This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, June 7, 2012

ලංකාවේ ලස්සන දේවල්


ඉතින්...! කෝමැයි ? හුඟ දොහකින් මේ ලිපියක් ලියන්නේ. ඇත්තටම කිව්වොත් සති දෙකකට පස්සේ... සමාවෙන්න ඕනේ නිහඬතාවයට. කොහොම වුනත් ඉක්මනින්ම පුරුදු ලිපි හා එක් වන තුරු පොඩි අතුරුපසක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකත් ඊයකින් ගලවපු එකක්. මේවගේ ඊ එවන මගේ යාළු කියල තියෙන්නේ මීට පස්සේ නම දාන්න එපා කියලා. ඕං හිතාගන්නලා මේකත් එයාම එවාපු ඊයකත් කියලා...
ලියන්න තරම් නම් දෙයක් නෑ. පින්තූර පෙලක් තියෙන්නේ. ලංකාවේ ලස්සන ගැන පළ කරපු ඡායාරූප පෙලක්. මම ගත්තුවා නම් නෙවෙයි ඕං. සංචාරක මණ්ඩලයෙන් හරි ඒවගේ ආයතනයකින් වෙන්න ඕනේ. බොහෝ දෙනාගේ හිත සුව පිණිස, විශේෂයෙන් රටෙන් පිට ඉන්න අයට මේ ඡායාරූප වැදගත් වෙයි කියලා හිතනවා.... ඒ නම් බලමුකෝ...

ත්‍රීකුණාමලයේ ගල්පර මුදුනේ සිට

මේත් ත්‍රීකුණාමලේම තමා... කොහොමද දර්ශණේ ???

තංගල්ල වෙරළ තීරය

මිරිස්ස...

සැන්දෑවක රන්වන් වෙරළ තීරය

තවත් ලස්සන දර්ශණයක්... !

ආරුගම්බේ වෙරළ තීරය

කඳුකර දියඇල්ලක්

අඥාතයි ! හංවැල්ලට උඩහට වෙන්න කැළණි ගංග ගලන්නෙත් මෙහෙමයි

ඉහළ කඳුකර දසුනක්

මේක නම් ඉතින් උපරිම ලාංකීයයි !!!

බොගවන්තලාව තේ ...

ලංකාවේ අපේ one & Only Sky-Scraper දසුන ! :(

හැටන් තංගච්චිලා... තේ ලඳුන් !

හික්කඩුව... ඈතින් පේන්නේ සීනිගම දේවාලය වෙන්න ඕනේ...

කොහේ දැක්කත් ලෝකෙටම එකයි ! ශ්‍රී දළදා මාලිගාව...

උතුරුකරේ කයිට්ස්...

කොස්ගොඩ වෙරළ

සීතල නුවරඑළිය...

උඩරට තේ වගාවක්...

මේක දැක්කම අර විෂුවල් එක මතක් වෙනවා නේද ?

පුස්සැල්ලාව

අපි නොදන්න සීගිරිය !!! පවු නෝනා !!!

ලස්සන ඡායාරූපගත කිරීමක් !!!

සිංහරාජ වන අඩවිය

සිංහරාජ වන අඩවිය

සිංහරාජ වන අඩවිය


කාන්තර මැද විශ්මිත දේ


එහෙනම් ඕං, ආයෙත් ලස්සන පින්තූර ටිකක් අරගෙන ආවා. මේ ටිකේම බරට ලිපියක් පළ කරන්න කරම් වෙලාවක් නෑ. ඉතින් රූප කථා ටිකක් තමා දෙන්න වුනේ. කොහොම වුනත් මේ විදියේ ලිපි වලට ඔයාලා කැමතියි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක් මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චර ලස්සනට පේනවද කියලා...


උබාරි ක්ෂේම භූමිය - ලිබියාව

නිරිතදිග ලිබියාවේ Messak Sattafat සානුව හා Idhan Ubari වැළි කඳු අතර ටාර්ගා මිටියාවතේ පිහිටා ඇති ක්ෂේම භූමියකි. මේ ක්ෂේම භූමිය කාන්තාර භූමිය මැද ඉතා සුන්දරව දිස්වේ. මෙම ක්ෂේම භූමිය තුළ ඇති ජලාශයේ ජලය මළ මුහුදේ ජලය මෙන්ම අධික ලවන සාන්ද්‍රණයකින් යුත්තයි. නමුත් මෙහි ජලය ඉතා අපිරිසිදු තත්ත්වයේ ඇති නිසා භාවිතයට නුසුදුසුයි.


------------------------------------------------------------------------------------


හුවාකැචිනා ක්ෂේම භූමිය - පේරු

හිරු ගිණිගෙන දැවෙන පේරුවියානු කාන්තාරය මැද සිත සනසන සිහිලැල් දසුනක් ලෙස මේ ක්ෂේම භූමිය හඳුන්වා දිය හැකියි. කුඩා ජලාශයක්සරුවට වැඩුණු තාල වර්ගයේ ගස්හරිත වර්ණ තණනිල්ල මෙන්ම තරමක ජනගහනයක් ද සහිත කුඩා ජනපදයක් වන මේ ක්ෂේම භූමිය කාන්තාරය මැද අපූරු නිමැවුමකි. ඇමෙරිකාවේ ක්ෂේම භූමිය ලෙසින්ද හැඳින්වෙන මේ හරිත යායඅවුරුදු දහස් ගණනක ඉතිහාසය තුලම පාළු කාන්තාරය මැද කොළ එළියක් ලෙස පැවතී තිබේ. අඩි සිය ගණනක් විහිදී යන වැලි කඳු හා සැතපුම් ගණනාවක්ම පාළු කාන්තාරයේ අත්දැකීම ලබාගැනීමට පැමිණෙන සංචාරකයින්ට හා අවට ප්‍රදේශවාසීන් අතර මේ ක්ෂේම භූමිය නවාතැන් පොලක් ලෙස ප්‍රචලිතව තිබේ.


