Friday, August 5, 2011

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ අකුරුකරවීම - 4 කොටස

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ අකුරුකරවීම - 4 කොටස


මායාවරුන්ගේ ආගම් හා ඇදහීම් පිළිබදව පසුගිය ලිපියෙන් අපි කතා බහ කල අතරම අධික කාර්යබහුල බව නිසා කෙටි නිහැඩියාවකට පසු නැවතත් අපි මායාවරුන්ගේ සම්භාව්‍ය යුගයේ තවත් වැදගත් කරුණු  මෙම ලිපියෙනුත් සොයාබලමු.

විද්‍යාව හා ලේඛණය
මායවරුන් සතුව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවිමට සමත්වූ දක්‍ෂතාවයන් රැසක්ම තිබූ අතර එයින් කැපී පෙනෙනම දක්‍ෂතාවය වූයේ ගණිතයට හා තාරකා ශාස්ත්‍රයට ඔවුන් දැක්වූ නිපුණතාවයයි. එම ඥානය භාවිතා කර ඔවුන්ගේ විවිද කරුණු අරඹයා පැවැත්වෙන ආගමික උත්සව පැවැත්වීම පිණිස අන්තර්කාල දිනදර්ශන කිහිපයක්ම ඔවුන් සම්පානයකරගෙන ඇත. 
මායා දිනදර්ශනය 
එයින් එක් දිනදර්ශනයක් වන්නේ හිරු පාදක කරගෙන තනා ගෙන ඇති දින 365 ක දිනදර්ශනයයි. මෙම කැලැන්ඩරයේ මාස 18 ක් තිබී ඇති අතර දල වශයෙන් එක් මසකට දින 20 ක් යෙදී ඇත. මෙම දිනදර්ශනය Haab ලෙස හදුන්වා ඇත. එසේම මෙහි එක් මසකට දින 5 ක් තිබී ඇති අතර එම දින Uayeb යන නමින් හදුන්වා ඇත.



දෙවැන්න පූජනීය දින 260 ක් යොදාගෙන මාස 13 ක් වන සේ තනා ඇති ලිතක් මගින් වාසනාවන්ත හා අවාසනාවන්ත දින සොයාගැනීමට එසේත් නැතහොත් යමෙකුගේ දෛව්‍ය නිර්ණය කිරීමට හදාගෙන ඇති දිනදර්ශනයයි.මෙම දිනදර්ශනය Tzolk’in ලෙස හැදින්වේ.


(මෙම රූපය විශාලනය කර බැලීම සදහා එය මත click කරන්න).

එසේම මෙම දිනදර්ශන දෙකම යොදාගෙන ඔවුන් ඒ ඒ දිනට නියමිත කාර්යයන්ද තීරණය කොට ඇත. එපමනක් නොව එම  දිනදර්ශන දෙකෙහි සංකලනයෙන් සූර්ය හෝ චන්‍ද්‍රග්‍රහණ සිදුවන දින හා ඔවුන්ගේ වැදගත්ම ග්‍රහයාවන සිකුරු ග්‍රහයාගේ කක්‍ෂගත පිහිටීම පවා නිර්ණය කර ගැනීමට සමතුන් වී ඇත.


මායා තාරකා විද්‍යාඥයන් අසීරු ගණිත ගැටළුද විසදීමට සමතුන් බව කියයි. ඒ ඇසුරෙන් ඔවුන්ට අනාගතයේ හෝ අතීතයේ වසර දහස් ගණනක සතියේ දිනයට අදාල දවස කීමට තරම් ප්‍රාගුණ්‍යයක් තිබී ඇත. එසේම දිනදර්ශනයක දින ඉවත් කර හෝ වෙනමම එකතුකර නිවැරද තාරකා විද්‍යාත්මක් ගණනය කිරීම සිදුකර ඇත.
ඔවුන් සතුව දශම හෝ භාග වලින් ගණිත කර්ම විසදීමේ හැකියාව නොතිබී ඇති අතරconcept of zero න්‍යාඥ යොදාගෙන සංකීර්ණ ගැටළුද විසදා ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ පුරාණයේ පැවති බො‍හෝ ශිෂ්ඨාචාර concept of zero න්‍යාඥ පිළිබදව දැනුමක් නොතිබූ බව ඉතිහාසඥයන්ගේ මතය වේ.

(මෙම දින දර්ශන පිළිබද වැඩිදුරටත් ඉදිරියේදි කතා කරමු).

