This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, July 31, 2012

විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවිද දුටු















විශ්වය” යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර කර තිබේ. විශ්වය කාලයක් පිම්බීමට භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය වේ. මෙමක්‍රියාවලිය චක්‍රාකාරව නැවත නැවතත් සිදුවන බැවින්ආරම්භයක් හෝ අවසානයක් ගැන කතා කිරීම නිශ්ඵල ය.එසේම බුදුදහම යනු සත්ත්වයා‍ දුකින් එතෙර කරවීම පිණිස, දුකට හේතුව වන තණ්හාව නැති කිරීම අරමුණු කරගත් දහමකි. නමුත් විශ්වය, අභ්‍යාවකාශය පිළිබද කතාකිරීමේදී සිදුවන්නේ ඒ ගැන තවදුරටත් කරුණු හැදෑරීමට කුතුහලයක් ආශාවක් තණ්හාවක්ඇතිවීමය. මේ නිසා බුදුරජාණන් වහන්සේ ”විශ්වය” සම්බන්ධ කරුණු පිළිබද අනවශ්‍ය ලෙස දේශනා කිරීමට යෙදුනේ නැත.

එනමුත් ඒ ඒ අවස්ථාවන්ට සරිලන අයුරින් විශ්වය, විශ්වයේ සංයුතිය හා ඒ සමග බැදුණු මාතෘකා පිළිබද තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇත. ඒ පිළිබද දීඝ නිකායේ ආගඤ්ඤ සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, චක්‍රවත්‍රී සීහනාද සූත්‍රය, හා මහා පාදාන සූත්‍රය යනාදී සූත්‍ර දේශනා වල සදහන් වේ.

විශ්වයේ සංයුතිය මානසික වශයෙන් බඹතල 31කින් සමන්විත වන අයුරුද, සහස්සී, ද්වීසහස්සී, ත්‍රීසහස්සී යනාදී ලෙස ලෝක ධාතු පවතින අයුරුද, සාමාවට්ඨි කල්ප, විවට්ඨි කල්පයන්ගේ ඇවෑමෙන් විශ්වය විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් පවතින ආකාරයද බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම සදහන් වේ.
නූතන විශ්ව න්‍යායවේදය (Cosmology)ට අනුව විශ්වය පිම්බීමකට ලක් වෙමින් පවතී. මෙය සොයාගැනීමට පදනම වැටුණේ 1915-1918 අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය (Red Shift)යි. එමගින් එම මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය පිම්බීමකට ලක් වන බවයි.

යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ සිහියට ආ යුතු සරලම කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත් බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් (Singularity/Nothingness) පටන්ගෙන ප්‍රසාරණයට ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන් වහන්සේ ද ඈඳා ගත්හ
තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක් ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන් වහන්සේ ලු!

විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා පිපුරුම් වාදය (Big Bang Theory) නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම නියමයකි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම විද්‍යාඥයන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතන විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම් පරීක්ෂාවයි (Testing). සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ එමගින් කරනු ලබන පෙරැයීමක් (Assumption)පරීක්ෂණයකින් සත්‍ය වුවහොත් පමණි. එතෙක්, කොතරම් ප්‍රබල මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත.

මහා පිපිරුම් වාදයට පිළිගැනීමක් ලැබීමට එහි පෙරැයීම් 2ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම්,

1. ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (Cosmic Microwave Background Radiation)

2. මහා පිපිරුම් නියුක්ලියෝසංස්ලේශනය (Big Bang Nucleosynthesis)

යන ඒවායි.

පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ මහා පිපුරුමෙන් මිනිත්තු 3ත් 20ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික හයිඩ්‍රජන්-1 (ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්‍රජන් පරමාණු) විලයනයට භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල් විශ්වයේ ස්කන්ධයෙන් 75%ක් හයිඩ්‍රජන්-1 ද, 25%ක් පමණ හීලියම්-4 ද, 0.01%ක්ඩියුටීරියම් (හයිඩ්‍රජන්-2) ද, 10-10%ක් වෙනත් පරමාණු (ලිතියම්, බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන්සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ. වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ.

අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා පිපිරුමෙන් වසර 380 000ක් ගතවන තැන, විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් (Strong and Weak Nuclear Forces) වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම් විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය (Transparent) වන්නේ මේ අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර 380 000 කට පෙර කාලයේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රගමනයට (Progression) නිදහසක් නොතිබූ නිසා අද පවත්නා කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥයන්ට කළ නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.
2007 තරම් මෑත කාලයකදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ (Pennsylvania State University) මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් (Martin Bojowald) ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ (Big Crunch Theory) නවතම විවරණය සමඟිනි. විශ්වක කාලයක් තිස්සේ ප්‍රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක් තිබුණු නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර 2කට පමණ පෙර සිට මෙය නැවතත් පෙරළිකාර මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්‍රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී ඇත්තේ 1986 දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර් (Abhey Ashtekar) විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය (Loop Quantum Gravity) මතයි.

මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක් දෙමින් සිටිති. ඊට ඇති එකම එක හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට (Dilemma) පිළිගත හැකි පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර නොවේ. අනෙක් ප්‍රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය පිළිබදව හා එහි සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. මේවාට නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ ”දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!”, යන තර්ජනාංගුලිය පමණි.

වරක් එක්තරා පුද්ගලයෙක් “විශ්වය නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ”යි පූජකයෙකුගෙන් ඇසුවේ ය. පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ “ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන් වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය” යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට සාරාංශගතකොට දැක්වේ.

