This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, December 26, 2011

යළි සුනාමි ආවත් ජීවිත හානි වෙන්නේ නෑ

දට යෙදෙන (දෙසැම්බර් 26) ‘ජාතික ආරක්ෂිත දිනය’ නිමිතිකර ගනිමින් අදින් වසර 7 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනය හා ඉන්පසු යළි නැඟී සිටීම ගැනත්, ආපදා පෙර සූදානම හා ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනත්, ස්වභාවික ආපදාවකදී ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් අප සිටින මට්ටම පිළිබඳත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සමඟ කළ සංවාදයකි.
* හරියටම අදින් වසර හතකට පෙර 2004 දෙසැම්බර් 26 වැනිදා අප කිසිවකුත් නොසිතූ විලසින් අත්විඳීමට සිදුවු සුනාමි ව්‍යසනය පිළිබඳ මතකය ඔබ අවදි කරන්නේ කෙසේද?
සුනාමි ව්‍යසනයට අප එදා මුහුණදෙද්දි අපි වැඩිදෙනෙක් ඒ වචනය පවා දැන සිටියේ නෑ. එවැනි විපතක් ගැන අසා තිබුණේත් නෑ. විශ්වවිද්‍යාල තුළවත් ඒ ගැන සාකච්ඡා කෙරී නොතිබුණා විය යුතුයි. මේ පසුබිම තුළ ඒ වගේ විනාශයක් පිළිබඳ කිසිවකුටත් හැඟීමක් තිබුණේ නෑ. සුනාමිය නිසා ඒ තරම් ජීවිත විනාශයක් වුණෙත් ඒකයි.
40,000 ක් විතර ජීවිත අහිමිවුණා. විශාල දේපළ හානියකුත් සිදුවුණා. මේ දැවැන්ත ඛේදවාචකයෙන් පසු රජයක් හැටියට අපට අහිමි වු මිනිස් ජීවිත හැර අන් සියල්ල ලබාදීමට පුළුවන් වුණා. විනාශ වූ යටිතල පහසුකම් යළි නැංවුවා. ධීවර බෝට්ටු, ආම්පන්න ආදිය ලබා දුන්නා. විනාශ වූ ගම් බිම් යළි ගොඩනැගුවා. විපතට මුහුණ දුන් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. රජය නිසි මුදල් කළමනාකරණයකින් යුතුව මේ සියල්ල හොඳින් කළා.
* සුනාමියත් ඇතුළුව ස්වභාවික ආපදාවන්වලදී ජීවිත අහිමිවුවන් සැමරීමත් අරමුණු කරමින් ජාතික ආරක්ෂිත දිනය ලෙස දෙසැම්බර් 26 නම් කර තිබෙනවා. මෙවර මේ දිනය සැමරීම සිදුවන්නේ මොන විදිහටද?
සුනාමි ව්‍යසනයෙන් පසු ආපදා කළමනාකරණය සඳහා වෙනම අමාත්‍යාංශයක් පවා ඇති කළා. ඒ වගේම හැම වසරකම දෙසැම්බර් 26 වැනිදා ජාතික ආරක්ෂිත දිනය ලෙස නම් කර සුනාමිය ඇතුළු ස්වභාවික ආපදා නිසා ජීවිත අහිමිවුවන් සැමරීම සිදුකෙරෙනවා. ජාතික ආරක්ෂිත දින පළමු සැමරුම සිදුකෙරුණේ ගාල්ලේදී. ඉන්පසු යාපනයෙත් එය පැවැත්වුවා. ත්‍රස්තවාදයෙන් බැට කෑ ප්‍රදේශවල දරුවන් එම කටයුතුවලට සම්බන්ධ කර ගත්තා. මෙවර එම දිනය අද සමරන්නේ මඩකළපුව කාතන්කුඩි ප්‍රදේශයේදී. එම ප්‍රදේශවලත් මුස්ලිම්, දෙමළ ජන කොටස්ද ත්‍රස්තවාදය නිසා පීඩාවට පත්වුණා. එම දරුවන් මෙවර මේ සැමරුමට සහභාගී වෙනවා. මෙවර ජාතික ආරක්ෂිත දිනය සමරන්නේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අද දිනයේ සිදුකෙරෙන ඉතාමත් වැදගත් කාර්යයක් තමයි, පෙ.ව.9.25 සිට 9.27 දක්වා විනාඩි 2 ක නිහැඬියාවක් පවත්වා ස්වභාවික ආපදාවලින් ජීවිත අහිමිවුවන් සිහිපත් කිරීම. ඊට එක්වන හැටියට රටේ ජනතාවගෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
* සුනාමි ව්‍යසනයෙන් පසු යළි නැඟී සිටීමේදී ඊට මුහුණ දුන් හා මෙවැනි විපත්වලට මුහුණ පෑ සෙසු රටවලට සාපේක්ෂව අප සිටින්නේ මොන වගේ මට්ටමකද?
සුනාමි ව්‍යසනය පමණක් නොවෙයි, ඕනෑම ස්වභාවික ආපදාවකට පසු ලෝකයේ අන් කිසිදු රටකට නොදෙවෙනිව එම පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු කරන්න අපේ රටට හැකිවුණා. එහිදී රටක් හැටියට අප දැක්වු සාර්ථකත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ප්‍රශංසාවට හේතුවු බව කියන්න ඕන. පසුගිය ගංවතුර තත්ත්වයෙන් අනතුරුවත් එම පශ්චාත් කළමනාකරණ කටයුතු අප හොඳින්ම කළා. මෙවැනි ස්වභාවික ආපදාවකදී ඇතිවිය හැකි ජීවිත විනාශයට අමතරව ආහාර හිඟවීම, බෝවන රෝග වගේ හේතුන් නිසාත් ජීවිත විනාශ විය හැකියි. නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් ඇතිවෙන්න අප ඉඩ තබා නෑ. මෙවැනි ආපදාවකදී ත්‍රිවිධ හමුදාව, අපේ අමාත්‍යාංශයට අයත් සහන සැලසීමේ කණ්ඩායම් ආදිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් විපතට ලක්ව සිටින ජනයාට ආහාර සැපයීම, නිසියාකාරව ඉටුකිරීමටත් අප වගබලා ගන්නවා. එක් වේලක් හෝ ඔවුන් කුසගින්නේ නොතබන ලෙස ගරු ජනාධිපතිතුමා අපට පැහැදිලිව උපදෙස් දී තිබෙනවා. පළමු ආහාර වේලේ පටන්ම ඒ ආහාරපාන ලබාදෙන ලෙස නිලධාරින්ට නියම කරලයි තියෙන්නේ.
* ස්වභාවික ආපදාවකට මුහුණදීමේදී ආපදා පෙර සුදානම හා ආපදා කළමනාකරණය අතින් අද අප සිටින්නේ මොන වගේ තැනක ද?
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හැටියට අප සිදුකරන්නේ ආපදාවලින් විපතට පත් අයට කන්න දෙන එක පමණක් නෙවෙයි. අපේ අමාත්‍යාංශයේ කාර්යභාරය ඊට වඩා පුළුල් බව මා නිතර අවධාරණය කරන දෙයක්. ස්වභාවික ආපදාවකදී විය හැකි හානි අවම කර ගැනීම සඳහා අප විශාල වැඩ කොටසක් කරනවා. නිදසුනක් ලෙස ගංවතුර පාලනය කරන්න පුලුවන්. කොළඹ, ගම්පහ වගේ නගර දැන් තරමක් තද වර්ෂාවකදීත් කලින් වගේ වතුරින් යටවෙන්නේ නෑ. ලබන වසරේදී කොළඹ ගංවතුර පාලන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 8 ක් යොදවනවා. එය ක්‍රියාත්මක වු විට කොළඹ ගංවතුරට යටවෙන එකක් නෑ. අනෙක් පළාත්වලත් එවැනි වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබන වර්ෂය සඳහා වු අයවැයෙන් ජනාධිපතිතුමා ලබාදී තිබෙනවා.