------------------------------------------------------------------------------------


එන්-ගේදි ක්ෂේම භූමිය - ඊශ්‍රායෙලය

මළ මුහුදේ බටහිර ඉවුරේ පිහිටි මේ ක්ෂේම භූමිය ඓතිහාසික වූවකි. මෙහි ඇති නොසිඳෙන දිය උල්පත් නිසාම මේ භූමිය ප්‍රාග් ඓතිහාසික කැල්කෝලිතික කාලයේ පටන්ම මානුෂ්‍ය වාසයක්ව පැවති බවට සාක්ෂි තිබේ. බයිබලයේ සඳහන් වන පරිදි සොලමන් රජුගේ සමයේදී මේ භූමිය ජුදාවරුන් හට පවරා දී තිබෙන බව කියවේ.

 

------------------------------------------------------------------------------------


චෙබිකා ක්ෂේම භූමිය - ටියුනීසියාව

ටියුනීසියාවේ ඇති කාන්තාර විල් ප්‍රදේශයට උතුරින් වැලිගල් කඳු අතර පිහිටි දර්ශණීය භූමියකි. උස් භූමියක පිහිටි මෙය කඳු වලල්ලක් මැද පිහිටා තිබේ. වැලිගල් කඳු වලින් වටවූ මේ පිහිටීම හා වසරේ වැඩි කාලයක්ම අධික සූර්යාලෝකයට නිරාවරණය වීම නිසා මෙය සූර්ය බලකොටුව ලෙසද හැඳින්වේ.

 

------------------------------------------------------------------------------------


තිමියා ක්ෂේම භූමිය - නයිජර්

උතුරු නයිජර් හි අයාර් කඳුකර ප්‍රදේශයේ පිහිටි මේ සුන්දර භූමිය සැලකෙන්නේ ලොව දර්ශණීයම ක්ෂේම භූමිය ලෙසිනි. ඒ තරමටම මේ ක්ෂේම භූමියේ පිහිටීමත්එහි ගති ලක්ෂණත් සිත් ඇදගන්නා සුළුයි. ඒ වටා පිහිටි කාන්තාරය කෙතරම් රුදුරු වුවත් මේ ක්ෂේම භූමියට ඇතුළු වූ විට ඔබට කාන්තාරයක සිටින බව අමතක වන තරමටම මේ ක්ෂේම භූමිය සරුසාර බවින් යුතුයි. දෙළුම්දොඩම් වැනි ගස් ඵලබරව ඇත්තේ එවේලේම ආහාරයට ගතහැකි අයුරිනුයි. මෙහි ඝණව වැඩුණු අතුපතර යට සෙවන වෙහෙසකර කාන්තාර අත්දැකීම් මකා ගන්නට හොඳ තෝතැන්නක්.  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ භූමිය ගිනි කතර මැද දිව්‍යලෝකයක් යැයි පැවසිය හැකියි.

 


කැමරා ගැන



වෘත්තිය මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්. ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම් පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳගුණාත්මක ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටි ඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලය වියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝම වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේ අන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...


අන්තර්ජාල සේවාවක් වන මෙය හඳුන්වන්නේ CameraSim නමින්. http://camerasim.com/camera-simulator.html යන ලිපිනයෙන් ඔබට මේ වෙත පිවිසිය හැකියි. නොමිලේ ලබා දෙන සේවාවක් නිසා එහි පිවිසි විගසම වැඩ පටන්ගන්න පුළුවන්. මේ වෙබ් පිටුව තනා ඇත්තේ වෘත්තිය SLR කැමරාවක ඇති සැකසුම් ඔබටම අත්හදා බලන්නට හැකි ආකාරයටයි. ඉහළින් කුඩා ගැහැණු ළමයෙක් ක්‍රීඩා පිට්ටනියක සිටින ආකාරයේ දර්ශණයක් කැමරාවට හසුකර ගෙන ඇති අතර මෙහි පහතින් ඇති විවිධ සැකසුම් වෙනස් කිරීමෙන් අපට අවශ්‍ය පරිදි දර්ශනය හසුරුවා ගෙන ඡායාරූපය ලබාගත් පසු කෙසේ ලැබේවි දැයි බලාගන්නට පුළුවන්.


