This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, August 28, 2012

පොළොව යටින් මතුවන අලුත් ලෝකය......

දශක ගණනාවක්‌ තිස්‌සේ එනම් අහස්‌ යාත්‍රාවල නැගී පෘථිවි කක්‍ෂයෙන් එපිටට ගොස්‌ පෘථිවියේ ඡායාරූප ගැනීමට පටන් ගත් දා සිට මනුෂ්‍යයා පෘථිවිය නිර්වචනය කළේ තමා අහසේ සිට පෘථිවියට සාපේක්‍ෂවය. පෘථිවි ගෝලයේ ඡායාරූපවලට අනුව උත්තර ධ්‍රැවයේ අයිස්‌ තට්‌ටුව මත විශාල විවරයක්‌ දක්‌නට තිබේ. පසු කාලයේදී විද්‍යාඥයන් සිකුරු ග්‍රහයා මත ද මේ ආකාරයේ විවරයක්‌ ඇති බව සොයා ගත්හ. මේ විවර තුළ
කුමක්‌ තිබිය හැකිද යන්න ගැන එදා පටන් විද්‍යාඥයෝ ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.

රුසියානු භෞතික විද්‍යාඥයකු වූ ෆෙදෝරේ නෙඩෙලින් නව භෞතික විද්‍යාව ලෙස හඳුන්වන සංකල්පයක්‌ ඉදිරිපත් කරන්නේ මේ අතරය. එය නව භූගෝල විද්‍යාවකි. මේ නව භූගෝල විද්‍යාවට අනුව පෘථිවිය තුළ තවත් අවකාශයක්‌, ග්‍රහවස්‌තුන් සහ සූර්යයෙක්‌ තිබිය හැකිය. අපේ පෘථිවිය සහ සෞරග්‍රහ මණ්‌ඩලය තවත් විශාල ග්‍රහ වස්‌තුවක්‌ මධ්‍යයෙහි පිහිටි "කට්‌ටලයක්‌" (SET) වීමට ඉඩ ඇත. මෙය ඔප්පුකර නැති සංකල්පයකි. එසේම මෙය නොවන බව කීමට ද කිසිවකුටත් නොහැක.

www.thewatcherfile.com නමැති වෙබ් අඩවියක්‌ අන්තර්ජාලයේ තිබේ. මෙහි එන විස්‌තරයක කියෑවෙන පරිදි මෙයට වසර කෝටි ගණනකට පෙර අපේ පෘථිවිය විශ්වය පුරා රස්‌තියාදු ගසමින් සිටි ශීතල ගුලියකි. පසුව සූර්යයාගේ බලපෑමට සහ විශ්වයේ ඇති විවිධ ශක්‌ති ප්‍රභේදවලට ලක්‌ වූ මේ ශීතල ගුලිය ගිනියම් වී ලාවා තත්ත්වයට පත්ව යළි ක්‍රමයෙන් සිසිල් වන්නට පටන් ගත්තේය. එවිට පෘථිවියට ඝන පිට පොත්තක්‌ ලැබිණි. මේ අතර එම පිට පොත්ත තුළ බුබුළු දමමින් තිබු ද්‍රව්‍ය වායු බවට පත් විය. උණුසුම් වූ කල වායු ප්‍රසාරණය වෙයි. මෙසේ ප්‍රසාරණය වූ වායුවලින් කොටසක්‌ පෘථිවිය හිල් කරගෙන අහස බලා ගියේය.

උත්තර ධ්‍රැවයේ ඇති විශාල විවරය මෙසේ වායු පිටව ගිය තැනකි. රුසියන් විද්‍යාඥ නෙඩෙලින් කියන්නේ වායු පිටව යැම නිසා පෘථිවිය තුළ හටගත් විවරය තුළ තවත් කුඩා සූර්යයෙක්‌ පැවතිය හැකි බවය. මේ සූර්යයා ස්‌වකීය උණුසුම පෘථිවියේ විවරවලින් පිටකරන බව නෙඩලින්ගේ අදහසය. සූර්යයා යනු ජීවයේ සම්භවයට මුලය. ඒ අනුව අපගේ පෘථිවිය අභ්‍යන්තරයේ ඇති සූර්යයා මූලික කරගෙන ජීවය පැවතීමට ද ඉඩ ඇති බව විද්‍යාඥ නෙඩෙලින්ගේ අදහස ය.

නෙඩෙලින්ගේ මේ අදහස උත්තර ධ්‍රැවයේ කඳවුරු බැඳ සිටින ඇමරිකන් හමුදා නිලධාරියකු විසින් ද තහවුරු කරනු ලැබ ඇත. මේ පිළිබඳව රහස්‌ වාර්තාවක්‌ සාදන ලද බවත් එය පසුගිය දිනවල පුවත්පත් වාර්තාකරුවන් කිහිපදෙනකු අතට පත්වූ බවත් දැන ගන්නට ඇත.

1947 ඇමරිකන් නාවික හමුදාවේ වයිස්‌ අද්මිරාල් රිචඩ් බර්ඩ් උත්තර ධ්‍රැවයේ පර්යේෂණ චාරිකාවක නිරත විය. ධ්‍රැවය මතින් ගමන් කරද්දී එහි තිබූ කහ සහ දම් පැහැති තිත් පෙළක්‌ සහ විශාල විවරයක්‌ ඔහුට දැක ගත හැකි විය. එම තිත් පෙළ වඩාත් හොඳින් බලා ගැනීම සඳහා යානය පහත් කරන විට කඳුපෙළක්‌ වැනි යමක්‌ දිස්‌ විය. එහිදී ඔහු දුටුවේ මිරිඟු දර්ශනයක්‌ බඳු වනාන්තර ගංගා තණ බිම් යනාදියයි. පියාසර කරන යාත්‍රා සහ පළිඟුවලින් සාදන ලද ගොඩනැගිලි සමූහයක්‌ ද ඔහු දුටුවේය. තමා අලුත් මහාද්වීපයක්‌ සොයා ගත් කොලොම්බස්‌ කෙනෙකුට සමාන බව ඔහුට සිතිණි. යානයේ තිබූ උෂ්ණත්ව මාපකය සෙල්සියස්‌ අංශක + 24 ට නැග ස්‌ථාවර විය. උත්තර ධ්‍රැවයේ මෙතරම් විශාල උණුසුමක්‌ තිබිය නොහැක. ඒ අතර යානයේ ගුවන් විදුලි හුවමාරු පද්ධතියද නැවතිණි.

ගුවන් නියමුවා ආපසු ගෙදර ආවේ සිහිය විකල් කරගෙනය. ඔහුගේ බිරිඳ ඔහු අත තිබූ ගුවන් ගමන් වාර්තා පොත පිරික්‌සා බැලුවාය. එයින් කියෑවුණේ ගුවන් නියමුවා යානය බිමට පහත් කර පෙර කී විවරය තුළින් පහළට ගමන් කර පොළොව යට පිහිටි 'අලුත් ලෝකයක්‌' නරඹා ඇති බවය. එම ලෝකය කොතරම් සංවර්ධිතද යත් එම දියුණුව ලබා ගැනීමට ඇමරිකාවට වසර 1000 ක්‌ වත් ගත වනු ඇතැයි ඔහුට කල්පනා වී ඇත. මේ ලෝකයේ සංස්‌කෘතිය ඉතා සුන්දර වූ අතර ජනයා අධ්‍යාත්මික සුවය කෙරෙහි මහත් සේ ආසන්නව සිටින බව පෙනෙන්නට තිබිණි. ඔවුන් අතර සටන් හෝ ගැටුම් තිබුණේ නැත. ඔවුන් සිය ජීවිතය පවත්වා ගෙන යැම සඳහා හඳුනාගෙන තිබුණේ නව ශක්‌ති ප්‍රභවයන් ය. ඔවුන්ට කොහෙන් හෝ ඇති තරම් ආහාර ලැබෙන බව ගුවන් නියමුවාට වැටහිණි. ඔවුන් සතුව අහස්‌ යානා ද තිබිණි. ඔවුන් පෘථිවිවාසීන් සමග සම්බන්ධකම් පවත්වන්නට උත්සාහ කරන ලද නමුත් එම උත්සාහයන් අසාර්ථක වූ බවත් ඇතැම් විටෙක පෘථිවිවාසීන් ඔවුන්ගේ ගුවන් යානාවලට පහර දී විනාශ කළ බවත් වයිස්‌ අද්මිරාල් රිචඩ් බර්ඩ්ට ඔවුහු කීවෝය. අවසානයේදී පෘථිවි ශිෂ්ඨාචාරය විනාශ වන කාලය එළඹුන විට ඔවුන්ට උදව් කිරීමට මේ සැඟවුණ ශිෂ්ඨාචාරයේ ජනයා තීන්දු කරගෙන තිබිණි. අවසානයේදී ගුවන් යානයෙන් පොළොව මතුපිටට ආ ඔහු සැතපුම් 2750 ක්‌ උඩට ගමන් කර ඇති බව යානයේ තිබූ මීටරවලින් සොයා ගත්තේය. පසුව මේ සිද්ධිය වාර්තා කළ කල්හී පෘථිවියේ සිටි යුද ප්‍රධානීහු මේ ගැන වචනයක්‌වත් පිටතට නොදෙන බවට වයිස්‌ අද්මිරාල් පොළඹවාගෙන ඔහුගේ ජීවිතය ඉතිරි කාලය තුළ ඔහුගේ කටයුතු කෙරෙහි මහත් විමසිල්ලෙන් පසුවූහ.

