This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, August 5, 2011

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ ස්වර්ණමය යුගය - 2 කොටස

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ ස්වර්ණමය යුගය - 2 කොටස


පළමු ලිපියෙන් මායා ශිෂ්ඨාචාරය යුග වශයෙන් සැලකීමේදී පළමු ප්‍රධාන යුගය ලෙස සැලකෙන ප්‍රාග්සම්භාව්‍ය යුගය ගැන සාකච්ඡාකරනු ලැබූ අතර මෙම ලිපියෙන් දෙවන ප්‍රධාන යුගය ලෙස හා ඔවුන්ගේ සමෘධියේ වැදගත්ම යුගය යයි සැලකිය හැකි සම්භාව්‍ය යුගය හෙවත් Classic period අවධිය ගැන කතා කරමු.

සම්භාව්‍ය යුගය  Classic period

ක්‍රි.ව. 300 දී පමණ ඇරඹී සම්භාව්‍ය යුගය හෙවත් Classic period මායා ශිෂ්ඨාචාරයේ ස්වර්ණමය යුගය ලෙසද සලකෙන අතර මේ කාලය වඩාත් සංකීර්නවී ඇත. මෙම අවධිය වන විට ඔවුන්ගේ ජනගහනය වර්ධනයවීම වැඩිවී තිබුනා මෙන්ම අභ්‍යන්තරයේ තිබූ උස්බිම් වල විසූ මායාවරුන් හා පහත් බිම් වල විසූ මායාවරුන් අතර එක් වීමක් සිදුවී ඇත. එසේම ඔවුන් දෙපිරිස අතර තරඟකාරීත්වයක්ද වර්ධනයවී ඇත. වාණිජ කටයුතු හා යුද කටයුතු ඔවුන්ගේ සංස්කෘතිය වර්ධනය කෙරේ ප්‍රධානම උත්තේජනය වී ඇති බව සදහන් කල යුතුය. එසේම මෙම අවධිය වන විට මායාවරුන්ගේ වඩාත්ම සංවර්ධිත ප්‍රදේශ ලෙස Petén කැලෑ ප්‍රදේශ හා ඒ අවට පහත් බිම්  ප්‍රදේශ වන Tikal, Palenque, Piedras Negras, සහ Copán දැක්විය හැකි අතර මෙම සංවර්ධනය ක්‍රි.ව. 300 සිට ක්‍රි.ව. 900  දක්වා සිදුවූ බවද පැවසේ.

මායාවරු අතර ටිකෙන් ටික සමාජමය පංති බිහිවීමත් සමග මායා සමාජය වඩාත් සංකීර්ණ තත්වයට ක්‍රමයෙන් පත්වී ඇත.පාරම්පරික උරුමයෙන් නායකත්වය දරන පංතියේ පවුල් සාමාන්‍ය මායා වැසියන්ට වඩා ඉහල තලයක සිට ඇති අතර එවැනි පවුල් වලින් බිහිවූ රජකෙනෙකු ඒ ඒ මායා නගර පාලනය කර තිබේ. මෙම රජවරු ප්‍රාග්සම්භාව්‍ය යුගයේ සිටි ප්‍රධානීන්ගේ පාලන ක්‍රමයට සමාන ආකාරයකින් පාලනය ගෙන ගියත් ඔවුන්ගෙන් වෙනස් වී ඇත්තේ මෙම අවධියේ බිහිවූ රජවරු සමාජ පංති ක්‍රමයක් පෙරදැරි කරගෙන ඔවුන් සාමාන්‍ය ජනයාගෙන් වෙන්ව ඔවුන්‍ට සමාන ප්‍රභුවරු සමග සමීපව සිටීමයි. මෙම රජවරු සමග සමීපව සිටි අනෙක්  කොටස පූජකයන්ය. නගර මධ්‍යයේ පිහිටි දෙවොලක් කේන්‍ද්‍රකරගනිමින් වාසය කල අතර මෙම නගරයක ජනගණත්වයද ඉහල මට්ටමකින් තිබූ බව සදහන්ය.නිදසුනක් ලෙස සමස්ථ Tikal  ප්‍රදේශයේ වර්ග කි.මි314 ක ප්‍රදේශයේ පමණක් 92,000 ක් වූ ජනගහනයක් සිටි බව කියන අතර එහි මධ්‍ය ප්‍රදේශයේ පමණක් මායා ඉදිකිරීම් 2700 ක් පමණ තිබී ඇත.
සම්භාව්‍ය යුගයේදී යුදවැදීම් තරමක් සීමාවී ඇති අතර එය ඔවුන්ගේ චාරිත්‍රානුකූල උත්සව සදහා බොහෝවිට යොදාගෙන ඇත. මායා පාලකයන් , stelae ලෙස හදුන්වන කැටයම් නෙලූ පාශානමය මූර්තිවල දැක්වෙන ආකාරයෙන්ම නිතරආයුද දරා සිට ඇති අතර ඔවුන් තම සේනාව මෙහෙයවා ප්‍රතිවාදී කණ්ඩායම් අල්ලා ඔවුන් බිලිපූජා සදහා යොදාගෙන ඇත්තේ ආගමික හෝ දේශපාලනික හේතුවෙනුවෙනි. ඒවගේම මෙම පාලකයන් ආක්‍රමණය කරන ලද නගර වල සමහර කොටස් විනාශකර ඇති අතර ඒ බොහෝවිට මධ්‍යයේ පිහිටා ඇති දෙවොලේ යාබද ප්‍රදේශ බවද කියයි.

පහත්බිම්වල පිහිටි මායා නගර අංගසම්පූර්ණව ඔවුන්‍ විසින් ගොඩනැංවීමද මෙම අවධියේ සිදුකර ඇත. එවා දේවස්ථාන, මාලිගා, අංගණ, ජලය එක්රැස් කරන ස්ථාන, සපත්තු පාලම් ආදියෙන් සමන්විත වී ඇත. එසේම ඒවායේ බිත්ති, පොළව හා අනෙකුත් පෘෂ්ඨයන් රතු හෝ ක්‍රීම් පැහැයෙන් යුතු ‍හුණු බදාමයකින් ආවරණය කර ඇති අතර හිරු එළිය වැටෙන විට එම ස්ථාන අලංකාරවත්ව දිලිසෙමින් තිබී ඇත. එපමණක් නොව මූර්තිකරුවන් විසින් තම පාලකයන් හා ඔවුන්ගේ පවුල් වල විස්තරද, දේශපාලනික ඉතිහාසය හා එම ‍ජනාවාස සමග බැදී පවතින වැදගත් කාරණා පාශානමය කැටයම් ලෙස ශිලාලේඛණ නිර්මාණය කර ඇත.
Maya Temple - The Castillo Pyramid in Chitzen Itza found in
the Yucatan Peninsula of Mexico.

මායාවරුන්ගේ මාලිගා
මායාවරුන් ජලය රැස් කිරීමට තනන ලද තටාකයක්
පුරාවිද්‍යාඥයන් විසින් කනිනු ලබන අවස්ථාවක්
මායාවරුන් ජලය එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට
භාවිතාකරන ලදැයි සැලකෙන ජලනල පද්දතිය හා තාක්‍ෂනය


සමාජය හා ආර්ථිකය

සම්භාව්‍ය යුගයේ රජවරු තම නමට පදවි නාමයක්ද යොදාගෙන ඇති අතර එය මායා බසින් k’ul ahau වන අතර එහි අර්ථය උත්තරීතර හා පූජනීය පාලකයා යන්නයි. මෙම යුගයේ පසුකාලීනව රජුට සහය වීම පිණිස පාරම්පරිකව පැවත එන පාලක සභාවක්ද තබා ගෙන ඇත. එසේම රජුට දේශපාලනික වශයෙන් පමණක් නොව මේ අවධියේ ආගමික බලතලද තිබී ඇත. කෙසේ වෙතත් පසුසම්භාව්‍ය යුගය ලෙස ගැනෙන ක්‍රි.ව. 900 සිට ක්‍රි.ව. 1521  දක්වා කාලයේදී රජුට තිබූ ආගමික බලතල ඉවත්වී ඇති අතර පූජක පැලැන්තියේ ආයතනික බලතල වැඩිවී ඇත.