එය සිදුවිය හැකි හානි අවම කර ගැනීම සම්බන්ධයෙන් විශාල ලෙස වැදගත්. තවත් විශේෂයෙන් කිව යුතු කාරණයක් තමයි, යම්කිසි අන්දමකින් සුනාමි වැනි ආපදාවක් ඇතිවුවහොත් 2004 දී මෙන් ජීවිත විනාශයක් කිසිසේත් සිදුනොවන බව. එවැනි තත්ත්වයක් ගැන වහා දැනුම්දීමට අවශ්‍ය ක්‍රමවේදයක් දැන් අපට තිබෙනවා. ඉර්ඉ පණිවිඩයක් ලෙස ජංගම දුරකතනයට ඒ පණිවිඩ ලබාදිය හැකියි. ජනමාධ්‍ය ඔස්සේද ක්ෂණිකව මේ දැනුම්දීම කරනවා. පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගනිමින් එම අනතුරු ඇඟවීම් කිරීමේ හැකියාව තිබෙනවා. ගමන්කතන මඟින් මේ පණිවිඩ ලබා දෙනවා. මෙවැනි ආපදාවකට මුහුණදෙන්නේ කෙසේද යන්න ගැන පෙරහුරු ගණනාවක් පවත්වා තිබෙනවා. සුනාමි වැනි තත්ත්වයකදී නම් අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක්ද ස්ථාපිත කර තිබෙනවා. මේ නිසා අනියම් බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නෑ.
* පසුගියදා දකුණු මුහුදට බලපෑ කුණාටු තත්ත්වය පිළිබඳ පුර්ව දැනුම්වත් කිරීම් සිදුකිරීමට හැකිවුවා නම් ඇතිවූ තත්ත්වය මීට වෙනස් වෙන්න ඉඩ තිබුණා. එහිදී කාලගුණ විද්‍යා අංශ අසමත් වුණාද ?
මාතරදී ඇතිවූ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉටුවුණාද කියන එක ගැන වාර්තාවක් ලබාගත්තා. ඒ අනුව ඔවුන් අතින් අතපසුවීමක් වී ඇති බවට තොරතුරු වනවා. මේ පිළිබඳ මාධ්‍යවේදීන්ටත් කරුණු විමසීමට අවස්ථාවක් ලබාදෙනවා. මේ ගැන උනන්දුවක් දක්වන අයටත් තොරතුරු ලබාදීමට ඉඩ සලසනවා. මීට අමතරව, කවුරුන් අතින් හෝ යම් වරදක් සිදුවී ඇතැයි පෙනී ගියහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න, දඬුවම් කරන්න අප කිසිසේත් පසුබට වන්නේ නෑ. මෙවැනි දෙයක් යළිත් සිදුනොවීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සඳහාත් ප්‍රතිසංවිධාය කිරීම සඳහාත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
* මේ දිනවල රටේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාව නිසා ගංවතුර තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන් කිලිනොච්චිය, මුලතිව් වගේ දිස්ත්‍රික්කවලට මේ තත්ත්වය බලපාලා. මොන විදිහේ ක්‍රියාමාර්ගද මේ සඳහා අරගෙන තියෙන්නේ?
දැනටමත් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන අවසන්. ප්‍රතිපාදන ප්‍රශ්න වගේ දේවල් දැන් ඇතිවෙන්නේ නෑ. ණය පිළිබඳ ප්‍රශ්නත් නෑ. කලින් තිබූ ණය පියවා අවසන්. දිසාපතිවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. ඔවුන් අතැති මුදල් වියදම් කළත් ඉක්මනින්ම එම මුදල් පියවීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කළින් පැහැදිලි කළා වගේ මේ ජනතාව පීඩාවට පත් නොකර පළමු කෑම වේලේ පටන්ම ඔවුන්ට ලබාදීමට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. දිසාපතිවරුන් මාර්ගයෙන් එම සහන සැලසීමේ කටයුතු ක්‍රමානුකූලව හා කඩිනමින් සිදුකිරීමට වැඩපිළිවෙළ ඇතිකරලයි තියෙන්නේ.
* ස්වභාවික ආපදාවකට මුහුණදීම සම්බන්ධයෙන් කවර මට්ටමේ සූදානමක සිටියත් තවමත් ජනතාව කටකතාවලින් පවා කලබලයට පත්වෙනවා. ඔවුන් ලබන ඇතැම් අත්දැකීම් නිසාත් එලෙස කලබලයට පත්වනවාද යන්න ගැන හිතන්න වෙනවා. මෙවැනි අවස්ථාවකදී විශ්වාසනීයව හා කඩිනමින් අවශ්‍ය දැනුම්වත් කිරීම් කරන්න හැකි බව කිව හැකිද? මේ ගැන ඔබට ජනතාවගෙන් යම් ඉල්ලීමක් කරන්න තිබෙනවාද?
පළමුවෙන්ම ඉල්ලන්න තියෙන්නේ ඒ වගේ කටකතාවලට රැවටෙන්න එපා ! කියලයි. මෙවැනි ආපදාවක් ගැන කලින් දැනුම් දෙන්න තරම් හැකියාවක් දැන් අප සතුයි. ආපදා අවදානමක් ඇති ප්‍රදේශවල ජනතාව පෙරහුරුවලට පවා සහභාගි වී මනා සුදානමක්, දැනුමක් ඇති කරගෙන තිබෙනවා. මේ නිසා අනවශ්‍ය ආකාරයට කලබලවීම කළ යුතු නෑ. හැබැයි පසුගියදා ඇතිවූ සිදුවීම නිසා කාලගුණ විද්‍යා අංශ ගැන ජනතාව තුළ ඇති විශ්වාසය බිඳවැටුණා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද, ඉදිරියේදී ඔවුන් කරන අනතුරු ඇඟවීම් ගැන පවා ජනතාව විශ්වාස නොකර සිටියොත්, ඇතිවිය හැකි ප්‍රතිඵල කනගාටුදායක වෙන්න පුලුවන්. ඒ නිසා කාලගුණ හා අදාළ අනෙකුත් අංශ ගැන ජනතාව තුළ විශ්වාසයක් තිබීම ඉතා වැදගත්. ඒ ගැන අවධානය යොමු කරමින් තමයි, අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවීකරණයත් අනාගත දැක්මකින් යුතුව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ. ඒ කටයුතු සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියත් ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලය තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ඒ යොමුකිරීම් කර තිබෙනවා. නැවතත් ජනතාවගෙන් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ කටකතාවලට රැවටී අනවශ්‍ය ආකාරයට කලබල නොවන ලෙසයි.

