This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, September 19, 2011

කොසොල් රජතුමා දුටු සිහින


 කොසොල් රජතුමා දුටු සිහින


රට කරවීම සහ කොසොල් රජතුමා දුටු සිහින – (බිනර පොහොය නිමිත්තෙනි)බුද්ධ දේශනයක් වන අග්ගඤ්ඤ සූත්‍රය අනුව අප වෙසෙන මනුෂ්‍ය ලෝකය නැවතත් කල්ප විනාශකින් පසුව අළුතින් පහල විය. අනතුරුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් චුතව මුලින්ම මෙලොව පහල වූ මනුෂ්‍යයන් අහසින් ගමන් කරන්නා වූ බොහෝ ආයුෂ ඇති යහපත් අය විය. පසුකාලිනව ශරීර රළු වී පොළවේ ගමන් කරන සහ ධාන්‍ය ආහාරයට ගන්නා වූ පිරිසක් බවට ඔවුහු පත් වූහ. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ලිංග භේදය ආදිය පහළ වී තව තවත් ඔවුන්ගේ විවිධ අපචාර ක්‍රියා ආදිය බහුල විය. එහිදී එම මනුෂ්‍ය සමාජයේ එකිනෙකා අතර ඇතිවන ගැටළු විසඳා ගැනීම සඳහා සියළු ජනතාවගේ එකඟතාවයෙන් මහාසම්මත නම් රජෙක් පත්කොට ගැනීමත් සමඟම රාජ්‍ය පරිපාලනයක් ආරම්භ වේ. බුද්ධාගමට අනුව රජෙක් කෙසේ නම් රාජ්‍ය පාලනය කළ යුතුද යන්න චක්කවත්ති සීහනාද සූත්‍රය සහ දසරාජධර්ම ඇසුරින් අපට ඉගෙන ගත හැකිය.
රාජ්‍ය පාලනයේදී ඒ ඒ කාලයන්හිදී රජු ඇතුළු ජනතාවගේ චර්යා රටා සහ හැසිරීම් අනුව රටක පිරිහීමට හෝ නැඟීමට අදාලා කාරණා සිදුවන බව වටහාගත හැකි අවස්ථා කිහිපයක්ම බුද්ධ ධර්මයේ  දැක්වේ. බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දුටු සිහින 16ක් සම්බන්ධ කතාව මෙහිදී රටක පරිහාණියට හේතුවන කාරණා සහ නිමිති අවබෝධකරගැනීම සඳහා එකලටත් වඩා මෙකල ජීවත්වන අයට ඉතාමත් වැදගත් වන බව අපගේ අදහසයි.
කතාවේ සඳහන් ආකාරයට, කොසොල් රජතුමා විසින් විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව ඒවාට ආදාල සිහින ඵලාඵල විමසීම සඳහා මුලින්ම බමුණන් කැඳවනු ලැබේ. බමුණෝ එම සිහින දහසයම කොසොල් රාජ්‍යයට ඉතාමත් අශුභ බව සඳහන් කර ඒ සඳහා සතුන් විශාල ප්‍රමාණයක් මරා බිලි පූජා සහිත යාගයක් කළ යුතු බවට රජුට උපදෙස් දෙති. එනමුත් කොසොල් රජු බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් තමා දුටු සිහින 16 ගැන විස්තර උන්වහන්සේට පැවසීය. බුදුරජාණන්වහන්සේ එම සිහින 16ට අදාල අනාගත නිමිති එකනෙක රජුට පැහැදිලි කරමින් ඒවා කොසොල් රජුගේ රාජ්‍යකාලයේදී සිදුනොවන කාරණා බවත්, තවද ඒවා අනාගත කාලයේ පාලකයන්ගේ සහ ජනතාවගේ චර්යාව පිරිහීමෙන් සිදුවන දේ බවත් වදාල සේක. එබැවින් එකලටත් වඩා මෙකලට අදාල වූ එම සිහින 16 එකිනෙක විස්තර සහිතව පහත දක්වනු ලැබේ.
1වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි.
බුදුරජාණන්වහන්සේ: රජතුමනි, මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය. එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇති වන්නේය. සතර දිගින් වැසි වළාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇළ වේලි බැදීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස ගිගුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය දතයුතුය.
2වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනී මා විසින් දකින ලද දෙවන සිහිනය මෙසේය, ඉතා කුඩා පැළෑටි හා පදුරු පොළොවෙන් මතු වී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පල දරයි.ස්වාමීනී මෙම දෙවන සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමෙනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන අවදියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරන්නේය.එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනයෙන් ප්‍රකාශ වන බව දැනගත යුතු යැයි එම දෙවන සිහිනය තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කළ සේක.
3වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනී, මාදුටු තෙවන සිහිනය නම්, දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරාබීමය.
බුදුරජාණන්වහන්සේ: මහ රජතුමනි, මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමාපියන්ට නොසලකා පවුලේ සියලු දේපල සියල්ල තම යටතට ගැනීම බව දත යුතුය.එවිට දෙමාපියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය.මෙය තෙවන සිහින පලාපලය වන්නේය.
4වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, සිව්වන සිහිනය නම්, ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති. එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵලය ද අනාගතයේදී ලැබෙන්නේය. අනාගතයේ දී රජවරු අධර්මිෂ්ට වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති. රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති. මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන බව දතයුත්තේය.
5වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත – චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.