මෙහි දකුණුපස කෙළවරේ ඇති රවුම් බොත්තම (Snap Photo!) මගින් ඡායාරූපය ලබාගන්නට පුළුවන්. ඊට පහතින් ඇති Use a Tripod යන්න සක්‍රීය කිරීමෙන් කැමරාව ආධාරකයක් මත තබා ඇති විටෙක මෙන් පෙනෙන දර්ශණය නොසෙල්වී තබා ගන්නට පුළුවන්. කැමරා තිරය පහලින් කොළ පැහැති ආකාරයෙන් දක්වා ඇති දර්ශක මගින් අදාල අගයන් නැරඹිය හැකි අතර එහි සුචකය මධ්‍යය ලක්ෂයට සමපාත වන ලෙස අනෙකුත් පාලක සීරුමාරු කිරීමෙන් පැහැදිලි ඡායාරූපයක් ලබාගැනීමට හැකියි. මෙහි ඇති සැකසුම් පිළිබඳ විස්තරයක් දැන් බලමු.

Lighting (ලයිටිං)
මෙමගින් කැමරා කාචයට ලැබෙන ආලෝක තත්ත්වය සැකසිය හැකියි. ආලෝකය යනු හොඳ ඡායාරූපයක මූලිකම සාධකය වන බැවින් මෙය ඉතා වැදගත් සැකසුමකි. මෙය සීරුමාරු කිරීමෙන් ගෘහස්ථ පරිසරයක ඇති මඳ අඳුරු ආලෝකයේ සිට එළිමහනේ තද හිරුඑළිය දක්වා විවිධ පරාසයන්ට අනුව කැමරාවට නගන දර්ශණයේ ආලෝකය සකසා ගැනීමට පුළුවන. මෙම පාලකය සීරුමාරු කර බැලීමෙන් ඔබටම මෙය අත්හදා බැලිය හැකියි.

Distance (ඩිස්ටන්ස්)
මෙමගින් සිදුවන්නේ ඡායාරූපයට නගන වස්තුව හා කැමරාව (ඡායාරූප ශිල්පියා) අතර දුර ප්‍රමාණය අඩු වැඩි වීමයි. මෙය Zoom කිරීම ලෙස වරදවා වටහා නොගත යුතුයි. මෙම දුර සීරුමාරු කිරීමෙන් මෙහි දර්ශණය ලෙස යොදාගෙන ඇති කුඩා ගැහැණු ලමයා කුඩා හෝ විශාල වීම සිදුවේ. ඔබ මෙහි දුර ප්‍රමාණය අඩු කරමින් කැමරාව වස්තුව අසලටම ගෙන ගිය හොත් පසුතලයේ ඇති ක්‍රීඩාපිටියට වඩා වේගයෙන් ඉදිරිපස වස්තුව (කුඩා ගැහැණූ ළමයා) විශාලවන බව පෙනී යනු ඇත. වස්තුවත් කාචයත් අතර ඇති දුර වෙනස් කිරීම නිසා සිදුවන මේ සංසිද්ධිය පැරලැක්ස් ආචරණය ලෙස හැඳින්වේ. පසුතලයට වඩා ඡායාරූපයට නගන වස්තුව ඉස්මතු කොට දැක්වීමට මෙය උපයෝගී කරගත හැකියි.

Focal Length (ෆෝකල් ලෙන්ත්)
කාචයේ නාභි දුර සකසන්නේ මෙමගිනි. කැමරාවක් භාවිතයේදී Zoom ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි. ඉහත දැක්වූ අවස්ථාවට වඩා මෙහිදී සිදුවන දෙය වෙනස් වන්නේ කැමරාවත් වස්තුවත් නිශ්චලව පවතිද්දී කාචය පමණක් සීරුමාරු කර විශාලනය සිදු කල හැකි වීමයි. මෙහිදී වස්තුවත් පසුතලයත් යන දෙකම එකම පරිමාණයට විශාලනය වේ. Zoom Out කිරීමෙන් විශාල පරාසයක් ඡායාරූපයට හසුකර ගත හැකි අතර, Zoom In කිරීමෙන් වස්තුව පමණක් ඡායාරූපගත කළ හැකියි. ඔබ මෙහිදී මතක තබා ගත යුත්තේ Zoom කිරීමත්වස්තුව වෙතට හෝ ඉන් ඉවතට ඇවිදයාමෙන් දුර වෙනස් කිරීමත් යන ක්‍රම දෙකෙන්ම දර්ශණය ලොකු කුඩා කළ හැකි වුවත් ලැඛෙන ප්‍රතිඵලය එකිනෙකට වෙනස් බවයි.

Mode (මෝඩ්)
මෙම කොටසෙහි සැකසුම් විධි තුන මගින් ඔබට අවශ්‍ය ආකාරයට කැමරාවේ අනාවරක (exposure) සැකසුම් සාදාගත හැකියි. දකුණු පස ඇති පාලක අතරින් එකක් සීරුමාරු කරන විට අනෙක් සැකසුම් ඊට අනුව සැකසේ. ඔබ Shutter Priority Mode තෝරා ගත හොත් Shutter Speed වෙනස් කරන විට Aperture හි සැකසුම් ඊට අනුකූලව ඉබේම සැකසේ. Aperture Priority Mode තෝරා ගත හොත් Aperture හි සැකසුම් වෙනස් කරන විට Shutter Speed ඉබේම සැකසේ. Manual ලෙස තේරීම මගින් ඔබට කැමති ආකාරයකට මේ පාලක සීරුමාරු කර සැකසුම් කළ හැකියි. මීට අමතරව වෘත්තීය මට්ටමේ SLR කැමරාවල"Fully Automatic" mode (ස්වයංක්‍රීය සැකසුම) ලෙස තවත් ආකාරයක් පවතී.

