This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, October 8, 2011

Kaspersky Internet Security 2012 ජෙනුයින් එක..


මෙය හැක්රිස්ගේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

මෙතැන ක්ලික් කර එතැනට යන්න
Kaspersky Internet Security 2012 ජෙනුයින් එක...39

-HacKrisH- | -හැක්ක්‍රිෂ්- | 2:24 AM |

ගොඩක් අය කැමති වයිරස් ගාඩ් එකක් නෙ Kaspersky Internet Security 2012 කියන්නෙ. මේ සොෆ්ට්වෙයා එක උස්සන්න හරිම අමාරුයි. ඉස්සුවොත් උපරිම මාසයක් දෙකක් තමයි යූස් කරන්න ලැබෙන්නෙ. මුන්ට අහු වෙනවා අපි කරන හොර වැඩ. ඉතින් උන් කරන්නෙ අපේ හොර වැඩ බ්ලොක් කරන විදියට අලුත් අප්ඩේට් එකක් එවන එක. ඉතින් අපි අසරණ වෙනවා නෙව එහෙම උනාම.

හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ Kaspersky Internet Security 2012 ජෙනුයින් එක. හොර වැඩ කරන්න ඕන නෑ නෙව කෙලින්ම ජෙනුයින් එකම දාගත්තාම. නේද?... මගේ කම්පියුටර් මොකක් හරි හේතුවක් නිසා මාස දෙක තුනකට සැරයක් අනිවාර්යෙන්ම ෆෝමැට් කරන්න වෙනවා නෙව. ඒකට හේතුව තමයි මම ඔය කරන එක එක ජල්තර වැඩ. ඉතින් මොකක් හරි ලෙඩක් ආපු ගමන් ෆෝමැට් කරන්න වෙනවා. මම අද මේ දෙන Kaspersky Internet Security 2012 එකත් මාස 3ක්ම එක දිගට ඔයාලට කිසිම ගැටලුවක් නැතිව යූස් කරන්න පුලුවං. ඉතින් සල්ලි ගෙවලා ගන්න ඕන ඔර්ජිනල් සොෆ්ට්වෙයා එකක් කිසිම ක්‍රැක් කිරිල්ලක් නැතිව මාස 3ක් හරි යූස් කරන්න පුලුවං එක හරි වටිනවා නෙව...

මුලින්ම ඔයාලා කරන්න ඕන  Kaspersky Internet Security 2012 එක ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න එක. ඒක ඩවුන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න. ඕක ඉන්ස්ට්‍රෝල් කරගෙන යනකොට මගදි සීරියල් නම්බර් එකක් ඉල්ලයි. ඒක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

FREE Kaspersky Internet Security 2012 90 Days Activation Key Download



This activation code works perfectly on new installations only and not on already installed KIS 2012.

හරි මම හිතනවා මේක කැස්පාට පෙම් බඳින අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...


Read more: http://hackrish.blogspot.com/2011/09/kaspersky-internet-security-2012.html#ixzz1aCj8HKen

Monday, September 19, 2011

කොසොල් රජතුමා දුටු සිහින


 කොසොල් රජතුමා දුටු සිහින


රට කරවීම සහ කොසොල් රජතුමා දුටු සිහින – (බිනර පොහොය නිමිත්තෙනි)බුද්ධ දේශනයක් වන අග්ගඤ්ඤ සූත්‍රය අනුව අප වෙසෙන මනුෂ්‍ය ලෝකය නැවතත් කල්ප විනාශකින් පසුව අළුතින් පහල විය. අනතුරුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් චුතව මුලින්ම මෙලොව පහල වූ මනුෂ්‍යයන් අහසින් ගමන් කරන්නා වූ බොහෝ ආයුෂ ඇති යහපත් අය විය. පසුකාලිනව ශරීර රළු වී පොළවේ ගමන් කරන සහ ධාන්‍ය ආහාරයට ගන්නා වූ පිරිසක් බවට ඔවුහු පත් වූහ. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ලිංග භේදය ආදිය පහළ වී තව තවත් ඔවුන්ගේ විවිධ අපචාර ක්‍රියා ආදිය බහුල විය. එහිදී එම මනුෂ්‍ය සමාජයේ එකිනෙකා අතර ඇතිවන ගැටළු විසඳා ගැනීම සඳහා සියළු ජනතාවගේ එකඟතාවයෙන් මහාසම්මත නම් රජෙක් පත්කොට ගැනීමත් සමඟම රාජ්‍ය පරිපාලනයක් ආරම්භ වේ. බුද්ධාගමට අනුව රජෙක් කෙසේ නම් රාජ්‍ය පාලනය කළ යුතුද යන්න චක්කවත්ති සීහනාද සූත්‍රය සහ දසරාජධර්ම ඇසුරින් අපට ඉගෙන ගත හැකිය.
රාජ්‍ය පාලනයේදී ඒ ඒ කාලයන්හිදී රජු ඇතුළු ජනතාවගේ චර්යා රටා සහ හැසිරීම් අනුව රටක පිරිහීමට හෝ නැඟීමට අදාලා කාරණා සිදුවන බව වටහාගත හැකි අවස්ථා කිහිපයක්ම බුද්ධ ධර්මයේ  දැක්වේ. බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දුටු සිහින 16ක් සම්බන්ධ කතාව මෙහිදී රටක පරිහාණියට හේතුවන කාරණා සහ නිමිති අවබෝධකරගැනීම සඳහා එකලටත් වඩා මෙකල ජීවත්වන අයට ඉතාමත් වැදගත් වන බව අපගේ අදහසයි.
කතාවේ සඳහන් ආකාරයට, කොසොල් රජතුමා විසින් විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව ඒවාට ආදාල සිහින ඵලාඵල විමසීම සඳහා මුලින්ම බමුණන් කැඳවනු ලැබේ. බමුණෝ එම සිහින දහසයම කොසොල් රාජ්‍යයට ඉතාමත් අශුභ බව සඳහන් කර ඒ සඳහා සතුන් විශාල ප්‍රමාණයක් මරා බිලි පූජා සහිත යාගයක් කළ යුතු බවට රජුට උපදෙස් දෙති. එනමුත් කොසොල් රජු බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් තමා දුටු සිහින 16 ගැන විස්තර උන්වහන්සේට පැවසීය. බුදුරජාණන්වහන්සේ එම සිහින 16ට අදාල අනාගත නිමිති එකනෙක රජුට පැහැදිලි කරමින් ඒවා කොසොල් රජුගේ රාජ්‍යකාලයේදී සිදුනොවන කාරණා බවත්, තවද ඒවා අනාගත කාලයේ පාලකයන්ගේ සහ ජනතාවගේ චර්යාව පිරිහීමෙන් සිදුවන දේ බවත් වදාල සේක. එබැවින් එකලටත් වඩා මෙකලට අදාල වූ එම සිහින 16 එකිනෙක විස්තර සහිතව පහත දක්වනු ලැබේ.
1වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි.
බුදුරජාණන්වහන්සේ: රජතුමනි, මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය. එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇති වන්නේය. සතර දිගින් වැසි වළාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇළ වේලි බැදීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස ගිගුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය දතයුතුය.
2වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනී මා විසින් දකින ලද දෙවන සිහිනය මෙසේය, ඉතා කුඩා පැළෑටි හා පදුරු පොළොවෙන් මතු වී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පල දරයි.ස්වාමීනී මෙම දෙවන සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමෙනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන අවදියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරන්නේය.එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනයෙන් ප්‍රකාශ වන බව දැනගත යුතු යැයි එම දෙවන සිහිනය තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කළ සේක.
3වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනී, මාදුටු තෙවන සිහිනය නම්, දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරාබීමය.
බුදුරජාණන්වහන්සේ: මහ රජතුමනි, මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමාපියන්ට නොසලකා පවුලේ සියලු දේපල සියල්ල තම යටතට ගැනීම බව දත යුතුය.එවිට දෙමාපියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය.මෙය තෙවන සිහින පලාපලය වන්නේය.
4වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, සිව්වන සිහිනය නම්, ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති. එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵලය ද අනාගතයේදී ලැබෙන්නේය. අනාගතයේ දී රජවරු අධර්මිෂ්ට වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති. රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති. මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන බව දතයුත්තේය.
5වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත – චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.

