This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, October 9, 2011

අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් ද?


අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් ද?


ඇමෙරිකන් මනෝචිකිත්සක සංගමයේ (American Psychiatric Association) අළුත් (DSM-5 වැනි) සංශෝධන අත්පොතේ කටු සටහන පෙබරවාරි 10 වැනිදා අන්තර්ජාලයේ පළවිනි. එය සම්පූර්ණයෙන් නිමකර ඉදිරිපත් කරන්නෙ 2013 මැයි මාසයේ දී. මේ කටු සටහන ඒක නියමිත ආකාරයෙන් සං‍ශෝධනය සඳහාය. මානසික රෝග සඳහා පිළියම් දෙන මනෝවිද්‍යාඥයින් හා මනෝචිකිත්සකයන් බොහොමයක් පරිහරණයට ගන්නේ මේ අත්පොතයි. එසේම නඩුහබ වල දී ද මානසික රෝග නිශ්චය වන්නේ එහි විස්තර අනුවය. රටේ පාලන ප්‍රතිපත්ති සැකැස්ම සඳහා ද එය භාවිතා කර ගැනේ. DSM-1 නිකුත් වූයේ 1952 දී.
පෙබරවාරි මාසය යුරෝපයේ අන්තර්ජාල පාවිච්චිය ගැන දරුවන් දැනුවත් කරන මාසයයි. පෙබරවාරි 10 වැනිදා ඔවුන් “අන්තර්ජාලයෙන් ආරක්ෂා වන දිනය” (Internet Safety Day) ලෙස යොදා ගත්හ. යුරෝපයේ විවිධ රටවල පාසැල් දරුවන් අන්තර්ජාල පරිශීලනයෙන් තමන්ගේ තොරතුරු නොහඳුනන අයට නොදිය යුතු ආකාර ගැන කාටූන් චරිත හා සිංදු මඟින් ඉගෙන ගත්හ. මනෝවිද්‍යා සංගමයක් අන්තර්ජාලයේ හැසිරෙන ආකාරය ගැන කෙටි විඩියෝ තරඟයක් ද පාසැල් දරුවන් අතර පැවැත්වීය.
දකුණු කොරියාවේ අන්තර්ජාල ඇබ්බැහිය ලොව වඩාත්ම අන්තර්ජාලයේ හැසිරෙන්නන් එහි වූ නිසා ඇති වූවකි. අද දකුණු කොරියාව අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් සේ සලකයි. අන්තර්ජාලයේ සෙල්ලම් කරන්නට ඇබ්බැහි වූ දරුවන් කෑමට බීමට සැලකිල්ලක් නොදැක්වූ නිසා ලෙඩ රෝග ද, ඇස් රෝග වැඩි වීම ද, කන් ආබාධිත තත්ව වැඩි වීම ද, සමාජ ආශ්‍රයෙන් ඈත් වීම ද අන්තර්ජාල ඇබිබැහියේ රෝග විපාකයන්ය.
ඔවුන් වෙනුවෙන් අද දකුණු කොරියාවේ වැඩමුළු, පංති හා සහන සේවා මධ්‍යස්ථාන ඇරඹී ඇත. සමූහයක් එක්ව ලබා ගන්නා උපදෙස් වැඩමුළුවකට සහභාගී වන අන්තර්ජාල ඇබ්බැහියෙන් පෙළෙන අය තම තමන්ගේ ඇබ්බැහිය ගැන කතා කරන්නේ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගැලවෙන්නට එක්ව අමද්‍යප සංගමයක කතාබහ සේය. මෙවැනි සමුළුවක කතාබහ BBC සේවයෙන් අසා සිටියෙමි. ලබන අඟහරුවාදා PBS සේවයේ ඒ ගැන වැඩ සටහනක් (Frontline; Digital Nation) ඇමෙරිකාවේ ප්‍රචාරය වනු ඇත.
ඇමෙරිකාවේ ද අන්තර්ජාල ඇබ්බැහියෙන් ගැලවෙනු සඳහා මධ්‍යස්ථානයක් ඇත. පසුගිය වසරේ එහි හිටියේ එක ලෙ‍ෙඩක් පමණකි.
මත්පැන් විකුණන වෙළඳුන් තම බෝතල් වල “වගකීමෙන් පානය කරන්න” (Drink Responsibly) යයි ලේබල් ගසනවා සේ කොම්පියුටර් වල “වගකීමෙන් අන්තර්ජාල කරන්න” (Internet Responsibly) යයි ලේබල් අනාගතයේ ඇති වේ ද? ඔන්න කාට හරි ලෝකයට විකුණන්න නව නිෂ්පාදනයක්!
