Saturday, September 10, 2011

ටිකක් හිනා වෙන්න

ටිකක් හිනා වෙන්

ඒ මගේ නෝනා...

"සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්." කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය.

බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය.
"කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?"

"අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි.

"ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා." කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය.

දෙවිදිහ...

තම අලුත් හෝටලයට සුදුසු වේටර්වරුන් බඳවා ගැනීම පිණිස ලලිත් පුවත්පත් දැන්වීමක් පළ කළේය. ඒ අනුව හෝටලය වෙත පැමිණි චන්ද්‍රසේන දෙස තියුණු බැල්මක් හෙළූ ලලිත් මෙසේ ඇසීය.

"තමුසෙ දන්නවද මේ හෝටලේට එන කස්ටර්මර්ස්ලට හොඳට සලකන්න"

"ඔව් සර්. දෙවිදිහටම සලකන්න මං දන්නවා." චන්ද්‍රසේන හිස නමා ගරුසරු ඇතිව පිළිතුරු දුන්නේය.

"මොකක්ද ඒ දෙවිදිහ" ලලිත් ඇසුවේ කුතුහලයෙනි.

"ඕනෙනම් ආපහු හෝටලේට එන්නයි. නැත්නම් හෝටලේ පැත්ත පළාතේ නොඑන්නයි" චන්ද්‍රසේන කීවේය.

සිළුමිණ

එහෙනං කමක් නෑ...

තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාධා පමුණුවමින් එක දිගට හැඬවෙන්නට ගත් දුරකථනය දෙස බලවත් නොරිස්සුමෙන් බැලූ හමුදා භටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි.

"කවුද ඕයි ඔය කතාකරන්නෙ?" ඔහු එම කෝපයෙන්ම ඇසීය.

"මොනවා...! තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක" දුරකථනයේ එහා කොනෙන් මහා ගෙරවිලි හඬකින් පිළිතුරු ලැබිණ.

"මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?" භටයා එවර ඇසීය.

"නෑ.. මං දන්නෙ නෑ." එවරද මේජර් වරයා කෝපයෙන් ගෙරවීය.

"ආ.. එහෙම නං කමක් නෑ." කියූ භටයා වහා රිසීවරය ආපසු තැබීය.

සිළුමිණ

රාවණාගේ දුන්න කැඩුවේ කවුද???

දිනක් එක්තරා විදුහලක අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පවත්වනු ලබන පරීක්ෂණයක් විය.. එහිදී එක්තරා පරීක්ෂක වරයකු එක් පන්තියක් පරීක්ෂා කරමින් එහි සිටි සිසුන්ගෙන් කෙනෙකු නැගිටවා ඉතිහාසය පිළිබඳ පැනයක් අසන්නට විය..

ළමයාගේ නම නිමල්ය, පැනය " හොදයි නිමල් කියන්න බලන්න රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියලා"

එවිට එම ළමයා බයෙන් වෙවුළමින් හඬමින් මෙසේ කීවේය " අනේ බුදු සර් මම ඔය වගේ වැඩ කරන්නේ නෑ ඒ කතාව බොරුවක් සර්"

පරීක්ෂකයා අන්දුන් කුන්දුන්වී වට පිට බලා" එතකොට ඒක කිසි කෙනෙක් දන්නේ නැද්දයි ඇසීය... එවිට තවත් ළමයකු නැගිට " අනේ සර් අපේ නිමල් හරිම හොඳ ළමයෙක්.. එයා කවදාවත් ඔහොම වැඩක් කරන්නේ නැහැ යනුවෙන් පැවසීය..

මෙයින් කේන්තියට පත් පරීක්ෂක වරයා පන්ති භාර ගුරුවරිය දෙසට හැරෙමින්.. " මෙහෙමද ඔබ තුමිය මේ පන්තිය පවත්වන්නේ..රාවණාගේ දුන්න කැඩුව කෙනා ගැන මේ අය දන්නේ නැද්ද" යනුවෙන් ඇසීය..

