This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, March 22, 2012

►►ලොව සුපතල වෙළද නාම වල ඇරඹුම◄◄

Apple Computers : Apple සමාගමේ නිර්මාතෘ වරයෙකු වන ස්ටීව් ජොබ්ස්ගේ(Steve Jobs) ප්‍රියතම පලතුර ඇපල් වේ. ඔවුන් ගේ අලුත් සමාගමට නමක් යෝජනා කිරීමට ඔහුට පැවරුනු අතර මාස 3ක් ගත වූ පසුවත් ගැලපෙන නමක් ඔහුට කල්පනා නොවූ නිසා අවසන් දින සවස 5ට පෙර ඔහුගේ සගයන් වෙනත් හොද නමක් යෝජනා නොකලහොත් සමාගම Apple Computers ලෙස නම් කිරීමට ඔහු තීරනය කලේය.

◄► Yahoo! : ජෙරී යැන්ග්(Jerry Yang) සහ ඩේවිඩ් ෆිලෝ (David Filo)විසින් ආරම්භ කල සමාගම මුලින් හැදින්වූයේ David and Jerry's Guide to the World Wide Web නමිනි. පසුව එය Yahoo! නමින් නම් කලේ "Yet Another Hierarchical Officious Oracle" යන්න අර්ථවත් කිරීමටයි. එසේම Yahoo යන නම මුලින්ම හදුන්වා දුන්නේ ගලිවර්ගේ චාරිකා(Gulliver’s Travels) රචනා කල ජොනතන් ස්විෆ්ට්(Jonathan Swift) විසින් වන අතර එමගින් ඔහු අර්ථවත් කලේ පෙනුමෙන් සහ ක්‍රියාවෙන් රෞද්‍ර වන අමනුෂ්‍යයෙකි. ජෙරී යැන්ග් සහ ඩේවිඩ් ෆිලෝ තමන් දෙදෙනා යාහූවරුන් දෙදෙනෙකු ලෙස හදුන්වා ගැනීමට කැමති වූවාදැයි යන්නත් සැකයකි.

◄►Hewlett Packard : Hewlett Packard සමාගමේ නිර්මාතෘවරුන් වන Bill Hewlett සහ Dave Packard නව සමාගමේ නම සදහා යොදා ගන්නේ Hewlett-PackardPackard-Hewlettද යන්න තීරනය කලේ කාසියක් උඩ දැමීමෙනි.

◄►Intel : Intel සමාගමේ නිර්මාතෘ වරුන් වන Bob Noyce සහ Gordon Moore මුලින් තීරණය කලේ ඔවුන් ගේ සමාගම Moore Noyce ලෙස නම් කිරීමටයි.නමුත් එම නම හා සමානවම ශබ්දවන නමක් සහිත ඉලෙක්ට්‍රොනික භාන්ඩ නිපදවන සමාගමක්(More Noise) ලියාපදිංචි වී තිබූ නිසා එය භාවිතා කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබුනි.අවසානයේ ඔවුන් Intel යන්න යොදා ගත්තේ INTegrated ELectronics යන්න සංකේතවත් කිරීමටයි.

◄►Motorola : Motorola සමාගමේ නිර්මාතෘ පෝල් ගැල්වින්(Paul Galvin) ඔහුගේ සමාගම මෙනමින් නම් කලේ මෝටර් රථ සදහා රේඩියෝ නිපදවීම සදහා සමාගමක් ඔහු අලුතින් ඇරබූ විටයි.මෙය Motor සහ Ola යන වචන දෙකේ එකතුවක් වන අතර 'Motor'යන්නෙන් මෝටර් රථත් 'Ola'යන්නෙන් ශබ්දයත් නිරූපනය කෙරේ.

◄►Adobe : Adobe සමාගමේ නිර්මාතෘ ජෝන් වෝනොක්ගේ(John Warnock) නිවස පිටුපසින් ගලන ඇඩෝබි ක්‍රීක්(Adobe Creek) ගංගාවේ නමින් ඔහු Adobe සමාගම නම් කලේය.

◄►Java: ජාවා පරිඝණක ක්‍රමලේඛන භාශාව (Java Computer Programming Language)මුලින් හැදින්වූයේ ඕක් (Oak) නමිනි,ඒ ජාවා වැඩි දියුණු කල ජේම්ස් ගොස්ලින්ගේ(James Gosling) කාර්යාලය අසල තිබූ ඕක් ගස සංකේතවත් කිරීමටයි. පසුව එය Java නමින් නම් කලේ ජාවා ක්‍රමලේඛන භාශාව වැඩි දියුණු කල සමයේ ජේම්ස් ගොස්ලින් විසින් බෙහෙවින් පානය කල ජාවා කෝපි(Java Coffee) සංකේතවත් කිරීමටයි.

◄►Mercedes:සමාගමට මුදල් යෙදූ තැනැත්තාගේ දියනියගේ නමයි.

◄►CISCO:සැන් ෆ්‍රැන්සිස්කෝ(San FranCISCO) යන්නෙහි කෙටි නමයි.

◄►Corel : Corelසමාගමේ නිර්මාතෘ ආචාර්ය මයිකල් කෝප්ලන්ඩ්ගේ(Dr. Michael Cowpland) නමින් බිදී ආවකි. නමින් නිරූපනය වන්නේ COwpland Research Laboratory යන්නයි.

◄►Hotmail : Hotmail නිර්මාතෘ ජැක් ස්මිත්ට(Jack Smith) ලෝකයේ ඕනෑම තැනක ඇති ඕනෑම පරිඝණකයකින් E-Mailවෙත පිවිසීමේ අදහසක් සිතට නැගුනු අතර අනෙක් නිර්මාතෘ සබීර් භාතියා(Sabeer Bhatia) මෙය ව්‍යාපාර අදහසක් දක්වා වැඩි දියුණු කලේය.පසුව මේ සදහා සුදුසු නමක් සෙවීමට මොවුන් දෙදෙනා වෙහෙස වූ අතර Mail වලින් අවසන් වන බොහෝ නම් මේ සදහා සලකා බැලුනි.අවසානයේ මොවුන් නම ඒ සදහා Hotmail සුදුසු යැයි තීරනය කලේ html යන නමේ අඩංගු සියලුම අකුරු එහි අඩංගු වූ නිසාවෙනි.එමනිසා මුල් කාලෙයේ ඔවුන් භාවිතා කලේ HoTMaiLයන නමයි.

◄►Google : මුලින්ම Google සමාගම හැදින්වූයේ Googol යන නමිනි. යන්නෙන් අදහස් කරන්නේ 1ත් සමග බින් දු 100ක් ඇති සංඛ්‍යාවයි. මෙමගින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයට වරකට සෙවිය හැකි Information ප්‍රමානය පිලිබද හැගීමක් ලබා දෙයි. පසුව නිර්මාතෘවරුන් වන ස්ටැන්ෆර්ඩ් සරසවියේ(Stanford University) සිසුන් වූ සර්ජි බ්‍රින්(Sergey Brin) සහ ලැරී පේජ්(Larry Page) තම සෙවුම් යන්ත්‍රය ආයෝජකයෙකුට ප්‍රදර්ශනය කල විට ඔහුගේ ඉල්ලීම අනූව මෙය Google නමින් නම් කෙරුනි.

◄►Coca Cola : Coca Cola සමාගමේ නම නිර්මාණය කලේ එහි අඩංගු කොකා කොල(Coca Leaves) සහ කෝලා ඇට (Kola Nuts) සංකේතවත් කිරීමටයි.

◄►Compaq : Compaq සාමගමේ නමින් නිරූපනය වන්නේ COMPAtibility and Quality යන්නයි

◄►Lotus(Notes) : Lotus(Notes) නිර්මාතෘ මිච් කපූර් (Mitch Kapoor) යෝග ගුරුවරයෙකු වූ අතර එහි නම ලෙස යොද ගත්තේ ප්‍රසිද්ධ යෝග අභ්‍යාසයක් වන පද්මාසනයේ (The Lotus Position) නමයි.

◄►Microsoft : Microsoft සමාගමේ නිර්මාතෘ වරුන් වන බිල් ගේට්ස් (Bill Gates) සහ පෝල් ඇලන්(Paul Allen) Microsoft නම යොදා ගත්තේ MICROcomputer SOFTware යන්න සංකේතවත් කිරීමටයි. මුලින් Micro-Softලෙස භාවිතා කලත් පසුව එය Microsoft ලෙස නම් විය.

◄►Sony : Sony සමාගමේ නම නිර්මාණය වුනේ ශබ්දය යන තේරුම දෙන 'Sonus' යන ලතින් වචනයත් දීප්තිමත් කොලු ගැටයා යන අරුතින් ඇමරිකානුවන් එදිනෙදා ව්‍යවහාරයේදී යොදා ගන්නා 'Sonny' යන වචනයේත් එකතුවෙනි.