සංකීර්ණ ලේඛණ කලාවක් ඇති කර ගැනීමටද ඔවුන් මනාව සමත්වී ඇතඒ සදහා මුලින්ද සදහන් කල පරිදිhieroglyphic ක්‍රමය යොදා ගෙන ඇති අතර එමගින් ඔවුන්ගේ ඉතිහාසය හා වංශාවලිය පිළිබදව ලේඛණ තබා ඇත. මෙම ලියාතැබීම් ඔවුන් තනා ගෙන ඇති barkකඩදාසියෙන් යුතු පොත් හෙවත් codices වල මෙන්ම ශිලා ස්ථම්භවල අල්තාරවලලී ලින්ටල් මත හා වහලවල ලී පරාල මත මෙන්ම මැටි බදුන්වල පින්තාරු කිරීමෙන්ද සිදුකර ඇත.. මෙම ශිෂ්ඨාචාර පිළිබදව වැඩිදුර අධ්‍යයනය සිදුකල ප්‍රවීනයන්ගේ මතය අනුව මායාවරුන්ව යුරෝපීයන් විසින් ආක්‍රමණය කරන කාලසීමාවේ පවා මායාවරුන්ගේ තරම් භාෂාමය හා ලේඛනමය නිපුනත්වයක් යුරෝපීයන්ගේ පවා නොතීබූ බව පැවසේ.

මෙම hieroglyphic නිර්මාණය සදහා යොදා ගෙන ඇති සංකේත නැතහොත් glyph විවිච රූප වලින් යුතුවූ අතර ඒවා මිනිස් රූප, සත්ව රූප, අදභූත රූප, විවිද වස්තු හා හැඩතල ආදිය යොදාගෙන ඇත. සංකිර්ණ ලේඛණ තැබීමක් වුවත් මායාවරුන්ට ඕනෑම වචනයක් මෙම සංකේත ආධාරයෙන් ලිවිය හැකිවූවා මෙන්ම සාමාන්‍ය වචන ඉදිරිපත් කිරීමට මෙන්ම ගණිතමය අගයන් සදහාද වෙන වෙනම සංකේත ඔවුන් භාවිතා කර ඇත. එසේම වචන තැනීමේදී සංකේත කිහිපයක් එකට ඈදා එය සිදුකර ඇතිබවද ඉතිහාසඥයන් පවසයි.
glyph
මායාවරුන්ගේ ඉලක්කම් අක්‍ෂරගත කිරීම ගත් කල එය මූලිකව සංකේත තුනක් මත පමණක් රදාපැවති අතර එම සංකේත එකිනෙක මිශ්‍රකිරීමෙන් අනෙකුත් ඉලක්කම් ගොඩනැංවීම කලහ. මේ එම මූලික සංකේත තුනයි.

මේ එම සංකේත සම්මිශ්‍රනය තුලින් අංක 29 දක්වා ඉලක්කම් ලියා ඇති ආකාරයයි.


20 සහ 100 දැක්වූ අයුරු,


ඔවුන්ගේ අංක 20 පාදයෙන් භාවිතා කර ඇති අතර එය vigesimal ලෙස හැදින්වේ.




2007 අගය දැක්වූ අයුරු.

සංකීර්ණ සංඛ්‍යා ගොඩනංවා ඇති අයුරු.


මෙම අංක තිරස්ව මෙන්ම තිරස්වද ලිවීමට ඔවුන් සමත්ව ඇති අතර අංක වලට ආවේනික  රූප පවා ඔවුන්ගේ ලේඛන කලාවට යොදාගෙන ඇත. දින දර්ශන ආදිය සැකසීමේදී යොදාගෙන ඇත්තේ මෙම රූපයි.



මෙම ලිපිය කියවූ පසු ඔබද මෙම මායාවරුන්ගේ ගණිතය පිළිබදව සිතන්නට මොලය වෙහෙසන්නට ඇති නිසා 
මෙම කොටස මෙතනින් අවසන් කිරීමට අදහස් කරමි. කෙසේවෙතත් ඉතිහාසඥයන්ගේ මතය අනුව අනෙකුත් Pre-ColumbianAmerican civilizations නැතහොත් ඇමරිකානු මහද්වීපය තුල තිබූ අනෙකුත් ඉපැරණි ශිෂ්ඨාචාර වල 
මායාවරුන්ට තරම් දියුණු ලේඛණ කලාවක්, කලාත්මක ලෙස නිර්මාණ කිරීමේ හැකියාවක්, ඉහළ ගණිතමය ඥානයක්
හා ඉහල තාරකා ශාස්ත්‍රයක් නොතිබූ බවද අවධාරණය කරයි.
එහෙනම් පස්වන ලිපියෙන් හමුවෙමු...

0 comments:

Post a Comment