Aperture (ඇපචර්)


ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කැමරා විවරය විවෘත වීමේදී එහි ප්‍රමාණය සැකසීම මෙමගින් සිදුවේ. මෙහි අගය අඩු වීමේදී විවරයේ ප්‍රමාණය විශාල වේ. මෙහිදී වැදගත් වන්නේ Aperture හි අගය වැඩි වන විට පසුතලය හා වස්තුව යන සමස්ථ දර්ශණයම හොඳින් නාභිගත වන අතර මේ සඳහා වැඩි ආලෝක තත්ත්වයක් අවශ්‍ය වීමයි. එමෙන්ම අගය අඩු වන විට නාභිගත වීම අඩුවී ඡායාරූපය බොඳ වුනු ස්වභාවයක් ගනියි. එහෙත් එහිදී අඩු ආලෝක තත්ත්වයකදීත් ඡායාරූපගත කළ හැකියි.

Shutter Speed (ෂටර් ස්පීඩ්)


කැමරාවේ අභ්‍යන්තරයට ආලෝකය ලබාදෙන කාච විවරයේ වේගය පාලනය කරන්නේ මේ මගිනි. මේ ද්වාර වේගය වැඩි වන තරමට පින්තූරය ස්ථීර බවක් පෙන්වන අතර ඒ සඳහා හොඳ ආලෝකයක් අවශ්‍යයි. ආලෝකය අඩු අවස්ථාවන්හිදී අඩු ද්වාර වේගයක් ගැලපෙන මුත් සෙලවෙන වස්තූන් පෙන්වන්නේ බොඳ වුනු ආකාරයෙනි.

ISO (අයි.එස්.ඕ.)


ඡායාරූපය ගන්නා අවස්ථාවේදී ඇති ආලෝකයට අනුව දළ සේයාපටයේ ආලෝක සංවේදීතාවය මෙමගින් සැකසිය හැකියි. මෙය වැඩි අගයකට සැකසීමෙන් අඳුරු ආලෝක තත්ත්වයකදී වුවත් වැඩි Shutter Speed එකක් සහිතව ඡායාරූප ලබාගත හැකි වුවත් දූවිලි වැනි ආලෝක කනිකාවන් (Grain) ඇති කරයි. ISO අඩු අගයක් දුන් විට පැහැදිලි රූපයක් ලැඛෙන අතර ඒ සඳහා හොඳ ආලෝක තත්ත්වයක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ISO සැකසුම් අඩු අගයකට සකසනු ලබයි.


camerasim හි දැක්වෙන අගයයන්හි Shutter Speed ඇත්තේ 1/125 sec ආකාරයෙනි. මෙම සැකසුම් යටතේ ඡායාරූපයක් ගෙන බැලූවහොත් ලැබෙන ඡායාරූපයේ දැරිය අත ඇති කැරකැවෙන රූංපෙත්ත බොඳවී ඇති ආකාරයක් පෙනෙනු ඇත. මෙම අගය 1/20 sec දක්වා අඩුකල හොත් මුළු රූංපෙත්තම බොඳවී නොපෙනී ගොස් ඇති අයුරු පෙනේවි. නමුත් Shutter Speed අගය 1/500 sec ක් පමණ වැඩි කළ විට රූංපෙත්ත නොසෙල්වී ඡායාරූප ගතවී ඇති ආකාරය දක්නට ලැබේ. මේ අගයයන් වෙනස් කර camerasim මගින් උත්සාහ කර බලන්න. 

චලනය වන වස්තූන් බොඳ වී ඇත...

චලනය වන වස්තූන් ද තියුණු ලෙස හසුකර ගනී...

ඔබ Shutter Speed හි අගය අඩුම ප්‍රමාණයකට සැකසුවහොත් Aperture හි අගය එහි උපරිම ප්‍රමාණයට (F/36) වැඩි වේ. Shutter Speed අගය 1/13 sec ට වඩා අඩුවූ විට ඡායාරූපයේ අනාවරණය වැඩි වීම නිසා ඡායාරූපය නොපැහැදිලි වේ. මෙය Overexposed ලෙස හැඳින්වේ. එමෙන්ම ISO අගය 100 කට සකසා Shutter Speed අගය 1/1250 sec වලට වඩා වැඩි කළ විට ඡායාරූපය අඳුරු පැහැ වේ. මෙය Underexposed ලෙස හැඳින්වේ.

Overexposed 

Underexposed 
තවත් වැදගත් සැකසුමක් ලෙස Aperture හඳුන්වා දිය හැකියි. බොහෝ ඡායාරූප ශිල්පීන් තම ඡායාරූපයන් හි ඉලක්කගත වස්තුව ඉස්මතු කොට පෙන්වීම සඳහා පසුතලය බොඳ කර ඡායාරූප ගත කිරීමට පෙළඹේ. Aperture හි අගය තරමක් අඩු කිරීමෙන් (මෙහිදී Shutter Speed අගය වැඩිවේ) මේ ආකාරයට ඡායාරූප ලබාගත හැකියි.


camerasim හි ඇති විවිධ සැකසුම් කැමති පරිදි වෙනස් කරමින් නොයෙකුත් තත්ත්ව යටතේ ඡායාරූපයට සිදුවන වෙනස්කම් ඔබට මෙහිදී නිරීක්ෂණය කළ හැකියි. නියම පරිසර තත්ත්වයන් හිදී සැබෑ කැමරාවක් භාවිතයෙන් ඡායාරූපගත කිරීමේදී ඔබට මෙම දැනුම බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.


