This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, August 4, 2012

බුදු දහම ගැන කතාවක්

ගණිතඥයකු, ව්‍යාපාර පරිපාලනය හා සැලසුම්කරණය පිළිබඳ උගතකු වන, පිලිපීනයේ උපන් ‘චෙස්ටර් ඩී’ ආගම් පිළිබඳ ව ද බොහෝ දැනුම් ඇත්තෙකි. මේ තමා බුදු දහම පිළිගන්නේ මන්දැ යි පහදමින් ඔහු ලියූ ලිපියෙහි සිංහලානුවාදය යි....

මගේ ජීවිතය කෙරෙහි බුදු දහම නැවත වතාවක් බලපෑම් කිරීමට පටන්ගත්තේ එයින් බොහෝ කලකට පසු, මා විශ්වවිද්‍යාලයේ අවසන් වර්ෂවල සිටියදී ය. එක් අතකින් මේ වන විට පොත් මිලයට ගැනීමට තරම් මා අත මුදල් තිබිණි.

අනෙක් අතට පෙරදිග ආගම් පිළිබඳව උනන්දුවක් දක්වන අය සඳහා ම විශේෂයෙන් පවත්වාගෙන ගිය අලුත් පොත් වෙළෙඳසල් කීපයක් ද සොයාගැනීමට මට හැකි විය. මෙම සාධක ද විශ්වවිද්‍යාල ජීවිතය තුළදී මුහුකුරා ගිය මගේ දෘෂ්ටිය ද නිසා නැවත වතාවක් බුද්ධ ධර්මය පිළිබඳව මා තුළ වූ තද උනන්දුව ඉස්මතු වීමට පටන් ගත්තේ ය. මගේ ජීවිතයෙහි ප්‍රථම වරට මට ප්‍රමාණවත් තරම් සූත්‍ර පරිවර්තන ද, අටුවාවන් ද, ව්‍යාඛ්‍යානයන් ද ලබාගැනීමට පිළිවන් විය. මේවා කියවීම නිසා මා තුළ ඇති වූ ඝට්ටනය ඉතා දැඩි විය

කිසියම් ආගමක් කෙරෙහි පුද්ගලයකු තැබූ විශ්වාසය බිඳවැටී, වෙනත් ආගමක් වැලඳගැනීමට ඔහු පෙලඹෙන්නේ කුමන හේතුවක් නිසා ද? ඇතැම් අය සම්බන්ධයෙන් එය ආශ්චර්යවත් බලපෑමක ප්‍රතිඵලයක් වශයෙන් ද හඳුන්වාදීමට පසුබට නොවන, ක්ෂණික අතිවිශේෂ සිද්ධියකි. සමහරකු සම්බන්ධයෙන් එය සිද්ධ වන්නේ තැනින් තැන අවුරුදු ගණනාවක් තිස්සේ එය සොයා ඇවිදිමින්, එහි ස්වරූපය මෙසේ විය යුතු යැ යි සිතාගැනීමෙන් ද පසු, රසඥයකුට අලුත් කෑමක් හමු වූ විට මෙන්, ඒ සම්බන්ධ ව ගුරුවරයකු අහම්බෙන් හමු වීමෙන් පසු ව ය. තවත් සමහරුන් එවැනි පියවරක් ගන්නේ, ඒ ගැන බොහෝ දුරට ස්වාධීන ව සිතීමෙන් සහ සංසන්දනය කිරීමෙන් පසු ව ය. මේ අතර තවත් සමහරෙක් ආගමික රැස්වීමකට සහභාගී වන ලෙස මිතුරකු අනියමින් කළ ආරාධනය පිළිගැනීමෙන් පසු එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ආගම වැලඳගනී.

එහෙත් මා සම්බන්ධයෙන් සලකන විට නම්, මා තුළ ධර්මය සම්බන්ධ අවබෝධය ඇති වූවේ ඉතා සෙමෙනි. බිඳෙන් බිඳ එය වෑස්සුණු නමුත්, ඉන් කිසි ම කාන්දු වීමක් ඇති නොවූ තරම් ය. මේ පරිවර්තනයේදී කිසියම් වැදගත් සිහිකටයුතු සිද්ධියක් ද සිදුනොවූ නිසා, පරිවර්තනයෙහි එක් අවධියක්, අනෙක් අවධියෙන් වෙන් කර දැක්වීමට ඉවහල් වූ රේඛාවක් බඳු සිද්ධි කිසිවක් ද එහි නො වී ය. මම මහලු වයස, ව්‍යාධි හා මරණය ද දිටිමි. එහෙත් සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේට මෙන්, මට ඒ ගැන නිසි අවබෝධයක් ඇති නො වී ය.

මගේ සිහියෙහි නොමැකී පවතින, මගේ අවධානයට යොමු වූ, පැරණි ම සිද්ධිය නම්, සාපේක්ෂ වශයෙන් දැඩි කතෝලික භක්තිවන්තයන් සිටි මා වැඩුණු චීන ගෘහයෙහි දකින්නට ලැබුණු ආලෝකය යි. විදුලි බුබුළක දිලිසීම, සූර්යාගේ දීප්තිය, තාරකාවන්හි බැබළීම තරම් වෙනත් කිසිවක්, ඒ සා ප්‍රාණවත් ව ද සියුම් ව ද ගුප්ත ලෙස ද, සෑම තැන ම පැතිරී ඇති බවක් දක්නට ලැබුණේ නැත.

ඉදින්, මම ඉතා කුඩා කාලයෙහි සිට ම මා සමඟ ක්‍රීඩාවෙහි යෙදුණු මගේ යහළුයෙහෙළියන් බයිසිකල්, තුවක්කු හා දුනු හී ගැන උනන්දුවක් දක්වද්දී ලාම්පු, ප්‍රදීපාගාර, ගින්දර, පළිඟු හා පී‍්‍රස්ම කෙරෙහි උනන්දුවක් දැක්වූයෙමි. ආලෝකය පිළිබඳ ව වූ මගේ මේ උනන්දුව, මගේ ළමා කාලයෙහි සිට නව යොවුන් විය දක්වා ම පැවති අතර, ඇතැම් විට එය ඉනුත් ඔබ්බට පැවතියේ යැ යි සිතිය හැකි ය. කාරණයක් හැටියට සලකතොත් එය මුලදී මගේ සිත භෞතික විද්‍යාව කෙරෙහි යොමු කරවීමටත්, පසුව ගණිතය කෙරෙහි යොමු කරවීමටත් හේතු විය.

කෙසේ වුව ද, මගේ සැලකිල්ලට භාජනය වූ තවත් එක්තරා ආකාරයක ආලෝකයක් ද විය. එය වුකලි දෘශ්‍යමාන අදෘශ්‍යමාන සියලු දෙයෙහි මැවුම්කරුවා වූ ද, විද්‍යමාන ව පවතින සියලු දේවල ප්‍රභවය වූ ද, පරමෝත්කෘෂ්ට දෙවියන් වහන්සේට කතෝලික දෙව් මැඳුරෙහි බිශොප්තුමා විසින් අල්තාරය අබියස ඒ මේ අත පද්දවන ලද දුම්කබලෙන් නිකුත් වූ සුවඳ දුමත් සමඟ ම වෙළී පැතිරී ගිය, සුමධුර ග්‍රෙගෝරියන් ගායනය මගේ සවනත වැකුණු විට, මා තුළ ඇති වූ උණුසුම් අභ්‍යන්තර ආලෝකය යි!

සමහර විට මෙම අභ්‍යන්තර ආලෝකය සහ බාහිර ආලෝකය අතර, කිසියම් සම්බන්ධතාවක් ඇතැ යි යන දුර්වල හැඟීමක් මගේ මනසෙහි කිසියම් අඳුරු තැනක ඇති විය. සමහර විට ඒවා යුග ගණනාවකට ඉහත වෙන් වී ගිය, දැන් නැවත එක් වීමට ප්‍රයත්න දරන එක ම ආලෝක කදම්බයක් වුව ද විය හැකි ය. ඒ වූකලි ඉතිහාසයට අයත් ප්‍රවෘත්තියකි. මෙම කුඩා ආලෝක කදම්බ (ලෝකය ඇති වූවේ මේ කුඩා ආලෝක කදම්බ එක්රැස් වීමෙනි) යළිත් කෙසේ හෝ එක් වී කිසියම් උත්තරීතර එක්සත්කමක් ළඟා කරගත හැකි ස්ථානයකදී සන්තෝෂ වීමට ප්‍රයත්න දරයි. අවසාන වාසස්ථානය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පුළුවන්කම ඇත්තේ හුදෙක් එයට ම පමණකි.

මේ විදියේ සිතුවිලි මගේ සිතෙහි භ්‍රමණය වෙමින් පවතිද්දී, මගේ සිත වේදාන්ත දර්ශන දෙසට යොමු වීම පුදුමයක් නො වේ. අප වූකලි දිලිසෙන මුහුද සමඟ එක් වීමට උත්සාහ දරන පිනිබිඳු ද? නැති නම් පවතින්නේ තමන්ගේ අනන්‍යතාව වටහා නොගත් රළපෙළින් යුක්ත දිලිසෙන මුහුද පමණක් ද යන්න සලකා බැලීම මෙහිදී වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ දිලිසෙන මුහුද ය; එනම් අද්විතීය, අසහාය තැනැත්තා වන බ්‍රහ්මන් ය. ශරීරයෙහි ද ආශ්වාස ප්‍රශ්වාසයෙහි ද මනසෙහි ද සියලු ක්‍රියාකාරකම් නිශ්චලතාවට පත් කරමින්, පරම සත්ත්වයා ද සචේතනිකත්වය ද ප්‍රමෝදය ද ප්‍රභාවත් වීමට ඉඩ සැලසෙන තෙක්, ආධ්‍යාත්මික අභ්‍යාසය හාත්පස පරිභ්‍රමණය වීමට පටන් ගත්තේ ය.