මායා සමාජය තුල ‍වෙළද පාර්ශවයටද කැපී පෙනෙන තැනක් ලැබී තිබිනි. භූමියේ අභ්‍යන්තර ප්‍රදේශ යාකරමින් පැවති වෙළඳ මාර්ග පහත් බිම් වල තිබූ මධ්‍යස්ථාන වලින් පාලනය කෙරුන අතර ඒවා මගින් ලුණු, obsidian හා jade පාශාන,කොකෝවා, සත්ව හම්, නිවර්ථන කලාපීය පක්‍ෂීන්ගේ පිහාටු හා සුකෝපභෝගී තත්වයෙන් සැලකූ  පිඟන් ග‍ඩොල් ආදිය පාලනයකින් යුතුව වෙළදාම් කටයුතු සිදුකෙරුන බව පැවසේ. සම්භාව්‍ය‍ යුගයේ මුල් කාලයේ මධ්‍යම මැක්සිකෝවේ Teotihuacánමායා ශිෂ්ඨාචාරය පැවති ප්‍රදේශ ලෙස හැදින්වෙන Mesoamerica හි අද්විතීයම නගරය ලෙස හැදින්වේ. මෙම නගරය ඒ අවධියේ Mesoamerica දේශපාලනික හා ආගමික බලය පැතරවූ ස්ථානය ලෙසද නම් කලාට වරදක් නැත. එසේම වාණිජ ජාලය තුලද මෙම නගරය ප්‍රධාන මධ්‍යස්ථානයක් වූයේය.
Teotihuacán
quetzal
දකුණු දිග කලාපයේ උස්බිම්වල විසූ මායාවරුන් සිය වෙළඳ භාණ්ඩ ලෙස යුදායුද හා මෙවලම් තැනීමට ඇවසි obsidian පාශාණඇඹරුම් ගල්ජේඩ්කොලපැහැ ගිරවුන් හා quetzal පක්‍ෂීන්ගේ පිහාටුගස්වලින් ලබා ගත් සුවද ගෙනදෙන දුම්මල විශේෂයක් වූ copalcochineal ලෙස හැදින්වූ මියගිය කෘමීන්‍ වියලා තනාගත් රතුපැහැ ඩයි අනෙකුත් ප්‍ර‍දේශ කරා රැගෙන ගොස් ඇතපහත්බිම්වල විසූ මායාවරුන්ගේ වෙළඳ භාණ්ඩ වී ඇත්තේ ජගුවර් සතුන්ගේ හම්කපු නූල් හා රෙදි,  balcheඉටිමී පැණිකරවල මුවමස් හා ගිණි අවුලුවා ගැනීමට භාවිතා කරන තිරුවාන ගල් විශේෂයකි. මෙලෙස භූවිශමතාවයෙන් වෙනස් වූ ප්‍රදේශ වලින් අනෙකුත් ප්‍රදේශයට රැගෙන ආ භාණ්ඩ දෙආකාරයකට අලෙවි වී තිබේ. එනම් භාණ්ඩ හුවමාරුවක් ලෙස හෝ ඒ අවධියේ ඔවුන් මුදල් ලෙද භාවිතා කල කොකෝවා ඇට භාවිතයෙනි. එසේම ප්‍රභූපැලැන්තියට අයත් ජනයා සුකෝපභෝගීව ජීවිතය ගත කර ඇති අතර පහල පංතියේ ජනයාගේ ජීවිතය අඩු දියුණුවකින් යුතුවිය.
වර්ථමානයේ පවා මායාවරු ලුණු වෙලදාමේ යෙදී සිටිති
 මායා වංශාධිපතීන් පිරිමින් යටිකය සදහා විසිතුරු මැහුම්ගෙතුම් කරන ලද කපු ඇදුමක් ඇද ඇති අතර එය පිහාටුවලින්ද අලංකාර කර තිබේ. උඩුකයට කපුරෙද්දෙන් තැනූ ලෝගුවක්ද හෝ ජගුවරු හමෙන් තැනූ ඇදුමක් හෝ පිහාටුවලින් තනන ලද ඇදුමක් භාවිතාකර ඇත. එසේම පිහාටු වලින් තැනූ විශාල කැපී පෙනෙන හිස් පලදනාවක්ද භාවිතාකරන්නට අමතක කර නැත. වංශාධිපතීන් ගැහැණුන් සැහැල්ලු මෙන්ම සුදු පැහැ කපු රෙද්දෙන් නිමවූ ලෝගුවක් ඇද ඇති අතර ඒවාද විසිතුරු මැහුම්ගෙතුම් වලින් අලංකාර කොට තිබේ.

වංශාධිපතීන් ගලින් නිමවූ නිවාස වල විසූ අතර ඒවායේ බිත්ති කපරාරු කොට ඒවා බිතුසිතුවම් වලින්ද අලංකාර ‍කොටතිබී ඇත. මෙම නිවාස වල ඔවුන් සිදුකරන ලද භෝජන සංග්‍රහවලදී අමුත්තන්ට කළුකුම් මසින්, මුව, තාරා යනාදී සතුන්ගේ මසින්ද, ඔවුන් නිපදවූ චොකලට් හා balche පානයන්ගෙන්ද සංග්‍රහ කොට ඇති අතර අමුත්තන් මෙම සාද වලට පැමිනෙන විට ත්‍යාගභෝගද රැගෙනවිත් තිබේ. වංශාධිපතියෙකු මිය ගිය පසු මෘතදේහය පාශානමය දෙනක බහා ජේඩ් හා මැටි ආභරණවලින් සරසා භූමදානය කර තිබේ. එසේම ඔහුගේ මරණින් පසු දි‍වියේදී ඔහුට සේවය කිරීම පිණිස මිනිසුන්ද ඔහුගේ මලගම සිදුවන දිනයේ බිලී දී ඇත.

මෙම ශිෂ්ඨාචාරයේ සම්භාව්‍ය යුගයේදී වංශාධිපතින්ට පහල සමාජ ස්ථරය Yalba Unicob හෙවත් Lower Men ලෙස හැදින්වූ අතර එයද කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්වේ. එනම් නිපුනත්වයක් ඇති ශිල්පීන් හා වෙළෙන්දන් එම සමාජ ස්ථරයේ ඉහල කොටසට හිමිකම් කී අතර එය වර්ථමානයේ මධ්‍යම පංතියට සම කර දැක්වේ. මෙම පංතියට එදා අයත්වූවන් ලෙස පාශාන හා දැව කැටයම්කරුවන්, බිත්ති කපරාරුකරන්නන්. පින්තාරුකරුවන්, කුඹල්කරුවන්, මූර්ති ශිල්පීන් හා වාණිජ කර්මාන්තයේ නිරතවූවන් සලකන ලදි.

මායාවරු ගොවිතැනේ යෙදුන හැටි
මෙම මධ්‍යම පංතියට අයත් නොවූ නුපුහුණු කම්කරුවන් අතරින් ගම්බද මායා වැසියන් බහුතරයක්  ගොවීන් වූ අතර ඔවුන්ගේ කෘෂි නිෂ්පාදනයෙන් 2 3ක් හෝ ඊටත් වැඩියෙන් ඔවුන්ගේ හාම්පුතුන් වූ ඉහල පැලැන්තියේ මායාවරුන්ට දී ඇත. නගරබදවිසු ‍නුපුහුණු කම්කරුවන්ගේ වෘතීන්වූයේ ගල් කැඩීම, කශලශෝදක වෘතිය හා බඩු ඔසවාගෙන යාමේ රාජකාරීන්ය. නගරබදව විසූ මෙම වැසියන් නගර‍යේ මධ්‍යයේ නොව නගරයේ සීමාවට ආසන්නයේ සිය නිවාස තනාගෙන වාසය කර ඇත.

මෙම පහල සමාජ ස්ථරවල නිවාස ගත් කල අඩුමට්මේ අය සරල කූඩාරම් ආකාරයේ නිවාස වල වාසය කර ඇති අතර ඇතිහැකි අය කටුමැටි බිත්ති සහිත පාම් අතු සෙවිල කල නිවාස තනාගෙන වාසයකරන ලද බව සදහන්ය. කෙසේවෙතත් මෙම නිවාස වල තිබී ඇත්තේ අඩු ගෘහභාණ්ඩ ප්‍රමාණයක් වන අතර නිවාස පරම්පරාවකට වඩා පැවතී නැති අතර පැරණි නිවාසය කඩා වලලා එය මත නව නිවාස නැවත තනා ගෙන ඇත. එයින් ඔවුන් බලාපොරොත්තුවී ඇත්තේ ඔවුන්ගේ මලගිය මුතුන්මිත්තන්ගේ ආත්මය තමන් වටා රැදේවි යන විශ්වාසයයි.

සාමාන්‍ය වැසියන් කපුරෙද්දෙන් පිළියෙල කල සරල අමුඩයක් වැනි ඇදුමක් හා කබායකින් සිය විලිවසාගෙන තිබේ. මෙම වැසියන්ගේ කාන්තාවන් කපු වලින් ගොතනලද හැට්ටයක් හා සායක්‍ හෝ සැහැල්ලු මල්ලක් වැනි ඇදුමක් ඇද ඇති අතර එය සරල මෝස්තර වලින් අලංකාරය කර තිබේ. කෙ‍සේවෙතත් මෙම කාන්තාවන් හා තරුණියන් ‍කොණ්ඩය දිගට වවා ඒවා අන්‍යයන්ගේ සිත් ඇදගන්න සුළු ‍ලෙස පීරා අලංකාරව සිට ඇත. ඔවුන් භාවිතා කල කොණ්ඩා සැරසිලි අනුව එම ස්ත්‍රිය විවාහක අවිවාහක බව තීරණය කිරීමේ හැකියාවද තිබූ බව කියයි. පිරිමි සහ කාන්තාවන් දෙකොට්ඨාශයම නොයෙක් විසිතුර මෝස්තර වලින් සිය සිරුර පච්ඡාකොටා ගෙන තිබීම එම සමාජයේ සුලභ සිදුවීමක් විය.

මායා සමාජයේ පහලම ස්ථරය වහලුන් වූ අතර ඔවුන්ට අයත්වූයේ එකල අපරාධ සිදු කර හසුවූ අය හෝ වහල්භාවයට බැදී සිටි දිළිදුම මායා වැසියන් හෝ යුද්දවලදී යටත් කරගත් මිනිසුන්ය. ඔවුන්ගේ ජීවිතය දුඛිංත වූ අතර ඔවුන් අතර යම් හෙයකින් ඔවුන්ගේ ස්වාමිය මිය ‍ගිය හොත් ඔහුගේ මරණින් මතු දිවියේදීද සේවය කිරීම පිණිස ඔහු අවසන් ගමන් යන විට වහලුන්ටද සිය ජීවි‍තයෙන් සමුගතයුතු වූ බව සදහන් වේ.


මායාවරුන්ගේ ස්වර්ණමය යුගය ගැන තව විස්තර තෙවන කොටසින් කියවා දැන ගනිමු...

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මේ ගැන මුල සිට දැන ගැනීමට මුලින්ම මායාවරු ගැන දැනගෙන සිටිමු - 1 කොටස

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මේ ගැන මුල සිට දැන ගැනීමට මුලින්ම මායාවරු ගැන දැනගෙන සිටිමු - 1 කොටස




2012 සිදුවෙන්නේ යයි කියන ලෝක විනාශය පිළිබදව ඔබ මේ වන විටත් දන්නවා නිසැකයි.  එය සිදුවීමට හේතුවන්නේ කුමන කාරණයක් නිසාද? එය සත්‍යවශයෙන්ම සිදුවන්නක්ද? යන උභතෝකෝටික ගැටළුද ඔබට ඇති බව රහසක් නොවේ. කෙසේ වෙතත් 2012 ලෙස නම් කල චිත්‍රපටියට පසුව මෙම සියළුකාරණා ලෝකය තුල සංවාදයට බදුන්වූ අතර එම චිත්‍රපටිය ප්‍රචාරණයට යොදා ගත් උපක්‍රම හේතුවෙන් අනවශ්‍ය භීතියක් ලෝකය පුරාම මෙය පිළිබදව ඇතිවූ අතර මෙම කරුණ පිළිබදව ඍජුව විග්‍රහකිරීම් මෙන්ම ලෝකය තුල මිනිසා ගෙන යන අකටයුතුකම් අරඹයා මෙවැනි විපත්, මෙම කරුණට අදාල මායාවරුන්ගේ දිනදර්ශනය නොවෙතත් සිදුවන බවද අපගේ සහෝදර බ්ලොග් රචකයන් කිහිපදෙනෙකුම ලියා තිබූ බවද මතකය නැගේ.