ඇමෙරිකන් DSM-5 න් අළුත් රෝග එකතුවට අන්තර්ජාල ඇබ්බැහිය එක් කරනවා ද නැද්ද යන්නත් එය සූදු කෙළියට ඇබ්බැහිය හා සමානව සලකා උත්තේජක අපහරණ කොට්ඨාශයට (substance related disorders) ඇතුලත් කරන්නේ ද යන්නත් දැන් කතාබහට දොර විවෘතව ඇත. සූදු කෙළියට ඇබ්බැහිය මෙතෙක් මානසික රෝගයක් ලෙසින් තිබුනේ පෙළඹවීම් පාලන ආසාදන (impulse control disorders) යටතේය. එයත් අහක් කරනවා ද තියා ගන්නවා ද යන්නත් මෙම අළුත් පොතේ සැලකීමට භාජනය වෙයි. පෙළඹවීම් පාලනය කරගත නොහැකි ආසාදනයක උදාහරණයක් නම් කෙනෙක් තම කොණ්ඩය උදුරා දැමීමය (trichotillomania). ලංකාවේ කුඩා දැරියක් තමාගේ කොණ්ඩය උදුරා කා මිය ගිය කතාවක් පත්‍රයෙන් දැක්කෙමි. එවැනි තමාට පාලනය කරගත නොහැකි පෙළඹවීමක් මානසික රෝග ඝනයට වැටේ. එහෙත් සූදු කෙළිය, ටයිගර් වුඩ්ස් වැන්නන් කම් සුඛ සෙවීම හා අන්තර්ජාල ඇබ්බැහිය ඊට ඇතුලත් කිරීම සුදුසු ද?
මේ ගැන සුළුවට තැකිය නොහැක්කේ රටක රෝග හඳුනාගත් පසු ඒ වෙනුවෙන් දියත් කරන වැඩ පිළිවෙල රටේ දියුණුවටත් අනාගත පරපුරක මානසිකත්වයටත් බලපාන නිසාය.
අවධානය නිසියාකාරව පවත්වා ගත නොහැකියාව (Attention – Deficit and Disruptive Disorders = ADDD) රෝගයක් ලෙසින් සලකන්නට පටන් ගත් දා සිට ඒ වෙනුවෙන් බෙහෙත් නියම කරන්නට ද, ඒ බෙහෙත් ගැනීම පාසැල් දරුවන්ට නියමිත කිරීමට පාසැලේ ගුරුවරුන් හා උපදේශකයන් ද කටයුතු කළහ. මා නොක්ස්විල් නගරයේ ලේක්ශෝර් මානසික රෝහලේ දී බෙහෙත් නියම කෙරුනු බොහෝ දරුවන්ගේ රෝග ලක්ෂණ ගැන ඒ වෛද්‍යවරු හා එකඟ නොවුනෙමි. දිනපතා අපි රෝගීන්ට නියම කරන ප්‍රතිකාර ගැන වටමේස සාකච්ඡා කළෙමු. නිරීක්ෂණයේ දී ඒ දරුවන් රූපවාහිනිය බලන්නට මනා අවධානයක් ඇත. අවධානය නැතිව යන්නේ ගුරුවරුන් ඉදිරියේය. බෙහෙත් දීම නිසා දරුවන් පංතියේ “දඟ” නොකර නින්දට වැටෙති. නැතහොත් බෙහෙත් “මතින්” සිටිති. ඉතින් ගුරුවරයාට පාලනය පහසුය.
පසුබිම දිහා බැලූ කල සමහර දරුවන්ගේ අවධානය නොමැත්තේ ඇයි කියා සොයාගත හැකිය. නමුත් එක් එක් දරුවා ගැන සොයා බලන්නට දරුවාගේ දෙමාපියන්ට ද ඉස්පාසුවක් නැති කල, ඔවුන් ගෙන යන වෛද්‍යවරුන්ට ඒ සඳහා කාලයක් ඇත් ද?
ඇමෙරිකාවේ මනෝචිකිත්සක සංගමය විසින් මානසික රෝග වර්ග කර පෙන්වීම නිසා අතීතයේ චර්යා වැරදි ලෙසින් ගැනුනුබයිපෝලර් වැනි ආසාදනයන් අද හඳුනාගෙන ඇත. එයින් දරුවන් කුඩා අවදියේ හැසිරීම නොමනා නිසා දඬුවම් විඳීම වෙනුවට එසේ හැසිරීම රෝගයක් නිසා ඒ සඳහා විශේෂ පහසුකම් සැලසුනි. අද දිනයේ හඳුනා ගන්නා Autism රෝගය ද එවැනි තවත් රෝගාබාධයකි. ලංකාවේ ඒ ගැන දැනුවත් කිරිම සඳහා සිංදුවක් ද ගැයුණි. විශේෂ පාසැලක් පටන් ගත් අතර එයින් දරුවෙක් තම සිතුවම් වලින් නිම වූ නිෂ්පාදන ඔඩෙල් වැනි වෙළඳ සැලක අලෙවියට තබා දරුවා වෙනුවෙන් මුදල් මාර්ගයක් ද ඇති කරලීය.