6වැනි සිහිනය:-
කොසොල් රජතුමා:ස්වාමීනි, මා දුටු හයවන සිහිනය නම් මනාව ඔප දමන ලද කහවනු ලක්ෂයක් වටිනා රන්තලියක මහළු සිවලෙකු මුත්‍රා කිරීමය.
බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු රජ පරපුර නොසලකා නීචයන්ට උසස් ස්ථාන ලබා දෙති. අනතුරුව නීචයන් උදෙසා තම රාජකීය දියණිවරු සරණපාවා දෙති. මින් උසස් රාජ වංශයන් කෙළෙසී යන බව දතයුතුය.
7වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු සත්වන සිහිනය නම් මිනිසෙකු ලණුවක් අඹරමින් සිටියි. ඔහු ලණුව අඹර අඹරා තමා සිටින පුටුව යටට දමයි.යට සිටින සිවල් දෙනක විසින් එය කොටසින් කොටස ගිල දමයි. මෙය සිදුවන්නේ ලණුව අඹරන මිනිසාගේ දැනුමෙන් තොරවය.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙයින්ද ඔබට අනතුරක් නැත. මෙය ද අනාගතයේ සිදුවන දෙයකි.එනම් අනාගතයේදී කාන්තාවෝ පිරිමින් සමග මත් පැන් බොමින් තම සැමියන් විසින් මහන්සි වී උපයන ධනය විනාශ කර දමති. එය මහළු සිවලිය මිනිසා කොටස් වශයෙන් අඹරන ලණුව ගිලදමන්නා මෙන් යැයි දතයුතුය.
8වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු අට වන සිහිනය නම් රජ මාලිගයේ මුවවිට දක්වා දිය පිරුණ සැළියක් ඇත. එය වටා කිසිදු දිය බිදක් නැති හිස් කළ රාශියක් ඇත. සතර දෙසින් වැල නොකැඩී ගලා එන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැළියට ජලය බහා ලති. දිය සැළිය පිරී ඉතිරී යයි.එහෙත් කිසිවෙකු හිස්බදුන් වලට දිය නොදමති.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනය ද ඔබගේ කාලයේ විපාක නොදෙන්නකි. කාලය ගතවත්ම ලෝකය පිරිහෙන විට රාජධානිද පිරිහෙයි. රජවරු දිළිදු වී බලවත්ම රජුගේ ධනය කහවනු ලක්ෂය දක්වා පහල යයි.අනතුරුව රාජධානි වල වැසියන් රජුගේ කටයුතුවල පමණක් යොදවති.රජු ධනවත් වන අතර ජනතාව දිළිඳු වී දුක්බරිත වන බව මෙයින් දතයුතුය.
9වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු නව වන සිහිනය නම් හාත්පසින්ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුපා සතුන් දිය බීමට පැමිණෙත්. එහි මැද ප්‍රදේශයෙහි මඩ සහිතය. එහි නොයෙක් සතුන් දියබීමට පැමිණ ඇත.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේදී රජවරු අධර්මිෂ්ට වී හිතුමනාපයේ රාජ්‍ය පාලනය කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඩු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා ධනය උදුරා ගන්නේය.
10වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, දසවන සිහිනය නම් කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව බතක් පිසෙනු ලැබේ. එම බත කොටස් තුනකට කට බෙදී එක් කොටසක් බෙරිවී ඇත. අනෙක් කොටස අමුය. ඉතිරි කොටස මනාව පැසී ඇත.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු පහළවීම නිසා වැසියෝ ද අදමිටු වෙති.ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා අධර්මිෂ්ට වෙති. මෙසේ වන විට ඔවුන් රකින දෙවිවරුද අධර්මිෂ්ට වෙති.මේ අධර්මිෂ්ට රාජධානි හරහා හමායන සුළං ක්‍රමවත් නොවීම නිසා රටේ එක් පෙදෙසකට දරුණු නියගය ද එක් ප්‍රදේශයකට දරුණු ගංවතුර ද ඇති වී මහත් විනාශයන් ඇති වන විට තවත් ප්‍රදේශයක් බොහෝ සශ්‍රී ක වන බව මෙයින් කියවෙන්නේය.
11වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.
12වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු දොළොස් වන සිහිනය නම් ලබු කබල් දියෙහි කිදා බැසීමය.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයද අනාගතයේ අධර්මිෂ්ට රජවරු නිසා ඇතිවන්නකි. මෙම යුගයේදී නොයෙක් නීච කුල ජාතිකයන් රජ වෙති. එවිට පහත් ගති ඇත්තේ බලයට පත්වෙති. එවිට ලාමක ගති ඇත්තන් අධිකරණ සේවයේ යෙදවීම නිසා නීතිය වල් වැදී යන බව මෙයින් කියවෙන්නේය.
13වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, දහතුන් වන සිහිනය නම් සුවිසල් පර්වත දියෙහි පාවී යාමය.
බුදුරජාණන්වහන්සේ: රජතුමනි, අනාගතයේ දී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුද්ගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත්ව රාජ්‍ය ද පිරිහී යන බව දත යුතුය.
14වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු දහ හතර වන සිහිනය නම් කුඩා මැඩියන් විශාල නාගයන් ගිලදැමීමය.
බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේදී බොහෝ පිරිමින් වියපත් වුවද තරුණ කාන්තාවන් සමග සල්ලාලකම් වල යෙදෙති. මෙම තාවකාලික අඹුවන් සොර සැමියන් වහළුන් බවට පත් කොට සලකති.
15වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, පසළොස් වන සිහින නම් කපුටෙකු රන්වන් හංස රංචුවක විසින් පිරිවරා සිටීමය.
බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය.
16වැනි සිහිනය:-
කොසොල් රජතුමා: ස්වාමීනි, දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි, මෙම අවසාන සිහිනයේ තතු කෙසේද?
බුදුරජාණන්වහන්සේ:  මහරජතුමනි, අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත්, නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති. අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති.
2009 මැයි 18වන දින අප රට කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගෙන රට එක්සේසත් කරන ලද වර්තමාන රජය ඇතුළු රණ විරුවන්  කරන ලද්දේ ශ්‍රේෂඨ කර්තව්‍යයකි. එනමුත් ත්‍රස්තවාදයෙන් මුදාගත් මෙරට තවදුරටත් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය වන යහපත් රට කරවීමේ යාන්ත්‍රණයක් සාදා ගැනීම සඳහා කොසොල් රජතුමා දුටු සිහින සඳහා බුදුරජණන්වහන්සේ විසින් කරන ලද පැහැදිලි කිරීම් ඇසුරින් ලබා ගත හැකි ආදර්ශයන් රාශියකි. මෙරට පක්ෂ-විපක්ෂ සියලු පාලකයන්ගේ අවධානය වංචා දුෂණ සහ අනෙකුත් අකටයුතුකම් වලින් තොරව ධාර්මිකව රට කරවීම උදෙසා යොමු වේවා, යන්න  බෞද්ධයෙක් වශයෙන් මාගේ ප්‍රාර්ථනයයි.