නවීන විද්‍යාවේ දියුණුව හමුවේ දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන් සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යනපුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ගෙනදෙන වෙනත් කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින් දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි.ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේවවාදීන්ට ගුද මාර්ගයෙන් දුම් පිටවිය.
නමුත් මේ කිසිවක් බුදුදහමට බලපාන් නැත. පෘථිවිය මත ජීවයේ සම්භවය හා පරිණාමය පිළිබද වර්තමාන විද්‍යාඥයින් සිටින මතය ආගඤ්ඤ සූත්‍රයේ කරුණු හා සම්පාත වේ
අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදුදහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින්නේ මේ නිසා ය.
තරුවන් යනු හයිඩ්‍රජන් ප්‍රතිශතය සියයට 74කින්ද හීලියම් ප්‍රතිශතය
සියයට 25කින්ද සමන්විතවූ ස්වශක්තියෙන්ම ආලෝකය සහ ශක්තිය
පිටකරන අතිවිශාල දීප්තිමත් ආකාශ වස්තුවක්ය. අපගේ සෟරග්‍රහ
මණ්ඩලයේ තාරකාව සූර්යයා වන අතර එය විශ්වයේ ඇති අපමණ
තාරකා අතර සාමාන්‍ය ප්‍රමාණයේ එකකි. හිරුට වඩා විශාල යෝධ තරු
විශ්වයේ අනන්තවත් තිබෙනවා.තරුවක මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්
අංශක 3000 සිට 80000 දක්වා පරාසයක් තුල පිහිටනවා. අපගේ
සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 6000 පමණ බැව්
සඳහන් කරනවා. මා සඳහන් කරන්න හදන කාරණය පටන්ගන්නේ ඔය
දත්තයන් ඔස්සේය.
තරුවක ඇතුලත හරය core උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 10
පමණ ආසන්න වෙද්දී න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාව ඇරඹෙනවා. හයිඩුජන්
හීලියම් බවට පත්වෙනවා. එම ක්‍රියාවලියේදී අතිවිශාල ශක්තියක් තරුවෙන්
පිටකරනවා. තරුවේ දීප්තිය පවතින්නේද මේ නිකුත්වන ශක්ති ස්කන්ධයෙන්.
එහෙත් අනිත්‍ය ස්වභාවය පසක් කරමින් ඒ සෑම ක්ෂණයක් පාසාම තරුවේ
ස්කන්ධයද ක්‍රමයෙන් දැවි දැවී යනවා.
හයිඩ්‍රජන් ප්‍රමාණය අඩුවෙමින් හීලියම් බවට පත්වෙමින් වසර මිලියන එක
දිගට බැබලෙන තරුව අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට පත්
වෙමින් ජාති ජරා ව්‍යාධි මරණ යන අවස්ථාවට ලංවෙමින් වෙනස් ආකාරයේ
ක්‍රියාවලියකට අවතීර්ණය වෙනවා. හයිඩ්‍රජන් ඌනතාවයට පත් මහලු තරුවේ
මතුපිට තට්ටු ප්‍රසාරණය වෙන්න පටන්ගන්නවා.හරය හැකිලෙනවා.පිට කබොල
සිසිල් වෙනවා.දීප්තිය ක්‍රමයෙන් වැඩිවෙනවා.එය ඒ අවස්ථාවේ හඳුන්වන්නේ
යෝධ තරුවක් Red gaint නමින්.
මෙන්න මේ අවස්ථාව සැලකිල්ලට ගන්න වටිනවා. බුදුරජාණන්වහන්සේ
මේ අවස්ථාව සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරනවා හිරු හතක් පායන
බව. සූර්යයා මේ අවස්ථාවට පත්වන විට බුධ සහ සිකුරු යන ග්‍රහලෝක සමීපයට
විහාලනය වෙනවා. හිතාගන්න පුලුවන්ද සූර්යයාගේ එවිට විශාලත්වය. ඒවන විට
සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරන ආකාරයට සප්තමහා සාගර සියල්ලම
සිඳීගිහින් ගිනියම් වැලි මතුවෙනවා. කිසිදු ජීවයක් මහපොලොව මත ශේෂවී නැහැ.
සියල්ල දැවී ගිය අඟුරැවී ගිය ස්වභාවයක් තියෙන්නේ.
තරුවේ න්‍යෂ්ඨික ශක්තිය වැයවී අවසන් වෙත්ම තරුව සංකෝචනය වෙනවා.
එවිට එය සුදුවාමන තරුවක් White Dwarf Star බවට පත්වෙනවා. අනතුරුව
ක්‍රමයෙන් සිසිල් වෙමින් ගොස් දීප්තියක් නොමැති අඳුරු කළුවාමන තරුවක්
Black Dwarf බවට පත්වී විනාශවී යනවා.
ඒ සමගම මහපොලොව ඇතුලු සියලු ග්‍රහලෝක විනාශ වී යනවා. මෙන්න මේ
අනිත්‍ය ස්වභාවයට කවදාහරි මහපොලොවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිරු
වැනි අතිවිශාල මහා තරුවකුත් යම් දිනකදී ක්ෂය වී වැයවී විපරිනාමය වී නැතිවී
යනවා නම් අන්න ඒ ධර්මතාවයම තමයි සියලු සත්ත්වයා කෙරෙහිත් බලපාන්නේ.
සියලු සත්ත්වයෝද ක්ෂයවී වැයවී විපරිනාමය වී ජරා ව්‍යාධී අවදි පසුකරමින්
මරණයෙන් විනාශවෙනවා. මරණාස්මෘතිය වඩන්නට මෙය කෙතරම් උචිත තැනක්
නොවන්නේද?
හටගත් සියල්ල මෙලෙස අනිත්‍ය ස්වභාවයටත් දුක්ඛ ස්වභාවයටත් අනාත්ම ස්වභාවයටත්
පත්වෙනවා. හටගත් සියල්ල පවතින කාලය තුල වෙනස්වෙමින් ගොස් අවසානයේ
නැති වෙනවා.
ඉතින් වසර හැටක් හැත්තෑවක් වැනි සුළු කාලයක් තුල ජීවත් වන අප කිසිදා
නොමියෙන අමරණීය අය ලෙස සිතා පඤ්චකාමයන් කෙරෙහි ඇලී උපාදන වී
සිතින් කයින් වචනයෙන් පින් පව් නම් සංස්කාර ධර්ම රැස් කරන්නේම
අවිද්‍යාව නම් මුලාව මෝඩකම නිසාම නෙවෙයිද??

