2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ ස්වර්ණමය යුගය - 2 කොටස
පළමු ලිපියෙන් මායා ශිෂ්ඨාචාරය යුග වශයෙන් සැලකීමේදී පළමු ප්‍රධාන යුගය ලෙස සැලකෙන ප්‍රාග්සම්භාව්‍ය යුගය ගැන සාකච්ඡාකරනු ලැබූ අතර මෙම ලිපියෙන් දෙවන ප්‍රධාන යුගය ලෙස හා ඔවුන්ගේ සමෘධියේ වැදගත්ම යුගය යයි සැලකිය හැකි සම්භාව්‍ය යුගය හෙවත් Classic period අවධිය ගැන කතා කරමු.
සම්භාව්‍ය යුගය - Classic period
ක්‍රි.ව. 300 දී පමණ ඇරඹී සම්භාව්‍ය යුගය හෙවත් Classic period මායා ශිෂ්ඨාචාරයේ ස්වර්ණමය යුගය ලෙසද සලකෙන අතර මේ කාලය වඩාත් සංකීර්නවී ඇත. මෙම අවධිය වන විට ඔවුන්ගේ ජනගහනය වර්ධනයවීම වැඩිවී තිබුනා මෙන්ම අභ්‍යන්තරයේ තිබූ උස්බිම් වල විසූ මායාවරුන් හා පහත් බිම් වල විසූ මායාවරුන් අතර එක් වීමක් සිදුවී ඇත. එසේම ඔවුන් දෙපිරිස අතර තරඟකාරීත්වයක්ද වර්ධනයවී ඇත. වාණිජ කටයුතු හා යුද කටයුතු ඔවුන්ගේ සංස්කෘතිය වර්ධනය කෙරේ ප්‍රධානම උත්තේජනය වී ඇති බව සදහන් කල යුතුය. එසේම මෙම අවධිය වන විට මායාවරුන්ගේ වඩාත්ම සංවර්ධිත ප්‍රදේශ ලෙස Petén කැලෑ ප්‍රදේශ හා ඒ අවට පහත් බිම් ප්‍රදේශ වන Tikal, Palenque, Piedras Negras, සහ Copán දැක්විය හැකි අතර මෙම සංවර්ධනය ක්‍රි.ව. 300 සිට ක්‍රි.ව. 900 දක්වා සිදුවූ බවද පැවසේ.
මායාවරු අතර ටිකෙන් ටික සමාජමය පංති බිහිවීමත් සමග මායා සමාජය වඩාත් සංකීර්ණ තත්වයට ක්‍රමයෙන් පත්වී ඇත.පාරම්පරික උරුමයෙන් නායකත්වය දරන පංතියේ පවුල් සාමාන්‍ය මායා වැසියන්ට වඩා ඉහල තලයක සිට ඇති අතර එවැනි පවුල් වලින් බිහිවූ රජකෙනෙකු ඒ ඒ මායා නගර පාලනය කර තිබේ. මෙම රජවරු ප්‍රාග්සම්භාව්‍ය යුගයේ සිටි ප්‍රධානීන්ගේ පාලන ක්‍රමයට සමාන ආකාරයකින් පාලනය ගෙන ගියත් ඔවුන්ගෙන් වෙනස් වී ඇත්තේ මෙම අවධියේ බිහිවූ රජවරු සමාජ පංති ක්‍රමයක් පෙරදැරි කරගෙන ඔවුන් සාමාන්‍ය ජනයාගෙන් වෙන්ව ඔවුන්‍ට සමාන ප්‍රභුවරු සමග සමීපව සිටීමයි. මෙම රජවරු සමග සමීපව සිටි අනෙක් කොටස පූජකයන්ය. නගර මධ්‍යයේ පිහිටි දෙවොලක් කේන්‍ද්‍රකරගනිමින් වාසය කල අතර මෙම නගරයක ජනගණත්වයද ඉහල මට්ටමකින් තිබූ බව සදහන්ය.නිදසුනක් ලෙස සමස්ථ Tikal ප්‍රදේශයේ වර්ග කි.මි. 314 ක ප්‍රදේශයේ පමණක් 92,000 ක් වූ ජනගහනයක් සිටි බව කියන අතර එහි මධ්‍ය ප්‍රදේශයේ පමණක් මායා ඉදිකිරීම් 2700 ක් පමණ තිබී ඇත.