Saturday, September 10, 2011

ටිකක් හිනා වෙන්න

ටිකක් හිනා වෙන්න
මේක පොඩි ජොලි කතාවක්.එහෙනම් අහගන්නකො

අත්හදා බැලීමක් වශයෙන් නෙප්චූන් වලට කෙනෙකු යැවීමට සොයයි.නමුත් ගිය කෙනාට ආපසු මෙහි එන්නට නොහැක.නමුත් ඉල්ලන ගානක් දෙයි.එයට සහභාගි වූ අයදුම් කරුවන් සහ සේවකයෙකු අතර ඇති වූ කතාවක්.

මුලින්ම පැමිනියේ විශ්‍රාමික රුසියානු හමුදා භටයෙකුයි.

හමුදා භටයා:-මට ඕනා ඩොලර් 100000.ඒවා මම රුසියානු හමුදාවට පරිත්‍යාග කරනවා.

දෙවනුව පැමිනියේ ඇමෙරිකාවෙ ඩොක්ටර් කෙනෙකි.

ඩොක්ටර්:-මට ඕනා ඩොලර් 200000.මම ඒවා ඇමෙරිකාවෙ සෞඛ්‍ය සංවිදානෙකට දෙනවා.

තෙවනුව ආවෙ ලංකාවෙ හිටපු ජනාධිපති කෙනෙකි

ජනාධිපති:- මට ඕනා ඩොලර් 300000.

සේවකයා:-එච්චර මොකටද?

ජනාධිපති:-100000 ක් ඔයාට.100000 මට.ඉතුරු100000 දීලා අර රුසියන් කාරයව අරිමු.

නිමල්ගේ නිවස මංකොල්ලකා ඇති බව ආරන්චි වූ විමල් වහා එහි දිවගියේය.

විමල් : "මොකද මචන් උනේ? උන් කීදෙනෙක් ආවද?"

නිමල් : "එක හොරයි ආවෙ.ඌ පිහියක් පෙන්නල අපිව බයකරල සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා."