රට ගිලගත් සුනාමියට වසර 7යි





ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් මුහුණ දුන් දැවැන්තම ඛේදවාචකය වන සුනාමි ව්‍යසනයට අදට (26) වසර හතක් පිරේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසළ සාගරයේ සිදු වූ භූ කම්පනයක් නිසා හට ගත් සුනාමි ව්‍යසනයෙන් ලොව පුරා රටවල් 14 කට දැඩි හානි සිදු විය. රිච්ටර් මාපකයේ 8. 9 ඉක්ම වූ කම්පනයක් මෙහිදී වාර්තා විය. සැණෙකින් රළු වූ මහා සාගරය ගොඩ ගලා දහස් සංඛ්‍යාත ජනකායකගේ ජීවිත පමණක් නොව කෝටි ගණනක් වටිනා දේපළ ද සොරා ගත්තේ යළිත් වසර ගණනකට රට ගොඩ නැඟිය නොහැකි වන අන්දමට ය.
ලෝකයේ දියුණු රටවල් පවා සුනාමියෙන් එල්ල වූ තර්ජනය හමුවේ පරාජිතව සිටියදී ධෛර්ය සම්පන්න ශ්‍රී ලාංකිකයෝ කෙටි කලක් තුළ යළිත් නැඟී සිටියහ.  එවකට උග්‍ර තත්ත්වයක පැවැති ත්‍රස්තවාදී ගැටලුවත් සමඟ සුනාමියටත් මුහුණ දුන් අප රට යළිත් ගොඩ නොනැෙඟතැයි බලා සිටි ජාත්‍යන්තරයට පැහැදිලි පිළිතුරක් දුන් ශ්‍රී ලංකාව අද සුනාමියේ හත් වැනි සංවත්සරය සමරන්නේ සුනාමියෙන් වූ ව්‍යසනය පමණක් නොව දශක තුනක් පැවැති රුදුරු ත්‍රස්තවාදයත් අකා මකා දැමූ නිදහස් රටක් ලෙසය.
සුනාමියෙන් අහිමි වූ ජීවිත හැර අනෙකුත් සියලු දේ මේ වන විට ගොඩ නැගීමට ජාතියක් වශයෙන් අප සමත්ව වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී නායකත්වය හා මඟ පෙන්වීම මත බව නොරහසකි. සුනාමි ව්‍යසනය සිදු වන අවස්ථාවේදී එවකට සිටි රාජ්‍ය නායිකාව රටේ නොසිටි අතර එවකට අගමැතිවරයාව සිටි වත්මන් ජනාධිපතිවරයා වහා මැදිහත්ව විපතට පත් වූවන්ට සහන සැලැසීමට කටයුතු කළේය. සුනාමිය නිසා පළාත් හතරකට අයත් දිස්ත්‍රික්ක 13ක් ආපදාවට ලක්විය. ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, කිලිනොච්චිය, මුලතිව් හා පුත්තලම දිස්ත්‍රික්ක මෙසේ ආපදාවට ලක්විය.
අප රටේ 31000 ඉක්ම වූ ජීවිත සංඛ්‍යාවක් සුනාමියෙන් අහිමි වූ අතර 4093ක් අතුරුදන්ව තවත් 23000කට පමණ තුවාල සිදු විය. ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වූවන් බවට පත් කළ සුනාමි රකුසා නිවාස 63447ක් සම්පූර්ණයෙන් විනාශ කර දැම්මේය. අර්ධ හානි සිදු වූ ඬවාස සංඛ්‍යාව 43,000 ඉක්මවයි. සංචාරක හෝටල් 144ක් විනාශ විය. ආගමික සිද්ධස්ථාන 396ක්, පාසල් 73ක් රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන 9 ක් සම්පූර්ණයෙන් විනාශ වූ අතර තවත් පාසල් 109ක් රෝහල් 18ක් අර්ධ වශයෙන් විනාශ විය. දෙසැම්බර් 26 වැනිදා උදේ කොළඹ සිට මාතර බලා ධාවනය වූ අංක 50 දරන දුම්රිය තෙල්වත්ත ප්‍රදේශයේදී සුනාමියට බිලි වූ අතර එහි ගමන් කළ මඟීන් දහසකට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත අහිමි විය.

Thursday, November 10, 2011

අලුගෝසු තනතුරට කාන්තාවන් තිදෙනෙකුගෙන් අයැදුම් පත්‍ර


මස් කඩයක වැඩකළ අයෙක් එම රැකියාව තමාට දෙන ලෙස ඉල්ලයි
අලුගෝසු තනතුරට කාන්තාවන් තුන්දෙනෙකුගෙන් අයදුම්පත් ලැබී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
මෙම තනතුර සඳහා තවම අයදුම්පත් කැඳවා නැතත් මේ වනවිට අයදුම්පත් 100 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘දිනමිණ’ට කීය.
මේ සඳහා ලැබී ඇති අයදුම්පත් අතර මස් කඩයක රැකියාව කළ පුද්ගලයකුද වන බවත්, තමන් මස් කැපීමේ රැකියාවෙහි දිගු කාලයක් නිරත වී ඇති බැවින් මේ තනතුර තමනට ලබාදෙන ලෙස ඔහු අයදුම්පත මගින් ඉල්ලා ඇත.
1976 වසරෙන් පසු මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවුණු අතර මේ වනවිට මරණ දණ්ඩනයට නියම වී බන්ධනාගාර ගතව සිටින පිරිස 357 කි. ඔවුහු වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාරවල රඳවා සිටියි.
අලුගෝසු තනතුරෙහි පුරප්පාඩු 02 ක් පවතින අතර ඒ සඳහා ළඟදීම අයදුම්පත් කැඳවීමට නියමිතය. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකදී මරණ දණ්ඩනයට පක්ෂව 80% ක ජනතා කැමැත්ත හිමිවී තිබේ.
.

Sunday, October 9, 2011

අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් ද?


අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් ද?