ලොව අභිරහස් ලිපි අංක 04



1.      පුරාණ ඊජිප්තු රූපාක්ෂර වලට ලෝකෙ කොහේ තිබුණත් අඳුනාගන්න පුළුවන් අනන්‍ය හැඩයක් තියෙනවා. ලෝකෙ පුරාම එක එක පැරණි ශිෂ්ඨාචාර වල මේ වගේ පැරණි රූපාක්ෂර ක්‍රම භාවිතා වෙලා තියෙනවා. ඒ වුනත් ඊජිප්තු දෙවියෙක් ඕස්ට්‍රේලියාවෙන් හමුවුනොත්...! මේ පහත රූපයෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් හමුවූ රූපාක්ෂර සමූහයක්. සිඩ්නි නුවරට කිලෝමීටර 10 ක් විතර උතුරු දෙසින් දඩයම් නිම්නයේ පිහිටි ජාතික වනෝද්‍යානයෙන් තමයි මේවා ‍හොයාගෙන තියෙන්නේ. මෙතන තියෙන 250 ක් විතර වෙන රූපාක්ෂර අතුරින් නොවැරදීම හඳුනාගත හැකි ඊජිප්තු රූපාක්ෂර කීපයකුත් හමුවෙලා තියෙනවා. ඒවායින් පැහැදිලිවම අඳුනගෙන තියෙන එක් රූපයක් තමයි අනුබිස් නම් දේව රූපය. මේ අනුබිස් කියන්නේ පුරාණ ඊජිප්තු දෙවිවරුන් අතර මරණයේ විනිශ්චකාරයා. මේකෙන් හිතාගන්න ඕනේ මොකක්ද ? ඊජිප්තු වැසියන් ඈත අතීතයේදී  ඕස්ට්‍රේලියාවට ගියා කියලද ?

----------------------------------------------------------------------------------

2.      ම්ම්...ම්... මෙන්න නියම අභිරහසක්. ඔය වම් පැත්තේ තියෙන හිස් කබල බැලු බැල්මට වෙනසක් පේන්නේ නෑ නේද ? මේක පේරු රටේ ඉකා ගෝත්‍රිකයන් හා මෙක්සිකෝවේ මෙරිඩා කියන ගෝත්‍රිකයන් අතර තිබුණු හිස්කබල් වලින් එකක්. මේක පෙනුමෙන් නම් නූතන මිනිස් හිස් කබලට සමානයි. ඒත්...! බලන්න දකුණු පැත්තේ රූපය දිහා. අළුපාටට ලකුණු කරලා තියෙන්නේ නූතන මිනිස් හිස් කබලක ප්‍රමාණය. මේ ඔළුව ලොකු මිනිස්සුන්ගේ හිස් කබල් වල අක්ෂි කූප (ඇස් කුහර) සාමාන්‍ය ප්‍රමාණයට වඩා 15% ක් විශාලයි. ඒවගේම මේකෙ කපාල ධාරිතාවය ඉතාමත් වැඩියි. මේ ලොකු හිස් කබල් වල උපරිම කපාල ධාරිතාවය ඝණ සෙන්ටිමීටර  3200 ක් හා අවමය ඝණ සෙන්ටිමීටර  2600 ක් ලෙසයි දැක්වෙන්නේ. අපේ කපාල ධාරිතාවය කීයද දන්නවද ? යන්තම් ඝණ සෙන්ටිමීටර  1450 ක් විතරයි. මේ අලි ඔළු මිනිස්සුන්ගේ නම් වෙන්න බෑ කියලා විද්‍යාඥයෝ එකහෙලාම කියා සිටිනවා. එතකොට මේවා කාගෙද ඈඃ...?

----------------------------------------------------------------------------------

3.      මේ රූපය නම් එච්චර පැහැදිලි නෑ හැබැයි. ඒ වුනත් පරිස්සමෙන් බැලුවොත් යම් සටහනක් දකින්න පුළුවන්. ඇල්බාන් කඳුවැටියේ වාසය කලා යැයි සැලකෙන ඔල්මෙක් ගෝත්‍රිකයන් විසින් කැටයම් කලා යැයි සිතිය හැකි මේ රූපයෙන් දැක්වෙන්නේ අවර පෙති සහිත නූතන හෙලිකොප්ටරයකට සමාන ගුවන් යානයක් කියලයි පර්යේෂකයන් නම් කියන්නේ. බලන්න ඔයාලටත් අඳුන ගන්න පුලුවන්ද කියලා...