◄►SUN : SUN සමාගම නිර්මාණය කලේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ(Stanford University) මිතුරන් හතර දෙනෙකි.SUN යන්නෙන් අර්ථවත් වන්නේ Stanford University Network යන්නයි.

◄►Samsung : Samsung සමාගමේ නිර්මාතෘ ලී බුන්ග් චල්ට(Lee Byung-chull) අනූව Samsung යන්න කොරියානු වචනයක් වන අතර එහි මුල් කොටසින් විශාල බව හැගවෙන අතර පසු කොටසින් සදාකාලික බව හැගවෙයි.

◄►3M : Minnesota Mining and Manufacturing නැමති සමාගමේ මුල් නමේ ඇති අකුරින් ආරම් භ වන වචන 3 නිරූපනය කිරීමට පසුව එය 3M ලෙස නම් කෙරුනි.

◄►Nokia : Nokia සමාගමේ නිර්මාතෘ වන්නේ පින්ලන්ත ජාතික ෆෙඩ්‍රික් ඩෙස්ටාම්ය( Fredrik Idestam). මුලින්ම මෙම සමාගම කඩදාසි කර්මාන්තයත සම්බන්ධ සමාගමක් විය. මෙම සමාගම මුලින්ම ආරම්භ වූයේ නිරිත දිග පින්ලන්තයේ නොකියා(Nokia) නගරයේ වූ අතර එම නිසා එම සමාගම අදටත් ලෙස හදුන්වයි.

◄►Ericsson : Ericsson සමාගමට නම ලැබුනේ එහි නිර්මාතෘ වූ ලාර්ස් මැග්නස් එරික්සන්ගේ(Lars Magnus Ericsson) නමිනි.

◄►Toyota : Toyota සමාගම මුලින් හැදින්වූයේ එහි නිර්මාතෘ වූ කිචිරෝ ටොයෝඩාගේ (Kiichiro Toyoda) පවුල් නාමය වූ ටොයෝඩා(Toyoda) යන නමිනි.නමුත් පසුව එහි නම ටොයෝටා ලෙස නම් කලේ ජපන් භාශාවෙන් ටොයෝටා නම ලිවීමේදී අවශ්‍ය වන්නේ ඉරි 8ක් පමනක් නිසාත්(ජපන් ජාතිකයන් ට 8 යන්න වාසනාවන්ත ඉලක්කමකි) ටොයෝටා යන්න කියවීම ටොයෝඩා යන්න කියවීමට වඩා පහසු වීමත් නිසාය. 
 

Friday, March 2, 2012

පුදුම හිතෙන මනුස්සකම

මෙම ලිපිය උපුටා ගැනීම පහත වෙබ් අවකාශයෙනි
සොදුරු සුව අසපුව ඇත්තටම සොදුරු බව දැන ගතිමි.

http://nursinglanka.blogspot.com/




සිහිනයට පෙර සැබෑවූ තවත් සිහිනයක් ...

එදා පෙබරවාරි දහ වන දා ...සීතල හිමිදිරියෙම මනෝජ නැගිටල පටන් ගන්න කුස්සියේ “ජර බරේ “ එක්ක කොහේ නිදා ගන්නද ? ...අද Pizza  හදන්න වගේ ඉස්කොලෙට දාන්න ..මොකද සිකුරාදා “ පීසා ඩේ “ එකනේ ..ඔය සද්ද බද්ද අතරේම ....මම ඉතින් දවසේ වැඩ කටයුතු පටන් ගත්තා , උදේ නැගිට්ට ගමන් ලංකාවේ පත්තර ටිකයි , මෙහේ පත්තර වල අළුත් දේවල් ටිකයි කියවලා ඊට පස්සේ අපේ සිංහල බ්ලොග් අතරේ හිමින් සීරුවෙ සැරි සරන්නට පටන්ගත්තා ...හිනා කතා ..දුක හිතෙන කතා ..දේශපාලන ..ආදරය , විරහව ..මේ හැමදේම මුසු වුනු අපේ බ්ලොග් අතරෙදි කාළය  ගත වෙනව නොදැනෙන තරම් ...



“බීප් .....බීප්“ ....මගේ ඊමේල් ගොනුවට අළුතින් පණිවිඩයක් ...නොවැදගත් බොහෝ පණිවිඩ අවහිර කරල තිබෙන නිසා මේ වගේ ඊමේල් එකක් ආවම මම අනිවාර්යයෙන්ම බලනවා ...


කාගෙන්ද ?.....සුජීව මහත්මයගෙන් ...සාමාන්‍යෙයන් වැඩිය ඊමේල් නොඑවන මගේ හෘදයාංගම මිතුරගෙන් ආ මේ පණිවිඩය හරිම වැදගත් මට ...ඔව් බලමු මොකක්ද මේ කියලා ...attachments කිහිපයක් එක්කම .....ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් වගේ ....ඔව් ...ඇත්තෙන්ම ඔව් ...සංකීර්ණ ගැටළුවක් ....මගේ ජීවිතේ මා වඩාත්ම ආදරය කළ ආයතනය වලින් ඉහළම තැනක තිබෙන ගාල්ල , සමුපකාර හෙද විදුහලේ , මගේම සිසු දරුවෙක් පිළිකා තත්ත්වයකට ලක්වී ඇති බවත් ඊට ප්‍රතිකාර සඳහා මුදල් හිඟකමක් පවතින බවත් එහි කියැවුනා ...මට මේ අදහා ගන්නටත් බැහැ ..මට හොඳට මතකයි මේ කණ්ඩායම ආරම්භ කළ දවසේ පළමු දේශනය කළේ මම , ඉන් පස්සේ  විවේකයෙදි පන්ති නායක නායිකාවන් තෝරත්දි පන්ති නායිකාව ලෙස පත්වුනු ...ඉන් පසු මාස කිහිපය තුල ඉහළ දක්ෂතා  හැකියා පෙන්නපු දරුවෙක් මේ පිළිකාවට ලක්වෙලා හිටියේ ... ..

කතා කරන්න ඕන බලන්න විස්තරයක් දැන ගන්න ...අංකනය කළා දුරකථනය ...මගේ හිතවත් සුජීව මහත්තයට ... ???? ..“..සම්බන්ධ කළ නොහැක ....“ , බලමු ආයෙත් ...... හරි ගියේ නැහැ ...සුජීව මහත්මය සම්බන්ධ කරගන්න බැහැ ., ..මේ ගැන දැනගන්න වෙන කෙනෙක් මතක් වෙන්නෙත් නැහැ..මේ වෙලාවට ලංකවේ වෙලාව හවස , නැත්නම් රෑ නිසා N.T.S එකට කතා කරලත් වැඩක් නැහැ ... .හිත කළබලයි ...මොකක්ද කරන්න පුළුවන් ...මම ගියා එම පාසලේ facebook පිටුව වෙත ...සටහනක් තැබුවා ....“කරුණාකර තිළිණි දියණියගේ සෞඛ්‍ය තත්ත්වය සහ දුරකථන අංකය හැකි ඉක්මණින් ලබා දෙන්න .....මෙය දුටු කෙනෙක් හැකි ඉක්මණින් එම තොරතුරු මට , මගේ email වෙත එවන්න .. “ ....දැන් ඉතින් බලා ඉන්න තමයි වෙන්නේ ........බලා හිටිය ...වැඩේ සාර්ථකයි ..ඊමේල් එකක් ..නාරංගොඩ මහත්මයාගෙන් ..ඔහු තමයි ඒ දවස් වල ජාතික ආධුනිකත්ව සහ කාර්මික  පුහුණූ කිරීමේ අධිකාරියේ (NAITA) ගාල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධිකරණ නිලධාරීවරයා (අද නම් ඊට ඉහල තනතුරක බර දරනවා )  ...අපේ සමුපකාර හෙද විදුහලේ වැඩසටහනේ මෙම පුහුණූ පාඨමාලාවට අදාල අමාත්‍යංශමය වගකීම සහ මුළු බර දරන ,පුදුම කැපවීමක් තිබෙන ඊටත් වඩා මේ පුහුණූ වන අහිංසක දරුවන් ගැන සැබෑ “කැක්කුමක්“ තිබෙන නිලධාරිවරයෙක් ... පණිවිඩේ තිබුණේ මේ මධුෂාණී දුවගේ දුරකථන අංකය ....රටක් රාජ්ජයක් ලැබුණ වගේ ...

දුරකථන ඇමතුමකින් ටිකක් අමාරුවෙන් , “මධුෂාණී“ සම්බන්ධ කරගන්නට පුළුවන් වුනා ...ඇයගේ තත්ත්වය වගේම ප්‍රතිකාර පිළිබඳ ඇය දන්නා තොරතුරුත් දැනගත්තා ..මව සමඟක් කතා කළත් ඒ විට ඇයට මේ වෙන්නේ කුමක්දැයි හරි හැටි තේරුමක් තිබුණේ නැහැ වගේ මට දැනුනේ ....තේරුමක් නැති කමද ..මේ වුනු දේ විශ්වාස කරගන්න බැරිව සිටියාද මම හරියටම දන්නේ නැහැ ...කවුද කැමති තමන්ගේ දරුවටට පිළිකාවක් කියල අහන්න ...