ඇමෙරිකන් මනෝචිකිත්සක සංගමයේ (American Psychiatric Association) අළුත් (DSM-5 වැනි) සංශෝධන අත්පොතේ කටු සටහන පෙබරවාරි 10 වැනිදා අන්තර්ජාලයේ පළවිනි. එය සම්පූර්ණයෙන් නිමකර ඉදිරිපත් කරන්නෙ 2013 මැයි මාසයේ දී. මේ කටු සටහන ඒක නියමිත ආකාරයෙන් සං‍ශෝධනය සඳහාය. මානසික රෝග සඳහා පිළියම් දෙන මනෝවිද්‍යාඥයින් හා මනෝචිකිත්සකයන් බොහොමයක් පරිහරණයට ගන්නේ මේ අත්පොතයි. එසේම නඩුහබ වල දී ද මානසික රෝග නිශ්චය වන්නේ එහි විස්තර අනුවය. රටේ පාලන ප්‍රතිපත්ති සැකැස්ම සඳහා ද එය භාවිතා කර ගැනේ. DSM-1 නිකුත් වූයේ 1952 දී.
පෙබරවාරි මාසය යුරෝපයේ අන්තර්ජාල පාවිච්චිය ගැන දරුවන් දැනුවත් කරන මාසයයි. පෙබරවාරි 10 වැනිදා ඔවුන් “අන්තර්ජාලයෙන් ආරක්ෂා වන දිනය” (Internet Safety Day) ලෙස යොදා ගත්හ. යුරෝපයේ විවිධ රටවල පාසැල් දරුවන් අන්තර්ජාල පරිශීලනයෙන් තමන්ගේ තොරතුරු නොහඳුනන අයට නොදිය යුතු ආකාර ගැන කාටූන් චරිත හා සිංදු මඟින් ඉගෙන ගත්හ. මනෝවිද්‍යා සංගමයක් අන්තර්ජාලයේ හැසිරෙන ආකාරය ගැන කෙටි විඩියෝ තරඟයක් ද පාසැල් දරුවන් අතර පැවැත්වීය.
දකුණු කොරියාවේ අන්තර්ජාල ඇබ්බැහිය ලොව වඩාත්ම අන්තර්ජාලයේ හැසිරෙන්නන් එහි වූ නිසා ඇති වූවකි. අද දකුණු කොරියාව අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් සේ සලකයි. අන්තර්ජාලයේ සෙල්ලම් කරන්නට ඇබ්බැහි වූ දරුවන් කෑමට බීමට සැලකිල්ලක් නොදැක්වූ නිසා ලෙඩ රෝග ද, ඇස් රෝග වැඩි වීම ද, කන් ආබාධිත තත්ව වැඩි වීම ද, සමාජ ආශ්‍රයෙන් ඈත් වීම ද අන්තර්ජාල ඇබිබැහියේ රෝග විපාකයන්ය.
ඔවුන් වෙනුවෙන් අද දකුණු කොරියාවේ වැඩමුළු, පංති හා සහන සේවා මධ්‍යස්ථාන ඇරඹී ඇත. සමූහයක් එක්ව ලබා ගන්නා උපදෙස් වැඩමුළුවකට සහභාගී වන අන්තර්ජාල ඇබ්බැහියෙන් පෙළෙන අය තම තමන්ගේ ඇබ්බැහිය ගැන කතා කරන්නේ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගැලවෙන්නට එක්ව අමද්‍යප සංගමයක කතාබහ සේය. මෙවැනි සමුළුවක කතාබහ BBC සේවයෙන් අසා සිටියෙමි. ලබන අඟහරුවාදා PBS සේවයේ ඒ ගැන වැඩ සටහනක් (Frontline; Digital Nation) ඇමෙරිකාවේ ප්‍රචාරය වනු ඇත.
ඇමෙරිකාවේ ද අන්තර්ජාල ඇබ්බැහියෙන් ගැලවෙනු සඳහා මධ්‍යස්ථානයක් ඇත. පසුගිය වසරේ එහි හිටියේ එක ලෙ‍ෙඩක් පමණකි.
මත්පැන් විකුණන වෙළඳුන් තම බෝතල් වල “වගකීමෙන් පානය කරන්න” (Drink Responsibly) යයි ලේබල් ගසනවා සේ කොම්පියුටර් වල “වගකීමෙන් අන්තර්ජාල කරන්න” (Internet Responsibly) යයි ලේබල් අනාගතයේ ඇති වේ ද? ඔන්න කාට හරි ලෝකයට විකුණන්න නව නිෂ්පාදනයක්!