6වැනි සිහිනය:-
කොසොල් රජතුමා:ස්වාමීනි, මා දුටු හයවන සිහිනය නම් මනාව ඔප දමන ලද කහවනු ලක්ෂයක් වටිනා රන්තලියක මහළු සිවලෙකු මුත්‍රා කිරීමය.
බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු රජ පරපුර නොසලකා නීචයන්ට උසස් ස්ථාන ලබා දෙති. අනතුරුව නීචයන් උදෙසා තම රාජකීය දියණිවරු සරණපාවා දෙති. මින් උසස් රාජ වංශයන් කෙළෙසී යන බව දතයුතුය.
7වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු සත්වන සිහිනය නම් මිනිසෙකු ලණුවක් අඹරමින් සිටියි. ඔහු ලණුව අඹර අඹරා තමා සිටින පුටුව යටට දමයි.යට සිටින සිවල් දෙනක විසින් එය කොටසින් කොටස ගිල දමයි. මෙය සිදුවන්නේ ලණුව අඹරන මිනිසාගේ දැනුමෙන් තොරවය.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙයින්ද ඔබට අනතුරක් නැත. මෙය ද අනාගතයේ සිදුවන දෙයකි.එනම් අනාගතයේදී කාන්තාවෝ පිරිමින් සමග මත් පැන් බොමින් තම සැමියන් විසින් මහන්සි වී උපයන ධනය විනාශ කර දමති. එය මහළු සිවලිය මිනිසා කොටස් වශයෙන් අඹරන ලණුව ගිලදමන්නා මෙන් යැයි දතයුතුය.
8වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු අට වන සිහිනය නම් රජ මාලිගයේ මුවවිට දක්වා දිය පිරුණ සැළියක් ඇත. එය වටා කිසිදු දිය බිදක් නැති හිස් කළ රාශියක් ඇත. සතර දෙසින් වැල නොකැඩී ගලා එන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැළියට ජලය බහා ලති. දිය සැළිය පිරී ඉතිරී යයි.එහෙත් කිසිවෙකු හිස්බදුන් වලට දිය නොදමති.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනය ද ඔබගේ කාලයේ විපාක නොදෙන්නකි. කාලය ගතවත්ම ලෝකය පිරිහෙන විට රාජධානිද පිරිහෙයි. රජවරු දිළිදු වී බලවත්ම රජුගේ ධනය කහවනු ලක්ෂය දක්වා පහල යයි.අනතුරුව රාජධානි වල වැසියන් රජුගේ කටයුතුවල පමණක් යොදවති.රජු ධනවත් වන අතර ජනතාව දිළිඳු වී දුක්බරිත වන බව මෙයින් දතයුතුය.
9වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු නව වන සිහිනය නම් හාත්පසින්ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුපා සතුන් දිය බීමට පැමිණෙත්. එහි මැද ප්‍රදේශයෙහි මඩ සහිතය. එහි නොයෙක් සතුන් දියබීමට පැමිණ ඇත.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේදී රජවරු අධර්මිෂ්ට වී හිතුමනාපයේ රාජ්‍ය පාලනය කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඩු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා ධනය උදුරා ගන්නේය.
10වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, දසවන සිහිනය නම් කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව බතක් පිසෙනු ලැබේ. එම බත කොටස් තුනකට කට බෙදී එක් කොටසක් බෙරිවී ඇත. අනෙක් කොටස අමුය. ඉතිරි කොටස මනාව පැසී ඇත.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු පහළවීම නිසා වැසියෝ ද අදමිටු වෙති.ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා අධර්මිෂ්ට වෙති. මෙසේ වන විට ඔවුන් රකින දෙවිවරුද අධර්මිෂ්ට වෙති.මේ අධර්මිෂ්ට රාජධානි හරහා හමායන සුළං ක්‍රමවත් නොවීම නිසා රටේ එක් පෙදෙසකට දරුණු නියගය ද එක් ප්‍රදේශයකට දරුණු ගංවතුර ද ඇති වී මහත් විනාශයන් ඇති වන විට තවත් ප්‍රදේශයක් බොහෝ සශ්‍රී ක වන බව මෙයින් කියවෙන්නේය.
11වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.
12වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු දොළොස් වන සිහිනය නම් ලබු කබල් දියෙහි කිදා බැසීමය.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයද අනාගතයේ අධර්මිෂ්ට රජවරු නිසා ඇතිවන්නකි. මෙම යුගයේදී නොයෙක් නීච කුල ජාතිකයන් රජ වෙති. එවිට පහත් ගති ඇත්තේ බලයට පත්වෙති. එවිට ලාමක ගති ඇත්තන් අධිකරණ සේවයේ යෙදවීම නිසා නීතිය වල් වැදී යන බව මෙයින් කියවෙන්නේය.
13වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, දහතුන් වන සිහිනය නම් සුවිසල් පර්වත දියෙහි පාවී යාමය.
බුදුරජාණන්වහන්සේ: රජතුමනි, අනාගතයේ දී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුද්ගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත්ව රාජ්‍ය ද පිරිහී යන බව දත යුතුය.
14වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු දහ හතර වන සිහිනය නම් කුඩා මැඩියන් විශාල නාගයන් ගිලදැමීමය.
බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේදී බොහෝ පිරිමින් වියපත් වුවද තරුණ කාන්තාවන් සමග සල්ලාලකම් වල යෙදෙති. මෙම තාවකාලික අඹුවන් සොර සැමියන් වහළුන් බවට පත් කොට සලකති.
15වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, පසළොස් වන සිහින නම් කපුටෙකු රන්වන් හංස රංචුවක විසින් පිරිවරා සිටීමය.
බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය.
16වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි, මෙම අවසාන සිහිනයේ තතු කෙසේද?
බුදුරජාණන්වහන්සේ:  මහරජතුමනි, අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත්, නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති. අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති.
2009 මැයි 18වන දින අප රට කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගෙන රට එක්සේසත් කරන ලද වර්තමාන රජය ඇතුළු රණ විරුවන්  කරන ලද්දේ ශ්‍රේෂඨ කර්තව්‍යයකි. එනමුත් ත්‍රස්තවාදයෙන් මුදාගත් මෙරට තවදුරටත් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය වන යහපත් රට කරවීමේ යාන්ත්‍රණයක් සාදා ගැනීම සඳහා කොසොල් රජතුමා දුටු සිහින සඳහා බුදුරජණන්වහන්සේ විසින් කරන ලද පැහැදිලි කිරීම් ඇසුරින් ලබා ගත හැකි ආදර්ශයන් රාශියකි. මෙරට පක්ෂ-විපක්ෂ සියලු පාලකයන්ගේ අවධානය වංචා දුෂණ සහ අනෙකුත් අකටයුතුකම් වලින් තොරව ධාර්මිකව රට කරවීම උදෙසා යොමු වේවා, යන්න  බෞද්ධයෙක් වශයෙන් මාගේ ප්‍රාර්ථනයයි.