ඊළඟ පියවර කතා කළා මගේ ආදරණිය රෝහල් ඒකකය , පිලිකා ඒකකයේ හිතවතෙක්ට ...“ ඔව් මචං ..waiting list එක දිගයි ..අනේ මන්දා ..ඔය ලිස්ට් එක හරියනකොට ලෙඩ්ඩු ඉඳිද දන්නෙත් නැහැ ..“  මේ දරුවාට ඉක්මණින් ප්‍රතිකාරය ලබා ගන්නට හැකියාවක් නැහැ බව ඒ කතාවෙන් වැටහුනා ....ඊළඟට කා ගවටද යන්නේ ....අපේ විජිත හාමුදුරුවෝ ...පිළිකා සංගමයේ සභාපතීත්වය දරමින් රෝගීන්ට ඇත්තටම මහා සේවයක් කරන ගල්වඩුගොඩ පංසලේ විජිත හාමුදුරුවන් ළඟට ...ඇමතුම ටිකක් දිගු කාළයක් වුනත් එහිදි කියැවුනෙත් මීට අදාල අයඩින් කියන ඖෂධය නැති කම නිසා ලොකු කාළයක් බලා සිටින්නට වන බව .....හරි දෙන්නම් බැටේ ...ගත්ත මහරගත පිළිකා රෝහලේ මගේ මිත්‍ර “සූරයාට“ ....“ඔව් අයියා ...ලිස්ට් එක කඩල නමක් දාගන්න නම් අමාරුයි ..මොකද මේ දවස් වල Drugs ටිකක් අඩුයිනේ ......හරියන්නේ නැහැ ඒකත් ....

ජිවිතයක් වෙනුවෙන්.. විස්තර පින්තුරය මත කිල්ක් කිරිමෙන්දැන් මොකද කරන්නේ ...එකම දෙයයි පුළුවන් ..කොහොම හරි මේ ප්‍රතිකාරය පෞද්ගලිකව ගන්නට යන පිරිවැය සොයා දීමම විතරයි කළ යුත්තේ ....“මනෝජා අපි ටිකක් මෙහේ යාළුවොත් එක්ක මේ ගැන කතා කරමුද ...? .. ඇය දුරකථනයේ ...අපේ හිතවන්තම පවුල් කිහිපයක මිතුරියන්ට මේ ගැන ඇයම කතා කළා ..ප්‍රතිචාරයන් හොඳය...ඇඟට ටිකක් ලේ ඉනුව ...ඒකියන්නේ පටන් ගැන්මක්  ....මේ අතරේම  මම මේ දියණිය සහ පත්ව සිටින තත්වය ගැන පුංචි PDF එකක් හදලා දන්න දන්න හැමෝටම යොමු කළා ...ඒකත් මදි වගේ ලියන්න ඕන post එකක් ..පටන් ගත්තා ...“ඇය නමින් මධුෂාණී ....“ ලියන්නට ...ඡේද දෙක තුනක් සටහන් කළා .

.“ ..“ක්ලික්“ ....gtalk පත්තේ පණිවිඩයක් ...“ දේවා මල්ලිගෙන් ..“ ...“අයියා මොකක්ද මේ ළමයගේ ප්‍රශ්නේ ...“ ..chat එකක් ඇරඹුනා ...“අයියා මං මේ ගැන පෝසට් එකක් දාන්නම් ..අපිට පුළුවන් වේවි මොකක් හරි කරන්න ......“  තවත් ඇරඹුමක් ...සුවිශේෂී ඇරඹූමක් ..මමත් පෝස්ට් එකක් දැම්ම ..

.අද පෙබරවාරි දොළහ ...තවත් chat එකක් ...“පොඩි මෑන් “ මල්ලිගෙන් ...“අක්මීමන කියනනේ මේ කිට්ටුවනේ .. ...අපි බලමු ...මේ දවස් ටිකේ කකුලේ තුවාලේ තමයි වැඩේ ..අපි මොකක් හරි කරමු ..“  තවත් සුබ පණිවිඩයක්....පස්සෙන්දා බ්ලොග් ටික බලන කොට බොහොමයක් බ්ලොග් වල “මධුශානි “ ගැන ලියවිලා ..සමහර තැනක උදව් කරන්නට හැකි ආකාරය සටහන් කරලා ..තවත් තැනක මේ තොරතුරු තියෙන පෝස්ට් එකක ලින්ක් දාල ...එක එක විදියෙන් මේ “පිං කමට“ දෑත් එක් කරලා ..

වෙලාව දවල් දෙකට විතර ගෙදර ආව විතරයි වගේ ...Skype call  එකක් ...බත් එකත් අරගෙනම ගත්තා කොල් එක ....“ඕනයා“ මල්ලි ...“ මොකක්ද මහේෂ් අයියා දැන් තත්වේ ....මං නිකං දැනගන්න ඇහැව්වේ ...මොකද අපිට පුළුවන් වේවි අපේ set එක්ක එකතුවෙලා වැඩක් කරන්න ...“ ....මෙතැනින් පටන් අරගෙන මාලදිවයිනේ දේශපාලන කැලඹිල්ල ගැනත් දොඩමළු වෙලා ...තවත් සිතට සතුටුදායක ආරංචියක් අරගෙන ඒ කතාවත් නිමා වුනා ....

දැන් වැඩේ යනවා වගේ ...වෙලාව හවස පහයි ..ලංකාවේ නම් උදේ හතර විතර ...මම බලාගෙන ඉන්නවා skype දිහාව ..මොකද මම දන්නව දැන් සූජිව මහත්මයා මට කතා කරන බව ...හියාරේ මහා විද්‍යාලයේ භාරදුර රාජකාරියක් කරල ...හෙද විදුහලේ එවැනිම බරක් ඇදල ...ගෙදර ඇවිත් බිරිඳත් පැටියත් එක්ක ඉන්න තියෙන වෙලාවේ නිදි මරාගෙන ඉඳළ සුජිව මහත්මයා ගන්න මේ කෝල් එකෙන් තමයි “මධුෂාණීගේ අද දවසේ තත්ත්වය වගේම ගිණුම් වල තත්ත්වයත් දැන ගන්නේ ..“ ....මේ අතරේ මට වාසනාව ලබුණ අපේ සිංහල බ්ලොග් පරිශ්‍රෙය් ඉන්න මිනිසුන් පිරිසක් ඔහුට හඳුන්වා දෙන්නටත් ...

මෙහෙම ඇරඹුන Skype කතා බහ , Gtalk කතා බහ ..email හුවමාරුවන් දිගින් දිගටම ගියා "හැමදාමත් වගේ දේවා මල්ලි ..පොඩිමෑන් මල්ලි වගේම ඕනයා මලයත් මේ කතාබහට එකතු වුනා ......මේ අතරේ “ලොවෙත් නෑ“ facebook පිටුවත් “පොඩි මෑන් “ මල්ලිගේ හිතවන්ත කමත් එක්කම මේ වැඩේට එකතු වුනා ...මධුෂාණි ගැන ලොව පුරා පැතිරුණා ...හැම ප්‍රෙද්ශයකින්ම ඇයගේ ගිණුමට මුදල් ගලා ආව ..සමහර පරිත්‍යාගශිලීන් කිහිපවරක් මුදල් පරිත්‍යාග කරලා තිබුණා .., සමහර මිතුරන් තමන්ගේ රැකියා ස්ථාන වල මුදල් එක් රැස් කරමින් ඒ සියල්ල ගිණූමට එව්වා ..සමහර මිතුරියන් පන්සලේ , දහම් පාසලේ තැනින් තැනි ඇවිදිමින් මුදල් එක් රැස් කරමින් ,මීට දායක වුනා ....දවසෙන් දවස ගිණුමේ ශේෂය ඉහල ගියා ..අවශ්‍ය වන රුපියල් 220,000.00 ටිකෙන් ටික ලංවුනා ..සති දෙකක් ඇතුලත අවශ්‍ය මුදලටත් වඩා වැඩි මුදලක් එක රැස් වුනා ...දැන් ඇයට ප්‍රතිකාරය ලබා දීම ගැන කිසිම බයක් නැහැ ....ඒ විතරක් නොවෙයි ඊට පසු සිදු කරන පරික්ෂණ සහ අතිරේක ඖෂධ ලබා ගන්නටත් අවශ්‍ය තරමට දැන් මුදල් ලැබිලා තිබෙනවා ...මේ ලියන අවස්ථාව වන විටත් මුදල් ලැබෙමින් පවතින බවත් දැන ගන්නට ලැබුණා , සම්පුර්ණ මුදල් තත්වය ගැන  මේ සටහනේ අවසානයට ලියන්නම් , මොකද මේ සටහන ලියන දැන් වෙලාව ලංකවේ වෙලාවෙන් නම් උදේ 11යි ...අද හවස හතරට තමයි මුළු එකතුව ලබා ගන්නට හැකිවන්නේ ...

