මේ වන විට ග්‍රීස් යකුන් කියා නම් කල පුද්ගලයන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර සැබෑ ග්‍රීස් යකුන් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බව අපගේවිශ්වාසය වේ.
මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ සැබෑ ග්‍රීස් යකුන් සහ ග්‍රීස් යකුන් නමින් පෙනී සිටිමින් අපරාධ කරන පුද්ගලයන්ගේ වෙනස හදුන්වා දීමටයි.
ග්‍රීස් යකුන් රැල්ල එකවර මතු වුයේ කහවත්ත අභිරහස් ඝාතන පෙලින් පසු බව අප අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.
කහවත්තේ ඝාතන එකින් එක වාර්තා කල මාධ්‍යය කහවත්තේ අභිරහස විසඳුනද එතින් නතර වුයේ නැත.
ඉන්පසු වාර්තා වූ මරණයන් අභිරහස් ඝාතකයන් ලෙස පෙන්වා දී අමුතු කුතුහලයක් මවා පෑමටද මාධ්‍යය ආයතන කටයුතු කළේය.
සැබවින්ම කහවත්තේ සිදුව තිබුනේ ද මානසික විකෘති තාවයක් තිබු එක තරුණයෙක් ගේ ඝාතන වලට මුවා වී අනෙක් ඝතකයන්ද කල එලි බැසීමයි.
අපරාධ කිරීමට මාන බලමින් සිටි ඔවුන්ට ග්‍රීස් යකුන්ගේ කතාව මනා පිටුවහලක් විය.
එසේ වර්ධනය වූ ග්‍රීස් යකුන්ගේ කතාව දේශපාලන කරලියටද පැමිණියේය.මර්වින් සිල්වා නම් කිව්වේ ග්‍රීස් යකුන් ලෙස පෙනී සිටින්නේ පැරදුනු ජේ.වී.පි කාරයන් කියාය.ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ මෙය ආණ්ඩුවේ කුට සැලැස්මක් බවයි.
මේ අතර මේ දිනවල බොහෝ තැන්වල පැතිරී ඇති කටකතාවක් අපේ සවනටම අසන්න ලැබුනේ මෙසේය.
"ඕක ආණ්ඩුවේ වැඩක් නේ.ගෑණු 6000 කගේ පියයුරු කපලා ලේ ගන්න ඕනලු දුටුගැමුණු රජතුමාගේ කඩුව ගන්න.අපේ පැත්තේ ගැණු කෙනෙකුගෙත් මේ ලඟදි කපල තිබුන"
මේවා හුදෙක් කට කතා බව අප පසක් කරන්නේ දිවයිනේ කිසිදු පෙදෙසකින් එවන් සිදුවීමක් වාර්තා වී නොමැති හෙයිනි.
මේ අතර ග්‍රීස් යකුන්ගේ භීතිකාව නිසා ග්‍රීස් යකා යැයි බිය වී පෙම්වති පෙම්වතාට පහරදීම,බිරිඳ බිමත් සැමියාට පහරදීම,අලි සංගණනයට ගිය පොලිස් නිලධාරීන්ට පහරදීම වැනි සිදුවීම්ද පසුගිය දා වාර්තා වුනි.
ඇත්තෙන්ම ග්‍රීස් යකුන් කියා පිරිසක් අතීතයේ සිටම ගම්වල සිටියහ.ඔවුන් පැමිණෙන්නේ ග්‍රීස් හෝ තෙල් ගාගෙනය.ඒ හදිසියේ හෝ ගම්මුන්ට අසු වුවහොත් ලේසියෙන් ලිස්සා යාමටය.
ඔවුන්ගේ එකම අරමුණ වන්නේ කාන්තා යට ඇඳුම් සොරකම් කිරීම හෝ කාන්තාවන් නිදා ගැනීම හෝ නාන දර්ශන හොරෙන් නැරඹීම මිස කාන්තාවන්ට ලිංගික අතවර කිරීම නොවේ.
එසේ කරනවානම් ඔවුන් ග්‍රීස් හෝ තෙල් ඇඟ පුරා ගාගෙන එන්නේද නැත.
ග්‍රීස් යකුන් ලෙස හැසිරෙන්නේ මානසික රෝගීන් වේ.ග්‍රීස් යකුන් ප්‍රධාන වශයෙන් දෙකොටසක් වේ.එක කොට්ටාශයක් කාන්තා යට ඇදුම් වලට ප්‍රිය කරන අතරේ තව පිරිසක් කාන්තාවන් නිදා ගන්න අයුරු නානා අයුරු හොරෙන් බලා සිටීමට ප්‍රිය කරයි.
කෙනෙකුගේ සිරුරේ කොටසක් (ලිංගේන්ද්‍රිය හැරෙන්නට) හෝ ඇය/ඔහු භාවිතා කරන ඇඳුමක් උපකරණයකට ආදරය කරමින් ලිංගික තෘප්තිය උදෙසා එය පසුපස හඹා යෑම හදුන්වන්නේ ෆෙටිසම් (FETISM ) හෙවත් පුජාලංජන භක්තිය යනුවෙනි.
අන් අයෙකුගේ නිරුවත හෝ ලිංගික හැසිරීම දෙස බලා සිටීමෙන් පමණක් ලිංගික තෘප්තියට පත්වීම හදුන්වන්නේ වොයෙවුරිසම් (voyeurism )දර්ශනකාමිත්වය යනුවෙනි.බෝහි විට ගැහැණු නාන තැන්වලට හා නිදන කාමරවලට එබිකම් කරන්නේ මොවුන්ය.