සම්භාව්‍ය යුගයේදී යුදවැදීම් තරමක් සීමාවී ඇති අතර එය ඔවුන්ගේ චාරිත්‍රානුකූල උත්සව සදහා බොහෝවිට යොදාගෙන ඇත. මායා පාලකයන් , stelae ලෙස හදුන්වන කැටයම් නෙලූ පාශානමය මූර්තිවල දැක්වෙන ආකාරයෙන්ම නිතරආයුද දරා සිට ඇති අතර ඔවුන් තම සේනාව මෙහෙයවා ප්‍රතිවාදී කණ්ඩායම් අල්ලා ඔවුන් බිලිපූජා සදහා යොදාගෙන ඇත්තේ ආගමික හෝ දේශපාලනික හේතුවෙනුවෙනි. ඒවගේම මෙම පාලකයන් ආක්‍රමණය කරන ලද නගර වල සමහර කොටස් විනාශකර ඇති අතර ඒ බොහෝවිට මධ්‍යයේ පිහිටා ඇති දෙවොලේ යාබද ප්‍රදේශ බවද කියයි.
පහත්බිම්වල පිහිටි මායා නගර අංගසම්පූර්ණව ඔවුන් විසින් ගොඩනැංවීමද මෙම අවධියේ සිදුකර ඇත. එවා දේවස්ථාන, මාලිගා, අංගණ, ජලය එක්රැස් කරන ස්ථාන, සපත්තු පාලම් ආදියෙන් සමන්විත වී ඇත. එසේම ඒවායේ බිත්ති, පොළව හා අනෙකුත් පෘෂ්ඨයන් රතු හෝ ක්‍රීම් පැහැයෙන් යුතු හුණු බදාමයකින් ආවරණය කර ඇති අතර හිරු එළිය වැටෙන විට එම ස්ථාන අලංකාරවත්ව දිලිසෙමින් තිබී ඇත. එපමණක් නොව මූර්තිකරුවන් විසින් තම පාලකයන් හා ඔවුන්ගේ පවුල් වල විස්තරද, දේශපාලනික ඉතිහාසය හා එම ජනාවාස සමග බැදී පවතින වැදගත් කාරණා පාශානමය කැටයම් ලෙස ශිලාලේඛණ නිර්මාණය කර ඇත.
Maya Temple - The Castillo Pyramid in Chitzen Itza found in the Yucatan Peninsula of Mexico. |
මායාවරුන්ගේ මාලිගා |
මායාවරුන් ජලය රැස් කිරීමට තනන ලද තටාකයක් පුරාවිද්‍යාඥයන් විසින් කනිනු ලබන අවස්ථාවක් |
මායාවරුන් ජලය එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට භාවිතාකරන ලදැයි සැලකෙන ජලනල පද්දතිය හා තාක්‍ෂනය |
සමාජය හා ආර්ථිකය
සම්භාව්‍ය යුගයේ රජවරු තම නමට පදවි නාමයක්ද යොදාගෙන ඇති අතර එය මායා බසින් k’ul ahau වන අතර එහි අර්ථය උත්තරීතර හා පූජනීය පාලකයා යන්නයි. මෙම යුගයේ පසුකාලීනව රජුට සහය වීම පිණිස පාරම්පරිකව පැවත එන පාලක සභාවක්ද තබා ගෙන ඇත. එසේම රජුට දේශපාලනික වශයෙන් පමණක් නොව මේ අවධියේ ආගමික බලතලද තිබී ඇත. කෙසේ වෙතත් පසුසම්භාව්‍ය යුගය ලෙස ගැනෙන ක්‍රි.ව. 900 සිට ක්‍රි.ව. 1521 දක්වා කාලයේදී රජුට තිබූ ආගමික බලතල ඉවත්වී ඇති අතර පූජක පැලැන්තියේ ආයතනික බලතල වැඩිවී ඇත.