ඔව් මේ දියණිය වෙනුවෙන් , මේ සොයුරිය වෙනුවෙන් මිනිසත්කම් ඇති මිනිසුන්ගේ සිත් සංවේදී වුනා ....එයට ජාති භේද , ආගම් බේද තිබුණේ නැහැ ...සමහර පරිත්‍යාග කළේ කවුද කියල නමවත් හරියට දන්නේ නැහැ ...කෙසේ වෙතත් මනුස්සකම උතුරා ගිය දින කිහිපයක් මතකයේ රඳවමින් අද ඇයට “පිළිකාව පරදවමින් මිනිස්කමේ මහිමයේ බලය “ ලබා දේවි ...මාර්තු මස පළමු වනදා ඇය ප්‍රතිකාරය සඳහා රෝහල් ගත වනවා ...ඇයට ලබා දෙන විකිරණශීලී අයඩින් ප්‍රබල කිරණ මුදහරිමින් ලේ නහර පුරා දිව යාවි ...ඒ අයඩින් හරිම කැමැත්තෙන් තයිරොයිඩ් සෛල වලට ..නැත්නම් ඊට සම්බන්ධ පිළිකා සෛල තුලට රිංගාවි ...(මොකද අයඩින් තමන් තුලට කැන්දා ගන්නා මේ සෛල ආසාවෙන් ඉන්නේ ...) ...එහෙම ඇතුළු වන විකිරණශීලී අයඩින් එම තයිරොයිඩ් සෛල විනාශ කරාවි ..එදා ඒ තයිරොයිඩ් පිළිකා සෛලවලට තේරේවි ...මගේ යාළුව වන අයඩින් කියල ගේ ඇතුලට දාගත්තට මේ කෙනානම් මගේ යාළුව වගේම ඉන්න හතුරෙක් කියල ..ඕව කොහේ හිතන්නද ..විකිරණශිලී අයිඩින් ඒ සියළු පිළිකා සෛල , තයිරොයිඩ් සෛල විනාශ කරනවා ....ඇය සුවපත් වෙනවා , ඇය සුවපත් වෙනවාමයි ....හැබැයි ඇයට ජීවිත කාළෙම තයිරොක්සින් පෙති ගන්නට වෙනවා ...ඉතින් මොකද ?....සති කිහිපයකින් ඇය ආයෙත් සිනාසෙනවා ...යෞව්වනයේ සොඳුරු හැඟීම් පුරවාගෙන ඇය සිනාසේවි සතුටින් ...ඉපිලේවි සතුටින් ..පිළිකාව පරදා මිනිස්කමට ජය ගෙන දුන්නාට ...ඒ ඉපිලෙන සතුට ඔබේ සිත් පහන් කරනා බව මට විශ්වාසයි ...ඒ කෙළි පොඩ්ඩිට ජීවිතය දෙන්නට ..දිරිය දෙන්නට එක්වුනු සැම පිං පුදනවා ...

නම් ගම් වශයෙන් , බ්ලොග් ලිපි වශයෙන් , facebook පිටු වශයෙන් , වෙබ් පිටු ලෙසින් නම් කරන්නට ගියොත් හරිම අපහසුයි ..උපකාරයන් ඒ තරම් ...අඩුම තරමේ අදාල පිටුවල ලිපිනයන් සටහන් කරන්නට හැදුවත් ..ඒකත් ලෙහෙසි නැහැ ..බලන්න ඔබ කොතරම් මේ වෙනුවෙන් වෙහෙසිලාද කියන එක ..ගිණූමෙන් විතරක් නොවෙයි ...Google මතදි “මධුෂාණී“ ලෙසින් යෙදුමක් කරල.....කෙතරම් පිරිසක් මේ වෙනුවෙන් දැනුවත් කරන්නට වෙහෙසිලා  තිබෙනවාද ? .....ඒසැමට මම මගේ හෘදයාංගම ගෞරවය , එක්කම පින් පුදනවා ...මටත් අයිතියක් ඊට තිබෙනවා .මේ මගේ “සිසු දරුවෙක්“ ...ඒ එක්කම මේ කටයුත්තෙදි මා අතින් , සුජිව මහතා වෙතින් හෝ යම් ගැටළුවක් අපහසුතාවයක් වුනා නම් ...(විශේෂයෙන් දුරකථන සම්බන්ධතා පිළිබඳ ගැටළු තිබුණා) ...ඊට හේතු සාධක බොහොමයි ...එබඳු යම් හේතුවක් නිසාවෙන් අපේ හිතවතෙකුගේ හෝ හිතවතියකගේ සිත් රිදවීමක් වුනානම් ...සමාවන්න ...පැවති තත්ත්වය , විවිධ දුෂ්කරතා අපි හැමෝගෙම කාර්ය බහුලත්වය සහ විවිධ තාක්ෂණික ගැටලුත් මීට හේතු වන්නට ඇති

...ඒ වගේම මේ කටයුත්තට මහන්සි වෙත්දි සමහර හිතවතුන්ට වෙනත් “නොමිනිස් හිත් ඇති මනු+සත්තු“  කිහිපදෙනෙක් ගෙන් සිත් රිදවීම් වලට ලක්වුන බවත් මට දැන ගන්නට ලැබුණා ..ඒ රිඳවුම් , ඔබේ මිනිස්කම ඉදිරියේ දූවිලිව , ඔබේ පයට පැගෙන බව ඔබට වගේම මටත් දැනෙනවා .. 

සුජීව ...මා  සහෘද මිතුරාණන් 
මේ කටයුත්තෙදි මේ සියළු මුදල් කටයුතු හැකි තරම් උපරිමයෙන් නිවැරදිව සහ පාරදෘශ්‍යව කරන්නට මීට දායක වූ සැවොම කටයුතු කළා ..විශේෂයෙන්ම මේ කටයුත්තේදි  සුජීව මහත්මයා ...දිනපතා මධුෂාණි ගේ තත්ත්වය පිළිබඳ සොයා බලමින් , මේ බැංකු ගිණුම් ගැන සොයා බලමින් , ඉඩ ලද හැම විටම අපේ මිතුරන්ට ප්‍රතිචාර දක්වමින් (ඒ අතරතුර පාසල් ගුරුවරයෙක් ලෙස , හියාරේ මහා විද්‍යලයේ අහිංසක දරුවන්ටත් අසාධාරණයක් නොවන අයුරින් තමාගේ රාකාරියත් නොපිරිහෙලා කරමින් ) කළ කාර්ය අතිශ්‍ය දුෂ්කර කටයුත්තක් ..විශේෂයෙන්ම හෙද පුහුණු ආයතනයක් නිසා පිරිමි දරුවන්ගේ හිඟකම නිසාවෙන් හැම කටයුත්තටම දුවන්නේ ඔහුමයි , බැංකුවට , තැපැල් කාර්යාලයට , සටහන් කොපි කරගන්නට ...මට මේ නොකිව්වත් මම දන්නවා ඒ වෙහෙස ... මේ කටයුතු අතරේ ඔබේ දරුවාත් රෝගීව ඇති බව මට අසන්නට ලැබුණා ...ඔබේ පුංචි පැටියාට ඉක්මණින් සුවය ලැබෙන්නට මාත් එක්ක , මේ සයිබර් අවකාශයේ හැමෝම හොඳ හිතින්ම පතනවා .. ...දැන් ඔබත් මේ සයිබර් අවකාශයේ නිත්‍ය හෘදයාංගම මිතුරෙක් වී අවසානයි ...ඉතින් සටහන අවසානයේ මෙවන් සටහනක් නොතැබුවානම් මගේ හිතට මම වැරද්දක් කරා වගේ දැනෙන නිසා මේ ලීවේ ..ඔබ ගැන මෙහි සටහන් කළා කියල කිසිදා උරණ නොවන ඔබ අදත් මාත් එක්ක උරණ නොවන බව මට විශ්වාසයි ....