Saturday, September 10, 2011

ටිකක් හිනා වෙන්න

ටිකක් හිනා වෙන්න
මේක පොඩි ජොලි කතාවක්.එහෙනම් අහගන්නකො

අත්හදා බැලීමක් වශයෙන් නෙප්චූන් වලට කෙනෙකු යැවීමට සොයයි.නමුත් ගිය කෙනාට ආපසු මෙහි එන්නට නොහැක.නමුත් ඉල්ලන ගානක් දෙයි.එයට සහභාගි වූ අයදුම් කරුවන් සහ සේවකයෙකු අතර ඇති වූ කතාවක්.

මුලින්ම පැමිනියේ විශ්‍රාමික රුසියානු හමුදා භටයෙකුයි.

හමුදා භටයා:-මට ඕනා ඩොලර් 100000.ඒවා මම රුසියානු හමුදාවට පරිත්‍යාග කරනවා.

දෙවනුව පැමිනියේ ඇමෙරිකාවෙ ඩොක්ටර් කෙනෙකි.

ඩොක්ටර්:-මට ඕනා ඩොලර් 200000.මම ඒවා ඇමෙරිකාවෙ සෞඛ්‍ය සංවිදානෙකට දෙනවා.

තෙවනුව ආවෙ ලංකාවෙ හිටපු ජනාධිපති කෙනෙකි

ජනාධිපති:- මට ඕනා ඩොලර් 300000.

සේවකයා:-එච්චර මොකටද?

ජනාධිපති:-100000 ක් ඔයාට.100000 මට.ඉතුරු100000 දීලා අර රුසියන් කාරයව අරිමු.

නිමල්ගේ නිවස මංකොල්ලකා ඇති බව ආරන්චි වූ විමල් වහා එහි දිවගියේය.

විමල් : "මොකද මචන් උනේ? උන් කීදෙනෙක් ආවද?"

නිමල් : "එක හොරයි ආවෙ.ඌ පිහියක් පෙන්නල අපිව බයකරල සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා."

විමල් : "ඇයි උඹ නිකන් බලන් හිටියෙ? උඹලඟ හැමතිස්සෙම තියන පිසතෝලෙ තිබුනෙ නැද්ද ඒ වෙලාවෙ?"

නිමල් : "හොඳ වෙලාවට හොරා ඒක දැක්කෙ නෑ.මම පිස්තොලෙ ඉනේ ගහගන ශර්ට් එක උඩින් දාගෙන හිටියෙ."

ටිකක් හිනා වෙන්න

ටිකක් හිනා වෙන්

ඒ මගේ නෝනා...

"සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්." කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය.

බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය.
"කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?"

"අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි.

"ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා." කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය.

දෙවිදිහ...

තම අලුත් හෝටලයට සුදුසු වේටර්වරුන් බඳවා ගැනීම පිණිස ලලිත් පුවත්පත් දැන්වීමක් පළ කළේය. ඒ අනුව හෝටලය වෙත පැමිණි චන්ද්‍රසේන දෙස තියුණු බැල්මක් හෙළූ ලලිත් මෙසේ ඇසීය.

"තමුසෙ දන්නවද මේ හෝටලේට එන කස්ටර්මර්ස්ලට හොඳට සලකන්න"

"ඔව් සර්. දෙවිදිහටම සලකන්න මං දන්නවා." චන්ද්‍රසේන හිස නමා ගරුසරු ඇතිව පිළිතුරු දුන්නේය.

"මොකක්ද ඒ දෙවිදිහ" ලලිත් ඇසුවේ කුතුහලයෙනි.

"ඕනෙනම් ආපහු හෝටලේට එන්නයි. නැත්නම් හෝටලේ පැත්ත පළාතේ නොඑන්නයි" චන්ද්‍රසේන කීවේය.

සිළුමිණ

එහෙනං කමක් නෑ...

තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාධා පමුණුවමින් එක දිගට හැඬවෙන්නට ගත් දුරකථනය දෙස බලවත් නොරිස්සුමෙන් බැලූ හමුදා භටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි.

"කවුද ඕයි ඔය කතාකරන්නෙ?" ඔහු එම කෝපයෙන්ම ඇසීය.

"මොනවා...! තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක" දුරකථනයේ එහා කොනෙන් මහා ගෙරවිලි හඬකින් පිළිතුරු ලැබිණ.

"මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?" භටයා එවර ඇසීය.

"නෑ.. මං දන්නෙ නෑ." එවරද මේජර් වරයා කෝපයෙන් ගෙරවීය.

"ආ.. එහෙම නං කමක් නෑ." කියූ භටයා වහා රිසීවරය ආපසු තැබීය.

සිළුමිණ

රාවණාගේ දුන්න කැඩුවේ කවුද???

දිනක් එක්තරා විදුහලක අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පවත්වනු ලබන පරීක්ෂණයක් විය.. එහිදී එක්තරා පරීක්ෂක වරයකු එක් පන්තියක් පරීක්ෂා කරමින් එහි සිටි සිසුන්ගෙන් කෙනෙකු නැගිටවා ඉතිහාසය පිළිබඳ පැනයක් අසන්නට විය..

ළමයාගේ නම නිමල්ය, පැනය " හොදයි නිමල් කියන්න බලන්න රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියලා"

එවිට එම ළමයා බයෙන් වෙවුළමින් හඬමින් මෙසේ කීවේය " අනේ බුදු සර් මම ඔය වගේ වැඩ කරන්නේ නෑ ඒ කතාව බොරුවක් සර්"

පරීක්ෂකයා අන්දුන් කුන්දුන්වී වට පිට බලා" එතකොට ඒක කිසි කෙනෙක් දන්නේ නැද්දයි ඇසීය... එවිට තවත් ළමයකු නැගිට " අනේ සර් අපේ නිමල් හරිම හොඳ ළමයෙක්.. එයා කවදාවත් ඔහොම වැඩක් කරන්නේ නැහැ යනුවෙන් පැවසීය..