එවිට එම ගුරුවරිය ඉතා යටහත් පහත්ව " අනේ සර් ඔය නිමල් මේ පන්තියේ ඉන්න දක්ෂම ළමයෙක්.. ඒ ළමයා කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. සර්ට කවුරු හරි බොරුවක් කියලා තියෙන්නේ.." යැයි පැවසීය..

මෙයින් බොහෝ සේ කිපුන පරීක්ෂක වරයා වහාම විදුහල් පති කාමරයට ගොස් මෙම පන්තිය ගැන පැමිණිළි කරමින් දොස් පැවරීය.. විදුහල්පති වහාම එම පන්තියේ සිසුන් සමග ගුරුවරියද කැදවමින් ඇයගෙන් මේ පිලිබඳව විමසන්නට විය.. එවිට එම ගුරුවරිය ඔහුට තරයේම කියා සිටියේ නිමල් එවැනි වැරදි නොකරන බවය...

එවිට විදුහල්පති පරීක්ෂක දෙසට හැරෙමින් " අනේ සර් මේ මිස් කියනවනේ ඒ ළමයා ඒ වගේ වැරදිකරන්නේ නෑ කියලා.. ඒ නිසා අපි ඒ ළමයට අපි සමාව දෙමු"යැයි පැවසීය...

මෙම ප්‍රකාෂයෙන් තමාට උන් හිටි තැන් අමතක වූ පරීක්ෂක වරයා..වහා එම පාසලත් ගුරු මණ්ඩලයටත් විරුද්ධව පැමිණිලි කිරීමට අධ්‍යපන අධ්‍යක්ෂක වරයා හමු විය ඔහු ගොස් " බලන්න සර්.. අහවල් පාසලේ ළමයි ඉතිහාසය ගැන කිසිම දැනීම්ක් නැහැ..ගුරුවරුත් එහෙමයි..වැඩි දෙයක් තියා ඒ ළමයි රාවණාගේ දුන්න කැඩුවේ කව්ද යයි ඇසූ විට එයට උත්තර නොදුන් බව පැවසීය..

මෙය ඇසූ අධ්‍යක්ෂක වරයා කේන්තියෙන් තම දුර ක්ථනයෙන් භාණ්ඩාගාරයට ඇමතුමක් ගෙන එම පාසලේ නම පවසමින් " ඕකුන් ඔය කැඩිච්ච දුණු කෑලි දෙක ගෙනත් දෙනකන් කිසිම බඩුවක් නැවත නොදෙන ලෙස පැවසීය"
එකෙනෙහිම පරික්ෂක වරායා දඩාස් ගා බිම ඇදවැටිනි...

ඔව් සර්..

පුරා සතියක් කිසිම දැනුම් දීමකින් තොරව සේවයට නොපැමිණි සුගත් ඊළඟ සතියේ සඳුදා රාජකාරියට වාර්තා කළ වහාම නියෝජ්‍ය කොමසාරිස් කරුණාරත්න මහතා ඔහු තමා වෙත කැඳවා මෙසේ ඇසීය.
“තමුසෙ දන්නවද තමුසෙ මෙතන සුළු සේවකයෙක් කියල?”

“ඔව් සර්..” සුගත් යටහත් පහත්ව පිළිතුරු දුන්නේය.

“එතකොට තමුසෙ දන්නවද මම මෙතන ප්‍රධානියෙක් කියල?”

“ඔව් සර්..” එවර සුගත් දෙකට නැමී කීවේය.

“තමුසෙ හිතාගෙන ඉන්නෙ මං බූරුවෙක් කියලද” කරුණාරත්න මහතා එවර ඇසුවේ තරමක ආවේගයකිනි.

“ඔව් සර්..” සුගත් බයාදු ලෙස සිනාවී පිළිතුරු දුන්නේය.

බේරුණේ අනූනමයෙන්...