Aircraft of mount Albàn

----------------------------------------------------------------------------------
4.      මෙන්න මේක නම් මම ආසම වස්තුවක්. තවත් නියමම අභිරහසක්. මේ රත්රන් වස්තුව හමුවෙලා තියෙන්නේ ප්‍රාග්-කොලොම්බියානු සොහොන් ගැබකින්. මේක අවුරුදු 1800 ක් විතර පරණයි කියලා තමයි අනුමාන කරන්නේ. මේක යම් කිසි සත්ත්වයෙක්ගේ අනුරුවත් කියලා මුලින් හිතුවත් පස්සේ මේක ගුවන් යානාවක අනුරුවක් කියලා තහවුරු කරගෙන තියෙනවා. මේක අනුරුවක් වුවත් වායු-ගති විද්‍යාවට (Aero-dynamics) අනුරූප ලෙස විද්‍යානුකූලව තනා තියෙනවා. ඒ වගේම ගුවන් යානයක අඩංගු විය යුතු සියළුම ලක්ෂණ මෙහි අඩංගුයි. අවුරුදු 1800 කට කලින් ජීවත් වුනු අප්‍රිකානුවෝ වායු-ගති විද්‍යා නියමයන් දැනගෙන හිටිය බව මේ නිර්මාණයෙන් ඔප්පු වෙනවා...!
----------------------------------------------------------------------------------

5.      මේ රූපයේ තියෙන්නේ සිතියමක් කියලා පේනවනේ නේද ? Buache සිතියම ලෙස හඳුන්වන මේක පුරාණ ග්‍රීක සිතියමකින් පිටපත් කරගෙන ඇඳලා තියෙන්නේ 1737 දී.  මෙතන පෙන්නලා තියෙන්නේ ඇන්ටාර්ක්ටිකාව කියලා අඳුනගන්න පුළුවන් නේද ? හැබැයි අයිස් නැතුව ගොඩබිම විතරයි. බලන්න මෙතනින් ගිහින් වර්තමාන ඇන්ටාර්ක්ටිකාව පේන්නේ කොහොමද කියලා. අධික ශීතල නිසා මුළු ඇන්ටාර්ක්ටිකාවම අයිස් වලින් වැහිලා තියෙන්නේ. ඇන්ටාර්ක්ටිකාව භූමි කොටස් දෙකකින් යුක්තයි කියන එන භූ භෞතික පරීක්ෂණ ක්‍රම මගින් හොයාගත්තේ 1968 වර්ෂයේදී. ඒත් මේ අවුරුදු 230 ක් පැරණි සිතියමේ ඒ කාරණය නිවැරදිව දක්වලා තියෙනවා. මේක ඊටත් කලින් තිබිච්ච පැරණි ‍ ග්‍රීක සිතියමකින් කොපි කරපු එකක් නිසා ග්‍රීක යුගයේදිත් ඇන්ටාර්ක්ටිකාව කොටස් දෙකක් කියන එක දැනන් ඉඳලා තියෙන්න ඕනෙ. එහෙම නේද ?

----------------------------------------------------------------------------------

6.      ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර ගැන වගේම දකුණු ඇමරිකානු ගෝත්‍රික ජනයා ගැන ඔයත් උනන්දුවක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම මේ මොනවද කියලා අඳුන ගන්න ඕනෙ. ඔව්... මේ තමයි සුප්‍රසිද්ධ ඉකා පාෂාණ.  මේ ගැන ලියනව නම් වෙනම පෝස්ට් එකක් කරන්න වෙනවා. ඒ තරම්ම ආකර්ශණීය මාතෘකාවක්. රයිට්... කෙටියෙන් කියන්නම්... මේ ඉකා පාෂාන කියන්නේ පේරු රටේ ඉකා කාන්තාරයෙන් හමුවුනු රූප කැටයම් කල ගල් කැට සමූහයක්. ආචාර්ය ජාවියර් කැබ්‍රේරා විසින් මේ ගල් කැට දහස් ගණනක් පිළිවෙලින් ලැයිස්තුගත කරලා තමන්ගේ පුද්ගලික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. මේ ගල් කැට වල එක එක අමුතු දේවල් තමයි කැටයම් කරලා තියෙන්නේ. මේවායේ තියෙන කැටයම් වලින් වැඩි හරියක් 18+. ඒක අපිට අදාල නෑනේ... හරි... මේ රූපයේ තියෙන ගල් කැටයමේ දැක්වෙන්නේ හදවත් සැත්කමක් සිදුකරන ආකාරයක්...! පුරාණ දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාර වලට කිසිසේත්ම අදාල නැති මේ වගේ අරුම පුදුම සිද්ධි ගොඩක් මේ ගල් කැට වල කැටයම් වෙලා තියෙනවා... මේවා මොකට කෙටුවද කියලා තේරුම් ගන්න අමාරුයි...!
 ----------------------------------------------------------------------------------