මෙම කාලපරිච්ඡේදය තුළ බුද්ධ ධර්මය ගැන කියවීමට මට ඉඩ ප්‍රස්තාව සැලසුණේ ඉතා අල්ප වශයෙනි. ප්‍රාථමික පාසලක පුස්තකාලයකින් කෙනකුට ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වීමට ද පුළුවන්කමක් නැත. එසේ වූවත්, ඒ පිළිබඳ ව කිසියම් ඉගෙනීමක් ද සිදු විය. දිවයින මැද දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් පිහිටුවා ඇති බව මා දැනසිටි තායිවානයට මගේ දෙමව්පියෝ මා කැටුව ගියහ. එම ප්‍රතිමාව බැලීමට මා රැගෙන යන ලෙස මම මගේ දෙමව්පියන්ට දින ගණනක් තිස්සේ තරයේ ම කියා සිටියෙමි. ඒ කුමක් නිසා දැ යි කීමට මට පුළුවන්කමක් නැත. අන්තිමේදී මගේ දෙමව්පියන් මට අනුකම්පාව දක්වමින් මගේ ඉල්ලීමට එකඟ වූ අතර, අපි සියලු දෙනා ම එක් වී, පැය හතරක කාලයක් ගෙවා දුම්රියෙන් එම ස්ථානයට ගියෙමු. මින් පසු, මම තායිවානයට ගිය සෑම අවස්ථාවක ම බෞද්ධ විහාරස්ථානවලට යෑම පුරුද්දක් කරගතිමි. මේ කාර්යයේදී මම බෞද්ධ සිද්ධස්ථාන, තාඕ සිද්ධස්ථානවලින් වෙන්කොට හඳුනාගැනීමට සෑම උත්සාහයක් ම දැරූයෙමි.

එහෙත්, ප්‍රාථමික පාසලෙහි තිබූ පුස්තකාලයට වඩා විශාල පුස්තකාලයක් තිබූ උසස් පාඨශාලාවෙහි ගත කළ කාලයෙන් භාගයක් පමණ ගෙවී යන තෙක් ම වේදාන්ත දර්ශනය හැදෑරීම සඳහා වැඩි උත්සාහයක් ගතිමි. කීර්තිමත් මනෝ විද්‍යාඥයකු වන කාර්ල් යුං විසින් ලියන ලද පොතක් මට එහිදී හමු විය. මගේ අවධානයට යොමු වූ පරිච්ඡේදයෙන් විස්තර කර තිබුණේ ප්‍රත්‍යෙකීකරණය (Individuation) යි. එනම් මනුෂ්‍යයකු සම්පූර්ණත්වයට පත් පුද්ගලයකු බවට පත් වීමට ඉවහල් වන මානසික ක්‍රියාවලිය යි. යුං තේරුම්ගෙන තිබූ අන්දමට මෙය සිදු වූවේ කෙනකුගේ පෞද්ගලික සවිඥානකත්වය සහ සාමූහික අවිඥානකත්වය අතර නව අනුභූති මධ්‍යස්ථානයක් පරිණාමය විය (ආදී කල්පිත මූලරූපික බලවේගයන්හි ප්‍රකෘතිය, (මුල) සියලු මනුෂ්‍යයන් තුළ පොදුවේ පවතින මනසෙහි අකාලික කොටසෙහි තිබේ). අභිනව මධ්‍යස්ථානය කෙනකුගේ සවිඥානකත්වය ඒ බවට සලකුණක් හෝ නොතබා ආපසු සාමූහික අවිඥානකත්වය කරා දිය වී යාවී දෝ යි වැනි, කිසියම් හැඟීමක් මට එම උත්තරීතර මොහොතෙහි පහළ විය. මනසෙහි වෙන් වශයෙන් ඇති කොටස් දෙක අර්ථ ශූන්‍ය ලෙස කිසියම් මූලික ඒකකත්වයකට ප්‍රතිගමනය කරනු වෙනුවට අන්‍යොන්‍ය වශයෙන් පූර්ණය කෙරෙන කිසියම් සත්තාවක කේන්ද්‍රියත්වයක් ඇති විය. මෙම නව මානය නිසා මගේ අදහසෙහි අක්ෂ විස්ම ජනක ලෙස වෙනසකට පත් විය. කිසියම් පරමාත්මයක් කරා විශ්වාසයක් තැබීමට යොමු වීම, සමානත්වය ඒකතාව වශයෙන් ද, අප්‍රාණිකත්වය සාමය වශයෙන් ද, අපහරණය (සමාධිය) යථාර්ථය වශයෙන් ද වරදවා වටහාගැනීම නිසා ඇති වන ආධ්‍යාත්මික මරණයක් ලෙස එය මට වැටහී ගියේ ය. පරමාත්මයක් සම්බන්ධ තණ්හාව වූකලි වෙනත් වේශයකින් උච්ඡේදය (විභව) සඳහා ඇති තණ්හාවක් බව බුදුන් වහන්සේ විසින් නිරීක්ෂණය කර ඇති බව මට අවබෝධ වීමට ද පටන් ගත්තේ ය. ආධ්‍යාත්මික ගවේෂණය රැඳී පවතින්නේ සියලු සිතිවිලි සහ ව්‍යායාමයන් මුළුමනින් ම යටපත් කිරීම තුළ නො ව, අපේ මනසෙහි ඇති ගැඹුරුතම ශක්තීන් ද, උදාරතර ප්‍රාර්ථනාවන් ද,එකතැන රැඳී නොසිටින සේ ප්‍රාණවත් කර, ක්‍රියාශීලී අන්දමින් එක්සත් කරන තෙක්, පිරිසිදු ව ද විවෘත ව ද තැබීමෙනි. මේ සියල්ල සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන්නේ කිසියම් ස්වරූපයක ව්‍යාජ අන්ධ තත්පර වීමක් නො ව, මනසෙහි මූලාරම්භයට ම කාවැදී, එය වෙනසකට විපර්යාසයකට පත් කළ හැකි තත්ත්වයේ, යම්කිසි පැහැදිලි නිර්මල ස්වභාවයක් හා අවබෝධ ශක්තියක් ඇති කරගැනීම ය.

මහායාන බුද්ධාගමෙහි සඳහන් වන බුදුන් වහන්සේගේ ත්‍රිකාය සිද්ධාන්ත සංකල්පය තුළ මෙය අඛණ්ඩ සේ අන්තර්ගත වීම පිළිබඳ අනුභූතිය සම්පූර්ණයෙන් ම ඇතුළත් ව ඇතැ යි මට අවබෝධ විය. බුදුන් වහන්සේ විසින්, සංයුක්ත නිකායෙහි ලා කච්චායනට විස්තර කර දුන් පරිදි ම, සියල්ල ඇතැ යි හෝ නැතැ යි යන උභයාන්තයන්ගෙන් පටිච්ච සමුප්පාදය විනිර්මුක්ත ය. මේ බව මට වටහාගැනීමට හැකි වූයේ බොහෝ කලකට පසු ව ය. වේදාන්ත දර්ශනය පරමාත්මය වූ බ්‍රහ්මන් මත පදනම් වී තිබේ. ‘බ්‍රහ්මන්’ යනු අද්විතීය වූ එක ම මූලික හේතුව යි. අනෙකත්වයෙන්, විවිධත්වයෙන් දර්ශනය වීම ද ප්‍රතිෂේධනය කරන හෙයින් ඔහු ජීවියකු නොවන බව ද ගම්‍ය වේ. එහෙත් බුද්ධ ධර්මය අපට නිරන්තර වශයෙන් ම පෙන්වා දී ඇති පරිදි සත්තාව සහ අසත්තාව යන උභය සංකල්පය හුදෙක් ක්‍රියාශීලී අන්තර්සම්බන්ධතාවන්හි කෘත්‍රිම ප්‍රතිනිර්මාණ (Reifications) වෙයි.

මෙකී සංකල්පය වෙනුවට පටිච්ච සමුප්පාදය සහ එහි උපලක්ෂය වන ශූන්‍යතාව ද ඉදිරිපත් කිරීමෙන් පළමුව, හින්දූන්ගේ බ්‍රහ්මන් වෙත ගතිකත්වයෙන් අන්තර්ග්‍රහණය කරගැනීමේ කල්පිතය, වඩා ක්‍රියාශීලි බෝධිසත්ත්ව සංකල්පය ඉදිරිපත් කිරීමෙන් වෙනස් කිරීමට මහායාන බුද්ධාගමට හැකි විය. දෙවනුව වේදාන්තය විසින් අනේකත්වය ප්‍රතිෂේධනය කරමින් තහවුරු කරන ඒකීයත්වය වෙනුවට විශ්වය හා පුද්ගලයා අතරෙහි බාධාවකින් තොර ව අන්‍යොන්‍ය වශයෙන් පවත්නා පාරදර්ශීභාවය ඇති කරන ‘සම්මා සම්බුද්ධත්වය’ හෙවත් ධම්ම ධාතුව ඉදිරිපත් කරයි. එබැවින් මට පෙනෙන අන්දමට මහායාන මාර්ගය වූකලි කෙනකු තුළ පවතින බුද්ධාංකුර ශක්තියට උපයෝගී වන ගතිගුණ (පාරමිතා) සම්පූර්ණයෙන් ම සංවර්ධනය කිරීමට ඉවහල් වන මාර්ගයකි. එය බුද්ධකාරක ධර්මයන්හි පවත්නා ඌනතා සම්පූර්ණ කරමින් ද, පවිත්‍ර කරමින් ද, සමතුලිත කරමින් ද, අන්‍යෝන්‍ය වශයෙන් උසස් සංයෝගයකින් යුතු ව පාරමී ධර්ම සම්පූර්ණ කිරීමට උගන්වයි. කිසි ම යථාර්ථවත් වෙනසක් නොමැති ව සියලු දෙය ම අනන්‍ය වශයෙන් එකක් ම යැ යි පෙන්නුම් කරන මාර්ගයකට හෝ ස්වභාව ධර්මයෙන් (ප්‍රකෘතියෙන්) පුරුෂ නොහොත් දැනගත් තැනැත්තා වෙන් කරන මාර්ගයකට එය ප්‍රතිපක්ෂ වේ. එක් අතකින් බ්‍රහ්මන්ට අන්තර්ග්‍රහණය කරගැනීමේ හින්දු ධර්මයෙන් ද අනිත් අතින් පටිච්ච සමුප්පාදය සහ තදනුකූල බෞද්ධ ධර්මයෙන් ද එකිනෙකට වෙනස් ආධ්‍යාත්මික මාර්ග දෙකක් සහ ප්‍රතිඵල දෙකක් අදහස් කැරේ.