විමල් : "ඇයි උඹ නිකන් බලන් හිටියෙ? උඹලඟ හැමතිස්සෙම තියන පිසතෝලෙ තිබුනෙ නැද්ද ඒ වෙලාවෙ?"

නිමල් : "හොඳ වෙලාවට හොරා ඒක දැක්කෙ නෑ.මම පිස්තොලෙ ඉනේ ගහගන ශර්ට් එක උඩින් දාගෙන හිටියෙ."

ටිකක් හිනා වෙන්න

ටිකක් හිනා වෙන්

ඒ මගේ නෝනා...

"සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්." කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය.

බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය.
"කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?"

"අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි.

"ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා." කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය.

දෙවිදිහ...

තම අලුත් හෝටලයට සුදුසු වේටර්වරුන් බඳවා ගැනීම පිණිස ලලිත් පුවත්පත් දැන්වීමක් පළ කළේය. ඒ අනුව හෝටලය වෙත පැමිණි චන්ද්‍රසේන දෙස තියුණු බැල්මක් හෙළූ ලලිත් මෙසේ ඇසීය.

"තමුසෙ දන්නවද මේ හෝටලේට එන කස්ටර්මර්ස්ලට හොඳට සලකන්න"

"ඔව් සර්. දෙවිදිහටම සලකන්න මං දන්නවා." චන්ද්‍රසේන හිස නමා ගරුසරු ඇතිව පිළිතුරු දුන්නේය.

"මොකක්ද ඒ දෙවිදිහ" ලලිත් ඇසුවේ කුතුහලයෙනි.

"ඕනෙනම් ආපහු හෝටලේට එන්නයි. නැත්නම් හෝටලේ පැත්ත පළාතේ නොඑන්නයි" චන්ද්‍රසේන කීවේය.

සිළුමිණ

එහෙනං කමක් නෑ...

තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාධා පමුණුවමින් එක දිගට හැඬවෙන්නට ගත් දුරකථනය දෙස බලවත් නොරිස්සුමෙන් බැලූ හමුදා භටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි.

"කවුද ඕයි ඔය කතාකරන්නෙ?" ඔහු එම කෝපයෙන්ම ඇසීය.

"මොනවා...! තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක" දුරකථනයේ එහා කොනෙන් මහා ගෙරවිලි හඬකින් පිළිතුරු ලැබිණ.

"මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?" භටයා එවර ඇසීය.

"නෑ.. මං දන්නෙ නෑ." එවරද මේජර් වරයා කෝපයෙන් ගෙරවීය.

"ආ.. එහෙම නං කමක් නෑ." කියූ භටයා වහා රිසීවරය ආපසු තැබීය.

සිළුමිණ

රාවණාගේ දුන්න කැඩුවේ කවුද???

දිනක් එක්තරා විදුහලක අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පවත්වනු ලබන පරීක්ෂණයක් විය.. එහිදී එක්තරා පරීක්ෂක වරයකු එක් පන්තියක් පරීක්ෂා කරමින් එහි සිටි සිසුන්ගෙන් කෙනෙකු නැගිටවා ඉතිහාසය පිළිබඳ පැනයක් අසන්නට විය..

ළමයාගේ නම නිමල්ය, පැනය " හොදයි නිමල් කියන්න බලන්න රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියලා"

එවිට එම ළමයා බයෙන් වෙවුළමින් හඬමින් මෙසේ කීවේය " අනේ බුදු සර් මම ඔය වගේ වැඩ කරන්නේ නෑ ඒ කතාව බොරුවක් සර්"

පරීක්ෂකයා අන්දුන් කුන්දුන්වී වට පිට බලා" එතකොට ඒක කිසි කෙනෙක් දන්නේ නැද්දයි ඇසීය... එවිට තවත් ළමයකු නැගිට " අනේ සර් අපේ නිමල් හරිම හොඳ ළමයෙක්.. එයා කවදාවත් ඔහොම වැඩක් කරන්නේ නැහැ යනුවෙන් පැවසීය..

මෙයින් කේන්තියට පත් පරීක්ෂක වරයා පන්ති භාර ගුරුවරිය දෙසට හැරෙමින්.. " මෙහෙමද ඔබ තුමිය මේ පන්තිය පවත්වන්නේ..රාවණාගේ දුන්න කැඩුව කෙනා ගැන මේ අය දන්නේ නැද්ද" යනුවෙන් ඇසීය..

එවිට එම ගුරුවරිය ඉතා යටහත් පහත්ව " අනේ සර් ඔය නිමල් මේ පන්තියේ ඉන්න දක්ෂම ළමයෙක්.. ඒ ළමයා කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. සර්ට කවුරු හරි බොරුවක් කියලා තියෙන්නේ.." යැයි පැවසීය..