7.      අරුම පුදුම දඟර...!!! මේවා දැක්කම එච්චර වෙනසක් නෑ නේද ? එත් විශ්වාස කරන්න මේවා ස්ථිර වශයෙන්ම අවුරුදු 20000 කට  වඩා පරණයි. ඒ වගේම විද්වත් මතයට අනුව සමහර විට ‍අවුරුදු ලක්ෂ 3 කට වඩා පැරණි වෙන්නත් පුළුවන්. කාල නිර්නය කිරීමේ අපහසුව තමයි මේ අවිනිශ්චිතතාවයට හේතුව. රුසියාවට අයත් යූරල් කඳු වැටියේ නැගෙනහිර අන්තයෙන් ගලා බසින කුඩා ගංගාවක් වන Narada  ගංඟාවෙන් තමයි මේ අසාමාන්‍ය සර්පිලාකාර වස්තුන් හම්බවෙලා තියෙන්නේ. මේවායේ ලොකුම වස්තුව සෙන්ටිමීටර 3 ක් (3 cm) වන අතර කුඩාම වස්තුන් ගේ ප්‍රමාණය මිලිමීටර් 0.003 ක්...! ලොකු ඒවා තඹවලින් තමයි හැදිලා තියෙන්නේ. ගොඩක්ම කුඩා ඒවා ටංස්ටන් හා මොලිබ්ඩිනම් වැනි දුර්ලභ ලෝහ වලින් හැදිලා තියෙන්නේ. මේ කුඩා වස්තූන්ගෙන් බොහෝ ඒවා අන්වීක්ෂීය වස්තූන්. ඒත්... ඇහැට පේන්නැති තරම් පුංචි වුනත් මේ හැම සර්පිලාකාර වස්තුවකම ඇති සර්පිල වල මිනුම් ස්වර්ණ අනුපාතිකයට (Golden Mean ratioසමාන ‍වන ලෙසින් නිමවා තියෙනවා...

----------------------------------------------------------------------------------

8.      මේ ප්ලියෝසීන යුගයේ ජීවත් වුනු Toxodon කියන සතාගේ කලවා ඇටයක්... ඊතලයකින් ලකුණු කරලා තියෙන්නේ හෙල්ලකින් හෝ ඊතලයකින් හෝ අස්ථිය පසා කරගෙන ගිය සලකුණක්. (මට නම් ඕක පේන්නෙම mini-USB පෝර්ට් එකක් වගේ...:P)  ඉතින් මොකක්ද මේකෙ තියෙන විශේෂත්වය ? මේ අස්ථිය ප්ලියෝසීන යුගයට අයත් එකක්ලු...!!! ඒ කාලේ දුණු, ඊතල, හෙල්ල හදන්න මිනිස්සු තියා වානරයන් වත් ඇතිවෙලා නෑ නොවැ...!!!
----------------------------------------------------------------------------------

9.      මමි ගැන නොදන්න කෙනෙක් නෑනෙ. මේක සුවිශේෂී කුරුමිටි මමියක්. ඒවගේම හරිම අද්භූතජනකයි. 1932 වර්ෂයේ ඇමරිකාවේ Wyoming හි කැස්පර් හි සිට සැතපුම් 60 ක් නිරිතදිගින් පිහිටි පේදුරු කඳුවැටියෙන් හමුවූ මේ මමිය අස්වාභාවික ලෙස ප්‍රමාණයෙන් කුඩායි. අඳුරු ලෝකඩ පාට වුන, බොහෝ සේ රැළි වැ‍ටුන මේ මමිය පුරුෂයෙකුගේ බවත්, අවුරුදු 65 ක් පමණ ජීවත් වෙන්නට ඇති බවටත් පර්යේෂකයින් අනුමාන කරනවා. පුදුමෙ කියන්නේ මෙයා ජීවතුන් අතර ඉද්දි උස යන්තන් අඟල් 14 යි ලු...! ඒ ව‍ෙග්ම සජීවී බර කිලෝ පහමාරයි...! මමිය නම් යන්තම් ග්‍රෑම් 350 යි. මෙයාගේ නළල ගොඩක් පාතයි. නාසය පැතලියි, පොඩිවෙලා වගේ. කට පළල් - තොල් තූනීයි. මේ මමිය අයත් මනුෂ්‍යයා පෘථිවිය තුල ජීවත්වන කිසිම මනුෂ්‍ය ආකාරයකටත් වඩා ගොඩාක්ම කුඩායි. පේදුරු කඳුවැටියෙන් ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත්වෙන  ආදිවාසීන් පවසන්නේ අතීතයේ මේ ප්‍රදේශය වාසස්ථානය කරගත් මෙවැනි වාමන මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිටි බවයි...!

----------------------------------------------------------------------------------

10.  දැක්ක ගමන් පේනවා නේද මේ ගල් කුට්ටියේ ප්‍රමාණය. මේ තමයි ලෝකයේ විශාලතම කපන ලද පාෂාණය. පරිමානයට බැලුවම හිතාගන්න පුලුවන් නේ - තට්ටු දෙකේ ගෙයක් විතර උසයි...! මේ හතරැස් ගල් කුට්ටිය තියෙන්නේ ලෙබනනයේ බාබැක් ප්‍රදේශයේ අවුරුදු දහස් ගාණකට පෙර අත්හැර දැමූ ගල් කොරියක. බර... ටොන් 1050 ක් ! අඩි 72 ක් දිගයි ! මොනොලිත් (තනි ගල් කුට්ටිය) ලෙස හඳුන්වන මේ පාෂාණය මේ විදියට කැපුනේ කවුද ? මේක ප්‍රවාහනය කලේ කොහොමද ? නූතන යන්ත්‍ර සුත්‍ර වල ආධාරයෙන් තොරව ආදිකාලීන මනුෂ්‍යයාට මේ තරම් විශාල ගල් කුට්ටියක් හොල්ලන්න වත් බෑ. මේක කපලා අරගෙන යන්න මිනිහෙක් වගේ පස් හය ගුණයක් වත් ලොකු වෙන්න ඕනේ... (මේ මට හිතෙන දේ... පිරමීඩ වලට ගල් කුට්ටි අරන් ගියේ ලෙබනනයෙන්ද දන්නෑ... :P)