Area 51 හි අබිරහස...




කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස් වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, "එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර"

මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර ඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..

මෙම කඳවුරට එහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "51 වැනි කළාපය" නොහොත් "ඒරියා 51" යන නාමයයි. (Area 51)

ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.

මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින් සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑම ශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහ ජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළ නොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..

මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි...

"පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."

මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )

බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....

"තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "‍යථා ගත" හෙවත් "සත්‍ය ගාමී වූ" යන්නය. නො එසේ නම් " සත්‍ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන් උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍ර දේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි. උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි "තථාගතන් දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.

තවද මේ නමින් උන් වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද", "ආටානාටිය පරිත්තයෙහිද","මහා මංගල සූත්‍රයෙහිද", " අනාගත වංශ දේශනායෙහිද" බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම් දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද "තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.

එසේ නම් "තථාගත" නාමය මෙ සක්වා තළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ" නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහු උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.

දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.

බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි "නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේද මෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත් වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුක විනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.

දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..

"නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේර නම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"

(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)

"නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය"

"නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිස ද පවත්නේය"

වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..

"බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට" (Buddhist Cosmology) අනුව මේ "දිව්‍ය" ලෝක තලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය" (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟා ගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක "ජීව ඔරලෝසුවක්" ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලය සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයා රජ කරන "චාතුර් මහා රාජික" දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂ මිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - 9.4 million years )..(මෙම ගණනය පුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...

මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි...!!!!

එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහු යම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකව හමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...

"අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැන යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකම මිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත.. ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණය නොකරන්නේ "බුද්ධොත්පාද" ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම විය යුතුය...."

"මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන බුද්ධ විවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක් පැමිණියත්, මොන තරම් දියුණු ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේ අල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත් වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??

("රෝම, චෝල මණ්ඩල, අරාබි, බ්‍රිතාන්‍ය ආදී වූ මහ බලසම්පන්න ලෝකාධිපති අධිරාජ්‍යන්ට ඒ කුඩා දූපතේ බුදු සසුන අතු ගා දමන්නට හෝ එය රකින සංඛ්‍යාවෙන් අල්පයක් වූ ජාතිය සමූල ඝාතනය කරන්නට කී වතාවක් වැර දැරුවත් නොහැකි විය.")

එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?...

ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?

(රාහු අසුරේන්ද්‍රයා (අසුර නිකාය යනු ඉතා චණ්ඩ ගති පැවැතුම් ඇති විශ්ව ජීවි විශේෂයකි - " Hostile Extra Terrestial Biological Entity" ) පවා " හේ මහා වීරෝ" යන නමින් බුදු පියාණන් අමතා ඇත.)

"බුද්ධ" ජීවි විශේෂය.....

"ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?" .....

"නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...

"ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?...."

"කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමද මිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන් කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා "බුද්ධ" යැයි දනුව"

මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්‍රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූ සංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක් අවධානය යොමු කරන්න...

චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාම වාදය" (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්" දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන ජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙස පොත් පතින් හඳුනා ගතිමු.

ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද?....ඉතිරි අර්ධය කුමක්ද?...."සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?....

දැන් නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත් කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද, හැදී වැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්‍යයෙකුද නොවෙමි.."

"අග්ග්ඥ සූත්‍රයෙහි" බුදු රදුන් ලෝකාරම්භය ගැන දෙසා ඇත්තේ " ඉතා සරළ ඒක සෛලික ජීවි ස්වරූපයෙන් සිතිවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව නිසා ජීවිහු වර්ධනය" වූ බවයි...

