Thursday, August 15, 2013

"පිටසක්‌වල ජීවීන් සමග සාකච්ඡා පැවැත්වූ ජනාධිපති අයිසන්හවර්"

Photo: "පිටසක්‌වල ජීවීන් සමග සාකච්ඡා පැවැත්වූ ජනාධිපති අයිසන්හවර්"

පිටසක්‌වල ජීවීන් සමග මහපොළවේදී සාකච්ඡා පැවැත්වූ ඇමරිකන් ජනාධිපතිවරයකු ගැන පසුගිය කාලයේදී අන්තර් ජාලයේ තොරතුරු පළ වුණා. ඔහු තමයි ඇමරිකාවේ 34 වැනි ජනාධිපතිවරයා වූ ඩී. ඩී. අයිසන්හවර්. 1954 දී මැක්‌සිකෝවේ ගුවන් හමුදා කඳවුරකදී ඔහු පිටසක්‌වල ජීවීන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. තිමති ගුඩ් නමැති ලේඛකයකු විසින් ලියන ලද පොතක්‌ මගින් මේ බව හෙළිකර තිබෙනවා.

අයිසන්හවර් ජනාධිපතිවරයා පිටසක්‌වල ජීවීන් සමග සාකච්ඡා පැවැත්වීමට තමන් තුළ ඇති අවශ්‍යතාව අධි මානසික තරංග මගින් පිටසක්‌වල ජීවීන්ට දන්වා තිබෙනවා. එම පණිවුඩ ඔහු විසින්ම යවනු ලැබුවේද එහෙමත් නැත්නම් ඒ සඳහා ඔහු තුන්වන පාර්ශ්වයක්‌ පාවිච්චි කළාද යන්න පැහැදිලි නැහැ. සාකච්ඡා පැවැති ගුවන් හමුදා කඳවුරේ නම හොලොමන් (Holloman).

තිමති ගුඩ් කියන පරිදි පිටසක්‌වල ජීවීන් දිගු කාලයක පටන්ම හැම පරම්පරාවකම පෘථිවි වාසී ජනයා සමග සම්බන්ධකම් පවත්වා තිබෙනවා. ජනාධිපති අයිසන්හවර් පිටසක්‌වල වැසියන් හමුවූ බව තිමති හෙළි කළේ බැරක්‌ ඔබාමා හමු වීමට පිටසක්‌වල ජීවීන් තුළ අදහසක්‌ නැද්ද යනුවෙන් පුවත්පත් කලාවේදියකු විසින් ප්‍රශ්න කරන ලද විටයි. හොලොමන් ගුවන් කඳවුරට අමතරව තවත් කඳවුරු දෙකකදීම ජනාධිපති අයිසන්හවර් පිටසක්‌වල ජීවීන් හමුවී තිබෙනවා. මේ හමුව ගැන සාක්‍ෂි දීම සඳහා පුද්ගලයන් රැසක්‌ සූදානමින් සිටින බව තිමති කියනවා.

දෙවන ලෝක යුද සමයේ ඇමරිකානු හමුදාවේ රණවිරුවකු ලෙස සේවය කළ අයිසන්හවර් 1953 සිට 1961 දක්‌වා ඇමරිකාව පාලනය කළා. පිටසක්‌වල ජීවීන් ගැන විශාල විශ්වාසයකින් කටයුතු කළ පළමු වන ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහු හඳුන්වන්නට පුළුවන්. තරු හතේ ජනරාල්වරයකු වන අයිසන්හවර් දෙවැනි ලෝක යුද්ධයේදී යුරෝපයේ සිටි මිත්‍ර හමුදාවල (ජර්මන් විරෝධී හමුදා) අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළා. ඇමරිකානුවන් හඳට යා යුතු බව ඔහු තරයේම විශ්වාස කළා.

1954 දී පිටසක්‌වල ජීවීන් හමුවීමෙන් පසු ඇමරිකන් ජනාධිපතිතුමා ඔවුන් සමග ගිවිසුමක්‌ අත්සන් කළ බවත් තිමති කියනවා. ඔවුන්ගේ ස්‌වරූපය ස්‌කැන්ඩිනේවියානු යන වැසියන්ට සමාන බවත් වාර්තා වනවා.

0 comments:

Post a Comment