මෙයින් බොහෝ සේ කිපුන පරීක්ෂක වරයා වහාම විදුහල් පති කාමරයට ගොස් මෙම පන්තිය ගැන පැමිණිළි කරමින් දොස් පැවරීය.. විදුහල්පති වහාම එම පන්තියේ සිසුන් සමග ගුරුවරියද කැදවමින් ඇයගෙන් මේ පිලිබඳව විමසන්නට විය.. එවිට එම ගුරුවරිය ඔහුට තරයේම කියා සිටියේ නිමල් එවැනි වැරදි නොකරන බවය...

එවිට විදුහල්පති පරීක්ෂක දෙසට හැරෙමින් " අනේ සර් මේ මිස් කියනවනේ ඒ ළමයා ඒ වගේ වැරදිකරන්නේ නෑ කියලා.. ඒ නිසා අපි ඒ ළමයට අපි සමාව දෙමු"යැයි පැවසීය...

මෙම ප්‍රකාෂයෙන් තමාට උන් හිටි තැන් අමතක වූ පරීක්ෂක වරයා..වහා එම පාසලත් ගුරු මණ්ඩලයටත් විරුද්ධව පැමිණිලි කිරීමට අධ්‍යපන අධ්‍යක්ෂක වරයා හමු විය ඔහු ගොස් " බලන්න සර්.. අහවල් පාසලේ ළමයි ඉතිහාසය ගැන කිසිම දැනීම්ක් නැහැ..ගුරුවරුත් එහෙමයි..වැඩි දෙයක් තියා ඒ ළමයි රාවණාගේ දුන්න කැඩුවේ කව්ද යයි ඇසූ විට එයට උත්තර නොදුන් බව පැවසීය..

මෙය ඇසූ අධ්‍යක්ෂක වරයා කේන්තියෙන් තම දුර ක්ථනයෙන් භාණ්ඩාගාරයට ඇමතුමක් ගෙන එම පාසලේ නම පවසමින් " ඕකුන් ඔය කැඩිච්ච දුණු කෑලි දෙක ගෙනත් දෙනකන් කිසිම බඩුවක් නැවත නොදෙන ලෙස පැවසීය"
එකෙනෙහිම පරික්ෂක වරායා දඩාස් ගා බිම ඇදවැටිනි...

ඔව් සර්..

පුරා සතියක් කිසිම දැනුම් දීමකින් තොරව සේවයට නොපැමිණි සුගත් ඊළඟ සතියේ සඳුදා රාජකාරියට වාර්තා කළ වහාම නියෝජ්‍ය කොමසාරිස් කරුණාරත්න මහතා ඔහු තමා වෙත කැඳවා මෙසේ ඇසීය.
“තමුසෙ දන්නවද තමුසෙ මෙතන සුළු සේවකයෙක් කියල?”

“ඔව් සර්..” සුගත් යටහත් පහත්ව පිළිතුරු දුන්නේය.

“එතකොට තමුසෙ දන්නවද මම මෙතන ප්‍රධානියෙක් කියල?”

“ඔව් සර්..” එවර සුගත් දෙකට නැමී කීවේය.

“තමුසෙ හිතාගෙන ඉන්නෙ මං බූරුවෙක් කියලද” කරුණාරත්න මහතා එවර ඇසුවේ තරමක ආවේගයකිනි.

“ඔව් සර්..” සුගත් බයාදු ලෙස සිනාවී පිළිතුරු දුන්නේය.

බේරුණේ අනූනමයෙන්...

"ඊයෙ මහ රෑ මගේ ජීවිතේ බේරුණේ අනූනමයෙන්."අරුණ උදේ කාර්යාලයට පැමිණි සැණෙකින් ඉදිරි මේසය අසල වාඩිවී සිටි චම්පා හට කීවේය.
"ඇයි මොකද වුණේ?" චම්පා තමා සකස් කරමින් සිටි වැටුප් ලේඛනය පසෙක දමා විමසුවේ කුතුහලයෙනි.

"ඊයෙ මහ රෑ නිශාන්ති පයින් ඇනලා මට හදිසියෙම ඇහැරුණා. බලනකොට දොර මුල්ලෙ මොකක්දෝ සුදුපාටට වැනෙනවා. මම කොට්ටේ යට තිබුණු පිස්තෝලෙ අරගෙන කළුවරේම ඒ දිහාට වෙඩි තිබ්බා. ලයිට් එක දාලා බලන කොට ඒක දොරේ එල්ලලා තිබුණු මගෙ කමිසයක්" අරුණ කතාව හමාර කළේ සිනාසෙමිනි.

"ඉතින් ඇයි ඔයා බේරුණේ අනූනවයෙන් කියල කිව්වේ?" චම්පා නොසිඳුනු කුතුහලයෙන් විමසුවාය.

"ඇයි හලෝ ඒ වෙලේ මම ඒ කමිසෙ ඇඳගෙන එහෙම හිටියනං වෙඩිල්ල වදින්නෙ මට නෙ" අරුණ කීවේ ඇස් හකුලමිනි.