මෙහි "සිතුවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව" යන්නට නැවත, නැවතත් ඔබේ දැඩි අවධානය යොමු කරන්න....

එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය" (Psychological Evolution) හා " කාය පරිණාමය" (Physical Evolution)...!!....ඩාර්වින් අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත් කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින් නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේ පෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත් විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! (Universal Biological Evolution)..!!

මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනස අනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයට ක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාම වාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවය සැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාර ගමනයි....

I know that some of you may not have access to Sinhala fonts. Thus, I will publish this all important faction of my writing in English as following:

"Mind precedes the Body...Your Physical evolution will take the direction of your psychological evolution..These are the perimeters in the journey of Sansara..This is the Buddhist theory of Evolution..!!"

එසේ නම් " සාර සංඛෙ‍ය කල්ප ලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, "ක්‍රමානුකූල මානසික පරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්" නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම් දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය" වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේ ඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )

Again in English, "attaining Enlightenment is the GREAT PSYCHOLOGICAL LEAP from what we know as "Human Species" (Homo sapiens) to a "Universally Super specie level" known as " Samma Sam Buddha"

ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍ර බැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි... කුඩා නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියන ගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවී විශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේ ගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණන තව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාස බ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්‍යාත්මක විස්තර සඳහා මෙතන click කරන්න)

එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි "සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවි තළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒ තැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙස අමතති....

ඔබට උපත්තියෙන් උරුම ඒ මහා ශ්‍රේෂ්ඨ විශ්ව ජීවියාණන් වහන්සේ ගේ දර්ශණයයි....සක්වළ කරකවන එකම සැබෑ ඥාණයයි....

"සුඛෝ බුද්ධානං උප්පාදෝ".......