කෙසේ නමුත්, බුද්ධ ධර්මය පිළිබඳ ව මා අත් කරගෙන තිබූ දැනීම කොතරම් අල්ප වුවත්, ඒ නිසා හින්දු ධර්මය මට සුදුසු මාර්ගයක් වශයෙන් සැලකීම මේ වන විට අවසන් වී තිබුණේ ය. එහෙත් බුද්ධ ධර්මය වැලඳගත යුතු ය යන හැඟීම මා තුළ ඇති වූයේ නැත. එයට හේතු වූ එක් කාරණයක් නම්, මගේ දැනීම දියුණු කරගැනීම සඳහා ප්‍රමාණවත් වන තරමට කරුණු සපයාගැනීමෙහිලා තිබූ දුෂ්කරතාව යි. මීට හාත්පසින් ම වෙනස් ලෙස, මගේ පරිසරය ඉතා නිවැරැදි ලෙස ම රෝමානු කතෝලික ආගමට සරිලන සේ සකස් ව තිබිණ. මා ඇසුරු කළ ජනතාව කතෝලිකයෝ වූ හ. ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ව පාණ්ඩිත්‍යයක් ලබාගැනීමට අවශ්‍ය පොතපත පුස්තකාලවල මෙන් ම ප්‍රදේශයෙහි පොත් සාප්පුවල ද ඕනෑ තරම් තිබුණේ ය. ඉහත කී කරුණු අනුව ‘Hypostalic union’ උපස්ථාපන ඒකාබද්ධතාව පිළිබඳ ක්‍රිස්තියානි ධර්මය එනම් සමානුපාතික ව නොහොත් එක් විට ම ක්‍රිස්තූන් වහන්සේ සත්‍ය වූ දෙවියන් වහන්සේ මෙන් ම සත්‍ය වූ මිනිසා ද වේ යන ධර්මය මගේ සිත විශේෂයෙන් ආකර්ෂණය කළේ ය. දෙවන වතිකානු සමුළුවේ ප්‍රතිසංස්කරණ සහ විද්‍යමාන ස්වාභාවික දෑ විශාල වශයෙන් භාවිත කිරීම නිසා ධර්මෝපදේශවල තත්ත්වය, හරවත් ජීවිතයක් ගෙනයෑමට ඉවහල් වන අන්දමට වෙනස් වූ අතර, ඒ මාර්ගයෙන් දෙවිඳුන්ගෙන් වෙන් වී සිටි මිනිසාට යළිත් දෙවිඳුන් කරා යෑමේ මාර්ගය විවෘත විය. විජයග්‍රාහි ලෙස ක්‍රිස්තු ධර්මය යළිත් සොයාගැනීමට මට පුළුවන් වීම නිසා මම ඉමහත් ප්‍රමෝදයකට පත් වීමි.

මගේ කතෝලික ජීවිතය පෝෂණය වූයේ, ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් තුනකිනි. ඒවා නම් අවලෝකනය, දේවමෙහෙය හා ක්‍රියාව යි. අවලෝකනය නොහොත් කල්පනාකොට බැලීමේ පුරුද්දෙහි පියවර තුනක් විය. ධර්මෝපදේශ අතරින් නිශ්චිත පද්‍යයක් හෝ ක්‍රිස්තූන් වහන්සේගේ ජීවිතයෙහි සිද්ධියක් හෝ නැති නම්, ඇතැම් විට ඇදහිල්ලෙහි කිසියම් විශේෂ කොටසක් බාරගෙන එය කෙළින් ම ක්‍රිස්තූන් වහන්සේ වෙතින් ම ලැබුණු සේ සලකා තම හදවතින් ම පිළිගැනීම පළමුවැන්න යි. මගේ පි‍්‍රයතම මාතෘකාව වූයේ, ක්‍රිස්තු ධර්මයෙහි රඳා පැවැත්මට ඉවහල් වී ඇති ප්‍රධාන ගුප්ත කාරණාව වූ ශුද්ධ වූ ත්‍රිත්වය (දෙවියන් වහන්සේ තුළ පරමෝත්කෘෂ්ට ඒකීය භාවයක් පැවතියත්, එහි ද පෞද්ගලික අනේකත්වය පවතින බව ප්‍රකාශ කිරීම), ක්‍රිස්තූන් වහන්සේගේ මූර්තිමත් වීම (එනම් ක්‍රිස්තූන් වහන්සේගේ සිරුර තුළ දෙවියන් වහන්සේ සහ මිනිසා එක් වීම) මුක්තිදානය කිරීම හෙවත් ගැලවුම්කාරයා වීම (එනම් මරණය මාර්ගයෙන් අපගේ මරණය විනාශ කිරීම සහ පුනරුත්ථානයෙන් අපට ජීවිතය නැවත ලබා දීම) අප ද කොටස් වන ශුද්ධාත්මික ක්‍රිස්තු දේහය (ක්‍රිස්තූන් වහන්සේ ප්‍රධානියා ද, ශුද්ධාත්මයාණන් ආත්මය ද වන) යන මේවා යි.

දෙවනුව පුද්ගලයකුට තමා තෝරාගත් තේමාව, ක්‍රමයෙන් තමාගේ සිත තුළින් ද, හදවත තුළින් ද එළිදරව් වීමට සලස්වයි. එමඟින් තමා තුළ ගැබ් කර ඇති දිව්‍යමය අනුග්‍රහ සහ වරප්‍රසාද අනාවරණය කරගැනීමට කෙනකුට පුළුවන් වන අතර, එවිට ගැඹුරට ගැඹුර කතා කරන්නාක් මෙන් ඒවා තමාගේ ජීවිතය තුළට කාවද්දාගැනීමට කෙනෙකුට පුළුවන් වේ. අවසානයෙහි දෙවියන් වහන්සේගේ පණිවිඩය හා ආරාධනය ලැබූ තැනැත්තා දෙවියන් වහන්සේගේ විද්‍යමානත්වයට ප්‍රතිචාරය දක්වන්නේ, තමාගේ ආත්මය දෙවිඳුන් වෙත ඔසවමින් කැමැත්තෙන් ම යාච්ඤා කිරීමෙනි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට උපකාර කිරීමෙන් ලබන පී‍්‍රතිය එම උපකාර ලබාගැනීමෙන් මිනිසා විඳින පී‍්‍රතියට වඩා වැඩි බව ඔහු දනී.

ජන වන්දනාව යනු දේව ජීවිතය නමැති ත්‍යාගය, දිව්‍ය සත්ප්‍රසාදයෙහි මාර්ගයෙන් ඒකාන්ත ලෙස පවිත්‍ර තත්ත්වයට පත් කිරීම යි. ජන වන්දනාවේ ප්‍රධානතම අංශය නම් දිව්‍ය යාගය යි. ඒ තුළින් එයට සහභාගී වන්නන් තුළ ක්‍රිස්තූන් වහන්සේගේ පහළ වීම පිළිබඳ අභිරහස අලුත් කරනු ලැබේ.

ජන වන්දනාව හා අවලෝකනය තුළින් කෙනකු ලබාගන්නා ආශීර්වාද හා වරප්‍රසාද කුමක් වුවත්, ඒ ඒ පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයෙහි වෙනස් වීමක් සිදු වීමට එමඟින් ඉඩ සැලසේ. සර්වබලධාරී දෙවියන් වහන්සේට නිරන්තරයෙන් ම කරන ක්‍රියාව නම් පූජාව හා යාච්ඤාව යි. එබැවින් මෙය ශුද්ධවන්ත භාවය ලැබීමේ මූලික මාර්ගයක් ද වේ.

ඉහත කී කතෝලික ජීවන ක්‍රමය අනුව මම වර්ෂ ගණනාවක් ගත කළෙමි. එසේ වුව ද, ක්‍රිස්තියානි ධර්මය සමඟ තිබූ, මගේ සම්බන්ධකම් නිසා අනෙකුත් ආගම් පිළිබඳ ව හැදෑරීම මම අත් නොහළෙමි. ආගම් තුලනාත්මක ව හැදෑරීමේ ලා මා තුළ වූ උනන්දුව තවමත් ඉතා දැඩි විය. වෙනත් ආගම් අදහන අයවලුන්ට (විශේෂයෙන් බෞද්ධයන්ට) සරදමක් වශයෙන් ක්‍රිස්තියානිය හඳුන්වාදීමට එම අංශයෙහි ලා මා කරන අධ්‍යයන ඉමහත් පිටුවහලක් වේ යැ යි මම සිතුවෙමි. එහෙත් ස්වාභාවික දර්ශනය සහ ස්වර්ගයට ඇති එක ම අවසාන මාර්ගය වන එළිදරව්ව අතර පැහැදිලි වෙනසක් තබාගැනීමට, මම මගේ පර්යේෂණයන්හි සෑම අවස්ථාවකදී ම, විශේෂයෙන් පරීක්ෂාකාරී වීමි. ද

මනුෂ්‍යයාට ළඟා කරගැනීමට පුළුවන්කම ඇතැයි බුදුන් වහන්සේ විසින් වදාරා ඇති විවිධ ආධ්‍යාත්මික තත්ත්ව කෙරෙහි මගේ සිත තදින් ඇලී ගියේ ය. කුසල් කිරීමේ මාර්ගයෙන් (අකුසල කර්ම සිදු නොකිරීමෙන් සහ කුසල කර්ම සිදු කිරීමෙන්) සමෘද්ධි සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් හෝ පී‍්‍රති ප්‍රමෝදයෙන් යුක්ත දිව්‍ය ලෝකයක උත්පත්තියක් ලබාගත හැකි ය. සමාධිය මාර්ගයෙන් අෂ්ට විධ ධ්‍යාන වැඩූ විට රූපාවචර හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලැබිය හැකි ය.

සමාපත්ති වැඩීමෙන් බුදු, පසේබුදු, මහරහත් යන ලෝකෝත්තර තත්ත්වයන්ට පත් විය හැකි ය. ෂඩ් අභිඥාවන් ලබාගැනීම සඳහා ද, විවිධ ලෝකෝත්තර තත්ත්ව පහළ කරගැනීම සඳහා ද, බුදුන් වහන්සේ විසින් අභිධර්මයෙහි සඳහන් කර ඇති කරුණු මෙහි සඳහන් කර නැත. තව ද, මේ පිළිබඳ ව ම මහායාන හා වජ්‍රයාන සම්ප්‍රදායන්හි සඳහන් විවිධ තත්ත්ව ද මෙහි සඳහන් නො වේ. ආධ්‍යාත්මිකත්වය පිළිබඳ මෙම සත්‍යමය වූ විශ්ව කෝෂයට මුහුණදීමෙන් පසු ක්‍රිස්තියානි ධර්මයෙහි ඇති පෘථුලභාවය ගැන මට සැක පහළ නොකර සිටීමට පුළුවන් වූවේ නැත.