කරුණුකාරණා මෙසේ සිදුවෙමින් පවතිද්දී සත් සමුදුරට කලකට ඉහත පාඨක සහෘදයන් කිහිපදෙනෙකුම 2012 ගැන ලියන්නට අනුබලය සැපයෙද්දී සුමංගල හිමියන් හා බණ්ඩාර මිතුරා යන දෙපලගෙන් ලද මුලාංශ්‍ර දායකත්වය හා එයට ලබා දෙන ලද ධෛර්යයද සහිතව ඔබ නිරතුරු සත් සමුදුර තුලින් ඇසුරු කිරීමට ප්‍රියකරන ගවේශනාත්මක ලිපි ගොන්නට මෙම 2012 සංසිද්ධිය පිළිබදව ලියවුන ලියවිල්ලක්ද එකතුකිරීමට අද සිතුවෙමි.

එසේවුවත් සාමාන්‍යයෙන් වැඩිපුරම දැකගැනීමට හැකිවූ 2012 පිළිබද ලියවිල්ලකට වඩා එම කාරණාවට සම්බන්ධ ශිෂ්ඨාචාරයන්, ඔවුන්ගේ සැඟවුන කාරණා, මෙම සංසිද්ධියට හේතුවූ දිනදර්ශනය ආදිය ගැන මෙන්ම මෙ‍තෙක් අඩුවෙන් කතාබහට ලක්වූ තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තුවෙමි. මෙය  බොහෝවිට ලිපි කිහිපයක් දක්වා දිර්ඝවීමටද ඉඩකඩ ඇති අතර එහෙනම් මුලින්ම මෙම 2012 සැබෑ අයිතිකරුවන් වන පෞරානික ශිෂ්ඨාචාරයක් වන මායා ශිෂ්ඨාචාරය හා මායාවරුන්ගේ සැඟවුන කාරණ සොයා බලමු.

මායා ශිෂ්ඨාචාරය - Maya Civilization

හැදින්වීම
මායා ශිෂ්ඨාචාරය යනු පෞරානික මෙන්ම ඇමරිකානු මහද්වීපයේ ස්ව‍දේශික සංස්කෘතියක් තිබූ ජනතාවකගේ ශිෂ්ඨාචාරයක් වන අතර යුරෝපීයන් ඇමරිකානු පොළව කෙලසන තුරු එය පෘතුවියේ බටහිරට වන්නට තිබූ දියුණු ශිෂ්ඨාචාරයක්දවේ. මායාවරුන්ගේ ව්‍යාප්තිය ගත් කල එය වර්ථමාන නැගෙනහිර හා දකුණු මැක්සිකෝව, ග්වාතමාලා, බෙලීස්, එල් සැල්වඩෝර් සහ බටහිර හොන්ඩියුරාස් දක්වා පැතිර තිබී ඇත. ඔවුන්ගේ සමෘධිමත් කාලය ක්‍රි.ව. 300 සිට 900 දක්වා තිබූ බව පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් පවසන අතර අති දැවැන්ත ගල් පිරමීඩ, පූජනීය ස්ථාන, ප්‍රතිමා ඇතුළුව තවත් සංකීර්ණ ගොඩනැංවීම් රැසක් ගණිත ශාස්ත්‍රය හා නක්‍ෂත්‍ර විද්‍යාව යොදා ගෙන සිදු කර ඇති අතර ඒවා රූපාක්‍ෂර හෙවත් hieroglyphs වල සටහන් කර තිබූ බවට සාක්‍ෂි හමුවේ. (මෙම hieroglyphs පිළිබදව පුරාණ මිසර පිරමීඩ ගැන ලිපියේද සටහන්විය).


ක්‍රි.ව. 900 න් පසුව මායාවරු අභිරහස් ලෙස ග්වාතමාලාවේ දකුණු දිග මිටියාවත ප්‍රදේශයෙන් බැහැරවී ඇති අතර ඔවුන් උතුරේ පිහිටි Yucatán අර්ධද්වීප පෙදෙස හා ඒ ආශ්‍රිතව ජනාවාස වී ඇත. මෙම ව්‍යාප්තිය 16 වන ශතවර්ශයේ ස්පාඤය ආක්‍රමණිකයන් පැමිනෙනතුරුම සිදුවී ඇත. මෙම ප්‍රදේශ තුල තවමත් පුරාණ මායාවරුන‍්ගෙන් පැවත එන්නන් වාසය කරන බවද කියයි. කෙසේවෙතත් මෙයින් බහුතරයක් ස්පාඤය ආභාශය ලබා ඇති අතර සැලකියයුතු පිරිසක් තවමත් සිය අනන්‍යතාවය වන සාම්ප්‍රධායික මායා සංස්කෘතිය ආරක්‍ෂාකරගෙන සිටින බවද සතුටින් කිවහැක. වර්ථමානය වන විට පුරාණ මායාවරුන්ට ඥාතීත්වය ඇති මිලියන 7 ක පමණ පිරිසක් ඉහතින් දැක්වූ ඇමරිකානු ප්‍රදේශවල වාසය කරයි. ඉතිහාසයඥයන් හා ‍මායා ශිෂ්ඨාචාරය පිළිබද ඇසූපිරූ තැන් ඇති විද්වතුන්, ‍මායා ශිෂ්ඨාචාරය මූලික වශයෙන් අවධි තුනකට බෙදා වෙන්කර විස්තර කරනු ලබයි. එනම්Preclassic period (ප්‍රාග්සම්භාව්‍ය යුගය), Classic period (සම්භාව්‍ය යුගය) සහProclassic period (පශ්චාත් සම්භාව්‍ය යුගය) යනුවෙනුයි.

ප්‍රාග්සම්භාව්‍ය යුගය Preclassic period

බෙහෝ කාරණවලට අනුව ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ වර්ධනය මන්දගාමීව හා දීර්ඝව ප්‍රාග් සම්භාව්‍ය යුගය හෙවත් Preclassic period ලෙස සලකන ක්‍රි.පූ. 2000 සිට ක්‍රි.ව. 300 දක්වා සිදුවී යයි ඉතිහාසඥයන් පවසයි. කෙසේවුවත් ඔවුන්ගේ සංස්කෘතික ගති ලක්‍ෂන මතුවෙන්නට පටන්ගත්තේ මෙම කාලයේදී බව ඉතිහාසඥයන්ගේ මතයයි.මෙම කාලසමයේ මුල් අවධියේදී Mayan බස කතාකරන ස්වදේශික ඇමරිකානුවන් කලාප තුනකට බෙදා වෙන්කල හැකි ප්‍රදේශවල වාසය කරන්නට ඇත. එනම් නැගෙනහිර හා දකුණුදිග මැක්සිකෝව හා මධ්‍යම ඇමරිකාව, වියලි දේශගුණයක් මෙන්ම හුනුගල් ආශ්‍රිත පරිසරයක් ලෙස සැලකෙන මැක්සිකෝවේ උතුරු දිග වෙරල තීරය අයත් Yucatán අර්ධද්වීප පෙදෙස, උතුරු ග්වාතමාලාවේ අභ්‍යන්තරයේ ඇති Petén කලාපයට අයත් නිවර්ථන වනන්තර වල හා ගිනිකඳු හා කඳු මුදුන් වලින්  සමන්විත දකුණුදිග ග්වාතමාලාවේ පැසිෆික් සාගරයට ආසන්න ප්‍රාදේශයේය.

මුල්කාලීන මායාවරු ගොවීන් ලෙස සිය ජීවිතය ගෙවූ අතර ඔවුන් කුඩා තුනින් තැන විසිරී තිබූ ගම්මානවල thatch නමින් හැදින්වුන නිවාස තනා ගෙන විසූ බව පැවසේ.සාමූහික ලෙස ගොවිතැන් කල ඔවුන් උල් කරන ලද ලී දඩු ආධාරයෙන් පොලව හාරා බීජ වගා කර ඇත. ප්‍රාග් සම්භාව්‍ය යුගයේ පසුකාලීන අවධිවල ඔවුන් තමන් විසින් සොයාගත් නව ගොවිතැන් විධික්‍රම වන එකදිගට වගා කිරීමේ ක්‍රමශිල්ප, මාරුවෙන් මාරුවට බෝග වගා කිරීමේ ක්‍රමවගාවන් සදහා පොහොර භාවිතය, ගෘහ වගා බිම් ආදිය සිදුකර ඇත. 

එසේම සමහර ප්‍රදේශ වල සමහර කාලවල ඇතිවන වගුරුබිම්ද සිය බෝග වගාවන් සදහායොදාගත් බවද පැවසේ. මොවුන් වගා කල බෝග ලෙස බඩ ඉරිඟු, බෝංචි, අලිගැටපේර, ගම්මිරිස්, ගස්ලබු, අන්නාසි සහ කොකෝවා ප්‍රධාන වේ. මෙම කොකෝවා, ජලය හා මිරිස් ආදිය යොදාගෙන ඔවුන්ට ආවේණික චොකලට් පානයන්ද තනා ගෙන ඇති අතර කාන්තාවන් විසින් බඩ ඉරිඟු අඹරා එයද ජලය සමග මිශ්‍රකර atole ‍ලෙස හදුන්වන පානයක් හෝ පිසගැනීමෙන් කේක් එකක් වැනි ආහාරයක් තනාගෙන තිබේ. ඒවගේම ඔවුනගේ තවත් රසවත් බීමක් වී ඇත්තේbalche ලෙසින් හදුන්වන මීපැණි හා balche ගසේ පොතු මුසුකොට තනන පානයක් වන අතර මෙය බොහෝවිට ඔවුන් මධ්‍යසාරයක් ලෙස භාවිතාකරන්නට ඇතැයි සැලකිය හැක. 