Tuesday, July 10, 2012

◄◄◄◄ ‌බර්මියුඩා ත්‍රිකෝනය ►►►►





බර්මියුඩා ත්‍රිකෝනය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ ෆ්ලොරිඩා හා බ්‍රසීල මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ්‍ය තුනක් යා කරන වර්ල කිලෝ මීටර් දහස් ගනනත් අයත් වෙන ප්‍රදේශයයක,ෆොටො එක බැලුවනම් හරියටම තැන බලාගන්න පුලුවන්. මේක මේකාලෙ විතරක් නෙවේ අතීතයෙත් කුතුහලය ඇතිකරපු තැනක්.
එදා ඉදල ගොඩක් අය එක එක කතා කියනව, ඒත් හරියටම කියන්න බැරිවෙලයි තියෙන්නෙ, බර්මියුඩා ත්‍රිකෝනයේ වෙන දේවල් අරුම පුදුම වීමයි. 1945 ඉදල බර්මියුඩා ත්‍රිකෝනය තියන ප්‍රදේශයේ දී අතුරුදහන් වුනු දේවල් අතරට ගුවන් යානා 300ක්,නෟකාවන් 250 සහ මිනිස්සු දහස් ගනනක් වෙනව. හැවැයි පුදුම වැඩේ කියන්නෙ මේ අතුරුදහන් වුනු කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් හොයාගන්න බැරිවුනාලු, අඩුගනනෙ කඩාවැටුන් ගුවන් යානයකින් වැටුනු තෙල් බින්දුවක් වත් හොයාගන්න බැරි වෙලා.
මේ ගැන පරීක්ෂන පවත්වපු අයනම් කියන්නෙ මේ ප්‍රදේශයේ තියනන අසාමාන්‍ය ගුරුත්වාකර්ශණන නිසාලු මෙහෙම වෙලා තියෙන්නෙ. ඒත් ඒ මතයත් එක්ක එකඟවෙන් බැරිවෙලා තියෙන්නෙ අසාමාන්‍ය ගුරුත්වාකර්ශණනයක් තිබුනත් මෙ කඩා වැඩුනු දේවල් වැටුනු තැනක් හොයාගන්න බැරිවුනු නිසා. තවත් දෙයක් තමයි ගුරුත්වාකර්ශණනයකින් එහෙම වුනානම් හැම ගුවන් යානකටම බලපාන්න ඕනනෙ. ඒත් මෙතන එහෙම දෙයක් වෙලා නැහැනෙ, සමහර ඒවට විතරයි මෙහෙම වුනෙ.
1945.12.05 නෙිද ඇමරිකානු නාවික හමුදාවෙ බෝම්බ දාන ගුවන් යානා 5ක් මේ ප්‍රදේෂයක උඩින් ගමන් කරමින් තියෙනව. මේවා ගුවන් ගත වුනු වෙලාවෙ ඉදල සාමාන්‍ය විදියට පාලක මැදිරියත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව, එත් එක පාරටම ඒව නැවතිල තියනව. රේඩියො උපාංගවල වරදක් කියල හිතාගෙන ඒ අය යානා කුවන් තොටුපලට එනකම් බලාගෙන ඉදල තියනව. ඒත් ඇවිලිල නැහැ. බර්මියුඩා ත්‍රිකෝනය කිට්ටුව ප්‍රදේශයේ රේඩාර් සිග්නල් වැඩකරමින් ගමයි තිබිල තියෙන්නෙ, ඒත් ගුවන් යානා ගැන කිසිම හෝඩුවාවක් ලැබිල නැහැ.
පස්සෙ මේව හොයන්න තවත් ගුවන් යානයක් යවල තියනව ඒ වෙලාවෙ හරිම පුදුම දෙයක් තමයි වෙලා තියෙන්නෙ. මේ ගුවන් යානය පිටත්වෙලා විනාඩි 10කට පස්සෙ පාලක මැදිරියත් එක්ක තිබුනු රේඩියො සම්බන්දතා ටික ටික නැවතිල තියනව. හෙයන්න ගිය යානයේ ගුවන් නියමුව එකපාරටම පාලක මැදිරියට පනිවිඩක් එවල තියනව මෙහෙමයි ඒකෙ කියවිලා තියෙන්නෙ
“ මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව. දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට...”
මේක තමයි ගුවන් නියමුව අන්තිම පණිවිඩය. පස්සෙ මේ ගැන විශා පරීෂන පවත්වල තියනව ඒත් ගුවන් යානාවල ගිය ගුවන් නියමුවන් 15 දෙනා ගැනවත් ගුවන් යානා 6 ට මොකද වුනේ කියලවත් හොයා ගන්න බැරිවෙලා තියනව. හරිම පුදුමයි‍ නේද?