ඇමෙරිකන් DSM-5 න් අළුත් රෝග එකතුවට අන්තර්ජාල ඇබ්බැහිය එක් කරනවා ද නැද්ද යන්නත් එය සූදු කෙළියට ඇබ්බැහිය හා සමානව සලකා උත්තේජක අපහරණ කොට්ඨාශයට (substance related disorders) ඇතුලත් කරන්නේ ද යන්නත් දැන් කතාබහට දොර විවෘතව ඇත. සූදු කෙළියට ඇබ්බැහිය මෙතෙක් මානසික රෝගයක් ලෙසින් තිබුනේ පෙළඹවීම් පාලන ආසාදන (impulse control disorders) යටතේය. එයත් අහක් කරනවා ද තියා ගන්නවා ද යන්නත් මෙම අළුත් පොතේ සැලකීමට භාජනය වෙයි. පෙළඹවීම් පාලනය කරගත නොහැකි ආසාදනයක උදාහරණයක් නම් කෙනෙක් තම කොණ්ඩය උදුරා දැමීමය (trichotillomania). ලංකාවේ කුඩා දැරියක් තමාගේ කොණ්ඩය උදුරා කා මිය ගිය කතාවක් පත්‍රයෙන් දැක්කෙමි. එවැනි තමාට පාලනය කරගත නොහැකි පෙළඹවීමක් මානසික රෝග ඝනයට වැටේ. එහෙත් සූදු කෙළිය, ටයිගර් වුඩ්ස් වැන්නන් කම් සුඛ සෙවීම හා අන්තර්ජාල ඇබ්බැහිය ඊට ඇතුලත් කිරීම සුදුසු ද?
මේ ගැන සුළුවට තැකිය නොහැක්කේ රටක රෝග හඳුනාගත් පසු ඒ වෙනුවෙන් දියත් කරන වැඩ පිළිවෙල රටේ දියුණුවටත් අනාගත පරපුරක මානසිකත්වයටත් බලපාන නිසාය.
අවධානය නිසියාකාරව පවත්වා ගත නොහැකියාව (Attention – Deficit and Disruptive Disorders = ADDD) රෝගයක් ලෙසින් සලකන්නට පටන් ගත් දා සිට ඒ වෙනුවෙන් බෙහෙත් නියම කරන්නට ද, ඒ බෙහෙත් ගැනීම පාසැල් දරුවන්ට නියමිත කිරීමට පාසැලේ ගුරුවරුන් හා උපදේශකයන් ද කටයුතු කළහ. මා නොක්ස්විල් නගරයේ ලේක්ශෝර් මානසික රෝහලේ දී බෙහෙත් නියම කෙරුනු බොහෝ දරුවන්ගේ රෝග ලක්ෂණ ගැන ඒ වෛද්‍යවරු හා එකඟ නොවුනෙමි. දිනපතා අපි රෝගීන්ට නියම කරන ප්‍රතිකාර ගැන වටමේස සාකච්ඡා කළෙමු. නිරීක්ෂණයේ දී ඒ දරුවන් රූපවාහිනිය බලන්නට මනා අවධානයක් ඇත. අවධානය නැතිව යන්නේ ගුරුවරුන් ඉදිරියේය. බෙහෙත් දීම නිසා දරුවන් පංතියේ “දඟ” නොකර නින්දට වැටෙති. නැතහොත් බෙහෙත් “මතින්” සිටිති. ඉතින් ගුරුවරයාට පාලනය පහසුය.
පසුබිම දිහා බැලූ කල සමහර දරුවන්ගේ අවධානය නොමැත්තේ ඇයි කියා සොයාගත හැකිය. නමුත් එක් එක් දරුවා ගැන සොයා බලන්නට දරුවාගේ දෙමාපියන්ට ද ඉස්පාසුවක් නැති කල, ඔවුන් ගෙන යන වෛද්‍යවරුන්ට ඒ සඳහා කාලයක් ඇත් ද?
ඇමෙරිකාවේ මනෝචිකිත්සක සංගමය විසින් මානසික රෝග වර්ග කර පෙන්වීම නිසා අතීතයේ චර්යා වැරදි ලෙසින් ගැනුනුබයිපෝලර් වැනි ආසාදනයන් අද හඳුනාගෙන ඇත. එයින් දරුවන් කුඩා අවදියේ හැසිරීම නොමනා නිසා දඬුවම් විඳීම වෙනුවට එසේ හැසිරීම රෝගයක් නිසා ඒ සඳහා විශේෂ පහසුකම් සැලසුනි. අද දිනයේ හඳුනා ගන්නා Autism රෝගය ද එවැනි තවත් රෝගාබාධයකි. ලංකාවේ ඒ ගැන දැනුවත් කිරිම සඳහා සිංදුවක් ද ගැයුණි. විශේෂ පාසැලක් පටන් ගත් අතර එයින් දරුවෙක් තම සිතුවම් වලින් නිම වූ නිෂ්පාදන ඔඩෙල් වැනි වෙළඳ සැලක අලෙවියට තබා දරුවා වෙනුවෙන් මුදල් මාර්ගයක් ද ඇති කරලීය.
අතීතයේ තරුණ වයසෙන් මිය ගිය බයිපෝලර් රෝගීන් වෙනුවට අද දිනයේ රෝගී තත්වයෙන් සිටිය ද ඵලදායක ජීවිත ගතකර වඩාත් කාලයක් ජීවත් විය හැකියාව ඔවුනට ලැබේ. ඒ නිසා මානසික රෝග වර්ගීකරණය සහමුලින්ම නිෂ්ඵල දෙයක් වන්නේ නැත. නමුත් එවැන්නක දී මානසික රෝග හරියාකාරව හඳුනාගත හැකි අපහසුව නිසා සෑම හැදියාවක්ම, ඇබ්බැහිකමක්ම රෝගයක් සේ සැලකීමට ඉක්මන්විය යුතු නැත.