හාවුන්,මුවන් සහ කළුකුමුන්ට ‍මායාවරු අනුකම්පාවක් නොදක්වා ඇති අතර එම සතුන් දඩයම් කොට මද ගින්නේ පුළුස්සා ආහාරයට ගෙන තිබේ. මතස්‍යයන්ද ඔවුන්ගේ ආහාරයේ කොටසක් වී ඇති අතර ගෘහස්ථව කළුකුමුන්, තාරාවන් හා බල්ලන් ඇතිකර තිබේ. 


මේ අවධියේ ඔවුන් ආහාර කල්තබා ගැනීමටද අමතක කර නැත. ඔවුන්ට ආවේණික ක්‍රමවේදයන් ඔස්සේ මැටි බදුන්වල ආහාර කල් තබා ගත් බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි තවමත් හමුවේ.

මායා පිරිමින් දඩයමේ හෝ මසුන් ඇල්ලීමේ හෝ ගොවිතැනේ නොයෙදෙන විට ඔවුන් ගල් ආයුද, මැටි පිළිම, පාශාන කැටයම් කිරීමේන් කරනු ලබන නිෂ්පාදන,කඹ, මළු හා පැදුරු ආදිය තනා ඇත. මායා කාන්තාවන් මැටි බදුන් පින්තාරු කිරීම,ponchos ලෙස හැදින්වෙන කබා විශේෂය ගෙතීමපිරිමින් අදිනා loinclothsනම් අමුඩයක් වැනි ඇදුම්දකාන්තාවන් අදින සාය ආදිය තනා ඇති අතර ඒවා කපු හාmaguey ශාකයේ පත්‍ර භාවිතාකර නිපදවාගෙන ඇත. එසේම ඔවුන් wild figශාකයේ ‍පොතු උපයෝගී කරගෙන කඩදාසිද තනා ගෙන ඇති අතර ඒවා මූලිකවම ඔවුන් භාවිතා කර ඇත්තේ උත්සව අවස්ථාවල භාවිතය සදහායි. ඔවුන් සතුව බර ඇදගෙන යා හැකි සතුන් හෝ රෝද සවිකල වාහන ආදිය නොතිබූ අතර පටු අඩිපාරවල් දිගේ tumplines ලෙස හැදින්වෙන ඔසවා ගෙන යන භාණ්ඩය දෙපසින් රැහැන් සවිකොට එය හිසේ හෝ පපුවේ එල්ලා ගෙන යන ක්‍රමයට හෝ ගලා යන දියපහරවල් දිගේ ගස්වල කදන් සාරා තනා ගත් dugout canoes යාත්‍රායොදා ගෙන භාණ්ඩ ප්‍රවාහනය කොටඇත.
 tumplines ආකාරයට බර ඔසවාගෙන යාම

dugout canoes යාත්‍රා සෑදීම
මුල් කාලීන මායාවරු ඥාතීත්වය පදනම් කරගත් නායකත්වයක් යටතේ ඒකරාශීව සිට ඇත. නායකයත්වය පරම්පරාවෙන් උරුමවූවක් වූ අතර එය පදනම් ඇත්තේ දේශපාලනික දක්‍ෂතාවයන් හා අදෘශ්‍යමාන අද්භූත බලවේග සමග සංනිවේදනය කිරීමේ හැකියාවන් මතයි. නායකයා සහ ඔහුගේ පවුලේ අයට එම ජනකොට්ඨාශයේ ප්‍රභූත්වයෙන් සැලකුම් ලබා ඇති අතර ඔහුට සහ ඔහුගේ සමීපයන්ට සමාජයේ ඉහල වරප්‍රසාදද ලැබී තිබේ. සමහර ජනාවාසයන් නායකයන් හෝ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුගෙන් සැදුම් ලත් මණ්ඩලයකින් පාලනය වී ඇති අතර එය දේශපාලනික හා ආගමික වශයෙන් ඒකරාශිව තිබී ඇත.

වෙනත් පැරණි ශිෂ්ඨාචාරවල කෘෂිකාර්මික ජනතාව සේ මුල්කාලීන මායාවරු කෘෂිකර්මය සදහා වූ දෙවියන් වැදුම් පිදුම් කර ඇති අතරම වර්ෂාව සදහා වූ දෙවියන් සහ පසුව වැදුම් පිදුම් කල බඩ ඉරිඟු සදහා වු දෙවියන් එයින් ප්‍රධානය. සිය දිවියේ සෑම දිනක්ම පාලනය කරන්නේ මෙම දෙවිදේවතාවන් බවට ඔවුන්ගේ තද විශ්වාසයක්ද තිබී ඇත. ඒ වගේම මායා නක්‍ෂත්‍ර විද්‍යඥයන් සූර්යයා, චන්‍ද්‍රයා හා ග්‍රහලෝක ආදිය ඇසුරෙන් නිර්මාණය කරගත් නක්‍ෂත්‍ර ගණනය කිරීම් හා එයින් සාදා ගත් ලිත් හා තාරකා විද්‍යාත්මක දිනදර්ශනද තිබින. මෙම නක්‍ෂත්‍ර විද්‍යාව මායාවරුන්ගේ ජීවිතය හා බද්ධව තිබී ඇති අතර එය නිසා සුභ ප්‍රතිඵල ගෙනදෙන බවට විශ්වාසය තිබී ඇති අතර ඔවුන්ගේ වගා කටයුතුවල සිට එදිනෙදා දිවියේ විවිද ක්‍රියාකාරකම් සදහා හා ඔවුන්ගේ යුදකටයුතු සදහාද එය බහුලව භාවිතා කර තිබේ.

පාලකයන් හා යටත් වැසියන් ජනාවාසයේ ඇති ප්‍රධාන ගොඩනැගිල්ලක් කේන්‍ද්‍රගත කරගනිමින් වාසය කල අතර ඒ බව දකුණු දිග උස්බිම් වල පිහිටි Kaminaljuyú(http://www.delange.org/Kaminaljuyu/K1.htm)Tikal(http://www.authenticmaya.com/tikal1.htm) හා මධ්‍යම පෙදෙසේ ඇති මිටියාවතක් වන Petén කැලෑ ප්‍රදේශවලදී දැක ගත හැකිය. පිරිමිඩාකාරයේ පස් ගොඩැලි  වල බොරළු අතුරා තැනූ අල්තාර හෝ සෙවිලිකල වහලකින් යුතු ගොඩනැගිල්ලකින් යුතු ‍දේවොලක් මෙම ජනාවාසයන්හි මධ්‍යයේ පිහිටා තිබූ අතර ඒවායේ සිටි පූජකයන් දෙවියන් වෙනුවෙන් බිලිපූජා ආදිය සිදුකොට තිබේ. ප්‍රාග්සම්භාව්‍ය යුගයේ පසුකාලීනව මායාවරු ගොඩනැගිලි පාශාන යොදාගෙන ඉදිකිරීමට වැඩිවශයෙන් පෙලඹී ඇත.
Unxcavated Temples Mounds. Kaminaljuyú,
Guatemala City, Guatemala
 මෙම ප්‍රාග්සම්භාව්‍ය යුගය තුල පැරණි මායාවරුන්ගේ මූලික ලක්‍ෂන ස්ථාවර මට්ටමකට පත්ව ඇති අතර මෙම යුගය තුල ඔවුන් අති දැවැන්ත පිරමීඩ තැනීමට පවා සමත්ව ඇති අතර ග්වාතමාලාවේ මිටියාවතක් වන El Mirador හි තනා ඇති පිරමීඩය මායාවරුන්ගේ දැවැන්තම ඉදිකිරීමක් වන අතර එය සම්භාව්‍ය යුගය අයත් වන ක්‍රි.. 400 පමණ වන විට එය ප්‍රධාන ජනාවාසයක්ව පැවත තිබේ. එසේම ඔවුන් මෙම කාලයේදී Obsidian  නම් ගිනිකදු ආශ්‍රිත මෘදු පාශානයකින් තනා ගත් අවිආයුද හා මෙවලම් El Mirador හා පැසිෆික් පහත් බිම් වන Chiapas හා ග්වාතමාලාවේදී හමුවී තිබේKaminaljuyú උස්බිම් ප්‍රදේශය මායාවරුන්ගේ ප්‍රබල ජනාවාස බිමක් වන අතර එය පහත්බිම් වල ජනාවාසයන් සදහා හා සැපයුම් පාලනය කල ප්‍රදේශයක් බවද පැවසේ. එසේම එය වෙලද මාර්ගයන් පාලනය කරන මධ්‍යස්ථානයක් ලෙසද පැවති බව ඉතිහාසඥයන් පවසයි.
El Mirador

මායා ශිෂ්ඨාචාරය ගැන තව කිවයුතුදේ බොහෝය. ඒ ගැන දෙවන කොටසේදී බලමු...