මේ මම සටහන් කළේ මේ කටයුත්තෙදි මා අත්විඳි , මට දැන ගන්නට ලැබුණු දේ පමණයි ..මේ තුල මා නොදත් මහා වෙහෙසක් ඇති බව කියන්නට කාරණාවක් නොවේ ..විශේෂයෙන්ම මෙතරම් කෙටි කාළ සීමාවක් තුල ආසන්නව ලක්ෂ තුනක පමණ මුදලක් එක් රැස් කරගන්නට සයිබර් අවකාශයේ මේ සොඳුරු මිතුරු මිතුරියන් කළ කැපවීම් අපමණ ඇති ...දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදලක් ...මේ කිසිදා  නොදැක්ක ..දරුවෙක් වෙත පූජා කරන්නට හිත්වීමම කොතරම් අපූරුද ? රුපියල් දහයේ විස්සේ සිය සිය දහස් ගණනින් විතරක් නොවයි රුපියල් දස දහස් ගණනින් මුදල් පරිත්‍යාග කරන්න ඔබ පෙළඹුනා , ඩොලර් ගණනාවකුත් රුපියල් වලට මාරු වුනා ....සමහර අවස්ථාවල කිහිපවතාවක් මුදල් පරිත්‍යාග කරන්නට තරම් හිත බැතිමත් වුනු සයිබර් මිතුරන් හිටිය ..ඒ කිසිකෙනෙක්ගේ නම් වෙන් වෙන්ව සටහන් කරමින් මෙය “මාගලක් “ වැනි සටහනක් කරන්නට ඕන නැති බව ඔබම කියනව මට විශ්වාසයි .ඔබට ඕන වුනේ “ඇය කෙසේ හෝ සුවපත් කරගැනීම පමණයි .“

..ඒ අතරේ මේ කතාව තමන්ගේ මිතුරන් අතරේ පතුරවමින් , මේ කටයුත්ත තමන්ගේ වැඩක් වගේම කරන්නට කරගහපු “දේවා ...ඕනයා ..පොඩිමෑන්“  කියන මල්ලිලා “ත්‍රිත්වය “ ගැන නොකියම බැහැ ...මේ දවස් ටිකේම මම පරිගණකය ක්‍රියාත්මක කරන හැම මොහොතකම .....මාව අල්ල ගන්නම බලාගෙන නිදිවරාගෙන ඉන්නව වගේ මට හැඟුනේ .“අයියා දැන් කොහොමද තත්ත්වේ ... අපිට පුළුවන් වෙයි ...., “ කොහොම හරි මේ වැඩේ සාර්ථක කරගන්නට මේ ත්‍රිත්වය ලොකු වෙහෙසක් ගත් බව මම දන්නවා ..වෙහෙස කෙසේ ද කීවොත් , අද සවස මේ මුදල් භාර දීමේ කටයුත්තට , ලෙඩ වෙලා සිටිත්දිම වැස්සේ තෙමි තෙමී සහභාගී වන්නටත් තම මිතුරු පිරිස එකතු කළ තවත් රුපියල් හතලිස් පන්දහසක මුදල පිරිනමන්නටත් ... ගිය මේ ත්‍රිත්වයේ කාටදෝ දැන් උණ ගැනිලා කියලත් ආරංචියක් ආව , දැන් උණ ගැනුනත් හිතේ සතුටින් ඉන්නවා ඔබ ... ඔබ සුව පතන්නම් ඔබට ...ඔබ සැමට ...

සයිබරයේ සහෘදයිනි ...සිහින උළෙලට තව ටික දිනයි ..ඒත් ඒ සිහින උළෙල අරඹන්නටත් පෙර ...ජීවිතය කඳුළු සිහිනයක් වුනාදෝ සිතමින් සිටි ඔබේ සොයුරියගේ , ඔබේ මිතුරියගේ  ...ඒ කඳුළු සිහිනය ....සැබෑ සුන්දර සිහිනයක් ලෙසට පත්කරමින් “ජීවිතය දෙන්නට ...“ හැකි වූ සතුට ඔබ සැමට “ජීවිතය එළිය කරන .....සතුටක්ම වනු ඇති...“ .   “මධුෂාණී “ ......සයිබර් සෙනෙහසේ සොයුරියයි ...

ඉතින් සතුට සිතේ පුරවා සමුගන්නට අවසරයි .......සොඳුරු සුව අසපුවට ලිපියක් එක් කළාම ..එය ඔබ රසවිඳි බව මට දැනුනම හැඟෙන සතුට හරිම ඉහළයි .. ...අද ඊටත් වඩා සතුටුයි ...ඒ හැමදේම විකිණෙන ලෝකෙක ..සිංහල බ්ලොග් සටහනක අප තබන අකුරු පෙළින් අපේ හිත් හඳුනාගන්නට ඔබ සමත් වූ නිසා .... . සැමට නිරෝගී සුව සතුට .....
මේ කටයුත්තට  දායකත්වයක් දුන්  සයිබර් හිතවතෙක් සමඟ කළ කතාබහ.. 

දැන් මෙන්න සියළු මුදල් තොරතුරු ...මේ සටහන් සියල්ල ලැබුනේ දැන් මොහොතකට ඉස්සර වෙලා ..තවමත් මේ මුදල් ලබා දුන් අවස්ථාවේ ගත් ඡායාරූප නම් ලැබුණේ නැහැ , දැනගන්න ලැබුණ විදියට එතැනට සහභාගී වූ අපේ බ්ලොග් මිතුරෙක් ඡායාරූප ලබා ගත් බවක් කීව ..තිබේ නම් මටත් එවන්න , එවිට එම ඡායාරූපත් මේ ලිපියට එක්වේවි ..


-----------------------------------

මුදල් භාර ගැනීම වෙනුවෙන් ඇය තම විදුහල්පතිනිය වෙත ඇය තම අත්අකුරින් යොමු කළ ලිපිය
 ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණූමෙහි මුදල් එක් රැස් වූ අයුරු ..






 මහජන බැංකුවේ කරාපිටිය ශාඛාව තුල ආරම්භ ගිණුම (දැනට ඉතිරි මුදල මෙහි තැන්පත් කර ඇත.)


ලැබී තිබූ Money transfers - Western Union සහ  Moneygrams





දැන් නම්  හිත නිදහස් ...එහෙත් මේ පරිත්‍යාගයන් හෝ මධුෂාණී පිළිබඳව ඇගේ තත්ත්වය පිළිබඳව ඔබට තවත් දැනගත යුතු නම් කරුණාකර https://www.facebook.com/cooperative.nts මගින් එම පිටුවට ගොඩවදින්නට ආරාධනා කරනවා ...එසේ නම් ආයෙත් දවසක “ලෙඩක් දාන්න “ එන්නම් ...


පසුව එක් කළෙමි .....

මේ අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් “පොඩි මෑන්“ මල්ලී මේ දැන් මට එවා තිබුනා ...මේන්න ඒ කාළය “නැවැත්වූ“ සටහන් ......
හිතවන්තකම් වල ශක්තිය නම් “පොඩි “ නෑ මල්ලි ...

සමුපකාර හෙද විදුහල්පතිතුමිය විසින් ඔබ සැමගේ පරිත්‍යාග ඇයට ලබා දුන් මොහාත..

Wednesday, February 29, 2012

විනාශය අත ලඟයි. වහා ධර්මයට එන්න – අවසාන සිහි කිරීම.(භාවනානුයෝගියෙක් පවසයි)

















ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට අයත් අති දුෂ්කර ස්ථානයක වැඩ වාසය කරන අප්‍රකට භාවනානූයෝගියකු හෙළි කල තොරතුරු මීට පෙර අවස්ථා දෙකකදී අපි ඔබ වෙතට ගෙන ආවෙමු. ලෝකයේ, විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ උද්ගතවෙමින් ඇති යුධ උණුසුම හමුවේ ඉතා දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනකින් පසු නැවත වතාවක් එම අප්‍රකට භාවනානූයෝගියා සම්බන්ධ කර ගැනීමට “ලංකා සී නිවුස්“ සමත් විය. මෙහි පහතින් දැක්වෙන්නේ අප ඔහු සමඟ කළ නවතම සාකච්ඡාවේ විස්තරයි.
1. අවසරයි, ඔබතුමා මීට පෙර අවස්ථා දෙකකදී පැවසූ කරුණු බොහෝ දුරට සත්‍යවේගෙන එන බව පෙනෙනවා. ඒකයි ඔබතුමාට අප තුන්වෙනි වතාවෙත් කරදර කරන්න හිතුවේ.
පුතා, අප සත්‍යම මිස අසත්‍යයක් පවසන්නේ නැහැ. අසත්‍යයක් පවසා අපට ලබාගන්නට දෙයක් නැහැ. මේ මහා කැලයට වෙලා බණ භාවනා කරන්නේ සියළු ලෞකික බැදීම් අත් හැරි නිසයි. මේ විදිහට හරි පුතාට කරුණු කියන්නේ අපට සම්බන්ධ වන දෙවිවරුන්ගේ අකමැත්තක් ඊට නොමැති නිසයි. ඒ වගේම, මේ කියන දෙයින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අඹමල් රේණුවක හරි සේවයක් වෙයි කියා හිතන නිසායි.
2. ඔබතුමාට සම්බන්ධ වෙන දෙවිවරු ඇත්තටම කවුද? කෙහොමද එය සිද්ධ වෙන්නේ?
එය, ඉස්සර මෙන්ම නැවතත් සරලව පැහැඳිළි කිරීමට අසීරු කාරණයක්. එහෙත්, පුතාට අවබෝධ කරගන්න පුළුවන් හැටියට තේරුම් කරන්නම්. හිත දියුණු කරන, හරියට භාවනා කරන කෙනෙක්ට දෙවිවරු සම්බන්ධ වෙනවාය කියන එක පුදුමයක් නෙමෙයි. ඒ අය බොහොම සියුම් ශරීර ඇති ජීව කොථඨාශයක්. සාමxන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැත්තේ මනස ගොරහැඬි නිසයි. මට සම්බන්ධ වෙන්නේ සමන් දේව     මණ්ඩලයට අයත් සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු පිරිසක්. ඒ අයගෙන් තමයි මම මේ තොරතුරු ලබාගන්නේ. පුතාට පේනවනේ මෙතන කිසිම බඩු භාණ්ඩයක් නෑ. අවට ලෝකයත් සමඟ මගෙ කිසිම සම්බන්ධයකුත්     නැහැ.
3.ඔබතුමාට ඒ දෙවිවරු හරහා අළුතින් දැනගන්න ලැබුණු කරුණු සහ තොරතුරු මොනවද?
කලින් වතාවල කියපු දේවල්ම තමයි. මම කිව්වනෙ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 23 න් පස්සේ මනුස්ස ලෝකය පරිහාණිය දිශාවට යනවා කියලා. ඒක ඇත්ත කියලා පුතාටම තේරෙනවා ඇතිනේ. මට දැනගන්න ලැබුණු විදිහට මාර්තු-අප්‍රේල් වෙනකොට මේ විනාශය බොහෝ අයට දැනෙන විදිහටම ඇති වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙ මිනිස්සු අද වැඩ කරන්නේ ඛනිජ තෙල් මතනේ. තෙල් ලැබීම හිඟවීමත් සමඟ මුළු ලෝකයම අර්බුධයකට යයි. කලකෝලාහල  කැරළි ඇති වෙලා යුද්ධ ඇති වෙලා කෝටි ගණනින් මිනිස්සු මිය යාවි. මේ ලෝකයේ අකුසල් ශක්තිය වැඩිම ප්‍රදේශ තමයි ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග කලාපය. මේ ප්‍රෙද්ශ තුනම ගොඩාක් දුරට විනාශ වෙනවා කියලා තමයි මේ දෙවිවරු කියන්නේ. අවුරුදු තුන් හාරසියයක් ප්‍රාණ ඝාතය, කාම මිත්‍යාචාරය, සුරාව රජකරපු ද්ශ නේද මේ? මුළු ලෝකෙටම ලොකු ආහාර අහේනියක් ඒවි. කන්න බොන්න නැතිව හීතලට රස්නෙට ඔරොත්තු දෙන්නෙ නැතිව ලක්‍ෂ ගණනින් මිනිස්සු මිය යාවී.
4.න්‍යෂ්ඨික අවි පාවිච්චි කරන යුද්ධයක් ඒවිද?
මනුෂ්‍ය වර්ගය නිපදවපු භායානක ආයුධ හැම දෙයක්ම පාවිච්චි වේවි පුතා. මහා විනාශයක් තමයි පේන්නේ. ඇමෙරිකාව, යුරෝපය නොහිතන විදිහට දරුණු ආයුධ වෙනත් රටවල තියෙන වගක් තමයි දෙවිවරු පවසන්නේ.
5.අපේ රටට ඇතිවන බවපෑම ඔබතුමා හිතන්නේ කොයි වගේ වේවිද?
ලොකු රටවල් ගහමරා ගන්න කොට අපිටත් ගැලවිලා ඉන්න බෑ. ගහ මරාගන්න අපේ රටත් ඇදගන්න ලොකු උත්සාහයක් දරයි. බැරි වුනොත් පාලකයොන්ට විවිධ බලපෑම් කරයි. රටේ නායකයට ගොඩාක් තර්ජන අමාරුකම් ඒවි. ඒ අතරේ රට ඇතුලේ ඉන්න පාපකාරී පිරිස් ආයෙත් හැත්තෑ, අසූ ගණන්වල වුණා වගේ සිද්ධි ඇති කරන්න උතසාහ දරයි. බලයට කෑදර පිරිස් බලය අරගන්න විදේශ රටවල් එක්ක යටිකූට්ටු වැඩ කරන්න ගොඩාක් ඉඩ තියෙනවා. යුද්ධයක් ඇති නොවුනත් කැරලි කෝලාහල රටපුරා ඇති වෙන්න     පුළුවන්. කොහොම වෙතත් අවුරුදු 3 ක් විතර කාලයක් හොදක් කියල දෙයක් නම් පේන්නෙම නෑ පුතා.
6.එහෙම විනාශයක් වෙනව නම් දෙවිවරුන්ට බැරිද අපිව ඒ විනාශයෙන් ගලවගන්න උදව් කරන්න.
උදව් නේන්නම් පුතේ මේ කරන්නේ. වෙන්න තියෙන දේවල් වෙන්න ඉස්සරවෙලා කියන එක තරම් උදව්වක් තවත් තියෙනව ද? මේ ටික මම මුලින්ම කියල දැන් මාස 6 ක් විතර වෙනවනේ පුතේ. මට සම්බන්ධ වෙන දෙවිවරු කියන විදිහට නාථ දෙවියෝ මේ අනතුර දැකල අවුරුදු 6 ක විතර ඉදන් මනුස්ස ලෝකෙට සම්බන්ධ වෙනවා. අපේ රටේ තිබුණු කොටි යුද්දෙ හමාර කරන්න උන්වහන්සෙලා බොහොම මහන්සි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙයි කියලා බෙහෙත් හේත් නැති වෙයි කියලා අළුත් ගොවිතැනක්, වෙදකමක් මේ රටට හදුන්වලා දීලා තියෙනවලු. පුතේ මේ දෙවිවරු කියන්නේ වැඩිකල් යන්න කලින් අපට ඉන්ධන ලැබෙන එක අඩු වෙනවාය කියලා. මුළු රටම අර්බුදයට යයිලු. පිටරටින් එන තෙල් පොහොර නවතීලූ. මිනිස්සුන්ට ගොවිතැන් කරගන්න බැරි වෙයිලු. පිටරටින් බෙහෙත් හේත් එන එක නවතිලූ, ඉස්පිරිතාලවල වැඩ කටයුතු ඇණහිටීලූ. ඒක කල් ඇතිව දැකපු නිසා තමයි නාථ දෙවියෝ මේ පොළවට සම්බන්ධ වෙලා අපේ ගොවිතැනක්, වෙදකමක් කියල දීල තියෙන්නෙ. මුළු දිව්‍ය ලෝකෙම දණ්ඩ නමස්කාර කරන නාථ දෙවියන්ට අපේ රටේ ඇතැම් මිනිස්සු අපහාස කල බවකුත් මට මේ දෙවිවරු පවසලා තියෙනවා. මේ රට ගැන සම්බුද්ධ ශාසනය ගැන තියෙන කැක්කුම නිසා උන්වහන්සේ පහලට බැහැලා මේ විනාසෙන් රට මුදවා ගන්න කටයුතු කරන කොට ඒ වැඩවලට අකුසල් පිරුණු ඇතැම් මිනිස්සු තදින් බාධා කරන බවත් ඔවුන් දන්නවා. එත් පුතේ, උන්වහන්සේ බෝධිසත්ව වරයෙක් නිසා අටලෝ දහම දරාගෙන ශාසනය රැකගන්න අපහාස උපහාස විද දරාගෙනම ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වෙසෙනවා. කෙසේ හෝ පුතේ මේ දෙවිවරු පවසන ආකාරයට නම්, වැඩිකල් යන්න කලින් මුළු රටටම තෙල් පොහොර නැති ගොවිතැනකට පිටරට බෙහෙත් නැති වෙදකමකට ඉබේම යන්න සිද්ධ වෙයි කියල නම් පැහැඳිළිව නැවතත් කියන්න පුළුවන්. ඕවා අපේ රටට ගෙන්වන කොම්පැණි ඒවයෙ මව් සමාගම් විනාශ වෙද්දි රට ඇරලා යයිලූ. කෘමිනාශක සමාගම් මේ රටෙන් තුරන් වෙන්න කියලා දෙවිවරු අධිෂ්ඨාන අරන් තියෙන්නේ ගිය වෙසක් පෝයට. උන්වහන්සේලාගේ අධිෂ්ඨානයක් කවදාවක් ඉෂ්ඨ නොවි තියෙන්නේ නැහැ. මේ කෘමිනාශක ගහල කෝටි සංඛ්‍යාත සත්තු සංඛ්‍යාවක් මරලා අන්තිමට ඒවා මිනිස්සුත් කාලා මහා විනාශයක් අකුසලයක්නෙ කර ගන්නේ. අද ගොවියෝ කියන්නේ මහා පවුකාරයෝ පිරිසක් බවට පත්කරපු පිරිසක් නේද?
7.තව මොනවද අපේ රටට වෙන්න පුළුවන්?
මේ කියන ටික හොඳින් තේරුම් කර ගත්ත නම් ඉතිං ඉතිරි ටික අවබෝධ කරගන්න එක අමාරු නෑනේ. ඩීසල්, පෙට්‍රල් වැනි දේවල් වල මිල ගණන් මිනිස්සුන්ට මිලදී ගන්න බැරි විදිහටම ඉහළ යයි. පාරවල්වල බරකරත්ත ආයේ දකිනට ලැබෙයි. පොල්තෙල්වලට , කැකුණ තෙල් වලට පන්දම් වලට හොඳ කාලයක් එයි. විදුලිබලය, වායුසමීකරණ, ශීතකරණ නැතිව ජීවත් වෙන්න මිනිස්සුන්ට පුරුදු වෙන්න වෙයි. මුලින් මුලින් පෞද්ගලික බැංකු කඩා වැටෙයි. අවසානයේ දී ආණ්ඩුවේ ඒවත් බිඳ වැටෙයි. කොටින්ම නැවතත් මිනිස්සු ස්වභාවධර්මයට පුරුදු වේවී. ඒත් පව්කාර රටවල් විනාශම වෙලා යයි. කොහේ හිටියත් මිනිස්සුනේ. අපට ධර්ම සංවේගයක් තමයි ඇතිවෙන්නෙ.
8.තත්වය එහෙම නම් ඔබතුමා අපට දෙන අවවාදය මොකද්ද?
ඉස්සෙල්ල දෙවතාවෙදිත් කිව්ව වගේ පංචශිලයවත් රකින්න පුතේ. පන්සිල්වත් රකින්න කියල මේ මිනිස්සුන්ට කියන්න. දැන් කකුලුවා හැලියෙ ඉන්නෙ. ගින්නත් අවුළුවලා තියෙන්නේ. නැහෙනකන්ද බලාගෙන ඉන්නේ. මේ විනාසෙ රට කරවන ඇත්තන්ටත් ඉස්සරට තදින්ම දැනෙන්න පටන් ගනිවී. පාලකයෝ මුළු රටම ධර්මයට ගේන්න ඕනේ. ප්‍රාණ ඝාතය, සත්තු මරන එක නවත්වලා, සුරාව නවත්වලා මිනිස්සුන්ව පින් දහම් මාර්ගයට ගන්න ඕනේ. ප්‍රාණ ඝාතයෙන් තොර අපේ ගොවිතැනට රටේ ගොවියන්ව යොමුකරවන්න ඕනේ. නැත්නම් රටත් ශාසනයත් විනාසයි. මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නේ. ශාසනය රැකෙන්නෙ මේ පොළවෙ විතරයි. මේ අමාරුම කාලේ. ඒක තමයි බෝධිසත්වයන් වහන්සේ බිමට බැස්සේ. මෝඩ මිනිස්සුන්ට කියන්න උන්වහන්සෙට අපහාස කරන්න එපාය කියලා. හැම කෙනෙක්වම දැනුවත් කරන්න මේ මහා දුර්භාග්‍යසම්පන්න වසර දෙක තුන අපේ රටට ශක්තිය ලැබෙන්නය කියල අධිෂ්ඨාන කරන්න කියලා.
“මෛත්‍රී බෝධිකාරක පුරෙන්තු පාරමි ආනුභාවාය
ගෞතම බුද්ධ ශාසනම් රක්ඛන්තු ආදිත්‍යම්
ත්‍රිත්ව ලෝකං  ශක්තිම් ස්වාගතම්
ඉෂ්ඨ සිද්ධම් ආනුභාවම්
ආරාධිතම් ලංකා මාතෘ භූමි රක්ඛන්තු  ත්වම්සදා
නාමං නාමං උත්පාදිතම් ශක්තී
සම්බන්ධිතම් ලක්මෑණී තුම්හේ අනුරක්ඛන්තු
සදා සොත්ති භවන් තුතේ“