අතීතයේ තරුණ වයසෙන් මිය ගිය බයිපෝලර් රෝගීන් වෙනුවට අද දිනයේ රෝගී තත්වයෙන් සිටිය ද ඵලදායක ජීවිත ගතකර වඩාත් කාලයක් ජීවත් විය හැකියාව ඔවුනට ලැබේ. ඒ නිසා මානසික රෝග වර්ගීකරණය සහමුලින්ම නිෂ්ඵල දෙයක් වන්නේ නැත. නමුත් එවැන්නක දී මානසික රෝග හරියාකාරව හඳුනාගත හැකි අපහසුව නිසා සෑම හැදියාවක්ම, ඇබ්බැහිකමක්ම රෝගයක් සේ සැලකීමට ඉක්මන්විය යුතු නැත.
“මහජන සුබසෙත” සාදන අරමුණු සඳහා ප්‍රතිපත්ති සකස් කරනා විට එක් එක් පුද්ගලයා අමතක වී යයි. සමාජය හැදී තිබෙන්නේ එක් එක් මිනිසුන් රාශියක් එකතු වීම නිසාය. ඒ හැමෝටම එකම ආකාරයකින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකිය. අවධානය නොමැති වීමට එක් එක් දරුවාට ඇති හේතු වෙනස් වේ. නමුත් අවධානය නොමැති වීම රෝගයක් යයි හැඳින්වීම මඟින් ඒ එක් එක් අයගේ හේතුව අතහැර සමස්තයක් (collective) ලෙස සලකා ඔවුන් සියල්ලටම එක බෙහෙතක් නියම කළ හැකිය.
මත්පැන් වලට ඇබ්බැහිය ද රෝගයක් ද නැතහොත් හුරුවක් ද? ජානුගත උවමනාවක් ද? නැතහොත් පරිසරයෙන් දකිනා නිසා ඊට තමනුත් හුරු වන්නක් ද? තමන් පිළිගන්නා පැත්තට අනුව දත්ත ඉදිරිපත් කෙරෙන නිසා (සමාජ ප්‍රතිපත්ති සකස් කරන ආණ්ඩුවේ මුදල් වෙන් කිරීම් අනුව) දෙපැත්තම හරි හෝ වැරදි යයි පෙන්වීමට දත්ත දෙපැත්තෙන්ම සොයා ගත හැකිය.
මත්ද්‍රව්‍ය හෝ මත්පැනට ඇබ්බැහි වූ අයෙක් කාලයක් එයින් වැළකී සිට නැවත ඇබ්ත්තක් හෝ උගුරක් ගත් කළ පාලනයකින් තොරව යළි ඊට ඇබ්බැහිය ඇති කර ගනියි. සූදු කෙළිය, කම්සුඛ සෙවීම, හෝ අන්තර්ජාල ඇබ්බැහිය යම් පාලනයකින් යුතුව කරන්නට හැකි වීම නිසා එයින් ඇබ්බැහියක ලක්ෂණ දැක්වේ ද? වැඩ කිරීමට ඇබ්බැහිය (workaholic) හා චොක්ලට් කන්න ඇබ්බැහිය (chocoholic)යනාදියත් රෝග ලෙසින් දැක්විය යුතු ද?
විද්‍යාවේ (science) වටිනාකමක් ඇත්තේ එය මනුෂ්‍යයාගේ ජීවිතය ආරක්ෂා කර, සාරවත් කර, වර්ධනය කරනවා නම් පමණකි. මනුෂ්‍යයා යනු එක්, සුවිශේෂ, හිලව් නොකළ හැකි ඒකීය මිනිසාය (individual man). සමාජයේ සුබ සාධනය සඳහා සමස්ත වැඩ පිළිවෙල් ක්‍රියාත්මක කිරීමෙන් ඒකීය පුද්ගලයාව නොසලකා හැරේ.
තාක්ෂණය නිසා ලබා ගන්නා නව දැනුමේ වටිනාකම ඇත්තේ ඊට කලින් වූ දැනුම නිදහස්ව පරිහරණයටත්, එහි ඵල ‍රස විඳින්නටත් හැකි අයටය. තමන් වෙහෙස මහන්සි වී දිවා රෑ වෙහෙසෙන්නාට දැනුම නිදහස්ව පරිහරණයටත්, ඵලදායක බව රස විඳින්නත් කාලයක් නැත. එදිනෙදා වැඩට යන පුද්ගලයා පාලකයා විසින් ක්‍රියාත්මක කරන සැලසුම් ගැන දැනුමක් නැති නිසා කියා ඊට එකඟ විය යුතුද? නැතහොත් තමාගේ දහඩිය මහන්සියෙන් නිෂ්පාදනය කරන ලාබයෙන් සමස්ත ජනතාවට සුබසෙත සලසන නාමයෙන් දියත් කරන සැලසුම් ගැන සොයා බලන්නට කාලයක් වැය කළ යුතුද?
අතීතයේ පටන් දියත් කර ඇති එවැනි සැලසුම් දිහා බලනා කල, රුසියාවේ වේවා ඇමෙරිකාවේ වේවා මහජන සුබසෙත සලසන ප්‍රතිපත්ති බොහොමයක ඵලදායක බවක් කාලයක් ගියත් දැක ගන්නට නොහැකිය. උදාහරණ ලෙස ගගණගාමීන් අභ්‍යාවකාශයට යැවූ රුසියාව තම පුරවැසියා හාමතෙන් තැබීය. ආර්ථික සහන සැලසුම් හා හමේ පාටට වැඩි අවධානය දුන්න ද, කළු ඇමෙරිකානුවන් තවමත් ඉන්නේ ආර්ථිකයෙන් පහළ මට්ටමකය.