සර්වඥයන් වහන්සේලා විසින් උපදවාගත් බව සඳහන් විවිධ ආධ්‍යාත්මික අභිඥානයන්, ශක්තීන්, ප්‍රඥාවන් සහ සමාධි ගැන මගේ සිත ආකර්ෂණය වන විට ආධ්‍යාත්මික අවබෝධයෙහි මූලික ජීවය, ප්‍රේමය හා භක්තිය යැ යි විශ්වාස කිරීම, විශේෂ වශයෙන් එය ප්‍රඥාවට විෂයය නොවන නිසා සැක කිරීමට පෙලඹුණෙමි. ඒ අවදියෙහි ඇදහිල්ල පිළිබඳ මගේ අදහස් විචිත්‍ර ස්වරූපයක් ගත්තේ ය.

භක්තිය, බුද්ධියට අඳුර සේ වුවත්, හදවතට ආලෝකයක් බඳු යැ යි මම ප්‍රසංශා කළෙමි. “මා උදෙසා ක්‍රිස්තූන් වහන්සේ ස්වර්ගස්ථ වූයේ යැ යි විශ්වාස කළෙමි. මන්ද, එය විශ්වාස කළ හැකි නිසා ය. උන් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථානය වූවේ යැ යි මම විශ්වාස කළෙමි. මන්ද එය සිදු විය හැකි කාරණයක් නොවන හෙයිනි.” මම මුල් යුගයේ දේවස්ථාන පියවරුන් සමඟ ද මෙසේ කෑගසා කීවෙමි. ඉදින් දැන් මම විශ්වාස කළ නොහැකි සහ සිදු විය නොහැකි සියලු දේ විශ්වාස නොකරන්නේ ඇයි දැ යි කල්පනා කිරීමට පටන් ගතිමි.

බුද්ධ ධර්මය විසින් ආධ්‍යාත්මික ගුණ වගාවෙහි ලා බලපාන මූලික අංග තෝරා බේරාගැනීමේදී දක්වා ඇති දක්ෂතාව ගැන මගේ සිත තදින් පැහැදුණේ ය. නිදසුනක් වශයෙන් මනුෂ්‍යයන් තුළ සංසාරයෙහි සැරිසැරීමට ඇති ආශාව නොහොත් භව තණ්හාව ස්වර්ගයෙහි අමරණීය ජීවිතයක් ලබාදීමේ පොරොන්දුව මඟින් වසන් කරනු වෙනුවට, ඒ ගැන ඉතා පැහැදිලි ලෙස විස්තර කර දී ඇත. එක්තරා අවධියක මූලික ප්‍රතිඵල වශයෙන් සලකන ලද ඇතැම් කරුණු අන්‍යොන්‍ය සම්බන්ධතාව අනුව වඩා උසස් අන්දමින් සිතා බැලීමේදී ඒවා දෙවෙනි තැන්හිලා සලකා බැලිය යුතු බව (සැබැවින් ම අත්දැකීම් අගය කිරීමේදී ඇති වන මූලික වැරදිවල ප්‍රතිඵලයක් වශයෙන්) කුසලාකුසල සම්බන්ධ කාරණයේදී මෙන් ධර්මය විසින් අනාවරණය කර ඇත.

බුද්ධ ධර්මයෙහි විධිමත් ආගමික සම්ප්‍රදාය නිසැක ලෙස ම අතිශයින් තේජස්වි ස්වරූපයක් ගනී. එහෙත් මගේ සිතෙහි වැඩියෙන් කාවැදී ගිය දෙය නම් බුදුන් වහන්සේ විසින් නිවැරැදි ප්‍රශ්න අසනු ලැබූ ආකාරය යි. අපේ ආගමික සංකල්පවල හේතු සහ ඒවායෙහි ස්වභාවය පිළිබඳ නිවැරදි දර්ශනයක් ඇති කරගැනීම, යටත් පිරිසෙයින් එම සංකල්ප මුදුන් පමුණුවාගැනීම සඳහා උපයෝගී කරගන්නා ආගමික සම්ප්‍රදාය තරමට ම වැදගත් ය.

එසේ නොවන්නේ නම් දෙවියන් වහන්සේ මෙන් ම බ්‍රහ්මන් ද හුදෙක් අපේ ආරක්ෂාව සඳහා පවතින ක්ෂේම ස්ථාන බවට පත් වේ. ක්‍රිස්තියානි ධර්මය ආත්මය හා දෙවියන් වහන්සේ පිළිබඳ ව යම් යම් ගුණාංග ඇතැ යි නිහඬ ව ම උපකල්පනය කර එතැන් සිට දේව ධර්මය පිළිබඳ ව වූ අලංකාර තිරය වියන ලද බව අවබෝධ කරගැනීමට මම පොහොසත් වීමි. එතෙකුදු වුවත්, ආධ්‍යාත්මික භාවය වඩාත් රඳාපවතින්නේ මෙම ගැඹුරට කිඳාබැස ඇති උපකල්පනයන් අදහස් හා අපේ ආගමික අත්දැකීම්වල ගුණාත්මකභාවය මත බලපා ඇති අන්දම පරීක්‍ෂා කිරීමෙන් බව පෙනී ගියේ ය.

ම්ලේච්ඡයන්ගේ ආගමක් වශයෙන් හඳුන්වන ලද මෙම ධර්මය විෂයයෙහි මා තුළ ඇති වූ අනපේක්ෂිත ආලෝකය ද ‘එව බලව‘ යැ යි යන අභීත ස්වරයෙන් යුතුව එය ප්‍රකාශයට පත් කර ඇති ආකාරය ද නිසා ක්‍රිස්තියානි ධර්මය අසම සම අවසාන ධර්මය වශයෙන් විග්‍රහ කර දැක්වීමට එයට ශක්තිය ලබාදුන් උපාය මාර්ග මොනවා දැ යි සෙවීමට මම නොයිවසිලිවන්ත ලෙස පෙලඹුණෙමි.

බුද්ධියට වටහාගැනීමට පුළුවන්කමක් ඇති ස්වාභාවික පිළිවෙළ හා වක්තෘවරයන් සහ අපෝස්තුලුවරයන් මාර්ගයෙන් දෙවියන් වහන්සේ විසින් එළිදරව් නොකරන ලද්දේ නම් කිසි සේත් දැනගැනීමට නොලැබෙන, සංක්‍ෂේප වශයෙන් ශුද්ධ වූ බයිබලයෙහි අන්තර්ගත කර ඇති ස්වභාව ධර්මය ඉක්මවා යන ආශ්චර්යවත් පිළිවෙළ අතර ඇති වෙනස ගැන සලකා බැලීම ආරම්භ කිරීමෙන් මම මගේ ගවේෂණය ආරම්භ කළෙමි.

එහෙත් මෙය දෙවියන් වහන්සේගේ එළිදරව්වක් බව අප දැනගන්නේ කෙසේ ද? දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කළ බව අනාගතවක්තෲන් විසින් ප්‍රකාශ කර ඇති නිසා ද? මෙසේ ප්‍රකාශ කළ පැරණි හා නූතන අනාගත වක්තෲහු අසංඛ්‍ය සංඛ්‍යාවක් සිටිත්. ඉඳින්, අපි ඔවුන්ගේ ප්‍රකාශ හුදු භක්තිය නිසා ම පිළිගන්නේ නම්, හින්දු ඍෂිවරුන් හෝ මොන්ගෝලියානු ෂාමන්වරුන් හෝ විශ්වාස නොකරන්නේ ඇයි? නැති නම් වඩාත් අපට සමීප ශාන්ත පීතරගේ ශුභාරංචිය හෝ ඉපැරණි ක්‍රිස්තියානි දර්ශනවාදීන්ගේ ශුද්ධ ලියවිලි හෝ නොපිළිගන්නේ ඇයි?

එළිදරව්වක් වශයෙන් ස්ථිර ලෙස සදාකාලයට ම පිළිගැනීම පිණිස ශුද්ධ ලියවිලිවල අන්තර්ගත ව ඇති දේ තුළ ද විශිෂ්ට, අසමසම, සුනිශ්චිත දෙයක් වශයෙන් පෙනෙන කිසියම් දෙයක් තිබිය යුතු ය. එහෙත් කලින් සිතෙහි පිළිසිඳී තිබූ දේවධර්මානුකූල හැඟීම්වලට නැඹුරු නොවී ඒවා පරීක්‍ෂා කර බැලූ විට මට පෙනීගියේ ශුද්ධ ලියවිලිවල එවැනි කිසිවක් නොමැති බව ය. එහි දකින්නට ලැබුනේ පුරාවෘත්ත, නීති, ජන විඥානය, ඉතිහාසය, චරිතාපදාන සහ සැනසිලිදායක වචන ද එක්රැස් කරන ලද ලියවිලි සංග්‍රයකි. පැරණි ලියවිලි තුළ දකින්නට නොලැබුණු කිසි ම වැදගත් දෙයක් එහි තිබුණේ නැත. ඇත්ත වශයෙන් ම එහි දකින්නට තිබූ දේවල් අතරින් වැඩි කොටසක් වෙනත් ආගමික සම්ප්‍රදායන්ට අයත් ධර්ම ග්‍රන්ථ තුළ වඩා නිරවුල් ව, පැහැදිලි ව හා සිත් ඇදගන්නා අන්දමින් ප්‍රකාශයට පත් කර තිබිණ.

ත්‍රිත්වය, දෙවියන් වහන්සේ මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටීම, ආදි ඇදහිල්ලෙහි දැක්වෙන දේව ධර්මානුකූල ආශ්චර්යයන් ප්‍රධාන එළිදරව් වශයෙන් සභාවෙන් ප්‍රකාශයට පත් කිරීම සමහර විට නිවැරදි විය හැකි ය. ඉඳින්, තත්ත්වය එබඳු නම්, ඒ බව මුළුමනින් ම වැදගත් වන මේ පිළිගත් ධර්ම පිළිබඳව පැහැදිලිවත්, ඒකාන්ත ලෙසත් සඳහන් කිරීමට, බයිබලයට නොපිළිවන් ඇයි? බොහෝ අවස්ථාවන්හිදී, මෙම ඇදහිල්ලට අයත් ව්‍යවස්ථා මුලාරම්භ විය හැකි වන්නේ තරමක් එකට වෙළුණු විග්‍රහවලින් බව මගේ සිතට කාවැදී ගිය කාරණයකි. සත්තකින් ම ඒවා පැරණි ගී‍්‍රක ජාතිකයන් විසින් කර ඇති පරිදි ඉලියඩ් හා ඔඩ්සි තුළින් වුව ද කෙනකුට සොයා උපුටාගැනීමට පුළුවන්කම තිබේ.