Saturday, July 30, 2011

දුර්ලභ දියකිදුරියකගේ වීඩියෝවක් දකිමු



ප්‍රතිචාරයන් දක්වන්න

මෛත්‍රී බෝසතුන්ව සහ නාථ දෙවියන්ව හඳුනාගනිමු



මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ගැන බොහෝ අයුරින් මෑත කාළයක සිට ලක්දිවෙහි සමාජ කතිකාවතක් ඇරඹී තිබේ…අවාසනාවකට, මේ කතිකාවත හට ගැන්මෙහි ලා පාදක වූ සිද්ධි දාමයන්ගෙන් බොහොමයක්, අභූත වූ, බුදු දහමට පටහැණි, පෞද්ගලිකත්වය ඉස්මතු කොට ගැනීම සඳහා දියත්ව පවතින ප්‍රෝඪාකාරී වැඩසටහන්ය…සමාජයෙන් මිථ්‍යා දෘෂ්ඨිය සහ මිසදිටු මතවාද නිසා හට ගන්නා සූරා කෑම් සහ වංචා තුරන් කළ යුතු, ඉතා වැදගත් මොහොතක, මෙවැනි දෙයින් සමාජය යළිත් අඳුරු නරා වළකට ඇද දමන්නට කැස කවන පුද්ගලයන්, එයට මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ වැනි අතිශය දැවැන්ත අධ්‍යාත්මික ප්‍රතිරූපයක් ඒවායේ ගා ගැනීම නිසා, ථේරවාදයේ එන සැබෑ මෙත් බෝසතුන් කවුදැයි හඳුන්වා දිය යුතුව තිබේ…
බෝධි සත්වයෙකු බවට කෙනෙකු පත් වන්නේ කෙසේද?…
දීඝ නිකාය සහ මජ්ජිම නිකාය මේ පැණය විෂයෙහි බලවත් පැහැදිලි කර ඇත….අති පූජ්‍ය රේරුකාණේ චන්දවිමල නා හිමිපාණන් වහන්සේද, හෑගොඩ විපස්සී නා හිමියන් වහන්සේද, ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේද, මේ බුද්ධත්වය කරා යන ගමන ඉතාම ව්‍යක්ථ ලෙස විග්‍රහ කොට ඇත…අද අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ, ඒ මහා ශාසන සිංහ රාජයන් තිදෙනාගේ විමර්ශණයන් ඇසුරින් අප නිරවුල් කර ගෙන පෙළ ගස්වා ගත් කරුණු කාරණාය…මේවාට අමතරව අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහ සංඝ රාජයාණන් වහන්සේද මෛත්‍රී බෝසත් චරිතය ගැන දහම් පාසැල් පොත් වලට හෙම සපයා ඇති කරුණුද මේ සඳහා උපයෝගී කර ගතිමි…අප දහම් පාසැල් ඇසුරේ සහ මෙවැනි මහ තෙර වරුන්ගේ දහම් දැනුම ඇසුරේ බොහෝ කළක් ගත කල නිසා, සමාජයේ කොයි කවුරු රැවටුණත්, අපව රවට්ටා ගන්නට නම් බොහෝ දෙනෙකුට බොහෝ දුෂ්කර වනු ඇත…මෙනිසාම වංචාව, ප්‍රෝඪාව හෝ පුද්ගලික බල ව්‍යාපෘතීන් දුටු තැන, සෘජුව ඒවා පෙන්වා දීමේ හැකියාව අප සතු ඇති බව ඉතාම නිහතමානීව පවසමු…
බෝධිසත්ව වරයෙක් සර්ව සම්පූර්ණ “බුද්ධාංකුර” චරිතයක් වන්නේ, “අභිනිහාර විවරණය” හෙවත්, තවත් සම්මා සම්බුදු වරයෙකුගෙන් ලබා ගන්නා “පළමු බුද්ධ නියත විවරණය” ( “මේ තැනැත්තා මතු බුදු වෙනවා” යැයි බුදු වරයෙකුගේම ශ්‍රී මුඛයකින් දේශනා කරවා ගැනීම…) ලැබූ තැන් සිටය…නමුත් මේ පළමු අභිනිහාර විවරණය ලබන්නට මත්තෙන්, බෝධි සත්වයෙකු වන්නට සම්පූර්ණ විය යුතු කාරණා දෙකක් තිබේ…ඒ වූ කලී,
1. මනෝ ප්‍රධානිය – යම්කිසි කුසලයක් රැස් කරගෙන, හෝ යම් කිසි බුදු රුවණක් කෙරෙහි බලවත් පැහැදීමෙන්, තමන් හටද මෙලෙසින් බුද්ධත්වයට පත් වන්නට ලැබේවායි ප්‍රාර්ථනා කර සිටීම…මෙය සිත මූලික කර ගෙන කෙරෙන්නක් වන අතර, බුදුකුරු ගමනේ පළමු පියවරද මෙයයි…
2. වචී ප්‍රධානිය / වාචසික ප්‍රධානිය – එලෙස කුසල් රැස් කරගෙන, ලොවුතුරා බුදු මගට බැස්සායින් පසුව, තමන් බුදු බව පතන බව කටින් යම් කිසිවෙකුට හෝ පිරිසකට හෝ ප්‍රකාශ කර සිටීම…
මේ පියවරයන් දෙක සම්පූර්ණ වූ පසුව, තවත් බොහෝ කාළයක් කුසල් වඩා, විශාල කැප කිරීමක් කර තැනේදි, ඒ තැනැත්තාට සම්මා සම්බුදු වරයකු මුණ ගැසී, “ප්‍රථම බුද්ධ විවරණය” හෙවත්, නියත වශයෙන්ම බුදු වන්නේයැයි දෙනු ලබන “නියත විවරණය” ලැබෙනු ඇත…අප ගෞතම බුදු පියාණෝ නියත විවරණ ලැබුවේ, සුමේධ තවුස්ව සිටි සමයේ “දීපංකර” බුදු රජු පාද මූලයෙහිය..
මෛත්‍රී බෝසතුන් වහන්සේ “රත්නමලල” නම් පිරිවැජිව ඉපිද, “මුහුර්ථ” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අභිමුඛයෙහි “ප්‍රථම බුද්ධ විවරණය” ලැබූ සේක…
අභිනිහාර විවරණයක් ලැබීම සඳහා සම්පූර්ණ විය යුතු කරුණු වන්නේ :
සංයුක්ත නිකායේ “ඔක්ඛන්ථි” සංයුක්ත කොටසේ එන මෙම ගාථාවෙන්, බෝසත් වරයෙකු අභිනිහාර විවරණය ලැබීම සඳහා, “එම විවරණ ලබන භවයේ” සම්පූර්ණ කොට ඉපදිය යුතු කරුණු 8 ක් ගෙන හැර දක්වනු ලැබේ…
මනුස්සත්තං ලිංග සම්පත්ති -
මිනිසෙකු වී, මිනිස් යෝනියක ඉපදීම..( යෝනිය යනු ප්‍රජනක අවයවයටම නොවේ..පාලියෙන් “යෝනි” යනු “ජීවි විශේෂය” ලෙස නූතනයේදී දත යුතුය…)..එමෙන්ම මෙහිදී “ලිංග” සම්පත්තිය ලෙස හඳුන්වන්නේ “දිගු ලිඟුවක්” සහිතව ඉපදීමයි..එවැන්නක් කාන්තාවන්ට නොමැති හෙයින්, පුරුෂයෙකුව ඉපදීම බව දත යුතුය…
හේතු සත්ථාර දස්සනං -
“හේතු” යනු, එම අභිනිහාර විවරණය ලබන භවයේදීද ඇවැසි නම් බවුන් වඩා අර්හත් ඵලයට පත් වීමට ඇවැසි “ත්‍රි හේතුක” පටි සන්ධි සහිතව ඉපදීමයි…බුද්ධාංකුර වූ අයෙකු මොන තරම් උතුමෙක්දැයි මෙයින්ම වටහා ගත හැක…එම භවයේම නිවන් දැකීමේ ශක්තිය තිබියදීත්, නිවන පෙනි, පෙනීත් සසර කතරේ සැරිසරන සත්වයා උදෙසා, ඒ අතට පත් නිවනත් අත් හැර ඉතා ඝෝර වූත්, දුෂ්කර වූත් ගමනක් බෝසත් වරු යති..එවැනි බෝසත් වරුන් විකුණාගෙන කන්නට පෙළඹෙන අය කර ගන්නේ මොන වගේ පවක්දැයි “ඇම තම නැණ පමණින්” දැන ගත යුතුය…
“සත්ථාර දස්සනං” යනු සම්මා සම්බුදු වරයෙකු එම භවයේදී මුණ ගැසීමයි…
පබ්බජ්ජා ගුණ සම්පත්ති -
“පබ්බජ්ජා” යනු “පිං” සහ “පව්” දෙක නිවැරදිව විශ්වාස කරන, ඒවාට නිවැරදි නිර්වචන දෙන පිරිවැජි කුළයක, ඒ බුදු විවරණ ගන්නට යන ඇත්තා මහණ වී සිටිය යුතුය…මිථ්‍යා දෘෂ්ඨික දහමක පූජක වරයේ ඉන්නා අයට කිසි විටකත් අභිනිහාර විවරණය නොලැබේ…”ගුණ සම්ප්පත්ති” යනු අෂ්ඨ සමාපත්තියට සම වැදී සිටීමයි…
අධිකාරෝ ච ඡන්දතා -
“අධිකාරෝ” යනු ඒ බුදුකුරු පිරිවැජියා, තම ජීවිතය හෝ කය පරිත්‍යාගයෙන් දානයක් දීමට සූදානමින් සිටීමයි…දීපංකර බුදු රදුන්ට මඩ වගුරෙන් එතෙර වීම සඳහා, තම සිරුර ඒ දණ්ඩක් ලෙස මඩෙහි වැතිරවූ “සුමේධ” තවුසාණන් සිහි කර ගන්න…
“ඡන්දතා” යනු සම්මා සම්බුදු වරයෙකු වීම මිස වෙනත් අරමුණක් නැතැයි, ඉතාම දෘඪව ඒ අරමුණෙහි එල්බ සිටීම, සහ සෘජු අවසාන ඉලක්කය එයම වීම…