තම දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි යයි කියන දෙමාපියෝ දරුවා ඊට මුලින්ම සම්බන්ධ කල ආකාරය දිහා බැලිය යුතුය. දරුවාට වෙනත් මාර්ග වලින් තම ජිවිතය රසවත් කරගන්නට අවස්ථා ලබා දුන්නා ද? අන්තර්ජාලයේ ක්‍රීඩා කිරීම හා එළිම‍හනේ ක්‍රීඩා කිරීම සමබරතාව‍යකින් කළ යුතු බව පෙන්වා දී ඊට ඉඩකඩ ලබා දුන්නා ද? නැතහොත් තම පහසුව පිණිස එය අධ්‍යාපනයට රුකුලක් යයි කියා දරුවා ඒ ඉදිරියෙන් වාඩි කරවා තමාගේ වැඩ කටයුතු වල නියැළුනා ද?
තමන්ගේ ජීවිතය හසුරුවන්නට පාලකයාට ඉඩ දෙන්නා පාලකයා විසින් එය තමන් අතට මුළුමනින්ම ගත් දාට වූයේ කුමක් දැයි සොයාගත නොහැකිව ලත වෙති. පාලකයාට වඩා සැම අවස්ථාවක දීම තමාගේ සුවසෙතට කළ යුත්තේ කුමක් දැයි දන්නේ තමාය. අපි සමස්තයක් ලෙසින් සුබසෙත සලසන්නට ගොස් පුද්ගලිකත්වය අමතක කර දමා ඇත.
සමස්තයකට සුබසෙත සැලසීම පරාර්ථාකාමී සද්භාවයක් යයි අපි පිළිගෙන ඇත. ඒ අර කාණ්ඩයක් එකතු වී සල්ලි සම්මාදම් කර දන්සැලක් දානවා වැනිය. මා දෙන්නේ ටිකකි. මා බලාපොරොත්තු වෙන්නේ මහත් පිරිසකට දානයක් දීමෙන් ලබන මහත් පිනකි. මගේ අරමුණ වූ මහා පින් සලසා ගැනීම මා බාර කර ඇත්තේ ඊට ඉදිරිපත් වූ පිරිසක් වෙතය. ඔවුන් “හොඳ” යයි මා සැලකූ නිසා මගේ ආධාරය ඔවුන්ට දෙන්නෙමි. නමුත් ආධාරය ගත් පසු ඔවුන් ඔවුන්ට කැමති පරිදි කටයුතු කිරීමෙන් වැළකීමට මට හැකියාවක් නැත. අපි සම්පූර්ණ බලය දී සම්පූර්ණ දූෂිතයෝ බිහි කරන්නේ එලෙසිනි.
මේ වෙනස් කිරීම් ගැන ජනතාවට, වෛද්‍යවරුන්ට හා පර්යේෂකයන්ට අප්‍රේල් මාසය දක්වා අදහස් අන්තර්ජාලයෙන් ඒ ඒ කමිටු වෙත ඉදිරිපත් කරන්නට ඉඩ සලසා ඇත. DSM -5 අත්පොතට මැයි 2013 දී අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් ලෙසින් අවසානයේ ඇතුළු වේදැයි නොදනිමි. නමුත් මත්පැන් හා මත්ද්‍රව්‍ය ඇබ්බැහි වැටෙන උත්තේජක අපහරණය හා සමානව සලකා බලන කල මෙයත් එකතු කරන්නට ඒ පදනම නොසෑහේ යයි සිතේ. මෙයින් සිද්ධ වන්නේ මහජන සුබසෙත සලසන නියායෙන් සමස්තයකට නිකුත් කරන ප්‍රතිපත්ති නිසා අනාගතයේත් එක් එක් මිනිසා වෙත අවධානය යොමු කිරීම මඟ හැරී යාමයි.
රෝග කෙසේ වර්ගීකරණය වුවත් එක් එක් පුද්ගලයා, (දරුවන් ගැන දෙමාපියෝ හෝ බාරකාරයෝ) විමසා බලා තමාට සුවිශේෂී වූ තත්වය ද විචාරා නොබලා පිළිගැනීම මනුෂ්‍යත්වයට මදිකමකි. පාලකයා හෝ වෛද්‍යවරයා හෝ මනුෂ්‍යයා යනු සියල්ල දන්නා අයෙක් නොවේ යන්න අපත් මතක් කරගෙන නොදන්නා අයටත් කියා දිය යුතුය.
විද්‍යාව හා තාක්ෂණය ගැන කැමැත්ත ඇති අයට ලන්ඩනයේ ග්‍රීෂ්ම ඍතුව මාස 3 ක් ගත කරන්නට අවස්ථාවක් ගැන මේ. විද්‍යා ශිෂ්‍යයෙකු හෝ විද්‍යාඥයෙකුව සොයන්නේ විද්‍යාව හා තාක්ෂණය ගැන ලිපි ලියන්නට “ද ඉකොනොම්ස්ට්” සඟරාවයි. විස්තර සඳහා