මොනවා වෙයිද???

"ඊයෙ රෑ හන්දියෙ පික්චර් හෝල් එකේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන්න ගිහින් අපේ ගෑනිට සිහිනැති වුණා මචං" රමේෂ් කාර්යාලයේ විදුලි සෝපානයේදී තමා සමඟ සේවය කරන කොට කරූ සමඟ කීවේය.
"තමුසෙට ඕක හොඳ පාඩමක්. ගෑනු උදවියව ඕනෙ නැති විගඩම් බලන්ඩ එක්ක යනවට." සාම්ප්‍රදායික මිනිසකු වූ කරූගේ පණ්ඩිත කතාවට රමේෂ්ට යකා නැග්ගේය.
"උඹ මේ බම්බුවක් කියවනවා. මම හිතා ඉන්නෙ අද රෑ ෂෝ එකට අපේ නැන්දම්මව එක්ක යන්න." රමේෂ් කීවේ තරහිනි.

යාන්තම් ඇති...

කෞතුකාගාරය තුළ යමක්‌ උස්‌ හඬක්‌ නගමින් බිමට වැටෙන ශබ්දය ඇසීමෙන් කලබලයට පත් සියලු දෙනාම ඒ දෙසට දිව ගියහ. කෞතුකාගාරයේ කාර්ය භාර නිලධාරියාද ඒ අතර විය. කෞතුකාගාරය නැරඹීමට පැමිණි අයෙකු මේසයක හැපීම නිසා ඒ මත තිබූ යෝධ මල් බඳුනක්‌ බිමට වැටී කැබෙලි බවට පත්ව තිබුණි.

"දෙයියනේ... ඔහේ මේ කඩල තියෙන්නෙ අවුරුදු පන්සියයකටත් වඩා පැරණි බඳුනක්‌ නෙ." කාර්යභාර නිලධාරියා මේසයේ හැපුණු තැනැත්තා දෙස බලමින් පැවසුවේ.

කාර්යභාර නිලධාරියා දෙස බලා මද සිනහවක්‌ පෑ ඔහු මෙසේ පවසමින් යන්නට ගියේය.

"යාන්තම් ඇති... මම හිතුවෙ ඒක අලුත් එකක්‌ කියල..."

ගාන වැඩියි...

නඩුවක්‌ සම්බන්ධයෙන් උපදෙස්‌ ලබාගැනීම සඳහා මැදිවියේ පුද්ගලයෙක්‌ නීතිඥවරයෙකු හමුවීමට ගියේය.

"ඔබේ ගාස්‌තුව කියද" ඔහු නීතිඥවරයාගෙන් ඇසුවේය."

"ප්‍රශ්න තුනකට රුපියල් 5000 යි. නීතිඥවරයා පිළිතුරු දුන්නේය.

"ඒ ගාන වැඩි නැද්ද" ඔහු නීතිඥයාගෙන් ඇසුවේය.

"ඔව්. ඒක එහෙම තමයි. ඔහේගෙ තුන්වැනි ප්‍රශ්නය මොකද්ද? නීතිඥවරයා උස්‌ හඬින් ඇසුවේය.

මහදිග කතාව...

සිය සේවකයන් වෙනුවෙන් රැස්‌වීමක්‌ කැඳවූ එක්‌තරා සමාගමක සාමාන්‍යාධිකාරිවරයෙක්‌ ඒ සඳහා විනාඩි විස්‌සක කතාවක්‌ ලියා දෙන ලෙස සමාගමේ ප්‍රධාන ලිපිකරුගෙන් ඉල්ලා සිටියේය.

යොදාගත් පරිදි සාමාන්‍යාධිකාරීවරයා සිය කතාව කරගෙන ගියේය.

ටික වේලාවක්‌ ගත වන විට රැස්‌වීම් ශාලාවේ සිටි පිරිසෙන් හරි අඩක්‌ පමණ පිටවී ගියහ.

කෝපයට පත් සාමාන්‍යාධිකාරිවරයා ප්‍රධාන ලිපිකරුගෙන් මෙසේ ඇසුවේය.

"තමුසේ හරි මිනිහෙක්‌නෙ. මම තමුසෙට කිව්වෙ විනාඩි විස්‌සක කතාවක්‌ ලියල දෙන්ඩ කියල... තමුසෙ මට පැයක කතාවක්‌ ලියල දීලා...

"නෑ... නෑ... සර්. මම ලියල දුන්නෙ විනාඩි විස්‌සක කතාවක්‌ තමයි. සර් කිව්වෙ ඒ කතාවෙ පිටපත් දෙකකුත් දෙන්න කියල..." ප්‍රධාන ලිපිකරු පිළිතුරු දුන්නේය.

නොලිව්වා නං නේද හොඳ?