පෘථිවිය තුළ ඇති යෝධ කුහරවල වෙනස්‌ කුඩා ලෝක සහ ශිෂ්ඨාචාර තිබිය හැකි බවට ඇතැම් විද්වතු=න් ප්‍රකාශ කරන මතයට විරුද්ධ කණ්‌ඩායමක්‌ ද සිටිති. ඔවුන් කියන්නේ මිනිසුන්ට සිහින දැකීමේ අයිතිවාසිකම ඇති බවය. ඒ සිහිනවල ගැලී පොළොව තුළ මිනිසුන් ජීවත්වන බව සිතීම ද එම අයිතියේ කොටසක්‌ බව ය ඔවුන් පෙන්වා දෙන්නේ.

Thursday, August 23, 2012

රාවණා යනු කවරෙක්ද?















































ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට වසර දෙදහස් පන්සියයකටත් වැඩි දුරාතීත කාලයකදී අප රට පාලනය කළ යක්ෂ ගෝත්‍රික රජු වූයේ රාවණාය. එම අවධිය තෙත්‍රා යුගය ලෙසින් හැඳින්වුණු අතර කාලය වසර දොළොස් ලක්ෂ අනූහය දහසක් පමණ වේ.

රාවණා රජුට පෙර මෙරට පාලනය කළේ රාවණා රජුගේම වැඩිමහල් සහෝදරයා වූ කුවේරය. කුවේර මෙරට පාලනය කළ අවධියේ සිට විජය රජතුමාගේ පාලනය තෙක් තොරතුරු සියල්ල අලිඛිතය. එම වකවානුවේ තොරතුරු අපට දැනගත හැක්කේ පුරාවෘත්ත, ජනප්‍රවාද ආදී ජන සාහිත්‍යය ඇසුරිනි.

කුවේර, රාවණා සහ විභීෂණ නමැති සහෝදරයන් තිදෙනා විශ්‍රාවස්ගේ පළමු වන භාර්යාවගේ දරුවෝ ය. පියාගේ ඇවෑමෙන් මෙම දරුවන් තිදෙනාට අත්වන්නට තිබූ යසශ්වෛර්යය ප්‍රමාණ කළ නොහැකි විය. විශ්‍රාවස්ගේ දෙවන භාර්යාව ද කෛකසී මෙම හේතුවෙන් කුවේර, රාවණා සහ විභීෂණ කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් වෙළුණාය.

කෛකසීට අවශ්‍ය වූයේ එම යසස්වෛර්යය සිය කුසින් බිහිවූ දරුවන්ට උරුම කර දෙන්නටය. මේ ගැන සිතා උපායක් කල්පනා කළ කෛකසී ඔවුන් කඨෝර වූ තපසට පිටත් කර යවා ඒ අතර රාජ්‍යය සිය දරුවන්ට උරුම කරවා දෙන්නට උපායක් යෙදුවාය. එම උපායට විශ්‍රාවස් රැවටුණේය.

රාවණාට උපතින්ම හිස් දහයක්, නෙත් විස්සක් සහ අත් විස්සක් ද විය. එබැවින් රාවණා ‘දශානන’ යයි ද ‘දසිස්’ යයි ද නම් ලැබුවේය. එහෙත් විද්වතුන් පවසන්නේ රාවණාට හිස් දහයක් තිබූ කතාව නොවේ. ශක්තිවන්ත පුද්ගලයන් දස දෙනෙකුගේ හෙවත් උසස් වර්ගයේ හස්තියෙකුට ඇති ශක්තියට සමාන ශක්තියක් තිබූ බවය.

උග්‍ර තවුස් දම් රැකීමේ හේතුවෙන් මහා බ්‍රහ්මයා කුවේර, රාවණා සහ විභීෂණ කෙරෙහි තදින්ම පැහැදුණේය. ඒ හේතුවෙන්ම කැමැති වරයක් ඉල්වන්නැයි රාවණාට දැනුම් දුන්නේය.

එවිට රාවණා ඉල්ලා සිටියේ අමරණීයව විසීමට හෙවත් කිසි කලෙකත් නොමැරී ජීවත්ව සිටීමට හැකි වරයකි. මහා බ්‍රහ්මයා ඊට එකඟ නොවීය. එවිට රාවණා මිනිසුන්, වානරයන් ආදී සාමාන්‍ය අයගෙන් නොව දේව, අසුර ආදී මහා බලසම්පන්නයන් අතින් නොමැරී සිටීමටත් පරාජය නොලබන්නටත් වරයක් ඉල්ලුවේය. එය ‘අජෙය’ වරයකි. ඊට මහා බ්‍රහ්මයා එකඟ විය.

මේ වන විට ලංකාව පාලනය කළේ කුවේරය. වහාම ලංකාවට ගිය රාවණා කුවේරයා සිංහාසනයෙන් නෙරපා දමා ලංකා රාජ්‍යයත් කුවේර සතු පුෂ්පක රථයත් (දඬුමොනර යන්ත්‍රය) පැහැරගෙන ලංකාධිපති බවට පත්විය.

මය නමැති යක්ෂ ගෝත්‍රිකයාගේ දියණිය වූ මන්දෝදරී කුමරිය සරණපාවා ගත් රාවණාට මේඝනාද, අක්ෂය යනාදී වශයෙන් පුතුන් රැසක්ම සිටි බව කියනු ලැබේ.

දිග් විජය හෙවත් රාජ්‍යයන් සමඟ යුද්ධ කොට එම රටවල් අල්ලා ගැනීමේ යෙදුණු රාවණා මිහිපිට වූ සියලු රාජ්‍ය අත්පත් කර ගත්තේය. මුළු පොළෝතලයම පාලනය කළ රාවණා සක්විති රජෙකි.

මිහිතලය ජය ගැනීමෙන් නොනැවතුණු රාවණාට දෙව්ලොව ද අල්ලා ගැනීමට සිත් විය. මෙම අරමුණ ඇතිව සිය පුත් මේඝනාද ද සමඟින් දෙව්ලොවට ගොස් යුදකොට දෙව්ලොව දෙවියන් පරදා දෙවියන්ගේ රජ වූ ඉන්ද්‍රයා ද සිරභාරයට ගන්නට රාවණාට හැකි විය. රාවණාට ‘ඉන්ද්‍රජිත්’ යන නම්බුනාමය ලැබුණේ එබැවිනි.

මිනිස් ලොව, දෙව්ලොව ආදිය ද පාලනය කරන්නා වූ රාවණා බලයෙන් උදම්ව දුරාචාර ක්‍රියාවන්හි යෙදුණු බවත් සුර – අසුර කන්‍යාවන් බලෙන්ම කෙළෙසූ බවත් ‘රාමායනය’ පවසයි. එසේ වුවද, මිනිස් ලොව ද, දෙව් ලොව ද රාවණා දුටු රූපශ්‍රීයෙන් අගතැන්පත්ම කාන්තාව වූ සීතාදේවිය පැහැරගෙන ආ රාවණා ඇයට කිසිදු බලහත්කාරකමක් නොකිරීම හේතුවෙන් ඔහු ස්ත්‍රී දුරාචාර ක්‍රියාවන්හි යෙදුණේය යන රාමායන ප්‍රකාශය අසත්‍යයක් ද විය හැකිය. ඒ හේතුවෙන්ම රාවණා පරමාදර්ශී රජෙකු ද වන්නේය. රාම ඉදිරියේ අග්නි පූජාවට බඳුන් වීමෙන් සීතා සිය පතිවෘත්තා බලමහිමය ද විදහා පෑවාය.

ලංකාධිපති වූ කුවේර බලයෙන් පහකොට රාවණා ලංකා රාජ්‍යය සිය අණසක යටතට ගත්තේ කුවේර අධික සැප සම්පත් විඳිමින් බලය අයුතු ලෙස පරිහරණය කරද්දී ජනතාව අන්ත දුගී දුප්පත් භාවයට පත්වීමේ හේතුවෙනැයි කියනු ලැබේ. රාවණා ලංකා රාජ්‍යය සත් රුවනින් පිරවූ බව කියනු ලැබේ. රාවණා වෛද්‍ය ශාස්ත්‍රයෙහි ද කෙළ පැමිණියෙකි. ලංකාව පුරා ඔහුගේ ඔසු උයන් පැවති අතර රිටිගල, ලග්ගල, හග්ගල, රූමස්සල, දොළුකන්ද යනු ඉන් කීපයක් පමණි. මේවා දුර්ලභ ගණයේ ඖෂධ වර්ගවලින් පිරී පවතී.

රාවණා වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණයා සේම වටිනා වෛද්‍ය ග්‍රන්ථ රැසකම කර්තෘවරයා ද වෙයි. නාඩි පරීක්ෂා, අර්ක ප්‍රකාශ, රස රත්නාකරය, උඩ්ඩිස චිකිත්සා, කුමාරි තන්ත්‍රය, ඔඩ්ඩිස චිකිත්සා, වටිකා ප්‍රකරණය යනු ඔහු ලියූ වෛද්‍ය ග්‍රන්ථයන්ගෙන් සමහරකි.

සිය දේවිය වූ මන්දෝදරීගේ දොළදුක් සංසිඳවනු පිණිස ද රාවණා වටිනා වෙද පොතක් ලීවේය. බාල දරුවන්ගේ වෙද පොත නම් වූ එය ‘කුමාර හෘත් චිකිත්සාව‘ නම් වෙයි. එම හේතුවෙන් රාවණා පිරිපුන් මානව දයාවෙන් යුත් පුද්ගලයෙක් ද වෙයි. විවිධ යාග-හෝම සඳහා ගැනීමට දඹදිව බමුණන් බැඳගෙන සිටි සතුන් මුදාහළ රාවණා උපරිම සත්වකරුණාවෙන් යුත් අයෙක් ද විය. රාම-රාවණා යුද්ධය අතරතුර තුවාල වී යුදබිම ඇදවැටුණු රාම – ලක්ෂමණ දෙදෙනාට රාවණා සියතින්ම බෙහෙත් බැන්දේය. ඔහු සංගීත ශාස්ත්‍රයෙහිද කෙළ පැමිණියෙකි.