“මහජන සුබසෙත” සාදන අරමුණු සඳහා ප්‍රතිපත්ති සකස් කරනා විට එක් එක් පුද්ගලයා අමතක වී යයි. සමාජය හැදී තිබෙන්නේ එක් එක් මිනිසුන් රාශියක් එකතු වීම නිසාය. ඒ හැමෝටම එකම ආකාරයකින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකිය. අවධානය නොමැති වීමට එක් එක් දරුවාට ඇති හේතු වෙනස් වේ. නමුත් අවධානය නොමැති වීම රෝගයක් යයි හැඳින්වීම මඟින් ඒ එක් එක් අයගේ හේතුව අතහැර සමස්තයක් (collective) ලෙස සලකා ඔවුන් සියල්ලටම එක බෙහෙතක් නියම කළ හැකිය.
මත්පැන් වලට ඇබ්බැහිය ද රෝගයක් ද නැතහොත් හුරුවක් ද? ජානුගත උවමනාවක් ද? නැතහොත් පරිසරයෙන් දකිනා නිසා ඊට තමනුත් හුරු වන්නක් ද? තමන් පිළිගන්නා පැත්තට අනුව දත්ත ඉදිරිපත් කෙරෙන නිසා (සමාජ ප්‍රතිපත්ති සකස් කරන ආණ්ඩුවේ මුදල් වෙන් කිරීම් අනුව) දෙපැත්තම හරි හෝ වැරදි යයි පෙන්වීමට දත්ත දෙපැත්තෙන්ම සොයා ගත හැකිය.
මත්ද්‍රව්‍ය හෝ මත්පැනට ඇබ්බැහි වූ අයෙක් කාලයක් එයින් වැළකී සිට නැවත ඇබ්ත්තක් හෝ උගුරක් ගත් කළ පාලනයකින් තොරව යළි ඊට ඇබ්බැහිය ඇති කර ගනියි. සූදු කෙළිය, කම්සුඛ සෙවීම, හෝ අන්තර්ජාල ඇබ්බැහිය යම් පාලනයකින් යුතුව කරන්නට හැකි වීම නිසා එයින් ඇබ්බැහියක ලක්ෂණ දැක්වේ ද? වැඩ කිරීමට ඇබ්බැහිය (workaholic) හා චොක්ලට් කන්න ඇබ්බැහිය (chocoholic)යනාදියත් රෝග ලෙසින් දැක්විය යුතු ද?
විද්‍යාවේ (science) වටිනාකමක් ඇත්තේ එය මනුෂ්‍යයාගේ ජීවිතය ආරක්ෂා කර, සාරවත් කර, වර්ධනය කරනවා නම් පමණකි. මනුෂ්‍යයා යනු එක්, සුවිශේෂ, හිලව් නොකළ හැකි ඒකීය මිනිසාය (individual man). සමාජයේ සුබ සාධනය සඳහා සමස්ත වැඩ පිළිවෙල් ක්‍රියාත්මක කිරීමෙන් ඒකීය පුද්ගලයාව නොසලකා හැරේ.
තාක්ෂණය නිසා ලබා ගන්නා නව දැනුමේ වටිනාකම ඇත්තේ ඊට කලින් වූ දැනුම නිදහස්ව පරිහරණයටත්, එහි ඵල ‍රස විඳින්නටත් හැකි අයටය. තමන් වෙහෙස මහන්සි වී දිවා රෑ වෙහෙසෙන්නාට දැනුම නිදහස්ව පරිහරණයටත්, ඵලදායක බව රස විඳින්නත් කාලයක් නැත. එදිනෙදා වැඩට යන පුද්ගලයා පාලකයා විසින් ක්‍රියාත්මක කරන සැලසුම් ගැන දැනුමක් නැති නිසා කියා ඊට එකඟ විය යුතුද? නැතහොත් තමාගේ දහඩිය මහන්සියෙන් නිෂ්පාදනය කරන ලාබයෙන් සමස්ත ජනතාවට සුබසෙත සලසන නාමයෙන් දියත් කරන සැලසුම් ගැන සොයා බලන්නට කාලයක් වැය කළ යුතුද?
අතීතයේ පටන් දියත් කර ඇති එවැනි සැලසුම් දිහා බලනා කල, රුසියාවේ වේවා ඇමෙරිකාවේ වේවා මහජන සුබසෙත සලසන ප්‍රතිපත්ති බොහොමයක ඵලදායක බවක් කාලයක් ගියත් දැක ගන්නට නොහැකිය. උදාහරණ ලෙස ගගණගාමීන් අභ්‍යාවකාශයට යැවූ රුසියාව තම පුරවැසියා හාමතෙන් තැබීය. ආර්ථික සහන සැලසුම් හා හමේ පාටට වැඩි අවධානය දුන්න ද, කළු ඇමෙරිකානුවන් තවමත් ඉන්නේ ආර්ථිකයෙන් පහළ මට්ටමකය.