Tuesday, February 28, 2012

මහා විනාශයක්. වහා ධර්මයට එන්න (භාවනානුයෝගියෙක් පහදයි)








ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට අයත් අති දුෂ්කර ස්ථානයක වැඩ වාසය කරන අප්‍රකට භාවනානූයෝගියකු හෙළි කල තොරතුරු මීට පෙර අවස්ථා දෙකකදී අපි ඔබ වෙතට ගෙන ආවෙමු. ලෝකයේ, විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ උද්ගතවෙමින් ඇති යුධ උණුසුම හමුවේ ඉතා දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනකින් පසු නැවත වතාවක් එම අප්‍රකට භාවනානූයෝගියා සම්බන්ධ කර ගැනීමට සමත් විය. මෙහි පහතින් දැක්වෙන්නේ අප ඔහු සමඟ කළ නවතම සාකච්ඡාවේ විස්තරයි.


1. අවසරයි, ඔබතුමා මීට පෙර අවස්ථා දෙකකදී පැවසූ කරුණු බොහෝ දුරට සත්‍යවේගෙන එන බව පෙනෙනවා. ඒකයි ඔබතුමාට අප තුන්වෙනි වතාවෙත් කරදර කරන්න හිතුවේ.
පුතා, අප සත්‍යම මිස අසත්‍යයක් පවසන්නේ නැහැ. අසත්‍යයක් පවසා අපට ලබාගන්නට දෙයක් නැහැ. මේ මහා කැලයට වෙලා බණ භාවනා කරන්නේ සියළු ලෞකික බැදීම් අත් හැරි නිසයි. මේ විදිහට හරි පුතාට කරුණු කියන්නේ අපට සම්බන්ධ වන දෙවිවරුන්ගේ අකමැත්තක් ඊට නොමැති නිසයි. ඒ වගේම, මේ කියන දෙයින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අඹමල් රේණුවක හරි සේවයක් වෙයි කියා හිතන නිසායි.

2. ඔබතුමාට සම්බන්ධ වෙන දෙවිවරු ඇත්තටම කවුද? කෙහොමද එය සිද්ධ වෙන්නේ?
එය, ඉස්සර මෙන්ම නැවතත් සරලව පැහැඳිළි කිරීමට අසීරු කාරණයක්. එහෙත්, පුතාට අවබෝධ කරගන්න පුළුවන් හැටියට තේරුම් කරන්නම්. හිත දියුණු කරන, හරියට භාවනා කරන කෙනෙක්ට දෙවිවරු සම්බන්ධ වෙනවාය කියන එක පුදුමයක් නෙමෙයි. ඒ අය බොහොම සියුම් ශරීර ඇති ජීව කොථඨාශයක්. සාමන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැත්තේ මනස ගොරහැඬි නිසයි. මට සම්බන්ධ වෙන්නේ සමන් දේව     මණ්ඩලයට අයත් සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු පිරිසක්. ඒ අයගෙන් තමයි මම මේ තොරතුරු ලබාගන්නේ. පුතාට පේනවනේ මෙතන කිසිම බඩු භාණ්ඩයක් නෑ. අවට ලෝකයත් සමඟ මගෙ කිසිම සම්බන්ධයකුත්     නැහැ.

3.ඔබතුමාට ඒ දෙවිවරු හරහා අළුතින් දැනගන්න ලැබුණු කරුණු සහ තොරතුරු මොනවද?
කලින් වතාවල කියපු දේවල්ම තමයි. මම කිව්වනෙ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 23 න් පස්සේ මනුස්ස ලෝකය පරිහාණිය දිශාවට යනවා කියලා. ඒක ඇත්ත කියලා පුතාටම තේරෙනවා ඇතිනේ. මට දැනගන්න ලැබුණු විදිහට මාර්තු-අප්‍රේල් වෙනකොට මේ විනාශය බොහෝ අයට දැනෙන විදිහටම ඇති වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙ මිනිස්සු අද වැඩ කරන්නේ ඛනිජ තෙල් මතනේ. තෙල් ලැබීම හිඟවීමත් සමඟ මුළු ලෝකයම අර්බුධයකට යයි. කලකෝලාහල  කැරළි ඇති වෙලා යුද්ධ ඇති වෙලා කෝටි ගණනින් මිනිස්සු මිය යාවි. මේ ලෝකයේ අකුසල් ශක්තිය වැඩිම ප්‍රදේශ තමයි ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග කලාපය. මේ ප්‍රෙද්ශ තුනම ගොඩාක් දුරට විනාශ වෙනවා කියලා තමයි මේ දෙවිවරු කියන්නේ. අවුරුදු තුන් හාරසියයක් ප්‍රාණ ඝාතය, කාම මිත්‍යාචාරය, සුරාව රජකරපු ද්ශ නේද මේ? මුළු ලෝකෙටම ලොකු ආහාර අහේනියක් ඒවි. කන්න බොන්න නැතිව හීතලට රස්නෙට ඔරොත්තු දෙන්නෙ නැතිව ලක්‍ෂ ගණනින් මිනිස්සු මිය යාවී.

4.න්‍යෂ්ඨික අවි පාවිච්චි කරන යුද්ධයක් ඒවිද?
මනුෂ්‍ය වර්ගය නිපදවපු භායානක ආයුධ හැම දෙයක්ම පාවිච්චි වේවි පුතා. මහා විනාශයක් තමයි පේන්නේ. ඇමෙරිකාව, යුරෝපය නොහිතන විදිහට දරුණු ආයුධ වෙනත් රටවල තියෙන වගක් තමයි දෙවිවරු පවසන්නේ.