දඹදිව අයෝධ්‍යා පුරයේ රාමගේ රූමත් බිරිය සීතා දේවිය බලහත්කාරයෙන් පැහැර ගැනීම හේතුවෙන් රාවණා දුෂ්ට රජෙකැයි ප්‍රකට විය. රාවණා සීතා පැහැර ගත්තේ ඇයගේ රූපශ්‍රීයට වශීවීම නිසා යයි රාමායනය පැවසුවත් සිය නැඟනිය වූ සුර්පනකාට රාමගෙන් සිදු වූ අතවරයක් හේතුවෙන් ඔහුගෙන් පළිගැනීම් වස් ය ඇය පැහැර ගත්තේ.

සුර්පනකා නිතරම මෙන් දඹදිව අයෝධ්‍යාව ආසන්නයේ ගැවසුණාය. ඇය දුටු රාම තුළ ඇය කෙරෙහි පිළිබඳ සිතක් පහළ විය. එහෙත් සුර්පනකාට රාම හා එක්වීමට බාධකය වූයේ සීතාය. සීතා මරා දමන්නට සුර්පනකා උපායක් යෙදුවාය. ඒ දුටු ලක්ෂමණ සිය හීයෙන් සුර්පනකාට විද්දේය. හී පහරින් සුර්පනකාගේ නාසය ද කනක් ද කැපී ගියේය. වැගිරෙන ලේ සහිතව සුර්පනකා මෙම අවනඩුව සිය සොහොයුරාට කීවාය.

මෙයින් කෝපත් වූ රාවණා අයෝධ්‍යාවට ගියේ සීතා පැහැරගෙන එන්නට නොවේ. රාමගෙන් පළිගන්නටය. එහෙත් රාම එහි නොසිටීම හේතුවෙන් රාවණා සීතා පැහැරගෙන ආවේය.

පරමාදර්ශී රජෙකු වූ රාවණාගේ ජීවිතයේ අවසාන වචන කීපය ඔහුගේ දුරදක්නා නුවණ මොනවට ප්‍රකට කරයි. රාමගේ හී පහර වැදී රාවණා යුද බිම ඇද වැටුණේය. එවිට රාම සහ ලක්ෂමණ දෙදෙනාම රාවණා ආසන්නයට ගියහ. ඔවුන් දෙස බැලූ රාවණා මෙසේ ප්‍රකාශ කළේය.


කුමාරවරුනි!
යම් කාර්යයක් උතුම් යයි වැටහේද,
එය නොපමාව කළ යුතුය.
යම් කාර්යයක් අලසකමින් අතපසු වන්නේ ද,
එය අවසන් වන්නේ ද නොවෙයි.
එහෙත් අකැමැත්තක් ඇති වුවත්
අසුබ කාරණය නම් අතපසු කළ යුතුමය.
 

Sunday, August 19, 2012

ලොව හෙල්ලු අභිරහස් මරණයක්















මීට වසර 65කට පෙර, එනම් 1947 දී මුළු ලොවම මවිත වූ සිදුවීමක් රොස්වෙල් ප්‍රාන්තයේ සිදුවිය. අප කවුරුත් හොඳින් හඳුනන, හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වූ බවටත්, ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්තවලට ඉහළ අහසේ එම වස්තූන් එහා මෙහා ගමන් කළ බවටත් එම කාලයේ කටකතා ඇති වී තිබිණි. මිනිසුන්ගේ කුතුහලය දෙගුණ කරමින් 1947 ජූලි මස 8 වන දින රොස්වෙල් ප්‍රාන්තයට පීරිසියක හැඩය ඇති අපූර්ව වස්තුවක් කඩාවැටී තිබිණි.

මෙම අනතුර නිසා රොස්වෙල් ප්‍රාන්තය නොව මුළු ඇමෙරිකාවම විස්මයෙන් ඇළලී ගිය අතර පසුදින පුවත්පත් මගින් මෙම ගින්නට පිදුරු මිටි පිටින් දමා තිබුණි. රොස්වෙල් ඩේලි රෙකෝඩ්ස් පුවත්පත මෙම සිදුවීම වාර්තා කර තිබුණේ “රොස්වෙල් හමුදා ක්ෂේත්‍ර බළකාය පියාඹන පීරිසියක් අල්ලා ගෙන තිබේ” යනුවෙනි. ඒ ජූලි 8 සවස පළවූ පුවත්පතෙහිය. ජූලි 9 වන දින පළවූ පුවත්පතට එම බළකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් රෝජර් රෑම් පවසා තිබුණේ අපූරු කතාවකි“රොස්වෙල් පියාඹන පීරිසි කතාව ගොතන ලද කතාවක්” ලෙස එහි පළ කර තිබුණි.

ඉන් වසර 65 කට පසු 2012 දී, හිටපු CIA විශේෂ නියෝජිතයෙකු විසින් රොස්වෙල් සිදුවීමේ අබිිරහස එළිකිරීමට පටන්ගෙන තිබේ. ඔහු පවසන ආකාරයට රොස්වෙල් ප්‍රාන්තය ඉහළ අහසේ එහාමෙහා ගොස් තිබුණේ UFO නොහොත් හඳුනා නොගත් පියාසර වස්තුවකි. නැතහොත් පියාඹන පීරිසියකි. නමුත් ඇමෙරිකානු රජය විසින්, එය කාලගුණ බැලුනයක් ලෙස ප්‍රසිද්ධ කරන ලෙස අණ කර තිබිණි. මෙම සිදුවීම් අතර පියාඹන පීරිසියක් රොස්වෙල් වෙත කඩා වැටීමත්, ඒ සමගම එම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමත් වැනි හේතු ජනතාවගේ කුකුස වැඩිකර ඇත. එමෙන්ම නියම සිදුවීම හෙළි නොකිරීම නිසා රටවල් අතර සීතල යුද්ධයක් හට ගැනීමට අර ඇදීමක් ද තිබූ බව ඔහු පවසයි. යානය කඩා වැටි ප්‍රදේශය, (AREA 51)“ 51 ප්‍රදේශය” ලෙස නම් කර, පර්යේෂණාගාරයක් ස්ථාපනය කර යානයේ සුන්බුන් පරීක්ෂාවට ලක්කර තිබේ. 

යානය සාදා තිබූ අමුද්‍රව්‍ය පවා පෘථිවියෙන් සොයාගත හැකි නොවූ ද්‍රව්‍යයක් වූ අතර අද දක්වා එය අබිරහසක්ව පවතී. යානය තුළ තිබි හමු වූ වටිනාම වස්තූන් ලෙස ඔහු පවසන්නේ, අසාමාන්‍ය පෙනුමක් සහිත ජීවීන් දෙදෙනාය. එක් ජීවියකු මාරාන්තික තුවාල සහිතව සිටි බවත්, පසුව මියගිය බවත්, අනතුරින් මියගිය තවත් ජීවියෙකු එහි සිටි බවත් ඔවුන් දෙදෙනා ඉතා රහසිගත ලෙස පර්යේෂණ සඳහා භාවිත කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. ජීවීන් දෙදෙනා මියගිය පසු, විශාල පෙට්ටිවල අසුරන ලද මෘත ශරීර පිළිබඳව ඉන් පසුව කිසිම දිනක දැනගන්නට ලැබි නැත. 

එම කාලයේ පළවූ පුවත්පත් වාර්තාවලින් ගැලවීගත නොහැකි වූ ඇමෙරිකානු රජය 1997 දී පමණ The Roswell Report නමින් විශේෂ වාර්තාවක් නිකුත් කර තිබිණි. එම වාර්තාව සාමාන්‍ය ගුවන් අනතුරක් පිළිබඳ වාර්තාවක් පමණක් වූ අතර එය ඔවුන්ගේ ප්‍රයෝගයක් පමණක්ම බවට පුවත්පත්වලින් තව තවත් චෝදනා එල්ල වන්නට විය.

තත්ත්වය මෙසේ තිබියදී, මියගිය අසාමාන්‍ය ජීවීන් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීමත්, ඔවුන්ගේ මෘත ශරීරවලට කුමක් සිදුවීද යන්න සෙවීමත් තමා වෙත පවරාගත් පුවත්පත්, ඇමෙරිකා රජයට මහත් හිසරදයක්ව පැවැතිණි. CIA නියෝජිතයාගේ අදහසට අනුව නම් ඉහත කී මෘත ශරීර රැගෙන යාමට පසුකාලීනව පිටසක්වල යානා පැමිණ තිබේ. 51 ප්‍රදේශයේ සිටි ඇමෙරිකානු ගුවන් හමුදා සෙබළුන් සමග මිතුරු වූ පිටසක්වලුන් ඔවුන්ගේ මියගිය සගයන් වෙනුවට, සිය තාක්ෂණයෙන් බිඳක් පෘථිවි වැසියන්ට ලබාදීමට කැමැත්ත පළකර තිබේ.මියගිය ජීවීන් සහ පිටසක්වල තාක්ෂණයෙන් අංශු මාත්‍රයක් එකිනෙකා අතර හුවමාරු වූ පසු යන්නට ගිය පිටසක්වලුන් ඊට වසර පහකට පමණ පසුද 51 ප්‍රදේශයට ඉහළ අහසේ සැරිසැරූ බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ.