කලින් කියුව ගුවන් යාන වගේම අඩි 400 විතර දිග භාණ්ඩ පුවාහනය කරන්න යෙදවල තිබුනු, නැවක් එකෙ නැවියන් සහ සේවකයොත් එක්ක අතුරුදහන් වෙලා තියනව. මේ නැව අතුරුදහන් වීම ගැන පරීක්ෂන පවත්වත්වපු කට්ටිය කියල අන්තිමට කියල තියෙන්නෙ ඒ නැව මුහුදුබත් වෙලා නැහැ කියල. එතකොට ඒ නැවට මොකද වුනේ? ඒ කාලෙම ටොන් 19000ක් බර මගී ප්‍රවාහන නැවක් අතුරුදහන් වෙලා තියනව.
එ නැවේ මගීන්309 අරගෙන යමින් තිබුනු මේ නැව ඊට කි.මී 72ක් දුරින් යමින් තිබුනු නැවක් එක්ක රේඩියො පනිවිඩ හුවමාරු කරගත්තත් එක පාරටම ඒව නැවතිල තියනව. ඒ ගැන හොයා බැලුවත් කිසිම වැඩක් වෙලා නැහැ. 1982 අගොස්තු 13දා බර්මියුඩා ත්‍රිකෝණයේදී තවත් පුදුම දෙයක් වෙලා තියනව. ඒ තමයි බෝට්ටුවකින් මිනිස්සු 6 දෙනෙකුයි බල්ලෙකුයි ගිහින් තියනව ඒ කට්ටිය අතුරු දහන්වෙලා තියනව ඒත් ඒ කට්ටිය එක්ක හිටිය ගිරවෙක් මැරිල ඉදල අහුවෙලා තියනව. ඌ ගැන පරීක්ෂන කරපු දොස්තරල කියල තියනව ඌ මැරිල තියෙන්නෙ අධික කම්පනයකින්ය කියල.
ඒ බෝට්ටුව කිට්ටුව තිබුනු නාවික හමුදා කදවුරක රේඩාර් තිරයෙ සටහන් වුනු වෙලාවෙ බෝට්ටුව විතරයි පෙනෙන්න තිබිල තියෙන්නෙ එතකොට හිටිය මිනිස්සුන්න,බල්ලට මොකද වුනේ? ගිරව මැරුනෙ කොහොමද? ඒව නම් ඉතිං උත්තර නැති ප්‍රශ්න.
බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුන් නැවු, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකම්ම ගොඩබිමත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව. මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පනිවිඩ වලින් මේ ප්‍රශ්න වලට යම් ‍මතයක් ඉදිරිපත් කරන්න පුලුවන්ලු. 1995 වෙද්දි අතුරුදහන් වුනු ගුවන් යානා 1000කට වැඩිලු.එයින් 35%ක් ඒව හැම එකක්ම තම ගුවන් යානා කිට්ටුව අහසෙ තිබුනු යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියනව. 25%ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා කියල තියනව‍. අනික් ඒව එකපාරටම අතුරුදහන් වෙලා.
බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුනු දේවල් අතර 1967දී අධිවේගී රේස් බොට්ටුවක් ‍කිට්ටුව වෙරලෙ හිටිය අය බලාගෙන ඉදිද්දිම අතුරුදහන් වෙලා තියනව. තව 1973 මාර්තුවල ටොන් 20,000ක් බර භාණ්ඩ පුවාහන නැවක්,1924 දි ජපාන නැවක්. ඊටත් වඩා පුදුම දෙයක් තමයි 1932දී නැවු දෙකක් අතුරුදහන් වෙලා පස්සෙ හොයාගෙන තියනව, ඒත් ඒවයෙ සේවය කරපු කෙනෙක්වත්. ගියපු මගියෙක්වත් හොයාගන්න බැරිවෙලා තියනව. පුදුම වැඩක් තමයි නේද?
මේ ගැන තවදුරටත් පරීක්ෂන කරපු පර්යෙෂකයින් නම් කියන්නෙ අර යුරෝපයෙ පර්යෙෂකයින් මොකක්හරි එකක් උනේ කොහොමද, නැත්තං හැදුවෙ කොහොමද කියල (ඊජිප්තුවෙ හදල තියන පිරමීඩ වගේ) ඒ අයට හොයාගන් බැරි උනාම කියන එක (කට්ටිය සමහර විට දන්නවත් ඇති), ඒ තමයි මේ සිදුවීම් එක්ක පිටසක්වල ජීවීන්ගෙ සම්බන්දයක් තියනවය, ඒ පිටසක්වල ජීවීන් ඔවුන්ගෙ පර්යේෂන සදහා පෘථිවියේ තොරාගනපු ප්‍රදේශ වලින් එකක් මේ ප්‍රදේශය වෙන්න ඇති කියලයි. දැන් ඉතිං මම හිතන දෙයත් කියන්න ඔනනෙ. මටනම් කින්න තියෙන්නෙ මේ බර්මියුඩා ත්‍රිකෝණ කතාව පට්ටපල් බොරුවක් කියල. ඔයාලට හිතෙන දේත් මට කියන්න(විශේෂයෙන්ම අර යුරෝපයෙ පර්යෙෂකයින් කිය කතාව ගැන)