5.අපේ රටට ඇතිවන බවපෑම ඔබතුමා හිතන්නේ කොයි වගේ වේවිද?
ලොකු රටවල් ගහමරා ගන්න කොට අපිටත් ගැලවිලා ඉන්න බෑ. ගහ මරාගන්න අපේ රටත් ඇදගන්න ලොකු උත්සාහයක් දරයි. බැරි වුනොත් පාලකයොන්ට විවිධ බලපෑම් කරයි. රටේ නායකයට ගොඩාක් තර්ජන අමාරුකම් ඒවි. ඒ අතරේ රට ඇතුලේ ඉන්න පාපකාරී පිරිස් ආයෙත් හැත්තෑ, අසූ ගණන්වල වුණා වගේ සිද්ධි ඇති කරන්න උතසාහ දරයි. බලයට කෑදර පිරිස් බලය අරගන්න විදේශ රටවල් එක්ක යටිකූට්ටු වැඩ කරන්න ගොඩාක් ඉඩ තියෙනවා. යුද්ධයක් ඇති නොවුනත් කැරලි කෝලාහල රටපුරා ඇති වෙන්න     පුළුවන්. කොහොම වෙතත් අවුරුදු 3 ක් විතර කාලයක් හොදක් කියල දෙයක් නම් පේන්නෙම නෑ පුතා.

6.එහෙම විනාශයක් වෙනව නම් දෙවිවරුන්ට බැරිද අපිව ඒ විනාශයෙන් ගලවගන්න උදව් කරන්න.
උදව් නේන්නම් පුතේ මේ කරන්නේ. වෙන්න තියෙන දේවල් වෙන්න ඉස්සරවෙලා කියන එක තරම් උදව්වක් තවත් තියෙනව ද? මේ ටික මම මුලින්ම කියල දැන් මාස 6 ක් විතර වෙනවනේ පුතේ. මට සම්බන්ධ වෙන දෙවිවරු කියන විදිහට නාථ දෙවියෝ මේ අනතුර දැකල අවුරුදු 6 ක විතර ඉදන් මනුස්ස ලෝකෙට සම්බන්ධ වෙනවා. අපේ රටේ තිබුණු කොටි යුද්දෙ හමාර කරන්න උන්වහන්සෙලා බොහොම මහන්සි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙයි කියලා බෙහෙත් හේත් නැති වෙයි කියලා අළුත් ගොවිතැනක්, වෙදකමක් මේ රටට හදුන්වලා දීලා තියෙනවලු. පුතේ මේ දෙවිවරු කියන්නේ වැඩිකල් යන්න කලින් අපට ඉන්ධන ලැබෙන එක අඩු වෙනවාය කියලා. මුළු රටම අර්බුදයට යයිලු. 

පිටරටින් එන තෙල් පොහොර නවතීලූ. මිනිස්සුන්ට ගොවිතැන් කරගන්න බැරි වෙයිලු. පිටරටින් බෙහෙත් හේත් එන එක නවතිලූ, ඉස්පිරිතාලවල වැඩ කටයුතු ඇණහිටීලූ. ඒක කල් ඇතිව දැකපු නිසා තමයි නාථ දෙවියෝ මේ පොළවට සම්බන්ධ වෙලා අපේ ගොවිතැනක්, වෙදකමක් කියල දීල තියෙන්නෙ. මුළු දිව්‍ය ලෝකෙම දණ්ඩ නමස්කාර කරන නාථ දෙවියන්ට අපේ රටේ ඇතැම් මිනිස්සු අපහාස කල බවකුත් මට මේ දෙවිවරු පවසලා තියෙනවා. මේ රට ගැන සම්බුද්ධ ශාසනය ගැන තියෙන කැක්කුම නිසා උන්වහන්සේ පහලට බැහැලා මේ විනාසෙන් රට මුදවා ගන්න කටයුතු කරන කොට ඒ වැඩවලට අකුසල් පිරුණු ඇතැම් මිනිස්සු තදින් බාධා කරන බවත් ඔවුන් දන්නවා. 

එත් පුතේ, උන්වහන්සේ බෝධිසත්ව වරයෙක් නිසා අටලෝ දහම දරාගෙන ශාසනය රැකගන්න අපහාස උපහාස විද දරාගෙනම ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වෙසෙනවා. කෙසේ හෝ පුතේ මේ දෙවිවරු පවසන ආකාරයට නම්, වැඩිකල් යන්න කලින් මුළු රටටම තෙල් පොහොර නැති ගොවිතැනකට පිටරට බෙහෙත් නැති වෙදකමකට ඉබේම යන්න සිද්ධ වෙයි කියල නම් පැහැඳිළිව නැවතත් කියන්න පුළුවන්. ඕවා අපේ රටට ගෙන්වන කොම්පැණි ඒවයෙ මව් සමාගම් විනාශ වෙද්දි රට ඇරලා යයිලූ. කෘමිනාශක සමාගම් මේ රටෙන් තුරන් වෙන්න කියලා දෙවිවරු අධිෂ්ඨාන අරන් තියෙන්නේ ගිය වෙසක් පෝයට. උන්වහන්සේලාගේ අධිෂ්ඨානයක් කවදාවක් ඉෂ්ඨ නොවි තියෙන්නේ නැහැ. මේ කෘමිනාශක ගහල කෝටි සංඛ්‍යාත සත්තු සංඛ්‍යාවක් මරලා අන්තිමට ඒවා මිනිස්සුත් කාලා මහා විනාශයක්         අකුසලයක්නෙ කර ගන්නේ. අද ගොවියෝ කියන්නේ මහා පවුකාරයෝ පිරිසක් බවට පත්කරපු පිරිසක්     නේද?.

7.තව මොනවද අපේ රටට වෙන්න පුළුවන්?
මේ කියන ටික හොඳින් තේරුම් කර ගත්ත නම් ඉතිං ඉතිරි ටික අවබෝධ කරගන්න එක අමාරු නෑනේ. ඩීසල්, පෙට්‍රල් වැනි දේවල් වල මිල ගණන් මිනිස්සුන්ට මිලදී ගන්න බැරි විදිහටම ඉහළ යයි. පාරවල්වල බරකරත්ත ආයේ දකිනට ලැබෙයි. පොල්තෙල්වලට , කැකුණ තෙල් වලට පන්දම් වලට හොඳ කාලයක් එයි. විදුලිබලය, වායුසමීකරණ, ශීතකරණ නැතිව ජීවත් වෙන්න මිනිස්සුන්ට පුරුදු වෙන්න වෙයි. මුලින් මුලින් පෞද්ගලික බැංකු කඩා වැටෙයි. අවසානයේ දී ආණ්ඩුවේ ඒවත් බිඳ වැටෙයි. කොටින්ම නැවතත් මිනිස්සු ස්වභාවධර්මයට පුරුදු වේවී. ඒත් පව්කාර රටවල් විනාශම වෙලා යයි. කොහේ හිටියත් මිනිස්සුනේ. අපට ධර්ම සංවේගයක් තමයි ඇතිවෙන්නෙ.

8.තත්වය එහෙම නම් ඔබතුමා අපට දෙන අවවාදය මොකද්ද?
ඉස්සෙල්ල දෙවතාවෙදිත් කිව්ව වගේ පංචශිලයවත් රකින්න පුතේ. පන්සිල්වත් රකින්න කියල මේ මිනිස්සුන්ට කියන්න. දැන් කකුලුවා හැලියෙ ඉන්නෙ. ගින්නත් අවුළුවලා තියෙන්නේ. නැහෙනකන්ද බලාගෙන ඉන්නේ. මේ විනාසෙ රට කරවන ඇත්තන්ටත් ඉස්සරට තදින්ම දැනෙන්න පටන් ගනිවී. පාලකයෝ මුළු රටම ධර්මයට ගේන්න ඕනේ. ප්‍රාණ ඝාතය, සත්තු මරන එක නවත්වලා, සුරාව නවත්වලා මිනිස්සුන්ව පින් දහම් මාර්ගයට ගන්න ඕනේ. ප්‍රාණ ඝාතයෙන් තොර අපේ ගොවිතැනට රටේ ගොවියන්ව යොමුකරවන්න ඕනේ. නැත්නම් රටත් ශාසනයත් විනාසයි. මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නේ. ශාසනය රැකෙන්නෙ මේ පොළවෙ විතරයි. මේ අමාරුම කාලේ. ඒක තමයි බෝධිසත්වයන් වහන්සේ බිමට බැස්සේ. මෝඩ මිනිස්සුන්ට කියන්න උන්වහන්සෙට අපහාස කරන්න එපාය කියලා. හැම කෙනෙක්වම දැනුවත් කරන්න මේ මහා දුර්භාග්‍යසම්පන්න වසර දෙක තුන අපේ රටට ශක්තිය ලැබෙන්නය කියල අධිෂ්ඨාන කරන්