20 වන සියවස මැද භාගයේ ඇමෙරිකානුවන් ළඟ තිබූ තාක්ෂණයෙන් F22, B2 වැනි ප්‍රහාරක යානා කිසිසේත්ම බිහිවිය නොහැකිය. රොස්වෙල් සිදුවීමෙන් වසර 3ක් යන්නට මත්තෙන් ඇමෙරිකාවෙන් බිහිවූ ඉහත කී යානා, නිර්මාණය කරන ලද්දේ එදා පිටසක්වලුන්ගෙන් ලබාගත් අංශු මාත්‍රයක් වූ 
තාක්ෂණයෙන් බව ඔහු එකහෙලාම ප්‍රකාශ කරයි. එසේ නොවන්නට එවැනි යානා බිහිවිය හැකිව තිබුණේ 2050 වසරේ පමණ බව ඔහුගේ අදහසයි.

මෙම සිදුවීම පිළිබඳව සාක්ෂි එක් කරන ජනමාධ්‍ය යෝධ පියවරක් ඉදිරියට තබමින් 1995 දී වාර්තාගත වීඩියෝ පටයක් මාධ්‍යයට ඉදිරිපත් කළහ. එහි සටහන්ව තිබුණේ කුඩා පර්යේෂණගාරයක් තුළ කාය ව්‍යවච්ජේදනයකට මුහුණ දී සිටින අසාමාන්‍ය ජීවීන් දෙදෙනෙකි. ජේ. ස්ටැන්ලි සහ ජැක් බානට් නම් මාධ්‍යවේදීන් දෙදෙනාගේ කැමරාවේ සටහන්ව තිබූ එම වීඩියෝ දර්ශන නිසා ඇමෙරිකානු රජයට සිය අබිරහස එළි වී ඇති බව දැනුනත්, ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ එම වීඩියෝ දර්ශන කුඩා දරුවන්ගේ මපට් දර්ශන පෙළක් බවයි. ඉන් නොනැවතුණ මාධ්‍යය, වීඩියෝ දර්ශන වඩාත් පැහැදිලි ලෙස ළං කර (Zoom in) බැලීමෙන් පසු, අනන්‍යතාව තහවුරු කළ හැකි කරුණු 2ක් සොයාගැනීමට සමත් විය. ඉන් පළමුවැන්න වූයේ එම රසායනාගාරයේ, පර්යේණය සිදුකළ වෛද්‍ය විශේඥයන් කීපදෙනාගෙන් එක් අයකුගේ වෛද්‍ය කබායේ තිබූ අනන්‍යතා අංකයයි. එම අංකය සහිත වෛද්‍යවරයා සොයාගැනීමට ජනමාධ්‍ය විසින් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණ ද ඔවුන්ට එම වෛද්‍යවරයා හමු වී නැත. අනිත් කාරණය වූයේ පර්යේණාගාරයේ බිත්තියක එල්ලා තිබූ දින දර්ශනයකි. වැදගත් කාරණා සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් රොස්වෙල් සිදුවීම් අබිරහස එළිකරගැනීමට උත්සාහ දැරූ ජනමාධ්‍යයට අවසානයේ සිදුවූයේ ඇමෙරිකානු රජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමටය.

මේ ආකාරයට රොස්වෙල් පිළිබඳ එක් එක් කරුණ බැගින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන හිටපු CIA විශේෂ නියෝජිතයා මේ වනවිට 89 හැවිරිදිය. ඔහු තම ප්‍රකාශයන් අතරතුර පවසන්නේ මෙම සිදුවීම් මාලාව එක් කනකින් අසා අනිත් කනෙන් පිටකර දැමීම ඉතාම යෝග්‍ය බවයි. “ඇමෙරිකන් රජය දැන්වත් සත්‍ය හෙළිකළ යුතුයි” ඔහු තවදුරටත් පවසයි. “එහෙම නැත්නම් ඔවුන් කියාවි, මේ කතාව අවුරුදු 89ක මහල්ලෙකුගේ උමතු කතාවක් විතරයි කියලා. අවුරුදු 89ක් වුණු මට සිද්ධ වුණේ මගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බැරි වුණු එක. කවදාහරි රජයටත් එසේම වෙයි. එදාට මේ අබිරහස හරි අපූරුවට විසඳෙයි” ඔහු සුසුම් අතරින් පවසයි.

Wednesday, August 15, 2012

වසර 22ක්‌ වැටුප් නොගෙන සේවය කරන උතුම් ගුරු මවක්‌....................... !

ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටේත් නිරන්තරවම විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විවිධ ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂණ කරති. වැඩ වරති. අකුරට වැඩ කරති. පොදු දේපළ වලට අලාභ හානි කරන අවස්‌ථාද වෙති. පොදු ජනයාට ඉන් විවිධ නොසිතූ කරදර වලට මුහුණ පෑමටද සිදු වෙති.

එහෙත් පුරා වසර 22 කිසිම වේතනයක්‌ නොලබා ආත්මතෘප්තිය පිණිසම පැය අටකට වැඩි කාලයක්‌ පාසල් දරුවන් වෙනුවෙන් සේවය කරන මවක්‌ සිටියි. ඇයගේ නම නන්දාවතී සෙනෙවිරත්නය. වයස අවුරුදු 68 කි. බදුල්ල ඉඹුල්ගොඩ, උදයගම, අංක 49 නිවසේ වාසය කරන ඇය පස්‌දරු මවකි. එහෙත් දරුවන් සහ විවාහක ස්‌වාමි පුරුෂයා ඇය සමඟ වාසය කරන්නේ නැත. නිවෙස්‌වල වැඩකරමින් තම දරුවන් පස්‌ දෙනා පාසල් යවමින් උස්‌ මහත් කළ ඇය වියපත් කාලය සතුටින් ගත කිරීම පිණිස බදුල්ල සිරි සුමන මහා විද්‍යාලයේ දරුවනට සහ ගුරුවරුන්ට විවිධ අයුරින් උදව් කරමින් දවස ගෙවමින් සිටින්නීය. මාසිකව ලැබෙන සමෘද්ධි ආධාරය රුපියල් 350 සහ මහජන ආධාරය රුපියල් 200 මැයගේ සියලු වියදම් සඳහා යොදා ගන්නේ ඉතාමත් අරපරිස්‌සමින් අවශ්‍ය දැ මිලදී ගැනීමෙනි.

නොයෙකුත් මිල මුදල්වල අවශ්‍යතා ඇතත් ගත වූ වසර 22 කාලය තුළ සිරි සුමන මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් කාලය කැප කිරීමට දක්‌වන්නේ මහත් වූ කැමැත්තකි. විදුහල්පති එච්. ජී. ජයතිස්‌ස මහතා පවසන පරිදි මෙම කාලය තුළ පාසලට නොපැමිණ ඇත්තේ දින දෙකක්‌ පමණි.

ඇය සෑම දිනකම උදේ 7.00 වන විට පාසලට පැමිණෙයි. එතැන් සිට නාම ලේඛන පන්තිවලට ගෙන යයි. ගුරුවරුන්ගේ ලිපි, පණිවිඩ ගෙන යයි. ප්‍රාථමික අංශයේ දරුවන්ගේ අවශ්‍යතා මත වැසිකිළි කැසිකිළි වෙත ගෙන යන අතරම සෝදා පිරිසිදු කිරීම් ද කරයි. හදිසියේ අසනීප වන දරුවන් ඔවුන්ගේ නිවෙස්‌ කරා කැඳවා ගෙන යැමට කටයුතු කරයි. දවසේ වැඩි කාලයක්‌ ප්‍රාථමික අංශයේ කාලය ගත කිරීමට කටයුතු කරන ඇය අවශ්‍ය පරිදි පාසලේ දී පවරණ සෑම කටයුත්තක්‌ම ඉටු කරන්නේ සිනහව පිරුණු මුහුණක්‌ ඇතිවයි. ඇසූ පැනයට පිළිතුරු දෙමින් මම ඉන්නේ ආණ්‌ඩුවෙන් හදා දුන් උදාකළ ගමක නිවසක. ගමට විදුලිය සහ ජලනළ පහසුකම් ඇතත් මගේ නිවසට එම දේවල් නැහැ. වතුර අලකොළපීල්ලට ගිහින් ගෙනෙනවා. මොනවා නැති වුණත් දරුවන්ට උදව් කරන්න මම කැමැතියි. පාසලේ දරුවෝ වාගේම විදුහල්පතිතුමා සහ ගුරුවරු ගුරුවරියෝ මට ආදරෙයි. දරුවෝ ගුරුවරුන්ට වාගේම මටත් වැඳලා පාසල ඇරුනාම යන්නේ.

පාසලටත් දරුවන්ටත් දසක දෙකකට වැඩි කාලයක්‌ විශිෂ්ට සේවයක්‌ කර ඇති බව පවසන වර්තමාන විදුහල්පති එච්. ජී. ජයතිස්‌ස මහතා ඇයගේ අගනා සේවය ඇගයීමට ලක්‌ කළ යුතු බව පැවැසුවේය. නිහඬ සමාජ මෙහෙවරක යෙදෙන නන්දාවතී සෙනෙවිරත්න මාතාවට නිරෝගී දීර්ඝායුෂ පතමු. 2012-08-11~බදුල්ල එච්. එම්. සමරකෝන් බණ්‌ඩාර~

සමනළ කන්දේ අභිරහස්

















සමනළ කන්දේ බලශක්ති ප්‍රභවය යොදා ගනිමින් ලොවටම විදුලිය සපය රට අප හෙළ බිමයි.

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් නිසා ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු Area 51 පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.

අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී. ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. පහත රූපය බලන්න.

