Thursday, June 7, 2012

පොටෝෂොප් මගින් එඩිට් කරන ලද පොටෝ අල්ලන්න ක්‍රමයක්

තීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේ සේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත් සමග ඡායාරූපකරණ ද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙනමම ක්ෂේත්‍රයක් දක්වා මේ වන විට මෙය වැඩී වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල් ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල් ඡායාරූපකරණය දියුණු වී ඇත.


කැමරාවකින් ලබාගන්නා ලද නියම ඡායාරූපය ඩිජිටල් උපක්‍රම මගින් සංස්කරණය කර අළුත්ම නිර්මාණයක් බිහිකළ හැකි වීම නිසා නියම ඡායාරූපයේ අගය නැසී යන බවට අදහසක් ද පවතී. එමෙන්ම නියම ඡායාරූපය වෙනස් කර නොයෙකුත් සමාජ විරෝධී කටයුතු වලට යොදාගැනීම ද ගැටළුවක්ව පවතී. මෙවැනි නොයෙකුත් අවස්ථාවල දී ඔබ දකින රූපය නියම ඡායාරූපය ද,නොඑසේ නම් ෆොටෝෂොප් හෝ එවැනි වෙනත් මෘදුකාංගයක් යොදාගෙන සංස්කරණය කළ එකක් ද යන්න පියවි ඇසින් නිරීක්ෂණය කර නිගමනයකට ඒම අපහසුයි. ඒ අපහසු කාර්යය පහසුවෙන් සිදුකර දෙන වෙබ් සේවාවක් දැන් ඔබට http://www.pskiller.com/ යන ලිපිනයෙන් නොමිලයේම ලබා ගත හැකියි.


මෙම වෙබ් සේවාව ඉතා සරල මුහුණතකින් යුතුභාවිතා කිරීමට ඉතාමත් පහසු ආකාරයකින් නිමවා තිබේ. මෙමගින් ඔබට ඔබේ පරිගණකය තුළ ඇති ඩිජිටල් ඡායාරූප මෙන්ම අන්තර්ජාලය තුළ ඇති ඡායාරූපද පරීක්ෂා කළ හැකියි. පරිගණකය තුළ ඇති ඡායාරූපයක් පරීක්ෂා කරන්නේ නම් “Choose File” තෝරා අදාල ඡායාරූප ගොනුව තෝරා දෙන්න.


අන්තර්ජාලය තුළ ඇති ඡායාරූපයක් පරීක්ෂා කළ යුතු නම් Image URL කොටුව තුල අදාල ඡායාරූපයේ ලිපිනය ඇතුළත් කර Submit බොත්තම ඔබන්න. 



මේ ක්‍රම දෙකෙන් කුමන හෝ ක්‍රමයකට ඡායාරූපයක් තෝරා දුන් පසුව මෙම වෙබ් සේවාව මගින් ඒ ඡායාරූපය විශ්ලේෂණය කිරීම අරඹයි.


මෙසේ විශ්ලේෂණය කළ පසු අදාල ඡායාරූපය ෆොටෝෂොප් වැනි මෘදුකාංගයක් භාවිතයෙන් ඩිජිටල් ආකාරයට සංස්කරණය කර ඇත්ද යන්න PSkiller සේවාවට පැවසිය හැකියි. එසේම මෙම විශ්ලේෂණය ෆොටෝෂොප් මෘදුකාංගයට පමණක් සීමා නොවේ. කුමන හෝ මෘදුකාංගයකින් ඩිජිටල් ආකාරයට වෙනස් කමක් කර තිබේ නම් එය හඳුනාගැනීමට PSkiller සමත් වේ. වැදගත්ම දේ වන්නේ මේ සේවාව ඔබට ලැඛෙන්නේ ලෝකයේ හොම මිලට නොහොත් සම්පූර්ණයෙන්ම නොමිලයේ වීමයි.

            Edit කරලද කියලා හොයාගන්න අමාරු ඡායාරූප තියේ නම් දැන් මේ අඩවියට ගිහින් පරීක්ෂා කරගන්න පුළුවන්.


0 comments:

Post a Comment