අට්ඨ ධම්ම සමෝධානා – අභිනීහාරෝ සමිජ්ඣ – මේ අෂ්ඨ දහමට සම වදින්නෝ අභිනිහාර විවරණය ලබා ගන්නාහුය…
බෝධි සත්වයෙකුට, බුදු බව ලබන මොහොතේ මාර බලවේගයට, නොහොත් “ශක්ති මාරයාගේ සෙනඟට” දස ආකාරයකින් මුහුණ දීමට සිදුවේ…මේ චෛතසික වූ මාර ශක්තීන් 10 ට අප “දස බිම්බර මාර සෙනඟ” යනුවෙන් කියමු…දස බිම්බර මාර සෙනඟ කවුරුද?…
කාමය
අරති උච්චති – ධර්මයේ හැසිරිමට අකමැත්ත
කුප්පි පාසති – බඩගින්නත්, පිපාසයත්
තන්නහව – ප්රියදේට ආසා කිරිම
තීනමිද්ධය – නිදිමත, අලසකම
බය
සැකය
දැඩි ගතිය, එකට එක කිරිම, අනුන්ගේ ගුණ මකු බව
තමාව හුවා දැක්වීම, අනුන්ව හෙලා දැක්වීම
වැරදි ක්‍රම වලින් කීර්ති ප්‍රසංසා සේවීම
යන මේ දහය “දස බිම්බර මාර සේනාවයි..”…බුදු වරයෙකු, මේ මාර සේනා දහයට පහර දීම සඳහා, අභිනිහාර විවරණය ලැබූ මොහොතේ සිට, බෝ මැඩ වජ්‍රාසනයේ “භද්‍ර පර්යංකය” දක්වාම, සුවිශේෂී ” අවි 10 ක්” මුවහත් තබමින් යති…පාරමිතා වැඩීම නොහොත් “දශ පාරමිතා සම්පූර්ණ කිරීම” ලෙස අප කියන්නේ මෙයටයි..( මාර සේනා 10 ට, පාරමිතා 10 ක් උපරිමයට දියුණු කිරීමෙන් පහර දීම..)…ඒ පාරමිතා 10 මොනවාදැයි දැන් අප බලමු…
දාන
ශීල
නෙක්ඛම්ම
පඤ්ඤා,
වීර්ය
භක්ති
සච්ච
අධිට්ඨාන
මෛත්‍රී
උපේක්ඛා
යනු “මාර සෙනඟ” මඩින තියුණු අවි 10 යි..නමුත් මේ 10 ය පාරමිතා වශයෙන් පමණක් සම්පූර්ණ කරන කෙනෙකුට හැකි වන්නේ අර්හත් ඵලය ලැබීමට පමණයි…සම්මා සම්බුදු වරයෙකු වන්නට යන කෙනෙක් මේ පාරමිතා 10 තෙවැදෑරුම් අයුරකින්, එනම් සමස්ථයක් ලෙස 30 ආකාරයකින් ( එකක්, ප්‍රභේද තුනක් ලෙස ) සම්පූර්ණ කර යුතු වේ..එය අතිශය දුෂ්කර කාර්යයකි…ඒ ආකාර 3 වන්නෙ : පාරමිතා, උප-පාරමිතා, පරමත්ථ පාරමිතා යන අයුරිනි…
…බෝධි සත්වයන් වර්ග….
පාරමිතා පුරණ ආකාරය, විවරණ ලබන ආකාරය හා ඒ සියල්ලටම වඩා, බුදු වන්නට යන ගමනේ “අරමුණු සිතිවිල්ල” පෙරදැරි වන ආකාරය අනුව බෝධිසත්වයන්ද වර්ග තුනකි…
1. ප්‍රඥාධික බෝසතුන් වහන්සේලා – ( අප ගෞතම බුදු රජු අයත් වන කොටස ) මෙවැනි බෝසත් චරිත පාරමිතා පුරන්නේ “සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකි”..එනම් අසංඛ්‍ය කල්ප ලක්ෂ 4 කි…උන් වහන්සේලාගේ “ප්‍රඥාව ප්‍රමුඛය, අධිකය…වීර්යය මධ්‍යමය…ශ්‍රද්ධාව මඳව පවතී”…
2. වීර්යාධික බෝසතුන් වහන්සේලා – ( මෛත්‍රී බෝසතුන් වහන්සේ අයත් වන කොටස ) පෙරුම් දම් පිරීම 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයකි…( අප මහ බෝසතුන් මෙන් 4 ගුණයකි..)..වීර්යය ප්‍රමුඛය…ශ්‍රද්ධාව මධ්‍යමය…ප්‍රඥාව මඳව පවතී….
3. ශ්‍රද්ධාධික බෝසතුන් වහන්සේලා – පෙරුම් දම් පිරීම 8 අසංඛ්‍ය කල්ප ලක්ෂයකි ( ගෝතම බෝ සතුන් මෙන් දෙගුණයකි….කාශ්‍යප බුදු හිමියන් මේ කොටසට අයත් වේ…) ශ්‍රද්ධාව අධිකය…ප්‍රඥාව මධ්‍යමය…වීර්යය මඳය….
මේ තුන් වර්ගයේ බෝසතුන් අවසානයේ බුදු වූ පසුව, ඒ බුදු වරයන් වහන්සේලාගේ “බුදු ගුණෙහි” හෝ දෙසන ධර්මයෙහි කිසිදු අඩු වැඩි වීමක් නැත…දෙසනුයේද එකම අමා සත්‍යය වේ…නමුත්, පාරමිතා පුරමින් යන කාළය හා ඒ කාලය පුරාවට පුරන පාරමී දම් වල, එක් රැස් කර ගන්නා කුශල ශක්තිය අනුව, “බුද්ධ තේජස, බුද්ධ ආයුෂ, බුදු සිව්වණක් පිරිසේ සංඛ්‍යාව, බුද්ධ අණ පවතින සක්වළ තලය” ආදී දේ වෙනස් වේ…අඩු වැඩි වේ…
මෙන්න අපේ මෛත්‍රී බෝධිසත්වයෝ…..
මෛත්‍රී බෝසතුන්, අප පෙර කී පරිදි කප් ලක්ෂ 16 ක් පෙරුම් පුරාගෙන එන, අති දැවැන්ත කුශල කඳක් සහිත බල සම්පන්න උතුමෙකි…මෛත්‍රී බෝසතුන්ගේ “පූර්ව බුද්ධ දිව්‍ය භවය” නොහොත් බුදු වීමට පෙර ලබන අවසන් දිව්‍ය භවය දැන් ලැබී ඇතැයි, ධර්ම පොත පත සඳහන් කරති…ඒ දිව්‍ය භවය අතිශයින් බල සම්පන්න එකකි…
මෛත්‍රී බෝධි සත්වයන් අපේ ගෞතම බුදු පියාණන්ට හමුවූයේ කෙසේද? කවදාද?…මේ පැණයට පිළිතුරු, අප සැරියුත් මහ රහතන් වහන්සේගේ ඇරයුමෙන්, ගෞතම බුදු පියාණෝ, එදා සංකස්ස පුරයේ ජනතාවට දෙසූ “අනාගත වංශ” දේශනාව, නොහොත් “අනාගතය දකිනා මහා සිංහ නාදය” ඇසුරින් පැහැදිලි කරමු…
බුද්ධත්වයෙන් පසුව 7 වැනි වස් කාළය, ගෞතම සම්මා සම්බුදු පියාණෝ වැඩ වෙසෙන්නේ “තාවතින්ස” දිව්‍ය ලෝකයේය…ඒ “මාතෘ දිව්‍ය පුත්‍රයාණන්ට දම් දෙසනු වස්ය..”..එසේ වැඩ විසූ බුදු පියාණෝ ඉක්බිතව, මහා පෙළහරකින් ,රන් හිණි පෙතක් මවා, දඹදිව සංකස්ස නගරයට සැපත් වන විට, ඒ සංකස්ස පුරවරයෙහි “සිරිවර්ධන” නම් මහ සිටු පුත්‍රයකු ව ( වත්මනේදී, මෛත්‍රී බුදුන් ලෙස ව්‍යාජයෙන් පෙනී සිටින, ලක්දිව දකුණේ “සිරිවර්ධන” නම් විහිළු කාරයා ඒ නම උකහා ගෙන ඇත්තේ මෙතැනිනි…) සිටි මෙත් බෝසතුන්, අප ගෞතම බුදු පියාණන් වෙත ආරාමයක් පුදාලූහ…එවිට ඒ පිළිගත් ගෞතම බුදු රජාණෝ, රැස්ව සිටි සියළු පර්ශත් කැඳවා, “මේ මතු මත්තෙහි “මෛත්‍රී” නමින් ලොවුතුරා බුදු බවට පත්වන, මහා බෝසතුන්ය” යනුවෙන් එතුමන්ව හුවා දක්වා ලූ සේක…මෙවිට ඉදිරිපත් වූ සැරියුත් මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි, එපවත් දෙසුව මැනවැයි” ඇරයුම් කළ හෙයින්, බුදු රජාණෝ ” අනාගත වංශ” සූත්‍ර දේශනාව ගෙන හැර පෑ සේක…
මේ අනාගත වංශයට අනුව “16 අසක් කප් ලක්ෂයක් පෙරුම් දම් පිරීම නිසා අතිශය දැවැන්ත කුශල සම්භාරයක් ගෙන බුදු වන මෛත්‍රී බෝසතුන්ගේ බුද්ධ තේජස අනගිභවනීය ය…උන් වහන්සේට අසූ රියන් උස ශරීරයක් ලැබේ…වසර 120,000 ක ආයුෂ කාළයකි…ඒ මෙත් බෝසතුන් බෝ මැඩ හිඳ සිටිනු දුටු විගසම, “සටනක් නොකොටම මාරයා පැන දුවන්නේය…”, අනාගතයේ දඹදිව පහළ වන කේතුමති නම් මහා සශ්‍රීක රාජධානියේ, “සුබ්‍රහ්ම” නම් බමුණු පඬිරුවනට සහ “බ්‍රහ්මවතී” බැමිණියට දාව උපදින, මහා පින්වන්ත “සුදස්සන බ්‍රහ්මවර්ධන” කුමරුවන්, වයස 18 පැමිණි විට “ගිහි ගෙයින් නික්මෙමැයි” සිතන මොහොතේම, රන් පළඟක් ආකාශයෙන් පා වන්නා සේ, උන් වහන්සේ වැඩ සිටිනා විමාන සඳළු තලයද කැටිව ආකාශයෙන්ම ගොස් “නුග” රුක බෝ මැඩ, “අපරාජිත පර්යංකයෙහි” පිහිටුවනු ලබති…මාරයා සටන් වදින්නට තබා, ඒ මෛත්‍රී බුද්ධ තේජස හමුවේ කෙළින් සිට ගත නොහැකිව, පැන දුවති…මේ තිස් දහසක් සක්වළ තල, කම්පා කරවන මෛත්‍රී බුද්ධත්වයයි…