ඔරායන් යනු හෙළ වදනකි. එනම්, ඔ=ඔහු, රා=රාවණ, යන්=යන්, ඒ අනුව ඔරායන් යනු "ඔහු රාවණයන්" යන්නයි. අද යුරෝපීයයන් එය දඩයක්කාරයා ලෙස හඳුණාගෙන සිටියත් ඔරායන් තාරකා රාශියේ සිටින්නේ ශ්‍රී රාවණයන් ය. බලන්න ඒ දඩයක්කාරයා තාරකා රාශියේ ඇති සිංහයා සහිත පළිහ, ඉන් පෙනෙන්නේ හෙළ ජාතිය පිටසක්වලයන් විසින් ආරක්ෂා (පළිහෙන් නිරූපනය කෙරෙන්නෙ ආරක්ෂාව) කරන බවයි. එනයින් අපගේ හෙළයින්ගේ අභිමානය පිටසක්වලයන් විසින් මුළු විශ්වයටම ශපථ කරයි.

අදින් වසර දසදහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිටි තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්‍රිකෝණයක අයුරින් පිහිටා තිබුණි. අද වනවිට ඇල්නිලම් ග්‍රහලොව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙකේ චුම්භක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුළ එකම ජීවී විශේෂයක ජනපද පිහිටි අතර එක්වරම ප්‍රබල පිටසක්වළ ආක්‍රමණයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක්‍රමණකාරී තත්ත්වයන් මත එම ග්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. ඇල්නිලම් ග්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියදෙමින් පවතින ග්‍රහලෝකයක් බවට පත්ව ඇත.
ඇල්නිලම් ග්‍රහලෝක වැසියෝ(බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග්‍රහලොව රැකගැනීම උදෙසා නව ක්‍රමවේද සෙවූහ. හෙළ රාවණ පරපුර බිහිවන්නේ එලෙසය. (මේක මගේ අදහසක් නෙමෙයි, 2012-03-18 රන්දිව පත්තරෙයි තියෙන්නෙ, මේ බ්ලොග් එක රිපෝට් කරන්න හදන රාවණවිරෝධීන්, ඊට කලින් දාපල්ල රන්දිවට නඩු) හෙළ රාවණ යනු ආභස්සර භ්‍රහ්මයක් බව රන්දිවට අනුව ඔප්පු වෙයි. පෘථිවිය යනු ජීවී ග්‍රහලොවක් වුවත් දියුණු ජීවී පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දැමීමට ඇල්නිලම් නම් පිටසක්වල ජීවීහු කටයුතු කලේ දැවැන්ත න්‍යෂ්ඨික පිපිරීමක් සිදු කිරීමෙනි. මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප්‍රදේශය අශ්‍රිතව වෙසෙන සත්ත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය.
මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ත්ව විශේෂයක ජාන මඟින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරන පෘථිවිවාසීහුය. ඇල්නිලම් පිටසක්වල ජීවිහූ තම පෘථිවි ශිෂ්ඨාචාර ගොඩනැගීමේ ක්‍රියාන්විතයේ මූලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළ දීපයයි. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එකළ භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍යය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.

අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරේ.

හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල ඇල්නිලම් ග්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ඨාචාර ගොඩනැඟුණු බව පෙර රාවණ ලිපි වලින් අප කතා කලෙමු. පෘථිවිය ජනාවාස වීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.


මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොරරහසේ පවත්වාගෙන යන පිටසක්වල ජීවින්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍යය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.

පිටසලක්වල ජීවින් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වුනු මුල් කාල වකවානු වල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනැඟීම්ට උත්සහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරී පිටසක්වල ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලුවය. ඒ සඳහා පරමාණු අවි භාවිතා කල හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායම් වල ඉලක්කය විය. එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්‍ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවී විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක් වීමත් සමඟය.

මිනිසා යනු කෘතීමව නිපදවූ ජීවියකු බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විද්‍යාවේ සාමාන්‍යය නියමයන්ට අනුව එකකට එකක් සම්බන්ධ වෙමින් ජීවින් තුළ පරිවර්තනය සිදු වුවත් මිනිස් පරිණාමය තුළ අවස්ථා දෙකක් අතුරුදන්ව පැවතීමය. එසේනම් යම් සත්ත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවීන් පිරිසක් විසින් වෙනස් කර පැවතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා 51 කණ්ඩායම් හා පිටසක්වල ජීවීන් සමඟ කළ සංවාද හරහා මෙතෙක් ගැටලුවක්ව පැවති බොහෝ තොරතුරු ටිකෙන් ටික එළිවන්නටද විය.

හෙළ අධිරාජ්‍යය මුල් කර ගනිමින් ලොව පුරා ජනපද හතක් ගොඩ නැංවීය. මෙම ගොඩ නැංවූ ජනපද වල පාලනය ගෙනයාම සිදුවූයේ ඇල්නිලම් ග්‍රහලෝකවාසීන්ගේ මුල්වීමෙනි. අප දෙවිවරු ලෙස පිළිගත්තේ ඔවුන්වය. ඔවුනට පහළින් තම රාජ්‍යය ව්‍යාප්තිය සහ ඇල්නිලම් ග්‍රහලොවේ ජීවත්වන පිටසක්වල ජීවින්ගෙන් දීර්ඝායුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්තව විශේෂය විය. මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන් තුළ ඇති ඇති කරන ලද වේගවත් ව්‍යාප්තියට අදාල හෝ(ර්)මෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොව පුරා මිනිසුන් ව්‍යාප්ත විය.

රාවණ පරපුරට අයත් ප්‍රබල බලගතු ආයුධයක් මෙන්ම රාජ්‍යය සංකේතය ලෙසින් සැලකූ දම් පැහැ ආලෝකයක් නිකුත් කරන කුඩා ප්‍රමාණයේ චන්ද්‍රහාස් ලෙසෙන් හැඳින්වෙන කඩුවද මෙම ප්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍යය සංකේත හතයි. පෘථිවිය ඇල්නිලම් ග්‍රහලොව යටතේ පාලනය වූ ග්‍රහලොවක් බැවින් මෙහි පාලන ඒකක ගෙන ගියේ එම ග්‍රහලොවේ නියෝජිතයින් මඟිනි. මායා, මිසර, පේරු ආදී ශිෂ්ඨාචාරවල මෙන්ම බොස්නියා ශිෂ්ඨාචාරවලින් හමුවූ පිරමීඩ වලද මෙම කඩුවල රූප සටහන් දැකගත හැකිවෙයි.
සෑම ශිෂ්ඨාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ 3ක් ගොඩ නැඟූහ. ගීසා පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩ වලින් ලොව ජනප්‍රියතම පිරමීඩ ත්‍රිත්වයයි. මෙම පිරමීඩ වල පිහිටීමත් ඔරායන් බඳපටියේ ග්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වේ. (තරු තුනේ ඡායාරූපයක් පිරමීඩ මත තැබූ විට පිරමීඩ වල මධ්‍යය ලක්‍ෂය මත පිහිටයි.) ගීසා පිරමීඩ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ඨාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මාණය කරන ලද බව මේ වනවිටත් තහවරු කරගෙන හමාරය. එය රාවණාගේ නිර්මාණයකි. ගීසා පිරමීඩ ලොව ජනප්‍රිය වූයේ එය පොළොව මතුපිට පැහැදිළිවම දැකගත හැකිවීම නිසාය. ඒ අනුව ගීසා පිරමීඩ තුන හැදීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ අපට බව දැන් මුළු ලෝකයම දනී.

නවතම සොයාගැනීම් හරහා ප්‍රධාන ශිෂ්ඨාචාර හත තුළම ඉදිකර ඇති පිරමීඩ පිළිබඳ රහස් එළිවෙමින් පවතී. මේ අතර ඉන්දියාව, බොස්නියාව ආදී රටවල පිරමීඩ පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම රටවල් අතරට ලංකාවත් එක් වෙතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ස්වාභාවික කඳු, පිරමීඩ බවට පත් කිරීම මුලින්ම ක්‍රියාවට නැඟුණේ හෙළ පොළොවෙනි. ලොව ප්‍රථම ස්වාභාවික පිරමීඩය සමණල ගිරයි. මේ තුළ ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුත් ස්වාභාවික පිරමීඩයක් පවතී. ඉන්පසු ක්‍රියාකාරී මට්ටමේ ඇති පිරමීඩ ත්‍රිත්වය ඇත්තේ බොස්නියාවේය. එහි හිරු, සඳු සහ පොළොව ලෙස නම්කළ ස්වාභාවික පිරමීඩ තුනක් පවතියි. එලෙසම පේරු රාජ්‍යය තුළ ස්වාභාවික වැලි පිරමීඩයක් දැකගත හැකි වෙයි. ඉන්පසු චීනයේ සුප්‍රසිද්ධ සුදු පිරමීඩයද ස්වාභාවික පිරමීඩයකි. ඉන්දියාවේ කෛලාෂකූඨයද ස්වාභාවික පිරමීඩයක් බව මේ වනවිට විද්‍යාඥයන් තහවරු කර අවසානය.
ගිසා පිරමීඩ, බොස්නියා පිරමීඩ මෙන්ම අප රටේ රාවණ යුගයටත් කලියෙන් ඔරායන් බඳ පටියේ ග්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශේෂිත පිරමීඩ තුනක් පැවතුණි. ඒ රුවන්වැලි සෑය, ජේතවනය හා මිරිසවැටියයි. එහෙත් මෙම දාගැබ් වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යැයි ඔබ කියනු ඇත. නමුත් එය එසේ නොවේ. මෙම ස්ථානවලම පසු කාලීනව විශාල දාගැබ් ඉදිවූවා මිසක හෝ නොමැති නම් පිරමීඩ සඟවා දැමුවා මිසක අලුතින් ඉදිවූයේ නැත. මෙම දාගැබ් හා ගීසා පිරමීඩ තවමත් ක්‍රියාකාරීත්වයෙන් පවතී.