තම දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි යයි කියන දෙමාපියෝ දරුවා ඊට මුලින්ම සම්බන්ධ කල ආකාරය දිහා බැලිය යුතුය. දරුවාට වෙනත් මාර්ග වලින් තම ජිවිතය රසවත් කරගන්නට අවස්ථා ලබා දුන්නා ද? අන්තර්ජාලයේ ක්‍රීඩා කිරීම හා එළිම‍හනේ ක්‍රීඩා කිරීම සමබරතාව‍යකින් කළ යුතු බව පෙන්වා දී ඊට ඉඩකඩ ලබා දුන්නා ද? නැතහොත් තම පහසුව පිණිස එය අධ්‍යාපනයට රුකුලක් යයි කියා දරුවා ඒ ඉදිරියෙන් වාඩි කරවා තමාගේ වැඩ කටයුතු වල නියැළුනා ද?
තමන්ගේ ජීවිතය හසුරුවන්නට පාලකයාට ඉඩ දෙන්නා පාලකයා විසින් එය තමන් අතට මුළුමනින්ම ගත් දාට වූයේ කුමක් දැයි සොයාගත නොහැකිව ලත වෙති. පාලකයාට වඩා සැම අවස්ථාවක දීම තමාගේ සුවසෙතට කළ යුත්තේ කුමක් දැයි දන්නේ තමාය. අපි සමස්තයක් ලෙසින් සුබසෙත සලසන්නට ගොස් පුද්ගලිකත්වය අමතක කර දමා ඇත.
සමස්තයකට සුබසෙත සැලසීම පරාර්ථාකාමී සද්භාවයක් යයි අපි පිළිගෙන ඇත. ඒ අර කාණ්ඩයක් එකතු වී සල්ලි සම්මාදම් කර දන්සැලක් දානවා වැනිය. මා දෙන්නේ ටිකකි. මා බලාපොරොත්තු වෙන්නේ මහත් පිරිසකට දානයක් දීමෙන් ලබන මහත් පිනකි. මගේ අරමුණ වූ මහා පින් සලසා ගැනීම මා බාර කර ඇත්තේ ඊට ඉදිරිපත් වූ පිරිසක් වෙතය. ඔවුන් “හොඳ” යයි මා සැලකූ නිසා මගේ ආධාරය ඔවුන්ට දෙන්නෙමි. නමුත් ආධාරය ගත් පසු ඔවුන් ඔවුන්ට කැමති පරිදි කටයුතු කිරීමෙන් වැළකීමට මට හැකියාවක් නැත. අපි සම්පූර්ණ බලය දී සම්පූර්ණ දූෂිතයෝ බිහි කරන්නේ එලෙසිනි.
මේ වෙනස් කිරීම් ගැන ජනතාවට, වෛද්‍යවරුන්ට හා පර්යේෂකයන්ට අප්‍රේල් මාසය දක්වා අදහස් අන්තර්ජාලයෙන් ඒ ඒ කමිටු වෙත ඉදිරිපත් කරන්නට ඉඩ සලසා ඇත. DSM -5 අත්පොතට මැයි 2013 දී අන්තර්ජාල ඇබ්බැහිය මානසික රෝගයක් ලෙසින් අවසානයේ ඇතුළු වේදැයි නොදනිමි. නමුත් මත්පැන් හා මත්ද්‍රව්‍ය ඇබ්බැහි වැටෙන උත්තේජක අපහරණය හා සමානව සලකා බලන කල මෙයත් එකතු කරන්නට ඒ පදනම නොසෑහේ යයි සිතේ. මෙයින් සිද්ධ වන්නේ මහජන සුබසෙත සලසන නියායෙන් සමස්තයකට නිකුත් කරන ප්‍රතිපත්ති නිසා අනාගතයේත් එක් එක් මිනිසා වෙත අවධානය යොමු කිරීම මඟ හැරී යාමයි.
රෝග කෙසේ වර්ගීකරණය වුවත් එක් එක් පුද්ගලයා, (දරුවන් ගැන දෙමාපියෝ හෝ බාරකාරයෝ) විමසා බලා තමාට සුවිශේෂී වූ තත්වය ද විචාරා නොබලා පිළිගැනීම මනුෂ්‍යත්වයට මදිකමකි. පාලකයා හෝ වෛද්‍යවරයා හෝ මනුෂ්‍යයා යනු සියල්ල දන්නා අයෙක් නොවේ යන්න අපත් මතක් කරගෙන නොදන්නා අයටත් කියා දිය යුතුය.
විද්‍යාව හා තාක්ෂණය ගැන කැමැත්ත ඇති අයට ලන්ඩනයේ ග්‍රීෂ්ම ඍතුව මාස 3 ක් ගත කරන්නට අවස්ථාවක් ගැන මේ. විද්‍යා ශිෂ්‍යයෙකු හෝ විද්‍යාඥයෙකුව සොයන්නේ විද්‍යාව හා තාක්ෂණය ගැන ලිපි ලියන්නට “ද ඉකොනොම්ස්ට්” සඟරාවයි. විස්තර සඳහා