මේ සා මහත් පින් බල ඇති මෙත් බෝසත් උතුමෝ දැන් “තුසිත” විමාණයෙහි, අසූ යොදුනක් උසැති දිව්‍ය ශරීර සහිතව, කිසිදු දෙවියෙකුට හිස නොනමන, සියළු දෙවියන් නමස්කාර කරන, බලසම්පන්න දෙව් පුතෙකුව වැඩ වෙසෙති..
මෛත්‍රී බෝසත් දෙව් රජු “නාථ” දෙවියෝද?…
ඉතාම පැහැදිලිව ඉහත පැණයට දිය හැකි පිළිතුර “නැත” යන්නය…මෛත්‍රී බෝසතුන් ගැන රේරුකාණේ චන්දවිමල මහ නා හිමි, හා මඩිහේ මහ නාහිමි කළ සියළු විග්‍රහයන් වල සඳහන්ව ඇත්තේ, ” ඒ මෛත්‍රී බෝසත් දෙව් රජුගේ නම “මහා සංතොඨ්ඨික නොහොත් මහා සංතොෂින දිව්‍ය රාජයා” යන්න බවය…
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට යම් පුද සත්කාරයක් කරන්නේ අපේ රටේ විතරක්ම නොවේ…ථේරවාදය, අපටත් වඩා නිවැරදිව පිළිපදින මහ තෙරවරු සිටින, බුරුමය, තායිලන්තය, කාම්බෝජය වැනි රටවලද මේ “සංතොෂින” දිව්‍ය රාජයාට මහත් සැළකිල්ලක් ඇත…එහෙත් මතක තබා ගත යුතුය…”මහායාන හා වජ්‍රයාන ” සම්ප්‍රදායන් වල මෙන්, “ථේරවාදී” බෞද්ධ අපි “බෝ සත් වරුන් පුදන්නේ හෝ යදින්නේ නැත…”…
ඔබ කාම්බෝජය, සියම් දේශය වැනි ථේරවාදී සම්ප්‍රදායන් සහිත රටවල්, ජපානය, චීනය හා කොරියාව හා සසඳා බලන්න…ඔබ දකින මහා වෙනස කුමක්ද? දෙවැනුව කී රටවල, සෑම විහාරස්ථානයකම “යැදුම් හල්” ඇත…ඒ අය මෙත් බෝසතුන්ගේ පිළිම තනාගෙන ඒවාට යදිති…එතුළින්, ඔවුන් නොදැනුවත්වම “ශාස්වථ වාදී” ග්‍රහණයකට හසුවේ…
බලන්න…කොපමණ උත්සාහ කළත් මිෂනාරීන්ට “ථේරවාදී” තායිලන්තයේ, බෞද්ධ පදනම බිඳින්නට නොහැකි විය…ඒ එතැන “දේව වාදී පිදිලි” වලට ඉඩ නැති නිසාය…ඒ අයට “නත්ථි මේ සරණං අඤ්ඤං…බුද්ධෝ මේ සරණං වරං” වන නිසාය…
නමුත් දකුණු කොරියාවේ?…දුටුවාද, දේව වාදි ඇදහිල්ලක් “බෝසත් වෙසින්” හෝ ගෑවී ගෙන සම්ප්‍රදාය අස්සට රිංගා ගත්තොත් වෙන විපතක තරම?….බුදු දහම පිළිපදින තැනැත්තාගේ “අධ්‍යාත්මික” කොටසටද මෙය “ඌණනය” වන්නේ? යනුවෙන් විමසින්, ඒ අයට “ඕල්කට්” බෞද්ධයන් යැයි නිග්‍රහ කරමින්, කෙස් පැලෙන තර්ක දාන ඇත්තන්ට, තමන් කරන මහා “පදනම්” විනාශය නොපෙනී යාම කණගාටුවකි…
“බුදු දහමට” පහර වදින්නේ හෝ වැනසී යන්නේ, ඒ දහම අධ්‍යාත්මික ශාන්තියට යොදාගෙන, ආර්ථික විද්‍යාවට බටහිර දැනුම යොදා ගන්නා ඇත්තන්ගෙන් නොවේ…බුදු දහම “ජීවන මගක්” යැයි කියා ගත්තත්, එහි “අදේව වාදී ශ්‍රද්ධාවට” කවර වෙසකින් හෝ “දේව පූජා, දේව සබඳතා, සහ රැකවරණය සහ පිහිට උදෙසා “දේව ඇදහිලි” එකතු කරන අය අතින්මය…”
……..එහෙනම් කවුද මේ “නාථ දෙවියෝ”?……..
මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ඉතා සුවසේ තුසිතයෙහි වැඩ වෙසෙන අතරේ, මේ අපේ රටේ කන්ද උඩ රට රාජධානියේ, සිරි දළදා සෙවණේම දේවාලයක් කරගෙන, පැළපදියම් වූ “නාථ” දෙයියෝ කවුද?…මේ “නාථ” නම් දෙවියන්ට, කතරගම දෙවියන් උදෙසා කැප කළ “ඇම්බැක්ක” දේවාලයේ, දේවාල සන්නස් වල “කිරි රජ්ජුරු බණ්ඩාර” යන නම භාවිතා කරයි…
“බණ්ඩාර” ලා කිව්ව ගමන් අපේ මතකයට එන්නේ උඩරට රදළයන්ය..මේ රදළයන් හට ඇති කුල ගර්වය හා “වැඩවසම්” භීෂණය නිසා, ඒ, ඒ ගම් වැසියන්, මොවුන් මිය ගිය පසුව, ඉතිරිව සිටින වලව් කරුවන්ගේ සෘජු හෝ වක්‍ර නොමඟ යැවීම් මත, මොවුන්ව දේවත්වයට නඟති…”64 ක් බණ්ඩාරලා දෙවිවරුන් වන්නේද, ඒ 64 ම රජ්ජුරු බණ්ඩාර දෙවිවරු වන්නේද” මෙන්න මේ කරුණ නිසාය…බලන්න, දකුණු පළාතේ, මේ බණ්ඩාරලාට වඳින දේවාල නැත…තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ, හිනිදුම, “ගැටබරුව” නම් ප්‍රදේශයේ පමණි…එතැන වැඩ ඉන්නා දෙවියාත් “බස්නාහිර රජ්ජුරු බණ්ඩාර” නොහොත්, උඩරට තදින්ම වැඳ පුදන “දැඩි මුණ්ඩ” දෙවියන්ය..ඒ දෙවියන්ව ඇඳ ඇති ආකාරය බලන්න…ඒ රූප කායන්ගේ තියෙන්නේ මොනවාද…උඩරට “නිළමේ” සූට් එකම නොවේද?…මෙන්න මෙතනයි ලාංකික “දේව සංකල්පයක්” නොහොත් “ආත්ම වාදී” දේව සංකල්පයක් නිර්මාණය වන තැන…
අප එයට “ආත්මවාදී” දේව සංකල්පයක් කියන්නේ ඇයි? අපේ බෞද්ධ දෙවිවරුන් “පොල් ගැහුවාම මිනී මරන්නේ වත්, බුලත් කොලේ තියා දික් කරන ශත 10 ගෙන අනාගතය කියන්නේ වත්, වස් කවියට අත පය කඩන්නේ වත් නැත…”..ඒ සියළු මිථ්‍යා බහු බූත, ඉන්දියාවේ , හින්දු දහමෙන් කාන්දු වූ “ආත්මවාදී” දෙවි වරුන්ගේ ක්‍රියා කාරකම්ය….අපේ සමදිටු බොදු දෙවි වරුන් හෙවත් “දේවතා සංයුක්තයෙහි” එන දෙවියන් සිටින්නේ අපට බොහෝ දුරින් වන අතර, ඒ ඇත්තන් මිනිස් සහවාසයකට එන්නේත් “බුදු රුවණක්” හෝ ” මහ රහත් රුවණක් ” මුණ ගැසෙන්නටය…අපේ බෞද්ධ දෙවියෝ අපිට සිතා ගත නොහැකි අන්දමේ සැප විඳින, අතිශයින්ම කයින් සහ මනසින් දියුණු වූ දෙවියන් විනා, මේ “මකුලු දැල් බැඳිච්ච දේවාල වල, පහන් දැල්ලෙන් කළු වූ පරාල උඩට වී, සෙවල, පෙඳ, පාසි බැඳුණු පඩි පෙළවල් වල බඩ ගාගෙන මෝඩ මිනිසුන් ඇවිත් පූජා වට්ටි දික් කරන කල් බලා ඉන්නා” බහිරවයන් නොවේ…එවැනි ලක්ෂණ අවාසනාවකට බුදු සමයට කාන්දු වූයේ, “ආත්මවාදී” හින්දු බහු දේව සංකල්පයන්ගෙනි…
අපේ බොදු දෙවිවරුන්ගෙන් මහේශාක්‍ය වූ දෙව් කොටස් වලට ඇත්ත වශයෙන්ම අපේ පිං අනවශ්‍ය බවට දේවතා සංයුක්තය සාක්ෂි දරති…ඒ ඇත්තන් මහේශාක්‍ය වී සිටින්නේ, භවයන් ගණනාවක් මුළුල්ලේ “ජීවිත පරදුවට තබා” රැස් කළ මහ පිං නිසාය…අල්පේශාක්‍ය දෙවියන් නම් අපේ පිං වලින් සුළු කොටසක් අනුමෝදන් වන අතර, එසේ අනුමෝදන් වී අපට “සෙත් පැතීම” කරති….මේ හැර “ආටානාටිය” වැනි මහ පිරිත් තුළින් දෙන පණිවිඩයෙන් “බලවත් අමනුෂ්‍ය” බියක් අපට හිංසා කරන විට, මේ මහේශාක්‍ය “නිවැරදි” දෙවියන්, උන්ව අල්ලා ගෙන එලවා දමති…ඒ නැතුව, ඒ සසර පුරා හුරු කළ පිං බල මහිමයෙන් පිරුණු දෙවි රජවරුන්ට දෙන්නට “අමුතු පිං” අපේ වාහෙලා ළඟ නැත…