පිරමීඩ යනු ශක්තිය ගබඩා කොට එම ශක්තිය තම මවු ලොවට ලබාදෙන මධ්‍යස්ථානයන්‍ය. මෙහිදී දාගැබ් හරහා එම ග්‍රහලෝක තුනට අවශ්‍යය ජලය ගමන් කිරීම සිදුවන අතර ගීසා පිරමීඩ හරහා එම ලොවට අවශ්‍යය අග්නි කදම්භ සම්ප්‍රේශනය වීම ස්වාභාවිකව සිදුවේ. මේ බව ඉපැරණි අ‍ටුවා වලත්, වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ කාවාශපාශාසකය නැමති පරිච්ඡේදයේත් දක්වා ඇත. නමුත් ඒවා බමුණන් විසින් ගිනි නොතබන්නට ඒවායේ තාක්ෂණය යොදා ගනිමින් අද අපට ශ්‍රී පාද කන්ද හරහා ලොවටම බලශක්තිය සැපයීමට හැකියාව තිබුණි. නමුත් රාවණ රජතුමා 2012 යළි පිබිදීමෙන් පසුව සමනළ කන්දේ බලශක්ති ප්‍රභවය යොදා ගනිමින් ලොවටම විදුලිය සපය රට අප හෙළ බිම වීමට නියමිතයි.

සමනළ ගිර මෙම පිරමීඩ වල මධ්‍යස්ථානය ලෙසින් ස්වාභාවිකවම ක්‍රියා කරයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත් වනුයේ මිනිසුන්ගේ චිත්ත ශක්තිය මත යැපෙමිනි. අපි පිංදීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනළ ගිර යනු අති බහුතර ලෙස චිත්ත ශක්තිය ආරෝපණය කර ගනිමින් ක්‍රියාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් ඇල්නිලම් නැතහොත් ආහස්වර වාසී දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය කිරීම උදෙසා චිත්ත ශක්තිය සපයන පිරමීඩයකි. මේ සියල්ල අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවේ.

ඒ ඔවුන් විශ්ව ජීවීන්ගෙන් සියලු රහස් දැනගෙන සිටින නිසාය. රාවණ පරපුර නැතහොත් පෘථිවිය ජනාවාස කළ මුල් පරපුර පිටසක්වල ජීවීන් වූවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ. සත්‍යය වශයෙන්ම මෙය අපට ආඩම්බරයකි.

හෙළයන් ලෙස අපට කළ නොහැක්කක්ද නොමැත්තේ එබැවිනි. “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බවත් යම් දිනෙක ලෝක නායකත්වය උසුළන්නේද හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය

Wednesday, August 8, 2012

ශ්‍රි ලංකාවේ පිරමීඩ. (ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික ආචාර්ය උපාධිධාරියෙක් හෙළි කරයි)

මෙහි පලවන සියලුම ලිපි මා (මෙය මාගේ නොව වෙනත් ලේඛකයෙකුගේය)ලියන්නේ විධිමත් පරීක්ශන නිරීක්ශන හා නිගමන තුලිනි. මෙ සියලුම නිරික්ශන වල ට අප යොදා ගන්නේ අප සතුව ඇති අනුරාධපුර කැනීම් වලින් හමුවූ පුරාන ප්‍රබල මයික්‍රො චිප් වලින් ලබාගත් දැනුම හා අවභෝදය තුලිනි. ඉතා රහසිගතව සිදුකල එම පර්යේශන මලාවේ එක් පර්යේශනයක සිංහල අදහස මෙලෙස දක්වමු.

පර්යේශන අංකය: --
අරමුන: පෘතුවියේ ඇති ශක්ති කලාප හඳුන ගැනීම.( Identifying of energy Vertices on the Planetary Grid)

අපි මුල ඉඳලම දැනගෙන උන්න, මේ චිප් වල අති විශාල data ප්‍රමානය්ක් ගබඩා වෙල තියනව කියල. ගොඩක් තාක්ශනික කරුනු අමතක කරල මේ පරික්ශනයෙන් අපි හොයගත්තෙ මොනවද කියල. අපි හොයගත්ත පෘතුවිය වටා ශක්ති ප්‍රභවයන් පිටකරන ප්‍රධාන ස්ථාන 23ක් තියනව කියල. මේ ස්තාන නිවැරදිව හඳුනා ගැනීම තමයි ඊලඟට තිබ්බ අමාරුම දේ.

අපි ස්ථාන 13ක් හොයගත්ත මුලින් ම. ඒ ඔක්කොම තිබ්බෙ ලොකයේ සියලුම ප්‍රධාන පිරමිඩ් ඇති ස්ථාන වල. එතකොට අපිට තෙරුනා පිරමිඩ් කියන්නෙ නිකම් ම නිකම් ගොඩනැගිලි නෙමෙ. එව ශක්තිය එකතු කරන විසුරුව හරින තැන්.


එත් තව 10 ක් හොයා ගන්න තිබ්බ. එක ගැන ගොඩක් පරීකශන කලාම අපිට තේරුනා ඒව බොහොමයක් පොලව මතුපිට තියන එව නෙමෙ කියල. අපි හොයගත්ත මුහුදුපතුලේ අතිශය සක්‍රිය ශක්ති කලප 10ක්, සුප්‍රසිඩ්ද බර්මියුඩා ත්‍රිකෝනය, ජපනය අසල ඇති යක්ශයාගේ ත්‍රිකොනය ලෙස හඳුන්වන ප්‍රදේශය ආදී ප්‍රදේශ 10ක්. මෙයින් ප්‍රදෙශ 2ක් තියෙන්නෙ ගොඩබිම. මෙම ප්‍රදේශ 10ම පෘතුවියේ බඳපටියක් ලෙස ශක්තිය මුදා හරිනව. මෙය සම කෝනි ත්‍රිකොඉන පද්ධතියකින් තමයි නිර්මානය වෙන්නෙ. මෙහි අරම්භක ත්‍රිකොනය තියෙන්නෙ ශ්‍රි ලංකාව සහ ශ්‍රිලංකාවට අයිති මිහුදු තීරය මුල් කොට ගනිමින්.


මුලු පෘතුවියේම ප්‍රධාන පිරමිඩ් ප්‍රදේශ 3ක් තියනව. මෙක්සිකෝවේ Aztec වරුන් විසින් කල යේ සැලකෙන පිරමිඩ, ඊජීප්තු පිරමිඩ සහ චීනයේ Xi'an පිරමිඩ. එම පිරමිඩ ප්‍රදේශ තුනම සරල රේඛීය ව පිහිටන්නෙ. ඒ වගේ ම හැම පිරමිඩ් ප්‍රදෙශයක් ම එක ලඟ රේඛීයව පිහිටන පිරමිඩ් 3කින් සමන්විතයි. මේ හැම එකකම දුර, එ කියන්නෙ ප්‍රධන පිරමිඩ් ප්‍රදේශ 3 අතර සහ, එක් එක් ප්‍රදෙශ වල ඇති පිරමිඩ් 3 අතර දුර ප්‍රමානය "ඔරායන් රාශියේ බඳ පටියේ ඇති තාරකා වල දුර අතර අනුපතයට සමානයි. ඒවගේම චීනයේ සහ ඊජිප්තුවේ පිරමිඩ් ප්‍රදෙශ හරියටම ශ්‍රි ලංකාවේ සමනල කන්ද එක්ක සමකෝනී ත්‍රිකෝනයක් හදනව.



දැන් තේරෙනව ඇති සමනල කන්ද තමයි මේ සියලුම ශක්තිය ලබාගන්නා ස්ථානය. එ වගේ ම අපි ඉතා වැදගත් සොයගැනීමක් කලා. ඒ තමයි මේ සියලුම තොරතුරු ශ්‍රි ලංකවේ ඉසුරුමුනියේ, රන්මසු උයනේ ඇති පහත දැක්වෙන කැටයමේ ඇති බව. 


මෙහි කතිර සලකුන යෙදු රවුම් 23ක් තියනව. එයින් සියලුම ශක්ති බල ප්‍රදේශ පෙන්නුම් කරනව. ඒවගේම එහි හරි මැද ඇති සර්පිලකර රූපයෙන් සමනල කන්ද නිරූපනය කරනව. ඇත්තටම මේ රූපයෙන් පෙන්නන්නෙ මුලු පෘතුවියම තනි ඒකක යක් ලෙස යොදගෙන තැනූ පරිපථයක්. මේ කැටයම ගැන හරියට අධ්‍යනය කරන්න ගොඩාක් කලයක් ගතවෙනව. මෙහි ඇති සියලුම දෙවල් අප විසින් හෙලිකරනව, නියමිත කාලය පැමිනිවිට.

මට තියෙන ඉතා සීමිත කාලයෙන් තම මේක type කලෙ, කිසියම් නැරදිමක් තිබුනොත් සහොදර පාඨක ඔබ සැමගෙන සමාව ඉල්ලනව. මෙපිලිබඳව තියන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ පොස්ට් එකෙ ගොඩක් තාක්ශනික කරුනු අන්තර්ගත නිස ටිකක් නීරස ඇති. එත් මේ මූලික කරුනු ටික දැන ගන්න වෙනව මෙතනින් එහට යන්න නම්.

රාවනා රජතුමාගේ "පිසිනතල" හමුවෙයි. පිස්තෝලය මුලින්ම සොයාගත්තේ හෙළයින්!