බයිබලයෙහි සඳහන් ප්‍රධාන එළිදරව්වෙහි තේමාව වී ඇත්තේ, ක්‍රිස්තූන් වහන්සේගේ පෞරුෂත්වය යි මම පෞද්ගලික ව ම විශ්වාස කළෙමි. දෙවියන් වහන්සේ උන් වහන්සේ තුළ වූ ප්‍රේමය නිසා, ක්‍රිස්තූන් වහන්සේ තුළින් මනුෂ්‍යයකු බවට පත් වී දෘශ්‍යමානව, උන් වහන්සේ සතු දිව්‍යමය ජීවිතයෙන් අපට වෙනස් කර තැබූ පාපයෙහි විශාල පරතරය තුනී කළ සේක. එහෙත් එවැනි ම වූ ක්‍රිෂ්ණ වැනි හින්දු අවතාර කෙරෙහි විශ්වාසයක් නොතබන්නේ ඇයි?

සියල්ල සලකන විට, බයිබලය වූකලි පරම්පරාවෙන් පරම්පරාවට සභා නායකයන් විසින් ද, විද්වතුන් විසින් ද, ආධ්‍යාත්මික අර්ථයක් උපුටාගැනීම සඳහා උපයෝගී කරගත් ලියවිල්ලක් බව පෙනේ. ඔවුන් සාර්ථක වූ බවට සැකයක් නැත. එහෙත් සමහර විට භගවත් ගීතාව හෝ කොන්පියුසියස්ගේ සුභාෂිතයක් හෝ මේ සඳහා උපයෝගී කරගන්නේ නම්, ඔවුන්ගේ කාර්යය වඩා පහසු වීමට ඉඩ තිබිණ.

බයිබලයෙහි අන්තර්ගත ව ඇති බව සඳහන් කරන පිළිගත් ආධ්‍යාත්මික ප්‍රඥාවෙන් වැඩි කොටසක් එයට හිමි වී ඇත්තේ, එහි සඳහන් පාඨවලින් නොව, ඒවාට කරන අර්ථකථන මගිනි. මේ තත්ත්වය සලකන විට මගේ සිහියට නැඟුණේ, කුස ගින්නෙන් පීඩිත වූ මගියාගේ කතාන්දරය යි. ලෝභ ස්ත්‍රියකගේ ගෙදරට ගිය මඟියෙක් ඇගේ නිවෙසෙහි නැවතීමට ඉඩ ලබාගැනීම සදහා, ඇය කැමැති කරවාගනු පිණිස ඔහු ළඟ ‘සුප්’ සෑදිය හැකි ඇණයක් ඇති බව කීවේ ය.

මෙය පිළිගත්ස්ත්‍රිය ඔහුට ඇගේ නිවෙසෙහි නැවතීමට ඉඩ දුන්නා ය. අනතුරුව ළිපි ගිනි දල්වා ඒ මත වතුර මුට්ටියක් තබා එයට ඇණය දමා සුප් සෑදීම සඳහා එය රත් වීමට සැලැස්සුවා ය. ඇණය වතුර මුට්ටිය තුළ රත්වෙද්දී ‘සූපය’ වඩාත් රසවත් වීම පිණිස, මේ දේ එක් කරන ලෙස මඟියා ගැහැනිය පොලඹවාගත්තේ ය. අවසානයෙහි ඇත්තෙන් ම ‘සූපය’ රසවත් එකක් විය. එහෙත් ඇණයෙන් සිදු වූ කාර්යය කුමක් ද?

එළිදරව්ව පිළිබඳ ස්වභාවය විමර්ශනය කර බැලීමෙන් පසු ආධ්‍යාත්මික ජීවිතයෙහි ඇති වැදගත්කම මෙනෙහි කර බැලීමට මම යොමු වීමි. බයිබලයෙහි සඳහන් වන්නේ දෙවියන් වහන්සේගේ වචනය යි ද, යේයුස් ක්‍රිස්තූන් වහන්සේ තමන්ගේ ස්වාමීන් වහන්සේ යැ යි ද, ගැලවුම්කරුවාණන් ය යි ද, පිළිගැනීමෙන් අපේ ජීවිතය වඩාත් යහපත් තත්ත්වයකට පරිවර්තනය වේ ද? බොහෝ දෙනකුගේ ජීවිත සම්බන්ධයෙන් සැබැවින් ම එය සිදු වන බව මම පිළිගනිමි.

එහෙත් සිදු වන්නේ කුමන ආකාරයෙහි වෙනසක් ද? නිසැක වෙනස්කම් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මොනවා ද? එවැනි වෙනස්කමක් පෙමින් බැඳුණු යුවළක් වින්දනය කරන තෘප්තියට හෝ නැති නම් විශ්වය ගැන කල්පනා කරන විද්‍යාඥයන් තුළ ඇති බව වෙනසට හෝ දැඩි සමාධියට පත් ඍෂීන් තුළ ඇති වන වෙනසට හෝ වෙනස් වන්නේ කෙසේ ද? මෙය සියලු දෙනා තුළ ම ඔවුන් වඩා පී‍්‍රතිමත්භාවයට, ප්‍රේමාවනද්ධ භාවයට, බුද්ධිමත් භාවයට හා සහනශීලිත්වයට පත් කරන වෙනසක් ඇති වූ අතර, එය බොහෝ අය සම්බන්ධයෙන් වූකලි භක්තිමත් ක්‍රිස්තියානීන් තුළ ඇති වන වෙනසට වඩා සෑහෙන ප්‍රමාණයකින් අධිකතර වූවකි.

සැබැවින් ම සමහර අවස්ථාවන්හිදී ක්‍රිස්තියානි ආගමට හැරුණු තැනැත්තන් තුළ මෙන් ම, ක්‍රිස්තුධර්ම ප්‍රචාරකයන් තුළ ද ඇති වන අභිප්‍රායන්, සිතිවිලි හා ක්‍රියාවන් හුදෙක් සාමාන්‍ය මනුෂ්‍යයන් තුළ පවතින ක්‍රෝධයෙහි, ඇලීමෙහි, ධර්මෝන්මාදයෙහි සහ සීමිත ලෙස කැමැත්තෙන් ම ඇති කරගන්නා අවිද්‍යාවෙහි ද විවිධ තත්ත්වයන් ය. මේ අය ක්‍රිස්තූන් වහන්සේ විසින් ගලවාගනු ලබන්නේ ද? ත්‍රිවිද්‍යා සූත්‍රයෙහි සංක්‍ෂේපයෙන් සඳහන් කර ඇති ආගමට ප්‍රවේශ වීමේ ක්‍රියා මාර්ගය වඩා යුක්ති සහගත නොවන්නේ ද? දෙවියන් වහන්සේ පවා උන් වහන්සේ බයිබලය මඟින් එළිදරව් වූ අවස්ථාවන්හිදී බොහෝ විට පෙනීයන පරිදි කෝපයෙන් ද, ඊර්ර්‍ෂ්‍යාවෙන් ද පලි ගැනීමේ චේතනාවෙන් ද පසු වූ බව පෙනී යයි.

ආධ්‍යාත්මික අත්දැකීම් සම්බන්ධ විවිධ ආඥාවන්හි හේතු ස්වභාවය හා වැදගත්කම තීක්ෂණ බුද්ධිය මඟින් අනාවරණය කරගැනීම ඉතා වැදගත් බව මට වැටහී ගියේ ය. ක්‍රිස්තියානි ආගම තුළ ඉඳුරා ම විධිමත් ව නිවේදනය වී නැත්තේ මෙම මූලික ආධ්‍යාත්මික ප්‍රශ්නයයි.

අනෙක් අතට බුදුන් වහන්සේ සෑම ආගමික වින්දනයක් ම මුළුමනින් ම තීක්ෂ්ණ බුද්ධිය මඟින්, අන්තර් ඥානය මඟින් අවබෝධ කරගත යුතු යැ යි අඛණ්ඩ ව ම අවධාරණය කළ සේක. පුද්ගලයකු තුළ ඇති වන ආගමික ප්‍රබෝධය වැරදි ලෙස වටහාගැනීම නිසා විවිධ චිරන්තන දෘෂ්ටීන්, වාද සහ ඇදහිලි ක්‍රම ඇති වූ ආකාරය උන් වහන්සේ විසින් නිතර නිතර ප්‍රකාශ කර ඇති අතර, කවර ආකාරයෙහි වින්දන සහ ඉන්ද්‍රීය ශක්තීන් ස්ර්වඥතා ඥානය ලබාගැනීම සඳහා ඉවහල් වන්නේ ද යන වග ද පෙන්නා දී තිබේ.

බුදුන් වහන්සේ තවමත් ක්ලේශ (සංයෝජන) සහිත හෝ (තාවකාලිකව මැඬපවත්වන ලද) මනසක් සහ ඒවා සම්පූර්ණයෙන් ම ස්ථිර වශයෙන් ම විකාශය පත් කළ මනසක් අතර වෙනස පැහැදිලි කිරීමේදී, කි‍්‍රස්තියානි ධර්මය විසින් හේතුව සහ එළිදරව්ව අතර වෙනස පැහැදිලි කිරීමේදී දක්වා ඇතිවාට වඩා යහපත් ලෙස ලෞකික හා ලෝකෝත්තර තත්ත්ව ගැන හොඳින් කල්පනා කර බැලීමට වඩා සුදුසු උපමානයක් ඉදිරිපත් කර ඇති බව මට පෙනී ගියේ ය. චිරන්තන දෘෂ්ටියට වඩා අධ්‍යාත්මය ගැන අවධාරණය කරන විට මෙම වෙනස වේගයෙන් විවර්ණ (අපැහැදිලි) වී යයි.

මේ අවස්ථාවේදී මම, බුද්ධ ධර්මයට එරෙහිව ක්‍රිස්තූ භක්තිකයන් නඟන විරෝධතා මොනවා දැ යි සොයාගැනීමට ප්‍රයත්නයක යෙදුණෙමි. මේ අතරින් වැඩි වශයෙන් ම දකින්නට ලැබෙන, එය ශූන්‍යතාවාදයක් ය සර්ව අසුභවාදයක් ය යන එක ම ස්වරූපයේ චෝදනා බුදු දහම විසින් එවැනි ම වූ එක ම ස්වරූපයේ පිළිතුරු තර්ක මඟින් කීර්තිමත් ලෙස බිඳදමා ඇත.

