
කොසොල් රජතුමා දුටු සිහින
බුද්ධ දේශනයක් වන අග්ගඤ්ඤ සූත්‍රය අනුව අප වෙසෙන මනුෂ්‍ය ලෝකය නැවතත් කල්ප විනාශකින් පසුව අළුතින් පහල විය. අනතුරුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් චුතව මුලින්ම මෙලොව පහල වූ මනුෂ්‍යයන් අහසින් ගමන් කරන්නා වූ බොහෝ ආයුෂ ඇති යහපත් අය විය. පසුකාලිනව ශරීර රළු වී පොළවේ ගමන් කරන සහ ධාන්‍ය ආහාරයට ගන්නා වූ පිරිසක් බවට ඔවුහු පත් වූහ. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ලිංග භේදය ආදිය පහළ වී තව තවත් ඔවුන්ගේ විවිධ අපචාර ක්‍රියා ආදිය බහුල විය....