මීට දින කිහිපයකට පෙර නිල්ගල වනාන්තරය මධ්‍යයේදී කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් රාවනා රජතුමාට අයත් යැයි විශ්වාස කරන පිස්තෝල 2 ක් හමුවී තිබේ. එම කැණීම භාර පුරාවිද්‍යා නිලධාරි තුමා මාගේ මිත්‍රයෙක් බැවින් එය නැරඹීමට මා හටත් ඉතාමත් රහසිගතව අවස්ථාව සලසා දුණි. නමුත් ඔවුන්ගේ ආරක්ෂක සීමාවන් නිසා මා හට කැමරාවක් තියා ජංගම තෙලබනුවවත් ‍රැගෙන යාමට නොහැකි විය.

අදාල කැණීම කර ඇත්තේ පොළොව යටට මීටර 505 ක් ගැඹුරට වන්නට වන අතර  එහි තිබූ ගල් පෙට්ටගමක් මධ්‍යයේ පිස්තෝල 2 නිදන් කර තිබුණි. එම පිස්තෝල වැඩ කරන්නේ ඉතාමත් පැරණි හෙළ විද්‍යාත්මක ක්‍රමයට වන අතර රසදිය සහ වේද මැතිරීම් ඒ සඳහා යොදා ගනී.

සෑම හෙළ ගවේශකයෙක්නම් ග්‍රැ‍ෆික් නිර්මාණකරනය වඩාත් හොඳින් ඉගෙන ගෙන තිබිය යුතු බව ඔබ දන්නවා ඇති. ඒ අනුව මාත් ග්‍රැ‍ෆික් තාක්ෂණය යම් පමණකට හදාරා ඇත්තෙමි. ඉතින් මාගේ මතකයේ හැටියට එම පිස්තෝල වල පින්තූර නිර්මාණය කළ අතර ඒවා පහත දැක්වෙයි. 



එම පිස්තෝල වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බව ආරංචි විය. නමුත් හෙළ ඉතිහාසය හෙළයින්ගෙන් සැඟවීම අපගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ න්‍යාය පත්‍රයක් බවනම් අප හොඳාකාරවම දනිමු. මීට පෙරදී හමුවූ හෙළ ඇටසැකිල්ලට ඔවුන් කළේත් එලෙස එංගලන්තයට යැවීමයි.

කෙසේ නමුත් මාව මවිතයට පත් කරමින් රාවණා රජතුමාට තිබුණ ආකාරයේම පිස්තෝල යුරෝපීයයන්ද භාවිතා කර ඇති බව අන්තර්ජාලය පිරික්සීමේදී දක්නට ලැබුණි. සුද්දන් අප රට යටත් කරගෙන සිටියදී හෙළයින්ගෙන් පැහැරගෙන ගොස් තිබූ හෙළ පොස්කොළපොත් වල තිබූ තාක්ෂණය යොදා ගනිමින් එම පිස්තෝල නිර්මාණය කර ඇති බව විද්වත් මතයයි. 1505 දී සුද්දන් අප රටට ගොඩ බැසීමත් ඒ සමගම යුරෝපයේ පිස්‍තෝල නිෂ්පාදනය ආරම්භ වී 1544 වන විට ප්‍රංශයේත් පිස්තෝල ව්‍යාප්ත වීමත් අතර ඇති සම්බන්ධයෙන් ඔබට එය වඩාත් පැහැදිළි වේවි.

රාවණා රජතුමාට පිස්තෝල නොතිබූ බවට පාහර රාවණවිරෝධීන් පැවසීමට හැකි නිසා සියල්ලන්ගේම දැනගැනීම පිණිස කරුණු කාරණා පෙළගස්වමි. පහත කරුණු වලින් සමහර දේවල් අපගේ යාළුවක් වත්පොතේ ලියා තිබූ බවත් කිව යුතුයි.

1. පිස්තෝලය යන්නේ පද නිරුක්තිය වර්ගපූර්ණිකා‍ටුවාවට අනුව මෙලෙස විග්‍රහ වෙයි. පිස්=පිසින, ‍තෝලය=තලය. "පිසිනතලය" පසු කාලයේදී පිස්තෝලය බවට පත් විය. හෙළයින්ගේ පුස්කොළපොත් වලින් පිස්තෝලය නිපදවූ පර සුද්දන් ඒ සඳහා යොදාගත්තේත් හෙළයින් ඊට භාවිතා කළ නමට සමානවම යන පරිදි "පිස්ටෝල්" යන්නයි.

2. පිසිනතලය ලෙස එදා හෙළයින් එය හැඳින්වූයේ නිකම්ම නොවේ. පිසිනව යනු සුද්ද කරල දැමීමනේ. රාවනා රජතුමාගේ සතුරන්ව සුද්ද කරල දාන තලය. බලන්න ඉහත පිසිනතල පන්තියේ ආයුධ පෙනෙන්නේ පොරෝ "තලය"ක් මෙන් නොවේද?

3. රාවණ රජතුමාට ගුවන් යානා තිබූ බවත්, රාවණ රජතුමා වෙනත් ග්‍රහලෝක වල ජීවීන්ව පවා යටත් කරගත් බවත් ඔබ හොඳාකාරව දනී. ඉතින් ගුවන් යානයකට වඩා ඉතාමත් ප්‍රාථමික තත්ත්වයේ උපකරණයක් වන පිස්තෝලයක් රාවණ රජතුමාට නොතිබේවිද? රාවණා රජතුමාට පිස්තෝලයක් තිබූ බව කී විට හිනා වුන උදවිය, රාවණා රජතුමාට ගුවන් යානා තිබූ බව කී විට කොහොම හිනැහේවිද?

4. මුලදීම මා පැවසූ පුරාවිද්‍යාත්මක කැණීමට මූලික වූයේ නිල්ගල ක‍ටුකුරුට නැමති රහස්‍ය ගල් ගුහාවේ තිබූ සෙල් ලිපියක සඳහනකි. එය ඡායාරූප ගත කිරීමට හෝ සටහන් කර ගැනීමට මා හට අවසරය නොලැබුණත් එහි දැක්වුණ සංකේත මතකයේ තබා ගතිමි. ඒවා මෙසේය. 


5. එම සෙල් ලිපියෙන් දැක්වෙන්නේ "මත ස බ දහ රව රජ පසත ද න ක ශශප"යනුවෙනි. එහි අදහස වන්නේ "මෙතැන් සිට බඹ දහයක් ඈතින් ශ්‍රී රාවණ රජතුමාගේ පිසින තල දෙකක් නිදන් කර ඇත." එය බ්‍රාහ්මීය අක්ෂර වලින් තිබූ බැවින් රාවණා රජතුමාට පසු කාලයේදී නිදන් කර තිබූ බව සිතාගැනීමට පුළුවන. එසේම ශිලා ලිපියේ කාබන් පරීක්ෂාව අනුව එය ක්‍රි.පූ.3 වන සියවසට අයත් බව දක්නට ලැබේ.

6. රාවණ රජතුමාගේ පිසින තලය ගැන විස්තර වර්ගපූර්ණිකාවේ පිසතලශාස්ත්‍රය නැමැති ටීකාවේ දැක්වෙයි. එම පුස්කොළපොත් රවිශෛලාශ හෙවත් රාජකරුණා වංශයේ යකුන් අතර තවමත් රහසක් ලෙස තබා ගන්නා බැවින් වැඩිදුර හෙළි කිරීමට නොහැකිය.

ඉහත ප්‍රබල පුරාවිද්‍යාත්මක පර්යේෂණ සාක්ෂි වලට අමතරව තවත් කරුණු කීපයක් කිය යුතුය.

රාවණාවිරෝධීන්ගේ ප්‍රධානතම පුස්තකය වන මහාවංසයේ හෝ වෙනත් කිසිදු වංස කතා පොතක කොතනකවත් රාවනා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බවට සඳහනක් නොමැත. ඒ අනුව රාවණා රජතුමාට පිස්තෝලයක් තිබූ බව මහාවංසවාදීන්ට ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.

රාවනා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බවට කිසිදු සෙල් ලිපියක් නොමැත. ඒ අනුවත් රාවණා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.
  
සුද්දා ලේසර් හදන්න තාක්ෂණය ගත්තේ ශ්‍රී රාවණ රජතුමාගෙන් බව සියලුම රාවණ ගවේශකයින් දැන් ඒකමතිකව පිළිගනී. ෆේස්බුක් හි සුප්‍රසිද්ධ රාවණ ගවේශකයෙක් සහ පුලතිසි පරම්පරාවේ අවසාන පුරුක වශයෙන් සැලකෙන මෙතුමාගේ කතාවෙන් ඒ බව පැහැදිළි වෙයි.


එසේනම් ලේසර් වලට වඩා ඉතාමත් ප්‍රාථමික තාක්ෂණයක් වන පිස්තෝල තාක්ෂණය රාවණා රජතුමාට තිබුණා කියා දැන් මුළු ලොවම පිළිගනිද්දී ඊට හිනා වෙන රාවණා විරෝධීන් ඇතොත් උන්ව ගෝල් ෆේස් පිටියට දක්කාගෙන අවුත් මඩු වලිගෙන් තැලිය යුතුය. හෙළය දිනේවා!

Monday, August 6, 2012

බුදුන් වදාළ කර්මය මෝහනයෙන් තහවුරු වෙනවා

දිනක් මා හමුවීමට පැමිණි අයකු මට පැවසුවේ මෝහනයට ලක් වී තම පෙර භවය කුමක් ද යන්න දැනගැනීමට අවශ්‍ය බවය. එවිට මා පෙරළා ඇසුවේ පෙර භවය දැන ගැනීමට ඔබට අවශ්‍ය ඇයි ද යන්නයි.

