Thursday, March 29, 2012

ෆේස් බුක් වෝල් එක ඩිසයිනින් කරමු

ආයුබොවන්, ඔයාලා හැමෝටම, හොදින් ඇති කස්ටියම, අදත් බ්ලොග් එක පැත්තට ආපා පොඩි ලිපියක් දාලා යන්න, පොඩි උනාට පොඩි නැහැ, ඔයාලා හැමෝටම වැදගත් නිසා. විශේෂයෙන්ම මුහුණු පොතේ රජ කරන අපේ යාළුවන්ට තමයි මෙය ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාලට අලුතෙන් කියන්න ඕනෙ නැහැනෙ, මුහුණු පොතේ මේ මැතකද සිදුවුන අලුත්ම යාවත්කාලීන වීම සම්බන්ධයෙන්, අපේ Profile එකේ layout එක වෙනස් කරමින් මෙය සකස් කර තිබෙනවා. අලුතෙන් හදපු Account වලට නම් TimeLine එක Active කරගන්න බැහැ, මාස 03 විතර පරණ Account එකක් විය යුතුයි. හ්ම් ඉතින් මේ අලුත් Layout එකෙහි, උඩින්ම අපිට Facebook Cover එකක් යොදාගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා දැනටමත් එක එක ඒවා Upload කරගෙන දාගෙන ඇති. අද මම කියන්න අවේ. මේ Facebook Cover එකක් පහසුවෙන්ම Online හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. අපි බලමු ඒ ගැන.



මේ ක්‍රියාවලිය සදහා අපිට සහය දක්වන්නේ, වෙබ් අඩවියකි. එමගින් තමයි අපි මේ කටයුක්ත සිදු කරගන්නෙ. මෙහි අපිට Example Cover බොහොමයක් ලබා දී තිබෙනවා. ඒවාද තෝරාගැනීමේ හැකියාව තිබෙනවා. එහෙම නැතිනම් අපේම Photo එකක් Upload කරමින් අලුත් Cover එකක් Design කරගැනීමටත් පුළුවන්, මුලින්ම මේ වෙබ් අඩවියට පිවිසෙන්න.




ඉහල Link එක භාවිත කරමින්, මේ Web Site එකට පිවිසූ විට. ඉහත පිංතූරයේ ආකාරයේ Page එක දකින්න පුළුවන්, මෙහි තිබෙන කොල පාට බට්න් එක, First, Lest's Choose the Banner Background >> උඩ ක්ලික් කරලා, ඉදිරිටය ගමන් කල විට. ඔබට Banner Background විශාල ප්‍රමාණයක් දැකගන්න පුළුවන්.




මෙහි තිබෙන Cover එකකට කැමති නම්, එය තොරාගෙන එය මත ක්ලික් කල විට, ඔබට එයට අදාලා Design View එක දකින්න පුළුවන්. 


මේ විදිහට විවෘත වන Design View එකෙන්, මෙය සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමට පුළුවන්, අවශ්‍ය තැනට Text හොයා ගැනීමට. කැපීම් කෙටිම්, මැකීම්, ඔබේ පරිගනකයේ තිබෙන පිංතූරයක් මෙයට Upload කර එය වැඩි දියුනු කර සකස් කරගැනීමටත් පුළුවන් කරමක් තියෙනවා, Search Bar එකෙන්, Sample Cover හොයාගන්නත් පුළුවන්, මේ විදිහට ඔයාලට කැමති TimeLine Cover එකක් හදාගන්න. පසුව ඒය Save කරගන්න, ඔය පොල් ගෙඩි සයිස් තියෙන බට්න් එකෙන්ම. හ්ම්..

ඔය විදිහට ඔයාලටත් ලස්සන TimeLine Cover එකක් සකස් කරගන්න පුළුවන්, වැදග් වෙයි කියලා හිතුන නිසා ලිපියක් විදිහට දැම්මා. එහෙනම් ඔයාලා කියවලා, කරලා බලන්න, පොඩි කමෙන්ට් කෑල්කුත් දාලා යන්න, අමතක කරන්න එපා, බ්ලොග් එකටත් පොඩි Support එකක් දීලා යන්න, එහෙනම් තවත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි සුබ දවසක් !

0 comments:

Post a Comment