Thursday, June 7, 2012

ලොව අභිරහස් ලිපි අංක 2


    අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින් කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...

  
පිලිපීනයේ චොකලට් නිම්නය

Chocolate Hills

කේතු හැඩැති කුඩා කඳුගැට වැනි වස්තූන් 1,770   පමණ මේ නිම්නයේ අඩංගුවේ. මේ අසාමාන්‍ය භූ පිහිටීමට හේතුව තාමත් භූ විද්‍යාඥයන්ට නම් අභිරහසක්. මේ අපුරු කේතු වර්ග කිලෝමීටර 50 ක් පුරා විහිදී පවතිනවා.


නවසීලන්තයේ මොවුරකි කළුගල් පර්වත

 Moeraki Boulders 1

නවසීලන්තයේ දර්ශණිය කොයිකොහේවෙරළ පුරා විසිරී ඇති මේ කළුගල් බෝල සංචාරකයන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වන දසුනක්. මේවා දුර්ලභ ඛනිජයකින් තැනී ඇති බවයි පැවසෙන්නේ. ඒ මීට අවුරුදු මිලියන 26 කට පමණ පෙරයි.


ඕස්ට්‍රේලියාවේ කොත් කනු කාන්තාරය

 Pinnacle Desert

හුණුගල් හා වැලිගල් කණු දහස් ගණනක් මේ කාන්තාරය පුරා විසිරී තිබේ. මේ කණු සමහරක් මීටර් හතරක් පමණ උස්වේ. මේ ආකාරයේ තවත් අමුතු ආකාරයේ පර්වත පිහිටීම් ඕස්ට්‍රේලියාව පුරාම පිහිටා ඇති අතර ඒ අපූරු පිහිටීම් ජනප්‍රිය සංචාරක ස්ථාන බවට පත්වී තිබේ.


චීනයේ පාෂාණ වනාන්තරය

 Stone Forest

දකුණු චීනයේ වර්ග කිලෝමීටර 500,000 ක් පුරා පැතිරුනු භූ ලක්ෂණ අඩංගු මේ භූමිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ. මේ පාෂාණ කණු වල හැඩතල හා වර්ණ සංකල්නය එකිනෙකට වෙනස් වන අතර සොභාදහමේ තවත් විස්මිත නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකියි.


ඇමරිකාවේ ඇන්ටිලෝප කැනියම

 Antelope Canyon

ඉතා විශ්මයජනක පර්වත පිහිටීම් ඇති ස්ථානයකි. මේ කැනියම ඉහල හා පහල ලෙස කොටස් දෙකකට ඛෙදේ. මේ පර්වත අතරින් ජලය ගලායෑම නිසා මේ අමුතු හැඩය ගෙන ඇතැයි පැවසෙන අතර ඉහල කොටසට වඩා පහළ කොටස ගැඹුරු වන අතර වඩාත් චමත්කාරජනක වේ.

0 comments:

Post a Comment