මෙයින් කේන්තියට පත් පරීක්ෂක වරයා පන්ති භාර ගුරුවරිය දෙසට හැරෙමින්.. " මෙහෙමද ඔබ තුමිය මේ පන්තිය පවත්වන්නේ..රාවණාගේ දුන්න කැඩුව කෙනා ගැන මේ අය දන්නේ නැද්ද" යනුවෙන් ඇසීය..

එවිට එම ගුරුවරිය ඉතා යටහත් පහත්ව " අනේ සර් ඔය නිමල් මේ පන්තියේ ඉන්න දක්ෂම ළමයෙක්.. ඒ ළමයා කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. සර්ට කවුරු හරි බොරුවක් කියලා තියෙන්නේ.." යැයි පැවසීය..

මෙයින් බොහෝ සේ කිපුන පරීක්ෂක වරයා වහාම විදුහල් පති කාමරයට ගොස් මෙම පන්තිය ගැන පැමිණිළි කරමින් දොස් පැවරීය.. විදුහල්පති වහාම එම පන්තියේ සිසුන් සමග ගුරුවරියද කැදවමින් ඇයගෙන් මේ පිලිබඳව විමසන්නට විය.. එවිට එම ගුරුවරිය ඔහුට තරයේම කියා සිටියේ නිමල් එවැනි වැරදි නොකරන බවය...

එවිට විදුහල්පති පරීක්ෂක දෙසට හැරෙමින් " අනේ සර් මේ මිස් කියනවනේ ඒ ළමයා ඒ වගේ වැරදිකරන්නේ නෑ කියලා.. ඒ නිසා අපි ඒ ළමයට අපි සමාව දෙමු"යැයි පැවසීය...

මෙම ප්‍රකාෂයෙන් තමාට උන් හිටි තැන් අමතක වූ පරීක්ෂක වරයා..වහා එම පාසලත් ගුරු මණ්ඩලයටත් විරුද්ධව පැමිණිලි කිරීමට අධ්‍යපන අධ්‍යක්ෂක වරයා හමු විය ඔහු ගොස් " බලන්න සර්.. අහවල් පාසලේ ළමයි ඉතිහාසය ගැන කිසිම දැනීම්ක් නැහැ..ගුරුවරුත් එහෙමයි..වැඩි දෙයක් තියා ඒ ළමයි රාවණාගේ දුන්න කැඩුවේ කව්ද යයි ඇසූ විට එයට උත්තර නොදුන් බව පැවසීය..

මෙය ඇසූ අධ්‍යක්ෂක වරයා කේන්තියෙන් තම දුර ක්ථනයෙන් භාණ්ඩාගාරයට ඇමතුමක් ගෙන එම පාසලේ නම පවසමින් " ඕකුන් ඔය කැඩිච්ච දුණු කෑලි දෙක ගෙනත් දෙනකන් කිසිම බඩුවක් නැවත නොදෙන ලෙස පැවසීය"
එකෙනෙහිම පරික්ෂක වරායා දඩාස් ගා බිම ඇදවැටිනි...

ඔව් සර්..

පුරා සතියක් කිසිම දැනුම් දීමකින් තොරව සේවයට නොපැමිණි සුගත් ඊළඟ සතියේ සඳුදා රාජකාරියට වාර්තා කළ වහාම නියෝජ්‍ය කොමසාරිස් කරුණාරත්න මහතා ඔහු තමා වෙත කැඳවා මෙසේ ඇසීය.
“තමුසෙ දන්නවද තමුසෙ මෙතන සුළු සේවකයෙක් කියල?”

“ඔව් සර්..” සුගත් යටහත් පහත්ව පිළිතුරු දුන්නේය.

“එතකොට තමුසෙ දන්නවද මම මෙතන ප්‍රධානියෙක් කියල?”

“ඔව් සර්..” එවර සුගත් දෙකට නැමී කීවේය.

“තමුසෙ හිතාගෙන ඉන්නෙ මං බූරුවෙක් කියලද” කරුණාරත්න මහතා එවර ඇසුවේ තරමක ආවේගයකිනි.

“ඔව් සර්..” සුගත් බයාදු ලෙස සිනාවී පිළිතුරු දුන්නේය.

බේරුණේ අනූනමයෙන්...

"ඊයෙ මහ රෑ මගේ ජීවිතේ බේරුණේ අනූනමයෙන්."අරුණ උදේ කාර්යාලයට පැමිණි සැණෙකින් ඉදිරි මේසය අසල වාඩිවී සිටි චම්පා හට කීවේය.
"ඇයි මොකද වුණේ?" චම්පා තමා සකස් කරමින් සිටි වැටුප් ලේඛනය පසෙක දමා විමසුවේ කුතුහලයෙනි.

"ඊයෙ මහ රෑ නිශාන්ති පයින් ඇනලා මට හදිසියෙම ඇහැරුණා. බලනකොට දොර මුල්ලෙ මොකක්දෝ සුදුපාටට වැනෙනවා. මම කොට්ටේ යට තිබුණු පිස්තෝලෙ අරගෙන කළුවරේම ඒ දිහාට වෙඩි තිබ්බා. ලයිට් එක දාලා බලන කොට ඒක දොරේ එල්ලලා තිබුණු මගෙ කමිසයක්" අරුණ කතාව හමාර කළේ සිනාසෙමිනි.

"ඉතින් ඇයි ඔයා බේරුණේ අනූනවයෙන් කියල කිව්වේ?" චම්පා නොසිඳුනු කුතුහලයෙන් විමසුවාය.

"ඇයි හලෝ ඒ වෙලේ මම ඒ කමිසෙ ඇඳගෙන එහෙම හිටියනං වෙඩිල්ල වදින්නෙ මට නෙ" අරුණ කීවේ ඇස් හකුලමිනි.

මොනවා වෙයිද???

"ඊයෙ රෑ හන්දියෙ පික්චර් හෝල් එකේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන්න ගිහින් අපේ ගෑනිට සිහිනැති වුණා මචං" රමේෂ් කාර්යාලයේ විදුලි සෝපානයේදී තමා සමඟ සේවය කරන කොට කරූ සමඟ කීවේය.
"තමුසෙට ඕක හොඳ පාඩමක්. ගෑනු උදවියව ඕනෙ නැති විගඩම් බලන්ඩ එක්ක යනවට." සාම්ප්‍රදායික මිනිසකු වූ කරූගේ පණ්ඩිත කතාවට රමේෂ්ට යකා නැග්ගේය.
"උඹ මේ බම්බුවක් කියවනවා. මම හිතා ඉන්නෙ අද රෑ ෂෝ එකට අපේ නැන්දම්මව එක්ක යන්න." රමේෂ් කීවේ තරහිනි.

යාන්තම් ඇති...

කෞතුකාගාරය තුළ යමක්‌ උස්‌ හඬක්‌ නගමින් බිමට වැටෙන ශබ්දය ඇසීමෙන් කලබලයට පත් සියලු දෙනාම ඒ දෙසට දිව ගියහ. කෞතුකාගාරයේ කාර්ය භාර නිලධාරියාද ඒ අතර විය. කෞතුකාගාරය නැරඹීමට පැමිණි අයෙකු මේසයක හැපීම නිසා ඒ මත තිබූ යෝධ මල් බඳුනක්‌ බිමට වැටී කැබෙලි බවට පත්ව තිබුණි.