"ඊයෙ මහ රෑ මගේ ජීවිතේ බේරුණේ අනූනමයෙන්."අරුණ උදේ කාර්යාලයට පැමිණි සැණෙකින් ඉදිරි මේසය අසල වාඩිවී සිටි චම්පා හට කීවේය.
"ඇයි මොකද වුණේ?" චම්පා තමා සකස් කරමින් සිටි වැටුප් ලේඛනය පසෙක දමා විමසුවේ කුතුහලයෙනි.

"ඊයෙ මහ රෑ නිශාන්ති පයින් ඇනලා මට හදිසියෙම ඇහැරුණා. බලනකොට දොර මුල්ලෙ මොකක්දෝ සුදුපාටට වැනෙනවා. මම කොට්ටේ යට තිබුණු පිස්තෝලෙ අරගෙන කළුවරේම ඒ දිහාට වෙඩි තිබ්බා. ලයිට් එක දාලා බලන කොට ඒක දොරේ එල්ලලා තිබුණු මගෙ කමිසයක්" අරුණ කතාව හමාර කළේ සිනාසෙමිනි.

"ඉතින් ඇයි ඔයා බේරුණේ අනූනවයෙන් කියල කිව්වේ?" චම්පා නොසිඳුනු කුතුහලයෙන් විමසුවාය.

"ඇයි හලෝ ඒ වෙලේ මම ඒ කමිසෙ ඇඳගෙන එහෙම හිටියනං වෙඩිල්ල වදින්නෙ මට නෙ" අරුණ කීවේ ඇස් හකුලමිනි.

මොනවා වෙයිද???

"ඊයෙ රෑ හන්දියෙ පික්චර් හෝල් එකේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන්න ගිහින් අපේ ගෑනිට සිහිනැති වුණා මචං" රමේෂ් කාර්යාලයේ විදුලි සෝපානයේදී තමා සමඟ සේවය කරන කොට කරූ සමඟ කීවේය.
"තමුසෙට ඕක හොඳ පාඩමක්. ගෑනු උදවියව ඕනෙ නැති විගඩම් බලන්ඩ එක්ක යනවට." සාම්ප්‍රදායික මිනිසකු වූ කරූගේ පණ්ඩිත කතාවට රමේෂ්ට යකා නැග්ගේය.
"උඹ මේ බම්බුවක් කියවනවා. මම හිතා ඉන්නෙ අද රෑ ෂෝ එකට අපේ නැන්දම්මව එක්ක යන්න." රමේෂ් කීවේ තරහිනි.

යාන්තම් ඇති...

කෞතුකාගාරය තුළ යමක්‌ උස්‌ හඬක්‌ නගමින් බිමට වැටෙන ශබ්දය ඇසීමෙන් කලබලයට පත් සියලු දෙනාම ඒ දෙසට දිව ගියහ. කෞතුකාගාරයේ කාර්ය භාර නිලධාරියාද ඒ අතර විය. කෞතුකාගාරය නැරඹීමට පැමිණි අයෙකු මේසයක හැපීම නිසා ඒ මත තිබූ යෝධ මල් බඳුනක්‌ බිමට වැටී කැබෙලි බවට පත්ව තිබුණි.

"දෙයියනේ... ඔහේ මේ කඩල තියෙන්නෙ අවුරුදු පන්සියයකටත් වඩා පැරණි බඳුනක්‌ නෙ." කාර්යභාර නිලධාරියා මේසයේ හැපුණු තැනැත්තා දෙස බලමින් පැවසුවේ.

කාර්යභාර නිලධාරියා දෙස බලා මද සිනහවක්‌ පෑ ඔහු මෙසේ පවසමින් යන්නට ගියේය.

"යාන්තම් ඇති... මම හිතුවෙ ඒක අලුත් එකක්‌ කියල..."

ගාන වැඩියි...

නඩුවක්‌ සම්බන්ධයෙන් උපදෙස්‌ ලබාගැනීම සඳහා මැදිවියේ පුද්ගලයෙක්‌ නීතිඥවරයෙකු හමුවීමට ගියේය.

"ඔබේ ගාස්‌තුව කියද" ඔහු නීතිඥවරයාගෙන් ඇසුවේය."