----------------------------------------------------------------------------------

11.  පේරු කියන්නේ ඊජිප්තුව වගේම අති පුරාණ ශිෂ්ඨාචාර කීපයකම නිජබිම. මේ පේරුහි ලෝකඩ දැතිරෝද... කාර්යය අතින් නම් මේවා නූතන ගියර් රෝද වලටම සමානයි. මහාචාර්ය රෆායෙල් ලාර්කෝ හොයිලි පේරු ගැන සිදුකල ඔහුගේ අධ්‍යයනයන් වලදී මේ ගැන පුළුල්ව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අවුරුදු දහස් ගාණක් ඈත කාලේ මේ දැති රෝද හැදුවේ මොකටද කියලා හිතාගන්න බෑ. 
----------------------------------------------------------------------------------

12.  අභ්‍යවකාශ යුගය පටන් ගත්තේ 1950 න් පස්සේ කියලනේ අපි දන්නේ. ඒත් අභ්‍යවකාශ යානා හා ගගනගාමීන්ගේ රූප / ප්‍රතිමා ලෝකය පුරාම තියෙනවා. මේවා ගොඩක් පරණ නිර්මාණයන්. මිනිසා අභ්‍යවකාශය ගැන හීනෙකින් වත් හිතලා නැති කාලේ කරපු නිර්මාණයන්. ඊළඟට පෙන්නන්න යන්නේ ඒ වගේ දේවල් කීපයක්. මේ රූපයේ දැක්වෙන ප්‍රතිමාව යුරෝපයෙන් හමුවූවක්. කීව් හි ගගනගාමියා ලෙස හැඳින්වෙන මේ ප්‍රතිමාවෙන් පුරාණ අභ්‍යවකාශගාමියෙක් නිරූපණය වෙනවා.




 ----------------------------------------------------------------------------------

13.  ප්‍රාග් ඓතිහාසික ජපන් පිලිරූ දෙකක් වන මේ දෙකම පැහැදිලි ලෙසම ගගනගාමීන් බව හඳුනාගත හැකියි. මේ රූප දෙස හොඳින් බැලුවොත් අභ්‍යවකාශ ගාමීන්ට සුවිශේෂ වූ ඇඳුමත්, ලොකු හිස් ආවරණය විශේෂ අගුලු ක්‍රමයකට ඇඳුම හා සම්බන්ධ වෙන ආකාරයත් පේනවා. වම් පැත්තේ පිළිමයේ ඉන්න ගගනගාමීයාගේ හිස් ආවරණය විශේෂයි. ඒකෙ තියෙන ලොකු ඇස් ආවරණ දෙක පැහැදිලිවම කියා පාන්නේ අධික ආලෝකයෙන් ඇස් ආවරණය කෙරෙන විධික්‍රමයක් මේ පිළිමය නෙළන කාලෙත් දැනන් හිටියා කියන එකයි. ප්‍රාග් ‍‍ඓතිහාසික කාලේ මේ වගේ ගගනගාමී සිතුවිලි ජපනුන්ට කොහෙන් ආවද මන්දා...!



----------------------------------------------------------------------------------

     අප්පේ... ඉවර නෑ... තවත් තියෙනවා. ඔක්කොම හරි දාන්න තිබ්බා... මට මේ ටිකේ කොටන්න වෙලාව මදි... අනික තවත් මේ වගේ ටිකක් තියෙනවා දාන්න. පින්තූර වැඩි වෙලා පිටුවම අල වෙයි. ඒක නිසා සමාවෙලා තව කොටසකට අවසර...!!! ගොඩක් දෙනෙක් එක එක ජාතියේ ඒවා අහලා / කියලා තිබුණා. හිමින් සැරේ කමෙන්ට් දාන්නම්කෝ. සමාවෙන්න... මාසේ අන්තිම නිසා වැඩ වැඩියි... මහන්සි වැඩියි... මේ වගේ බර වැඩකට කාලේ හදාගන්න ටිකක් අමාරුයි... ‍‍ඒ වුනත් ඉතින් මේ වගේ පෝස්ට් එකක් ඉවර කලාම දැනෙන සතුට, කමෙන්ට් එක එක එද්දී, හිට්ස් වැඩිවෙද්දී තව තවත් වැඩිවෙනවා. ඒක තමයි අපි වගේ බ්ලොග්කරුවන්ට තියෙන සතුට. ඉතින් ඒ සතුට විඳගන්න උදව් වෙච්ච ඔයාලා හැම දෙනෙක්ටම ගොඩාරියක්ම ගොඩාරියක් ස්තුතියි...! ඔයාලා ආසාවෙන් කියනව නිසා තමයි මොන අමාරුව තිබ්බත් පෝස්ට් එකක් හදලා දාන්නේ. ඉතින් එහෙනම්... යන්න අවසර... ආයෙත් එන්නේ ලොකු වෙනසකුත් එක්ක... එකතුවෙලා ඉන්නකෝ... අපි ගියා එහෙනම්..