ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්‍රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත පණගන්වා ඔවුන් නැවතත් සිහි ගැන්වීමේ තාක්ශණයේ විශේෂඥයෙකු වන අතර එම විශ්වවිද්‍යාලයේ පිලිබඳව පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ශක වරයායි. එමෙන්ම ඔහු Human Consciousness Project’s AWARE study නැමැති පර්යේෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නායකයායි.
මෙම ව්‍යාපෘතිය මිනිස් විඤ්ඤාණය හා විඤ්ඤාණය හටගන්නේ කෙසේද, මරණින් පසු මිනිස් විඤ්ඤාණයට කුමක් සිදුවේද, එය විනාශවේද, නැතහොත් දිගින් දිගටම පවතීද යනාදී උභතෝකෝටිකයන් පිලිබඳව ඉතා විද්‍යාත්මකව පර්යේශණ පවත්වයි.
හදවත නැවතී, මොළය අක්‍රියවී පැය භාගයකටත් අධික කාළයක් ගතවුනු රෝගීන් පවා ආචාර්ය සෑම් පානිනෝගේ ශල්‍යාගාරයේදී නැවත ජීවිතය ලබා ඇති අතර ඔහුගේ හා ඔහු සහයක පර්යේෂකයින්ගේ පර්යේෂණ හා ලබාගත් ප්‍රථිපල මත මොළය මියයාම පිලිබඳව කලින් දැරූ මත වෙනස් කිරීමට සිදුවී තිබේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 10-15 ඉකමවූ තැන මොළය මියගොස් රෝගියා නැවත ප්‍රකෘති තත්වයට පත්කල නොහැකි බවට මෙතෙක්කල් වෛද්‍යවිද්‍යාව දැරූ මතය දැන් වෙනස් වෙමින් ඇති අතර ආචාර්ය සෑම් හා ඔහුගේ සහයකයින් මොළයට ඔක්සිජන් නැතිවී විනාඩි 40ක් ඉක්මව ගිය පුද්ගලයෙකුටද නොබෝදා නැවතත් ජීවිතය ලබාදීමට සමත්වී තිබේ. ජෝ ටිරලෝසී නම් වූ මෙම පුද්ගලයා විනාඩි 40ක් මොලයට ඔක්සිජන් නොමැතිව සිටියද නැවතත් සිහිය ලබා දැන් ප්‍රකෘති තත්වයට පත්ව සිටින්නේය.
මොළයට ඔක්සිජන් නොමැතිව යම් කලක් සිට ප්‍රකෘති තත්වයට පත්වන රෝගීන්ගෙන් යම් ප්‍රතිශතයක් සිහිසුන්ව සිටි කාළයේ තමා දුටුදේවල් ගැන පර්යේෂකයින්ට විස්තර පවසා තිබෙනවා. Human Consciousness Project’s AWARE study ව්‍යාපෘතිය, ආචාර්ය සෑම් පානිනෝගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ හා යුරෝපයේ රෝහල් විශාල සංඛයාවකදී මෙලෙස මොළය අක්‍රියව සිට නැවත ප්‍රකෘති තත්වයට පත්වූ රෝගී පිලිබඳව හා සිහිසුන්ව සිටි සමයේ ඔවුන්ගේ අත්දැකීම් පිලිබඳ දත්ත ඉතා විද්‍යාත්මකව එකතුකොට විශ්ලේෂණය කොට තිබෙනවා.
මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව මොළය අක්‍රිය පවතිද්දී මෙම පුද්ගලයින් යම්යම්දේ දකින්නේ කෙසේද, ඒවා මොළය අක්‍රිය පවතිද්දී මේ විඤ්ඤාණයන් කෙසේ ජනනය වූයේද, ඒවා කෙසේ ඔවුන්ගේ මතකයේ තැම්පත්වී නැවත සිහිගැන්වූ විට මතක්වන්නේ කෙසේද යන්න පිලිබඳව ගැඹුරින් හදාරමින් තිබෙනවා.
මොළය අක්‍රියවීමෙන් සිත මියයන්නේ නෑ...!
ආචාර්ය සෑම් ඇතුලු පර්යේෂකයින්ගේ කල්පිතය අනුව මොළයට ඔක්සිජන් නොමැතිව මොළය අක්‍රියවූ විගසම පුද්ගලයෙකුගේ සිත නැතිනම් විඤ්ඤාණය විනාශවී යන්නේ නෑ. එනම් මිනිස් සිතට, භෞතිකවූ මොළයට පරිබාහිරව පැවතීමේ මෙන්ම අත්දැකීම් ලැබීමේ හා සංජානනය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
ඔක්සිජන් ලැබී මොළය නැවත ක්‍රියාත්මකවූ විගස මෙම විඤ්ඤාණය නැවතත් මොළය හා බැඳී පුද්ගලයාට ස්වයං අවබෝධය (self-awareness) ලබාදෙන බව අනුමාන කෙරෙනවා..