දිනක් කීර්ති පුවත්පතක පළ කිරීම සඳහා ලිපියක් ලියාගෙන ගොස් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හමුවී එම ලිපිය ඔහුට පිළිගැන්වීය. එම ලිපිය පෙරළා බැලූ කතුවරයා කට ඇද කර ගත්තේය.

"පත්තරවලට ලිපි ලියන කොට අනුගමනය කරන සම්මත ක්‍රමයක් තියෙනවා. එහෙම ලිපියකදී කඩදාසියේ එක පැත්තක විතරයි ලියන්නේ. ඔහේ කොළේ දෙපැත්තෙම ලියලනෙ. කරුණාකරලා මේක ආන්න එහෙම නිවැරැදි විදියට ලියාගෙන එන්නකො." කියූ කතුවරයා ලිපිය කීර්ති අතට දුන්නේය.

ඊළඟ සතියේ නැවත එම ලිපිය රැගෙන කීර්ති කර්තෘ තුමා ඉදිරියේ පෙනී සිටියේය.

"ඔන්න සර් කියාපු විදියටම ලිපිය, කොළේ එක පැත්තක විතරක් ලියා ගෙන ආවා."

ලිපිය අතට ගෙන පුටුවේ හරිබරි ගැහී, එය කියවා බැලූ කතුවරයා අවඥායෙන් කට ඇද කොට මෙසේ කීවේය.

"මේක කොළේ එක පැත්තක වත් නොලිව්වා නං තමයි වැඩිය හොඳ."

කුට්ටම් 3 ක්

"ඇයි උඹ කණ්ණාඩි කුට්ටම් තුනක් පාවිච්චි කරන්නෙ?" පාලිත මනෝගෙන් ඇසුවේ ඔහු තම මේසය ත කණ්ණාඩි කුට්ටම් 3 ක් තබා තිබෙනු දැක විමතියෙනි.

"ඇයි ඒක උඹට පුදුමයක් ද?" මනෝ පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.

"එකක් ළඟ බලන්න. අනික දුර බලන්න. තුන්වැනි කණ්ණාඩි කුට්ටම, අනිත් කණ්ණාඩි කුට්ටම් දෙක තිබ්බේ කොහෙද කියල හොයා ගන්න." මනෝ කීය.

සතුට හා සමාදානය

ඩග්ලස් සහ පියතිස්ස අමාත්‍යාංශය වෙත යමින් සිටියේ රාජකාරී කටයුත්තකටය.

"ඉතින් පියතිස්ස මහත්තයා කොහොමද ජීවිතේ කාරිය?" ඩග්ලස් ඇසීය.

"වරදක් නැහැ මිස්ටර් ඩග්ලස්. නෝනයි මායි සතුටෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඔය ඉඳලා හිටලා තරහක් ගියාම නෝනා අතට අහුවෙන මැටි කෝප්පෙකින්, වලදකින් දමලා ගහනවා.
ඒ වුණාට අපි සතුටෙන් තමයි ජීවත් වෙන්නේ." පියතිස්ස කීවේය.

"දෙයියෝ සාක්කි! හැලිවලංවලින් ගහගෙනත් කොහොමද සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්නෙ?" ඩග්ලස් ඇසුවේ ඔළුවේ අතගසා ගනිමිනි.

"මේකනෙ කාරණේ. එහෙම ගහන පාරක් මට වැදුණොත් නෝනා සතුටු වෙනවා. ඒ පාර මට වැදුණේ නැත්තං මම සතුටු වෙනවා."
පියතිස්ස කීවේ සිනාසෙමිනි.

එහෙම වුණා නං

"ඔයා දන්නවද වැඩක්.මම අද උදේ තිබුණු රැස්වීමට ගිහින්, වේදිකාවට නැඟලා,
"නෝනාවරුනි, මහත්වරුනි, මම තමා ඔබේ අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා" කියලා කිව්වා විතරයි, එතන හිටිය මිනිස්සු මට කුණු වෙච්ච තක්කලි, කෙසෙල් ගෙඩි, බිත්තර වගෙ දේවල්වලින් ගහන්ඩ පටන් ගත්තනෙ.මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ එන ගමන් මට හිතුණා මම කොයි තරම් වාසනාවන්තයෙක් ද කියලා." නව ඇමැතිවරයා නිල නිවසේ පෝටිකෝවේදී තම බිරිඳට එසේ කීවේ රථයෙන් බසිමිනි.

"ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසනාව?"

ඇමැති බිරිඳ ඇසුවේ පුදුමයටත් වඩා කෝපයෙනි.
"වාසනාව...? ඇයි මෝඩියේ, මම කර්මාන්ත ඇමැතිවරයා වුණා නං එහෙම?"

ඇමැතිතුමා කීවේ කටපුරා සිනාසෙමිනි.

උපුටා ගැනීම : සිළුමිණ

ගනුදෙනු කාරයෝ කවුද?

දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්‍ෂණය කර තිබුණි.

දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.

"කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?