"දෙයියනේ... ඔහේ මේ කඩල තියෙන්නෙ අවුරුදු පන්සියයකටත් වඩා පැරණි බඳුනක්‌ නෙ." කාර්යභාර නිලධාරියා මේසයේ හැපුණු තැනැත්තා දෙස බලමින් පැවසුවේ.

කාර්යභාර නිලධාරියා දෙස බලා මද සිනහවක්‌ පෑ ඔහු මෙසේ පවසමින් යන්නට ගියේය.

"යාන්තම් ඇති... මම හිතුවෙ ඒක අලුත් එකක්‌ කියල..."

ගාන වැඩියි...

නඩුවක්‌ සම්බන්ධයෙන් උපදෙස්‌ ලබාගැනීම සඳහා මැදිවියේ පුද්ගලයෙක්‌ නීතිඥවරයෙකු හමුවීමට ගියේය.

"ඔබේ ගාස්‌තුව කියද" ඔහු නීතිඥවරයාගෙන් ඇසුවේය."

"ප්‍රශ්න තුනකට රුපියල් 5000 යි. නීතිඥවරයා පිළිතුරු දුන්නේය.

"ඒ ගාන වැඩි නැද්ද" ඔහු නීතිඥයාගෙන් ඇසුවේය.

"ඔව්. ඒක එහෙම තමයි. ඔහේගෙ තුන්වැනි ප්‍රශ්නය මොකද්ද? නීතිඥවරයා උස්‌ හඬින් ඇසුවේය.

මහදිග කතාව...

සිය සේවකයන් වෙනුවෙන් රැස්‌වීමක්‌ කැඳවූ එක්‌තරා සමාගමක සාමාන්‍යාධිකාරිවරයෙක්‌ ඒ සඳහා විනාඩි විස්‌සක කතාවක්‌ ලියා දෙන ලෙස සමාගමේ ප්‍රධාන ලිපිකරුගෙන් ඉල්ලා සිටියේය.

යොදාගත් පරිදි සාමාන්‍යාධිකාරීවරයා සිය කතාව කරගෙන ගියේය.

ටික වේලාවක්‌ ගත වන විට රැස්‌වීම් ශාලාවේ සිටි පිරිසෙන් හරි අඩක්‌ පමණ පිටවී ගියහ.

කෝපයට පත් සාමාන්‍යාධිකාරිවරයා ප්‍රධාන ලිපිකරුගෙන් මෙසේ ඇසුවේය.

"තමුසේ හරි මිනිහෙක්‌නෙ. මම තමුසෙට කිව්වෙ විනාඩි විස්‌සක කතාවක්‌ ලියල දෙන්ඩ කියල... තමුසෙ මට පැයක කතාවක්‌ ලියල දීලා...

"නෑ... නෑ... සර්. මම ලියල දුන්නෙ විනාඩි විස්‌සක කතාවක්‌ තමයි. සර් කිව්වෙ ඒ කතාවෙ පිටපත් දෙකකුත් දෙන්න කියල..." ප්‍රධාන ලිපිකරු පිළිතුරු දුන්නේය.

නොලිව්වා නං නේද හොඳ?

දිනක් කීර්ති පුවත්පතක පළ කිරීම සඳහා ලිපියක් ලියාගෙන ගොස් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හමුවී එම ලිපිය ඔහුට පිළිගැන්වීය. එම ලිපිය පෙරළා බැලූ කතුවරයා කට ඇද කර ගත්තේය.

"පත්තරවලට ලිපි ලියන කොට අනුගමනය කරන සම්මත ක්‍රමයක් තියෙනවා. එහෙම ලිපියකදී කඩදාසියේ එක පැත්තක විතරයි ලියන්නේ. ඔහේ කොළේ දෙපැත්තෙම ලියලනෙ. කරුණාකරලා මේක ආන්න එහෙම නිවැරැදි විදියට ලියාගෙන එන්නකො." කියූ කතුවරයා ලිපිය කීර්ති අතට දුන්නේය.

ඊළඟ සතියේ නැවත එම ලිපිය රැගෙන කීර්ති කර්තෘ තුමා ඉදිරියේ පෙනී සිටියේය.

"ඔන්න සර් කියාපු විදියටම ලිපිය, කොළේ එක පැත්තක විතරක් ලියා ගෙන ආවා."

ලිපිය අතට ගෙන පුටුවේ හරිබරි ගැහී, එය කියවා බැලූ කතුවරයා අවඥායෙන් කට ඇද කොට මෙසේ කීවේය.

"මේක කොළේ එක පැත්තක වත් නොලිව්වා නං තමයි වැඩිය හොඳ."

කුට්ටම් 3 ක්

"ඇයි උඹ කණ්ණාඩි කුට්ටම් තුනක් පාවිච්චි කරන්නෙ?" පාලිත මනෝගෙන් ඇසුවේ ඔහු තම මේසය ත කණ්ණාඩි කුට්ටම් 3 ක් තබා තිබෙනු දැක විමතියෙනි.

"ඇයි ඒක උඹට පුදුමයක් ද?" මනෝ පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.

"එකක් ළඟ බලන්න. අනික දුර බලන්න. තුන්වැනි කණ්ණාඩි කුට්ටම, අනිත් කණ්ණාඩි කුට්ටම් දෙක තිබ්බේ කොහෙද කියල හොයා ගන්න." මනෝ කීය.

සතුට හා සමාදානය

ඩග්ලස් සහ පියතිස්ස අමාත්‍යාංශය වෙත යමින් සිටියේ රාජකාරී කටයුත්තකටය.

"ඉතින් පියතිස්ස මහත්තයා කොහොමද ජීවිතේ කාරිය?" ඩග්ලස් ඇසීය.

"වරදක් නැහැ මිස්ටර් ඩග්ලස්. නෝනයි මායි සතුටෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඔය ඉඳලා හිටලා තරහක් ගියාම නෝනා අතට අහුවෙන මැටි කෝප්පෙකින්, වලදකින් දමලා ගහනවා.
ඒ වුණාට අපි සතුටෙන් තමයි ජීවත් වෙන්නේ." පියතිස්ස කීවේය.

"දෙයියෝ සාක්කි! හැලිවලංවලින් ගහගෙනත් කොහොමද සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්නෙ?" ඩග්ලස් ඇසුවේ ඔළුවේ අතගසා ගනිමිනි.

"මේකනෙ කාරණේ. එහෙම ගහන පාරක් මට වැදුණොත් නෝනා සතුටු වෙනවා. ඒ පාර මට වැදුණේ නැත්තං මම සතුටු වෙනවා."
පියතිස්ස කීවේ සිනාසෙමිනි.

එහෙම වුණා නං

"ඔයා දන්නවද වැඩක්.මම අද උදේ තිබුණු රැස්වීමට ගිහින්, වේදිකාවට නැඟලා,
"නෝනාවරුනි, මහත්වරුනි, මම තමා ඔබේ අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා" කියලා කිව්වා විතරයි, එතන හිටිය මිනිස්සු මට කුණු වෙච්ච තක්කලි, කෙසෙල් ගෙඩි, බිත්තර වගෙ දේවල්වලින් ගහන්ඩ පටන් ගත්තනෙ.මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ එන ගමන් මට හිතුණා මම කොයි තරම් වාසනාවන්තයෙක් ද කියලා." නව ඇමැතිවරයා නිල නිවසේ පෝටිකෝවේදී තම බිරිඳට එසේ කීවේ රථයෙන් බසිමිනි.

"ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසනාව?"

ඇමැති බිරිඳ ඇසුවේ පුදුමයටත් වඩා කෝපයෙනි.
"වාසනාව...? ඇයි මෝඩියේ, මම කර්මාන්ත ඇමැතිවරයා වුණා නං එහෙම?"

ඇමැතිතුමා කීවේ කටපුරා සිනාසෙමිනි.

උපුටා ගැනීම : සිළුමිණ

ගනුදෙනු කාරයෝ කවුද?

දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්‍ෂණය කර තිබුණි.

දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.

"කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?

"කස්ටර්මර්ස්ලා සර්..." අනුලා තොදොල් වෙමින් තෙපළාය.

"ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද?" ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.
උපුටා ගත්තේ සිළුමිණ පුවත්පතින්

නොමිලේ දුන් දේ

"ඔයා මට හාද්දක් දෙනවා නං මං ඒ එක හාද්දට රුපියල් සීයක් දෙන්න ලෑස්තියි..." රමේෂ් සුමාලිට කීවේ කන්තෝරුවේ විදුලි සෝපානයේදීය. මෙය ඇසූ සුමාලි සුසුම් හෙළමින් හඬන්නට වූවාය.

"ඇයි ඔයා අඬන්නෙ? කැමැති නැත්තං බැහැ කිව්වනං ඉවරනෙ.." කලබල වූ රමේෂ් කීවේය.

"නෑ මං ඇඬුවේ අකැමැති හින්දමත් නෙමෙයි..."

"එහෙනං?" රමේෂ් පුදුම වී ඇසීය.

"ඔයා ඒක ඇහැව්වම, මං කොච්චරක් නං සල්ලි නිකං නාස්ති කරලා තියෙනවද කියල මට දුක හිතුණා." සුමාලි තොල් විකමින් කීවාය.

පහු පහු වෙන කොට

"මම රොහාන්ව බඳින්න කැමැති වුණේ එයා පුරාවිද්‍යාඥයෙක් හින්දා." ඉන්ද්‍රානි පාසලේ ගුරු විවේක කාමරයේදී ඩල්සිට කීවාය.

"ඇයි මොකක්ද ඒ රස්සාවෙ විශේෂත්වය?” ඩල්සි විමසුවේ කුතුහලයෙනි.

"වයසට යන්න යන්න එයා තමන්ගෙ බිරිඳ ගැන දක්වන උනන්දුව වැඩි වෙන්නෙ පුරාවිද්‍යාඥයෙක් හින්දනෙ.” ඉන්ද්‍රානි පැහැදිලි කළාය.

වැඩක් වුණේ නැහැ...

"ඊයෙ පාටියෙ ඉඳලා ගෙදර යන කොට කාර් එකේදි කරුණාසේන සර්ගෙන් මුකුත් කරදරයක් වුණෙ නැත්ද?" කල්පනා සුමාලිගෙන් ඇසුවේ උදේ තේ බොන අතරතුරදීය.

"එයා අතරමඟදි එහෙන් මෙහෙන් අත දැම්මා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. මං සල්ලි ටික කොණ්ඩෙ අස්සෙ හංගාගෙනයි හිටියෙ." සුමාලි කීවේ සිනාසෙමිනි.

පිස්සෝ ඉන්න තැන...

උදේ ආහාරයෙන් පසු අංගොඩ මානසික රෝහලේ රෝගීන් එහි අංගනයේ රැස්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී පුවත්පත් වාර්තාකරුවෙක් සහ කැමරා ශිල්පියෙක් ඔවුන් වෙත පැමිණියහ.

"අපි ආවේ පත්තරෙන්... අපිට අවශ්‍ය වෙලා තියෙනවා මානසික රෝගීන් ගැන සමීක්ෂණයක් කරන්න. ඉතින්..." ඔවුන් දෙදෙනා තම අවශ්‍යතාව විස්තර කරද්දී ඊට බාධා කරමින් එක් මානසික රෝගියකු මෙසේ කීය.

"ආ... ඔය මහත්තයලට ඕනෑ කරන්නෙ මානසික රෝගීන් ගැන තොරතුරු දැන ගන්න නෙ. ඒ ගොල්ලො ඔක්කොම ඉන්නෙ අන්න අර කාමරේ. එහෙට යන්න." කියමින් වෛද්‍යවරුන් සඳහා වූ පොදු කාමරය පෙන්වීය.

දරුණු කවුද???

සේපාල තමා වැඩ කරන ගරාජයට උදේ පැමිණියේ මුහුණේ ද ඇඟ පුරා තවත් කීප තැනක ද ඇලවූ පැලැස්තර ඇතිව ය. මෙය දුටු ඔහුගේ මිතුරෝ ඔහු වටා රොක්ව මෙසේ ඇසූහ.

"මොකෝ සේපාල මොනවද ඔය වුණේ? වාහනේකවත් හැපුණ ද?"

"නෑ මං මේ කුකුළෙක් අල්ලන්න ගිහින් මේක වුණේ..." සේපාල කීවේ වේදනාවෙනි.

"ඈ බං ඔය විදියට තුවාල කරන්න තරම් දරුණු සතෙක් ද කුකුළා???"

"කුකුළා නං දරුණු සතෙක් නෙමෙයි. ඒත් කුකුළගෙ අයිතිකාරයා අන්තිම දරුණු මිනිහෙක්..." සේපාල පැවසුවේ මුහුණ අතගාමිනි.

Sunday, August 28, 2011

වැඩිය හොඳ ඩුවල් කෝ(ර්) ද? (DualCore) කො(ර්) ටු ඩු(වෝ)ද


වැඩිය හොඳ ඩුවල් කෝ(ර්) ද? (DualCore) කො(ර්) ටු ඩු(වෝ)ද (Core2Duo)


බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ යාවත්කාලනය (වැඩි දියුණ කිරීමේදි/ upgrade කිරීමේදි) කිරීමේදී ඩුවල් කෝ(ර්) (DualCore) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා කො(ර්) ටු ඩු(වෝ) (Core2Duo) ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ.
පරිගණක අලෙවි නියෝජිතයන් Dual Core පරිගණකයක් ගැන කීවද සත්තකින්ම Dual Core නමින් හඳුන්වන ප්‍රොසෙසරයක් හො පරිගණකයක් Intel සමාගම හඳුන්වා දී නොමැත. Dual Core යනු Intel සමාගම ‍එකම ප්‍රොසෙසරයක (Processor) මධ්‍යද සැකසුම් ඒකක දෙකක් (2 CPU-Central Processor Unit) භාවිතා කරන තාක්ෂණය සඳහා භාවිතා කරන තාක්ෂණික නාමය වේ. එනම් ‍එකම පරිගණකයක Processor දෙකක හැකියාව යොදා ගැනීමයි. මේ අනුව Core2Duo ද අයත් වන්නේද Dual Core තාක්ෂණයටයි. තවත් මෙම තාක්ෂණය යොදා ගන්න Processor සඳහා උදාහරන ලෙස Core-Duo, Pentium Dual-Core , Celeron Dual-Core , Pentium-D and Athlon X2 ගත හැක.