අනේ මේ අසරණයින්ට පිහිටක් වෙන්න 

Thanamalwila sathyaya

!

PrintEmail

සැමියා මියයැමෙන් පසු දරුවන් තිදෙනකුත් සමග මෙලොව තනිවූ තණමල්විල කිතුල්කොටේ ගම්මානයේ පදිංචිකාරියක වූ පුෂ්පා කාන්ති (32) තරුණ මවගේදරුවන් තවමත් ඉතාමත් කුඩාය. තරුණ වියේදීම ඇයට ජීවිතයේ උසුලනු නොහැකි බරක්‌ දරන්නටසිදුවී තිබේ. ජීවත් වන්නට මගක්‌ නැති හෙයින්ම ඇයට දරුවන් ජීවත් කරවීමද ගැටලුවක්‌ව පවතී. ඇය හමුවේ කළ දුක්‌ගැනවිල්ලට සවන්දුන මැනවි.
 " මගේ සැමියා ප්‍රේමරත්න. ඔහු පෙදරේරු වැඩකරමින් සිටියදී මියගියා. අපි අනාථ වුණා. කර ගන්න දෙයක්‌ නැති තත්ත්වයට පත් වෙලයි ඉන්නේ. මට දුවල දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා. ලොකු දුව7 වසරේ. පොඩි දුව තුන වසරේ එයාගේ පපුවේ සිදුරක්‌. කොළඹ බොරැල්ල රිඡ්වේ ළමා රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා. පොඩි පුතා 1වසරේ එයාටත් හම්බන්තොට රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා. ජීවත් වෙන්න විදියක්‌ නැති නිසා මම ළමයි දාලා කෙසෙල් වගා වැඩකට යනවා දවසට රුපියල් 320 වැටුපට 20.00 ක්‌ ලොරියේ කුලියටකපනවා උදේ 6.00 ඉඳලා හවස 2.00 වනතුරු වැඩ. දින 14 කට සැරයක්‌ පඩිය ලැබෙනවා. එය හොඳටම මදි. අපි කියන්න බැරි තරම් දුකකිනුයි ජීවත්වන්නේ. කාට කියන්නද?"
 පවුලේ ලොකු දුව චතුරිකා පැවසුවේ මෙවැන්නක්‌.
තාත්තා මැරුණට පස්‌සේ අපි අමාරුවෙන් ජීවත්වෙන්නේ. නංගියි මල්ලි දෙන්නම ලෙඩින්. අම්මා අපිට උගන්වන්න හරියට මහන්සි වෙනවා. මට ශිෂ්‍යත්ව විභාගයටත් ලියන්න බැරි වුණේ අඩුපාඩු නිසා. අපිට බැංකු පොත් නෑ. ටෙලිෆෝන් නෑ. අපිට කවුරු හරි උදව් කරනවානම්.
 "මුදල් ඇනවුමක්‌ මගින් පුෂ්පා කාන්තිට යවනවානම් ලිපිනය මෙන්න. එම්. ඒ. පුෂ්පා කාන්ති, 31 කණුව, කිතුල්කොටේ, තණමල්විල."
 ( මෙය ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ පලවූ ඉල්ලීමකි . එය උපුටා දක්වන්නේ මේ අසරණයින්ට පිහිටක් වීම සඳහා බව කරුණාවෙන් සලකන්න )