ඒ කෙසේ වෙතත්, මිනිස් සංහතියෙහි ආගමික සම්ප්‍රදායයන්, පන්ති තුනකට බෙදමින් කතෝලික පූජකවරයකු විසින් ලියන ලද ලිපියක් මම කියවීමි. ඒවා නම්, මිනිසාගේ ස්වාභාවික ඥානය විසින් පොලඹවන ලදුව, නිර්මාණය වූ සර්ව ජීවාත්මතවාදී

ආගම්, මනෝ විද්‍යාත්මක පිළියම් ලෙස සැලකිය හැකි මානසික ආගම් සහ ආරාධනයකට ලද ප්‍රතිචාරයක ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ ආධ්‍යාත්මික ආගම් යන මේවා ය. මනෝ විද්‍යාත්මක හා ආධ්‍යාත්මික ආගම් අතර ඇති ප්‍රත්‍යක්ෂ වෙනස නම්, මනෝ විද්‍යාත්මක ආගම් මනස සදා සකස් කිරීමකට සම වන අතර, ආධ්‍යාත්මික ආගම්, ලෝකෝත්තර සම්බන්ධතාවක් සඳහා දෙවියන් වහන්සේ විසින් කරන ලද ආරාධනයක ප්‍රතිඵලයක් වීම ය.

ලෞකික (ස්වාභාවික) හා පාරලෞකික ආගම් අතර ඇති වෙනස මා මීට ඉහත විස්තර කර ඇති නමුත් යාන්ත්‍රික නිර්මාණය හා ආධ්‍යාත්මිකත්වය අතර ඇති වෙනස ගැන සලකා බැලීමේදී එහි කිසියම් සත්‍යතාවක් ඇති බව පෙනී යයි. විශේෂයෙන් ම ඇතැම් බෞද්ධාගමික සම්ප්‍රදායන් තුළ ආධ්‍යාත්මික තත්ත්වය ඉතා නිවැරදි ලෙස මනින ලද, ලේශමාත්‍ර අනේකත්වයක ජයඝෝෂාව බවට පත් කොට සියලු දේ විස්තර කර දීමට දරන ප්‍රයත්නයක් අපට දැකීමට පුළුවන.

එසේ ම භාවනාවෙන් ඇති වන බුද්ධිමය ක්‍රියාකාරීත්වයෙහි වර්ගීකරණය ‘එසවීම එසවීම, තැබීම තැබීම’ වැනි කෘත්‍රිම ප්‍රභේද මඟින් නිරූපණය කිරීමට ද ප්‍රයත්න දරා ඇත. මෙසේ කිරීම නිසා බුදුන් වහන්සේ විසින් මනුෂ්‍යයා පංචස්කන්ධයකට බෙදා දැක්වීමේ අභිප්‍රාය, එනම් සංසාර ආශක්ත නොවීම සහ සියලු ජීවීන් තුළ ඇති ක්‍රියාශීලි ස්වභාවය අනාවරණය කිරීම, තේරුම් ගැනීමට අපොහොසත් වී ඇති බව පෙනේ. මාර්ග සහ ඵල ඉදිරිපත් කිරීමෙන් අදහස් කරන ලද්දේ සර්වඥතා ඥානය, භාවනාව වැඩීමෙන් නිෂ්පාදනය කළ හැකි දෙයක් යැ යි තේරුම් නොගත යුතු ය. එසේ ම අන්තර්ඥානය යනු කිසියම් දෙයකින් ලබාගත හැකි විස්මය, ආශ්චර්යය, චමත්කාරය හා ප්‍රබෝධය අපට අහිමි වන අයුරින් ඒවා පරීක්‍ෂා කර, පැහැදිලි කර ඉවත දැමීම නොවන බව ද වටහාගත යුතු ය.

මේ සියල්ල සූත්‍ර ධර්මවල විශේෂ වශයෙන් මහායාන සූත්‍රවල පැහැදිලි ලෙස දක්වා තිබේ. ඇත්ත වශයෙන් ම මහායානය ඇති වීමට හේතූ වූයේ ද විද්වතුන් විසින් වර්ගීකරණයට ද, යාන්ත්‍රික නියතාර්ථයට ද දැක්වූ ළැදිකමෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ ඇට්ටරකම නිසා සහ තරුණ වැරදි ලෙස වටහාගැනීම නිසා බව කියනු ලැබේ. එනිසා කතෝලික පියතුමාගේ ලිපිය ධර්මය සම්බන්ධ ඇතැම් අර්ථ නිරූපණ ගැන පරීක්‍ෂාකාරී වීමට ද ධර්මයෙහි ජීවය ආරක්ෂා වන පරිදි එහෙත් අප්‍රාණික නොවන පරිදි, යම් යම් දේ මැඬපවත්වා පාලනය කිරීමට ද ක්‍රියා කරන විට විවිධ සම්ප්‍රදායන්ගෙන් යුක්ත බුද්ධ ධර්මය ජීවන ක්‍රමයක් වශයෙන් කොතරම් වැදගත් දැ යි මට හැගේ.

Tuesday, July 31, 2012

විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවිද දුටු















විශ්වය” යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර කර තිබේ. විශ්වය කාලයක් පිම්බීමට භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය වේ. මෙමක්‍රියාවලිය චක්‍රාකාරව නැවත නැවතත් සිදුවන බැවින්ආරම්භයක් හෝ අවසානයක් ගැන කතා කිරීම නිශ්ඵල ය.එසේම බුදුදහම යනු සත්ත්වයා‍ දුකින් එතෙර කරවීම පිණිස, දුකට හේතුව වන තණ්හාව නැති කිරීම අරමුණු කරගත් දහමකි. නමුත් විශ්වය, අභ්‍යාවකාශය පිළිබද කතාකිරීමේදී සිදුවන්නේ ඒ ගැන තවදුරටත් කරුණු හැදෑරීමට කුතුහලයක් ආශාවක් තණ්හාවක්ඇතිවීමය. මේ නිසා බුදුරජාණන් වහන්සේ ”විශ්වය” සම්බන්ධ කරුණු පිළිබද අනවශ්‍ය ලෙස දේශනා කිරීමට යෙදුනේ නැත.

එනමුත් ඒ ඒ අවස්ථාවන්ට සරිලන අයුරින් විශ්වය, විශ්වයේ සංයුතිය හා ඒ සමග බැදුණු මාතෘකා පිළිබද තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇත. ඒ පිළිබද දීඝ නිකායේ ආගඤ්ඤ සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, චක්‍රවත්‍රී සීහනාද සූත්‍රය, හා මහා පාදාන සූත්‍රය යනාදී සූත්‍ර දේශනා වල සදහන් වේ.

විශ්වයේ සංයුතිය මානසික වශයෙන් බඹතල 31කින් සමන්විත වන අයුරුද, සහස්සී, ද්වීසහස්සී, ත්‍රීසහස්සී යනාදී ලෙස ලෝක ධාතු පවතින අයුරුද, සාමාවට්ඨි කල්ප, විවට්ඨි කල්පයන්ගේ ඇවෑමෙන් විශ්වය විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් පවතින ආකාරයද බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම සදහන් වේ.
නූතන විශ්ව න්‍යායවේදය (Cosmology)ට අනුව විශ්වය පිම්බීමකට ලක් වෙමින් පවතී. මෙය සොයාගැනීමට පදනම වැටුණේ 1915-1918 අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය (Red Shift)යි. එමගින් එම මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය පිම්බීමකට ලක් වන බවයි.

යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ සිහියට ආ යුතු සරලම කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත් බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් (Singularity/Nothingness) පටන්ගෙන ප්‍රසාරණයට ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන් වහන්සේ ද ඈඳා ගත්හ
තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක් ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන් වහන්සේ ලු!

විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා පිපුරුම් වාදය (Big Bang Theory) නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම නියමයකි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම විද්‍යාඥයන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතන විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම් පරීක්ෂාවයි (Testing). සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ එමගින් කරනු ලබන පෙරැයීමක් (Assumption)පරීක්ෂණයකින් සත්‍ය වුවහොත් පමණි. එතෙක්, කොතරම් ප්‍රබල මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත.

මහා පිපිරුම් වාදයට පිළිගැනීමක් ලැබීමට එහි පෙරැයීම් 2ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම්,

1. ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (Cosmic Microwave Background Radiation)

2. මහා පිපිරුම් නියුක්ලියෝසංස්ලේශනය (Big Bang Nucleosynthesis)

යන ඒවායි.

පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ මහා පිපුරුමෙන් මිනිත්තු 3ත් 20ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික හයිඩ්‍රජන්-1 (ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්‍රජන් පරමාණු) විලයනයට භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල් විශ්වයේ ස්කන්ධයෙන් 75%ක් හයිඩ්‍රජන්-1 ද, 25%ක් පමණ හීලියම්-4 ද, 0.01%ක්ඩියුටීරියම් (හයිඩ්‍රජන්-2) ද, 10-10%ක් වෙනත් පරමාණු (ලිතියම්, බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන්සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ. වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ.

අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා පිපිරුමෙන් වසර 380 000ක් ගතවන තැන, විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් (Strong and Weak Nuclear Forces) වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම් විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය (Transparent) වන්නේ මේ අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර 380 000 කට පෙර කාලයේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රගමනයට (Progression) නිදහසක් නොතිබූ නිසා අද පවත්නා කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥයන්ට කළ නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.
2007 තරම් මෑත කාලයකදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ (Pennsylvania State University) මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් (Martin Bojowald) ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ (Big Crunch Theory) නවතම විවරණය සමඟිනි. විශ්වක කාලයක් තිස්සේ ප්‍රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක් තිබුණු නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර 2කට පමණ පෙර සිට මෙය නැවතත් පෙරළිකාර මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්‍රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී ඇත්තේ 1986 දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර් (Abhey Ashtekar) විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය (Loop Quantum Gravity) මතයි.

මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක් දෙමින් සිටිති. ඊට ඇති එකම එක හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට (Dilemma) පිළිගත හැකි පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර නොවේ. අනෙක් ප්‍රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය පිළිබදව හා එහි සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. මේවාට නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ ”දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!”, යන තර්ජනාංගුලිය පමණි.

වරක් එක්තරා පුද්ගලයෙක් “විශ්වය නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ”යි පූජකයෙකුගෙන් ඇසුවේ ය. පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ “ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන් වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය” යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට සාරාංශගතකොට දැක්වේ.