"ප්‍රශ්න තුනකට රුපියල් 5000 යි. නීතිඥවරයා පිළිතුරු දුන්නේය.

"ඒ ගාන වැඩි නැද්ද" ඔහු නීතිඥයාගෙන් ඇසුවේය.

"ඔව්. ඒක එහෙම තමයි. ඔහේගෙ තුන්වැනි ප්‍රශ්නය මොකද්ද? නීතිඥවරයා උස්‌ හඬින් ඇසුවේය.

මහදිග කතාව...

සිය සේවකයන් වෙනුවෙන් රැස්‌වීමක්‌ කැඳවූ එක්‌තරා සමාගමක සාමාන්‍යාධිකාරිවරයෙක්‌ ඒ සඳහා විනාඩි විස්‌සක කතාවක්‌ ලියා දෙන ලෙස සමාගමේ ප්‍රධාන ලිපිකරුගෙන් ඉල්ලා සිටියේය.

යොදාගත් පරිදි සාමාන්‍යාධිකාරීවරයා සිය කතාව කරගෙන ගියේය.

ටික වේලාවක්‌ ගත වන විට රැස්‌වීම් ශාලාවේ සිටි පිරිසෙන් හරි අඩක්‌ පමණ පිටවී ගියහ.

කෝපයට පත් සාමාන්‍යාධිකාරිවරයා ප්‍රධාන ලිපිකරුගෙන් මෙසේ ඇසුවේය.

"තමුසේ හරි මිනිහෙක්‌නෙ. මම තමුසෙට කිව්වෙ විනාඩි විස්‌සක කතාවක්‌ ලියල දෙන්ඩ කියල... තමුසෙ මට පැයක කතාවක්‌ ලියල දීලා...

"නෑ... නෑ... සර්. මම ලියල දුන්නෙ විනාඩි විස්‌සක කතාවක්‌ තමයි. සර් කිව්වෙ ඒ කතාවෙ පිටපත් දෙකකුත් දෙන්න කියල..." ප්‍රධාන ලිපිකරු පිළිතුරු දුන්නේය.

නොලිව්වා නං නේද හොඳ?

දිනක් කීර්ති පුවත්පතක පළ කිරීම සඳහා ලිපියක් ලියාගෙන ගොස් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හමුවී එම ලිපිය ඔහුට පිළිගැන්වීය. එම ලිපිය පෙරළා බැලූ කතුවරයා කට ඇද කර ගත්තේය.

"පත්තරවලට ලිපි ලියන කොට අනුගමනය කරන සම්මත ක්‍රමයක් තියෙනවා. එහෙම ලිපියකදී කඩදාසියේ එක පැත්තක විතරයි ලියන්නේ. ඔහේ කොළේ දෙපැත්තෙම ලියලනෙ. කරුණාකරලා මේක ආන්න එහෙම නිවැරැදි විදියට ලියාගෙන එන්නකො." කියූ කතුවරයා ලිපිය කීර්ති අතට දුන්නේය.

ඊළඟ සතියේ නැවත එම ලිපිය රැගෙන කීර්ති කර්තෘ තුමා ඉදිරියේ පෙනී සිටියේය.

"ඔන්න සර් කියාපු විදියටම ලිපිය, කොළේ එක පැත්තක විතරක් ලියා ගෙන ආවා."

ලිපිය අතට ගෙන පුටුවේ හරිබරි ගැහී, එය කියවා බැලූ කතුවරයා අවඥායෙන් කට ඇද කොට මෙසේ කීවේය.

"මේක කොළේ එක පැත්තක වත් නොලිව්වා නං තමයි වැඩිය හොඳ."

කුට්ටම් 3 ක්

"ඇයි උඹ කණ්ණාඩි කුට්ටම් තුනක් පාවිච්චි කරන්නෙ?" පාලිත මනෝගෙන් ඇසුවේ ඔහු තම මේසය ත කණ්ණාඩි කුට්ටම් 3 ක් තබා තිබෙනු දැක විමතියෙනි.