මායා සමාජය තුල වෙළද පාර්ශවයටද කැපී පෙනෙන තැනක් ලැබී තිබිනි. භූමියේ අභ්‍යන්තර ප්‍රදේශ යාකරමින් පැවති වෙළඳ මාර්ග පහත් බිම් වල තිබූ මධ්‍යස්ථාන වලින් පාලනය කෙරුන අතර ඒවා මගින් ලුණු, obsidian හා jade පාශාන,කොකෝවා, සත්ව හම්, නිවර්ථන කලාපීය පක්‍ෂීන්ගේ පිහාටු හා සුකෝපභෝගී තත්වයෙන් සැලකූ පිඟන් ගඩොල් ආදිය පාලනයකින් යුතුව වෙළදාම් කටයුතු සිදුකෙරුන බව පැවසේ. සම්භාව්‍ය යුගයේ මුල් කාලයේ මධ්‍යම මැක්සිකෝවේ Teotihuacán, මායා ශිෂ්ඨාචාරය පැවති ප්‍රදේශ ලෙස හැදින්වෙන Mesoamerica හි අද්විතීයම නගරය ලෙස හැදින්වේ. මෙම නගරය ඒ අවධියේ Mesoamerica දේශපාලනික හා ආගමික බලය පැතරවූ ස්ථානය ලෙසද නම් කලාට වරදක් නැත. එසේම වාණිජ ජාලය තුලද මෙම නගරය ප්‍රධාන මධ්‍යස්ථානයක් වූයේය.
Teotihuacán |
quetzal |
වර්ථමානයේ පවා මායාවරු ලුණු වෙලදාමේ යෙදී සිටිති |
වංශාධිපතීන් ගලින් නිමවූ නිවාස වල විසූ අතර ඒවායේ බිත්ති කපරාරු කොට ඒවා බිතුසිතුවම් වලින්ද අලංකාර කොටතිබී ඇත. මෙම නිවාස වල ඔවුන් සිදුකරන ලද භෝජන සංග්‍රහවලදී අමුත්තන්ට කළුකුම් මසින්, මුව, තාරා යනාදී සතුන්ගේ මසින්ද, ඔවුන් නිපදවූ චොකලට් හා balche පානයන්ගෙන්ද සංග්‍රහ කොට ඇති අතර අමුත්තන් මෙම සාද වලට පැමිනෙන විට ත්‍යාගභෝගද රැගෙනවිත් තිබේ. වංශාධිපතියෙකු මිය ගිය පසු මෘතදේහය පාශානමය දෙනක බහා ජේඩ් හා මැටි ආභරණවලින් සරසා භූමදානය කර තිබේ. එසේම ඔහුගේ මරණින් පසු දිවියේදී ඔහුට සේවය කිරීම පිණිස මිනිසුන්ද ඔහුගේ මලගම සිදුවන දිනයේ බිලී දී ඇත.
මෙම ශිෂ්ඨාචාරයේ සම්භාව්‍ය යුගයේදී වංශාධිපතින්ට පහල සමාජ ස්ථරය Yalba Unicob හෙවත් “Lower Men” ලෙස හැදින්වූ අතර එයද කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්වේ. එනම් නිපුනත්වයක් ඇති ශිල්පීන් හා වෙළෙන්දන් එම සමාජ ස්ථරයේ ඉහල කොටසට හිමිකම් කී අතර එය වර්ථමානයේ මධ්‍යම පංතියට සම කර දැක්වේ. මෙම පංතියට එදා අයත්වූවන් ලෙස පාශාන හා දැව කැටයම්කරුවන්, බිත්ති කපරාරුකරන්නන්. පින්තාරුකරුවන්, කුඹල්කරුවන්, මූර්ති ශිල්පීන් හා වාණිජ කර්මාන්තයේ නිරතවූවන් සලකන ලදි.