මේ “නාථ” යන දෙවියාද, ඒ වගේම “ජනතා ගෞරවය හා කුල බලය” නිසා දෙවි වූ රදළයෙකි…මේ නාථ නොහොත් “කිරි රජ්ජුරු බණ්ඩාර” දෙවියන්ට වඳින වැඳුම් හෝ පුදන පිදුම් අප “සෙංකඩගල රාජධානියෙන්” ඔබ්බට අසා නැත…( මෛත්‍රී බෝසත් දෙව් රජුට යම් හරසරක් දැක්වීම නම් අප වසර 2000 ක පමණ කාළයක් තිස්සේ සිදු කළත්, “නාථ” නම් දෙවියෙකු එයට ආරෝපණය වුණේ පසුව නොවැ…).. “සෙංකඩගල රාජධානිය” යනු ලක්දිව බුදු සසුන දරුණු ලෙසටම පිරිහුණු, සහ ඒ පිරිහීම මත පිනුම් ගැසූ “බුදු සමය විකුණා කන” සියළු වර්ග වල “මිථ්‍යාවන්ගේ” තෝතැන්නකි….
ඇත්ත වශයෙන්ම “සිංහලයාගේ” පරිහාණිකර සාධකය ලෙස පෙන්විය හැකි රාජධානිය කන්ද උඩරට අවසාන රාජධානියයි.. එවැන්නකින් බිහිවන දේව විශ්වාස වල තරම සිතා ගැනීම, බුද්ධිමතුන්ට භාර කරුණකි….රදළයන් යහපත් මිනිසුන් ලෙස දිවි ගෙවන්නේ නම්, ඔවුන් අනිවාර්යෙන්ම දේවත්වයට පත්වනු ඇත…එහෙම වීම ගැන කිසිදු ගැටළුවක් නැත…නමුත් අප ඉහත දි ඉතා පැහැදිලිව හඳුන්වා දුන් පිනෙන් පිරී “පූර්ව බුද්ධ භවයේ” සිටින “මහා සංතොෂින දිව්‍ය රාජයා නොහොත් සංතොසින දෙව් රජු”, “නාථ” දෙවියන්ට ආදේශ කළ නොහැක…”නාථ” නමින් දෙවියෙකු සිටියේ හෝ නොවේවා, ඒ “හටන් සහ හබ” ඇති කර ගන්නා, නින්ද ගම් ලියවිලි ප්‍රකාරව, “නැදුන්ගමුවෙන්” කන්ද උඩරටට පලා ආ ( මේවාත් එවකට සිදුවූ ඓතිහාසික සිද්ධි ඇසුරෙන් නිමැවුණු ජන ප්‍රවාදය…) “නාථ දෙවියන්” ( බෝසත් වරු පලා නොයති…), මතු මත්තේ බුදුවන 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරාලූ අපේ මෛත්‍රී බෝධි සත්වයෝ නම් නොවෙති…
….මෙත් බෝ සත් වත් කෙලෙසන විකාර….
මේ ඉතාම මෑත කාළයක සිට අපේ රටේ ඉන්නා මහා බුද්ධිමත් ජනතාවට මඟ පෙන්වන බව කියන අයටත් අමුතු රෝගයක් සෑදී ඇත..ඒ “මෙත් බෝසතුන්ව” මාකට් කර ගැනීමයි…
දකුණේ සිරිවර්ධන නම් මානසික රෝගී තත්වයක් ඇත්තෙකු පහළ වී, “තමා මෛත්‍රි බුදුන් ” යැයි කියා ගෙන, බොහෝ ජනතාව නොමඟ යවති…අපේ ඇත්තන් ද ” සාදු” කියාගෙන එතනට දුවති…කොළඹට නුදුරු එක් තරා “වායු සමණය” කළ, කුඩා “ලක්සරි” ආරාමයක් සාදාගෙන සිටින චීවර ධාරියෙකු, මෛත්‍රී බෝධි සත්ව වන්දනාවක් කරයි…ඒකත් කදිම බිස්නස් එකක් වී ඇති බව එහි යන්නෝ කියති…ඔය අස්සේම, සෙල්ල කතරගම සිට මුළු රටටම, අමු, අමුවේම බොදු විරෝධී “ශාස්වථ” මිසදිටුව බෙදන “විෂ්ණු – ලක්ෂ්මී” දේවාල ජාවාරමේද, එක කුටියක “මෛත්‍රී බෝසතුන්ව” විකිණෙති…
වඩාත් හිනා යන වැඩේ වෙන්නේ, “නාථ” දෙවියන් යනු අපේ “මෛත්‍රී බෝසතුන්ය” යනුවෙන් රටේ ඇති දුර්මතය, ඒ අයුරින්ම ග්‍රහණය කර ගත් ( හෝ උවමනාවෙන්ම එය එසේ නොවන බව දැන, දැනත් එලෙස අල්ලා ගෙන සිටින ) සමහරුන්ට, මෙන්ඩලියෙෆ් ගේ ආවර්තිතා වගුවේ රසායනික මූල ද්‍රව්‍ය වල “ඉංග්‍රීසි” නම් කියා දෙන්නටත්, ඒවා ඇත්දැයි බලා දෙන්නටත්, මෛත්‍රී බෝසතුන් යැයි “ඔවුන් සිතා සිටින” නාථ දෙවියන් ඉදිරිපත් වී තිබීමය…( දැන් මේ ගැන සමාජ කතිකාවතක් ඇති වී, උගත් භික්ෂූන් වහන්සේලා, “මේ නාථ දෙවියන් යනු මෛත්‍රී බෝසතුන් නොවේය” යන්න තහවුරු කළොත්, ඒ අය වෙනත් මොකක් හෝ නමක් සොයා ගනු ඇත…)
“හදිස්සියේ වත් නාථ දෙවියන් යනු මෛත්‍රී බෝසතුන් නොවුණොත් වෙන්නේ මොකදැයි?” නාටකයේ තිර පිටපත් ලියූවන්ට අමතක වී ගොස් ඇති සැටියකි…ඒවායින් අපට කමක් නැත…සිරිවර්ධන හෝ වේවා, බෙල්ලන්තර ආරාමයේ හෝ වේවා, සෙල්ල කතරගම හෝ වේවා, එහෙමත් නැත්නම් වෙනත් ඇත්තන් ළඟ හෝ වේවා, බුදු දහමට කළ හැකි ලොකුම විනය, එහි සිවු වණක් පිරිස අතරට ” දේව සබඳතා හෝ දේවවාදී අනාගත නිමිති, අනාවැකි” ආදි දේ රිංගවීමයි…එයින්ම බෞද්ධයාගේ “බුදුන් වහන්සේ” කෙරෙහි පමණක් ඇති ආධ්‍යාත්මික විශ්වාසය පළුදු වෙයි…
ආර්ථික විද්‍යාව, දේශපාලනය වශයෙන් එක්, එක් ක්ෂේත්‍රයන් වෙන්, වෙන්ව ගෙන බැලීම බටහිර ක්‍රමය වුවද, එසේ කරන බෞද්ධයා, තම අධ්‍යාත්මික ස්ථානයෙහි, හෙවත් ඉහළම තැන බුදු රජාණෝ තබාගෙන ඉන්නේ නම්, ඔහු බුදු රදුන්ට වෙන කිසිවෙක් සම නොකරති…ඒ බව ගංගොඩවිල සෝම හිමිපාණන් ඇසුරේ ඇතිවූ බොදු ප්‍රබෝධය සහ එයටම දායක වූ බොහෝ බටහිර දැනුම් පද්ධතිය මත තවමත් සිටින වෛද්‍ය වරු, විදුදරයන් ආදී ඇත්තන් වෙතින් අපට උකහා ගත හැකි පණිවිඩයයි…ආචාර්ය චන්දන ජයරත්නයන් විටෙක කීවේ “මට අනුව නෝර්මන් ලොකියර් වැනි අය ශ්‍රේෂ්ඨ මිනිසුන්ය…නමුත් ඒ කිසිවෙකු මගේ ආධ්‍යාත්මයේ පරමෝත්තමව තබාගෙන සිටින බුදු රජාණන් වහන්සේට ආසන්නයෙන් වත් සම නොකරමි” කියාය..
වඩාත් බරපතළ හානියක් බුදු සමයට කරන්නේ, “ශාස්වථ වාදයට” ඉඩක් නොතබා ප්‍රතික්ෂේප කරන තලයක් මත වැඩෙන, නූතන බටහිර විද්‍යාව සහ බුදු සමය යන දෙකම, එකට ඇසුරු කරන අයද? නැත්නම් “බටහිර විද්‍යාව අපට එපා” කියමින්, “විවෘත කොන්” ( Open – Ended Predictions) සහිත “කණා අනාවැකි” කියමින්, විද්‍යාත්මක පරීක්ෂණ මත ලබා ගත් නිගමනයන්ට, “ස්වාධීන වූ ඤාණයක්” එක් කිරීමට යැයි කියා, ඒ සෑම දෙයකටම මෛත්‍රී බෝසතුන්වත් ඈඳා ගෙන, බුදු සමයේ “විඤාණිත” හර පද්ධතියේ සැකැස්මටම තර්ජනය කරන අයද?…”විමසීමකින් තොරව පිළි නොගන්න!” යැයි බුදු පියාණෝ කාලාම සූත්‍රයෙහි දේශනා කොට ඇත…බටහිර විද්‍යාවද උත්සාහ දරන්නේ, හැකි තාක් දුරට උපරිමයෙන් “විමසාම” කරුණු තහවුරු කර ගන්නටය…බුදු සමය හමුවේ, නූතන බටහිර විද්‍යාව “සැට වියැති පඬි රුවණක් හමුවේ තබන ලද කිරි දරුවෙකු බඳුය…” එහෙත්, යම් කිසි හෝ පෑහීමක් බුදු සමයේ ඇත්තේ බටහිර විදුව සමඟද ? එහෙම නැත්නම්, කිසිම විමසීමක් නැතිව “කට වචනය පමණක් පිළි ගනිල්ලා” කියා අණ දෙන, “සාස්තර කාරයන්ගේ අනාවැකි කීම් හා පිරියෙසුම් වලටද?” ( Ultra- Physical acceptance in “blind” form )…
තුසිතයෙහි වැඩ වෙසෙන මෛත්‍රී බෝධිසත්වයන් මොන වාගේ තෙදැති ගාම්භීර චරිතයක් දැයි අප ඔබට පැහැදිලි කර දුන්නෙමු…ඒ චරිතය මොන යම් හෝ “පෞද්ගලික ව්‍යාපෘතියක්” සඳහා යොදාගෙන ඇති සැමට අප කිව යුතු වන්නේ, ඒ මතු මත්තේ බුදු වන ශ්‍රේෂ්ඨ චරිතයෙහි නම කැලැල් නොකරනු!” යන්න පමණි…