නවීන විද්‍යාවේ දියුණුව හමුවේ දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන් සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යනපුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ගෙනදෙන වෙනත් කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින් දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි.ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේවවාදීන්ට ගුද මාර්ගයෙන් දුම් පිටවිය.
නමුත් මේ කිසිවක් බුදුදහමට බලපාන් නැත. පෘථිවිය මත ජීවයේ සම්භවය හා පරිණාමය පිළිබද වර්තමාන විද්‍යාඥයින් සිටින මතය ආගඤ්ඤ සූත්‍රයේ කරුණු හා සම්පාත වේ
අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදුදහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින්නේ මේ නිසා ය.
තරුවන් යනු හයිඩ්‍රජන් ප්‍රතිශතය සියයට 74කින්ද හීලියම් ප්‍රතිශතය
සියයට 25කින්ද සමන්විතවූ ස්වශක්තියෙන්ම ආලෝකය සහ ශක්තිය
පිටකරන අතිවිශාල දීප්තිමත් ආකාශ වස්තුවක්ය. අපගේ සෟරග්‍රහ
මණ්ඩලයේ තාරකාව සූර්යයා වන අතර එය විශ්වයේ ඇති අපමණ
තාරකා අතර සාමාන්‍ය ප්‍රමාණයේ එකකි. හිරුට වඩා විශාල යෝධ තරු
විශ්වයේ අනන්තවත් තිබෙනවා.තරුවක මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්
අංශක 3000 සිට 80000 දක්වා පරාසයක් තුල පිහිටනවා. අපගේ
සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 6000 පමණ බැව්
සඳහන් කරනවා. මා සඳහන් කරන්න හදන කාරණය පටන්ගන්නේ ඔය
දත්තයන් ඔස්සේය.
තරුවක ඇතුලත හරය core උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 10
පමණ ආසන්න වෙද්දී න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාව ඇරඹෙනවා. හයිඩුජන්
හීලියම් බවට පත්වෙනවා. එම ක්‍රියාවලියේදී අතිවිශාල ශක්තියක් තරුවෙන්
පිටකරනවා. තරුවේ දීප්තිය පවතින්නේද මේ නිකුත්වන ශක්ති ස්කන්ධයෙන්.
එහෙත් අනිත්‍ය ස්වභාවය පසක් කරමින් ඒ සෑම ක්ෂණයක් පාසාම තරුවේ
ස්කන්ධයද ක්‍රමයෙන් දැවි දැවී යනවා.
හයිඩ්‍රජන් ප්‍රමාණය අඩුවෙමින් හීලියම් බවට පත්වෙමින් වසර මිලියන එක
දිගට බැබලෙන තරුව අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට පත්
වෙමින් ජාති ජරා ව්‍යාධි මරණ යන අවස්ථාවට ලංවෙමින් වෙනස් ආකාරයේ
ක්‍රියාවලියකට අවතීර්ණය වෙනවා. හයිඩ්‍රජන් ඌනතාවයට පත් මහලු තරුවේ
මතුපිට තට්ටු ප්‍රසාරණය වෙන්න පටන්ගන්නවා.හරය හැකිලෙනවා.පිට කබොල
සිසිල් වෙනවා.දීප්තිය ක්‍රමයෙන් වැඩිවෙනවා.එය ඒ අවස්ථාවේ හඳුන්වන්නේ
යෝධ තරුවක් Red gaint නමින්.
මෙන්න මේ අවස්ථාව සැලකිල්ලට ගන්න වටිනවා. බුදුරජාණන්වහන්සේ
මේ අවස්ථාව සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරනවා හිරු හතක් පායන
බව. සූර්යයා මේ අවස්ථාවට පත්වන විට බුධ සහ සිකුරු යන ග්‍රහලෝක සමීපයට
විහාලනය වෙනවා. හිතාගන්න පුලුවන්ද සූර්යයාගේ එවිට විශාලත්වය. ඒවන විට
සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරන ආකාරයට සප්තමහා සාගර සියල්ලම
සිඳීගිහින් ගිනියම් වැලි මතුවෙනවා. කිසිදු ජීවයක් මහපොලොව මත ශේෂවී නැහැ.
සියල්ල දැවී ගිය අඟුරැවී ගිය ස්වභාවයක් තියෙන්නේ.
තරුවේ න්‍යෂ්ඨික ශක්තිය වැයවී අවසන් වෙත්ම තරුව සංකෝචනය වෙනවා.
එවිට එය සුදුවාමන තරුවක් White Dwarf Star බවට පත්වෙනවා. අනතුරුව
ක්‍රමයෙන් සිසිල් වෙමින් ගොස් දීප්තියක් නොමැති අඳුරු කළුවාමන තරුවක්
Black Dwarf බවට පත්වී විනාශවී යනවා.
ඒ සමගම මහපොලොව ඇතුලු සියලු ග්‍රහලෝක විනාශ වී යනවා. මෙන්න මේ
අනිත්‍ය ස්වභාවයට කවදාහරි මහපොලොවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිරු
වැනි අතිවිශාල මහා තරුවකුත් යම් දිනකදී ක්ෂය වී වැයවී විපරිනාමය වී නැතිවී
යනවා නම් අන්න ඒ ධර්මතාවයම තමයි සියලු සත්ත්වයා කෙරෙහිත් බලපාන්නේ.
සියලු සත්ත්වයෝද ක්ෂයවී වැයවී විපරිනාමය වී ජරා ව්‍යාධී අවදි පසුකරමින්
මරණයෙන් විනාශවෙනවා. මරණාස්මෘතිය වඩන්නට මෙය කෙතරම් උචිත තැනක්
නොවන්නේද?
හටගත් සියල්ල මෙලෙස අනිත්‍ය ස්වභාවයටත් දුක්ඛ ස්වභාවයටත් අනාත්ම ස්වභාවයටත්
පත්වෙනවා. හටගත් සියල්ල පවතින කාලය තුල වෙනස්වෙමින් ගොස් අවසානයේ
නැති වෙනවා.
ඉතින් වසර හැටක් හැත්තෑවක් වැනි සුළු කාලයක් තුල ජීවත් වන අප කිසිදා
නොමියෙන අමරණීය අය ලෙස සිතා පඤ්චකාමයන් කෙරෙහි ඇලී උපාදන වී
සිතින් කයින් වචනයෙන් පින් පව් නම් සංස්කාර ධර්ම රැස් කරන්නේම
අවිද්‍යාව නම් මුලාව මෝඩකම නිසාම නෙවෙයිද??

Area 51 හි අබිරහස...




කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස් වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, "එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර"

මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර ඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..

මෙම කඳවුරට එහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "51 වැනි කළාපය" නොහොත් "ඒරියා 51" යන නාමයයි. (Area 51)

ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.

මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින් සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑම ශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහ ජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළ නොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..

මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි...

"පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."

මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )

බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....

"තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "‍යථා ගත" හෙවත් "සත්‍ය ගාමී වූ" යන්නය. නො එසේ නම් " සත්‍ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන් උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍ර දේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි. උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි "තථාගතන් දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.

තවද මේ නමින් උන් වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද", "ආටානාටිය පරිත්තයෙහිද","මහා මංගල සූත්‍රයෙහිද", " අනාගත වංශ දේශනායෙහිද" බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම් දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද "තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.

එසේ නම් "තථාගත" නාමය මෙ සක්වා තළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ" නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහු උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.

දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.

බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි "නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේද මෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත් වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුක විනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.

දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..

"නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේර නම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"

(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)

"නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය"

"නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිස ද පවත්නේය"

වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..

"බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට" (Buddhist Cosmology) අනුව මේ "දිව්‍ය" ලෝක තලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය" (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟා ගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක "ජීව ඔරලෝසුවක්" ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලය සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයා රජ කරන "චාතුර් මහා රාජික" දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂ මිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - 9.4 million years )..(මෙම ගණනය පුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...

මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි...!!!!

එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහු යම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකව හමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...

"අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැන යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකම මිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත.. ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණය නොකරන්නේ "බුද්ධොත්පාද" ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම විය යුතුය...."

"මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන බුද්ධ විවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක් පැමිණියත්, මොන තරම් දියුණු ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේ අල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත් වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??

("රෝම, චෝල මණ්ඩල, අරාබි, බ්‍රිතාන්‍ය ආදී වූ මහ බලසම්පන්න ලෝකාධිපති අධිරාජ්‍යන්ට ඒ කුඩා දූපතේ බුදු සසුන අතු ගා දමන්නට හෝ එය රකින සංඛ්‍යාවෙන් අල්පයක් වූ ජාතිය සමූල ඝාතනය කරන්නට කී වතාවක් වැර දැරුවත් නොහැකි විය.")

එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?...

ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?

(රාහු අසුරේන්ද්‍රයා (අසුර නිකාය යනු ඉතා චණ්ඩ ගති පැවැතුම් ඇති විශ්ව ජීවි විශේෂයකි - " Hostile Extra Terrestial Biological Entity" ) පවා " හේ මහා වීරෝ" යන නමින් බුදු පියාණන් අමතා ඇත.)

"බුද්ධ" ජීවි විශේෂය.....

"ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?" .....

"නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...

"ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?...."

"කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමද මිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන් කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා "බුද්ධ" යැයි දනුව"

මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්‍රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූ සංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක් අවධානය යොමු කරන්න...

චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාම වාදය" (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්" දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන ජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙස පොත් පතින් හඳුනා ගතිමු.

ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද?....ඉතිරි අර්ධය කුමක්ද?...."සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?....

දැන් නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත් කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද, හැදී වැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්‍යයෙකුද නොවෙමි.."

"අග්ග්ඥ සූත්‍රයෙහි" බුදු රදුන් ලෝකාරම්භය ගැන දෙසා ඇත්තේ " ඉතා සරළ ඒක සෛලික ජීවි ස්වරූපයෙන් සිතිවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව නිසා ජීවිහු වර්ධනය" වූ බවයි...

මෙහි "සිතුවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව" යන්නට නැවත, නැවතත් ඔබේ දැඩි අවධානය යොමු කරන්න....

එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය" (Psychological Evolution) හා " කාය පරිණාමය" (Physical Evolution)...!!....ඩාර්වින් අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත් කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින් නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේ පෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත් විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! (Universal Biological Evolution)..!!

මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනස අනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයට ක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාම වාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවය සැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාර ගමනයි....

I know that some of you may not have access to Sinhala fonts. Thus, I will publish this all important faction of my writing in English as following:

"Mind precedes the Body...Your Physical evolution will take the direction of your psychological evolution..These are the perimeters in the journey of Sansara..This is the Buddhist theory of Evolution..!!"