මායාවරු ගොවිතැනේ යෙදුන හැටි |
මෙම පහල සමාජ ස්ථරවල නිවාස ගත් කල අඩුමට්මේ අය සරල කූඩාරම් ආකාරයේ නිවාස වල වාසය කර ඇති අතර ඇතිහැකි අය කටුමැටි බිත්ති සහිත පාම් අතු සෙවිල කල නිවාස තනාගෙන වාසයකරන ලද බව සදහන්ය. කෙසේවෙතත් මෙම නිවාස වල තිබී ඇත්තේ අඩු ගෘහභාණ්ඩ ප්‍රමාණයක් වන අතර නිවාස පරම්පරාවකට වඩා පැවතී නැති අතර පැරණි නිවාසය කඩා වලලා එය මත නව නිවාස නැවත තනා ගෙන ඇත. එයින් ඔවුන් බලාපොරොත්තුවී ඇත්තේ ඔවුන්ගේ මලගිය මුතුන්මිත්තන්ගේ ආත්මය තමන් වටා රැදේවි යන විශ්වාසයයි.
සාමාන්‍ය වැසියන් කපුරෙද්දෙන් පිළියෙල කල සරල අමුඩයක් වැනි ඇදුමක් හා කබායකින් සිය විලිවසාගෙන තිබේ. මෙම වැසියන්ගේ කාන්තාවන් කපු වලින් ගොතනලද හැට්ටයක් හා සායක් හෝ සැහැල්ලු මල්ලක් වැනි ඇදුමක් ඇද ඇති අතර එය සරල මෝස්තර වලින් අලංකාරය කර තිබේ. කෙසේවෙතත් මෙම කාන්තාවන් හා තරුණියන් කොණ්ඩය දිගට වවා ඒවා අන්‍යයන්ගේ සිත් ඇදගන්න සුළු ලෙස පීරා අලංකාරව සිට ඇත. ඔවුන් භාවිතා කල කොණ්ඩා සැරසිලි අනුව එම ස්ත්‍රිය විවාහක අවිවාහක බව තීරණය කිරීමේ හැකියාවද තිබූ බව කියයි. පිරිමි සහ කාන්තාවන් දෙකොට්ඨාශයම නොයෙක් විසිතුර මෝස්තර වලින් සිය සිරුර පච්ඡාකොටා ගෙන තිබීම එම සමාජයේ සුලභ සිදුවීමක් විය.
මායා සමාජයේ පහලම ස්ථරය වහලුන් වූ අතර ඔවුන්ට අයත්වූයේ එකල අපරාධ සිදු කර හසුවූ අය හෝ වහල්භාවයට බැදී සිටි දිළිදුම මායා වැසියන් හෝ යුද්දවලදී යටත් කරගත් මිනිසුන්ය. ඔවුන්ගේ ජීවිතය දුඛිංත වූ අතර ඔවුන් අතර යම් හෙයකින් ඔවුන්ගේ ස්වාමිය මිය ගිය හොත් ඔහුගේ මරණින් මතු දිවියේදීද සේවය කිරීම පිණිස ඔහු අවසන් ගමන් යන විට වහලුන්ටද සිය ජීවිතයෙන් සමුගතයුතු වූ බව සදහන් වේ.
මායාවරුන්ගේ ස්වර්ණමය යුගය ගැන තව විස්තර තෙවන කොටසින් කියවා දැන ගනිමු...
0 comments:
Post a Comment