Thursday, June 7, 2012

ලංකාවේ ලස්සන දේවල්


ඉතින්...! කෝමැයි ? හුඟ දොහකින් මේ ලිපියක් ලියන්නේ. ඇත්තටම කිව්වොත් සති දෙකකට පස්සේ... සමාවෙන්න ඕනේ නිහඬතාවයට. කොහොම වුනත් ඉක්මනින්ම පුරුදු ලිපි හා එක් වන තුරු පොඩි අතුරුපසක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකත් ඊයකින් ගලවපු එකක්. මේවගේ ඊ එවන මගේ යාළු කියල තියෙන්නේ මීට පස්සේ නම දාන්න එපා කියලා. ඕං හිතාගන්නලා මේකත් එයාම එවාපු ඊයකත් කියලා...
ලියන්න තරම් නම් දෙයක් නෑ. පින්තූර පෙලක් තියෙන්නේ. ලංකාවේ ලස්සන ගැන පළ කරපු ඡායාරූප පෙලක්. මම ගත්තුවා නම් නෙවෙයි ඕං. සංචාරක මණ්ඩලයෙන් හරි ඒවගේ ආයතනයකින් වෙන්න ඕනේ. බොහෝ දෙනාගේ හිත සුව පිණිස, විශේෂයෙන් රටෙන් පිට ඉන්න අයට මේ ඡායාරූප වැදගත් වෙයි කියලා හිතනවා.... ඒ නම් බලමුකෝ...

ත්‍රීකුණාමලයේ ගල්පර මුදුනේ සිට

මේත් ත්‍රීකුණාමලේම තමා... කොහොමද දර්ශණේ ???

තංගල්ල වෙරළ තීරය

මිරිස්ස...

සැන්දෑවක රන්වන් වෙරළ තීරය

තවත් ලස්සන දර්ශණයක්... !

ආරුගම්බේ වෙරළ තීරය

කඳුකර දියඇල්ලක්

අඥාතයි ! හංවැල්ලට උඩහට වෙන්න කැළණි ගංග ගලන්නෙත් මෙහෙමයි

ඉහළ කඳුකර දසුනක්

මේක නම් ඉතින් උපරිම ලාංකීයයි !!!

බොගවන්තලාව තේ ...

ලංකාවේ අපේ one & Only Sky-Scraper දසුන ! :(

හැටන් තංගච්චිලා... තේ ලඳුන් !

හික්කඩුව... ඈතින් පේන්නේ සීනිගම දේවාලය වෙන්න ඕනේ...

කොහේ දැක්කත් ලෝකෙටම එකයි ! ශ්‍රී දළදා මාලිගාව...

උතුරුකරේ කයිට්ස්...

කොස්ගොඩ වෙරළ

සීතල නුවරඑළිය...

උඩරට තේ වගාවක්...

මේක දැක්කම අර විෂුවල් එක මතක් වෙනවා නේද ?

පුස්සැල්ලාව

අපි නොදන්න සීගිරිය !!! පවු නෝනා !!!

ලස්සන ඡායාරූපගත කිරීමක් !!!

සිංහරාජ වන අඩවිය

සිංහරාජ වන අඩවිය

සිංහරාජ වන අඩවිය


0 comments:

Post a Comment