එසේ නම් " සාර සංඛෙ‍ය කල්ප ලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, "ක්‍රමානුකූල මානසික පරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්" නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම් දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය" වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේ ඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )

Again in English, "attaining Enlightenment is the GREAT PSYCHOLOGICAL LEAP from what we know as "Human Species" (Homo sapiens) to a "Universally Super specie level" known as " Samma Sam Buddha"

ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍ර බැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි... කුඩා නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියන ගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවී විශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේ ගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණන තව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාස බ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්‍යාත්මක විස්තර සඳහා මෙතන click කරන්න)

එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි "සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවි තළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒ තැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙස අමතති....

ඔබට උපත්තියෙන් උරුම ඒ මහා ශ්‍රේෂ්ඨ විශ්ව ජීවියාණන් වහන්සේ ගේ දර්ශණයයි....සක්වළ කරකවන එකම සැබෑ ඥාණයයි....

"සුඛෝ බුද්ධානං උප්පාදෝ".......

Tuesday, July 10, 2012

◄◄◄◄ ‌බර්මියුඩා ත්‍රිකෝනය ►►►►





බර්මියුඩා ත්‍රිකෝනය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ ෆ්ලොරිඩා හා බ්‍රසීල මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ්‍ය තුනක් යා කරන වර්ල කිලෝ මීටර් දහස් ගනනත් අයත් වෙන ප්‍රදේශයයක,ෆොටො එක බැලුවනම් හරියටම තැන බලාගන්න පුලුවන්. මේක මේකාලෙ විතරක් නෙවේ අතීතයෙත් කුතුහලය ඇතිකරපු තැනක්.
එදා ඉදල ගොඩක් අය එක එක කතා කියනව, ඒත් හරියටම කියන්න බැරිවෙලයි තියෙන්නෙ, බර්මියුඩා ත්‍රිකෝනයේ වෙන දේවල් අරුම පුදුම වීමයි. 1945 ඉදල බර්මියුඩා ත්‍රිකෝනය තියන ප්‍රදේශයේ දී අතුරුදහන් වුනු දේවල් අතරට ගුවන් යානා 300ක්,නෟකාවන් 250 සහ මිනිස්සු දහස් ගනනක් වෙනව. හැවැයි පුදුම වැඩේ කියන්නෙ මේ අතුරුදහන් වුනු කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් හොයාගන්න බැරිවුනාලු, අඩුගනනෙ කඩාවැටුන් ගුවන් යානයකින් වැටුනු තෙල් බින්දුවක් වත් හොයාගන්න බැරි වෙලා.
මේ ගැන පරීක්ෂන පවත්වපු අයනම් කියන්නෙ මේ ප්‍රදේශයේ තියනන අසාමාන්‍ය ගුරුත්වාකර්ශණන නිසාලු මෙහෙම වෙලා තියෙන්නෙ. ඒත් ඒ මතයත් එක්ක එකඟවෙන් බැරිවෙලා තියෙන්නෙ අසාමාන්‍ය ගුරුත්වාකර්ශණනයක් තිබුනත් මෙ කඩා වැඩුනු දේවල් වැටුනු තැනක් හොයාගන්න බැරිවුනු නිසා. තවත් දෙයක් තමයි ගුරුත්වාකර්ශණනයකින් එහෙම වුනානම් හැම ගුවන් යානකටම බලපාන්න ඕනනෙ. ඒත් මෙතන එහෙම දෙයක් වෙලා නැහැනෙ, සමහර ඒවට විතරයි මෙහෙම වුනෙ.
1945.12.05 නෙිද ඇමරිකානු නාවික හමුදාවෙ බෝම්බ දාන ගුවන් යානා 5ක් මේ ප්‍රදේෂයක උඩින් ගමන් කරමින් තියෙනව. මේවා ගුවන් ගත වුනු වෙලාවෙ ඉදල සාමාන්‍ය විදියට පාලක මැදිරියත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව, එත් එක පාරටම ඒව නැවතිල තියනව. රේඩියො උපාංගවල වරදක් කියල හිතාගෙන ඒ අය යානා කුවන් තොටුපලට එනකම් බලාගෙන ඉදල තියනව. ඒත් ඇවිලිල නැහැ. බර්මියුඩා ත්‍රිකෝනය කිට්ටුව ප්‍රදේශයේ රේඩාර් සිග්නල් වැඩකරමින් ගමයි තිබිල තියෙන්නෙ, ඒත් ගුවන් යානා ගැන කිසිම හෝඩුවාවක් ලැබිල නැහැ.
පස්සෙ මේව හොයන්න තවත් ගුවන් යානයක් යවල තියනව ඒ වෙලාවෙ හරිම පුදුම දෙයක් තමයි වෙලා තියෙන්නෙ. මේ ගුවන් යානය පිටත්වෙලා විනාඩි 10කට පස්සෙ පාලක මැදිරියත් එක්ක තිබුනු රේඩියො සම්බන්දතා ටික ටික නැවතිල තියනව. හෙයන්න ගිය යානයේ ගුවන් නියමුව එකපාරටම පාලක මැදිරියට පනිවිඩක් එවල තියනව මෙහෙමයි ඒකෙ කියවිලා තියෙන්නෙ
“ මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව. දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට...”
මේක තමයි ගුවන් නියමුව අන්තිම පණිවිඩය. පස්සෙ මේ ගැන විශා පරීෂන පවත්වල තියනව ඒත් ගුවන් යානාවල ගිය ගුවන් නියමුවන් 15 දෙනා ගැනවත් ගුවන් යානා 6 ට මොකද වුනේ කියලවත් හොයා ගන්න බැරිවෙලා තියනව. හරිම පුදුමයි‍ නේද?

කලින් කියුව ගුවන් යාන වගේම අඩි 400 විතර දිග භාණ්ඩ පුවාහනය කරන්න යෙදවල තිබුනු, නැවක් එකෙ නැවියන් සහ සේවකයොත් එක්ක අතුරුදහන් වෙලා තියනව. මේ නැව අතුරුදහන් වීම ගැන පරීක්ෂන පවත්වත්වපු කට්ටිය කියල අන්තිමට කියල තියෙන්නෙ ඒ නැව මුහුදුබත් වෙලා නැහැ කියල. එතකොට ඒ නැවට මොකද වුනේ? ඒ කාලෙම ටොන් 19000ක් බර මගී ප්‍රවාහන නැවක් අතුරුදහන් වෙලා තියනව.
එ නැවේ මගීන්309 අරගෙන යමින් තිබුනු මේ නැව ඊට කි.මී 72ක් දුරින් යමින් තිබුනු නැවක් එක්ක රේඩියො පනිවිඩ හුවමාරු කරගත්තත් එක පාරටම ඒව නැවතිල තියනව. ඒ ගැන හොයා බැලුවත් කිසිම වැඩක් වෙලා නැහැ. 1982 අගොස්තු 13දා බර්මියුඩා ත්‍රිකෝණයේදී තවත් පුදුම දෙයක් වෙලා තියනව. ඒ තමයි බෝට්ටුවකින් මිනිස්සු 6 දෙනෙකුයි බල්ලෙකුයි ගිහින් තියනව ඒ කට්ටිය අතුරු දහන්වෙලා තියනව ඒත් ඒ කට්ටිය එක්ක හිටිය ගිරවෙක් මැරිල ඉදල අහුවෙලා තියනව. ඌ ගැන පරීක්ෂන කරපු දොස්තරල කියල තියනව ඌ මැරිල තියෙන්නෙ අධික කම්පනයකින්ය කියල.
ඒ බෝට්ටුව කිට්ටුව තිබුනු නාවික හමුදා කදවුරක රේඩාර් තිරයෙ සටහන් වුනු වෙලාවෙ බෝට්ටුව විතරයි පෙනෙන්න තිබිල තියෙන්නෙ එතකොට හිටිය මිනිස්සුන්න,බල්ලට මොකද වුනේ? ගිරව මැරුනෙ කොහොමද? ඒව නම් ඉතිං උත්තර නැති ප්‍රශ්න.
බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුන් නැවු, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකම්ම ගොඩබිමත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව. මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පනිවිඩ වලින් මේ ප්‍රශ්න වලට යම් ‍මතයක් ඉදිරිපත් කරන්න පුලුවන්ලු. 1995 වෙද්දි අතුරුදහන් වුනු ගුවන් යානා 1000කට වැඩිලු.එයින් 35%ක් ඒව හැම එකක්ම තම ගුවන් යානා කිට්ටුව අහසෙ තිබුනු යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියනව. 25%ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා කියල තියනව‍. අනික් ඒව එකපාරටම අතුරුදහන් වෙලා.
බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුනු දේවල් අතර 1967දී අධිවේගී රේස් බොට්ටුවක් ‍කිට්ටුව වෙරලෙ හිටිය අය බලාගෙන ඉදිද්දිම අතුරුදහන් වෙලා තියනව. තව 1973 මාර්තුවල ටොන් 20,000ක් බර භාණ්ඩ පුවාහන නැවක්,1924 දි ජපාන නැවක්. ඊටත් වඩා පුදුම දෙයක් තමයි 1932දී නැවු දෙකක් අතුරුදහන් වෙලා පස්සෙ හොයාගෙන තියනව, ඒත් ඒවයෙ සේවය කරපු කෙනෙක්වත්. ගියපු මගියෙක්වත් හොයාගන්න බැරිවෙලා තියනව. පුදුම වැඩක් තමයි නේද?
මේ ගැන තවදුරටත් පරීක්ෂන කරපු පර්යෙෂකයින් නම් කියන්නෙ අර යුරෝපයෙ පර්යෙෂකයින් මොකක්හරි එකක් උනේ කොහොමද, නැත්තං හැදුවෙ කොහොමද කියල (ඊජිප්තුවෙ හදල තියන පිරමීඩ වගේ) ඒ අයට හොයාගන් බැරි උනාම කියන එක (කට්ටිය සමහර විට දන්නවත් ඇති), ඒ තමයි මේ සිදුවීම් එක්ක පිටසක්වල ජීවීන්ගෙ සම්බන්දයක් තියනවය, ඒ පිටසක්වල ජීවීන් ඔවුන්ගෙ පර්යේෂන සදහා පෘථිවියේ තොරාගනපු ප්‍රදේශ වලින් එකක් මේ ප්‍රදේශය වෙන්න ඇති කියලයි. දැන් ඉතිං මම හිතන දෙයත් කියන්න ඔනනෙ. මටනම් කින්න තියෙන්නෙ මේ බර්මියුඩා ත්‍රිකෝණ කතාව පට්ටපල් බොරුවක් කියල. ඔයාලට හිතෙන දේත් මට කියන්න(විශේෂයෙන්ම අර යුරෝපයෙ පර්යෙෂකයින් කිය කතාව ගැන)