තමා දැනටමත්, තමාගේ පෙර භවය ගැන දන්නා බවත් එය සත්‍ය දැයි මෝහනය මඟින් තහවුරු කර ගැනීමට අවශ්‍ය බවත් ඔහු කීය. ඔහු මීට පෙර මෝහනයට ලක්වී තිබුණේ නැත. එසේ නම් ඔහු පෙර භවය පිළිබඳව දැනගත්තේ කෙසේදැයි යන්න මට මහත් ගැටලුවක් විය.

මා ඒ ගැන ඔහුගෙන් දිගින් දිගට විමසු විට ඔහු මදක් පැකිළීමෙන් ඊට පිළිතුරු දුන්නේ තමා පිළිබඳව කිසිදු තොරතුරක් කිසිවෙකුටත් නොකීමට පොරොන්දු වන ලෙසය.

ඔහු බොහෝ කලක් භාවනානුයෝගීව සිටින කෙනෙකි. ගිහි ජීවිතයක් ගත කළ ද ඔහුගේ භාවනාව ඉතා දියුණුය. ඔහු පවසන අන්දමට ඔහුට භාවනා කරමින් සිටින විට තමාගේ පෙර භවය ද දර්ශනය වෙයි. එහෙත් එය නිවැරැදි ද යන්න ඔහුගේ ගැටලුව විය.

ඒ අනුව මම ඔහුව මෝහනයට ලක් කළෙමි. පෙර භවයේ තොරතුරු අසා දැන ගතිමි. මෝහනයේදී දැනගත් තොරතුරු ඔහු භාවනාවේදී ලද අත්දැකීම් සමඟ සංසන්ධනය කළ විට ලැබුණු ප්‍රතිඵලය පුදුම සහගත විය. දෙආකාරයෙන්ම ලබාගත් තොරතුරු සමාන විය. පරීක්ෂණය ඉතා සාර්ථක විය.

ඉන්පසු ඒ අපූරු පුද්ගලයා සමඟ මම තව දුරටත් කතා කළෙමි. ඔහු මනසින් ඉතාම නිරෝගී පුද්ගලයෙකි. ඔහුගේ ධර්මාවබෝධය පිළිබඳව ද සැකයක් නොවීය. පෙර භවය දැකීම හැරුණු විට වෙනත් අධි මානසික හැකියාවන් ද තමාට තිබෙන බව ඔහු පැවසීය.

ඔහුගේ කතාවෙන් බුදු දහමේ එන කරුණු කීපයක් තහවුරු වෙයි.

ඉන් මුල්ම කරුණ වන්නේ පුනර්භවයයි. මියයන පුද්ගලයන් නැවත ඉපදෙන බවත්, ඉපදී සිටින පුරුෂයන්ට පෙර භවයන් තිබු බවත් අද වන විට තහවුරු වී අවසානය. මෝහන විද්‍යාවේදී එය හඳුන්වන්නේ ප්‍රතිගමනය (PAST LIFE REGRESSION) ලෙසය. මෙය බටහිර රටවල ද අත්හදා බැලූවකි.

පෙර භවය තහවුරු වීමත් සමඟම එළිදරව් වන තවත් කරුණක් තිබේ. එනම් විවිධ පුද්ගලයන්ගේ ගති ලක්ෂණ හෝ භවයේ සිට පැවත එන බවය. ඉහත පුද්ගලයා ද පෙර භවයේදී භාවනානුයෝගීව ජීවත් වූ අයෙකි. එම පුරුද්ද මේ භවයේදී දැකගන්නට තිබිණි.

මීට අමතරව, ඔවුන් පෙර භවයේදී සිදුකළ කුසල් අකුසල් අනුව වර්තමාන භවය සකස් වී ඇති අයුරු ද තහවුරු වෙයි. එමඟින් බුදු දහමේ සඳහන් වන කර්මය නිවැරැදි බවත් තහවුරු වෙයි.

මෝහනයට පත්වූ බොහෝ දෙනෙකුගෙන් දැනගත හැකි වූයේ ඔවුන් පෙර භවයේදී සිදුකළ යහපත් ක්‍රියාවල ප්‍රතිඵල සහ ඔවුන් ප්‍රාර්ථනා කළ දේවල් බොහොමයක් මේ භවයේදී ලැබී තිබෙන බවය. එමඟින් බුදු දහමේ සඳහන් වන කුසලාකුසල කර්මවල සත්‍යතාව සහ හේතු ඵල සම්බන්ධය සනාථ වෙයි.

පෙර කී පුද්ගලයාට භාවනා වඩා පෙර ජීවත්වූ භවයන් දැකීමේ නුවණ ලැබී තිබේ. එය බුදුදහමේ හඳුන්වන්නේ පුබ්බේනිවාසානුස්සති ඥානය ලෙසයි. අද කාලයේදී වුව භාවනා වඩා ධ්‍යාන, අභිඤා, මාර්ගඵල ලබාගත හැකි බව ඔහුගේ කතාවෙන් පෙනී යයි. එමඟින් අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයටම වලංගු වන ධර්මයේ “අකාලික” බව තහවුරු වෙයි.

පෙර භවයන් පිළිබඳව ප්‍රකාශ කරන අය ඔවුන් මීට පෙර ජීවත්වූ විවිධ ලෝක පිළිබඳව විස්තර ප්‍රකාශ කරති. ඒවා අතර දිව්‍ය ලෝක, පේ‍්‍රත ලෝක, තිරිසන් ලෝක ආදිය ද වෙයි.

ඒවා ඔවුන්ගේ යටි සිත්වල පමණක් තිබෙන “විකාර” ලෙස හැඳින්වීම සුදුසු නැත. අප ජීවත්වන මේ ලෝකය අපගේ පමණක් නොවන බව මේ වන විට තහවුරු කරගෙන හමාරය. මනුෂ්‍යයකු වීම දුර්ලභ කරුණක් බව බුදුන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ ඒ නිසාය.

සමහර අය බලා සිටින්නේ පිටසක්වළ සිට අමුතුම හැඩයේ යානාවකින් පැමිණෙන අමුතුම හැඩයේ සත්ත්වයකු අපට හමු වනු ඇති බවයි. නමුත් මෝහන විද්‍යාවේදී එළිදරව් වන අමනුෂ්‍ය ලෝකය ඊටත් වඩා පුදුම සහගතය. එය බුදුදහමේ හැඳින්වෙන තොරතුරු සමඟ කදිමට ගැළපෙයි.

මනෝකාය පිළිබඳව බොහෝ වාද විවාද ඇතිවී තිබෙන බව පෙනී යයි. මෝහනයට පත්වූ බොහෝ දෙනෙකු පවසන්නේ පෙර භවයේදී තමා මරණයට පත්වීමෙන් පසුව මනෝමය ශරීරයකින් අහසේ විවිධ තැන්වල සැරිසැරු බවය.

ඒ කාලයේදී ඔවුන් අහසින් ගමන් කිරීම, දුර ඇති දේ දැකීම සහ ඇසීම, විවිධ හැඩරුව ඇති ශරීරවලට මාරු වීම, ඊළඟට උපදින ස්ථානය දැනගැනීම වැනි විවිධ සෘධි බල ඇතුව ජීවත් වූ බව කියති. ඇතැම් අය එය අන්තරාභවය ලෙස හැඳින්වුවත් තවත් අය එය නොපිළිගනිති.

මෝහනයේදී එම අවස්ථාවට පත්වූ අයගෙන් ඔබ කවරෙක් ද? යැයි මම බොහෝවිට අසා ඇත්තෙමි. එවිට ඔවුන් කියන්නේ තමන් දෙවියෙකු, භූතයෙකු නොවන බවත් “තමන් තමන්ම” බවත්ය. තමන් පෙර භවයේ මරණින් පසුව තමාගේ කුසල, අකුසල කර්මවලට ගැළපෙන උපතක් බලාපොරොත්තුවෙන් සිටි බව ඔවුහු ප්‍රකාශ කරති. එබැවින් අන්තරාභවයක් ඇතැයි සිතීමට බොහෝ කරුණු තිබේ.

අපගේ භෞතික ශරීරය තුළ මනෝමය ශරීරයක් (ASTRAL BODY) තිබෙන බවත්, එය භාවනාව මඟින්, විවිධ අභ්‍යාස මඟින් සහ නින්දේදී ශරීරයෙන් ඉවතට පැමිණෙන බවත් නූතන ලෝකය පිළිගනියි. එය හැඳින්වෙන්නේ (ASTRAL PROJECTION) යන නමිනි. මෝහනය මඟින් ද මනෝමය ශරීරය සිරුරෙන් ඉවතට ගත හැකිය. මනෝමය ශරීරයෙන් විවිධ දේ කළ හැකි බව බුදු දහමේ සඳහන් වෙයි. ධ්‍යාන ලාභියෙකුට කොපුවකින් කඩුවක් ඉවතට ගන්නවා මෙන් භෞතික ශරීරයෙන් මනෝමය ශරීරය ඉවතට ගත හැකි බව අභිධර්මයේ සඳහන්ය.

දිනෙන් දින, දියුණු වන ලෝකයේ මිනිසුන් විවිධ දේ අත්හදා බලති. විද්‍යාව හා තාක්ෂණය දියුණු වීමත් සමඟම බොහෝ මිත්‍යා මත සමාජයෙන් දුරස් වී යයි. නමුත් බුදු දහමේ සඳහන් කිසිදු කරුණක් සත්‍ය මිස, අසත්‍ය නොවන බවට මේ වන විට තහවුරු වී ඇත. දියුණු වන ලෝකය තුළ බුදු දහම සනාථ වීමට එය ප්‍රබල හේතුවකි. පෙර / අපර දෙදිග රටවල විදේශිකයන් විශාල වශයෙන් බුදු දහම සොයා පැමිණෙන්නේ ඒ නිසාය.