"කස්ටර්මර්ස්ලා සර්..." අනුලා තොදොල් වෙමින් තෙපළාය.

"ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද?" ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.
උපුටා ගත්තේ සිළුමිණ පුවත්පතින්

නොමිලේ දුන් දේ

"ඔයා මට හාද්දක් දෙනවා නං මං ඒ එක හාද්දට රුපියල් සීයක් දෙන්න ලෑස්තියි..." රමේෂ් සුමාලිට කීවේ කන්තෝරුවේ විදුලි සෝපානයේදීය. මෙය ඇසූ සුමාලි සුසුම් හෙළමින් හඬන්නට වූවාය.

"ඇයි ඔයා අඬන්නෙ? කැමැති නැත්තං බැහැ කිව්වනං ඉවරනෙ.." කලබල වූ රමේෂ් කීවේය.

"නෑ මං ඇඬුවේ අකැමැති හින්දමත් නෙමෙයි..."

"එහෙනං?" රමේෂ් පුදුම වී ඇසීය.

"ඔයා ඒක ඇහැව්වම, මං කොච්චරක් නං සල්ලි නිකං නාස්ති කරලා තියෙනවද කියල මට දුක හිතුණා." සුමාලි තොල් විකමින් කීවාය.

පහු පහු වෙන කොට

"මම රොහාන්ව බඳින්න කැමැති වුණේ එයා පුරාවිද්‍යාඥයෙක් හින්දා." ඉන්ද්‍රානි පාසලේ ගුරු විවේක කාමරයේදී ඩල්සිට කීවාය.

"ඇයි මොකක්ද ඒ රස්සාවෙ විශේෂත්වය?” ඩල්සි විමසුවේ කුතුහලයෙනි.

"වයසට යන්න යන්න එයා තමන්ගෙ බිරිඳ ගැන දක්වන උනන්දුව වැඩි වෙන්නෙ පුරාවිද්‍යාඥයෙක් හින්දනෙ.” ඉන්ද්‍රානි පැහැදිලි කළාය.

වැඩක් වුණේ නැහැ...

"ඊයෙ පාටියෙ ඉඳලා ගෙදර යන කොට කාර් එකේදි කරුණාසේන සර්ගෙන් මුකුත් කරදරයක් වුණෙ නැත්ද?" කල්පනා සුමාලිගෙන් ඇසුවේ උදේ තේ බොන අතරතුරදීය.

"එයා අතරමඟදි එහෙන් මෙහෙන් අත දැම්මා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. මං සල්ලි ටික කොණ්ඩෙ අස්සෙ හංගාගෙනයි හිටියෙ." සුමාලි කීවේ සිනාසෙමිනි.

පිස්සෝ ඉන්න තැන...

උදේ ආහාරයෙන් පසු අංගොඩ මානසික රෝහලේ රෝගීන් එහි අංගනයේ රැස්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී පුවත්පත් වාර්තාකරුවෙක් සහ කැමරා ශිල්පියෙක් ඔවුන් වෙත පැමිණියහ.

"අපි ආවේ පත්තරෙන්... අපිට අවශ්‍ය වෙලා තියෙනවා මානසික රෝගීන් ගැන සමීක්ෂණයක් කරන්න. ඉතින්..." ඔවුන් දෙදෙනා තම අවශ්‍යතාව විස්තර කරද්දී ඊට බාධා කරමින් එක් මානසික රෝගියකු මෙසේ කීය.

"ආ... ඔය මහත්තයලට ඕනෑ කරන්නෙ මානසික රෝගීන් ගැන තොරතුරු දැන ගන්න නෙ. ඒ ගොල්ලො ඔක්කොම ඉන්නෙ අන්න අර කාමරේ. එහෙට යන්න." කියමින් වෛද්‍යවරුන් සඳහා වූ පොදු කාමරය පෙන්වීය.

දරුණු කවුද???

සේපාල තමා වැඩ කරන ගරාජයට උදේ පැමිණියේ මුහුණේ ද ඇඟ පුරා තවත් කීප තැනක ද ඇලවූ පැලැස්තර ඇතිව ය. මෙය දුටු ඔහුගේ මිතුරෝ ඔහු වටා රොක්ව මෙසේ ඇසූහ.

"මොකෝ සේපාල මොනවද ඔය වුණේ? වාහනේකවත් හැපුණ ද?"

"නෑ මං මේ කුකුළෙක් අල්ලන්න ගිහින් මේක වුණේ..." සේපාල කීවේ වේදනාවෙනි.

"ඈ බං ඔය විදියට තුවාල කරන්න තරම් දරුණු සතෙක් ද කුකුළා???"

"කුකුළා නං දරුණු සතෙක් නෙමෙයි. ඒත් කුකුළගෙ අයිතිකාරයා අන්තිම දරුණු මිනිහෙක්..." සේපාල පැවසුවේ මුහුණ අතගාමිනි.