"ඇයි ඒක උඹට පුදුමයක් ද?" මනෝ පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.

"එකක් ළඟ බලන්න. අනික දුර බලන්න. තුන්වැනි කණ්ණාඩි කුට්ටම, අනිත් කණ්ණාඩි කුට්ටම් දෙක තිබ්බේ කොහෙද කියල හොයා ගන්න." මනෝ කීය.

සතුට හා සමාදානය

ඩග්ලස් සහ පියතිස්ස අමාත්‍යාංශය වෙත යමින් සිටියේ රාජකාරී කටයුත්තකටය.

"ඉතින් පියතිස්ස මහත්තයා කොහොමද ජීවිතේ කාරිය?" ඩග්ලස් ඇසීය.

"වරදක් නැහැ මිස්ටර් ඩග්ලස්. නෝනයි මායි සතුටෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඔය ඉඳලා හිටලා තරහක් ගියාම නෝනා අතට අහුවෙන මැටි කෝප්පෙකින්, වලදකින් දමලා ගහනවා.
ඒ වුණාට අපි සතුටෙන් තමයි ජීවත් වෙන්නේ." පියතිස්ස කීවේය.

"දෙයියෝ සාක්කි! හැලිවලංවලින් ගහගෙනත් කොහොමද සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්නෙ?" ඩග්ලස් ඇසුවේ ඔළුවේ අතගසා ගනිමිනි.

"මේකනෙ කාරණේ. එහෙම ගහන පාරක් මට වැදුණොත් නෝනා සතුටු වෙනවා. ඒ පාර මට වැදුණේ නැත්තං මම සතුටු වෙනවා."
පියතිස්ස කීවේ සිනාසෙමිනි.

එහෙම වුණා නං

"ඔයා දන්නවද වැඩක්.මම අද උදේ තිබුණු රැස්වීමට ගිහින්, වේදිකාවට නැඟලා,
"නෝනාවරුනි, මහත්වරුනි, මම තමා ඔබේ අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා" කියලා කිව්වා විතරයි, එතන හිටිය මිනිස්සු මට කුණු වෙච්ච තක්කලි, කෙසෙල් ගෙඩි, බිත්තර වගෙ දේවල්වලින් ගහන්ඩ පටන් ගත්තනෙ.මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ එන ගමන් මට හිතුණා මම කොයි තරම් වාසනාවන්තයෙක් ද කියලා." නව ඇමැතිවරයා නිල නිවසේ පෝටිකෝවේදී තම බිරිඳට එසේ කීවේ රථයෙන් බසිමිනි.

"ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසනාව?"

ඇමැති බිරිඳ ඇසුවේ පුදුමයටත් වඩා කෝපයෙනි.
"වාසනාව...? ඇයි මෝඩියේ, මම කර්මාන්ත ඇමැතිවරයා වුණා නං එහෙම?"

ඇමැතිතුමා කීවේ කටපුරා සිනාසෙමිනි.

උපුටා ගැනීම : සිළුමිණ

ගනුදෙනු කාරයෝ කවුද?

දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්‍ෂණය කර තිබුණි.

දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.

"කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?

"කස්ටර්මර්ස්ලා සර්..." අනුලා තොදොල් වෙමින් තෙපළාය.

"ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද?" ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.
උපුටා ගත්තේ සිළුමිණ පුවත්පතින්

නොමිලේ දුන් දේ

"ඔයා මට හාද්දක් දෙනවා නං මං ඒ එක හාද්දට රුපියල් සීයක් දෙන්න ලෑස්තියි..." රමේෂ් සුමාලිට කීවේ කන්තෝරුවේ විදුලි සෝපානයේදීය. මෙය ඇසූ සුමාලි සුසුම් හෙළමින් හඬන්නට වූවාය.

"ඇයි ඔයා අඬන්නෙ? කැමැති නැත්තං බැහැ කිව්වනං ඉවරනෙ.." කලබල වූ රමේෂ් කීවේය.

"නෑ මං ඇඬුවේ අකැමැති හින්දමත් නෙමෙයි..."