මෙම රෝගී තත්ව දෙකම තිබෙන පුද්ගලයනුත් සිටින අතර මෙහි විශේෂත්වය වන්නේ එවන් සිතුවිල්ලක් පහල වුවහොත් එය කෙසේ හෝ සඵල කර ගැනීමට අදාළ මානසික රෝගියා ඕනෑම අවධානමක් ගැනීමට පෙළෙඹෙන හෙයිනි.
මෙවැනි රෝගී තත්වයේ පෙලෙන රෝගීන් පිළිබඳව අපුරු හෙළි කිරීමක් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් රචිත 'මනුෂ්‍ය ප්‍රේතයන් සමග කල දුෂ්කර ක්‍රියාවක්' යන කෘතියේ මෙලෙස දක්වා ඇත
"වැල්ලවත්තේ ගෙවල් වලට පැන වැල වල්වල වනා තිබුණු කාන්තා යට ඇඳුම් ගෙන යන හොරෙක් විය.කෙසේ හෝ ඔහු සමග මිත්‍ර වූ මට ඔහු ගැන බොහෝ තොරතුරු දැනගන්නට ලැබුණි.
හෙතෙම අශාවෙන් ගෙන යන යට ඇදුම් තම්බා වතුර බොයි.ඔහුගේ එකම ආහාරය යට ඇදුම් තම්බාගෙන බිමය.
එක්තරා ස්ත්‍රී බෝඩිමක කටයුතු කරන ගැහැනියක මා සමග මිත්‍ර විය.ඒ බෝඩිමට ගැහැණු ප්‍රයෝජනයට ගන්නා වැසිකිලි පවිත්‍ර කිරීමට එන මිනිහා ගැන මට කීවාය.මම ඒ මිනිහා ඇඳින ගතිමි.
අන්තිම කිළුටු ඇඳගෙන විත් වැසිකිලි සුද්ද කිරීම ඔහුගේ සිරිතය.ඔහු ඒවායේ අපිරිසිදු වතුර බොයි.ඒ වැසිකිලි පෝච්චි ස්පර්ශ කරයි.ඔහු ලිංගික ව්කෘති අසහා ඇති මනුෂ්‍ය ප්‍රේතයෙකි.
විකෘති ලිංගික ආශා ඇති සාමන්‍යය මිනිසුන් මෙන් හැසිරෙන උසස් සමාජයේ අයද මට හමු වී ඇත.
විකෘති ලිංගික ආශා ඇති සාමන්‍යය මිනිසුන් මෙන් හැසිරෙන උසස් සමාජයේ අයද මට හමු වී ඇත.
මින් එක්කෙනෙක් එකල රට පුරා නමගිය සමාජ සේවකයෙකි.ඔහු විවාහක වුවද නැවතී සිටියේ ප්‍රසිද්ධ බෝඩිමකය.ඒ බෝඩිමේ ඔහුට අල්ලපු කාමරයේ සිටි මිත්‍රයෙක් මට ඔහු ගැන කීය. මම මගේ මිත්‍රයාගේ කාමරයට ගොස් එහි ඇති හිලකින් (කාමර වෙනකොට ඇත්තේ හීන් ලෑලි වලිනි.)බලා සිටියෙමි.
ඒ මිනිහා කරන්නේ රෑ කෑම එක ගෙන අල්මාරියෙන් ගන්නා කිළුටු ගැහැණු යට ඇඳුම් වල දමා තබා ගැනීමය.
ඒවා ඔහු විසින් විවිධ ගැහැණු ළමයින්ට මුදල් දී ලබා ගත් ඒවාය.ගැහැනුන්ට මුදල්දෙන,සමහරවිට රක්ෂා ලබා දෙන ඔහු,කිසි දවසක ඒ ඇය ලිංගික කටයුතු සඳහා යොදා නොගනී.
තමා කල උපකාරයට ඔහු පෙරලා ඉල්ලන්නේ එක ප්‍රති උපකාරයක් පමණි. එනම් ඒ ගැහැණිය අඳින කිළුටු යට ඇදුමය.
ඒ අනුව අප තේරුම් ගත යුත්තේ අමානුෂික ලෙස පහර දීමෙන් ග්‍රීස් යකුන් මෙල්ල කල නොහැකි බවයි.
වර්තමානයේ ග්‍රීස් යකුන් සිටින්නේ ඉතා අල්ප ප්රමාණයකි.ඉන් වැඩිපුරම සිටින්නේ ග්‍රීස් යකුන් මෙන් වෙස්වලාගෙන අපරාධ කරන මිනිසුන්ය.
එයත් අවසන් වීමට කාලය පැමිණ ඇත්තේ අහිංසක මිනිසුන්ද ග්‍රීස් යකුන් යැයි හංවඩු ගසා කකුල් කඩා මරණයට පත්කිරිමටම තරම් ජනතාව ප්‍රකෝප වීම නිසාය.
ජනමාධ්‍යය මගින්ම පිම්බු ග්‍රීස් යකා, අතොරක් නැතුව ගුටිකන අයුරු ජනමාධ්‍යය මගින්ම පෙන්වූ නිසා ව්‍යාජ ග්‍රීස් යකුන්ද ඉබේම පහව යනු ඇති බව අපේ බලාපොරොත්තුවයි.
අප්පච්චියේ රෑට පාරෙ යන්නත් බයයි.. ග්‍රීස් යකෙක් කියල හිතල ගහන්නත් ගහන්නත් බැරි නැහැ..
ReplyDeletevery good post. thanks.
ReplyDeleteඅපේ පැත්තෙ නම් ඔය යක්කු හිටියෙ නෑ ඒත් මම නම් රෑට එළියටවත් බහින්නත් බයයි.ඇත්තටම කොටිත් එලවපු හමුදාවකට බැරිද රටේ තියෙන අපරාධ රැල්ල අඩු කරන්න
ReplyDelete