Saturday, October 8, 2011

Kaspersky Internet Security 2012 ජෙනුයින් එක..


මෙය හැක්රිස්ගේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

මෙතැන ක්ලික් කර එතැනට යන්න
Kaspersky Internet Security 2012 ජෙනුයින් එක...39

-HacKrisH- | -හැක්ක්‍රිෂ්- | 2:24 AM |

ගොඩක් අය කැමති වයිරස් ගාඩ් එකක් නෙ Kaspersky Internet Security 2012 කියන්නෙ. මේ සොෆ්ට්වෙයා එක උස්සන්න හරිම අමාරුයි. ඉස්සුවොත් උපරිම මාසයක් දෙකක් තමයි යූස් කරන්න ලැබෙන්නෙ. මුන්ට අහු වෙනවා අපි කරන හොර වැඩ. ඉතින් උන් කරන්නෙ අපේ හොර වැඩ බ්ලොක් කරන විදියට අලුත් අප්ඩේට් එකක් එවන එක. ඉතින් අපි අසරණ වෙනවා නෙව එහෙම උනාම.

හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ Kaspersky Internet Security 2012 ජෙනුයින් එක. හොර වැඩ කරන්න ඕන නෑ නෙව කෙලින්ම ජෙනුයින් එකම දාගත්තාම. නේද?... මගේ කම්පියුටර් මොකක් හරි හේතුවක් නිසා මාස දෙක තුනකට සැරයක් අනිවාර්යෙන්ම ෆෝමැට් කරන්න වෙනවා නෙව. ඒකට හේතුව තමයි මම ඔය කරන එක එක ජල්තර වැඩ. ඉතින් මොකක් හරි ලෙඩක් ආපු ගමන් ෆෝමැට් කරන්න වෙනවා. මම අද මේ දෙන Kaspersky Internet Security 2012 එකත් මාස 3ක්ම එක දිගට ඔයාලට කිසිම ගැටලුවක් නැතිව යූස් කරන්න පුලුවං. ඉතින් සල්ලි ගෙවලා ගන්න ඕන ඔර්ජිනල් සොෆ්ට්වෙයා එකක් කිසිම ක්‍රැක් කිරිල්ලක් නැතිව මාස 3ක් හරි යූස් කරන්න පුලුවං එක හරි වටිනවා නෙව...

මුලින්ම ඔයාලා කරන්න ඕන  Kaspersky Internet Security 2012 එක ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න එක. ඒක ඩවුන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න. ඕක ඉන්ස්ට්‍රෝල් කරගෙන යනකොට මගදි සීරියල් නම්බර් එකක් ඉල්ලයි. ඒක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

FREE Kaspersky Internet Security 2012 90 Days Activation Key Download



This activation code works perfectly on new installations only and not on already installed KIS 2012.

හරි මම හිතනවා මේක කැස්පාට පෙම් බඳින අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...


Read more: http://hackrish.blogspot.com/2011/09/kaspersky-internet-security-2012.html#ixzz1aCj8HKen