"එහෙනං?" රමේෂ් පුදුම වී ඇසීය.

"ඔයා ඒක ඇහැව්වම, මං කොච්චරක් නං සල්ලි නිකං නාස්ති කරලා තියෙනවද කියල මට දුක හිතුණා." සුමාලි තොල් විකමින් කීවාය.

පහු පහු වෙන කොට

"මම රොහාන්ව බඳින්න කැමැති වුණේ එයා පුරාවිද්‍යාඥයෙක් හින්දා." ඉන්ද්‍රානි පාසලේ ගුරු විවේක කාමරයේදී ඩල්සිට කීවාය.

"ඇයි මොකක්ද ඒ රස්සාවෙ විශේෂත්වය?” ඩල්සි විමසුවේ කුතුහලයෙනි.

"වයසට යන්න යන්න එයා තමන්ගෙ බිරිඳ ගැන දක්වන උනන්දුව වැඩි වෙන්නෙ පුරාවිද්‍යාඥයෙක් හින්දනෙ.” ඉන්ද්‍රානි පැහැදිලි කළාය.

වැඩක් වුණේ නැහැ...

"ඊයෙ පාටියෙ ඉඳලා ගෙදර යන කොට කාර් එකේදි කරුණාසේන සර්ගෙන් මුකුත් කරදරයක් වුණෙ නැත්ද?" කල්පනා සුමාලිගෙන් ඇසුවේ උදේ තේ බොන අතරතුරදීය.

"එයා අතරමඟදි එහෙන් මෙහෙන් අත දැම්මා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. මං සල්ලි ටික කොණ්ඩෙ අස්සෙ හංගාගෙනයි හිටියෙ." සුමාලි කීවේ සිනාසෙමිනි.

පිස්සෝ ඉන්න තැන...

උදේ ආහාරයෙන් පසු අංගොඩ මානසික රෝහලේ රෝගීන් එහි අංගනයේ රැස්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී පුවත්පත් වාර්තාකරුවෙක් සහ කැමරා ශිල්පියෙක් ඔවුන් වෙත පැමිණියහ.

"අපි ආවේ පත්තරෙන්... අපිට අවශ්‍ය වෙලා තියෙනවා මානසික රෝගීන් ගැන සමීක්ෂණයක් කරන්න. ඉතින්..." ඔවුන් දෙදෙනා තම අවශ්‍යතාව විස්තර කරද්දී ඊට බාධා කරමින් එක් මානසික රෝගියකු මෙසේ කීය.

"ආ... ඔය මහත්තයලට ඕනෑ කරන්නෙ මානසික රෝගීන් ගැන තොරතුරු දැන ගන්න නෙ. ඒ ගොල්ලො ඔක්කොම ඉන්නෙ අන්න අර කාමරේ. එහෙට යන්න." කියමින් වෛද්‍යවරුන් සඳහා වූ පොදු කාමරය පෙන්වීය.

දරුණු කවුද???

සේපාල තමා වැඩ කරන ගරාජයට උදේ පැමිණියේ මුහුණේ ද ඇඟ පුරා තවත් කීප තැනක ද ඇලවූ පැලැස්තර ඇතිව ය. මෙය දුටු ඔහුගේ මිතුරෝ ඔහු වටා රොක්ව මෙසේ ඇසූහ.

"මොකෝ සේපාල මොනවද ඔය වුණේ? වාහනේකවත් හැපුණ ද?"

"නෑ මං මේ කුකුළෙක් අල්ලන්න ගිහින් මේක වුණේ..." සේපාල කීවේ වේදනාවෙනි.

"ඈ බං ඔය විදියට තුවාල කරන්න තරම් දරුණු සතෙක් ද කුකුළා???"

"කුකුළා නං දරුණු සතෙක් නෙමෙයි. ඒත් කුකුළගෙ අයිතිකාරයා අන්තිම දරුණු මිනිහෙක්..." සේපාල පැවසුවේ මුහුණ අතගාමිනි.

0 comments:

Post a Comment