අනේ මේ අසරණයින්ට පිහිටක් වෙන්න 

Thanamalwila sathyaya

!

PrintEmail

සැමියා මියයැමෙන් පසු දරුවන් තිදෙනකුත් සමග මෙලොව තනිවූ තණමල්විල කිතුල්කොටේ ගම්මානයේ පදිංචිකාරියක වූ පුෂ්පා කාන්ති (32) තරුණ මවගේදරුවන් තවමත් ඉතාමත් කුඩාය. තරුණ වියේදීම ඇයට ජීවිතයේ උසුලනු නොහැකි බරක්‌ දරන්නටසිදුවී තිබේ. ජීවත් වන්නට මගක්‌ නැති හෙයින්ම ඇයට දරුවන් ජීවත් කරවීමද ගැටලුවක්‌ව පවතී. ඇය හමුවේ කළ දුක්‌ගැනවිල්ලට සවන්දුන මැනවි.
 " මගේ සැමියා ප්‍රේමරත්න. ඔහු පෙදරේරු වැඩකරමින් සිටියදී මියගියා. අපි අනාථ වුණා. කර ගන්න දෙයක්‌ නැති තත්ත්වයට පත් වෙලයි ඉන්නේ. මට දුවල දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා. ලොකු දුව7 වසරේ. පොඩි දුව තුන වසරේ එයාගේ පපුවේ සිදුරක්‌. කොළඹ බොරැල්ල රිඡ්වේ ළමා රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා. පොඩි පුතා 1වසරේ එයාටත් හම්බන්තොට රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා. ජීවත් වෙන්න විදියක්‌ නැති නිසා මම ළමයි දාලා කෙසෙල් වගා වැඩකට යනවා දවසට රුපියල් 320 වැටුපට 20.00 ක්‌ ලොරියේ කුලියටකපනවා උදේ 6.00 ඉඳලා හවස 2.00 වනතුරු වැඩ. දින 14 කට සැරයක්‌ පඩිය ලැබෙනවා. එය හොඳටම මදි. අපි කියන්න බැරි තරම් දුකකිනුයි ජීවත්වන්නේ. කාට කියන්නද?"
 පවුලේ ලොකු දුව චතුරිකා පැවසුවේ මෙවැන්නක්‌.
තාත්තා මැරුණට පස්‌සේ අපි අමාරුවෙන් ජීවත්වෙන්නේ. නංගියි මල්ලි දෙන්නම ලෙඩින්. අම්මා අපිට උගන්වන්න හරියට මහන්සි වෙනවා. මට ශිෂ්‍යත්ව විභාගයටත් ලියන්න බැරි වුණේ අඩුපාඩු නිසා. අපිට බැංකු පොත් නෑ. ටෙලිෆෝන් නෑ. අපිට කවුරු හරි උදව් කරනවානම්.
 "මුදල් ඇනවුමක්‌ මගින් පුෂ්පා කාන්තිට යවනවානම් ලිපිනය මෙන්න. එම්. ඒ. පුෂ්පා කාන්ති, 31 කණුව, කිතුල්කොටේ, තණමල්විල."
 ( මෙය ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ පලවූ ඉල්ලීමකි . එය උපුටා දක්වන්නේ මේ අසරණයින්ට පිහිටක් වීම සඳහා බව කරුණාවෙන් සලකන්න )