එබැවින් ඔබ පරිගණකයක් මිලදී ගන්නා විට හෝ upgrade කිරීමට ‍ප්‍රොසේසරයක් තෝරා ගැනීමේදී Core2Duo ප්‍රොසෙසරය Core-Duo , Pentium Dual-Core , Celeron Dual-Core , Pentium D හෝ Athlon X2 ප්‍රොසෙසර් සමග සංසන්දනය කර බලන්න. එම සෑම ප්‍රොසෙසරයකම කෙටි විස්තරයක් පහත දී ඇත. සෑම විටම ඔබ මිලදී ගන්නා පරිගණකයේ අඩංගු ප්‍රොසෙසරයේ වේගය (GHz) වලින් දී ඇත , L2 Cache ධාරිතාව , Front Side Bus හා මිල සංසන්දනය කරන්න. මේවා සලකා බැලීමෙන් ඔබට වඩා හොඳ Core2Duo ප්‍රොසෙසරය බවත් Pentium Dual-Core වඩා Celeron Dual-Core පහතින් ඇති බවත් වටහා ගත හැක.
  Core-Duo
 CoreDuo ප්‍රොසෙසරය Intel සමාගම‍ ලැප්ටොප් වැනි මොබයිල් පරිගණක සඳහා dual-core තාක්ෂණය සහිතව සකස් කළ පළමු ප්‍රොසෙසරය වේ. විදුලි බලශක්ති භාවිතය අවම කළ dual-core තාක්ෂණය උපරිම ලෙස යොදා ගන්නා අයුරින් නිර්මාණය කර ඇත. L2 cache-2MBළ Front Side Bus-667MHz

 



 Pentium Dual-Core
එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB, Front Side Bus-800MHz
  Celeron Dual-Core
 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ.අවම බලශක්තියක් භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර සාපේක්ෂව අනෙක් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව හා මිල අඩුය. L2 cache-512KB, Front Side Bus-800MHz
  Pentium D
 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB,Front Side Bus-800MHz
  Core2Duo
  එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. Dual-Core තාක්ෂණය භාවිතාකරන හොඳම ප්‍රොසෙසරය වේ. අනෙකුත් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව ඉහල අතර සාපේක්ෂව මිල අධික වේ. L2 cache-4MB,Front Side Bus-1333MHz

Wednesday, August 24, 2011

ග්‍රීස් යකුන් ගැන මිථ්‍යාව සහ ඇත්ත


මේ දිනවල ලංකාව පුර පැතිරී ඇති නවතම භිෂණය වන්නේ ග්‍රීස් යකුන්ය.ග්‍රීස් යකුන්ට එරෙහිව ගම්මුන් කෝපයට ලක්ව මරණයට පත් වූ පුද්ගලයන් පවා පසුගිය දිනවල වාර්තා වුනි.

මේ වන විට ග්‍රීස් යකුන් කියා නම් කල පුද්ගලයන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර සැබෑ ග්‍රීස් යකුන් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බව අපගේවිශ්වාසය වේ.

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ සැබෑ ග්‍රීස් යකුන් සහ ග්‍රීස් යකුන් නමින් පෙනී සිටිමින් අපරාධ කරන පුද්ගලයන්ගේ වෙනස හදුන්වා දීමටයි.

ග්‍රීස් යකුන් රැල්ල එකවර මතු වුයේ කහවත්ත අභිරහස් ඝාතන පෙලින් පසු බව අප අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

කහවත්තේ ඝාතන එකින් එක වාර්තා කල මාධ්‍යය කහවත්තේ අභිරහස විසඳුනද එතින් නතර වුයේ නැත.

ඉන්පසු වාර්තා වූ මරණයන් අභිරහස් ඝාතකයන් ලෙස පෙන්වා දී අමුතු කුතුහලයක් මවා පෑමටද මාධ්‍යය ආයතන කටයුතු කළේය.

සැබවින්ම කහවත්තේ සිදුව තිබුනේ ද මානසික විකෘති තාවයක් තිබු එක තරුණයෙක් ගේ ඝාතන වලට මුවා වී අනෙක් ඝතකයන්ද කල එලි බැසීමයි.

අපරාධ කිරීමට මාන බලමින් සිටි ඔවුන්ට ග්‍රීස් යකුන්ගේ කතාව මනා පිටුවහලක් විය.

එසේ වර්ධනය වූ ග්‍රීස් යකුන්ගේ කතාව දේශපාලන කරලියටද පැමිණියේය.මර්වින් සිල්වා නම් කිව්වේ ග්‍රීස් යකුන් ලෙස පෙනී සිටින්නේ පැරදුනු ජේ.වී.පි කාරයන් කියාය.ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ මෙය ආණ්ඩුවේ කුට සැලැස්මක් බවයි.

මේ අතර මේ දිනවල බොහෝ තැන්වල පැතිරී ඇති කටකතාවක් අපේ සවනටම අසන්න ලැබුනේ මෙසේය.
"ඕක ආණ්ඩුවේ වැඩක් නේ.ගෑණු 6000 කගේ පියයුරු කපලා ලේ ගන්න ඕනලු දුටුගැමුණු රජතුමාගේ කඩුව ගන්න.අපේ පැත්තේ ගැණු කෙනෙකුගෙත් මේ ලඟදි කපල තිබුන" 

මේවා හුදෙක් කට කතා බව අප පසක් කරන්නේ දිවයිනේ කිසිදු පෙදෙසකින් එවන් සිදුවීමක් වාර්තා වී නොමැති හෙයිනි.

මේ අතර ග්‍රීස් යකුන්ගේ භීතිකාව නිසා ග්‍රීස් යකා යැයි බිය වී පෙම්වති පෙම්වතාට පහරදීම,බිරිඳ බිමත් සැමියාට පහරදීම,අලි සංගණනයට ගිය පොලිස් නිලධාරීන්ට පහරදීම වැනි සිදුවීම්ද පසුගිය දා වාර්තා වුනි.

ඇත්තෙන්ම ග්‍රීස් යකුන් කියා පිරිසක් අතීතයේ සිටම ගම්වල සිටියහ.ඔවුන් පැමිණෙන්නේ ග්‍රීස් හෝ තෙල් ගාගෙනය.ඒ හදිසියේ හෝ ගම්මුන්ට අසු වුවහොත් ලේසියෙන් ලිස්සා යාමටය.

ඔවුන්ගේ එකම අරමුණ වන්නේ කාන්තා යට ඇඳුම් සොරකම් කිරීම හෝ කාන්තාවන් නිදා ගැනීම හෝ නාන දර්ශන හොරෙන් නැරඹීම මිස කාන්තාවන්ට ලිංගික අතවර කිරීම නොවේ.

එසේ කරනවානම් ඔවුන් ග්‍රීස් හෝ තෙල් ඇඟ පුරා ගාගෙන එන්නේද නැත.

