාසය පිළිබදව සවිස්තර විශාල තොරතුරැ ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ පරිපරාවෙන් පරමිපරාවට පැවත ආ විශාල දෙවොල් සතුවු ලෙඛණ වලින් විමයි. එසේම එම දෙවොල් තුල වු සමහර ලේඛණයන් මගින් මීට වසර 20,000 කට පමණ පෙර යුගවල විස්තරද ඉදිරිපත් කර තිබේ.

මහ භාරත යුද්ධය පිළිබදව අවධානය යොමු කිරිමෙදි එහි සිදුවි ඇති බිහිසුණු සංග්‍රාම තුල භාවිතා කරන ලද අවි ආයුධද අතීශය බිහිසුණු ඒවා වේ. මෙම ග්‍රන්ථයන් මගින් “ රාම සැර , බ්‍රහ්ම සැර , බෂ්ම සැර , වජ්රා සැර ආදි ළුහෙයන් ආයුධද අතිශය භයාණක ඒවා ලෙසද නමි කරයි. මෙම අයුධ වලින් එල්ල කරන්නවා වු ප්‍රහාර සදහා අනෙක් සතුර ප්‍රහාරයන් හඹා ගොස් ගැටි විනාශ කරලිමේ ශක්තියද තිබු බව එම ග්‍රන්ථ තුලින් පෙන්වා දෙයි. එය අද ලෝකයේ භාවිතා කරන්නවා වු SAM අවියට සමාණය. මෙම SAM අවියෙන් එල්ල කරන ප්‍රහාර වලට සතුරැ යානා හඹා ගොස් ගැටි විනාශ කරලිමේ හැකියාව තිබේ. එසේම එක් ප්‍රෙද්ශයක සිට මනසින් බලා නිවැරදිව පතිත කරලිමේ හැකියාව සහිත අයුධ පිළිබදව මහ භාරතයේ විස්තර අඩුංගු වේ. එය අද ලෝකයේ තිබෙන BALLISTIC මිසයිල් වලට සමානය. තවත් විස්තර ඉදිරිපත් කරන මහ භාරතය මෙම යුද්ධ කාලයේදි වෙනත් අත්භුත ජීවින්ද යුද්ධය සදහා සමිබන්ධ වු බවට කරැණු ඉදිරිපත් කරයි. අවි පිළිබදව ඉදිරිපත් කරන විස්තරයේදි බ්‍රහ්ම සැර අවිය වැදුනු ස්ථානය ක්ෂණයකින් අලු දුවිල් බවට පත් වෙන බව ප්‍රකාශ කරයි. චක්‍රායුධය භවිතා කලහොත් මහත් ප්‍රෙදශයක් ගිනි ගනි. මෙය ලෙසර් අවි මගින් සිදු කරන්නවා විනාශයන්ට සමාන වන්නකි.

මේ තොරතුරැ මෙසේ ඉදිරිපත් කරද්දී මහ භාරතය විසින්ම එකල සිදුවි න්‍යෂ්ඨික යුද්ධ ,න්‍යෂ්ඨික බෝමිබ හා එවායින් ඇතිවන්නාවු අපදා පිළිබදවද පැහැදිලිව සටහන් කර තිබිම විශ්මයකි. “ බලසමිපන්න විමානනයක් තුල පියාසර කරවු ගුර්කා සිය යානාවෙන් ප්‍රක්ශිප්තයක් මුදා හැරියේය. සකල විශ්වීය බලයෙන් කුලු ගැන්වි තිබුනු එම ප්‍රක්ශිප්තය වැටුනු සැනින් සුර්යයන් දහසක් පෑවුවාක් මෙන් වු දිලිසෙන ගිණි හා දුමි කදමිභයක් අහසට නැග යෝධ ඡත්‍රයක් (කුඩයක් මේන්) මෙන් පැතිර යන්නට විය. යදමින් කරවු අකුණු සැරක් වු එය එතෙක් කිසිවෙකු අත්දැක නොතිබු භයංකර අවියකි. එය රිශිණින් හා අන්ධකයින් හට මරණයේ සංකේතයම විය. රිශිණි හා අන්ධක පුරවරයන් අලුදුලි බවට පත් වු අතර එහි වු මුලු මහත් ජනකායෙන් බොහෝමයක් පිළිස්සි මිය ගියේය. මළ සිරැරැ කොතරමි පිළිස්සි තිබුනාද යත් කිසිවෙකුත් හදුනා ගත නොහැකි විය. මෙම මහ ගිණි ජාලාවෙන් බෙරෙන්නට ඇතැමි සෙබලුන් ගංගා ඇළ දොල වලට පැන ගති. පිළිස්සිමෙන් මිය නොගියවුන්ගේ හිසකේ හා නිය හැලෙන්නට වු අතර හොරා කිහිපයකින්ම සියලුම ආහර විශ බවට පත් විය. “ ද්‍රෝනාභිශේක පාර්ව - මහා භාරත වීර කාව්‍යෙයන්

දැන් මේ පිළිබදව මොහොතක් සිතන්න. ඔබ පුදුමයට පත්වන්නට ඇති. යමක් සිදුවන තුරැ ඒ පිළිබදව අපට සක්සුදක් සේ තොරතරැ වාර්ථා කළ නොහැකිය. මෙම යුද්ධය සැබැවින්ම සිදු නොවුනානමි මෙවැනි න්‍යෂ්ඨික බොමිබ හෙළිමකට සමාන වන්නාවු අතිශය බිහිසුණු සිදුවීමක් බොහෝ නිවැරදිව සිතින් මවා ගන්නේ කෙසේද ? න්‍යෂ්ඨික බොමිබයක් හෙළිම සදහා අහසින් ගමන් කළ හැකි යානාවක් අනිවාර්යය වේ. එසේම එවැනි න්‍යෂ්ඨික බොමිබ පිපිරැමකදි ඇතිවන්නාවු ගිණි ගැනීමද මෙහි පැහැදිලිව ඉතා නිවැරදිව සටහන් කර තිබේ. ඊටත් වඩා න්‍යශ්ඨික විකිරණයකට නිරාවරණය වු විට කළ යුතු වු පිළියමිද මෙහි පැහිදිලිව සදහන් කර තිබේ. එනමි වතුරෙන් සමෙහි ගැවි ඇති විකිරණයන් සොදා හැරිමයි. අද වුවද විකිරණයන්ට නිරාවරණය වු වෙකුට ප්‍රථමයෙන් ලබා දෙන්නේ සමිපීඩිත ජල කදක් මගින් පුර්ණ සොදා හැරිමකි. එසේනමි මහ භාරතය රචනයේදි එහි රචකයා විසින් මෙය සිතින් මවා ගත් සිදුවීමක් බව පමණක් අපට සිතන්නට නොහැකිය. මන්ද එසේ සිතින් මවා ගෙන මෙවැනි ආකාරයේ අතිශය සමාන විස්තරයක් ඉදිරිපත් කිරීම කළ හැකි දෙයක් නොවන නිසාය. එසේනමි මහ භාරතය ලියැවිමට යොදා ගන්නා ලද තොරතුරැ මුලාශ්‍රයන් යමි යුගයකදි මෙම සිදුවීමි සැබැ ලෙසම දුටු පුද්ගලයෙකුගේ සාක්ෂිද ? එසේනමි මේ හෙලන්නට ඇත්තේ අද ලොකයේ ඇති පරමාණු බොමිබයක්ද වැනි එකක් මද ? 

0 comments:

Post a Comment