ග්‍රීස් යකුන් ලෙස හැසිරෙන්නේ මානසික රෝගීන් වේ.ග්‍රීස් යකුන් ප්‍රධාන වශයෙන් දෙකොටසක් වේ.එක කොට්ටාශයක් කාන්තා යට ඇදුම් වලට ප්‍රිය කරන අතරේ තව පිරිසක් කාන්තාවන් නිදා ගන්න අයුරු නානා අයුරු හොරෙන් බලා සිටීමට ප්‍රිය කරයි.

කෙනෙකුගේ සිරුරේ කොටසක් (ලිංගේන්ද්‍රිය හැරෙන්නට) හෝ ඇය/ඔහු භාවිතා කරන ඇඳුමක් උපකරණයකට ආදරය කරමින් ලිංගික තෘප්තිය උදෙසා එය පසුපස හඹා යෑම හදුන්වන්නේ ෆෙටිසම් (FETISM ) හෙවත් පුජාලංජන භක්තිය යනුවෙනි.

අන් අයෙකුගේ නිරුවත හෝ ලිංගික හැසිරීම දෙස බලා සිටීමෙන් පමණක් ලිංගික තෘප්තියට පත්වීම හදුන්වන්නේ වොයෙවුරිසම් (voyeurism )දර්ශනකාමිත්වය යනුවෙනි.බෝහි විට ගැහැණු නාන තැන්වලට හා නිදන කාමරවලට එබිකම් කරන්නේ මොවුන්ය.

මෙම රෝගී තත්ව දෙකම තිබෙන පුද්ගලයනුත් සිටින අතර මෙහි විශේෂත්වය වන්නේ එවන් සිතුවිල්ලක් පහල වුවහොත් එය කෙසේ හෝ සඵල කර ගැනීමට අදාළ මානසික රෝගියා ඕනෑම අවධානමක් ගැනීමට පෙළෙඹෙන හෙයිනි.
එබැවින් මෙසේ අල්ලා ගන්නා ග්‍රීස් යකුන් නම් මානසික රෝගීන්ට පහරදීමෙන් ඔවුන්ගේ රෝගය සුව කල නොහැකි අතර ඔවුන්ට මානසික වෛද්‍ය වරයෙකුගේ ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය වේ.

මෙවැනි රෝගී තත්වයේ පෙලෙන රෝගීන් පිළිබඳව අපුරු හෙළි කිරීමක් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් රචිත 'මනුෂ්‍ය ප්‍රේතයන් සමග කල දුෂ්කර ක්‍රියාවක්' යන කෘතියේ මෙලෙස දක්වා ඇත

"වැල්ලවත්තේ ගෙවල් වලට පැන වැල වල්වල වනා තිබුණු කාන්තා යට ඇඳුම් ගෙන යන හොරෙක් විය.කෙසේ හෝ ඔහු සමග මිත්‍ර වූ මට ඔහු ගැන බොහෝ තොරතුරු දැනගන්නට ලැබුණි.

හෙතෙම අශාවෙන් ගෙන යන යට ඇදුම් තම්බා වතුර බොයි.ඔහුගේ එකම ආහාරය යට ඇදුම් තම්බාගෙන බිමය.

එක්තරා ස්ත්‍රී බෝඩිමක කටයුතු කරන ගැහැනියක මා සමග මිත්‍ර විය.ඒ බෝඩිමට ගැහැණු ප්‍රයෝජනයට ගන්නා වැසිකිලි පවිත්‍ර කිරීමට එන මිනිහා ගැන මට කීවාය.මම ඒ මිනිහා ඇඳින ගතිමි.

අන්තිම කිළුටු ඇඳගෙන විත් වැසිකිලි සුද්ද කිරීම ඔහුගේ සිරිතය.ඔහු ඒවායේ අපිරිසිදු වතුර බොයි.ඒ වැසිකිලි පෝච්චි ස්පර්ශ කරයි.ඔහු ලිංගික ව්කෘති අසහා ඇති මනුෂ්‍ය ප්‍රේතයෙකි.
විකෘති ලිංගික ආශා ඇති සාමන්‍යය මිනිසුන් මෙන් හැසිරෙන උසස් සමාජයේ අයද මට හමු වී ඇත.

මින් එක්කෙනෙක් එකල රට පුරා නමගිය සමාජ සේවකයෙකි.ඔහු විවාහක වුවද නැවතී සිටියේ ප්‍රසිද්ධ බෝඩිමකය.ඒ බෝඩිමේ ඔහුට අල්ලපු කාමරයේ සිටි මිත්‍රයෙක් මට ඔහු ගැන කීය. මම මගේ මිත්‍රයාගේ කාමරයට ගොස් එහි ඇති හිලකින් (කාමර වෙනකොට ඇත්තේ හීන් ලෑලි වලිනි.)බලා සිටියෙමි. 

ඒ මිනිහා කරන්නේ රෑ කෑම එක ගෙන අල්මාරියෙන් ගන්නා කිළුටු ගැහැණු යට ඇඳුම් වල දමා තබා ගැනීමය.

ඒවා ඔහු විසින් විවිධ ගැහැණු ළමයින්ට මුදල් දී ලබා ගත් ඒවාය.ගැහැනුන්ට මුදල්දෙන,සමහරවිට රක්ෂා ලබා දෙන ඔහු,කිසි දවසක ඒ ඇය ලිංගික කටයුතු සඳහා යොදා නොගනී.

තමා කල උපකාරයට ඔහු පෙරලා ඉල්ලන්නේ එක ප්‍රති උපකාරයක් පමණි. එනම් ඒ ගැහැණිය අඳින කිළුටු යට ඇදුමය.

එය අපිරිසිදු වන තරමට ඔහු එයට කැමතිය.ඒ යට ඇදුම් පළමුවෙන් සිප වැළඳගන්නා ඔහු එට අනතුරුව ඒවා සිප ගනිමින්ම ආහාර අනුභව කරන්නේය.සමහර අදුම්වලින්ම ආහාරගෙන මුවගට තබයි.ආහාර ගැනීම ඉවර වන්න පැයක් පමණ වෙලා ගනියි."

ඒ අනුව අප තේරුම් ගත යුත්තේ අමානුෂික ලෙස පහර දීමෙන් ග්‍රීස් යකුන් මෙල්ල කල නොහැකි බවයි.

වර්තමානයේ ග්‍රීස් යකුන් සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයකි.ඉන් වැඩිපුරම සිටින්නේ ග්‍රීස් යකුන් මෙන් වෙස්වලාගෙන අපරාධ කරන මිනිසුන්ය.


එයත් අවසන් වීමට කාලය පැමිණ ඇත්තේ අහිංසක මිනිසුන්ද ග්‍රීස් යකුන් යැයි හංවඩු ගසා කකුල් කඩා මරණයට පත්කිරිමටම තරම් ජනතාව ප්‍රකෝප වීම නිසාය.

ජනමාධ්‍යය මගින්ම පිම්බු ග්‍රීස් යකා, අතොරක් නැතුව ගුටිකන අයුරු ජනමාධ්‍යය මගින්ම පෙන්වූ නිසා ව්‍යාජ ග්‍රීස් යකුන්ද ඉබේම පහව යනු ඇති බව අපේ බලාපොරොත්තුවයි.